Tuesday, February 12, 2013

සරාගේ වැලන්ටයින් පනිවිඩය..

   
                                     


              අර වැලන්ටයිඩේ හෙවත් පෙම්වතුන්ගේ දිනය උදාවීමට ඇත්තේ තව පැය ගනනාවක් පමණි. රට පුරා හැමෝම පාහේ ඕක සැමරීමට කල් තියාම ලක ලෑස්ති වෙනබවට සරාට දැනගැන්මට ලැබී ඇත. වැලේ වැල් නැති එකා පවා වැලන්ටයින් අතාරින්නේ නැතිය. බැලුවාම එය ඉතා හොඳ ප්‍රවනතාවයකි. අපේ සඟිස්කුරුතයේ නිම්වලලු පුළුල් වෙමින් පවතින බවට කදිම සාක්ෂියකි මේ. සරා ඒවායේ වරදක් දකින්නේ නැති. හැමෝටම හොඳනම් මටත් අවුලක් නැති නියාය නම් ඒය. 

          හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවාය. ඒ ආදරවන්තයන්ට විශේෂ දිනයක් මක්කටද යන්නය. ලෝකය පවතින්නේ ආදරය කරුණාව මතය කියා සරා අදහන්නේය. එනයින් ගත් කල හැම දිනයක්ම ආදරණීය දිනයන්ය. ආදරවන්තයන්ගේය. එසේනම් ආදරය කිරීමට හෝ ආදරවන්තයන්ටය කියා විශේෂ දින ඇවසි නැතිය. එහෙත් දැන් එහෙම දවසක් තියෙනවාය. එහෙත් බොහෝ දෙනෙක් මෙදින යොදා ගන්නේ ආදරය කිරීමටද නොවේය. එක එක කුප්ප කම් කිරීම සඳහාය. ඒගැන උදාහරන ගෝනියක් දිය හැකිය. එවිට මගේ වැලන්ටයින් පනිවිඩය දික් වෙනවාය. පෝස්‍ටුව නීරස වෙනවාය. කියවන්නාට එපා වෙනවාය.
එබැවින් ඒගැන කතා අත් හරිනවාය.

           සරා ලෝකය ගැන කතා දමන්නට නොදන්නේය. එසේ කිරීමටනම් හතීකොන කරක් ගසා තිබිය යුතුය. සරාට එවන් අත්දැකීම් නැතිය. එබැවින් දන්නාදේ පමණක්ම කතා කරන්නේය.  ඒ මෙසේය. සුපිරි පැලැන්තිය නියෝජනය කරන ඇති හැකි ඈයෝ තරු පංතියේ හෝටලවල වැලන්ටයින් (ස)මරන අතර මධ්‍යම, සාමාන්‍ය, නිර්ධන පංති පිලිවෙලින් තානායම්, ලැගුම්හල්, පකිස් පෙට්ටි මේ සඳහා ‍තෝරා ගනිති. ඔය එකක්වත් බැරි එකාගේ පිහිටට එන්නේ වෙරල කොනක හිඳ බලා ඉන්නා වැටකෙයියා පඳුරුය. වතු කම්කරුවාගේ පිහිටට වැටකෙයියා වත් නැතිවෙන්නේ "මනිය" ගහනකම් වත්තෙන් එලියට යාමට නොහැකි නිසාය. එබැවින් උන් ඒ සඳහා තේ පඳුරක් හෝ රබර් ගසක් ‍තෝරා ගනී. ගමේ එකාලාට දං පඳුරුය.කවුරු කොහොම කොතැන වුවද (ස)මරන්නේ වැලන්ටයින්ය.ඒ වනාහී අපේ නූතන සඟිස්කුරුතාංගයක්ය. එබැවින් එහි කිසි වරදක් නැත්තේය. නමුත් ආශ්චර්ය කරා යන ගමනේදී මේ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය නම් ප්‍රමාණවත් නොවන බව නොකියාම බැරිය. අනෙක් සඟිස්කුරුත උත්සව වලට මෙන් මෙයටද නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුමය. අවම වශයෙන් මෙහි අතුරුඵලයක් ලෙස රටට ලැබෙන "බෝනස්" ගැනහෝ අවධානය යොමුකල යුතු බවට දියවන්නා නෑදෑයෝ හඬ නැගිය යුතුය. ඒ මාපියන් නැති දරුවන්ය. ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා යමක් කිරීම රජයේ වගකීමකි. අනාථ නිවාස වැඩිවැඩියෙන් සෑදිය යුතු අතර ඒවායේ පහසුකම් තවතවත් වැඩි කල යුතුය. එවිට ඒ දරුවන් සුවසේ වැඩෙනු ඇත. ඔවුන් කුඩා කල කිසිදා නොදු‍ටු මව්පිය ගුණ වයනු ඇත. වැඩි වියට පැමිණීමේදී ඔවුන්ව ආදර්ශයට ගන්නවා ඇත. පොඩිහිටියන්ද දිනෙක වැලන්ටයින් සමරනවා ඇත. ඔවුන්ට සිදුවූ දෙයම ඔවුන්ගෙන්ද සිදුවනවා ඇත.
අහා........... කෙතරම් අපූරුද...?

