Thursday, February 7, 2013

මම තමයි &%‍තෝ අහවලා....




        ඔහු නමින් මල්ලියාය. කාගෙත් හිතවතාය. සිය රටදේ සිරි සැපදේ තියරිය ඉහලින්ම අගය කරන්නෙකි. අන් අයට යහපතක් සෙතක් කිරීමේ පරම පවිත්තර චේතනාවෙන් දේසීය නිස්පාදනයක් වන "ඇතිහිටියා" ආයුර්වේද අවුසදයක් වසයෙන් නිස්පාදනය කර ස්වෝත්සාහයෙන්ම අලෙවි කරන්නේ අහන දකින අයටද ආදරුසයක් සපයමිනි.

           සැබැවින්ම මොහුවෙත ඇදීඑන බාල මහලු කොයි කවුරුන් වුවත් දුක, සතුට, ඇඟපත වේදනාව, හිතේ වේදනා යනකුමන හෝ තත්වයකින් පෙලෙන්නෝ වෙති. කෙතරම් අසාද්දිය වෙලා ආවත් සියල්ලෝම සතුටින් පිටව යන්නේ සියලු බැරි අමාරුකම් මල්ලියාගේ දිවිය අවුසදයෙන් සැනින් දූරිම්බූතව යන බැවිනි. ගමේ හැමෝටම වාගේ ඔහු මල්ලියා වුනාට වත්තේ අයට "මල්ලියා අයියාය".අද මුදලට හෙට නයට කියන්නේ කුහක මුදලාලිලාය. සාර්තක වියාපාරිකයෝ එවන් කෙරේමෝපායන් අනුගමනය කොරන්නේ නැත. මල්ලියා ආදරුසයට ගන්නේ ඔවුන්වය. එමනිසා එන ඕනෙම කෙනෙකුට අවස්සිය ප්‍රමානයක් දීම ඔහුගේ සිරිතයි. ඒවගේම එකම වීදුරුවක් වත් අමතක නොකර ඔහු පොතේ සටහන් කොරන්නේ උප්පැන්න සහතිකයේ නමින් නොව ඔහු බාවිතා කරන සුරතල් නාම වලිනි. පඩි දාට මල්ලියාද වත්තේ ගේට්‍ටුව ගාවය. පඩි පැකට් එක අතට ගන්නා ගනුදෙනු කරුවෝ ප්‍රතමයෙන් එන්නේ මල්ලියා ලඟටය. ඒ ඔවුන්ගේ ගනුදෙනු පියවීමටය. හදිසියේ එකෙකු හෝ හොරපාරේ ගෙහුං තිබුනොත් මල්ලියා "අයියා" වෙන්නේය. එවිට ආයුර්වේදය අමතක වීමෙන්දෝ අදාල පුග්ගලයාට ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් ඉංගිරිස් බේත් ගැනීමට සිදුවේ. ඒ තමන්ගේ සංදි විසංදි වීම කරන කොට ගෙනය.

            මල්ලියා ගම ගැන ගමේ මිනිසුන් ගැන පමනක්ම නොවේ, රට ගැන ජාතික ආර්තිකය ගැනද නිතර වද වෙන්නේය. මසකට වරක් නඩුවක් දෙන ඔහු සැලකියයුතු මුදලක් දඩ වසයෙන් ගෙවන්නේ තවමත් ඔහුගෙන් වියාපාරික බදු හෝ ආදායම් බදු අයකර ගැනීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් රජය විසින් සකස්කර නොමැති නිසා විය යුතුය. එපමනක්ද නොවගමේ පොලෝසියේ හාලරාමිලාගේ අගහිඟකම් පිරිමහන්නේද ඔහුය. මසකට වරක් හාලරාමිලාට රජයෙන් ගෙවන වැ‍ටුපෙන් සපාන් එකේ ජීවත් වීමට නොහැකි බව හේ හොඳින් දනී. සතිපතා මල්ලියා ඔවුන්ට දිරි දීමනා ලබා දෙන්නේ එබැවින් විය යුතුයැයි ලියන්නාට සිතෙයි. සිතිවිල්ල නිවැරදි විය යුතුය. හාලරාමිලා මස්කෑල්ලක් මාලු කෑල්ලක් කන්නේ එදාටයැයි මල්ලියාද කීපවර කියවනු ලියන්නාට ඇසී ඇත. හාලරාමිලා ඒ සඳහා දින වෙන්කරගෙන ඇති අතර අතරමඟ හදිසි අවස්තා සඳහා (පිංඅඩි ගැසීම් වැනි) නොදන්වා කඩා වදින්නෝද නැතිව නොවේ. එවන් අවස්තා ගැන ඉව වැ‍ටුන විට මල්ලියා වාස්ප වේ. ඒකාව හොයාගැනීමට හොරා පොලිස් කොරන හාලරාමිලා අප කොතෙකුත් දැක ඇත්තෙමු. මේ එවන් හාලරාමියෙක් හා සරාලා අතර ඇතිවුන සිදුවීමකි.

