Thursday, April 18, 2013

පුංචි කතාවක්.... සත්‍ය සිදුවීමකි.





එතුමා:   !@$$%#%$%^$^((**%&$^%_ **%^$#Hඝ්HEඨ්$%#       %$#%^$^$%$%Fඝ් SWර්‍% W#$@  #$&$%@$%@%^.......!!!!  

ඔහු තවත් අයෙකු සමග ආඩපාලි කියමින් සිටියේ මගේ කාමර සගයෙකුටය. හෝල් වේ එකේ ගමන් කරමින් සිටි මට තේරුම් ගියේ ඔහු යන්නේ මගේ කාමරයට දෙසට බවයි. ඔහු කෝපයෙන් පසුවන බව හැඟුනෙන් මා ඇමතුවෙමි.

සරා:   ආ.... යාලුවා මොකෝ මේ....? 

එතුමා:  අනේ මේ පලාන්ඩ අප්පා ....!! අපිට හරී කරදර තමා ............ගෙන්..! 

සරා :   අර මොකෝ.. මොකක්ද සිද්දිය...? 

එතුමා: මේ පොදු පලේ පොදු පලේ කිය කිය ඒක නරක කොමෙන්‍ටු තමා දානවා අපිලට...!  

සරා:   අනේ සොරි වෙන්ඩ ඕන යාලුවා. ඔයා දන්නවනේ මට ඔය ෆේස්බුක් නෑ. අනික මම ඔය දේශපාලනේ ගැන කතා කරන්න කැමතිත් නෑ ඒවයෙන් මට වැඩකුත් නෑ. ඒ නිසා ඔය ගැන මට මොකුත් කියන්න බෑ..! 

එතුමා:   අද ෂරී.. බට්.. අපිලට දැන් හොඳටම ඇති වෙලා තමා තියෙනවා. ඔයාලා කියන්ඩ අප්පා මේම මේම කරන්ඩ එපා කියලා. අදර්වයිස්  අපිටත් ගාන්ඩ තමා වෙනවා...!  

සරා:   හ්ම්.... ඒකත් එහෙමද... ? එහෙනම් ඉතින් මේකත් කියන්නම වෙනවා නෙව..! මට නම් ඉතින් හැම ජාතියෙම යාළුවෝ ඉන්නවා. ඒනිසා ඔය පක්ෂ වලට සංවිධාන වලට දරදිය  අදින්නවත් ඒකලාට කඩේ යන්නවත් මගේ කැමැත්තක් නෑ. හැබැයි ආයිබොවන්ඩ ඔහේලගේ ආරවුල් මගේ නිදහසට බාදාවක් හරි මට කරදරයක් උනොත් හරි මම ගහනවා, මොකාට උනත් ගහනවා. නොකිවුවට ඔහේලා දන්නවනේ සරා ගෙදරට ආව සූදුව වලං විකුනලා හරි ගහන ජාතියේ එකෙක් කියලා...!  කාටවත් කරදරයක් නැති අපට කරදරයක් නැතිව ඉන්න තිබුනොත් තමයි හොඳ. 


ප/ලි 

මේ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීමකි. කාලෙන් කාලෙට එක එකාට එක එක ලෙඩ රෝග වැල‍ඳෙනවාය. ඒ ඒකලාගේ පැවැත්ම උදෙසාය. උන් ලොකු එවුන්ය.උන් හැමදේම කොරන්නේ යටිකූට්‍ටු අරමුනු ඇතිවය. පොඩි එකාලා ගැන හැබෑ කැක්කුමකින් යමක් කරන එකාලා දැන් කාලේ නැතිය. ඒක තේරුම් නොගෙන තප්පුලන එකාලා නිසා අපටද වදේය. එහෙත් මගේ නවාතැන අභියස එක එකාලාට උඩුබුරන්නට හැර බලා සිටීමටද මට හැකියාවක් නැතිය. මන්ද එය මගේ ආත්ම ගෞරවයට හානියක් බැවිනි. අද මෙවන් වූ තත්වය නුදුරේ ජාතික ප්‍රශ්ණයක් වෙනවාය. එදාට ඒ ගැ‍ටුම් වලට මැදිවන්නේද මේ කිසිවකට සම්බන්ධ නොවූ අපම නොවන්නේද....? එදාට මේ දඩ බල්ලන් මෙන් සාමාන්‍ය එකාලාව උසී ගන්වන මහ එවුන් කී දෙනෙක් අප අතර සිට මේ ගැටළු නිරාකරනය කරාවිද....?



