Sunday, February 17, 2013

සමුගන්නට අවසරයි.....




            සරා සංගීතයට බොහොම මනාප නිකන්ම නෙමෙයි. ඕනම තත්වයක ඉද්දි සරාට මනස සැහැල්ලු කරගන්න මේ සිංදු කෑල්ලකින් පුලුවන් කමක් ලැබිලා තියෙන නිසා. අනිත් අයට නම් කොහොමද කියන්න මම දන්නේ නෑ. කොහොම උනත් හුඟ දෙනෙක් මේ වැඩේට මනාපයි කියලා නම් මට හිතෙනවා, මම කිවුවේ මේ සිංදු අහන්න. එක එක අයගේ රුචි අරුචිකම් ඉතින් විවිදයිනේ. සරා ටිකක් සරල තේමා වල ගීත වලට තමයි බර. ඒ කියන්නේ සරල ගී ඒකත් පැරණි ඒවා.හැබැයි ඉතින් සිංදු අහන්න බ්ලොග් එකට එන ඇත්තන්ට අකමැත්තෙන් උනත් සරාගේ පල් හෑලිත් කියවන්න වෙනවා. මොකෝ ඉතින් ඕවා මැද්දට නෙව මේකා සිංදු අමුනන්නේ. ඕං අද පටන් ගන්නේ මෙහෙම. මේ ගීතය ගායනා කරලා තියෙන්නේ සනත් නන්දසිරි මහත්මයා.කාලවකවානු නම් හරියටම දන්නේ නෑ. හැබැයි නිතර අහන්න නොලැබෙන නිසා ‍තෝරගත්තා. 

       

                 පුරුෂ පක්ෂය කාන්තාවෝ දිහා බලන විදිහ විවිදයි නෙව. පුද්ගලයගෙන් පුද්ගලයට ඕක වෙනස්. සරා කාන්තාවෝ ගැන හිතන්න කැමති සුන්දර විදිහට.බොළඳ විදිහට නෙමෙයි මෘදු විදිහට. තරඟකාරී වර්ථමානයේ කාන්තාව පිරිමියා සමඟ කරට කර සිටිනා බවත් ඇතැමුන් පිරිමින් අභිබවමින් සිටිනා බවත් සරා දන්නවා. මේ මොන තත්වය යටතේ උනත් සරා කාන්තාව කියලා දකින්න කැමති යන්ත්‍රයක් වත් රළු චරිතයක්වත් නෙමෙයි. කරුණාවේ දයාවේ ප්‍රති මූර්තියක්. ඇය සරල සැහැල්ලු කෙනෙක් නම් කොටින්ම දැකීමෙන් හිතට සහනයක් වැනි හැඟීමක් ඇතිවෙනවා නම් ඒතමයි සරා කැමති චරිත. ඇය යෙහෙලියක් සොයුරියක් ඥාතිවරියක් කවරෙකු හෝ වියහැකියි.ඔය ලස්සන ගැනත් සරාට පොඩි අදහසක් තියෙනවා. සරා ලස්සන කියන්නේ බාහිර ඔපේටම නෙමේ. සිතුවිලි, ගතිගුණ,හැසිරීම් කතාබහ, කියන ඒවා ලස්සන නම් සිත්ගන්නා සුලුනම් එතන තමයි සරා දකින ලස්සන තියෙන්නේ.

මේ ගීය අහලා බලන්න. කොයි කෙල්ලගේ හිතේද මෙහෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා උපදින්නේ නැත්තේ.......? ගායනය චන්ද්‍රිකා සිරිවර්ධන.

            

             සමහරු හිතනවා රළු පරළු වචන වලටමය හිත් රිදවන්න පුළුවන් අපොයි නෑ කනට මිහිරිව ඇහෙන සමහර වචන වලින් හිත් කීරි ගැහෙන අවස්ථා තියෙනවා. ඒවගේම ආදරේ කරන අයට පුළුවන්ලු කොච්චර වැරදි කලත් අනෙකාට සමාව දෙන්නත්. මම නම් එහෙම නෑ හැබැයි මේ ගීතයේ එහෙම කෙනෙක් ගැන කියවෙනවා අහලා බලමුද. ගායනය වික්ටර් රත්නායක සමග නිරංජලා සරෝජනී.      