හැපි වැලන්ටයින් එකක්ම වේවා.........!!!



42 comments:

  1. හැපි වැලන්ටයින් එකක්ම වේවා.... හි හි..

    ඒ දවස්වල වැලන්ටයින් නිසා මොන තරම් පිස්සුවක් නැටුවද අපේ අය... 14 වෙනිදා විහාරමහා දේවී එකේ පෙම්වතුන්ට බණත් කිව්වා මතකයි... වෙ‌ෙළන්දෝ මඬි තරකර ගන්න කොරන වැඩක් නම් තමයි... ඒත් ඉතිං ඉස්කෝලෙ යන කාලේ වැලන්ටයින් දවසට පොඩි රෝස මලක්, චොකලට් එකක් හම්බුනාම පුදුමාකාර සතුටක් දැනුනා...

    මොනාටද බොරු කියන්නේ.. මහ ලොකුවට සල්ලි තිබ්බේ නැති අපි දෙන්නට නම් වැලන්ටයින් කියන්නේ අත්කම් නිර්මාණ කරන දවසක්... අම්මලට හොරෙන් හංගගෙන පුංචි කාඩ් එකක්, බුක් මාර්ක් එකක් මං හදලා දෙනවා.. අපේ මහත්තයා නම් කී ටැග් එකක් හරි මොකක් හරි එයාගේ වැඩ කෑල්ලක් දාලා හදලා දෙනවා...

    එක පාරක් අතේ සතේ නැති වැලන්ටයින් එකකට එයා කැකුළු සබන් කෑල්ලක කැටයමක් කරලා දුන්න එකක් මං ගාව තාම තියෙනවා... ඒ සබන් කෑල්ල තාමත් සුවඳයි...

    මෙදා පාර අපේ මහත්තයට වැලන්ටයින් අමතක වෙලාද කොහෙද.. නැත්තම් චොකලට් එකක් හරි හම්බුවෙනවා... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු කියන කතාවට මෙතනදි මමත් එකඟයි.

      මම හැබැයි කතාකරන්නෙ වැලන්ටයින් දිනය ගැන විතරක් නෙවෙයි. අනිත් සියලුම විශේෂ දින ගැන.

      උදාහරණ: Mothers' Day. Fathers' Day, Teachers' Day වගේ.

      කෙනෙකුට කියන්න පුලුවන් අම්මා තාත්තා ගුරුවරයා සිහි කරලා පොඩී තෑග්ගක් දෙන්න, කාඩ් එකක් යවන්න විශේෂ දිනයක් ඕනෙද කියලා. හැමදාම අම්මට නොසලකන එකා එදාට අම්මට කාඩ් එකක් දුන්නට වැඩක් නැති වෙන්න පුලුවන්. නමුත් අම්මට සලකන එකා එදාට ඒවගේ දෙයක් කලාම ඒකෙත් වටිනාකමක් නැද්ද?

      මම නම් හිතන්නෙ තියෙනවා.

