Saturday, March 9, 2013

ඇබෑර්තු ඇත...



          අද මම හැබෑවටම පෝස්‍ටුවක් කොටන්න හිටපු දවසක් නෙමෙයි. මැෂින් එක හෝදලා අරගත්තට පස්සේ හිතට හරියන මාත්තුරුකාවක් සැට් නොවුන නිසා ටික දවසක් නිකන් ඉන්න හිතුනා. ඒත් මේ කාරනාව ටික දොහක ඉදන් හිතේ හොලමං කො‍රැවුව නිසා ඕං අද කොටනවා. සරා මේ වැඩේ අතෑරලා හෙට අනිද්දා ලංකාවට එනවනේ. ඕං එතකොට මෙතන පුරප්පාඩුවක් ඇති වෙනවා. බොසා මීට ටික දොහකට කලින් සරාට කිවුවා මචං උඹ නැතිවෙන එක මට ගොඩාක් පාඩුයි, පුළුවන්නම් දන්න කියන එකෙක් මෙහෙට ගෙනත් දියන් කියලා. සරා ඒකට මොකුත් කිවුවේ නෑ. ඒ ඒක අමතක කරලා දාන්න හිතලා. ඒත් මෙහෙම ‍රැකියාවල් බලාපොරොත්තුවෙන අයත් ගොඩ දෙනෙක් ඉන්නවා කියලා සරාට හිතුනම හිතට ටිකක් හරි මදි වගේ ඒනිසයි මේ. මොකද සරා මෙහෙන් යන්නේ මෙතන ‍රැකියාවේ ගැටළුවක් හෝ වැ‍ටුප් පුරස්නයක් නිසා නෙමෙයි නේ. ස්වදේශිකයන්ගේ නීති රීති වලට තියෙන අකමැත්ත නිසා. 

           තව විදිහකින් කියනවා නම් සරා ටිකක් අහංකාර චරිතයක්. ඉතින් කා ලඟවත් නැමෙන එක සරාට මහා ලොකු මදි පුංචි කමක් විදිහට දැනෙනවා. ඔය හේතුව හැරුනු කොට මෙහේ වෙන ගැටළුවක් නම් නෑ. ඒත් ඉතින් ඔයිට වඩා ලොකුවට ආර්ථික බැරි අමාරුකම් හේතුකරගෙන ඒවයෙන් පීඩා විඳින අය අපේ රටේ ඉන්නවා කියලා සරා දන්නවා. මෙහෙට හවුස් කීපිං ජොබ් එකකට හරි කමක් නෑ කියලා එන අය ගොඩාක් ඉන්නවා, ඒවගෙම එහෙම ඇවිත් අවුරුදු 8-10 මෙහෙ වැඩ කරන අයත් ඕන තරම් ඉන්නවා. එයාලට අර නීති දැනෙන විදිහ ගැන නම් මම හිතන්නෙත් නෑ, මට එහෙම හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. කොහොම උනත් අද ආර්ථික ගැටළුවලින් පීඩා විඳින අයෙකුට නම් මේ අවස්ථාව ගොඩාක් වටිනවා. මොකද වැඩ කරන්න තියෙන්නේ හොඳ ටීම් එකක් එක්ක. අංශ ප්‍රධානියත් ඉතා හොඳ අයෙක්. බරපතල වැඩ නැති රජයේ ආයතනයක් උන මෙතැන ‍රැකියාව ගැන නම් මට කියන්න කිසි වරදක් නෑ. හැබැයි සරා හිතනවා වගේ හිතන අයෙක් නම් " ඔබ"මෙහෙ එන්න එපා. මම මේක ලිවුවේ කවුරු හරි මෙහෙ එන්න කියන්නත් නෙමෙයි. මෙහෙ ‍රැකියාවක් තියෙනවා, කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න පුළුවන් කියන්න. 

මොනවද ඕන සුදුසුකම්: ඉලෙක්ට්‍රොනික් හා වායූසමීකරණ හොඳ දැනුමක් තමයි.

කාට හරි එහෙම දැනුමක් තියෙනවා නම් විදේශ ‍රැකියාවකට යන්නත් අදහසක් තියෙනවා නම් සීවී එකක් හදලා ආතර් ප්ලේස් එකේ තියෙන අබ්‍රාජ් ඒජන්සි එකට ගෙනිහින් දෙන්න විතරයි තියෙන්නේ. එතනින් එහා මොකුත් පුරස්නයක් වෙන එකක් නෑ. වැඩි විස්තරයක් ඕන කෙනෙකුට මට ඊයක් විදින එක විතරයි තියෙන්නේ. පහල නිල් පාටින් තියෙන්නේ ඊය විදින්න ඕන ඉලක්කේ. මතක තියා ගන්න සරා වගේ හිතන කෙනෙක්නම් ඔබ ඔබ මේ ගැන හිතන්න වද වෙන්න එපා. 

