Tuesday, March 19, 2013

අනේ ඉතින් අමනාප වෙන්ට කාරි නෑ ආයිබොවං.....!




          මේ අපේ කාලේ බොහොම ජනප්‍රිය සිදුවීමක එක් පැතිකඩක්. කලින්ම කියඤ්ඤංකෝ මේ මට පේන හැටිම විතරයි. කොහොමත් අමුතු අදහස් දරන මට එච්චරම හරි නෑ වගේ දැනුනට ඒවාහරි ඇති සමහරුන්ට කොහොම උනත් මම මගේ අදහස කියනවා. මෙන්න කතන්දරේ. මෙහෙ මාත් එක්ක වැඩ කරමින් හිටි කීපදෙනෙක්ම පහු ගිය කාලේ වැකේෂන් ගෙහුං ආවේ සරණ බන්ධනේටත් ඇතුල්වෙලා. සමහරු පෙර සූදානමකින් යුතුව මේ කටයුතු කරලා තිබුනා වගේම ඇතමෙක් හදිසි තීරණ වලට අනුවත් විවාහ වෙලා තිබුනා. පුරස්නයක් නෑනේ ආයිබෝවන් කොහොම උනත් වැඩේ හොඳ වැඩක් වගේම වියයුතු දෙයක්. ගෑණුළමයි, පිරිමි ළමයි කියලා භේදයක් නැතුව නිසි කලට ආවාහ විවාහ කෙරෙනවානම් තමයි හොඳ. නැතිනම් ඉතින් දත්නැතිදා උක් දඬු ගිනි තපින්ටද......?
හෙහ් හෙහ්....

ඔය කිවුවට ඕකත් නෙමේ පුරස්නේ මේ වගේ ජීවිතේ අතිශය වැදගත් අවස්ථාවලදී මේකලා කොරන මරි වැඩ ගැන, තව විදිහකින් කියනවානම් රටට ලෝකෙට සපයන විහිළු ගැන. මම ඕක විස්තර කොරලම කියඤ්ඤංකෝ තේරුම් ගන්න පහසු වෙන්න. 

          ඔය ඉහතින් කියන්නට යෙදුන මංගල්ල කීපයකම වීඩියෝ හා පොටෝස් බැලීමේ වරම භාග්‍යය මටත් උදා වුනා කියමුකෝ. හත්තිලවුවයි ඒවයේ තියෙන විකාර දැක්කම අවීචියට හරි කමක් නෑ මෙහෙම නරි නාටක නැති තැනකට ගෙහුං ජීවත් වෙන්න ඇත්නම් කියලා මට හිතුනා. මෙහෙමයි.....

ජීවිතේ එකම එක වරක් පමණක් (අපි වගේ එවුන්ට) උදාවෙන මේ ප්‍රීතිමත් අවස්ථාව තමන්ට හැකි උපරිමයෙන් කරන එක ගැන නම් මගේ අකමැත්තක් නෑ ආයිබොවන්. ඒක එහෙම විය යුතුයි. ඒත් හත්තිලව්වේ මේ විසූක දස්සන......? එවුවා දැක්කම මට හිතෙන්නෙම මේ දෑස මක්කටද කියාය. තේරෙන හිංගලෙන් කියනවා නම් අනාදිමත් කාලයක සිට අපේ රටේ ආවාහ විවාහ කෙරුනේ දේශීය සම්ප්‍රදායන් වලට. කාලයාගේ ඇවෑමෙන් ඕකට බටහිර හා ඉන්දීය සම්ප්‍රදායන්ද එකතු උනා. කාටවත් වරදක් නොපෙනුන එකේ අපි ඕක හරියි කියමුකෝ.. අනේ අපොයි දැන් දැන් ඕවා අස්සට කොහොඹා කංකාරිය, වඩිග ප‍ටුන, දහ අට සන්නිය වගේ දේවලුත් එකතු වෙලා වගේය. මම ඇහුවා ඇයි කියලා..
මේ දේශීය කෙරේමෙලු.
දැන් හැමෝම කොරනවත් එක්කලුනේ. 
හැබෑද....?
එහෙනම් දැන් මොකෑ ආයිබෝවන් කොරන්නේ......?
ඔන්න ඔහේ මේකටත් හා කියලා මේ අලුත් දේවළුත් කොරලා බලමුද.....?

සීයට සීයක්ම දේශීයයිලු. හරි එහෙනං... ඔහේලගේ කැමැත්තක්...!    

