Sunday, April 21, 2013

මේවට දාන්න මාතෘකාත් නෑ මට....

           

            දුප්පතුන්ගේ දුක දන්න මිනිස්සු කියලා  අපේ එවුන් මහ පු‍ටුවලට ගෙනා අය දැන් දුප්පතුන්ටම හිරිහැර කරන්නේ උන්ගේම බඩට ගහන්නේඇයි කියලා හිතනවා මම. මාර වැඩේ කියන්නේ මට හේතුවක් කල්පනාවට එන්නේම නෑනේ. යමක් කමක් පුලුවන් අයට පමණක්ම සහන දීලා බැරි එකාලාව පාගලා මිරිකලා උන්ගේ ජීවිත උන්ටම එපා කරවන්නේ දුප්පතුන්ට ලංකාව තහනම් කලාපයක් කරවන්නද කියලත් හිතෙනවා මට වෙලාවකට. කොහොම උනත් ඕන නැති දේවලට අප්පල්ල වගේ ඇරෙන කටවල් දැන් මෙහෙම දේවලදි ඇරෙන්නම නැති කමින් මට තේරෙන්නේ උනුත් මුන්ට කඩේ යන එකම තමයි කරන්නේ කියලයි. 

           අනේ වාසනාවට මේවා කතා කරන එව්වෝ නම් එකෙන්ම දේශද්‍රෝහියෝ ලේබලයෙන් පිදුම් ලබනවා. ඒත් නොකියා බෑ නොවැ.  
මගේ හිතේ තව වැඩි දොහක් යන්න කලියෙන් නැති බැරි එවුන්ට වෙන්නේ ගඟේ මුහුදේ පනින්න තමයි.


හැබෑවටම මීටත් වඩා ආශ්චර්ය වෙන මොනවද.....? 



 ප/ලි
පොතක් ලියන්න තරම් කරුනු තිබුනට මට හිතෙනවා තේරුමක් නෑ කියලා. ඒ වුනාට මහ එවුන් කියන්නේ කාටවත් ප්‍රශ්න නෑ  ජනතාව සුඛිත මුදිතයි කියලා නෙව, ආන් ඒ නිසා මට පුරස්න තියෙනවා කියලා කාට හරි දැනගන්න මේ අකුරු දහය කෙ‍ටුවා.

41 comments:

  1. ඉස්සරනම් ඔහොම පිස්සු කෙලිනකොට ඊලඟ එකෙන් ගෙදර යැව්වා.. දැන් ඒකත් බෑ..මට පේන්නෙ කට්ටියට පෙට්ටියෙන් එළියට ඇවිත් ටිකක් හිතන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි කියලත් කියනවා ඇහුනා මට සමහරු.

      Delete
  2. ඒ උනාට බය වෙන්න එපා උන්ම තමයි....ජයවේවා කියන්නෙ...බඩට වතුර බිව්වටත්...!

    හැබැයි ප්‍රශ්නෙ...අපි වාගෙ මධ්‍යම ප්‍රාන්තිකයන්ට මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මක්කට කියනවද ඒ හරිය නම්...!

      Delete
  3. දුප්පත්කම ගැන කතා කරන එක ජනප්‍රිය මාතෘකාවක් . එත් ඔබ අදහස් කරන දුප්පත්කම සාපේක්ෂ දෙයක් කියලයි මට හිතෙන්නෙ.අඩුවැඩි වශයෙන් ඕනෑම කෙනෙකුන්ගෙන් ඇසුවොත් තමන් දුප්පත් බවත්,ජිවත් වන්නේ අමාරුවෙන් බවත් කියනවා.ඒ උනත් ඒක ඇත්තක්මද? මම වැඩි පුරම ගමන් කරන්නේ බස් එකේ.ඔබත් එසේ යනවානම් ඔබටත් අනිවාර්‍යයෙන්ම සෙල් ෆෝන් කතා ඇහෙනවා ඇති.ඒවා කොතෙක් දුරට අවශ්‍ය ඒවාද? බස් එකේ ඉඳගෙන සෙල් ෆෝන් කොම්පැනි වලට කොපමණ මුදලක් අපේ දුප්පතුන් විසින් ගෙවනවාද කියල සොයා බලන්න උත්සාහ කලොත් නරකද?. මිනිසුන් ළඟ සෙල්ෆෝන් තිබිය යුතුමයි.ඒත් එක පිරිමැසුම් සහිතව පාවිච්චි කරන්න උනන්දුවෙන්නේ කින් කි දෙනාද?

    ReplyDelete
    Replies
    1. අපි කතා කරන්නේ දිගින් දිගටම සාමාන්‍ය ජනතාව
      අපහසු තාවයට පත් කරමින් ඉහළ ඇත්තෝ නටන
      නාඩගම් ගැන සමරසේකර මහත්තයෝ ..