නිල ඇඳුමේ ගරුත්වය රකින නීති ගරුක පොලිස් නිලධාරින්ට කරන අපහාසයක් නොව, නිලයන්ට මුවාවී ජඩකම් කරන හාල්පාරු හාලරාමිලා ගැන විවරණයක් බව අවධාරණයෙන් මතක්කර සිටිමි.

           ඒ එක්තරා වැසි දිනයකි. හැන්දෑ කොරේ විදුලි බලයද ඇනහිටි බැවින් සරාට කඩේ වහන්නට සිදුවිය. සීතල නැතිවීමට නම් යම් තරමකට සප්පායම් විය යුතු බව සරා ඇතුලු මිතුරන් කිහිපදෙනා අත්දැකීමෙන්ම දනී. එහෙත් මල්ලියා ගාවට ගොස් සප්පායම් වීමේ සිරිතක් සරාලාට නැති. ඒ අර පිට රට සිරිතට දිව දික්කරනා ඊනියා මහන්තත්වය නිසා යැයි ඇතමුන් කීවද එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. ඒකලා බොන්නේ කිරිම් සෝඩා රස ඒවා බවත් මල්ලිය ලඟ ඒවා නොමැති බවත් පමනක් දනිමු. ඒ නිසා පුරුදු පරිදි තමන්ගෙන් නොමිලේ සප්පායම් වී වාහනේ "හයර් කුලියද" මතක්කර ඉල්ලාගන්නා කදිම යාලුවාව අඩුවැඩිය ‍රැගෙන ඒම සඳහා නගරයට පිටත් කර හැර පුරුදු පොට් එකට ඔවුන් පාගමනින් ගියෝය. වේලාව රාත්‍රී හතවත් නොවීද හාත්පස අඳුර දැඩිව පැවතුනේ වැසි වලාවෙන් අහස ගැබ්බර වූ නිසාවෙනි. ඔබ මොබ යන කණාමැදිරියෙකු හැරුන කොට අවට පරිසරයේ ආලෝකයක් වීනම් ඒ ඉඳහිට වැටෙන විදුලිය එලියක්ම පමනි. හිටි හැටියේම අඳුර අතරින් ඉදිරියට ආවේ මෝටර්සයිකලයකි. එන්නේ මෝටර් සයිකලයක් බවට ඔවුන් අනුමාන කලේ එන්ජිමේ හඬ නිසාවෙනි. ඒ හැර එය හඳුනා ගැනීමට අන් කරමයක් නොවුනේ අවම වසයෙන් ඉදිරිපස ලාම්පුව වත් නොදැල්වුන නිසාය.

මොකාද බං ඉටි පන්දමක් වත් නැතුව මේ කරුවලේ බයික් පදින එකා.....!
කොලු නඩේ එකෙක් කිවේය. වේගයෙන් පැමිනෙන බයික් එක එන්නේ තමන් වෙතට වග හැඟුනු තරුනයෝ හිටි වනම නැවතුනේ තමන් මේ වනවිටත් පාරේ අයිනේ බව හොඳින්ම දන්නා බැවිනි.

අම්$# %#$# මේ #%$ බීලද බං අපිව මරන්න හදන්නේ.....?

කෝප ගත් එකෙක් මහ හඬින් කීවේය. පිරිස ඉදිරියේ මහ හඬින් තිරිංග තද කල යතුරුපැදි කරුවා
කොයි #$යද ඒ %රි කතාව කිවුවේ ....
යැයි පිරිස අතරින් මතුවුන හඬට නොදෙවෙනි හඬකින් ගිගිරීය.