    මේ ටිකත් අහන්ටකෝ අපේ හාදයෝ ගැන.ගොඩ දෙනෙක් විදේශ ‍රැකියාවලට එන්නේ නහය ගාවටම ගැළුවට පස්සේ. විශේෂයෙන්ම මෙහෙට. මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ තමන් එද්දී ඉඩමේ ඔප්පුව උගස් කරලා ආවය, හතර අතට ණය වුනාය ඕං ඔහොම කතා. හැබැයි ඇවිත් ටික දෝහක් යද්දී ඔය සේරම අමතකයි. එහෙනම් ඉතින් ආපු ගමන් තමන්ගේ තිබුන පුරස්න සේරම ඒ අය විසඳගෙන ඇති...!!
එහෙමද...?
අපොයි නෑ. රියාල් ටිකක් යහමින් අතගෑවෙද්දී අර සේරම අමතක වෙලා. ගමේදි ගෝල්ඩ්ලීෆ් බීපු එකාට දැන් ගොල්ඩ්ලීෆ් වහ කදුරු ගානයි. එයාට ඕන බෙන්සන්, මෙල්බරෝ, එල් එම්. ලංකාවෙදි දවසට සිගරට් දෙකයි. දැන් මෙහෙදි දවසට පැකට් දෙකයි. අවුලක් නෑ පැකට් එකක් රියාල් අටයි නමයයි. කන්ඩ අතේ සල්ලිනෑ ඒත් හවසට කෑල්ල ගහන්න. කොහොම හරි රියාල් පණහක් එකතුකර ගන්නවා. කොහොම හරි ගෙදරටත් කීය කීය හරි යවලා, දෑවුරුද්දෙන් වැකේෂන් යද්දි ඉතින් වටේම ණයවෙලා තමයි ගානක් එකතු කර ගන්නේ. ඔහොම ගෙහුං තමයි ගොඩ දෙනෙක් ඔය සරණ බන්ධනේටත් ඇතුලු වෙන්නේ. අවුලක් නෑ ඊට පස්සේ හරි ජීවිතේ ගැන බරපතල විදිහට හිතයි කියලා අපි හිතමුකෝ නේද..?

ඒත් ආයිබොවන් අච්චර පුරස්න තියාගෙන මෙහෙන් යන එකා කොරන්නේ මොනාද කියලත් ටිකක් කියන්නද...? 

      හොයාගත්ත මනමාලී පොලොන්නරුවේ. එයාට අන්දන එක්කෙනා එයා ‍තෝරන් තියෙන්නේ ගලපිටමඩින්. බකලවතී ළු. එයාලු දැන් ඉන්න හොඳම කෙනා. පොටෝවලට මට්ටක්කුළියේ කුට්ටමනී. සුපුරිම වැඩ්ඩලු ගාන ටිකක් සැරයි. හනිමූන් තලවා කැලේ. හෝම්කමින්ග් එක ආගරපතනේ. ඇයි බං ඔය හැමදාටම බෑන් චූන් ගහන්නත් එපායෑ. එහෙම නැත්නම් හරි නෑ නේ. කොල්ලන්ට පොඩි මzසා එකක් තියෙන්න ඕන නෙව. හත්තිලවුවේ ඔය ඔක්කොම කොරන්න මේ ගෙනාපු සල්ලිටික හොඳටම මදි. ඉතින් මොකද ගන්නවා ණය හතර අතින්ම නෑදෑයන්ගෙනුයි, හිතවතුන්ගෙනුයි පොළී මුදලාලිගෙනුයි. උනුත් දෙනවා ලෝස් නැතුවම. ඇයිබං රට රස්සාවල් නොවැ මේකලා කොරන්නෙත්. කොහොම කොහොම හරි මගුල කාලා මුං හූනෝ වගේ මෙහෙ ආවට පස්සේ තමයි ඉහ මොල රත්වෙන්නේ.

           ඊලඟ මාසේ ඉඳන් පඩි අරගෙන ගෙදර යවන්න විදිහක් නෑ මෙහෙ ණය කාරයෝ ඉල්ලනවා උන්ට දෙන්න ඕන. ගෙදර උන්දැත් නිතරම පොලී සල්ලියි ණය අහන අයයි මතක් කරනවා. ඇයි ඒ මදිවට බැංකුවට තියපු ඉඩම. හැක් පොලී ගෙවගෙව උන්නා මිස ඒක බේරුවෙත් නෑනේ. මුළු කොන්ත්‍රාත් කාලෙන් ඉතිරි අවුරුදු අටම මෙහෙ ඉන්න ඕන මේ සේරම ගෙවලා ඉවර කරලා නිදහස් වෙන්න නම්. තමන්ගේ ජීවිතේ හොඳටම විඳින්න තියන කාලේ දෙන්නා දෙමහල්ලෝ දෙපැත්තක විඳෝනවා. මගේ ලඟ ඥාතියෙක් ඔය වගේ විදේශයක ඉඳන් ඇවිත් ඉහතින් සඳහන් කොරපු විදිහේ විසූක දස්සන සහිත මගුලක් කොරලා අවුරුදු එකහමාරක් විතර ලංකාවේ ඉඳලා ණය ගෙවා ගන්න බැරිම තැන ආයෙත් රට ගියා. 