ප/ප/ලි: 

මහ එවුන් කරන දේවල් තමන්ගේ වගේ කරගෙන ඒවා තමන්ගේ ඇඟට අරගෙන අහල පහල වෙසෙන තම හිතවතුන් සමඟත් ආරවුල් ඇතිකර ගන්නට තතනන අපේ එකාලාද මේවායින් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි මට නොවැටහේ.මේ පිටට එන්නේ තමන්තුල ඇති බෞද්ධකම හෝ දේශ හිතෛශී භාවය නම් මුන්ට කලහැකි බොහෝදෑ ඇත. කරුමය නම් මේකලාට ඒවා නොපෙනීමයි. යමෙක් පෙන්වන්නට උත්සාහ කලද එය නොතකා හැරීමයි. උන්ටද ඇවැසි මහ එවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වන ලෙස අපවද අඳුරෙන් අඳුරට ‍රැගෙන යාමටයි.



27 comments:

  1. 'මහ එවුන් කරන දේවල් තමන්ගේ වගේ කරගෙන ඒවා තමන්ගේ ඇඟට අරගෙන අහල පහල වෙසෙන තම හිතවතුන් සමඟත් ආරවුල් ඇතිකර ගන්නට තතනන අපේ එකාලාද මේවායින් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි මට නොවැටහේ'
    සම්පූර්ණ ඇත්ත කතාව සරා. ඔහේ කරන්නං වාලෙ කරනව මිසක් ගොඩක් මිනිස්සු තමං කරන දේ තේරුම දන්නෙ නෑ. තේරුං ගත්ත දවසට තමුං මොකක්ද මේ කරගත්තෙ කියල හිතෙනව. ඒ වෙනකොට පරක්කු වැඩියි.

    ReplyDelete
    Replies
    1. කාමරේ එකා හරි කියලා මම කියන්නේ නෑ. ඒත් මෙතනට ඇවිත් අනිත් එකාලට රවන්න ගොරවන්න ඉඩ දීලා බලා ඉන්න පුලුවන් කමකුත් නෑ නේ ප්‍රසා.

      දෙගොල්ලොම හිතන්න වටිනවා මේවයේ අනාගත ප්‍රථිපල ගැන. අනික මොනවද ලැබෙන්නේ අවසානේ....????

      Delete

  2. lipiyata
    paliyata
    papaliyata

    100% ekanagai...
    hariyatama kiyala thiyenawa kiyanna one tika...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක හරියටම වෙන්නේ ඔයාගේ ලිපිවල සහන්. තොරතුරු ගලපලා පිලිවෙලට ලියනවනේ ඔයා. මේක කෑම්ප් එකේ වෙච්ච සිදුවීමක් නිසා ලියවුනේ.

      Delete
    2. ඔයාට free වෙලාවට මට ස්කයිප් වලින් කතා
      කරන්න අය්යේ ..ID එක
      silentsahan

      Delete
  3. මේ දවස්වල සරා අයියට මොනා වෙලාද මන්දා... නංගි බබාට කියන්න ඕනේ කොහිල ගාලක් විතර ලෑස්ති කරගෙන ඉන්න කියලා ආපු ගමන් කවන්න... හි හි

    ReplyDelete
    Replies
    1. මට නෙමේ හිරුවෝ මේ දෙකොන මාරු වෙලා දඟලන එවුන්ට නොවැ ඒවා දෙන්න ඕන. මේ අසරන සරනපාලටමනේ බොලා දොස් කියන්නෙත්.

      Delete
    2. eya ma lagata awama hoda baba wage innawa. ( ane manda kohila kawa ganna thamai amaru. kohila ala sambolayak hari katlet hari hadala thiyanna wei wage matath penne. :D )

      Delete
  4. Replies
    1. ඔබටත් ජයම වේවා මහත්මයා....

      Delete
    2. Mata Yalu, Saho, kiyala kiyanawanam kamati mokada mama oyage Blog Rasikayak nisa.
      Jayawewa.

      Delete
    3. අගේ කරනවා බොහෝමත්ම ඔබේ නිහතමානී බව මිත්‍රයා. ඔබේ අදහස ඒ අයුරින්ම ඉ‍ටුවේවි. ජයවේවා ඔබට....!!

      Delete
  5. හා හා කූල් වෙයං දැංවත්....
    ඕව නවතින්නෙ නං විනාශයකට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. මම හැම වෙලාවෙම කූල් රාජ් මහත්තයා. ඒත් ඉතින් අනික් අය රත්වුනාම අපිටත් ඒ රස්නේ වදින එක නොවැ පුරස්නේ. හැමෝම ඔහොම නොහිතන එක නොවැ මේ අවුල..

      Delete
  6. දැන් දැන් වෙන දේවල් දිහා බලද්දී මේකත් ගින්නකට මුලක් කියල තමයි පෙන්නේ. ඔය පිටිපස්සෙන් යන උන් නම් ඔහේ යනවා මිසක් තේරුමක් ඇතුව යන අය නොවෙන බව තමයි පේන්න තියන්නේ.

    හනේ මන්දා... ලොක්කෝ නම් කති බොති.....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද චන්දන. මහ එවුන් උන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එක එක සෙල්ලම් ගේනවා කාලෙන් කාලෙට. වැඩේ කියන්නේ අපේ එකාලට මේවා දවස් දෙකක් වත් මතක නොහිටින එක නෙව. උගත් පාඩම් අහවල් එකකුත් තියෙනවා ඒකට මොකද.....

