Monday, February 11, 2013

රටටම වින කටින "සුලං කිරිල්ලියෝ"....






            අද මම ඉතා කෙටි සටහනක් තියන්න යන්නේ සංවේදී මාතෘකාවක් ගැන. කවුරුවත් මා එක්ක අමනාප වෙන්න කරි නෑ. මොකද ඇත්ත කියද්දි සමහරෙක්ට කේන්ති යනවා නෙව. සරාට එහෙම දේවල් වෙනවා නිතරම. මේ කතාව හොඳින් කියවන්න, තේරුම් ගන්න. මේ සරා අහපු දැකපු තවත් කතාවක්. 

නිමිත්ත:
මේ ලඟදි දවසක් අපේ "පැතුමට" නාඳුනන අංකයකින් කෝල් එකක් ආවා. ඒක මෙහෙ අංකයක් ඒත් කතා කලේ ලංකාවේ කාන්තාවක්. තමන් මෙහෙ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරනා බවත්, එම ගෙදරම සේවය කරන පිලිපීන කාන්තාවක් තමන්ට මේ අංකය දුන් බවත් තනියම සිටිනා විට පාලුවක් දැනෙන නිසා ලංකාවේ කෙනෙක් සමඟ කතා කිරීමට තියෙන එකත් ලොකු දෙයක් නිසා කතා කල බවත් ඇය කිවුවා. අහපු කියපු දේවලට උත්තර දුන්න අපේ එකා ඇමතුම විසන්ධි කලා. ඊලඟට ඉහතින් කියලා තියෙන කතන්දරේ අපිත් එක්ක කිවුවා. මගේ ප්‍රශ්නය උනේ උඹේ නම්බර් එක පිලිපීන් කෙල්ලෙක් ලඟට ගියේ කොහොමද කියන එක. ඒකට උත්තරේනම් ඌ දන්නේ නැති බවත් ආයේ කතා කලොත් අහගන්න බවත් ඌ කිවුවා. කිවුවත් වගේම ඇය යලිත් පසුදින කතා කරලා තිබුනා. එතකොට කියලා තියෙන්නේ මෙහෙ වැඩ කරන පිල්ලෙක් තමයි අර පිලිපීන් කෙල්ලට පැතුමගේ නම්බර් එක දීලා තියෙන්නේ කියලා. කොහොම නමුත් දවස් කීපයක් යනකොට අපේ එකාට මේ කතා කිරිල්ල කරදරයක් වෙන්න පටන් ගත්තා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහතින් කියන්නට යෙදුන "අංගනාව" ‍රැයක් දවාලක් නැතුව අපේ එකාට කතා කරනවා, මිස් කෝල් (Missed calls) ගහනවා එක විකාරයයි. රෑ තිස්සේ මිස් කෝල් එනකොට සරා මවුගුණ වයන්නේ අපේ එකාගේ.
ඇයි අප්පා කාටද රෑ දෙගොඩ හරියේ ඇහැරගෙන හිංදි සිංදු අහන්න පුළුවන්. හා... නැද්ද මං අහන්නේ...? :D
     
            බැරිම තැන පැතුමා අනේ මේ ඔයා මට කතා කරන්න එපා මම ඔයාට යාලුවෙක් හඳුන්වලා දෙන්නම් ඔයා එයා එක්ක කතා කරන්නය කියලා අල්ලපු කාමරේ ඉන්න "පොරකගේ" නම්බර් එකක් දීලා ෂේප් උනා. අන්න ඒ "පොර පුතා" නම් වැඩේ ලස්සනට කොරගෙන ගෙහුන් තියෙනවා කියලා පැතුමා කිවුවේ මේ ලඟදි අර කියපු කාන්තාවගේ උඩුකය නිරුවත් චායා රූපයකුත් ඔය කියපු පොර පුතා ගෙන්නගෙන තියෙනවා දැකලා ඇවිත්. මේවා විතරක් නෙමේ "ඕන නම් සල්ලිත් එවන්නම්" කියලා කිවුවා කියනවනේ. ගල් අරාබියෙක් වුනු පොර පුතා වගේ උන් සරා ආශ්‍රය නොකරන නිසා ඌ සරාගේ කාමරේට නම් එන්නේ නෑ. මේ විස්තර සේරම පැතුමා තමයි අපේ කාමරේට ගෙනාවේ. හැබැයි ඉතින් සාක්ෂි සාධක ඇතුවම මේ තොරතුරු ඌ ලඟ තියෙන නිසා වගකීමෙන් කියන්න පුළුවන් මේක බොරුවක් මුසාවක් නෙමෙයි කියලා.