යුවතියක අසීමාන්තිකව දඟකාර හා සෙල්ලක්කාර වූ විට පිරිමි සිත්වල ඇය කෙරේ ඇති ගෞරවනීය ප්‍රථිරූපය බිඳවැටේ. ඔය කතාව මම කියන එකක් නෙමෙයි කවුද කෙනෙක් පත්තරේකට ලියලා තිබුන කතාවක් මම කියෙවුවේ කාලෙකට ඉහත. අසීමාන්තික වීම මොකකදිවත් හොඳයි කියලා සරා කියන්නෙත් නෑ. ඒත් බිරිඳක් වගකීම් ගොඩාක් හිසට ගෙන බැරෑරුම් ලෙස ජීවිතය දකින හා ගෙවන එකට මගේ මනාපයක් නෑ.
             නිතරම වගේ ඇහෙන සිංදුවක් නිසා හුඟාක් අය දන්නවනේ කියන්නේ කවුද කියලා. නිරංජලා සරෝජනී.

         බිරිඳක සතුටෙන් වගේම සැහැල්ලුවෙන් ඉන්න ඕනය, සැමියව සතුටෙන් තියන්න පුළුවන් එතකොටය කියලයි සරාගේ කල්පනාව. ඉස්සර සරා වැඩ ඇරිලා ගෙදර එනකොට නංගි බබා ඉන්නවා දොරකොඩ. නිකම් නෙමෙයි හිනා කටක් පුරෝගෙන.ඊට වඩා සතුටක් සරාට තිබුනේ නෑ ඒ දවස්වල. බස්වල තෙරපිලා මහන්සිවෙලා ගෙදර ආවත් ගෙට පය ගහන්නත් කලින් වෙහෙස මහන්සිය නැතිවෙලා ඉවරයි. අග හිඟ කම් වලට සරාලගේ ගෙට එන්න ඉඩක් නැති වුනෙත් ඔය නිසාමයි කියලයි සරාගේ අදහස. සැමියව/බිරිඳව සතු‍ටු කරන්න නම් ලොකු කැප කිරීම් කරන්න ඕනය, වානිජමය වශයෙන් ලොකු වටිනාකමක් තියෙන දේවල් වලය ගෙදර දොරේ සතුට ‍රැඳිලා තියෙන්නේ කියලා හිතන අයට නිකමට වත් නොහිතෙන ඇත්තක් තමයි ඒ.

කොහොම උනත් යන්න කලින් මේ කතාවත් කියලම යන්නම්. අපි හැමෝටම ජීවිතේ දැනෙන්නේ එකම විදිහට නෙමෙයිනේ. මේ තියෙන්නේ ඒකට පොඩි උදාහරණයක්. මේ ගෑණු දරුවා කියනවා එයාට ජීවිතේ විභාගයක් වගේ දැනෙනවලු. නැත්නම් ජීවිතය ඒ අයුරින් මිනිස්සුන්ව පරීක්ෂාවට ලක් කරනවලු. පිරිමි ළමයි දෙන්නා කියන්නේ. මිත්‍රත්වය හා හදවතේ ඇතිවෙන සිතුවිලි එයාකාරයි කියලා. මන්මෝහන් දේසායි නිෂ්පාදනය කර අධ්‍යක්ෂනය කල "නසීබ්" චිත්‍රපටියට රඟපෑමෙන් එක්වුනා අමිතාබ්, හේම මාලිනී, ශතෘගාන් සින්හා. ලක්ෂ්මි කාන්ත් ප්යාරේලාල්ගේ සංගීතයට ගීතය ගැයුවේ ලතා සමග අනවර් රාෆී. මතක තියා ගන්න zසින්දගී ඉම්තෙහාන් ලෙහ්තී හේ....





එහෙනම් සරා ගියා ඕං. දන්නවද ලඟදීම එනවා සරාලගේ කාලේ ළමා ගී කීපයක්.....!!

39 comments:

  1. ආයේ මොනවද... සුපිරිම තමා අදහස්, සින්දු ඔක්කොම එක මිටියටම

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි මහත්මයා....

      Delete
  2. ගීත කතන්දර - මරු !