මොනවා හරි දෙයක් අරන් ඉක්මනටම මම එඤ්ඤංකෝ. එහෙනම් මම යඤ්ඤං......! 

sarathchandrasiri75@gmail.com


28 comments:

  1. සරා මැෂින් එකට සුද්දයක් දුන්න ද..? ඒක තමයි පහුගිය ටිකේ බ්ලොග් වලදී වැඩිය දැක්කේ නැත්තේ. බ්ලොග් එකත් ටිකක් වෙනස් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙන් ඉගෙන ගත්ත ඒවා තමයි ඉතින් ගොඩක්...

      Delete
  2. මේ ඔයා මැෂින් එක හේදුවේ සබන් ගාලද ඈ....

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම් ලික්විඩ් සෝප් දාලා. හරි මං ඒකතාව කියඤ්ඤංකෝ...

      Delete
  3. මිත්‍රෙයක්ට ලින්ක් එක දැම්මා !

    ජය වේවා සරා

    ReplyDelete
    Replies
    1. ජයවේවා මගේ මිත්‍රයා..

      Delete
  4. බොහොම හොඳයි. කැමතිනම් පමණක් එන්න කියා යථාර්ථය සහිතව කියපු එක අගය කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මහත්මයා.

      Delete
  5. මොනවද මැෂින් එක හෝදන්න පාවිච්චි කළේ සන්සයිට් ද?

    තව කෙනෙකුට අවස්ථාවක් ලබා‍දෙන්න ගත්ත උත්සහය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වෙන ජාතියක ලික්විඩ් සෝප් එකක්. ස්තුතියි යාලුවා.

      Delete
  6. අයියා ඒ කියන්නෙ ලඩකාවට යනවා? හොදයි හොදයි මෙහෙම ඉන්න අපි හැමෝගෙම බලාපොරොත්තුව ඒකනෙ... යනගමන් තමංගේ කෙනෙකුට තැනක් දීල යන එක අගේ කරනවා අයියේ,,

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්... ලඟදීම...!

      ස්තුතියි නදිනි..

      Delete
  7. Oya mehema kiwa eka hodai. Job ekakata yanna asawen inna danuma thiyena eth yanna fit wena thanak nathiwa inna kenekta meka loku detak wei.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔය තේරුනේ අපූරුවට. ඕකමයි මටත් හිතුනේ...හැක් හැක්....

      Delete
  8. බ්ලොගේ අතාරින්න ඒපා ආවට ..ඕං...!

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ. මීට වඩා හොඳට කරනවා.

      Delete
  9. තවත් කෙනෙක්ට අවස්ථාව ගැන කියපු එක හොද වැඩක්

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම්.. කවුරුහරි ප්‍රයෝජනයක් ගත්තොත්..

      Delete
  10. සෞදියටනම් හතුරෙක්වත් යවන්න හොඳ නෑ.. උඹ ලංකාවෙන් ජොබක් හොයා ගත්තද ?

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගියහම පුරුදු රස්සාව තමයි මචං. ඉලෙක්ට්‍රොනික්ස්... ෂොප් එක ආයේ පටන් ගන්නවා. වෙනස් විදිහකට..

      Delete
  11. මනුෂ්ෂත්වයෙන් ලියපු පොස්ට් එකක්. දන්නා කියන කෙනෙක් නම් නැහැ එත් ලංකාවේ කුමක් හෝ රැකියාවක් නැතිව මේ රැකියාව පිළිබඳ දැනීමක් තියෙන කෙනෙකුට වැදගත්.

    මම හිතුවේ උඹ ලංකාවට ගිහින් කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.

      තව ටික දවසක් තියෙනවා බං, මාස දෙකකට කිට්‍ටුව.

      Delete
  12. Koi mama ude dapu coment eka nane. Mamath kiwe meka mehema dapu eka hodai kiyala. Mokada danuma thiyena yanna hitha aya innawanam e ayata loku udawwak wei meka. Oya nam enawa kiyala mehema ahana kotath asai mata.

    ReplyDelete
    Replies
    1. ඕං ස්පෑම් වලින් අරගෙන ඇමිනුවා.

      Delete
  13. ලංකාවට ඇවිත් අයියා මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ජංගම ඉලෙක්ට්‍රොනික් සේවාවක්. ඔය KFC ලා කරන්නේ ඒවගේ.

      Delete
  14. සව්දිය ගැන නම් කතා නොකර ඉමු.

    පෝස්ට් එකේ කෑල්ලක් අඩුයි.

    නිකන් ඉන්න කැමති අය කියලා අය්යන්ඩි. :P

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....