මේක සරා මුහුණ දුන් තව සීන්කෝන් එකක්:
සරා මෙහෙට එන දවසේ සරාලා පැමිනීමට නියමිත ගුවන් යානය පැය 11ක් ප්‍රමාද උනා. ඒ හේතුව නිසා රියාද් බලා යාමට සිටි සියලුම මගීන් ලඟ පාත හොටෙල් වල නවත්වනු ලැබුවා තාවකාලිකව. මැද පෙරදිග ගෘහ සේවයට යාමට සිටි කාන්තාවන් 20-25ක් පමණ පිරිසකුත් අපිත් එක්ක හිටියා. ගුවන් තො‍ටුපොලේ සිටිද්දී පවා ඔවුන් හැසිරුනේ හරියට වසර ගනනාවක් සිරගතව සිට නිදහස් වූවන් පරිද්දෙන්. මගේ අනුමානය නිවැරදිනම් එතැන සිටි කාන්තාවන්ගෙන් බාගෙට බාගයක් විදේශ ගත ‍රැකියාවල පුරුදු කාරියන්.10-12ක් පමණ පලමුවර විදේශ ගතවන්නියන්. නමුත් අර අලුත් අය පවා පුරුදු කාරියන් අනුකරනයේ යෙදුනා යැයි කිවුවොත් ඒක මුසාවක් නෙවෙයි. ගුවන් තො‍ටුපලේදී ඔවුන් හැසිරුනු හා කලකීදෑ සවිස්තරව ලියා මේ ලිපිය දිගු කිරීමේ අදහසක් මාතුල නැති නිසා මම ඒකිසිත් නොලියනා බව කියවන ඔබලා දත යුතුයි. නමුත් අපේ තාවකාලික නවාතැන් කරා යාමේදී ව්‍යංගාර්ථ විවෘත ආරාධානාවක් නම් කෙරුනු බව කිවයුතුයි. ඒ කාන්තාවන්ගේ අදහස උනේ "මෙහෙම තැන් වලදීවත් මෙහෙම නැත්නම් වැඩක් නෑ" කියායි. සරානම් ආරාධනාව ප්‍රතික්ෂේප කලේ ඉතාම කාරුනිකව. නො එසේනම් සරාටද නාදුනන කාන්තාවක් සමඟ පැයකට දෙකකට යහන්ගතවීමේ "භාග්‍ය" උදා වෙනවා. සරා එසේ කිවුවේ ඔය කියපු අහවල් එක ලබා ගත්තු මැදිවියත් ඉක්මවමින් උන්නු හාදයෙක් මෙහෙ "චෑන්ස්" ලැබෙන්නේ බොහෝම කලාතුරකින්ය කියලා සරා එක්ක කියපු කතාවක් මතක් උනු නිසා. ඒක හිතලුවක්ය කියන්නට හැකියාවක් නැත්තේ ආරාධිතයන් අතර සරාද වූ නිසා.

