Tuesday, April 30, 2013

නෙත පිනන රුසිරු වත ඔබෙයි...... (අපේ කතා)




පිය මදහස මුව මුකුළු මවා...
මද සුළඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ලවන පබා...
මට ගෙන එනු මැනැවි සඳේ...//


හැමදාම කැත කවි කියන මම ඉඳලා හිටලා හරි මෙහෙම වැඩකුත් නොකලොත් හරි නෑනේ. හැබැයි ඉතින් ඇත්තම කියනවා නම් මේකත් මගේ නෙමෙයි.

සියපත් මත ඔබෙ සුවඳ උලා- වන බඹරුන් ඉගිල ගියා...//
පවසනු මැන මට මිහිරි කතා- ඔබෙ හිස මගෙ උකුලෙ තියා...

මේ දවස්වල නංගි බබාගේ කතාවල සරල සාරාංශය මට ඔයාලට කියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය. කලිනුත් මම ඔයාල එක්ක කියලා තියෙනවානේ එයා ඔය ගේදොර ඉඩකඩන් යාන වාහන දැසි දස්සෝ ඉල්ලන කෙනෙක් නෙමේ කියලා. ඒවෙනුවට ඇය මාව විස්වාශ කරනවා, ධනාත්මකව හිතන ඉදිරියට යන කෙනෙක් ලෙස. අපේ පහසුවට හෝ අවශ්‍යතාවයකට ගෙදරට යමක් ගේන විට ඒගැන ඇගෙන් කරන විමසීම් වලදි මට ලැබෙන පිළිතුරනම්...

ඔයා කැමතිනම් හොඳයි කියලා හිතෙනවා නම් අපි ගනිමු. එහෙම දෙයක් තියෙන එක වටිනවා ගෙදර. ඒ නැතත් මට පිරිමහගන්න පුළුවන්...!!

හැබැයි පුතේ එයා මගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවෙන දේකුත් තියෙනවා. ඔය රෝස පාට අකුරු පේලි පුරාම තියෙන්නේ ඒ කතාව තමයි.


මගෙ හිත ලඟ මල් පොකුරු දරා- ඔබෙ කට හඬ ඇසෙන පැයේ...//
නිදිබර නෙත නිදි නැතිව අයා- මා කලඹයි සොඳුරු ‍රැයේ...

ආදරේ හිතේ තියාගෙන ඉන්න හොඳ නෑළු......!!
ඒක පෙන්නන්න ඕනළු....!!!
ඕං මම නෙමේ කියන්නේ අපේ මායියා.

හ්ම්හ්... වැඩි කතා ඕන නෑ, අපි සිංදුව අහලා බලමු. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පන්හි‍ඳෙන් ලියැවුනු අකුරු වැලක් ගැයුවා ශ්‍රීමතී තිලකරත්න මහත්මිය. සංගීතය මුසුකලා වික්ටර් රත්නායක මහත්මයා.      



හැබෑවටම අපේ සමීපතමයන්ට ආදරේ දෙන්න අපට බැරිකමක් නෑ. අපි නොහිතම අපෙන් ඒක මඟ හැරෙනවා මිස. ඒත් පුංචි කැපවීමක් තුලින් ඒදේ ඔවුන්ට දීමෙන් අපට ඒ ජීවිත ලොකූ සතුටකින් පුරවන්න පුළුවන්. 

ඇයි අවුල්ද......? හැක්..!! 

***********************************************************************************

කඩි කුලප්පුව හැදුන සමහර වෙලාවට ටිකක් ගෙරෙව්වට මම එයාට මගේ අදහසුත් කියනවා.  
නෑ....... බොරු කියන්න එපා...! 
බොරු නෙවෙයි ඇත්ත!! 
හරි කොහොමද කියන්නේ...? 
ම්ම්ම්... මේං මෙහෙම.... 