    ReplyDelete
  3. උදේ පාන්දරම මේක කියෙව්වම පොඩි ගිල්ටි ෆිලින්ග් එකක් ආවා... ඒක නිසා පොඩ්ඩක් කල්පනා කරන්න ඉඩ තියාගෙන උයලා ඉවර වෙනකම් හිටියා කමෙන්ට් එකක් දාන්න... මොකද මටත් දැන් දැන් ඔය, එයා එනකොට හිනාවෙවී ඉස්සරහට දුවලා යන එක අතපහු වන නිසා.... බැලුවාම බොහෝ දුරට වැරැද්ද ම‌ගේ අතේ... මම ඉතිං කොම්පීතර් රාජයාගේ එල්ලිලා ඉන්න එක නොවැ කරන්නේ... ඕක ඉතිං එයත් කියනවා හිටපු ගමන් නෝක්කාඩුවක් විදියට... ඔයාට දැන් කම්පියුටරෙන් තොර ලෝකයක් නෑ නේ.. කියලා... ඒක හැබෑව කියලා දන්න නිසා එයා ආපු ගමන් කම්පියුටරේ පැත්තක දාලා තේ හදන්න දුවන එක තමයි මම කරන්නේ... හි හි....

    හැබැයි ඉතිං මෙහෙම එකකුත් තියෙනවා... ඔය මහ රෑ වෙලා එන වෙලාවට නම් හිනා මතක නැති වෙනවා.. ඇයි ඉතිං බලං ඉඳලා එපා වෙලානේ ඒ වෙන‌ෙකාට මටත්... සමහර වෙලාවට කෝල් කරලා කියනවා ඔය නිදා ගන්න .. මං ඇවිල්ලා ඇහැරවන්නම් කියලා.. ඒත් ඉතිං මට නින්ද යන්නේ නැති නිසා ඇහැරගෙනම ඉන්නවා කීයට හරි එනකම්ම.... ඒ වෙලාවට නං ඉතිං හිනා මතක් වෙන්නේ නෑ.. කොයි වෙලාවෙද ඇඳට පනින්නේ කියලා හිත හිතනේ ඉන්නේ.. හි හි... ඒත් මේ පෝස්ට් එකෙන් මම බැඳපු දවස් වල ආසාවෙන් කරපු දෙයක්, මේවෙනකොට මගේ අතින් මගෑරිලා කියලා මතක් කළා.. බොහොම ස්තූතියි සරා අයියට.... ඔය වගේ පුංචි දේවල් කසාද ජීවිතේ ලස්සන කරනවා, ජිවිතේ අර්ථවත් කරනවා කියලා මම දන්නවා.. ඒත් කාලයත් එක්ක ඔය ව‌ෙග් පුංචි දේවල් තමයි මුලින්ම මගෑරිලා යන්නේ.. ඒක තේරුම් ගියේ මේ පෝස්ට් එකෙන්.. බැලුවාම පිරිමි ඔක්කොම එක වල්ලේ පොල්.. හි හි..

    හැබැයි ඉතිං එකක් තියෙනවා... සරා අයියා වගේ අපේ මහත්තයා නම් කවදාවත් මගේ හොඳක් ඔය විදියට කියන්නේ නෑ.. ( ඒ ඉතිං එයාට මගේ හොඳක් පේන්නේ නැති හින්දද දන්නෙත් නෑ.. හි හි) ඒ අතින් නංගි බබා ගොඩක් වාසනවන්තයි... මූණටම නැතත් මේ විදියට හරි එයාව වර්ණනා කරන්න ක්‍රමයක් සරා අයියට තියෙනවනේ... හි හි....

    සින්දු නම් පුරදු පරිදි ඇහුවේ නැත... ඊට වඩා පෝස්ට් එක හිතට වැදුනා... හි හි...

    ReplyDelete
    Replies
    1. Hiru ara parana purudda aye patan ganna. Compithre lagata wela hitiya wage newe mahaththayawa sathutin thiyana eka. ( tharaha wennepa hode mehema kiwata )

      Oyage mahaththayata wage matath compithareth ekka tharaha enawa welawakata. Api degollama kamathine api, api lagama innawa nam.

      Delete
    2. මේක කියෝනකොට නං මටත් ඇඩෙනවා හිරුවෝ. කොංපීතරේට වඩා අපේ මහත්තයා ගැන හිතපං. යමක් වුණාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නෑ...