යකෝ මේක මාර වැඩක්නේ. දැන් කුප්ප වැඩේ කෙරුවේ මූද නැත්නම් අපිද...? %රියා යනු අසබ්බිය වචනයකි. එනමින් අමතා මූ අපට අපහාස කලෙහිය. අප අතින් යම් වරදක් සිදුවී තිබුනි නම් ඒත් ඉවසිය හැකිය. පවතින නීතියට අනුව පාරේ එකත් පස්ව ගමන් කල අප දෙසට කරුවලේ මේ දෙපරහැන්ද දැක්කුවේ මේකාය. සක්කරයාගේ පුතා වයිමාට උනත් එවන් කෙරුම් කාරකම් කොරන්නට රටේ නීතියේ ඉඩක් නැති බව බත් නොකන හරකෙකුට වුවද තේරෙනවාය. කකුල් දෙකටම කලිසන් ඇඳි මේ හරකා ඒ බවක් නොදැන ඉන්ට විදිහක් නැත. අනික මේකා වයිමාටත් වඩා ලොකු එකෙක් වීමට බැරිය. එසේ වුවද ඒක තමන්ට ගැටලුවක් නොවන නිසා කලින් සද්දේ දැමූ තරුණයා වඩාත් කෝප විය.
මමයි $%යෝ කිවුවේ....!
තරුණයා කීවේය.
ආ... ඇත්තද උඹ දන්නවද #$‍තෝ මම කවුද කියලා...?
යතුරු පැදිකරුවා අවඥාවෙන් මෙන් ඇසීය.
දන්නේ නෑනේ #$‍තෝ කියපංකෝ දැනගන්නත් එක්ක...!
උගේ නගරං ඌටය.
ප%# උඹේ කට වැඩියි. දැනගනින් මම $$$$$$$  පොලෝසියේ අහවලා.

එතකොට ඒකෙ එවුන්ට කරුවලේ බයික් පදින්ඩ ලයිසන් දීලා තියෙනවද... පාරේ යන මිනිස්සුන්වත් යට කරන්....?
උඹේ %$මට.........
හාලරාමියා බයිසිකලයෙන් බැස්සේ නාහෙට නාහන තරුණයාගේ කනට දෙකක් දී තමාගේ නම්බුව බේරා ගැනීමට විය යුතුය.
වරෙන් වරෙන්....
අඩියක් පෙරට තැබූ තරුණයාද සටනට සැරසුනි.
ඇයි උඹ ගහගන්නද...?
තරුණයාගේ ස්වරූපය දු‍ටු හාලරාමියා බයිසිකල් හැඬලය මත අත තබාගෙන නැවතී ඇසුවේය.
ගහ ගන්න නෙමෙයි ගහන්න.....
තරුණයා හාලාරාමියාව පයිසෙකටවත් මායිම් කරන වගක් පෙනෙන්නට නැත.
හහ්.....උඹ දන්නවද පොලිස් කාරයෙකුට ගැහුවොත් වෙනදේ....? හාලරාමියා හුලං බහින ‍රැස්පොට් එකට ආයාසයෙන් හුලං ගහයි.

උඹලා වගේ එවුන්ට ගහලා විතරක් නිකන් ඉන්න හොඳ නෑ මෙහෙම වෙලාවල අහු උනාම. උස්සලා පොලවේ ගහන්න ඕන. ඔය චන්ඩිපාට් ඩියුටි වෙලාවක යුනිපොම් පිට ඇවිත් දාපන්.ඕප් වෙලා දංකුඩ කන්න එක එකාගේ අගුපිල් ගානේ රිංගන ගමන් චන්ඩිපාට් දාලා ගුටිකන්නේ නැතුව කැමති නම් යන්න පුලුවන් මේං තියෙනවා පාර. ....

හරි මම බලා ගන්නම් උඹ ගැන....!

හාලරාමියා ජාම බේරාගැනීමේ වචනයක් දැම්මේය...
හරි මම මතක තියා ගන්නම්.....