නෙත පිනන රුසිරු වත ඔබෙයි... 
සිත එකඟ කරන සිත ඔබෙයි... 
රන් දිමුතු මුතුද ලඟ තිබෙයි... 
මගෙ සියළු දෙයම මතු ඔබෙයි...// 

කොහොමද පැණි පාර..? 
ලෙසටම තියෙනවද..? හැක්... 

විහිළුවක ස්වරූපයෙන් ලිවුවට මොකද අපේ හැබෑම තත්වෙත් ඕකම තමයි. අපේ පුංචි කූඩුවේ සතුට සැනසීම තියෙන්නේ, සරල වුනත් තෘප්තිමත් ජීවිත අපි විඳින්නේ මෙන්න මේ හේතුව නිසා. මම මේ කතා කියන්නේ මගේ පම්පෝරිය ලෝකෙට කියන්න නෙමේ, ජීවිතේ සතුට හොයන අය ගොඩාක් ඉන්නවනේ ආන් එහෙම අයට ප්‍රයෝජණයක් වේවි කියලා හිතලා.  

ගඟ ස‍රැලි නගා වන පෙතේ... 
සිඳු තුරුල වෙතට දිවයතේ... 
මට මෙලෙස වරෙක සිහිවෙතේ... 
ඔබ ගඟය මුහුද මා වෙතේ... 

මුතු මොටද සොඳුර පල නැතී... 
ඔබ කරන විටදි පිය ගතී... 
එනු මැනවි සුළ‍ඟෙ එති එතී... 
මගෙ කුටිය වෙතට දුර ඇතී...     

ලෝකේ හුඟදෙනෙක් හඳ අල්ලන්න හීන දකින කාලේ සරාගේ හීනේ මැරෙන දවස වෙනකම් සතුටෙන් ජීවත් වෙන එක. සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන එක. හැබැයි ඉතින් ගෙදරට ගමට රටට උගෙන් වියයුතු සේවයක් නම් කවදාවත් පැහැර හරින කෙනෙක් නම් නෙමේ සරා කියන්නේ. 
මේ ගීතයත් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පද සංකල්පනාවක්. එම්.කේ රොක්සාමි මහතාගේ සංගීතයට ගැයුවේ ෆීලික්ස් ඇන්ටන්.   


ප/ලි  

වසන්ත කාලේ සරා පවුලට හරිම විශේෂ කාලයක්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ සතියේ තියෙන වැදගත්කම ගැන විතරක් කියන්නම්කෝ මම. ගෙවුනු විසි අටට සරාගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරුනා. උදාවෙන දෙවෙනිදාට සරා ජීවන මගේ තවත් සැතපුම් කනුවක් පහු කරනවා. 
කාට හරි අනුමාණ කරන්න පුළුවන්ද ඒ කීවෙනි එකද කියලා...? 
කවුරු හරි හරියටම කිවුවොත් ආයේ දෙකක් නෑ ගෙදරටම කේක් එකක් ගෙනත් දෙනවා. 
එකෙන්ම....!!!   

ප/ප/ලි 

බල තන්හාව මූලික පරමාර්ථය උනත් ඒක හංගලා වෙන වෙන ආලවට්ටම් වලින් ඕක ඔප දාලා බලය අල්ලන්න දඟලන ඈයෝ කාලෙන් කාලෙට එනවා. එහෙම අය ඕකට කියන ජනප්‍රියම නම තමයි දේශප්‍රේමය. ඊනියා දේශ ප්‍රේමය අපට නැතිකල දේවල් බොහොමයි. උක්ත කලාකරුවාද (ප්‍රේමකීර්ති ද අල්විස්) ඒ අතරින් කෙනෙක්. ඔහු ගැන පොතක් ලිවීමට තරම් කරුනු තිබුනද මේ එයට වෙලාව නෙමේ. නමුත් ඉදිරි දිනයක මා ඔහු ගැන පෝස්‍ටුවක් ලිවීමට සිතා සිටිනවා.