      හිතන්න CT 100 එකට 80% විතර බද්දක් , ත්‍රී වීල් එකට
      120% විතර සමස්ථ බද්දක් .සාමාන්‍ය මට්ටමේ කාර් එහෙකට
      160% විතර බද්දක් , වැඩි පහසුකම් සහිත කාර් එහෙකට
      230% විතර සමස්ථ බද්දක් , මොන්ටෙරෝ වැනි SUV වාහන
      වලට 260% විතර බද්දක් .
      ජපානෙම මොන්ටේරෝ 2013 සපෝර්ට් එක USD 27,000.
      මෙහෙ වරායෙන් එළියට ගන්නම ගෙවන්න ඕනේ රුපියල්
      ලක්ෂ 140 විතර .භාණ්ඩයේ මිළටත් වඩා වැඩි බදු මුදල .
      එහෙම ඒවා බදුද ...?


      ලම්බෝගිනි සම්පූර්ණ බද්දෙන් නිදහස් . එහෙම වෙන්නේ
      කොහොමද

      එක එකාට ඕනේ ඕනේ විදිහට නීතිය අම්මගේ බූදලේ වගේ වෙනස්
      වීම ගැන අපි කතා කරන්නේ ..

      දැන් රටත් 2/3 විදිහට ලියාගෙන ඉවරයි ..අපි සෙල් පෝන් එකෙන් සතේ
      ඉතුරු කොරාට වැඩක් නැහැ ...!

      Delete
    2. වෙනත් අයෙකුටද අදහස් දැක්විය හැක ..

      Delete
    3. @ wmk

      //බස් එකේ ඉඳගෙන සෙල් ෆෝන් කොම්පැනි වලට කොපමණ මුදලක් අපේ දුප්පතුන් විසින් ගෙවනවාද කියල සොයා බලන්න උත්සාහ කලොත් නරකද?.//


      පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමේ යෝජනාවක් වගේ නෙවද මහත්මයා. මේක මේ දියවන්නාවෙ අයගේ කතන්දරයක් වගේ. හැක්... පිලිතුරක් ලිවුවා ඔබේ කොමෙන්‍ටුවට මම. ඒක පොස්‍ටුවක් විතර ලොකු වුනා. ඔන්න ඔහේ තව දවසකින් හමාරකින් දාඤ්ඤං... මතක ඇතුව බලන්න හොඳේ..

      Delete
    4. sthoothi weeya sahan sanjeewa..

      Delete
  4. ලංකාවෙ පංති තුනක් තියෙනවනෙ ඔය ආශ්චර්යෙ අනුහස් බලපාන්නෙ 1 වන පන්තියට තමයි 2 වන පංතියටත් ටිකක් විතර බලපානව 3 වන පංතියට නම් ඉතින් කාගෙ පිහිටක්ද?

    ReplyDelete
    Replies
    1. පැමිණීමට ස්තුතියි ඔබට. ඇයි ආයිබොවං දෙයියො ඉන්නේ.

      Delete
  5. දැන් ඉතින් ඕව ගැන කතා කරල කතා කරල ඇති වෙලා. කොච්චර කතා කරත් ඔච්චර තමයි

    ReplyDelete
    Replies
    1. එහෙමද...? එහෙනම් අලුත් යාළුවේ ඔයා ඒ ගැන මොකුත් නොකියා ඉන්න එක තමා හොඳ.

      Delete
  6. දුප්පත්කම දැනෙන්නේ අමාරුවෙන් හම්බුකරගෙන ජීවත් වෙන එකාට මිසක් හොරුන්ට නෙවෙයි සරා අයියේ.. ඒකයි මුන්ට ‌තේරෙන්නේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹ හරි නංගියේ...!!

      Delete
  7. koi anduwa awath apata thamai duka. hamadema wadi karanawa witharai adu karanne na kawadawath.

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් ආයිබොවන්..

      Delete
  8. ද්‍රෝහියෙක් වෙන එක නං ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි කඩේ යනවට වඩා. මම හිතන්නේ එහෙමයි...

      Delete
  9. දුප්පත් මිනිස්සු කොච්චර දුක් වින්දත් හොර බොරු නැත්නම් හිතේ ගින්දර නෑ.. ලොකු ලොක්කො හොර බොරු එක්ක කොච්චර සැප වින්දත් වැඩකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියෙනවා නේද..?
      හැබැයි ඔය අපට හිතෙන හැටිම විතරයි

      Delete
  10. වීය කියපු එකට මාත් එකඟයි. හැබැයි ඒ මිනිස්සු ඒ තත්වෙන් මුදවගන්න කෙනෙක් නැති එකයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. අවංක උවමනාවක් තියෙන කෙනෙක් නම් පේන මානෙක නෑ ආයිබොවං.