      Delete
    3. @ හිරූ

      උඹට මම ඊයකින් උත්තර දෙන්නම්. මේ ගමන අමතක නොකරම එවනවා හිරූවෝ.

      Delete
    4. @ නංගි බබා

      ඔයා හරි...

      Delete
    5. @ නලින්

      ඔබ හරි මිත්‍රයා. මම එකඟයි.

      Delete
  4. බොහොම ස්තුතියි සරා මගේ මතකය මගේ යෞවනය වෙත ගෙනගියාට. ඒ අතීතය තුල නැවතත් මොහොතකට සැරිසැරුවා. යෞවන ප්‍රේමයේ සුන්දරත්වය මෙන්ම විරහවත් ඒ මතකය තුල තිබෙනවා. ඒ මිහිරි වේදනා අලුත් කලාට ස්තුතියි.

    ඔබ මේ ඉදිද්රිපත් කර තිබෙන සිංහල ගීත සියල්ලම 1970 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ එමෙන්ම හරවත් පදමාලා වලින් යුක්තවූ ගීත. එයට හේතු කීපයක් තියනවා.

    1. ඒකාලයේ පාසල් සිසුන්ගේ සහ සමාජයේ බහුතරයකගේ භාෂා සහ සාහිත්‍ය ඥානය දැනට වඩා උසස් තත්වයක තිබුනා. එය පහත වැටුනේ නව අධ්‍යාපන ක්‍රම යටතේ සාහිත්‍යය පාසලෙන් ඉවත් කල නිසයි.

    2. පොත්පත්, පුවත්පත් ලිපි කියවීම අද එදාට වඩා අඩුයි. ඒ නිසා මනස කෲර වෙනවා මිනිසුන්ගේ.

    3. රූපවාහිනිය කියන ගොන් පෙට්ටිය ඒ කාලයේ නොතිබුන නිසාත්, පෞද්ගලික එෆ්. එම්. නාලිකා කියන කොඩිවිනය නොතිබුන නිසාත්, මිනිස්සු ඇහුවේ රජයේ ගුවන්විදුලිය පමණයි. හැබැයි රජයේ ගුවන්විදුලිය දැන් වගේ පඩික්කම් ගඳ ගහන කටක් සහිත හඩ්ඩන්ට සින්නක්කර ලියලා දීලා තිබුනේ නැහැ, කුජීත දේශපාලුවන්ට ගොම්පස් අල්ලන්න. දේශපාලනය සීමිතව තිබුනා. නමුත් ශාස්ත්‍රීය වැඩසටහන් බහුලව තිබුනා.

    ඒ කාලයේ ගුවන්විදුලි සරලගී (මොනවද ගුවන්විදුලි සරල ගී කියන්නේ කියලා කවුරුහරි අහයිද දන්නේ නැහැ) වැඩසටහන් නිසා අපේ ගීත සාහිත්‍යය අතිශයින් පෝෂණය වුනා. සතතාභ්‍යාසය සහ නිසි ශික්ෂණය ලත් ගායක ගායිකාවන් වෙත, උගත් ගේය පද රචකයන්ගේ සහ පරිණත සංගීතඥයන්ගේ සහාය නොමදව ලැබුනා. 70 දශකයේ ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, වැනි රචකයන්ගේ නවමු අදහස් වලින් පෝෂණය වූ ගීත තමයි ඔබ ඉහත දක්වා තිබෙන්නේ.

    සනත් නන්දසිරි ආයාචනාත්මක බැල්මෙන් ගීතය කියපු කාලේ ඔහුගේ කොණ්ඩය හොදට තිබුනා. බිරිඳ හිස අතගාලා තමයි කොන්ඩේ යන්ඩ ඇත්තේ. :D

    නිරංජලා 'මනමාලියවී' කිව්වේ අබේවර්ධන බාලසුරිය නමැති දුර්ලභ ගණයේ ගායකයා සමග අතිනත් ගත් දිනවල. ජාතික රූපවාහිනියේ එකල ප්‍රචාරය වූ 'නන්දන වින්දන' නමැති මාසික විවිධ ප්‍රසංගයේ ඇගේ මංගල ඡායාරූපයද සහිතව මේ ගීය ඉදිරිපත් කෙරුනා.