44 comments:

  1. cack eka mata denawadooooo mama kiyannam.

    kiyala thiyena serama aththa. choottai gorawanne kadi kulappuwa hadunama (eka danne mamane. nedooooooo.):D.

    oyage adare mata godaaaaak watinawa mahaththayo. ekai mama kiyanne oyage eka wachanen mawa hinassawannath puluwan adawannath puluwan kiyala. kadulu walata api asa nahane. adare thiyenawa nam wena mokuth one na sathutin inna. awrudu 6k me widiyata gewanna puluwan une e nisai apata. me dawas tikath ikmanin yanawa nam........ oya mage laga.

    ReplyDelete
    Replies
    1. මම ඔයාට අද මොකුත් නොකියා ඉන්නම්.

      Delete
  2. 38 යි ..
    ඒත් කොහොමද කේක් එක මට එවන්නේ ?
    ( ඇඩ්රේස් නැති වෙලා ගොඩක් කල් නෙව අපිට ..)

    ඔන්න ඔහේ මමම එන්නම් සරලාගේ දිහා ...

    බ්ලොගයටත් සරාටත් සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා
    කරනවා මම ..අපිට ගොඩාක් දැනුම , විනෝදය , සංගීතය
    ගෙනාව වගේ මෙච්චර කාලයක් තව ඉස්සරහටත් ගොඩක්
    දේවල් අපිට එකතු කරන්න ශක්තිය ලැබේවා ...!

    ( මට අකුරු ගලපගන්නත් බැරි උනා සතුට වැඩි කමට ..:P )

    ReplyDelete
    Replies
    1. අහ් වැදගත්ම දේවල් ටික අමතක උනානේ ..කේක් එක
      චොකලට් අයිසින් කේක් වෙනවනම් බොහොම කැමතියි
      මම ..වැනිලා ඒවට වැඩිය කැමති චොකලට් ඒවට ..ටිකක්
      ලොකු කේක් එකක් ගේන්න ..අඩුම තරමේ කිලෝ 4,5 ක්
      වත් වෙනවනම් ගොඩක් ලොකු උදව්වක් ..මොකද ගේ හරියේ
      පාන් කෑල්ලක් නැහැ බෙහෙතකට හොයාගන්න ..

      පුළුවන් තරම් ලොකු කේක් එකක් ගේන්න ..මට ගොඩක් බඩගිනි ..
      කැමති නම් හිරුලාගේ කේක් කර්මාන්ත ශාලාවෙන් ගන්න ..මොනවා
      හරි කමක් නැහැ ඉක්මනට දෙන දෙයක් දීපන් අයියේ ..හරි අමාරුවෙන්
      ඇදගෙන යන්නේ මේ දවස් වල ..බනිස් ගෙඩියක් හරි ගන්න කීයක් හරි
      දෙන්න පුලුවන්ද අයියේ කේක් එක ගේනකම් ..?

      තෑග්ග දින්නොත් නම් මැයි මාසේ ගොඩ දාගත්තහැකි...
      සැනසිලි තෑගී එහෙමත් දෙනවද අයියේ ..?
      ( කියන්න බැහැනේ තෑග්ග මිස් උනොත් එහෙම ..ඒකයි ඇහුවේ ඒ ගැන )

      Delete
    2. ඒවා හරි යන්නේ නෑ. පොරොන්දුවේ තියෙන්නේ ගෙදරට ගෙනත් දෙනවා කියලා නෙව. ඔහේ තමයි පොතම ජයග්‍රාහකයා. දැන් ඇඩ්ඩොස් එක කිව්වනම් කේක් එක ඇන්න එන්න ඇහැකි. කිලෝ හතරක පහක එකක් නම් ඕන, සාමාන්‍ය වාහනේක කරදරයක් නැතිව එන්න පුළුවන් නෙව. හැබැයිතව පුරස්නයක් තියෙනවා. හිරූලගේ පැක්ටොරියෙන් නම් ඕක ගේන්නේ මට එන්න වෙන්නේ ලොරියක. ඇයි ඒවයේ මහ අමුතු ජාතියේ කෑලි බෑලි ගොඩක් එල්ලලා තියෙනවා නේ. ‍ටුවෙල් ටෙන් එකක් ගේ මිදුලටම එන්න පුලුවන් නේද සහන් මහත්තයාලගේ.