      ඔය ගුරු දිනයට සමහර ලමයි ගෙදරින් මලක් කඩාගෙන ඇවිත් "Happy Teachers' Day" කියලා දුන්නාම මට නම් හරිම සතුටක් දැනෙනවා.

      අනිත් දිනත් ඒවගේ තමයි. අමතක වෙන එකයි අවුල.

      Delete
    2. @ හිරු
      //එක පාරක් අතේ සතේ නැති වැලන්ටයින් එකකට එයා කැකුළු සබන් කෑල්ලක කැටයමක් කරලා දුන්න එකක් මං ගාව තාම තියෙනවා... ඒ සබන් කෑල්ල තාමත් සුවඳයි...//

      අපි දෙන්නා ගාවත් තවම තියෙනවා ඒ හුවමාරු කරගත් දේවල්. හැබැයි වැඩිය නෑ මොකද බොලාගේ වගේ දීර්ග ප්‍රේම පුරාණයක් නෑ නොවැ අපේ.

      Delete
    3. @Dude
      ඔබේ කැමැත්තක් වේවා....

      Delete
  2. අනේ උඹේ මගුල.... වැලන්ටයින් කනවා මං තව එකෙක් හරි මෙව්ව එකක් දැම්මොත්.. හැක්...

    ReplyDelete
    Replies
    1. කාපිය පොලොස් කිව්වලු. උඹට තලා ගියාද මතං..

      Delete
  3. අයියෝ වැලන්ටයින්

    ReplyDelete
  4. සරා අයියගෙ වෙලාවට උපුල් ශාන්ත සන්නස්ගල බ්ලොග් කියවන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මං එයාට ලින්ක් එක යවන්නං..

      Delete
    2. @ ළිහිණි
      //සරා අයියගෙ වෙලාවට උපුල් ශාන්ත සන්නස්ගල බ්ලොග් කියවන්නේ නෑ...//

      ඔන්න මට නම් තේරුනේ නෑ ඔයා අදහස් කරපුදේ...

      Delete
  5. හික්ස්... අතේ තියෙන තුට්ටුවට කෙළවෙන දවසකි.

    ReplyDelete
    Replies
    1. ආදරේ කොරන්න සල්ලිත් වියදම් වෙනවද මලේ....

      Delete
  6. හිරූ කිව්ව වගේ මමත් ඔය මොනවහරි දෙනවා.. හැබැයි ඉතින් මගේ මනුස්පයත් පිරිමියෙක්නෙ. ඉතින් ඔය සාමාන්ය පිරිමි වගේ ආආ තැන්කු කියල යන්නවා දෙනු නෑ, ඉතින් එක අතකට වලියකින් කෙලවර වෙන දවසක්.... මට නම් සල්ලි තියනව නම් හැමදාම වැලන්ටයින් මම සල්ලි තියන හැම වෙලේම මොනවහරි අරන් දෙනවා,, හැමදේම හොදයි නරකයි දෙකම තියනවනෙ...

    ReplyDelete
    Replies
    1. මට නම් ඉන්නේ අහිංසක ගෑණු දැරිවියෙක්. උන්දෑ රංඩු වලට නම් නෑ

      Delete
  7. ඔවුන්ට සිදුවූ දෙයම ඔවුන්ගෙන්ද සිදුවනවා ඇත.
    අහා........... කෙතරම් අපූරුද...? :D

    හැබැයි ඔය බාල චයිනීස් කාඩ් ගන්නෙ නැතුව තමංගෙ අතිං මොනවහරි නිර්මාණය කරල තමංගෙ පෙම්වතාට දුන්නොත් ඒකනං සතුටු හිතෙන වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කරන්නේ කාඩ් කුඩුකරගන්න එකනෙව යාලු.

      Delete
  8. හැපී වැලන්ටයින් එකක් කිව්වා.....!!
    මං නම් ඔව්ව සමරල නැත. මාත් හිතන්නේ ඕක එක දවසකට සිමා විය යුතු නැහැ කියල. ආදර තියේ නම් හැමදාම වැලන්ටයින් තමා.....