    ඒ කාලේ චන්ද්‍රිකා සිරිවර්ධන කියන්නේ තාරුණ්‍යයේ හඬක්. ඇගේ ගීත අපි ඇසුවේ ප්‍රේම ලෝකයේ අතරමං වෙමින්. එමෙන්ම ඇය සිනමා නිලියක් මෙන් රූමත්.

    නසීබ් චිත්‍රපටිය අන්තර්ජාලයෙන් බාගෙන සකසාගත් ඩී.වී.ඩී. තැටියක් මාලඟ තිබෙනවා. ශත්රුගන් සිංහගේ දුවත් දැන් ජනප්‍රිය නිලියක්. ඔබ ඉදිරිපත් කර තිබෙන ගීතයේ ඉන්න නිළිය රීනා රෝයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දැං කාලෙ ඔය සිංදු කියන ස්ටාර් කෙනෙක්වත් සරල ගී කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව ඇති.

      නන්දන වින්දන කියන්නෙ ඒ කාලෙ තිබ්බ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන වෙන්න ඇති. ඒව එක්ක බලපුවම දැං තියෙන වැඩසටහන් මොනවද කියල හිතෙනව.

      Delete
    2. @ විචාරක

      ඔබටත් ස්තුතියි මහත්මයා. ඇත්තටම ඔබටත් වඩා මෙයින් ප්‍රයෝජන ලබන්නේ මම. ඔබේ කොමෙන්‍ටු තුලින් මම ලබන දැනුම අති විශාලයි. සමහර විට එය ඔබ නොදන්නවා වෙන්නටත් පුලුවන්. මම මගේ මතකයේ ‍රැඳුනු යමක් කියූවිට එහි සම්පූර්ණ තොරතුරු කාලවකවානු සමගින් ඔබවෙතින් මට දැනගැනීමට හැකිවෙනවා. ඒනිසා මගේ දැනුමට යමක් එකතුවෙනවා. හැබෑවටම මා ප්‍රිය කරන මෙම විෂය ගැන ඔබේ දැනුම විශාලයි. මේවා පලකිරීම තුලින් මේ ගැන මා නොදන්නා තොරතුරු මට දැන ගත හැකිවීම ගොඩාක් වටිනවා මට.

      Delete
    3. @ ප්‍රසන්න
      //දැං කාලෙ ඔය සිංදු කියන ස්ටාර් කෙනෙක්වත් සරල ගී කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව ඇති.//


      ඇත්තටම ඔව් ප්‍රසන්න.

      Delete
  5. කතන්දරේ කියෙව්වේ සිංදු අහන්න බැරියෝ.. වීඩියෝ වගේම ඕඩියෝ එකකුත් වෙනම දාපංකෝ. චොර නොවී අහන්න...

    ReplyDelete
    Replies
    1. තව මාස දෙකක්වත් යනකම් මට ඒ වැඩේ නම් කරන්න වෙන්නේ නෑ යාලුවා. ආවම බලමු.

      Delete
  6. දැන් ඔෆිස් එකේ මේ වෙලාවෙ සින්දු අහන්න විදිහක් නෑ ඒ නිසා ගෙදර ගියාම අහන්නම්කො...

    ReplyDelete
  7. මිදුලේ මල් සිංදුවයි, සමුගන්නට අවසරයි සිංදු දෙක මගෙත් ආසම සිංදු දෙකක් තමයි.

    සිංදු ටික වගේම විස්තරෙත් නියමයි සරා.

    ReplyDelete
    Replies
    1. නෑ... ඇත්තමද ඔය....? එහෙනම් ස්තුතියි ආයිබොවං... හැක්

      Delete
  8. Mmmmmmmm... Monawada kiyanne. Sathutui mata mewa kiyawana kota. Aththenma pawul jeewithaya sathutin geniyanna mudal godak one na. Eth adare nam godaaaaaaaaaaaaaak one. Oyage eka adare pirunu wachanayak mawa dawas ganak sathutin thiyanawa. E wagema thamai eka wachanekin sara unoth dawas ganak adanawa. Ape hinawa sahalluwa sathuta mahaththayawa sathutin thiyanawa kiyala mamath hithanawa. Oyalath ehemama hithanna.

    Sindu tikath lassanai hode.

    ReplyDelete
    Replies
    1. ඔයා නිසා මමත් ගොඩාක් සතුටින්නේ.