      ඔහේට කියන්න සහන් මහත්මයා මමත් මේ කල්පනා කො‍රැවුවේ ගේන සොච්චමෙන් මටත් මාසයක් වත් කරදරයක් නැතිව ජීවත් වෙන්න හැකියාවක් තියේවිද කියලා. පේනවනේ ආශ්චර්යයේ තරම.

      කොහොම උනත් ඔයාට තව දවස් කීපයක් ඉවසන් ඉන්න වෙනවා මලේ. ඒ අතරවාරේ ගමන් මාර්ගය පිළිබඳව මාව දැනුවත් කොරානම් හරි.

      Delete
    3. //..අපිට ගොඩාක් දැනුම , විනෝදය , සංගීතය ගෙනාව//

      මේටික නම් නිකන් ඔලොක්කුවට කියලද මන්ද...? හැක් හැක් හැක්

      Delete
    4. ane naha wihiluwata kiwwa newe sarath ayye..mama me awe oya penna nathi nisa ...mokada wenne ...? hodin innawada ..?

      Delete
  3. 38 යි,

    යකෝ මගෙත් යාලුවෙක් ඉන්නව සරත් කියලා, උගෙත් උපන් දිනේ දෙවෙනිදා. මේ ඌමද මංදා !!!!

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහකයෝ දෙන්නෙක්ම ඉන්න හිංදා මම හිතුවා දෙන්නටම තෑගි දෙන්න. කේක්ම තමයි. උඹ ඉන්න සාවිය හරියටම කියපන් සෙන්නා මම යන ගමන් කේක් එක දීගෙන යන්නම්. මම ෆ්ලයි කරන වෙලාව කියන්නම් කලින්. උඹට ඇහැක් නම් එලියට ඇවිත් හිටහන්. වැඩි කරදරයක් නැතිවම කේක් එක දෙතහැකි. මම කෙලවරේ සීට් එකක් තමයි බුක් කොරලා තියෙන්නේ.

      Delete
    2. සුබ උපන් දිනයක් කිව්වා !!

      එහෙමද ? එහෙනම් යන ගමන් ජනේලෙ අරලා බිමට දාහන් මම අහුල ගන්නම්.. :D

      Delete
  4. බ්ලොග් එකටත් සරා අයියටත් සුභම සුභ උපන්දිනයක් කියල පතනවෝ.....!!!

    උඩින් උත්තර දීලා තියෙන නිසා මං කියන්න යන්නේ නැත. පවුනේ අන්න අර සහන්ට කේක් එක දෙන්න ඔච්චරම කියල තියෙන එකේ.... :)

    ReplyDelete
    Replies
    1. තැන්කෝ කිවුවා. අපෙ අප්පේ බොලා නැති අල්ල පනල්ලේ මම හරි විස්සෝපෙන් උන්නේ ඕං. ඇයි බොලං යන අහක කියලා ගියානම් මක්ක වෙනවැයි. අනේ මේ දැන් කාලේ හැදෙන එවුන් නම්...... කමක් නෑ ඔන්න ඔහේ විබාගේ සාර්ථකව කොර ගත්තැයි පොඩි එකියේ....

      Delete
  5. බ්ලොග් උපන්දිනේටයි අයියගේ උපන්දිනේටයි දෙකටම සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මලයා... රොම්බ තෑන්ක්ස්..... නෑ මම කිවුවේ බොහොම ස්තුතියි මලයා.

