Thursday, March 14, 2013

සිඟිති පොල (උදම්සගෙ විත්ති)



මේ ඊයේ පෙරේදා දොහක ඔය වටද්දර කියන හරියේ සිඟිති පොලක් පැවත්වුවා කියලා ආරංචියක් සරාට ලැබුනා. රේඩියන්ට් පෙර පාසැලේ සිඟිති බක්මහ උලෙලට ආධාර පිණිස ළුනේ ඕක පැවැත්වුවා කියන්නේ. තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට තමන් විසින්ම උපයා සපයා ගැනීමේ වටිනාකම පුංචි ඈයොන්ට උගන්නන මහන්සි ගන්න කට්ටිය තමයිමේ.

ඕං ඉතින් පැංචො පැංචියෝ මෙයාලා හඳුන්වන ආකාරයත් එයාලගේ හැබෑ නම් එක්කම ඔයාලට මම කියනවා . පිලිවෙලින් වමේ සිට පොඩි ටීචර්- අශ්‍රී උවේන්. සුදු ටීචර්- චාරිකා. ලොකු ටීචර් - අසෝකා. මෙයාලා තමයි රේඩියන්ට් පෙර පාසැලේ දරු දැරියන්ට සිප්සතර දෙන්නේ.
       
අපි බලමුද පොඩ්ඩක් පොලේ වගතුගත්.           


ඔය තියෙන්නේ, සේරම ගමේ ගොඩේ එලවළු පළතුරු. කිසිම රසායන ද්‍රව්‍යයක් අඩංගු නැති පොලොස් ගැට කෙසෙල්මුව, පළාවර්ග, සුපර් මාර්කට් වල මාස ගනන් තැම්බි තැම්බි තියෙන ඒවා වගේද බලන්නකෝ මේවා.         



 හහ්...! ඇයි ඒවා වගේද මේවා බලන්නකෝ..! එළවළු පළතුරු විතරක් නෙමේ රස කැවිලිත් තියෙනවානේ. මොනවද මේ.. හැලප. වාව් වඩේත් තියෙනවා.ෂහ්... කටට කෙලත් උනනවා දැක්කම...!     


අප්පද බොල..... මේ හැලප මුදලාලි නම් ටිකක් ලැජ්ජාකාරියක් වගේ.හපොයි ඔහොම ඉඳලා නම් බඩු විකුනන්න බෑ. පොඩි හිනාවක් එහෙම දාලා තමයි පාරිභෝගිකයෝ අල්ලගන්න ඕන. අනික් මුදලාලිව ටිකක් දැකලා පුරුදුයි වගේ නේද....? මිල ගනනුත් පේන එකේ බලමුද මෙයාලා විකුනණ දේවල් වල මිල ගනන් කොහොමද කියලා. පොල් රුපියල් 25/=, පොල්කොල වලින් වියාපු වට්ටියක් රු:35/=, වඩයක් රු:8/=, එතකොට හැලප...? ඒවනම් එකක් රු:20/= තව ගස්ලබුත් තියෙනවා. මේවා ගහේම ඉදිලා අතින් කඩාපු ඒවා. කාබයිට් ගහලා නෑ. නැවුම් එළවළු පළතුරු පොඩි අය වගේම නැවුම්.

ඔය ඉන්නේ ඒ පුංචි මුදලාලි. තාත්තගෙයි අම්මගෙයි හීන කන්දේ අයිතිකාරි. අම්මා රෑ දවල් දෙකේම ඇස් මානෙන් ඈතට නොයවන, ලඟ නැතත් තාත්තගේ හිත ලඟ ඉන්න පුංචි උදම්සා.

ඔන්න ඉතින් ඉස්කෝලේයාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා .


නැන්දලා මාමලාට කියන්නත් අමතක වුනා එයාව මේ ඊයේ පෙරේදා අපි දහම් පාසැලුත් යවන්න පටන් ගත්තා. පුංචි දවස් වල ඉඳම්ම බණ දහම් ඉගෙන ගන්නත් එපායෑ නේද..

ගෙහුං එඤ්ඤං.....!!


 මෙයා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න ගත් කෙනෙක්. පුංචි අතදීමක් විදිහට හිතලා ඒ පැත්තේ ගෙහුං මොනා හරි කියලා එනවා නම් වටිනවා. 
http://senehasakata-aruthak.blogspot.com/

47 comments:

  1. සරාගේ ලෝකය'' සුභ අනාගතයක් දරුවට..!!!
    සරා ඔය අබුඩාබි වැඩ කරාද 2003-2006 අතර?