      පාරෙදි මොන අඩවු අල්ලලා ආවත් මම ගෙදරදි හොඳ ළමයා නේද...?

      Delete
  9. ඇඩෙනවා සරෝ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නාඩා ඉඳින්...

      සුභවේවා අහවල් එක ලැබේවා.

      Delete
  10. ඕය සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියකට දාපන්කො බං..!

    පෝස්‍ටුව බලල ඈතට ගියා බං..!

    වැඩේ තියෙන්නෙ දරුමල්ලො ඉන්නකොට ඕය වගේ රෑට එනකන් බලා ඉන්න ඒව...අමතක වීම,අතපසුවීම වගේ කාරනාත් වෙනව. ඒත් පිරිමි අපි එහෙම බලාපොරොත්තු වෙනව නේ බං...හිරු කිව්ව වගේ පිරිමි කවුරුත් එකවල්ලෙ තමා.

    ReplyDelete
    Replies
    1. යූ බටේට දාලා කියන්නම්. එතනින් බාගනින්. ඒනැතත් එවන්න කෙරේමයක් කියපං මම එවන්නම්.

      ඒවුනාට හිතට ලොකු සහනයක් මචං බිරින්දෑගේ ආදරනීය වචනයක් පවා.

      Delete
  11. මේ සින්දු කවදා හරි ඇහිලා තියනවා වගේ හුරු පුරුදු ගතියක් තියනවා..හැමදාම වගේ ලොකු බාරසාරකතාවක් සින්දුවලින් අයිසින් කරලා ඔළුවට පත බාන සරාට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. බරසාර....?
      හික් .. ඕං ඉතින් රූ නෝනා මට විහිළු කොරන්ට තිබාගත්තා.

      Delete
  12. ඉතාම අගෙයි.. දිගු කොමෙන්ටුවක් දැමුය යුතු පෝස්ටුවක් වුවත් වැඩ කරන ගම්න් නිසා අපහසුයි.. ජයවේවා සරා

    ReplyDelete
    Replies
    1. ඒකට මක්ක වෙනවැයි නලින් මහත්මයා.

      පැමිනීමම අගයකොට සලකමි.
      ජයම වේවා.!!

      Delete
  13. මාත් මාරම ආසයි සින්දුවලට සමහර වෙලාවට යු ටියුබ් පීරනවා සමහර පරණ සින්දු හොයන්න

    ReplyDelete
    Replies
    1. අහා... උඹ පීරලා වෙන්නැති දැන් ඒක පිළිවෙලට තියෙනවා. ජය වේවා..

      Delete
  14. කට්ටිය උඩ ලස්සනට කියලා තියෙන්නෙ. මම එච්චර ඔය සබ්ජෙක්ට් එක නොදැන නිකං තප්පුලන්න යන්නෙ නැතුව ඉන්න එක හොඳයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය මහත්තැන්ට කියන්ට දෙයක් ඇතෙම නැතෙයි. කාරි නෑ ගෙහුන් එන්ටකෝ හෙනං..

      Delete
  15. අද නම් අහපු කලින් නැති සින්දු ටිකකුත් තිබුන. ජීවිතේ ලස්සන වෙන්න පුංචි දේවල් උනත් ලොකු බලපෑමක් කරනවා තමා....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අදනම් මල්ලියා මොනා හරි කොරලා වගේ. නැත්නම් බොට ලේසියකට දෙකොන මාරු වෙන්නේ නෑ නෙව.

      අන්තිමට කියපු ටිකට සරා එකෙන්ම ඕං...

      Delete
    2. හප්ප ද බොල.. මොනව ද මං මේ කොටල ගිහින් තියන්නේ... මේල් එක දැකල වත් මට ඕක මීටර් උනේ නෑනේ බං.. :D:D:D

      එක අතකට ඒකත් හොඳයි. හොඳට බලන එකෙක් ගෙ ලේ පිරිසිදු වෙන්නේ වත් නැතෑ ඕක දැකල. හිනා වෙලා බඩත් කොර වුනා සරෝ. :D

      Delete
  16. සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි.

    සරා මං ආසම සිංදුවක් උමේ කතාවත් එක්ක මට ආයෙත් මතක් උනා.
    කාලෙකින් හොඳ සිංදු ටිකක් ඇහුව

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....