           සරා කොහොමත් තුන්වේල කටට රහට කාපු එකෙක් වුනු නිසාත් සරාගේ ගමනේ අරමුන ඔය කිසිවක් නොවුන නිසාත් සරාට ඒ ගැන හිතන්න වද වෙන්න උවමනාවක් තිබුනේ නෑ. ඔන්න දැන් කෙනෙක් කියන්න බැරි නෑ "නිකන් බයිලා ගහන්න එපා බං, දුන්න නම් උඹ නොගහ ඉදියි" කියලා, ඒවගේම අර කාන්තාවොත් සමහරවිට හිතන්න ඇති මෙහෙම උන්නට සරා "නමයක්" (නම්බර් නයින්) කියලා. හැබැයි ආයිබොවන් මට ඔය කතා දෙකම වැදගත් නෑ. මොකද සරා කියන්නේ සරාට, ආයේ ඒකට අ‍ටුවා ටීකා එකතු කරන්න හේතු දක්වන්න මට උවමනාවක් නෑ.

මට තියෙන ප්‍රශ්නේ මේකයි.
ඇයි ලාංකීය කාන්තාවෝ මෙහෙම හැසිරෙන්නේ....?
මේ හැමෝටම දූදරුවෝ ඉන්න, සැමියන් ඉන්න, මව්පියෝ ඉන්න අය. එයාලගේ අනාගතය සිඛිතමුදිත කරන්න හෝ තම පවුලේ ආර්ථිකය ගොඩ ගන්න කියලා නේද මෙයාලා මේ අයුරින් විදේශ ගත වෙන්නේ. ගුවන් තො‍ටුපල ඇතුලට එනකොට ඉන්න අය නෙමේනේ මේක ඇතුලට ඇවිත් ටික වෙලාවක් යනකොට ඉන්නේ. එහෙදියි මෙහෙදියි මෙයාලා හැසිරෙන විදිහ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. අනේ ටිකකට හිතන්න බැරිද අපි මේ කිසිම කැතක් හිරිකිතක් නැතුව විනාශ කරන්නේ අපේම අයගේ විශ්වාසේ විතරක් නෙමේ රටේ නම්බුව කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ පාලුව කාන්සිය නිසා කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. ඇයි එහෙම කියන්නේ...?

බලන්න දැන් අපේ බ්ලොග් අවකාසේ මැද පෙරදිග සේවය කරන කෙල්ලෝ කීදෙනෙක් ලියනවද කියලා. ඔය කියන පාලුව කාන්සිය නැති කර ගන්න මේක හොඳ ක්‍රමයක් නෙමෙයිද.....? තමන්ගේ නම්බුවයි ගෞරවයයි ‍රැකගෙන රටේ නමත් තියාගෙන කොයිතරම් අපූරුවට නිර්මාණ කරණයේ යෙදෙනවද ඔවුන්. අපටත් ආඩම්බරෙන් යෙහෙලියකට වගේ සොයුරියකට වගේ කට පුරා ආමන්ත්‍රණය කරන්න පුලුවන් ඔවුන්ට. ලංකාවේ කෙල්ලෝ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන්. ඒත් මේ ඇතැමුන් කරන නොපනත්කම් නිසා නොදන්නා අය මොවුන් දිහාත් වපර ඇහින් නොබලාවිද........?
මදක් සිතන්න....................!!


පසු වදන:
මගේ මිතුරා සතු හා මා සමඟ පැවසූ සියලු තොරතුරුවත් ඉහත කාන්තාවගේ වොයිස් ක්ලිප් එකක් වත් මා මේ සමඟ පල නොකරන්නේ මානුශීය කරුණු සැලකිල්ලට ගෙනය. එහෙත් විදේශ ගතව වල් බූරු නිදහසක් භුක්ති විඳිනා අය ඇතොත් මේ කරුනු හොදින් සිතට ගන්නාමෙන් දැන්වීමට කැමැත්තෙමි. ඔබලාගේ කෙරුම් එක් අයෙකට පමණක් සීමාවීයැයි නොසිතන්න. කාන්තා නිරුවත ඉදිරියේ හැමෝම දන නොගසනා නිසාත් තාක්ෂනය ඉතා දියුනු නිසාත් ඔබලාගේ ක්‍රියා කාරකම් නැවැත් වීමට කාලයයි මේ. නැතහොත් නැවත මවුරට ඒමේ අවස්ථාව නැති කිරීමට සරා වැන්නෝ ක්‍රියා කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතිබව ඔබලාට දැන්වීමට කැමැත්තෙමි.