      Delete
  6. සුබ උපන් දිනයක් වේවා..! බ්ලොග් උපන් දිනේටත් සුඅ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. ඔයාලා වගේ යාලුවෝ තමයි මට මේ බ්ලොග් කෙරුවාවෙන් ලැබුන හොඳම තෑගි. ඒගැන මම ගොඩාක් සතුටින්...

      Delete
  7. නියම පෝස්ටුවක්

    ආදරේ ගැන හරි ලස්සනට ලියල. කඳුලුත් ආවා. සරා අයිය ඉක්මනටම ඒවි නංගි බබා.

    සරා අයියටයි බ්ලොග් එකටයි සුබම සුබ උපන් දිනයක්.

    35 යි.

    සරා අයියෙ කේක් එක මට නේද?

    වැරදුනත් කමක් නෑ ඔන්න බර්ත්ඩේ කේක් එකෙන් හරි කෑල්ලක් එවන්න. හොඳේ

    ReplyDelete
    Replies
    1. මෙහෙ එනකොටනම් මට ඔයා කියන වයස තමයි. හැබැයි ඉතින් දැන් ඔය උඩම යාළුවෝ කියලා තියෙන ගාන. කමක් නෑ ඔයාට අනිවා කේක් අරන් එනෝ.

      Delete
  8. දෙන්නටම සුබ උපන්දිනයක් වේවා ! (බ්ලොග් එකටයි සරාටයි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා. කේක් එපාය එහෙනම්...?

      Delete
  9. සරා විදේශ සේවය නිමවා ගෙදර ආව එකම ගෙදර අත්තීටත් දරුවා/දරුවන්? ටත් කොච්චර සතුටක් වෙන්න ඇද්ද? අඹුසැමි පරමය යලිත් දළුලා වැඩෙන එක අහන්නත් දෙයක්ද? ශෘංගාරය ඉහවහා යන එක පුදුමයක් නෙවෙයි. කාලෙකට පස්සේ සතුට දෝරේ ගලන සරාගේ ලෝකයට ජයමංගලම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පොඩී අවුලක් මහත්මයා. මම තවම මෙහේ. කමක් නෑ තව දවස් ගානනේ. ස්තුතියි ඔබටත්....

      Delete
  10. උඹට සුභ උපන්දිනයක් වේවා, හෙට. හැට පහත් වයසක්ද මල්ලී.

    ReplyDelete
    Replies
    1. අපොයි අයියන්ඩිට හැටපහක්ද...? ඒත් දැක්කම කියන්නත් අමාරුයි.තාම පණස් හයකට වඩා පේන්නේ නෑ. මේ අපි වගේ ‍ෆිට් එකේ ඉන්නව නෙව. කොහොම උනත් ස්තුතියි ඔබට.

      Delete
  11. සුබ උපන් දිනයක් වේවා සරා අයියට.. ඇයි බොල බ්ලොග් එකටත්... හි හි....

    ///ආදරේ හිතේ තියාගෙන ඉන්න හොඳ නෑළු......!!
    ඒක පෙන්නන්න ඕනළු....!!!
    ඕං මම නෙමේ කියන්නේ අපේ මායියා.///

    ඕක අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ අයත් ඉන්නවා නේ .... හි හි....

    ReplyDelete
    Replies
    1. ඉතින් කියලා දුන්නට කමක් නෑ නේ හිරූ. පිට කෙනෙකුට නෙවේ වෙන්ටැති නෙව. හි හි අඩුවක් හිතේ තියන් ඉන්නවට වඩා කතා කොරලා පිලිවෙලක් කොරා ගත්තම අහක නෙව. කොහොම උනත් ස්තුතියි හිරූ ඔයාටත්..