    ReplyDelete
    Replies
    1. නෑ මිත්‍රයා. මම 2007 සිංගප්පූරුවේ නම් හිටියා. මැද පෙරදිග රටකට ආව පළමු හා අන්තිම වතාව මේ. හැක්...

      Delete
  2. දහම් පාසල් යවන එක නම් හොදා..

    ඔය බුකියේ ජාතිය ආගම වෙනුවෙන් කෑ ගහන බහුතරයක් දහම් පාසල් ගිහින් නැතුවත් ඇති.

    ජය !

    ReplyDelete
    Replies
    1. හිකිස් මටත් ඕකම හිතුනා
      ජය...!

      Delete
  3. පුංචි ලමයින්ෙග ෙලා්ෙක හරිම ලස්සනයි.අාෙයත් ෙනාලැෙබන ඒ කාෙලට හිත දිවිව ෙමි ෙපා්ස්ටි ඒක දැකල. ඒ වෙග්ම මට උදවි කලාට ෙගාඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනම් අපේ අළුත් මිතුරියව පිළිගත්තා මාත් ආයුබොහෝවන් කියලා. දන්නවද මම දැක්කා ඔයාලගේ අහ අපේ යාළුවොත් ගොඩක් ගෙහුන් ඉන්නවා.

      Delete
  4. ලස්සනයි, පොඩි උංගෙ ලෝකය වගේම ෆොටෝ ටිකත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා... ජයවේවා...!

      Delete
  5. හොදා සරෝ.. දහම් පාසල් යන්නම ඕන.. අපි යන්නංකෝ ඒ පැත්තේ...

    ReplyDelete
  6. දැන් උඹ ආපහු ඇවිත්ද ඉන්නේ ලංකාවට?

    උදම්සා දූගෙ පින්තූරෙ දැකපු මගේ පුතත් කිව්වා මේ අපි දන්න ළමයෙක් නේද කියලා. මම මුලදි නෑ කියලා කිව්වත් පස්සෙ කතාව කියවලා ඉවරවුනාට පස්සෙ මම කිව්වා. ඔව් ඔව් ඔයා හරි කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ අයියන්ඩි මම ආවනම් ඔයාලට නොකියා ඉන්නවද....? ස්තුතියි ඔබටත් ඒවගේම පුතාටත්... උදම්සත් අද මට කිවුවා තාත්තගේ යාළු මාමලා නැන්දලා සේරටම ස්තුතියි කියල කියන්න කියලා.

      Delete
  7. හොඳම වට්ටි අම්මා කෙනෙක් වගේ... හි හි... නංගි බබාට කියන්න මෙහෙම කිව්වා කියලා ( දැක්ක දවසක මට ගහන්න එළවයිද දන් නෑ නේ.. හි හි)

    අප්පා අපිත් කළා නොවැ ඕවා.. මතක් වෙනකොටත් හිනා.. හි හි...

    දහම් පාසල් යවන එක හොඳයි.. 5 වසරට විතර යනකොට ඒවා කරන්න වෙලාව මදි වෙන නිසා පොඩි කාලේ හරි යවන එක තමයි කරන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. Apoi ow. Kathakaranna gaththoth kawru hari ekka berenna hamba wenne na kathawamai. E nisa bus eke hari trin eke hari yanakota kattiya katha nokarana tharamata mama kamathi. Etha koheda meya karana ewa dakala kattiya nikanma katha karanawa.

      Delete
    2. නංගි බබාMarch 15, 2013 at 8:22 AM

      අපොයි ඔව්. කතාකරන්න ගත්තොත් කවුරු හරි එක්ක බේරෙන්න හම්බ වෙන්නෙ නෑ කතාවමයි. ඒ නිසා බස් එකේ හරි ට්‍රේන් එකේ හරි යනකොට කට්ටිය කතා නොකරන තරමට මම කැමතියි. ඒත් කොහෙද මෙයා කරන ඒව දැකල කට්ටිය නිකන්ම කතා කරනව

      Delete
    3. හි හි.. එහෙනං මගේ ජාතියෙම තමයි.... මං පොඩි කාලේ අපේ අම්මා මාව බස් එකේ අරන් යන්නේ එයාගේ නෙවෙයි වගේලු... ඒ තරම් දැඟලනවලු... කට්ටිය එක්ක ෆිට් වෙනවලු.... හි හි..