ඒ නිසා අපේ මේ බ්ලොග් ලියන කෙල්ලෝ දිහා බලලවත් හැදියල්ලා. උඹලා ඔය භාවිතා කරන තාක්ෂනය ඒ වගේ වැඩකට යොදා ගනිල්ලා. ඇත්ත හැමෝටම ලියන්න බෑ, ඒත් කියවන්න පුලුවන්නේ. එහෙම දේකට යොමු උනාම පාලුවට තනිකමට ඉඩක් නෑ. මොකද උඹලා ඔය කන්නේ රටේ නම්බුව.

ඔය රතු පාට අකුරුටික අමුනද්දී අපූරු කිවිඳියක වුන ගජමන් නෝනාව මතක් වුනා. රත්වෙච්ච ලේ නිමෙන්නත් එක්ක එයා ගැන ලියවුනු කැලෑ පත්තරේකට ඇය පිලිතුරු දුන් කවියක් කියලා යන්නම්. මේ සම්බන්ධ කතාවත් බොහොම රසවත් එකක් වුනාට දැන් මගේ මූඩ් එක හරිනෑ ඕවා කියන්න.
මේං ඒ කවිය ඒගමන් මාත් ගෙහුං එඤ්ඤං ආයිබොවං.......!!

වටිනා දෙයක් කොට සිතු මෙමගෙ           තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කලෙමි                බොල
සිටිනා දන මෙගම සහ අවට                     ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව්                       සියල



පින්තූරය ඉල්ලගත්තේ ගූගල් යාලුවාගෙන්

35 comments:

  1. මළ මඟුලයි, මේ වගේ අය කීපදෙනෙක් නිසා තමයි සමස්ථ පිරිසගෙම නම කැතවෙන්නෙ.
    එහා කාමරේ එකා නම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් වගෙ, හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ආන්න එක තමයි යාළුවා මට කියන්න ඕන උනේ. තලන කොට කාපු එකයි නොකාපු එකයි දෙන්නම අහුවෙනවා. ඒකලත් වැරදී යාළුවා, හැබෑවටම මෙහෙ ඉන්න සමහරක් පිරිමිත් ඔහොම තමයි ඒත් ඒ අයගෙන් බහුතරය අන්‍යාගමිකයෝ නිසයි මම ඒගැන නොලිවුවේ.ඇයි කියලා හිතා ගත හැකිනේ.

      Delete
  2. ඔය වගේ එකෙක් දෙන්නෙක් හිටියම ඔක්කොගෙම කාඩ් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත යාළුවා.

      Delete
  3. අපේ මහත්තයත් මට ඔය වගේ කතා ඕනේ තරම් කියලා තියෙනවා.. ඒක නිසා මාත් දන්නවා සරා කියන දේ සම්පූර්ණ ඇත්ත කියලා...
    සරා මෙතන කිව්වේ ගෑණු අය ගැනනේ.. අපේ මහත්තයා මට ඔය ව‌ෙග්ම පිරිමි අය ගැනත් ගොඩක් ‌දේවල් කියලා තියෙනවා... විශේෂයෙන් දරු පවුල් කාරයෝ එහෙදි හැසිරෙන විදිය ගැන.. එයා කියන විදියට සමහර පිරිමි අය ඉන්නවලු එහෙ එක පවුලයි මෙහෙ එක පවුලයි ඉන්න.. හි හි.. ඇත්තටම එහේ ඉන්න පවුල ලංකාවේ තවත් පවුලක් ඉන්න ගෑණු කෙනෙක්ලු.. ඔන්න ඔහොම තමයි.. ඕක අද ඊයේ ඇති වුන තත්වයක් නෙවෙයි..