            ආයිබොවන් තමන්ගේ තරමට හැකි උපරිමෙන් කොරනවා හැර තමන්ට වඩා ලොකු වැඩ කරන එක මෝඩ කමක් කියලා මට හිතෙන්නේ මගේ මෝඩ කමටද නැත්නම් පොඩි කාලේ මගේ ඔලුව මොකක හරි වැදිලා වෙච්ච අවුලක් නිසාද මන්දා නේද...?   අනික තමයි දැන් මෙහෙම උත්සව වලදි හැමදේම ඕවර් යන එක. කෙලවර වෙද්දී මගුල් ගෙවල් මලගෙවල් වෙලයි නවතින්නේ. මේ ඊයේ පෙරේදත් මම පිළියන්දල පැත්තේ එහෙම සිද්දියක් දැක්කා නිවුස් වල.ඕකට කියන්නේ ජයපැන් බොනවා කියලා කියලයි මගේ සමීපතම ඥාතියෙක් කියන්නේ. ඒකනිසා අරක්කු එහෙම ඔය තැන් වලට එපා කියලා මම කියන්නේ නෑ. අනික අරක්කු වැරදි නෑ නේ. ඒවා පමණට අරන් හරියකාරව නොහැසිරෙන එවුවන්ගෙයි වරද.. බලන්න එද්දී ටයිකෝට් දාලා සිංහ සෙයියාවෙන් එන මහත්තැන්ලා ඩ්‍රින්ක් එකට සෙට්වෙලා ටික වෙලාවක් යද්දී බයිට් කාලා අත පිහදාන්නේ ටයි එකෙන්. තවත් ටික වෙලාවක් යද්දී. කානුවක් පල්ලේ. මම ගෙවල් වලට ගෙහුන් දාලා තියෙනවා අනන්ත ස්වීට් මූණු බල්ලෝ ලෙවකනවා බලන් ඉන්න බැරි කමට. 

අනේ මේවා නිසා අපේ කමට වෙන හානිය.......??????



ප/ලි     

රටට ලෝකෙට අඬ බෙර ගහලා මගුල් කාලා පහුදා ඉඳන් ණය කාරයන්ගෙන් වහන් වෙවී ජීවත් වෙන එකේ තේරුමක් නෑ වගේ නේද ආයිබොවං. ඊට වඩා නරකද තමන්ගේ තරමට ගැලපෙන අපේකමත් ‍රැකෙන විදිහට වැඩේ කරලා පහුවදා ඉඳන් ඔළුව කෙලින් තියාගෙන පාරේ බැහැලා යන එක. මම හිතන්නේ මේ ගැටළුත් ගොඩාක් අඩුවේවි එහෙම උනොත්. 

එහෙනම් සරාට ගෙහුං එන්ට අවසර..........!!!




50 comments:

  1. කළමනාකාරිත්වය කියන එකේ උපරිමය තමයි තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගැනීම. කළමනාකරණය ගැන පී. එච්. ඩී. උපාධියක් තිබුනත් වැඩක් නැහැ තමන්ගේ ආදායමට, අනාගත ප්‍රශ්න වලට, ගැලපෙන ආකාරයට ජීවිතය හැඩගස්වා ගන්න බැරිනම්. මැද පෙරදිග රැකියා වලට යන අයගෙන් සෑහෙන පිරිසකට කළමනාකරණය ගැන නිසි අවබෝධයක් නැති බව රහසක් නෙවෙයි. ඒ වගේමයි මේ පැත්තේ (ගෙදර) ඉන්න අයත් අරමිනිහා මිනීමරලා හෝ එවන සල්ලි වලින් උපරිම ප්‍රයෝජන ගන්න දන්නේ කීයෙන් කීදෙනාද? මේ අයට මගපෙන්වන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හැබෑවටම මහත්මයා. ඒත් මග පෙන්වීමත් ලෙහෙසි දෙයක් නම් නෙමේ මොකද මේ අය හිතා ඉන්නේ අපි හැමදේම දන්නවා ඒ නිසයි අපි මෙහෙට එන්න පුළුවන් උනේ කියලා.