රටේ නීතිය යනු කාගේවත් නිවෙස් ඉදිරිපිට යදමින් බැඳි සුනඛයෙකු නොවේය. එය එක එකා උසී ගැන්වූ පමනින් සාමාන්‍ය ජනයා වෙත කන්න පනින්නේද නැත. ඇතමෙක් එසේ සිතා කටයුතු කරනා බව සැබෑය. එහෙත් ඒවාට විරුද්ධ වීමට සාමාන්‍ය ජනයාට අයිතියක් ඇත. එසේ කියා කිසිවෙකුටත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිසේත්ම බැරිය. එවන් අවස්ථාවලදී මෙවන් හාලරාමිලාගේ ක්‍රමෝපායන්ම ප්‍රයෝජනයට ගත හැක. ඔවුන් එයට කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියා කපනවා කියාය. නිල ඇඳුම් අදින සමහරු කියන්නේ අපිට ගොරකා දඩමස් කරන්නත් පුලුවන් දඩමස් ගොරකා කරන්නත් පුලුවන් කියාය. ඒ කතාව ඇත්තකි. එහෙත් ඉහත කී තරුණයාද ගෙදරට ආපු සූදුව වලං විකුනා හෝ ගහන එකෙකි. ඉහතින් කියන්නට යෙදුන තියරිම භාවිතා කරපසු කලෙක අදාල හාලරාමියාට කෙලෙවුවේ ඒකා පන්න පන්නා දෂ්ඨ කොරන්නට සැරසුන නිසාය.


බියවිය යුත්තේ වැරදි කිරීමටය.(පවටය) ඇත්ත යුක්තිය කතාකිරීමට බියවිය යුතු නොවේ. යමෙක් වැරදි අසාධාරණකම් දැක දැකත් මුණිවත රකීනම් දිනෙක එය ඔහුටම පාරා වළල්ලක් වනවා ඇත.


2001 වසරේ සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.

56 comments:

  1. පොලිස් බල්ලෙක් ද

    ReplyDelete
    Replies
    1. මේවගේ එවුන්ට බල්ලා කිවුවම ඒ සතාට අපහාසයක් වෙනවනේ මහත්මයා. බල්ලෝ මිනිස්සුන්ට හරි හිතවත්. ඔබව සාදරයෙන් පිළිගන්නවා සරාගේ ලෝකයට.

      Delete
  2. උන්ට ඔෙහාම කරන්ෙනා්නි. හැම ඒකාම කරපින්නාෙගන හිටිෙයා්ත් වැඩක් නැහැ බං.

    //නිල ඇඳුමේ ගරුත්වය රකින නීති ගරුක පොලිස් නිලධාරින්ට කරන අපහාසයක් නොව, නිලයන්ට මුවාවී ජඩකම් කරන හාල්පාරු හාලරාමිලා ගැන විවරණයක් බව අවධාරණයෙන් මතක්කර සිටිමි.//

    ෙහාද ඒවුන් සුළුතරෙයන් වැඩක් නැහැ බං. බහුතරය අපිට ෙපාලිසිය ඒපා කරනව නිසා.

    ජය ෙව්වා !

    ReplyDelete
    Replies
    1. හැම තැනම එහෙම තමයි බං.
      මූ මචං අවුරුදු විස්සේ ඉඳන් පොලෝසියේ කෙනෙහිලි කම් විඳපු එකෙක්. පොලෝසි වලට විරුද්ධව පොලීසිගිය එකෙක්. සාක්ෂි සහිතයි.

      අදට කියලා වැඩි වෙනසක් නෑ. හිකිස්

      Delete
  3. නියම වීරයෙක් නෙව.. හැබැයි මචෝ ඌට ආපු ගට ලේසියෙන් වෙන එකෙකකුට නං එන්නේ නෑ.. අනික උඹේ ලිවිල්ල මරු.. යන්නේ කොහේද මල්ලේ පොල් ගානට වැඩේ දුන්නා.. මමත් එහෙමනේ.. හැක්..

    මොකක්ද බං ලියන්නාට කිව්වයි කියන්නේ.. ලියන්නත් උඹත් එක්ක බොනවද?? හැක්...