      හික් හික් හික් මට අරකෙනුත් හිනා යනවා මලේ......

      Delete
  7. නැ ඕක ගණන් ගන්න එපා හැම මනුස්සයෙකුටම දවසේ පැය 24 න් 1 පැයක් පිස්සුලු. අපේ රටේ එක පැයයි මුන් හොඳින් ඉන්නේ. ඒ පැයත් නින්ද ගිය වෙලාවට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ නිසා වෙන්ටැති මේ.. ස්තුතියි යාලුවා මතක්කරාට ඒ බව.

      Delete
  8. oya nam randu wennepa hode. mama asawath na. thawa tika dawasane e tika dawasath hodin idalama enna.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි මම එහෙම කොරඤ්ඤං...

      Delete
  9. ඇත්තටම දැන් ප්‍රශ්නයක් නැතත් සමහරු සරම කොනකින් උස්සන් කෑගහගෙන යනවා නිකම් චන්ඩි වගේ.එහෙම යන්නේ තමන්ට අනුබල දෙන්න කට්ටිය ඉන්න නිසා.අනේ මේවා දකින අපිට නම් නිකන් විහිලු වගේ.

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා අහක බලාගන්න ඇහැක් නම් අපිත් ආසයි. ඒත් ඉතින් උන්ගේ හැරමිටි අපේ නහයෙත් වදිනවා නම් අන්න සාරාට................................................

      හික් හික් හික්...

      Delete
  10. අපේ වැරැද්දක් නැතිව මොකෙක් හරි ඇවිත් ඇණයක් වෙන්න හැදුවොත් වෙන මොකක් කරන්නද කණ අතගාලා යවනවා ඇර...
    ජාතිවාදය කියන දේට මාත් එකඟ නැහැ...
    ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා..,වඳීන්න වඳින්න ගහන එකත් මෝඩයා කියනවනේ සරා අයියේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රභාත් මලයා මම කාටවත් හිත රිදෙන විදිහේ කතා හිතා මතා කියන කෙනෙක් නම් නෙමේ. ඒත් ඉතින් මට නගරං නම් අරහං.

      Delete
  11. මේ සැරේ අපේ ගමේ අවුරුදු උත්සවේට තෑගී බඩු ගන්න මම තවත් කීපදෙනෙක් එක්ක ගියා කුරුණෑගල මුස්ලිම් කඩේකට. ඒ කඩේ මුදලාලි මාව දන්නවා. අඩු මිලද හොඳ බඩු ගන්න පුළුවන් එතනින්. බාල බඩු එයාම පෙන්නලා කියනවා ගන්න එපා බාල බඩු කියලා. ඒ මුදලාලි මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

    'මහත්තයා මගේ වයස අවුරුදු 12 ක පුතාට මාසෙකට දෙකකට සැරයක් ලේ දෙන්න ඕනෙ රෝගයක් තියනවා. ලේ දෙන්නේ කුරුණෑගල ඉස්පිරිතාලේදී. මහත්තයා දන්නවා ඇති අපේ ජාතියේ මිනිස්සු ලේ දැන් දෙන්නේ නැති තරම්. ඉතිං මගේ දරුවාට ලැබෙන්නේ මහත්තයලා වගේ කාරුණික සිංහල මිනිස්සු දන්දෙන ලේ. ඒ ලේ හලාල්ද හරාම්ද කියන ප්‍රශ්නය මට වැඩක් නැහැ මහත්තයෝ. මට ඕනෙ මගේ දරුවා'.

    ඔන්න ඔහොමයි සරෝ අපි ජීවත්වෙන ලෝකේ හැටි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කොයි තරම් ලොකු කතාවක් තියෙනවද මහත්මයා එතන. මම කියන්නෙත් ඕකම තමා. ඇයි මේ මිනිස්සු ඕක නොහිතන්නේ...? කොයි තරම් කාලයක් මුන් කඩේ යයිද මෙහෙම අඳ ගොළු බිහිරි නියායෙන්.

      Delete
  12. කොච්චර තේරුම් කරන්න හැදුවත් මිනිස්සු තේරුම් ගන්නෙ නෑ සරා අයියෙ. බොහොම අඩුවෙන් තමයි ඇත්ත තේරුම් ගන්නෙ.

    අපි දෙයක් කිව්වම අපිට පිස්සු කියල හිතන අයත් ඉන්නවනෙ.

    කොහොම උනත් සරා අයිය කරපු වැඩේ හරි. වැරැද්ද කාගෙ උනත් ඒ වෙලාවෙ ඔයා කට වහන් හිටිය නම්, තවත් අය එන්න ගනීවි.
    සද්ද නැතිව හිටියම තමයි කරේ නගින්න එන්නෙ හැමෝම.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....