      Delete
  2. Dannawada? E wage inna aya athare oya mata "manikak". (kiyanna wena galapena wachanayak enne nahane.) Oya riyalak viyadam karanneth kochchara hithalada? E loba kamata newe ape anagathe lassana karanna kiyala mama dannawa.

    Ratata penna weddin ekak gaththata wadak naha loketa naya wela. Ita wada hodai katawath naya nathiwa thamanta puluwan widiyata punchi weddin ekak aragena oluwa kelin thiyagena inna eka.

    ReplyDelete
    Replies
    1. නංගි බබා march 19, 2013 at 8:16 PM
      දන්නවද? ඒ වගේ ඉන්න අය අතරේ ඔයා මට "මැනිකක්". (කියන්න වෙන ගැලපෙන වචනයක් එන්නෙ නැහැනේ.) ඔයා රියලක් වියදම් කරන්නෙත් කොච්චර හිතලද? ඒ ලෝබ කමට නෙවේ අපේ අනාගතේ ලස්සන කරන්න කියලා මම දන්නවා.

      රටට පේන්න වෙඩින් එකක් ගත්තට වැඩක් නැහැ ලෝකෙට ණය වෙලා. ඊට වඩා හොඳයි කාටවත් ණය නැතිව තමන්ට පුලුවන් විදියට පුංචි වෙඩින් එකක් අරගෙන ඔලුව කෙලින් තියාගෙන ඉන්න එක.

      Delete
    2. ආ මූ මහ පෙරේතයකේ නෙව එහෙනං...

      Delete
    3. හුටා.. හිනාව දාන්න අමතක උනා.. හික් හික්

      Delete
    4. Na na e perethakama newei. Apata kisi dekin aduwak karanne na. Eth eyage wiyadamata ganne parissamen. E kale parissamak nathiwa atha diga arala wiyadam kala nisa dan mudal wala watinakama danenawa wadilu. Ekai e.

      Delete
    5. දැන් පැහැදිලියිනේ. තවමත් ෂුවර් නෑ වගේ නම් මෙතනට ගෙහුං බලපන් මචං....! අද හා එදා සරාගේ වෙනස, ඒකට හේතු තරමක් දුරට මේකේ කියලා තියෙනවා. ඒ වගේම දේශා ඕන තැනදි සරා එකෙන්ම.......



      http://saragelokaya.blogspot.com/2012/11/blog-post_15.html

      Delete
  3. කියලා වැඩක් නෑ. මිනිස්සුන්ගෙ ඔළු හිස් වෙන තරමට අවට ආටෝපෙ වැඩි වීමයි වෙන්නෙ. ඇතුලෙ හිස් කම පිටතින් පුරවන්න ගිහින් රටටම ණය වෙනවා. පත්තරයක් අරන් බලන්නකෝ "මාසයක විවාහයකින් වෙන්වූ" "දිනක විවාහයෙන් වෙන්වූ"(එහෙම වෙන්නෙ කොහොමද කියලා දන්නෑ) අය කොච්චරද කියලා. ඔයින් වැඩි හරියක් රටට පේන්න ලොකු හෝටල් වල ලක්ෂ ගණන් හෝ කෝටි ගණන් වියදම් කරලා කරන දේ.
    මේ ගැන ටිකක් ඉහතදි ලියූ ලිපියක් තාමත් ඩ්‍රාෆ්ට් එකක් විදිහට මගේ බ්ලොග් එකේ තියෙනවා පළ නොකර. ඒකට හේතු වුණේ ඒ දවස් වල බලපු වෙඩින් ඇල්බම් එකක් සහ දැන් වෙඩින් ඇල්බම් එකක් අතර වෙනස. පරණ ඇල්බම් වල උත්සවේට සහභාගි වුණු ඥාතීන්, චාරිත්‍ර හැම දේම බොහොම සරලව සහ තාත්විකව රූපගත වෙලා තියෙනව. ඒවා මහා වියදම් දරලා කළ දේවළුත් නෙවෙයි. සමහර විට කවුරු හරි අඳුනන කෙනෙක් හිතවත් කමට කරල දීපුවා. දැන් ලක්ෂ ගණන් වියදම් කරලා හදන ඇල්බම් වල තියෙන්නෙ මොනවද? මනාල යුවල එක එක ඉරියව් වලට හැරි හැරි ගහක් ගලක් ගානෙ ඡායාරූප ගන්නවා. සමහරු දිය යටත් ගන්නවා. මේ ළඟදි තිබුණා මනාලයා මුත්‍රා කරන ආකාරයට ගත්තු ඡායාරූපයකුත්. කාටද මහත්මයා මේවා කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. //මිනිස්සුන්ගෙ ඔළු හිස් වෙන තරමට අවට ආටෝපෙ වැඩි වීමයි වෙන්නෙ.//

      ඒක තමයි හේතුව. ඔබේ පෝස්‍ටුව පල කරනවා නම් වටින්නේ මහත්මයා. ඒක හැමෝටම වටින්න පුළුවන්.

