Sunday, February 3, 2013

නුඹ නැතිදා මගෙ හිත පාළුයි..






බිඟු රෑන වගේ මල් යායට...
පහන වගේ හැන්දෑවට...
නුඹ නැතිදා මගෙ හිත පාළුයි...
යන්න එපා මම හරි යාළුයි...

     හැමදාම හැන්දෑවට ස්කයිප් හරහා දොඩමලු වෙන නිසාදෝ නංගි බබා මා ලඟම ඉන්නවා වගේ දැනුනත්, ගෙවුනු දවස් දෙක මට හරිම පාලු වගේම තනියි. මොකද එයා ගමේ ගෙහුන් අරංකැලේ. එහෙට නෙට්වර්ක් නැති නිසා කතා බැහැ.හිතට දෑනෙන පාළුව කවි කරන්න තරම් මම කලාබර කිච්චෙක් නොවුනට මට හැබෑවටම පාළුයි. දැනෙන හැ‍ඟෙන දේවල් කවි සිංදු නොවුනට මගේ රළු පරළු වචන වලින් කියනවා නම් ඔයා අහලක නැත්නම් සරා සම්පූර්ණ නෑ කියලා විතරක් මට කියත හැකි.


සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කල මේ ගීතය මට මතක් උනා.


22 comments:

  1. හුදකලාව වෙලාවකට දරාගන්න බැරිව යනවා සරා....ඒ වගේම නිර්මාණයක් බිහිකරන්නත් හොඳම තෝතැන්නක් කරගන්නත් ඇහැකියි හුදකලාව.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් මට ඔයාලට වගේ කවි හිතක් නෑ නෙව....

      Delete
  2. ෂාආආආආආආආආආආආආආආආආආආආආආ!!!!!!

    හරිම සතු‍ටු වෙයි හා? මේ ආයෝජනයක්ද බං?

    :D :D :D

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්... අනාගත අභිවෘදිය සඳහා...හෙහ් හෙහ්......!!!

      Delete
  3. පාලුව ඉතින් අඹුදරුවන්ව ගෙදර තියල රට ආපු අපිට උරුම දෙයක්නෙ බන්.. උඹ ලඟදිම ගෙදර යනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං... ආයෙත් නො එන්නම යනවා. අවුල මචං කුරුණෑගලට ස්කයිප් නැති එක. නැත්නම් ඩබලම මා ලඟ ඉන්නවා වගේ තමයි.

      Delete
  4. තමන්ගේ බිරිඳට සැබෑවට ආදරේ කරනවා නම් ලඟ නැති උනාම පාළු දැනෙන්න ඕනෙ. නැත්තම්න් ඇති වැඩේ මොකද්ද...හි හි හී..

    මේවා ඉතින් බටර් නොවේ නම් හොඳා.. :P

    ReplyDelete
    Replies
    1. ත‍ටු ගලෝනවා මම උඹේ......

      Delete
  5. මොකද්ද බන් අයියේ...දවසකට උඹේ බ්ලොගේ නම පේනවා..තව දවසක නෑ..ඔන්න දැන් නම අතුරුදහන් :D

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැත් එක්ක ගමේ ගෙහුං වෙන්නැති බං....

      Delete
  6. ඔයන් සින්දුව අහන වෙලාවට මට ප්‍රශ්නයක් එනවා... බිරින්දෑ නෑ ගම් ගොහින් කියනවනෙ... ඒ කියන්නෙ බිරිද ගමේ ගිහින්ද නැත්නම් නෑ ගම් ගොහින්ද...????

    මටත් තියන ප්‍රශ්න.... අපේ අම්මි නැතිඋනාම තාත්තිටත් අපේ කෑම, තේ එහෙම දිය රහයිලු...කාට කියන්නද ඉතින්....

    ReplyDelete
    Replies
    1. නදිනිගේ තාත්තත් අපේ තාත්තගේ ජාතියෙද කොහෙද.. මම පෝස්ට් එකකුත් ලිව්වා ඔය කාතවත් එක්ක.. හි හි..

      මගේ කමෙන්ට් එක තැපෑලෙන් එව්වා... හි හි

      Delete
    2. කෑම නම් කමක් නෑ කියමුකො හිරු.. අපේ තාත්ති හැමෝම ඉන්න තැනම කියනවා වැඩක් නෑ අම්මගේ ලස්සනින් පොඩ්ඩක්වත් මේ කෙල්ලො දෙන්නට ගිහින් නෑ කියල... අය්යෝ... ඉතින් බඩ කපාගන්න හිතෙනවා...

      Delete
    3. මොනවා උනත් ඇත්ත කතාකිරීම ගැන මගේ ප්‍රණාමය හිමි වෙනවා ඔබේ පියාණන්ට..... හික් හික් හික්..........

      Delete
  7. වහාම අරංකැලේට නෙට්වර්ක් දියවු. :D

    ReplyDelete
  8. Onna mama awoooooo. Matath ehemama thamai ayye. Oya ekka katha karana welawa enakota aparade gedara hitiya nam kiyala hithenawa. Ethakota oya lagane mama. Ethana hitiyata hitha oya ganamai. Dan enna athi. Dan nanna athi. Dan blog kiyawanawa athi. Dan kanna athi ohoma hitha hitha innawa. Onna aye oya enakam kohewath yanne na. Awama api dennama yamu.

    ReplyDelete
  9. Onna mama awoooooo. Matath ehemama thamai ayye. Oya ekka katha karana welawa enakota aparade gedara hitiya nam kiyala hithenawa. Ethakota oya lagane mama. Ethana hitiyata hitha oya ganamai. Dan enna athi. Dan nanna athi. Dan blog kiyawanawa athi. Dan kanna athi ohoma hitha hitha innawa. Onna aye oya enakam kohewath yanne na. Awama api dennama yamu.

    ReplyDelete
  10. හ්ම්.. ළබැඳියන් දුරස් උනාම තත්පරෙත් පැයක් වෙලා දැනෙනවා...

    ReplyDelete
  11. ඉවසන් ඉන්න අයියා හැමදේම විසදෙයි

    ReplyDelete
  12. මට ඇඩෙනවා අප්පා මේක කියෝලා.... ඕම තමා ආදරේ කරන්න ඕනි.... :)
    (මටත් මේ වගේ ආදරයක් ලැබෙයිද සිතමින්.....)

    ReplyDelete
    Replies
    1. ලැබේවා ලැබේවා..!! :) :) :)

      Delete
  13. මාර රොමෑන්ටික්නේ..:D
    අනේ වාසනාවන්..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....