    ReplyDelete
    Replies
    1. වීරකමකට නෙමේ බං. තමන් හරි නම් මොකෙකුටවත් ඔලුව පාත් කරන්න එපා කියලා උගන්නලා තියෙන්නේ උගේ තාත්තා. ඒක දැන් උගේ පුරුද්දක් වෙලා. ගහන්න හරි ගුටිකන්න හරි කියන්න තියෙන දේ කෙලින් කියනවා.

      //හැබැයි මචෝ ඌට ආපු ගට ලේසියෙන් වෙන එකෙකකුට නං එන්නේ නෑ//

      හෙහ්... මෙයාට ඒ කාලේ හෙට කියන දවස තිබුනේ නෑ බං..

      මොකක් කිව්වා......... කවුද බං මේකේ ලියන්නා

      Delete
    2. //හාලරාමිලා මස්කෑල්ලක් මාලු කෑල්ලක් කන්නේ එදාටයැයි මල්ලියාද කීපවර කියවනු ලියන්නාට ඇසී ඇත. //

      යකඩෝ මේක ලියන්නේ මුගේ අත් දෙක විතරයි මං හිතන්නේ මොලේ නෙමෙයි. හැක්.. දැං ඉතිං උත්තර දීපං

      Delete
    3. අනේ මන්දා උඹටද මටද නොතේරෙන්නේ කියලා. ව්‍යංගයෙන් කිවුවේ ඒ මමමය කියන එකනේ බොල.

      Delete
    4. ලියන්නා කියන්නේ වෙනි අන්කල් කතා ලියන නම.... ඒකයි ඔය දේශා පිස්සු කියවන්නේ.. ඕකට කොහොමත් පිස්සුනේ.. හි හි

      ඔන්න වෙනි අන්කල්ගේ බ්ලොග් එකේ ලින්ක් එක

      Delete
    5. යකඩෝ පෑගිලා නේද වලිගේ මුලින්ම. හිකිස්.... බලපං හිරුවා පෝස්‍ටුවක් ලියන්න පුලුවන් මාත්තුරුකාවක් නෙව මේක. ස්තුතියි කෙල්ලේ මේ ගැටේ ලිහපු එකට....

      Delete
  4. අෆ්ෆට උඩු... මෙයාගේ සැර :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රජතුමනි මෙයත් ඔයාලා වගේම අහිංසක බුවෙක්. හැබැයි අසාධාරනයක් උනහම කට ඇරෙනවා ඉබේම.

      Delete
  5. Replies
    1. සරාට ඔය බ්ලොග් එක මග ඇරෙන්නේ නෑ යාලුවා.

      Delete
  6. පොලීසියේ ගොඩදෙනෙක් ඔහොමයි. උන්ගේ අම්මලා අප්පලගේ බූදලේ වගේ හිතන් ඉන්නේ. හැබැයි මේ කිව්වෙත් හැමෝම ගැන නෙවෙයි.බහුතරය ගැන..

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ මේකලා හිතා ඉන්නේ මුන් විශේෂ වරප්‍රසාද ලද්දෝ කියලා. උගත් එවුන්ලු පොලිස් සේවයට බඳෝගන්නේ. ඒ වුනාට මේකලා මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නේ නෑනේ. මට එතකොට හිතෙන දෙයක් තමයි කවුද මනුස්සයෙකුට කතා කරන්න නොදන්න මේකලා පොලිස් සේවයට බඳෝගත්ත අම්බරුවා කියලා.

      Delete
  7. පොලිස් කතා වැඩි මොකද මේ ටිකේ... හි හි...

    කට්ටියට පොලිසිය පෙන්නන්න බරි වෙන්න ලොකුම හේතුවත් මේ ඕනේ නැති වෙලාවටත් පොලිස් පාට් දාන්න යන එක තමයි ඉතිං....

    ReplyDelete
    Replies
    1. ඔයාලා වෙනුවෙන් තමයි ඉතින්. මම නම් මේවා ලියන්නෙම නෑ කියලා හිතා හිටියේ, ඩූඩ් අයියගේ කොමෙන්‍ටුවක් නිසයි මේ. ඒ නැතත් මම අකමැතිම කොටසක් තමයි අනෙක් අයව පහත් කරලා කතාකරන අනිවාරතේ හිරිහැර කරන එවුන්. ඒකලා කොතැන මොකා වුනත් මම නැමෙන්න යන්නේ නෑ.