      //මේ ළඟදි තිබුණා මනාලයා මුත්‍රා කරන ආකාරයට ගත්තු ඡායාරූපයකුත්.//

      වරද කොතැනද කියලා අපි සමාජයෙන් අහමු..?

      Delete
  4. අනිවා තමන්ට ගැළපෙන මිස තමන් කැමති දේවල් කිරීම තුල තිබෙන්නේ පසුතැවිම විතරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ලෝකෙට බොරු පුරාජේරු පෙන්වීමෙන් සිදුවන හානිය ඊටත් වඩා වැඩියි ගයනි..

      Delete
  5. මේකනෙ සරා අයියේ වැඩේ කියන්නේ. මිනිස්සු කරන්න හදන්නෙ තමන්ට පුළුවන් තරමට නෙමේ. රටේ ලෝකේ අනිත් අය කරන විදියට. අනික ණය වෙලා මඟුලක් කන එක නම් මහ පිස්සු වැඩක්. ඒ ණය උන සල්ලි ආයෙම ගෙවන්න එපායෑ. චාම් බව තියාගෙන චාරීත්‍ර වාරීත්‍ර කරන්න පුළුවන්නම්..අඩුම තරමින් වෙඩිමට පස්සෙ හිතේ සැනසීමෙන් වත් ඉන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් පැණි හඳට ගිහිනුත් ණය මතක් කරන්න වෙයි..

    සිරසේ යන " සුබාසිරි " කියන වැඩසටහනේ පෙන්නන වෙඩිමවල් දැක්කම හිතෙනවා මිනිස්සුන්ට මේ හැටි සල්ලි තියෙනවද කියලා..ඔන්න ඕවා බලන අපේ අයටත් ඒ විදියටම මඟුලක් ගන්න හිතෙන එක පුදුමයක් නෙමේ. ඒත් බැරි දේවල් නොකර තම්න්ට උහුලන්ට පුළුවන් ගාණයක් වියදම් කරලා වෙඩිමක් ගත්තම හැමදේටම හොඳයිනේ..

    ReplyDelete
    Replies
    1. බොරු පම්පෝරි කියන්නේ හිස් දෙයක් කියලා තේරුම් කරන්න කවුරුවත් නැති එකනේ වැඩේ ළිහිණි. අනික දැන් හැදෙන එවුන්ට හොඳක් කිව්වම උන් එන්නේ හරහට. ඔය හේතුව නිසාම මම කියන්න යන්නේ නෑ කාටවත්. මොකද ඉතින් අපිටත් මලනේ පොඩ්ඩ ඇත්නම්.. හෙහ් හෙහ් හෙහ්...


      //නැත්තම් ඉතින් පැණි හඳට ගිහිනුත් ණය මතක් කරන්න වෙයි..//

      නංගියෙක් නොවුනනම් මම උඹට උත්තර එවනවා මේකට.. ඒනිසා බේරුනා ඕං

      සිරසේ කරන වැඩ අපිට කරන්න පුළුවන් කමක් නෑ.අනික ඒවයේ පරමාර්ථය කාව හරි ඕවට පොළඹවා ගන්න එකම තමයි.

      Delete
  6. සරා,,, රටට පේන්න මගුල් ගන්න ඕනියි කියන්නෙ (බහුතරය)කාන්තාවෝ නෙව.

    ReplyDelete
    Replies
    1. උතුමානෙණි මගේ දේවිය හැර ගායනා කරනු මැනැවි...!! හෙහ් හෙහ් හෙහ්...

      Delete
  7. සේරම මගේ මගුලට යන්න ඇති වැඩිම ලක්ශ 5ක් ඒකෙන් 2ක් විතර ආයෙ හම්බ උනා, දවස් තුනක් මගුල් කාල, දවස් 9ක් විතර හනිමූන් ගතකරල, සේරම වියදම තමයි කිව්වෙ. උපදෙස් ඕනි අය අමතන්න.. මුල දවස් 2 හෝටල් වල තිබුනා, සේරම 500ක් විතර කට්ටිය, තුන්වෙනි දවසෙ 30 ක් විතර ඒක ගෙදර. කොහොමද වැඩේ????

