Tuesday, March 12, 2013

කොපි කරනවද... ? දෙන්නම් ජම්බු....!!!

       


    ඕං මම මුලින්ම කියනවා මේක ලියන්නේ කිසියම් ජන කොට්ඨාශයකට අපහාසයක් කරන අරමුණින් නම් නෙමේ. මුදල් ඉපයීමේ අරමුණින් කුප්ප වැඩ හා කපටිකම් කරන අනෙක් අයව රවටන්නට උත්සාහ කරන ඇතැම් මිනිසුන්ව උපහාසයට ලක් කිරීම තමයි මගේ අරමුණ. ඒවගේම මේ සිද්ධිය කතාවකට හරවලා ඔයාලට කියන්න අදහසක් එන විදිහේ කොමෙන්‍ටු දමාපු "සමනළී නගාටත් ප්‍රසන්න මිතුරාටත්" ස්තුතියි කියනවා ඕං මුලින්ම. 

සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ කොම්පියුටර් හෝදලා මට වෙච්ච රසබර සිදුවීමක් ඔබ හමුවේ තබන්නටයි. අපි ඉක්කෝලේ යන සංදියේ උදේ ‍රැස්වීමෙදි කතා පවත්වන්නේ ඔහොමයි. ඒක මතක්වුනා මට..... හැක්... එහෙනම් ඕං ඈ..................................................  

      සරා ඕනම දෙයක් නැවුම්ව තියාගන්න මනාප හාදයා. මේ "කොමා"වත් ගෙදරට ගෙනා දවසේ ඉඳන්ම සුද්ද පවිත්තර නොකලෙත් ඒක නිසා කියලා නොවැ ඌ කියන්නේ. ඒ උනාට ඉතින් ඕක දූවිලි වැදිලා බොහොම කැත වෙලා තිබුනේ. ඒක නිසා ලාස්ට් වීකෙන්ඩ් එකේ නෙමේ ගිය සති අන්තයේ මම කොමා පුවක් කෑලි වගේ චූටි කෑලිවලට ගලවලා කෑල්ලෙන් කෑල්ල කෑල්ලෙන් කෑල්ල සුද්ද කොරලා හයි කෙරුවා. කීබෝර්ඩ් දෙකක් පාවිච්චි කො‍රැව්ව නිසාත් ඔය දෙක ගාර්බේජ් එක වගේ තිබුන නිසාත් ලික්විඩ්සෝප් එකකුයි බ්‍රෂ් එකකුයි ඇන්න ටිකක් සෙනග වැඩි වෙලාවක් බලලා ගියා වොෂින් ඒරියා එකට. ඊට පස්සේ හොඳට සබන් දදා හේදුවා කීබෝර්ඩ් දෙක. කට්ටිය ඔ‍ටුවෝ වගේ බෙල්ල දික්කර කර බලද්දී මම "නොදු‍ටු නියායෙන්"පෙන දාන්න අතුල්ල අතුල්ල හේදුවා. මගේ හිතවතුන් කිහිප දෙනෙකුත් ඇවිත්... 

ආ සරා මොකද කරන්නේ...? 
කොම්පියුටරේ ගෙනාවටම පස්සේ හෙදුවේ නෑ බං, මම මේ හෝදලා දැම්මා හෙට අනිද්දා ලංකාවට පටවන්නත් ඕනනේ ඒනිසා....! 

කියලා වම් ඇහත් වහලා පොඩි ඉඟියකුත් කලා. අරුන් කට කනගාවට අරගෙන ගියේ යමක් තේරුන නිසාද කිසි දෙයක් නොතේරුන නිසාද කියලා නම් මම තවම දන්නේ නෑ. මට කොයින්ද අප්පා ඕවා හිතන්න තරම් වෙලාවක්. කොමා හයි කොර ගන්නත් එපායෑ. කොහොමින් හරි හවස් වෙනකොට වැඩේනම් ගොඩ, වින්ඩෝස් දාලා ස්කයිප් හයිකොරාගෙන හිටියා කලින්ම. හත්තිලවුවයි නැතිනම් ආන්ඩු පක්ෂෙන් කේස් නෙව. අභ්‍යන්තර ගැටළු.. !!