      Delete
  8. ඩූඩ් ටත් මුණගැහිලා තිබ්බා නේද ඔය වගේ හරක් පොලිස් කාරයෙක්. උන්ට ඔහොම කරලා මදිය. කොල්ලාට මගේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඩූඩ් අයියා නිසා තමයි මේකත් ලියවුනේ. කාලෙකට පස්සේ දැක්කේ ඔබව... නීතිය ‍රැකීම යනු මිනිසුන් බල්ලෝ බලල්ලු ගානට දාලා සලකන එකට නෙමේනේ මහත්මයා. අනික මුන්ගේ අඩම්තේට්ටම් වලට ලක්වෙන හැමෝම වරද කාරයෝ නෙමේනේ.

      Delete
  9. මමනම් නීතියට වැඩ කරන එක පොලිස් නිලධාරියෙක් වත් දැකල නෑ... දන්න කියන නෑදෑයෝ දෙන්නෙකුත් ඉන්නවා... ඒ දෙන්නත් සාමාන්යය උන් දෙන්නෙක්ම තමයි පගාවට වැඩ...

    ReplyDelete
    Replies
    1. පගාව නම් ගත්තත් කමක්නෑ නදිනි. සාමාන්‍ය ජනතාව සත්තු සරපයෝ කියලා හිතන එක තමයි මම පෙන්නන්න බැරි.

      Delete
  10. Appe meyalage katawal nam....... Kiyannema harupane. Puduma tharahak neda thiyenne policeyath ekka.

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් එක්ක පොරකනවා නම් තාවකාලිකව හෝ බල්ලෙක් විය යුතුමය.

      Delete
    2. මොකක්ද බං.. දැන්නං එපා වෙලා තියෙන්නේ.. මේ යෝදිට සිංගල පොන්ට් එකක් හොයල දීපන්කෝ.. නැත්නං ඔන්න සර්ච් කොරල අරගෙන ලියල කට් ඇන්ඩ් පේස්ට් කොරන්න කියපං.. UCSC online Singlish Translator. මල වදේ...

      Delete
    3. ඕක මම කියලා ගොඩක් කල් බං. කොහෙද උන්දැට තේරෙන්නේ නෑලුනේ. අනික උන්දෑ ඇනරොයිඩ් නෙව භාවිතාව. තව ටික දොහක් ඉවසපන් මම ගෙහුන් දෙකෙන් එකක් බේර ගන්නම්. අදහසක් තියෙනවා උන්දෑ ලවුවත් ලියවන්න මොනා හරි.

      Delete
  11. පොලිස් කරයො ගැන කතා කර වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තය. ඒකලා ගැන මතක් වෙනකොටත් ලේ කෝප වෙනවාය. ඔබව සාදරයෙන් පිලිගන්නවාය.

      Delete
  12. අඩේ ඒ බුවානං නියම පොරක්නෙ සරා.

    මොනවද මේ කිරිම් සෝඩා රස ඒවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැබැයි ඔය කිවුවට මම අඳුනන්නෑ බං ඌ. හැක්...!! කිවුවට කමක් නැද්ද මන්දා.. නැත්නම් උඹ මා ලවුව ඇඩ් එකක් දම්මන්න හදනවා නෙමේනේ. රෙඩ් රම් බං රෙඩ් රම්..

      Delete
    2. හ්ම් හ්ම්... 2006 අංක 37 ද කොහේද, දුම්කොල හා මධ්‍යසාර ආඥාපතන දාන්න ඕන මගේ බලගයේවත්

      Delete
    3. @ දේශකයා, ඔය පනත ලංකාවෙ තියෙන එකක්ද?

      Delete
  13. නීතියට වැඩ කරන පොලිස් නිලදාරියෙක් ඉන්නවනම් ඒ කලාතුරකින් තමයි, ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ඔය නිල අඩුම දීලා තියෙන්නේ , අනිත් උන්ගෙන් පවා ගන්න කියලද මන්දා , මේ කතාව දැක්කම මට තවත් පොලිස් කථාවක් මතක් උනා පස්සේ දැමු බ්ලොග් එකේම , මටනම් ඔය සක්කිලින්ව පෙන්න බැහැ ..