    ReplyDelete
    Replies
    1. මෙයා නම් හොඳ බිස්නස් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් වගේ.. ඕං උපදේශන සේවයකුත් පටන් ගන්නයි හදන්නේ... අනේ වාසනාවන්

      Delete
  8. මඟුල් කන්න ගිහිල්ලා කොරගන්න විගම් මම හැමදාම වගේ දකිනවා. සමහරු වෙඩින් වල බොන්නයි ලොකුවට සද්දේ දාන්න බෑන්ඩ්එකක් හරි DJ එකයි විතරයි, වෙන මුකුත්ම නෑ. මඟුල ඉවර වුනාම ගෙවන්න ඔනේ පොඩි පොඩි බිල් ගෙවන්නත් සල්ලි නැ.
    මේ ළගකදී මගේ යාලුවෙකුගේ හෝම් කමින් එකකට බොන්න විතරක් 80,000.00ක් විතර වියදම් කරා. මුලු හෝම් කමින් එකටම ලක්ෂ දෙකක් යන්න ඇති. සෙනග 100ක් වත් නෑ බොන මිනිස්සු 50ක් වත් නෑ. වෙඩින් එකට බොන්න දීපු බ්රෑන්ඩ් එකට වඩා හොද බ්රෑන්ඩ් එකක් දෙන්න ඔනෙ උනා.
    ලෝකෙට පේන්න මඟුල් කාලා හොරාට ණය ගෙවනවා...

    ReplyDelete
    Replies
    1. සද්දෙයි දුමයි විතරයි බන්ඩෝ. ඇතුල හිස් මට හිතෙන්නෙම අයියෝ සල්ලි කියලා..

      Delete
  9. සරා අයියා අපේ අම්මගේ බිස්නස් එකටත් කෙලවන්න මේ හදන්නේ... හි හි.... මම නම් නෝ සපෝට් මේවට... ණය වෙලා හරි කරපල්ලා... නැත්තම් අපි කන්නේ බොන්නේ කොහොමද.... හි හි....




    ( එකඟයි ඈ......... හි හි... ඔතන වැඩිපුර තියෙන්නේ බඳින උන් දෙන්නගේ අවුලක් නෙවෙයි මගේ අත්දැකීම හැටියට... අම්මලා තාත්තලා, අහල පහල උන්දැලගේ අවුලක්... එයාලට ලොකු කම් පෙන්නන්න ඕනේ නිසා බඳින උන් දෙන්නට අනුන්ගේ වාත වලටයි කරගහන්න වෙන්නේ.. ඔන්න ඔහොමයි මට පේන විදිය.. කේක් කඩේ හින්දා අත්දැකීමෙන් මේ කියන්නේ... ගොඩක් අය කිව්වට කෙල්ලන්ට තමයි ඉහලින්ම ඕනේ කියලා, කෙල්ලෝ උනත් ලොකු ලොකු තැන් වලට යන්න, ලොකු ලොකු වෙඩින් වලට වඩා ආස, වෙඩිම ලස්සනට පොඩියට කරලා කීයක් හරි අතේ ඉතුරු කරගන්න.. ඒකට ලෙඩ දාන්නේ අම්මලා තාත්තලා, එහෙම නැත්තම් නැන්දම්මලා ( මාමණ්ඩිලට නම් එච්චර ගානක් නෑ ගොඩක් වෙලාවට.. බොන්න තියෙනවං ඇති...) ගොඩක් වෙලාවට... මගේ වෙඩිමේ අත්දැකීමත් එසේමය... හි හි)

    ReplyDelete
    Replies
    1. ඇයි හිරුවෝ චාමෙට කරද්දි ඕවා ඕන නැතුවයෑ. මූලික දේවල් අනිවාර්යයි. මම කියන්නේ පුහු වැඩ හා විකාර ගැන.

      අපිට ලෝකයාට ඕන විදිහට ජීවත් වෙන්න වෙනවා නම් හිරූ මම අකමැතිම දේ ඒක වේවි. කරන්න අකමැතිම හා මෙතෙක් කාලයකට මම නොකරපු දේත් ඕකම තමයි.