                                  ********************  

           සෙනසුරාදා මම පුරුදු පරිදි වැඩට ගියා. හවස ඇවිත් මායියත් එක්ක ස්කයිප් දොඩ දොඩා ඉද්දි එකෙක් මාව මුණ ගැහෙන්න ආවා. බිසීද අහලා යන්න ගියා, තව ටිකකින් තව එකෙක් ආවා පස්සේ එන්නම් කියලා පොරත් ගියා. ඊට පස්සෙත් දෙතුන් විඩක්ම කාමරේට එබුනට ස්කයිප් කතාව ඉවර වෙනකම් මම නෙමේ ඇයි කියලාවත් ඇහුවේ. වරදක් හිතන්න ඕන නෑ ඔයාලා මා ගැන දේසේ හැටියට බාසේ කියලා කතාවක් අහලා ඇතිනේ ඔයාලා මේ ඒ තියරිය හොඳේ. අන්තිමේ අර කලින් ආපු හාදයා ආවම මම ඇහුවා මොකද ප්‍රශ්නේ කියලා. 

මහත්තයෝ මගේ කීබෝර්ඩ් එක වැඩ කරන්නේ නෑනේ...! 

මුගේ අම්...... වෙන වෙලාවට මූණට මුලිච්චි උනහමත් අහක බලන් යන එකා දැන් මට මහත්තයාලු.... 

හරි එහෙනම් ගේන්නකෝ බලන්න...! 

ඔහු එය ‍රැගෙන ආවේය. මගේ මැසින් එකට එය සම්බන්ධ කලවිට එයද "බුල" ගහන්නට පටන්ගත්තේය. 

මොකද වුනේ....? 
මොකුත් නෑ මහත්තයෝ, මම දවල් ඕක හේදුවා විතරයි....! 
අම්මපා....... ඇයි හේදුවේ....?  
 නිකන් ඉතින්.... ඇයි මහත්තයත් එදා හේදුවේ.....! 
මේක හරි වැඩක් නේ, ඇයි යකෝ මම හේදුවා කියලා තමුසෙත් හෝදන්න ඕනද...? 
පොඩ්ඩක් ඉන්නවා බලන්න....! 

පසුපස ඇණ ටික ගලවා මම කීබෝර්ඩ් එක මස් කලෙමි. හුටා.... දෙන්නෙකුට නාන්න වතුර ඒක ඇතුලේ. 

ඇයි මනුස්සයෝ ඉලෙක්ට්‍රොනික් බඩු මෙහෙමත් හෝදනවද. බලනවා මම නාලා ඉතුරුත් වෙන තරම් වතුර තියෙනවානේ මේක ඇතුලේ.  මම කියන්නම් වැඩක්, ඕක ඔහොමම අරන් ගෙහුං රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරනවා. ඊට පස්සේ වතුර ගතිය නැති ස්ප්‍රේ එකක් තියේනම් ඒකක් ගහනවා. එහෙම නැත්නම් මේ බ්ලෝවර් අරන් ගිහින් මේක හොඳට අල්ලනවා. එතකොට ඔය අං කොං වල තියෙන වතුර සේරම යයි. අවුලක් නෑඊට පස්සේ බඩ්ඩ වැඩ කරයි....හික් හික් හික්....!!!!!  

ඊට පස්සේ ඉතින් මගේ අසරණ බත් ගෙඩිය රත් කොරාගෙන කොටාබාන්ටය කියලා සූජානන් වෙනකොටම මෙන්න තව කව්ද දොරට තඩි බානවා. 
තාල්... 
මම ඇඳේ ඉඳන්ම බෙරිහන් දුන්නේ එච්චර සතුටකින් නෙමේ. විවෘතවූ දොර තුලින් ඇතුලට එබුනේ හිසක් පමණි. 
යේස්....? 
අයියේ මගේ මැසිමේ මොකක්ද ලෙඩක් තියෙනවා පොඩ්ඩක් බලමුද......? 
හැබෑට... දවල් ඕක හේදුවද....? 
මැසින් එක නෙමේ කීබෝර්ඩ් එකනම් හේදුවා... ඒත් ඔයා කොහොමද දන්නේ.....? 
අනේ මම දන්නේ නෑ, ඒත් මට හිතුනා. තව එකෙක් කලින් ආවානේ ඒක නිසා. ආං මම අහවලාට බ්ලෝවරේ දීලා යැව්වා, කොරන්න ඕන හරිය ඌ දන්නවා. එහෙම කරහම මැසිම වැඩ කරයි....! 
හරි අයියේ බොහොම ස්තුතියි....! 
හෝව්... පොඩ්ඩක් ඉන්නවා. මම තවම කියලා ඉවර නෑනේ. 
මොකක්ද අයියේ...? 
හලෝ මේ කවුරුවත් කරනවා දැකපු පලියට ඔහොම වැඩ කොරන්න යන්න එපා. ඒවට ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය ඉගෙන ගෙන කරනවා. එහෙම නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගන්නවා. හරියට දැන ගෙන කරහම ඔහොම අවුල් ඇතිවෙන්නේ නෑ තේරුනාද...? 
ඔව් අයියේ බොහොම ස්තුතියි, යන්නම්...! 
හා... මතක ඇතුව අර හාදයටත් කියනවා ඔය ටික. කලින් මට කියන්න මතක නැතිවුනා......!! 