    ReplyDelete
    Replies
    1. අහ්... බොට සලකලා තිබුනේ මැච් එක දවසේ... හිකිස්...!!

      Delete
    2. පොලිස් කථාව දැක්කම නප්පියට මල පැනපු හින්දද මන්දා මම උඩින් කමෙන්ට් එකේ ලියලා තියෙන එව්වයේ අම්බානකට අකුරු වැරදිලානේ ...හිකිස්, එකෙත් හැටි නේද ?

      මම කිවේ මුන්ට ඔය නිල ඇදුම දීලා තියෙන්නේ මහජනතාවට ගොන් පාට් දන්නමද මන්ද කියලා... ඔන්න මම ආයෙමත් පොලිස් කථාවක් ලියන්න සැරසෙනවා ,

      Delete
  14. හයියෝ සරෝ, මේ දවස්වල අපේ ගෙවල් පැත්තේ අලුතෙන් ඉඩමක් අරන් ගෙයක් හදන පොලිස් කාරයෙක් ලක්ෂ තුනකට නළ ලිඳක් ගහන්න හදනවා. මම ඌට කිව්වා වටේ තියන අපේ ළිං වල වතුර හිඳිලා යයි, ඔය වැඩේ කරන්න එපා කියලා. මේකා මටත් ගෙම්බර් දාන්න ආවා. මම ගිහින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවම එක්ක ඇවිත් නළ ලිඳ තහනම් කෙරෙව්වා. මුන් කවදාවත් හැදෙන එවුන් නෙවෙයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නීති ගරුක නිලධාරීන් ඉන්නවා මහත්මයා. ඒවගේම සැර පරුෂ බවක් තිබිය යුතුයි නැතිනම් වැරදි කරුවන් අපරාද කරුවන් සමග වැඩ කරන්න බැහැනේ. වරද රටේ ඉන්න හැම මනුස්සයෙක්ම අපරාදකාරයෙක් විදිහට සලකලා කතා කරන හිරිහැර කරන එකනේ. මම අකමැති අන්න ඒකට. සමහර අය හිතාගෙන ඉන්නේ තමන් වෙන විශේෂ ස්ථානයකින් උප්පත්තිය ලබාපු අය කියලා. ඉන්න ටික දොහ කොන්ද කෙලින් තියා ගෙන උන්නම මට නම් හොඳටම ඇති.

      Delete
  15. ඔය කියන විදියට ඔකාව අහුවෙන්න ඇත්තේ කළුවර තැනක.ඉතින් දෙන්නනේ තිබ්බේ මූණ කට පොඩි වෙන්න.පස්සේ කාවයි කියලා හොයන්නද.වල් බල්ලෝ මට නම් ඔය කොස්සන්ව පෙන්නන්න බැහැ.ලොක්කොත් එහෙමයි මගේ හිතේ කිසිම ගෞරවයක් නැහැ ඕකුන්ට.

    ReplyDelete
    Replies
    1. මම කලින් දොහකත් කිවුවේ අපිට ගහන්න වගේ ඉන්න පුලුවන්. ඒත් ගහගත්තොත් ටිකක් කරදර වෙන්න වෙනවා. කොහොම උනත් මලයා නීතිය අතට අරං වැඩ කොරන්න කාටවත් අයිතියක් බලයක් නෑ.

      Delete
  16. වීර ක්‍රියාවකි

    ReplyDelete
    Replies
    1. මතකය නිවැරදි නම් ඔයා කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවා. හැබෑවටම වීර කමකටම නම් නෙමේ යාලුවා.කිසි වරදක් නැතුව නැමෙනවා නම් එතන තියෙන්නේ නිවටකම. එහෙම ගෙවන අවුරුද්දකට වඩා මෙහෙම දවසකට වුනත් සරාලා කැමතියි.

      Delete
  17. ඔව්වෝ අර කාකි සුට් එක ගහ ගත්තට පස්සේ හිතන්නේ උන්ට ඕන විදිහට ඕන එකක් කරන්න පුළුවන් කියල. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ඔය සද්ද බද්ද දාන්නේ. නීතිගරුකව කටයුතු කරන අය ඉන්නවා නම් ඒ ඉතාම සුළු පිරිසක් විතරයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය සාමාන්‍ය අය අතර හිටි අසාමාන්‍ය චරිත කීපයක් තමයි දැන් මේ දසසිල් ‍රැකීමට උත්සාහ කරන්නේ. ඒත් ඉතින් තවමත් දරමිටි බඳින්න ගන්න පුලුවන් කමක් නෑ.ඉල්ලා අස්වුනාට පැන්ෂොන් යන්ට තරම් වයසක් නෑ නෙව.