      Delete
    2. පිරිමින්ට පුළුවන් උනාට ගෑණුන්ට බෑනේ සරා අයියේ.. නීති, රීති, සම්ප්‍රදායන්... ඕවට නිකම්ම හිර වෙනවා.. කඩං යන්න පුළුවන් අය ගියාට අනිත් අය හිරවෙනවා... හි හි... මං නං දැන් අනිත් හැමෝම කියන විදියට ඉන්නවා මට ඉන්න ඕනේ විදිය ගැන හිතන්නේ නැතුව.. නැත්තම් හැමදාම අඬ අඬ තමා.... හි හි

      Delete
  10. මේක මගුලක් ගැන නෙමෙයි. සරා කියන්නේ මුල ඉදලම කළ යුතු කළමණකාකරනය ගැනයි. ඒ ගැන විවාදයක් නෑ ඒ උනත් උඹ පොඩ්ඩක් ඔළුව චෙක් කරගත්ත නං හොදා මොකද උඹේ මොලේ ඔය උඹ කියන මෝඩ කමවත් වැදිච්ච කමක් වත් නැතෙයි කියල හිතාගන්න.. ඒ කෑල්ල නොදා හිටියනං හොදා... එතකොට උඹ කියන දේ නිකං දියාරු වෙලා යනව නෙව... වැදගත් අදහසක් ඕං මමත් මේක ෂෙයාර් කරල දානව..

    ReplyDelete
    Replies
    1. නෑ දේශා මම මුලින්ම කිවුවේ මගුල් ගැන තමයි. කලමනාකරණය දෙවනුව. මචං මෙහෙම කතා කියන කොට හුඟ දෙනෙක් අහගෙන ඉන්නවා. යන ගමන් තමයි කියන්නේ අරූට පිස්සු විකාර කියවනවා කියලා. ආං ඒ කතාව තමයි මම මේ වහෙන් ඔරෝ කිවුවේ.

      Delete
  11. ඇත්ත සරා, වටේටම ණය වෙලා වෙඩින් කරගෙන කොහොම හරි ඒ ණය ගොඩදාගන්න අය වගේම ඒ වෙඩිම හින්ද තමන්ගෙ බිස්නස් එක, විවාහ ජීවිතය වගේ ඔක්කොම නැතිකරගන්න අය මමත් දැකල තියෙනව.
    තමන්ගෙ අතේ තියෙනවනං වියදං කරාට කමක් නැති උනත් ඒ දේවල් බලා ඉඳල අරූට පුලුවංනං මට බැරි මොකද කියල හිතල තමංගෙ සියලුදේම නැතිකරගෙන වෙඩිං ගත්තට පස්සෙ අන්තිමට වෙන්නෙ මගුල මල මගුලක් වෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත යුත්තේ ප්‍රසා අපි හැමෝගෙම ආර්ථිකේ එක වගේ නෑ කියන එක හා මේ දේවල් අපිට ගැලපෙනවද කියන එක තමයි. අනික අපි හිතුවොත් මේ කරන්නේ මෙවන් වැදගත් අවස්ථාවකදී කල යුතු දේවල්ද කියලා හොඳින්ම වටහා ගත හැකියි ඒබව. ලොකුවට වියදම් දරලා රටටම විහිළුවක් වෙන්නේ ඇයි....?

      Delete
  12. අල්ලපු ගෙදර මනුස්සයා කරන විදිහට කරන්න යන එක අද විතරක් වෙච්ච දෙයක් නෙවි..කතාවට කියන්නෙත් ලෝකෙට පේන්න මඟුල් කන්න ඕන කියලනේ!!!

    මාතෘකාව නම් ටිකක් අවුල් වගේ සරා.මීට පස්සෙ මාතෘකාව පෝස්ටුවට ගැලපෙන විදිහට ලියන්න පුළුවන් නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි රූනෝනේ. මේවා දැක්කම ඔයාලා මෙහෙම අදහස් දක්වලා ගියාට සාරාගේ අම්ම අප්පා මතක් කරන අයත් නැතුවයෑ. ආං ඒ අය ගැන හිතලයි හෙඩිම ඔහොම යෙදුවේ...

      Delete
  13. රටට පේන්න මගුල් කාලා මොකටද අප්පා...තමන්ට පුළු පුළුවන් විදියට ලස්සනට වැඩේ කර ගත්තනම් ඒ හොදටෝම ඇති..... හිතේ කරදරයක් නැතුව එතකොට ඉස්සරහට සතුටින් හිටියහැකි....

    ReplyDelete
    Replies
    1. හොඳ සිතිවිල්ලක්. මේං මේ වගේ අය අනිත් අයට ආදර්ශයක් වේවි.

      සමනළියා අපිටත් ආරාධනා කොරාවිද දන්නේ නෑ කවදා හරි එහෙම එකකට....

      Delete
  14. මගෙත් ඔය ආටෝප වැඩ නැහැ නෙව ..
    කරන්න ඕනේ දේ කරා ..එච්චරයි..

    ReplyDelete
    Replies
    1. නම සයිලන්ට් උනාට අපේ වැඩ කෙලින්.. නැද්ද යාළුවා

      Delete
  15. පැනලා............යාන්......

