Sunday, February 16, 2014

                                      පුනරාගමණය

 

 

 

         ඇත්තටම පමා වුනා...! තත්පර, විනාඩි, පැය, දවස්, සති, මාස කීයක්ද මන්දා..? කොහොම වුනත් මම පමා වුනා. හැබැයි ඒකට හේතු තියෙනවා. හරිම සාධාරණ හේතු. වැල් වටාරම් නැතුව කොරාපු කියාපු දේවල් නැතුව මම මෙහෙම කියඤ්ඤංකෝ. කාටවත් ඇණයක් ඇමක් නොවී තමන්ගේ පාඩුවේ යමක් කොරාන ජීවත් වෙන මාර්ගයක් සකසා ගන්න වෙහෙස මහන්සි වුනා පහුගිය දොහේ. ආං ඒ කාරිනා කටයුතු හිංදා තමුන්නැහෙලා මුණගැහිලා වචනයක් දොඩන්ට ඉස්පාසුවක් නැතිවුනා කිව්වොත් ඕං ඒක මුසාවක් නොවෙයි.   


           ඒත් එක්කම සහන් මහත්තැන් ඇතුලු බ්ලොග් ලියන කියවන හැමෝටම ස්තූති කොරන්නත් ඕනෑ මගේ නිහඬතාවය ගැන හොයලා මට මක්ක හරි කරදරයක්ද කියලා විපරම් කො‍රැව්ව එකට. ගොඩක් දේවල් අතපසු වුනා, මඟ හැරුනා, අමතකවුනා වුනත් සමහර දේවල් කිසිදාක අමතක වුනෙත් නෑ වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ බ්ලොග් කලාව හා බ්ලොග් යාළුවෝ වගේ. අර වැලි කතරේ ඉද්දි ඇතිවෙලා තිබුනු ආතතිය මගහැර ගන්න ඔබලාගෙන් මට ලැබුණු සහය අනන්තයි අප්‍රමාණයි. පමාවෙලා වුනත් ඒ ගැන මෙහෙම වචන දෙක තුනකින් හරි සඳහනක් කොරලම පටන් ගන්න හිතුනා පුරුදු කෙරුවාව. 


          අළුත් මුහුණු එකතුවෙලා වගේම හුරු පුරුදු ඇතැම් අය පේන්නත් නෑ. සමහර විට මම වගේම කාර්යබහුල වෙලාද කියන්නත් බැහැ. කෙසේ වෙතත් අපි හැමෝම නැවත මුණ ගැහේවි. හැමදාම සරා ඔයාලගේ බ්ලොග් වලට ගොඩවැදේවි. කියවාවි, අදහස් දක්වාවි. එහෙනම් අවසරයි පැය කිහිපයකට සරාට හිතෙන දැනෙන දේවල් අරගෙන එන්න...........!!

27 comments:

  1. ආපහු බ්ලොග් වලට ආ එක ගැන සන්තෝෂයි සරා..

    ReplyDelete
    Replies
    1. මුජේ බී දෝස්ත්...

      හික්..

      Delete
  2. හප්පොච්චියේ....................................කොච්චර කාලෙකට පස්සෙද? සරා දැන් ඉන්නේ ලංකාවේ නේද? ඔක්කොම විස්තරත් එක්ක ආපහු ලියන්න පටන්ගන්න. ඉස්සර වගේම රසවත් කතා.

    ReplyDelete
    Replies
    1. නිසැකවම මහත්මයා...

      Delete
  3. සෑහෙන කාලෙකින්.. එහෙනම් වෙනදා වගේම ලියමු නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කරමු මලයා...
      බොලා අමතක කොරලා කොහොමෙයි..

      Delete
  4. එහෙනම් පොලිසියේ දාපු එන්ට්‍රිය අයින් කරගන්න වෙයි.
    Welcome back!

    ReplyDelete
    Replies
    1. ආ... අපේ ඉංගිරිස් ගුරුතුමා..
      කිව්වාම මොකෑ ආයිබොවන් මට පොලෝසියේ ඇත්තෝ නම් වහ කදුරු ගානයි..

      Delete
  5. ශුක්‍ර සන්තෝසයි ලොක්කා.. හැක් හැක්.. එන්න එන්න.. වෙල්කම් ටුද පාර්ටි

    ReplyDelete
    Replies
    1. //ශුක්‍ර//, ඈ බොල සරා ආව විතරයි බොට ඒවත් ගියාද?

      Delete
    2. හයියෝ සංසාරේ.. දේශ් ට බේරුමක් නම් නෑ. :D

      Delete
    3. විලිලැජ්ජාවේ බෑ දේශෝ.. බලපන් ප්‍රසා සායම ඇරලා බොගේ..

      Delete
  6. අපි නම් ඉතින් දන්නෑ ඕං

    ReplyDelete
    Replies
    1. වැඩි දොහක් යන්න කලින් දැන ඇඳින ගමුකෝ.

      Delete
  7. ආපහු ආව එක ගැන සතුටුයි සරා. එහෙනං සරාගෙ ලෝකෙ අලුත් තොරතුරුත් එක්ක ලියමු බලන්න.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ප්‍රසා, එකෙන්ම.

      Delete
  8. අයිත් ලියන්න පටන් ගන්න එහෙනම් විවේකයක් ලැබුන වෙලාවට

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. හොඳයි මම එන්නම් ඔයාව දැන හඳුනා ගන්න.

      Delete
  9. බයිල එපා ලියමු ලියමු

    ReplyDelete
  10. අපෙ අප්පේ...මුකෑ බං උනේ..?

    ReplyDelete
    Replies
    1. අරේ... කුච් නහී යාර්...

      Delete
  11. බොහොම කාලෙකින් සරා..... එමු එමු ආයිත් බ්ලොග් පැත්තට.....

    ReplyDelete
    Replies
    1. අනිවා. නලින් අයියා..

      Delete
  12. ඒ...මෙන්න ඇවිත්..ඔහොම මා අයියේ..ඔහොම හරි ආවනේ. මාත් මාස ගානකින් කියවන්න ආවාම ඇවිත් කියලා දැක්කෙ

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර කාර්යබහුල වුනා තරුවෝ..

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....