    ඕකට ඇත්තම හේතුව නම් කිසිම උගත්කමක් නැති, ගම් වල ඉන්න, සමාජේ ගැන මෙලෝ දානයක් දන්නේ නැති අයව එකපාරටම වෙනම ලෝකෙකට ඇඳලා දාලා කරන ගොන්කම තමයි.... ගෙවල් වල හිරවෙලා හිටපු අය එකපාරටම නිදහස් උනාම තමන් කරන දේ හරි වැරැද්ද ගැන හිතන්නේ නෑ... ඕක ගෑණුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පොදුයි... ඒත් අපි වැඩිපුර කතා කරන්නේ ගෑණු ගැන.. පිරිමි ඔය වැරැද්දම කළාම අපි ගනන් ගන්‌ෙන් වත් නෑ.. හරියට අර “ පොර පුතා” කළා වගේ... ඒත් ගෑණියෙක් කළාම අපිට හරියට රිදෙනවා... ඇයි ඒ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ..

    ( මේ ඉතිං මේ පෝස්ට් එක කියවපු ගමන් මට හිතිච්ච දේ තමයි සරා අයියේ.. හි හි)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරූ, පිරිමි ගෑණු දෙකොට්ඨාශයම මේවා ජයටම කරනවා. ඒහේතුවෙන් හැමෝටම මඩ වදිනවා.

      Delete
  4. අය්ය කියපු පැත්ත නම් මම වැඩිය දන්නෙ නෑ ඒත් මගේ අක්ක මෙහෙ අවුරුදු 8ක් විතර වැඩ කරන කෙනෙක්, මම මෙහෙට ආපු ගමන් එයා කිව්වෙ සිංහල කෙනෙක් දැක්කොත් හම්බ උනොත් සිංහල නෙමෙයි වගේ ඉන්න කතා කරන්න එපා කියලයි. මම පුදුමෙන් බලන් ඉද්දි එයා කිව්වෙ ඒක වැරදි කියල ඔයාට හිතෙන්න පුලුවන් ඒත් එහෙම අදුරගත්තම හරි කරදරයි සල්ලි ඉල්ලගෙන පස්සෙන් එනවා රස්සාවක් හොයල දෙන්න කියනවා අන්තිමට අපේ වැඩ කරගන්න වෙන්නෙ නෑ සේරමත් හරි එයාලගෙ හැසිරීම අන්තිමයි කියල.
    ඔය කියන ගෘහ සේවිකාවො එහෙම දැක්කම හරියට ලැජ්ජ හිතෙනවා හැසිරීම අන්තිමයි.පාරවල් වල එහෙම යන්නෙ හැමෝගෙම අවධානව ලැබෙන තරම් හයියෙන් කෑගහමින්, දවසක් නංගි ගිය ගුවන් යානයෙදි කට්ටිය සිංදුවක් කියනවා වගේ ජතික ගීය කියනවලු, ඇදුම් එහෙමත් අන්තිමයි.
    ගිය සැරේ මම ලංකාවට යද්දි මගෙ බෑග් එක පොඩියි ඒත් වෙනම ලදරු තොටිල්ලක් ගෙනිච්චා අය්යගේ දරුවට, චෙකින් වලට පෝලිමේ ඉද්දි ලංකාවෙ ගෑනු මුලින් අහනව බෑග් එකක් දාල දෙනවද කියල බෑ බඩු තියනව කිව්වම සැරෙන් වගේ කියනවා ඔයාට බඩු නෑනේ බොරුනෙ කියන්නෙ මේ බෑග් එක දාල දුන්නම මොකද වෙන්නෙ, එහෙම උදව්වක් වත් කරන්න බැරිද කියල.. ඔන්න ඔහොමයි අපේ කට්ටිය මෙහේ

    ReplyDelete
    Replies
    1. ඔයාලා ගැන ආඩම්බරයි නංගෝ. මම අඳුනන්නේ නැතුවට කාන්සිය මග හරවගන්න බ්ලොග් කෙරුවාවට යොමුවීම තුලින්ම අනුමානයක් ගොඩ නගා ගතහැකි ඔය හිත් ගැන. යහපත්ව ජීවත් වීමට දරන උත්සාහයට මගේ ප්‍රණාමය.