    12-12-13
    මට මක්කා වෙයිද ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම......

      අඩේ මූ මොනා හරි නොකියා කියනවා. තේරෙන්න කියාපියකෝ... ඔනෑ එකක් මම එතකොට ලංකාවේ නෙව.

      Delete
  16. මතක නැද්ද මේ ලඟ්දි දවසක් හනිමූන් එකට අහසෙන් යන්න ඕන උන එක්කෙනෙක් මනුස්සයෙක් මරල සල්ලි ගත්ත.....

    ඒත් අන්තිමේ මොකද උනේ....

    ඇත්තටම මේ මිනිස්සුන්ගෙ හිත් වල තියෙන බොරු ආටෝප නිසා තමයි ඕක වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අඩේ මේවා කියවද්දි මට හිතෙන්නේ මෙහෙ එන උන්ටම විශේෂයෙන් හැදෙන අසනීපයක්ද මේක කියලා. මේ ළමයින්ටත් මේවා හොඳින් තේරෙනවානේ. එහෙනම් කවුද මේවට වග කියන්නේ.........?

      Delete
    2. මම කිව්වේ සරා අයියේ.. අම්මලා තාත්තලා, නෑයෝ, වටේ පිටේ ඉන්න අය තමයි වගකියන්න ඕනේ.. හි හි ( මගුල් හැමදාම දකින නිසා දන්නවා බඳින උන් දෙන්නට මව් පිට දෙපාර්ශවයෙන් එක පීඩනය කොච්චරක්ද කියලා.. 80%ක්ම එන අය කියන්නේ “ මේ අපේ අම්මලනේ පොඩියට ගන්නවට කැමති නැත්තේ ..“ කියලා..

      Delete
  17. සහතික ඇත්ත කතාව.හරියට පිළිවෙලක් වෙන්න කලින් පෙලවහක් කරගන්නවා අන්තිමට ගෑනිත් පිට යන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අඩේ දැන් දැ මූට පොඩි එකා කියන්න බැරි තත්වයක් උද්ගත වෙන බවක් නේ මට පේන්නේ. පේනවා නේද කියලා තියෙන කතාව... හෙහ් හෙහ්... අනේ බොල....

      Delete
  18. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නෙ අපේ ක්‍රමයක් තමයි. ඒකත් අපේ කමේ කොටසක් ආයිබොවං.

    දැං ඔය... එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සේර් ආයෙත් වතාවක් පාට මාරු කරලා මේං....

      හැබෑව හැබෑව.. කාට කියන්නද ආයිබොවං මේවා..

      ඔයාට කියන්න අයියන්ඩි....... ඒකත් ඕන නෑ එහෙනං

      Delete
  19. මිනිස්සු වියදම් කරන්නේ ජීවිතේම එක දවසෙන් ඉවරයි වගේ. ටී වී චැනල් කාරයෝ නම් ඔය අමුතු අමුතු වැඩ බෝ කරන්නේ බිස්නස් එකට නෙව..

    ReplyDelete
    Replies
    1. උඹ හරි යාළුවා. අනික ඔහොම කරන අයට හෙටක් නෑ තමයි.

      Delete
  20. නියම අදහසක් අය්යා.

    ReplyDelete
  21. දන් බලපුවම මෙතන එකෙක්වත් නෑනේ සරා ඔය විදිහට මගුලක් ගත්ත.. ඔක්කොම චාමෙට ගත්තු උන්ද මංදා ඉන්නෙ.. :D

    මමනම් ණය වෙලා මගුලක් ගත්තා බන්.. මටනම් ඕනා වුනේ චාමෙට ගන්න, ඒත් මායියට කරු කුරු ගෑවනෙ ජීවිතේටම එක පාරයි, අරවයි මේවයි කියලා.. ඉතින් හැමෝම කරන බොරු සෝබන ඔක්කොම අපිත් කළා.. බර ගානක් වියදම කරලා ඇල්බම් හැදුවා.. ආන් දැන් ඒවා ඇඳ යට...මෙලෝ යකෙක් බලන්නෙත් නෑ... ටිකක් හරි වටින්නෙ ලොකු ෆොටෝ එක විතරයි..

    ReplyDelete
  22. ඒත් මේ කතාවෙන් උඹේ අව්‍යාජත්වය මොනවට පැහැදිලි වෙනවා සෙන්නා. ඒවගේම මටත් අවංකවම මේ ලිපිය ලියන්න පුළුවංකම තිබුනා.

    ReplyDelete
  23. සහතික ඇත්ත අනේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හිකිස්...........

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....