      Delete
  12. බ්ලොගිවසරි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් අයියා,අයියට වයස 36 ක් විතර ඇති මයේ හිතේ.නැතත් අවුලක් නැහැ සුවර් ඊට වඩා නාකි ඇති :D
    ජෝක් එකක් කරේ අයියා ඇනිවේ සුභම සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇයි බං මලේ විහිළුවක් කොරලා මම කොලේ විහිළුවක්ය අමනාප වෙන්ට එපාය කිවුවම අර විහිළුවේ තියෙන ගතියත් නැතිවෙලා යනවා නෙව. බොලාට හිතෙන ඕන දෙයක් මා එක්ක කියාපල්ලා. මම කා එක්කවත් විහිළු තහළු නිසා අමනාප වෙන ගොබිලෙක් නෙමේ ඕං. ආයේ ඒගැන හැකක් හාංකාවක් තියාගන්ට කාරි නෑ ඕං.

      Delete
  13. ඔන්න මාත් උඹේ ස්පෑම් එකට සුභ පැතුමක් එව්වා.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඕං මං ඒක ඇන්න ඇමිනුවා බ්ලොග් එකටම.

      Delete
  14. සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ, ආදරේ හිතේ තියාගන්නෙ නැතුව පෙන්නන තරමට ජීවිතේ ප්‍රශ්න අඩු වෙනවා අයියේ, නංගි බබාට විතරක් නෙමෙයි මට හිතෙන්නෙ දූ පැටියටත් ඒක වලංගුයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්.. කතාව ඇත්ත. ඇත්තටම මම එහෙම කරනවා. ඔයාටත් ස්තුතියි නදිනි නගා...!

      Delete
  15. සුභ බ්ලොගවසරියක් වගේම සුභ උපන්දිනයක් වේවා සරා..ගෙදර ආවම අපිට පාටියක් දෙන්නකෝ..

    ReplyDelete
    Replies
    1. කිවුවොත් එනවද රූ නෝනා. ඔබටත් ස්තුතියි රූ..

      Delete
  16. කෝ සරා අයියේ ඔයා?? මේක ලියන්නේ නැද්දෝ..... ලංකාවටවත් ආවද? ඒත් පුළු පුළුවන් වෙලාවට ලියන්න අප්පා....

    ReplyDelete
  17. මේ මනුස්සයට මොකද උනේ එක පාරට ..දැන් මාසෙකින් ආගිය අතක් නැහැ..මේකගෙ කියුන් කෙරුන් දන්න නිසා හිතට බයකුත් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. inna thanakin hoowak diyooooooooooooooooooooooooooooo................................................

      Delete
    2. onna jathyanthara bashawenma msg ekak damma...

      Delete
  18. සරා හැබෑටම උඹ කෝ ? ඉක්මනටම ආරංචියක් දියන්..

    ReplyDelete
  19. ඒක තමා මේ සරා අයියට මොනා වෙලාද මන්දා.... කිසි සද්දයක් නෑනේ....

    ReplyDelete
  20. මේ මේ... නැගිටින්නෝ... අපි ආවෝ.... කෝ කෝ බ්ලොග් ලියන්නේ නැද්දෝ....? :)
    සරත් මහත්මයා, බ්ලොග් එක පාළුවට ඇරලා තියෙන්නෙ කතා නැති කමට වෙන්න බෑනෙ. වැඩ වැඩියි වගෙ?

    ReplyDelete
  21. ගොඩක් දවසකින් ලිපියක් දැක්කේ.මම මේ පැත්තේ ආවේ නැතිවද?ලිපි ලියලා නැතිවද?

    කොහොම වුනත් මම නම් දැක්කේ

    ආදරේ හිතේ තියාගෙන ඉන්න හොඳ නෑළු......!!
    ඒක පෙන්නන්න ඕනළු....!!! ඕන් ඔය ටික තමා... පිරිමි තේරුම් නොගන්නෙත් ඕකම නේ.....

    ඔන්න ඔබටත්,බ්ලොගයටත් සුබම සුබ උපන් දිනක් වේවා........!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....