    මේ... මං ඔයාලගේ ලව් ස්ටෝරි එක කියෙව්වා. නියමයි ඈ.... මං කිව්ව කතාව වගේම තමා අවසානය විතරක් ටිකාක් වෙනස්..... :)

    ReplyDelete
    Replies
    1. සරා ඉතින් මදාවියානේ සමනළී ඒකයි ඔය. ඔය දුකෙන් නෙමෙයි නේද තවම වැලන්ටයින් සමරන්න නෑ කියලා..

      Delete
  9. මේ වැලට අයින්නන් ගැන මාතලං මසුරං කවි පන්තියක් ලියලා තියනවා සරා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආරංචියට...!

      Delete
  10. සමහරුන්ට නම් වැලන්ටයින් දිනය හරි වටිනවා එදාට හරි ආදරය කරන කෙනාව මතක් වෙනවාගේ..හික්ස්

    ReplyDelete
    Replies
    1. මට නම් හැමදාම රූ.....

      Delete
  11. එක් දින ආදරය. හරියට අර පාස්පෝට් කන්තෝරුවේ වගේ එක් දින සේවය. ඊට පහුවදා ඉඳලා හුළං. එක් දින ආදර අම්බරු ජෝඩු පටවාගත්ත මෝඩ කෝච්චියක් යවන්න එක චැනල් එකක් ගොම්බෙටි එකතු කරනවා මට ඇහුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. රටේ අම්බරුවෝ ඉන්නකම්ම ඕවයේ අඩුවක් වෙන එකක් නෑ මහත්මයා

      Delete
  12. හැමදාම ආදරෙන් ඉන්න ඈයොන්ට දිනයක් කුමට..?
    සුද්දොන්ට ඒකටත් වෙලාවක් නැතිව දිනයක් වෙන්කරගෙනම කරාද මන්ද..?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වීයා ඒ ගැන හිතිය යුතුයි....

      Delete
  13. මම නම් ජයග්‍රාහී විදිහට මේ අවුරුද්දේත් පොකට් එක පරෙස්සම් කර ගත්තා..

    ReplyDelete
    Replies
    1. හුරේ වේවා... නෑ නෑ ජයවේවා....!

      Delete
  14. මම සිංගල්... ආදරේ කරන උන්ට මොංගල්!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ රජ්ජුරුවා... කාටද ඩෝ මොංගල්.... උඹටත් එසේම වේවා

      Delete
  15. මාත් සිංගල් :) අපිඅට ඕවයින් දැම්ම වැඩක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් අහිංසකයනේ. හොඳ විදිහක්...!!

      Delete
  16. මම තවම ඔය දවස සමරලා නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. මමත්...! එකම හේතුව මට ආදරේ කරන්න එක දවසක් මදි කම...

      Delete
  17. වැල ටයින්..
    මේ දිනය සමරන්නේ ඇයි කියලවත් නොදැනයි සමහරු ඕක කරන්නේ. ආදරේ කරන්න අමුතු දවසක් මොකටද හැමදාම එහෙම ඉන්නවා නම්. අපි එක පාරක් වැලන්ටයින් දවසේ සිරිපාදේ ගිහින් පට්ට චාටරයක් කෑවේ. මට වැලන්ටයින් දවසේදී ඒක තමයි මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැලන්ටයින් සිරීපාදේ ඇවිත් උන්නද...? වෙන්න බෑ

      Delete
  18. Api laga innawa nam hamadama valantin nedoooooo. Ara uda thiyena photo eka shoi hode.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේදෝ....................!

      Delete
  19. //ආදරවන්තයන්ට විශේෂ දිනයක් මක්කටද යන්නය. //

    හොද ලිපියක් සරා..

    මට කියන්න තියෙන්නෙත් උඹ ඔය කියපු ටිකම තමා !

    ReplyDelete
    Replies
    1. උඹේ අදහස මම දැක්කා මචං...!

      Delete
  20. සරා, මොකෝ බන් බ්ලොග් එකට වුනේ.. පරණ ඒව මංගච්ඡන්නෙ කොහොමෙයි ?

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....