      Delete
    4. //ඒ තරම් දැඟලනවලු..//

      හෙහ්... දැන් කියලා වෙනසක් තියෙන එකක් යෑ

      Delete
  8. Anith lamai ammai thaththai dennama ekka awith eyalage laga dawati dawati inna kota mata godak duka hithuna. E welawe oyath hitiya nam ape patikkith thaththe kiya kiya duwa duwa idine kiyala. Dannawada eyawath mamawath balaporoththu nowna welawaka eyage loku ammai mahappai ethanata awa. E welawe patikki duwala gihin ape loku ammai mahappai enawa kiyagena mahappage athata panna. Mahappa doniwa harahata wadagena watayak karakuna. Hamoma e diha balagena. Patikkita harima sathutui. E welawe babage thibuna sathuta mata wachana walin kiyanna therenne na.

    Motisori yanna wagema meya daham pasal yannath godak asai. Teacharlath meyalata godak adare nisa asawen yanawa wagema dena wadath asawen karanawa. Thamangema daruwo bala gannawa wage teacherla godak adaren godak kapaweemen meyalawa bala gannawa.

    ReplyDelete
    Replies
    1. නංගි බබාMarch 15, 2013 at 8:18 AM

      අනිත් ළමයි අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඇවිත් එයාලගෙ ලඟ දැවටි දැවටි ඉන්න කොට මට ගොඩක් දුක හිතුන. ඒ වෙලවෙ ඔයත් හිටිය නම් අපේ පැටික්කිත් තාත්තෙ කිය කිය දුව දුව ඉදීනෙ කියල. දන්නවද එයාවත් මමවත් බලාපොරොත්තු නොවුන වෙලවක එයාගෙ ලොකු අම්මයි මහප්පයි එතනට ආව. ඒ වෙලාවෙ පැටික්කි දුවල ගිහින් අපේ ලොකු අම්මයි මහප්පයි එනව කියගෙන මහප්පගෙ අතට පැන්න. මහප්ප දෝනිව හරහට වඩාගෙන වටයක් කැරකුනා. හැමෝම ඒ දිහා බලාගෙන. පැටික්කිට හරිම සතු‍ටුයි. ඒ වෙලවෙ බබාගෙ තිබුන සතුට මට වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ.

      මොන්ටිසෝරි යන්න වගෙම මෙයා දහම් පාසල් යන්නත් ගොඩක් ආසයි. ටීචර්ලත් මෙයාලට ගොඩක් ආදරේ නිසා ආසාවෙන් යනව වගෙම දෙන වැඩත් ආසාවෙන් කරනවා. තමන්ගෙම දරුවෝ බලා ගන්නවා වගේ ටීචර්ලා ගොඩක් ආදරෙන් ගොඩක් කැපවීමෙන් මෙයාලව බලා ගන්නව.
      ReplyDelete

      Delete
  9. අහ්හ්... මේ තියෙන්නේ නියම පොලක්.... මටත් මතක් වුනා ඉස්සර පොඩි දවස් වල අපිත් ඔහොම පොළවල් තිබ්බනේ.... චුටි දෝණි නියමයිනේ..... අර ඉන්නේ යස අපුරුවට වෙළෙන්දියක් වගේම.....

    දහම් පාසල් යවන එක නම් හොදයි.... පොත පත දැනුම වගේම ආගමික පැත්තටත් දරුවෙක්ව හුරු කරන එක හොදයි. ඕවා තමා අන්තිමට ඉතිරි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්.... නැන්දත් එහෙනම් වට්ටි අම්මා වෙලා ඉන්න ඇති නේද...? ස්තුතියි සමනළී

      Delete
  10. හැලප 'මුදලාලිච්චි'ගෙ සිරියාවන්ත හිනාව දැක්කම හලපයක් වගේ ගිලින්න හිතෙනවා.

    රටට වැඩදායක දරුවෙක් වෙයන් දුවේ. මීට, විචාරක සීයා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්මයා... ඔබටත්...!

      උදම්සත් අද මට කිවුවා තාත්තගේ යාළු මාමලා නැන්දලා සේරටම ස්තුතියි කියල කියන්න කියලා

      Delete
  11. හනේ.... හුරතල් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සජා මාමටත් සාජ සම්පත්ම ලැබෙන්න ඕන.....!