      Delete
  11. මටත් හිතෙන්නේ අපි ඉතාම ඉක්මනින් එදා වේල කන්න නැති
    මට්ටමට ඒවි තව අවුරුදු 6 විතර යද්දී ..මිනිස්සු බල්ලෝ මරලා
    හරි එදා වේල හොයාගන්න පටන් ගනී ...තනිකර කුහක ගමනක්
    යාවි රටේ හැමෝම ..( දැනුත් එහෙමනේ ..තමන්ගේ බඩගින්න
    විතරනේ ලොකු )

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ලද හැටියට තමයි පුද...

      අනිත් අයට පුලුවන් ඕන සෙල්ලමක් අපටත් පිලිවන් නෙව.

      අවුලක්ම නෑ

      Delete
  12. Replies
    1. හැක්... අහන්නත් සං‍තෝෂයි.

      ජයවේවා..!!

      Delete
  13. වැඩක් නැ සරා ඕව ගැන හිතලා අපේ ඇඟේ ලේ නරක වෙනවා විතරයි. ලංකාවේ මිනිස්සු ඔක්කොම පොන්නයෝ ගානට පත් කරලා තියෙන්නේ. උඹට දෙන උපදෙසේනම් ඔය ඉන්න රටේම හරි ඉන්න බලපන් අඹු දරුවොත් ඔහාට අරන්. නැත්නම් වෙන හොඳ රටකට යන්න බලපන්. උඹ අවුරුදු ගානක් ඔහේ හම්බ කරපුවා එක මාසෙකින් ඉවර කරගන්න පුළුවන් දැන් ලංකාවේදී. අඩු ගානේ දරුවෝ හරි සතුටින් සැපෙන් ඉඳි. අනික වෙන රටක ඉන්නකොට උන් මොන මඟුල අපිට කරත් හිත හදා ගන්න පුළුවන් මේ අපේ රට නෙවේනේ කියලා නමුත් තමන්ගේ රටේ ඉඳන් එහෙම දේවල් වෙනකොට අපේ අගේ ලේ නරක කරගෙන කරන්න දේකුත් නැතිව නිස්කාරනේ අකාලේ මැරිලා යන්න තමියි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උපදේශයට බොහොම ස්තුතියි මිත්‍රයා. ඒත් කාරනා දෙකක් නිසා මට ඒකට හිත හදා ගන්න බෑ.
      එක අපේ සමීපතමයෝ.
      දෙක ප්‍රශ්න දැක්කම පැනලා දුවන්න මම කුඩා කාලේ ඉඳන්ම දක්වන අකමැත්ත.

      මේ අපේ රටනේ සහෝ. ඒක කාගේවත් බූදලයක් නෙමේ.

      Delete
  14. දුප්පත් කම කියල එකක් නෑ බොල... ඕව බොරු..

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් බොලා වගේ ඇති හැකි උන්ට නෙව.. හැක්...

      Delete
  15. දුප්පතුන් වැඩි වෙන තරමට අපේ වගේ රටවල ලොක්කන්ට වාසියි.. උන් වෙනුවෙන් ගස් බඩ ගාන්න, පස්සෙන් යන්න, හූ මිටි තියන්න.... තමයි සාමාන්‍ය මිනිස්සුන් ව පාවිච්චි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම එවුවොත් ඉන්නවා මලයා. හැබැයි අපේ නම් නෑ ඒ ලිස්ට් එකෙත්..

      Delete
  16. අපි තමා බං ද්‍රෝහියෝ !

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සෑමා එකෙන්ම...

      Delete
  17. කවුරු පාරට බැහැල කෑ ගැහුවත් ගිනිතියාගෙන මැරුණත් ඔය කිසි කෙනෙක් ගන්නට ගන්නේ නැහැ.කෑ ගහල ජය ගත්තු දෙයක් නැහැ මෑත අතීතයේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්.... බීරි අලින්ට වීනා වයනවා වගේ නේද....? අමාරු වෙනකොට නම් එනවා දෑත් ශක්තිමත් කොරන්ට කියාගෙන...

      Delete
  18. මේ වගේ දේවල් ගැන දුක් වෙනවට වැඩිය ප්‍රශ්න ඒ ඇත්තොන්ට තියනවනේ සරා..!

    ReplyDelete
    Replies
    1. නැතිව එහෙනම්...? පුංචි නෝනට කියන්ට කාර් රේස්, ඩිනර් ඩාන්ස්, පිට රට සවාරි තව කොච්චරක් නම් දේවල්ද...හැක්...!!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....