      Delete
  5. සරා, මෙයත් එක් පැතිකඩක් පමණයි.. ඔබ දන්නවත් ඇති සත්‍ය තත්වය මීටත් වඩා බොහොම වෙනස්.. මා දන්නා අවස්ථා කිහිපයක්ම ඒ කියන්නේ අතේ ඇගිලි ගානට වඩා තියෙනවා.. ඔව් හැමෝම නෙමෙයි, දැං බලන්න සරාල වගේ කට්ටිය ඉන්නවා. එත් සරා වගේ නොවන අය තමා වැඩි. හැගීමට තමන්ගේ ආත්මයම විකුණන විකුණන් කන අය.. තමන් කරන්නේ මොකක්ද කියල නොදන්නාකමට වඩා ආසාවට ඒ හැම දෙයක්ම යට කරගන්න එක.. කනගාටුයි හුගක් සහෝදරියෝ එහෙම නෙමෙයි. ඔවුනට මෙය උපහාරයක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. මම එකඟයි..

      Delete
  6. ප්‍රශ්ණයට උත්තරය හරිම සරළයි සරා අයියා. වැරදි කරන එකා කොතන උන්නත් වැරදි කරනවා වගේම..නොකරන එකා කොතැන ගියත් වැරදි කරන්නෙ නෑ. ඒක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සාපෙක්ෂයි.

    ReplyDelete
    Replies
    1. //සරා අයියා.//
      කෙල්ල ටිකක් නගරං වෙලාද මංදා...

      හැබැයි අනික් වචන සැට් එකට නම් සරා එකෙන්ම..

      Delete
  7. ඔයා කියන කාරණාව ඇත්ත නම් තමයි , හැබැයි පිරිමි අය තමයි
    ඉහලිම්ම ඉන්නේ ලිස්ට් එකේ ...
    අනිත් දේ යන කෙනා කොහොම ගියත් යනවා.කොහොම නමුත්
    අනියම් සම්බන්දතා කියන්නේ පුදුම දුකක් කෙනෙක්ට සතුටක්
    වෙද්දී අනික් කෙනාට ...

    ඒ දුක එක්ක හැම දේම එපා වෙන්න පුළුවන් අනික් කෙනාට ..
    හොඳ ලිපියක් සරා , ඔයාල වගේ අය ලබන බිරින්දෑ වරු
    වාසනාවන්තයි ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.

      Delete
  8. දැන් ඉතින් හැමතැනම කියන්නේ සංනිවේදනය දියුණු වෙලා, ලෝකය පුංචි වෙලා, විශ්ව ගම්මානයක් වෙලා කියලනේ. ඉතින් ඔය විශ්වගම්මානයේ සංනිවේදනය නමැති වැස්ස වැහැලා කුණු ඇලවල් පිරිලා ගලාගෙන යන කුණු වතුර අපේ පුංචි නිවහනට එන්න දුන්නොත් ලෙඩ ගොඩයි. පොඩි කානු ගැට්ටක් දාලා ඒ කුණු වතුර වලක්වා ගැනීම බොහොම හොඳයි. කවුරු කොහොම මොනවා කිව්වත් ගෘහ සේවයට මැද පෙරදිග නෙවෙයි මොන හත්දිග්භාගයේ ගියත් බොහෝ දෙනෙක් අවල කෙලියේ යෙදෙනවාමයි. මම ඒ ගැන සනාථ කළහැකි කරුණු සහිත සිදුවීම් රාශියක් දන්නවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කුණු කන්දල් ගෙවල් තුලට නො එන තරමට අපි සැලකිය යුතු උසක මහත්මයා දැනටත් ඉන්නේ. කොහොම උනත් බොහෝ දෙනෙක් කියන එක හරි, නමුත් ඔක්කොම නෙමෙයි.

      Delete
  9. Mehema dewaluth wenawa neda me loke. Aththatama mama godak wasana wanthai mahaththayo oya wage kenek labenna. kochchara gahanu godak madde oya hitiyath mage vishwasaya kada karanne na kiyala mama dannawa.