      Delete
  12. මේ ව්ට්ටි අම්මව මට නම් දකින්න පුළුවන්ලු..ලඟදීම.. පේනවද ඉන්න අපූරුව. අර හැලප ටික දැකලා කටට කෙලත් ඉනුවා..හි හි හී

    (ආ සරා අයියේ, නංගි බබා සිංහලෙන් ටයිප් කරන්න උගන්නපන්කො. සින්ලිෂ් කියවන්න කම්මැලියි බන්..:)

    http://senehasakata-aruthak.blogspot.com/

    මේ නංගා ටික වෙලාවකට කලින් මා එක්ක කතා කලා. ෆලෝව ගැජට් එකක් හයි කරන්න කියලා දුන්න නිසා ඒක කලා. ඒ නංගගේ බ්ලොගයේ ෆලෝව කෙනෙක් වෙලා අදහස් දක්වන්න අපේ යාළු කැමති ඇති කියලා මම හිතනවා

    ReplyDelete
    Replies
    1. සරා ආවම දෙන්නම්කෝ හැලප නැවකට....! ස්තුතියි ළිහිණියෝ...

      Delete
  13. චූටි උදම්සාට සුභ අනාගතයක්... ලගදීම දවසක අම්මි තාත්ති දෙන්න එක්කම හුරතල් වෙන්න පුලුවන්නේ..

    ReplyDelete
    Replies
    1. උදම්සා වෙනුවෙන් ඔයාටත් ස්තුතියි නදිනි.

      Delete
  14. අනේ.. පුංචි මුදලාලි..යස හිනාව. පුංචි දුවගේ අනාගතයට සුබ පතනවා..!

    අපිටත් තිබුනා සරා ඉස්කෝලේ තුන හතර වගේ පංතියක දී පොලක්. මට ඒක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. චන්දන මාමටත් ස්තුතියි හොඳේ...!

      Delete
  15. අපූරු මුදලාලි පොඩ්ඩ..!:)))

    ReplyDelete
  16. හිත නිවන ලිපියක්... පොඩි එව්වො දකිද්දිත් හිතට සැනසීමයි බන්..

    පුංචි මුදලාලි නෝනා හරි සීදේවි පාටයි..

    පුංචි මුදලාලිට සුබ අනාගතයක් !!

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්... උඹටත් ඉන්නවා නේ බට්ටෙක්... ! ස්තුතියි සෙන්නා...

      Delete
  17. කෙලි පොඩ්ඩ දිහා දැක්කම කියන්න තියෙන්නෙ නායකත්ව ලක්ෂණ තියෙන බවයි. දැන් ඉතින් තුහ් තුහ් තුහ් ගාලා තුන් පාරක් බිමට කෙල ගහන්නකෝ! :D
    මේ පොළ සංකල්පෙ දැන් හැම පෙර පාසැලකම පාහේ තියෙනවා නේද? මාත් හරිම ආසයි. දරුවන්ට ගොඩක් හොඳ සංකල්ප ගොඩක් ඉගෙන ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපට ඔබව තේරුම් ගත හැකියි මහත්මයා. හිතේ කහටක් නෑ අපේ ඔබ වැනි අය ගැන. දරුසෙනෙහස හඳුනන ඔබ වැනි අයව වටිනවා අපට රටට. ස්තුතියි ඔබට....!

      Delete
  18. පුංචි දෝණිට සුබ අනාගතයක් සරා...වටද්දර කිව්වේ වේයන්ගොඩ වටද්දර ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මිත්‍රයා. ඔව් වේයන්ගොඩ වටද්දර තමයි. අපි ඒ ලඟමයි පදිංචිය..

      Delete
    2. මං කාලයක් හිටියේ නයිවල පැළවගාවේ..

      Delete
  19. අඩේ මාත් ඔහොම පොලක ඉදලා තියනවා

    ReplyDelete
    Replies
    1. අඩේ පරණ මුදලාලි කෙනෙක් එතකොට අපේ තරුවත්...!

      Delete
  20. Replies
    1. ගොඩක් ස්තුතියි ගයනි....

      Delete
  21. දෝණි ගොඩක් ලොකු වෙලානේ..හරිම ආදරේ හිතුනා..සුභ පැතුම් පුංචි පවුලට.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....ගොඩක් පුංචි පවුල.............. මගේ හීනේ තිබුන විදිහටම... ඔවු රූනෝනේ ඔය ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නේ මම එනකොට හිටි කෙනා දැන් උස ගෙහුං....! කොහොමත් ගෑණු ළමයි ඉක්මනට ලොකු මහත් වෙනවළුනේ.... ඔයාට ගොඩක් ස්තුතියි රූ

      Delete
  22. අර කියාපු පැත්තේ ගිහිල්ලා එන්නං

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....