මාත්ෂා අල්ලාහ්.........  
මේ තම්බින්ගේ මොලේ තමයි මොලේ.....!!!  



ප/ලි     
මෙතන කොටපු ප/ලි ය මම අහක් කෙරුවා අප්පා. ඒක පොස්‍ටුවටත් වඩා දිගයි නෙව.. පස්සේ දොහක පෝස්‍ටුවක් විදිහටම දාඤ්ඤං...!!! හත්තිලවුවයි එහෙම කොලාම හෙඩිමට අනුව ටියුබ් ලයිට්.. ඕං ආයෙත් ඇමිනුවා. 
    
           හැබෑවටම මම මෙහෙම කීබෝර්ඩ් හේදුවේ හිතා මතා මිනිස්සුන්ව අමාරුවේ දාන එක මගේ පුරුද්දක් වත් විනෝදාංශයක් නිසාවත් නෙමේ. ඒත් මම දැනන් හිටියා මේ කෑම්ප් එකේ මාව කොපි කරලා අසාධාරන විදිහට මුදල් උපයන කට්ට කපටි තම්බියෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ හාදයෝ මම කරන වැඩ ගැන බොහොම අවධානයෙන් ඉන්නේ කියලත් මම දැනන් හිටියා. අන්න ඒ අයට දීපු පුංචි ටොපියක් විතරයි මේ. ඔයාලට හිතෙනවද මේ වැඩේ වැරදියි කියලා. මට අනුව නම් නෑ. හරි කමක් නෑ වැරදියි කියලා හිතන අය මේ ටිකත් කියවන්නකෝ. අර මුලින් ආවා කියපු හාදයා දවසක් "ලැපත්" උස්සන් මගේ කාමරේට ආවා "ෆොමැට්" කොරලා දෙන්න කියාගෙන. 

දැන්නම් මම බිසී යාළුවා... ඔයා තියලා ගියොත් පස්සේ කරලා දෙන්නම්...!

මටත් ආසයි වැඩේ ඉගෙන ගන්න. බැරිද කියලා දෙන්න. ....! 

කවුරු උනත් යමක් ඉගෙන ගන්න කැමැත්තෙන්නේ කියලා මම කරමින් හිටිය වැඩෙත් දාලා පොරගේ වැඩේ කරලා දුන්නා. ඒගමන් කියලත් දුන්නා. පොරට කොච්චර ප්‍රමාණයක් පත්තියන් උනාද කියලා නම් මම දැනන් උන්නේ නෑ. හැබැයි ඊට ටික දොහකට පස්සේ මේ හාදයා ඇවිත් මගෙන් වින්ඩෝස්7 ඉල්ලුවහම මමත් දුන්නා. දවස් දෙකකට විතර පස්සේ රිටර්න් කලත් මතකයි. ඊට පස්සෙත් කීප වතාවක්ම මෙයා මගෙන් වින්ඩෝස් ඉල්ලුවා. මම ඇයි කියලා අහන්නේවත් නැතුව හැම වෙලාවකම දුන්නා. මට මොකටද අනුන්ගේ දේවල් හා නැද්ද මං අහන්නේ...? හැබැයි ටික දොහකට පස්සේ දවසක් එක හාදයෙක් ඇවිත් මට කිවුවා..... 