    ReplyDelete
    Replies
    1. මාව මුරුංගා අත්තේ තියන්න වගෙයි කල්පනාව.

      Delete
    2. ඒ උනාට අපි දන්නවා සරා ගැන.. (ගෙදර යන්න කලින් අවුලක්වත් හදා දෙන්න ඕන)

      Delete
  10. අතේ ඇඟිලි පහම එකවගේ නැහැනේ සරා..හොඳ අය කැපිලා පේන්න මේ වගේ අයත් ඉන්න ඕන..

    ReplyDelete
  11. මේ දෙබිඩි රංගනය නම් උත්කෘශ්ඨයි. නැද්ද?

    ReplyDelete
    Replies
    1. වචන පේලිය කෙටි උනාට තේරුම් ගොඩාක් තියෙනවා අයියන්ඩි.
      ඔයාට තිබුනේ අතනින් "ය" යන්න අයින් කරලා දාන්න.

      Delete
  12. පවු සරා ඒකිට පාලු නිසාම තමා කතා කරන්න ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද ඔය...........? හැක්

      Delete
  13. අනේ මන්ද දුකත් හිතෙනව මහත්තයො වෙලාවකට... :-(

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි මහත්මයා.....!

      Delete
  14. ඔහොම සීන් එකක් තියෙනවා කියලා දැනගත්තේ අදනේ.මාත් කාලයක් රට යන්න ට්‍රයි කරා.වෙලාවට නොගියේ මොකද මාත් සරා වගේ පොරක් :P

    ReplyDelete
    Replies
    1. සං‍තෝසයි අඳුන ගන්න ලැබුන එකට, දාපන් පහක්..

      Delete
    2. ඔව් ඔව් අම්මට තියෙන ගෞරවේට හැතැම්ම ගණන් බයිසිකල් පැද්ද පොරනේ රු. 600 නය ඉල්ලගන්න.. අපි නොදන්න මඩිස්සා...

      Delete
  15. ඔය වගේ කතන්දර එහෙන් මෙහෙන් අහල තිබුනා . අනචාරේ යන එකා කොහොමත් යනවා. නැති එකා ගිය කාරිය කරගෙන නම්බු පිටින් ආපහු එනවා.

    ReplyDelete
  16. පව් යකෝ අර කොල්ලා..

    පිලිපීන් කෙල්ලක් කරල දුන්න නම් ඉවර නේ !

    ReplyDelete
  17. නිදහස විඳින්න ඒ හැම දෙයක්ම කරන්න වට පිටේ දකින දේවල් අනුකරණය කරන්න ගෙවල් වලට කොටු වෙලා හිටපු ඇතැම් ඇයට කාන්තාවන් ගැන කියන්න දෙයක් නැහැ.ගමෙන් කොළඹ ආවමත් ඇතැම් ඇය ඒ වගේ නේ..

    ReplyDelete
  18. අලේ... මන්දා රටේ ලෝකේ වෙන දේවල්..... තමා තුල හික්මීමක් නැතිකම තමා සේරටම මුල......

    ReplyDelete
  19. වැඩක් නෑ සරා කතා කරලා මුන් මේ අමු අමුවේ වළදන්නෙ රටේ නම. ගැහැණු විතරක් නෙමේ බන්.. ඔය හිටපු ගමන් මෙහෙත් කට්ටිය ඇවිල්ලා දානවනෙ සංගීත බජවු.. ඒවට ගිහින් අපේ උන් බීලා, කෙළගෙන චා වෙලා පොලීසිවලත් ළගින අවස්ථා තියනවලු.. හුඟක් ඒවට මුල් වෙලා තියෙන්නෙ ගැණු කේස්ම තමා.. ඇත්තෙනම් නිසි උගත් කමක් නැති අයව රට එවීමෙන් මුලු රටේම නම කැත වෙනවා බන්..

    ඔය පාලුව කාන්සියට ඕවා කරනවා කියන එකනම් ජනප්‍රිය බයිලයක්...

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....