      Delete
  18. මේ තියෙන්නෙ පොලිස් කතා. අර කිව්වත් වගේ පොලිස් අඩන්තේට්ටම් වලට සුලු වශයෙන් හෝ ලක් නොවෙච්ච කෙනෙක් හොයාගන්නත් අමාරු තරම් නේද සරා?

    මේ මහජනයව ආරක්ෂා කරන්න තියෙන ආයතනයක්නෙ.

    මගෙ හීනයක් තමයි සිවිල් වැසියන්ට තරාතිරම නොබලා මිත්‍රශීලීව සේවය කරන පොලීසියක් අපේ රටේත් ඇති වෙනවා දකින්න.

    ReplyDelete
    Replies
    1. //මගෙ හීනයක් තමයි සිවිල් වැසියන්ට තරාතිරම නොබලා මිත්‍රශීලීව සේවය කරන පොලීසියක්//


      මේක නම් හීනයක්ම තමයි අයියන්ඩි.

      Delete
  19. කාකි කෝට් බෑයෙ ඌස්නෙ නොවැ ජනතාවට පෙන්නන්න එන්නෙ.. ප්‍රතිචාරය හොඳයි.. අගයකළ යුතුයි..

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේ ලැයිසොන් චන්ඩි කියලා නෙව. සමහර දේවල් තියනවා නේ මචං නොකියා සිටිය යුතු. ආන්න ඒ දේවල් ඇතුලට තමයි මේවයේ හොඳම කොටස් වැටිලා තියෙන්නේ. ඒවා නැවත ඇරෙන්නේ නැති නිසා කතා සම්පූර්න කොරන්න හැකියාවක් නෑ.

      Delete
  20. පොලීසියේ වැඩ නම් ඉතින් ඔහොමනේ.. කෝම උනත් අසාධාරනේ ඉවසුවේ නැති එක වටිනවා.. මොකෝ ගොඩ දෙනක් සද්ද නැතුව ඉන්නවා බයටම..

    ReplyDelete
    Replies
    1. ඔය බය කියන එක එන්නේ හෙට කියන සංකල්පයත් එක්ක නෙව. හෙට නැති එකාගේ හිතේ බය කියන එකට ඉඩක් නෑ මලයා.

      Delete
  21. පොලිසිය නම්... මොකට කතා කරන්නද...

    ඒ උනාට ඒ කොල්ල නම් මාර ගටක් තින ඩයල් එකක්...

    ReplyDelete
    Replies
    1. තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ...

      ඒටික කාලෙට ඇයි යාලුවේ අපි කාගෙවත් සපත්තු ලෙවකන්න දඟලන්නේ. ඔය මොකෙක්වත් අපේ දුකට සැපට පිහිට වෙන්නේ නෑ නොවැ. අපි උපයා සපයා ගත්තොත් නෙව අපේ බඩකට පිරෙන්නේ. එහෙනම් ඇයි කාටවත් අපි නැමෙන්නේ. ඔබව සාදරයෙන් පිලිගන්නවා මේ සාවියට.

      Delete
  22. මේ දවස් වල පොලිස් කතා ගොඩා....යි.....
    අර වීරයා අපේ සරා අයියවද්දෝ........

    ReplyDelete
    Replies
    1. අනේ සමනළියෝ සරා කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ටෙක්නීෂන්කෙනෙකුට නෙව.

      Delete
  23. ඒ සිදුවීමෙන් පස්සේ යාලුවට මොකවත් කරදරයක් කලේ නැද්ද?.පොලිසියේ පොඩි හෙන්චයියලා ජිවත් වෙන්නේ කසිප්පු කාරයෝ දෙන පොඩි දන් කොඩ කාලනේ.

    ReplyDelete
  24. අන්තිමට කියලා තියන දේ නම් සහතික ඇත්ත..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....