අනේ අයියේ මගේ ලැප් එක මොකක්ද වෙලා ටිකක් ඇවිත් බලනවද......? 
ඇයි මොකද වෙලා තියෙන්නේ. ස්ක්‍රීන් එක කලුවෙනවා. යට වින්ඩෝස් ඔර්ජිනල් නෙමෙයි කියලත් වැටෙනවා. 
හැබෑට...ලඟදි මැසින් එක ෆෝමැට් කලාද...? 
ඔවු...! 
කවුද වැඩේ කොලේ....? 
අහවලා...! 
හෙහ් හෙහ්... ! 
ඇයි අයියේ වැඩේ අවුල්ද...? 
අපොයි නෑ හැබැයි මේක ඌටම පෙන්නනවා. ඌ දන්නවා ඇති ලෙඩේ. වැඩේ කරලා දේවි. 
ඔය යකා ෆෝමැට් කරලත් රියාල් පණහක් ගත්තා මේගමන කීයක් ඉල්ලයිද දන්නේ නෑ. 
කීයක් ගත්තත් ඌ වැඩේ හරියට කරලා නෑ. මේක පොරගේ පෝල්ට් එකක්. සල්ලි ඉල්ලුවොත් මම කිවුවා කියනවා හරියට අදාල වැඩේ නොකරපු නිසා මෙහෙම වෙලා තියෙන්නේ ඒක නිසා ගත්ත සල්ලි වලට හරියන්න වැඩේ හරියට කරලා දෙන්න කිව්වා කියලා....! ඌට බැරිවුනොත් විතරක් කියනවා මම කරලා දෙන්නම්......! 

ඕං පොරත් හා කියලා අදාල තැනට ගියා මම කාමරේට වැදුනා. 
පහුවදා හවස අර ෆෝමැට් කොරාය කියන ගොයියා ආවා කොමෙකුට මෙහෙම ලෙඩක් උනහම මොනාද කරන්න ඕන කියලා අහගෙන.  

කැ.... වැඩ කරන්න එපා ඕයි... තමුසේ මගෙන් මොනා මොනා හරි ලාවට අහගෙන ගිහින් ඒකත් විකුනගෙන කනවා නේද.....? 
යමක් කරන්න කලින් ඒක හරියට ඉගෙන කරනවා මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව..... යනවා යන්න මගේ දෑහැට නොපෙනී...!! 

    මම ඌව එලවා ගතිමි.දින කිහිපයක් ඉක්ම ගියද තම කාර්යය නොකෙරුන තැන කොමාගේ අයිති කරුවාද අර තැනැත්තාට බැන වැදී කොමා මාවෙත ‍රැගෙන ආවේය.මා ඔහුට සුදුසු තැනකට දී වගකීමෙන් යුතුව වටිනා කියන උපකරණ අලුත් වැඩියා නොකරගැනීමේ ආදීනව කියාදුන්නේ තරමක දෝෂාරෝපණයක ස්වභාවයෙනි. 
මේක මම ඔයා ගාවට ගේන්න හිටියේ අයියේ, මේකා බලෙන්ම වගේ මගෙන් අරන් ගියේ ඌ දන්නවයි කියලා..... 
ඔහු එවිට කීවේය. 

ප/ප/ලි 

සරා කෑම්ප් එක තුල අන් අයට උදව් කරන්නේ සල්ලි ගැනීමට නොවේ. මනුස්සකමට හා කාන්සිය මඟ හරවා ගැනීමටය. කිසිවෙක් තමාගේ මනුස්සකමට ලංසු තියනවාට මෙන්ම වක්‍රාකාරවෙන් එය විකුනන් කනවාට සරා කැමති නැත. එවන් තම්බින් දෙතුන් දෙනෙකු මෙහි සිටිනා බැවින් සරා අවස්ථාව ලද හැම විටම ඔවුන් ගොනාට අන්දනවාය. නමුත් පසුව යතා තත්වයද කියා දෙන බවත් ඔබ දත යුතුය. ගෙහුං එඤ්ඤං එහෙනම්....!!
    

44 comments:

  1. හැබයි මගෙන් ෆෝමැට් කරන්න ඉගෙන ගෙන වැඩ්ඩෝ වගෙ ඉන්න එවුනුත් අපෙ ගමෙ ඉන්නව බං.

    උබ මාර පාඩමක් කියල දිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ අපූරු යාලුවෙක්. මට උඹව හැමදාටම මතක තියේවි.

      Delete
  2. හප්පේ අරුං ටික කී බෝඩ් වතුරෙන් නාවල ද ? පැරසිටමෝල් පෙත්තක් කුඩු කරලා අස්සට දාපන් කියන්න තිබුනේ :D ඔහොම බාගෙට ඉගෙන ගෙන මිනිස්සුන්ගෙන් ගාන කපන එවුන් කොහෙත් ඉන්නවා සරා. මටත් ඔහොම වැඩ වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්... අර කිවුවත් වගේ මට ඕක අමතක උනා නෙව.

      Delete
  3. මචං ඔය කට්ටියට තියනවා ලස්සන නමක් ‘‘අටවන ජෝජ්‘‘ රජ නමක්

    ReplyDelete
    Replies
    1. කවුරු කිව්වා අටවන ජෝර්ජ් කිව්වත් වගේ රජ නමක් නෙවෙන්නම්. හැක්...

      Delete
  4. මේ ළඟදි මම ඉගෙන ගත්ත දෙයක්.. ඇත්ත වෙන්න ඕනෙ... හාල් වල තියෙනවලු වතුර උරාගන්න ගතියක්.. ඔය ෆොන් එහෙම යන්තම් වතුරට වැටිලා ලෙඩ දෙන්න ගත්තොත් හාල් මල්ලක් අස්සෙ ගහලා ගොඩ ගන්න චාන්ස් එකක් තියෙනවලු... හැබැයි මං නං කරලා බලලා නෑ ඕං... හි හි

    ඕක මම අල්ලගත්තේ Elementary කියලා යන කතාවෙන්.. ඒකේ ගොඩක් දේවල් විද්‍යාත්මකව ඇත්ත නිසා ඔන්න වතුරට වැටිච්ච ෆොන් එකක් තියෙන කෙනෙක් ඕක කරලා බලලා ඇත්තද බොරුද කිව්වනං ගොඩක් අයට වැදගත් වෙයි... නැත්තං ඒකටත් ගානක් වියදම් කරන්න එපැයි... හි හි

    ( මං මේක කිව්‌ෙව් වැරදි තැනකද මන්දා.. හැබැයි මේක ඇත්තටම කිව්වේ ඈ... හි හි)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මගේ ටූල් කිට් එකට හාල් බෑග් එකකුත් එකතු කර ගන්න ඕන 10kg විතර.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සරා, මම අදහස් දැක්වීම් දෙකක් ලිව්වා. ඒ සමග පින්තූරයක් ලබාදීමට උත්සාහ කළා. නමුත් හරිගියේ නැහැ. මේ අවසන් උත්සාහයයි. මට කියන්න අවශ්‍ය වුනේ මමනම් මෙන්න මෙහෙමයි කොම්පියුටර් හෝදන්නේ කියලයි.මෙහෙම හෝදන්න


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මට ඒක බලන්න දෙන්න බෑළු මහත්මයා. මේ ගිනි නරියා ටිකක් එක විදිහක්...

      Delete
  6. මාරු වැඩ තමා තෝ කරන්නේ අහිංසක මිනිස්සු වැරදි වැඩ වලට පුරුදු කරලා. දැං උඹ නොනා ඉදල ඒක හරී සනිපයි කිව්වොත් උනුත් නාන එකක් නෑ මගේ හිතේ... හැක්

    ReplyDelete
    Replies
    1. සමහරු අපි හිතන තරම් අහිංසක නෑ බං.ගොඩාක් කපටියි.

      Delete
  7. ඔය වැඩේ කොහෙත් වෙනව සරා. යංතං කාගෙන්හරි ඉගෙනගෙන තමං ලොක්ක වගේ අනුංගෙ ඒව හදන්න ගිහිල්ල කෙලෝගත්ත අය මෙහෙත් ඕනතරං ඉන්නව. ඒ වගේ මිනිස්සුන්ට ඔය විදියට තමයි සලකන්න ඕන.

    ඔය හෝදන වැඩේනං මාත් කරනව. හැබැයි හොඳට වේලුනාට පස්සෙ තමයි ආයෙ හයි කරන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මිත්‍රයා. මම අකමැතිත් ඒකටමයි. අනුන්ගේ සල්ලි එක්කනේ මේ සෙල්ලම් කරන්නේ. ක්‍රමයට හේදුවට අවුලක් නෑ.

      Delete
  8. මෙහෙ කට්ටියට කොහොමත් සල්ලි තිබුනට මෝලේ තියන උන් නෙමෙයිනේ..කැඩුනම ඉතින් අල්ලා තමයි...

    ReplyDelete
    Replies
    1. නියම කතාව. මෙන්න පහක්....

      Delete
  9. යකෝ මෙහෙමත් පලි ලියනවද? :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සරා එහෙමයි රජ තුමනි. රිටර්න් ෂුවර්....

      Delete
  10. තම්බියා නෙමෙයි මොකා උනත් හොර කරලා සල්ලි ගන්නවනං අනිවා ඕක කරන්න ඕනි! එල කොල්ලෙක් උඹ!

    ReplyDelete
    Replies
    1. එකඟයි සීයට සීයක්ම. ස්තුතියි...

      Delete
  11. ඔය වගේ වැඩ කොතනත් වෙනව බං..!

    මටත් ඉන්නව ඔය වගේ බේතක් දෙන්න එකෙක්..වෙලාවක් එනකන් ඉන්නෙ.(බාසෙක්)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්...! බාසට බඩු හම්බ වෙයි වගේ... හැක්

      Delete
  12. ඔය වගෙ මිනිස්සු කොහෙත් ඉන්නවා, නියම වැඩේ තමයි වෙලා තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. නියමයි නේන්නම් ඇඬුනේ නැතුව විතරයි ලැජ්ජාවට...

      Delete
  13. මක බාස්ලා ගැන කතා කලොත් සීරීස් එකක් ලියන්න වෙන නිසා උඹේ කතාවත් අනිත් උන්ගේ ප්‍රතිචාරත් කියවා නිහඬ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ලියපු බාස් කතා සියල්ලම කියැවූ බව සතුටින් දැනුම් දෙමි.

      Delete
  14. Replies
    1. ආයුබොහෝවන් කිවුවා රෙප් මහත්තයා. කාලෙකින් දැක්කේ...

      Delete
  15. mamanam ehema baas lata hari kamathi mama wada karana thana watemath ohoma baas tika denek innawa wade kaagena apuvaama double charge karalaa thamaa karalaa denne

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට ඒ සිට්ටොම් එකත් නරක නෑ වගේ...

      Delete
  16. සිරාවාට් නියම ගේම දීලා තියෙන්නේ . . මම නම් කියන්නේ වැඩේ කැල්සික් කියලයි හරියට අර ඕෂන්ස් තර්ටීන් වගේ . . හෙ හෙ හේ . . .

    ලාවට යමක් ඉගෙනගෙන උගන්වපු එකාවත් විකුනන බුවාලා ඕන තරම් ඉන්නවා බන් . . . එහෙම උන්ට උඹ කිව්ව වගේ කනේ ඇඟිලි ගහ ගන්ට කියනන් ඕන තමා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. තමුන්නැහේ කලින් මේ අහ ගාටපු බවක් මට මතක තියෙනවා වගේ. කොහොම උනත් යට කියලා තියෙන කතාවට මම කැමතියි. උඹගේ සෘජු බව එතන තියෙනවා.

      Delete
  17. හෙහ් හෙහ් නියම වැඩේ අයියා කරලා තියෙන්නේ.ඔහොම තමා ඕකුන්ට කරන්න ඕන ඔයා හරි.

    ReplyDelete
    Replies
    1. නිශාන් මලයා ,උඹත් හරි මලයා.

      Delete
  18. Paw neda eyala. Anith dawasewath e wage wada nokara idine. Oyath hari wada thamai karanne.

    ReplyDelete
    Replies
    1. අයියා කොල්ලා වැරදි වැඩ කරන්නේ නෑනෙ ඔයාගේ....

      Delete
  19. හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  20. සරා කරපු වැඩේ මම අනුමත කරනවා..සල්ලි අයකරන වැඩක් නම් අනිවාර්යෙන්ම හරියට දැනගෙන කරන්න ඕන..මකබාස් වැඩකරලා අනිත් අයව අමාරුවේ දාන්නැතුව..

    ReplyDelete
    Replies
    1. කොහොමත් "රූ" ටිකක නීතිකාරි නෙව....!!!!

      Delete
  21. නියම පාඩම අයියා..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....