Monday, February 4, 2013

දින කීපයකට අවතැන් වීමි.....


මේ පිංතූරේ හොයා ගත්තේ පැන්ටසි නිම්නයෙන්.


          සූදානම් ශරීරේ යැයි කවුද එකෙක් ගොඩ ඉඳන් පිහිනුවේයැයි කතාවක් අප අසා ඇත්තෙමු. පිහිනුව එකා කවුදැයි හැමෝම දන්නා නිසා ඒ ගැන කතාවෙන් වැඩක් නැත.මේ එවන්ම තවත් කතාවකි. සරාට එම සිදුවීම දැකගත හැකිවූවා සේම එම සිදුවීම කරනකොට ගෙන මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නවුන් අතර සරාද සිටි නිසා ලියන්නට සිත්විය.බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට හා ඇතැම් ඉන්දියානුවන්ට මෙය හාස්‍යයට කාරණයක් වුවද මෙහි වෙසෙන ස්වදේශිකයන්ට අනුව මෑත ඉතිහාසයේ ඔවුන් මුහුන දුන් දරුණුතම කාලගුන විපර්යාසය මේය. මෙතැන් සිට දිග හැරෙන්නේ ඉහත අපබ්‍රංශයේ සංශිප්ත සටහනයි.

          පුරා මාස කීපයක් අපව පීඩාවට පත් කල දැඩි ශීතල පහු ගිය දිනක හිටි හැටියේම නතර විය. දින දෙකක් පුරා තද සුලං පැවති අතර දෙවෙනි දිනය අවසාන වෙත්ම අහස අඳුරු පැහැ ගති. ගැබ්බර අහස වැසි පෙරනිමිති පෑවද මෙවන් කාල වකවානුවක මැදපෙරදිග අහසින් එවැන්නක් බලාපොරොත්තුවීම විහිළුවකි. තත්වය එසේ බැවින් සරාද පුරුදු පරිදි ඉකුත් සිකුරාදා(25) තම රෙදි පෙරෙදි සෝදා එලිමහනේ වේලෙන්නට දැම්මේ පසුදා උදෑසන ගෙට ගැනුමේ අටියෙනි. එහෙත් සරාගේ සේදීම ප්‍රමාණවත් මදිය සිතාදෝ වැස්ස වලාහකයා නැවත වරක් සියල්ල සෝදා තිබෙනු දු‍ටුවේ පසුදා උදයේය. 'වෙච්ච දේට එන්න සෙයිරිංග' කියා සරා රාජකාරි සඳහා නික්ම සවස හෝ රෙදි වේලාගත හැකි නිසාවෙනි. බලාපොරොත්තු ලෙසටම තම සිතැඟි සපලව තිබුනද සවස් වනතුරුම අහස ගැබ්බර බැවින් කාලගුන වාර්ථාව පිරික්සීමට සරාට සිත්විය. එයට අනුව දින පහක කාලයක් මෙම ප්‍රදේශයට වැසි සහිත කාලගුනයක් බලපවත්වන බව දැක සරාට සිහින් සිනහවක්ද පහලවිය.

          විශ්වාස කල නොහැකියි, මේ ලංකාව නොවෙයි. සරා තනියම මිමිනීය. ඉනික්බිති හේ නින්දට වන්නේය. මැදියම් ‍රැයේ සේවය නිමාකොට පැමිනි කාමර සගයෙකු 'එලියේ අම්බානක වහිනවා' යැයි පැවසීය. මෑත්කල පොරෝනය නැවතත් ඔලුවට දමාගත් හෙතෙම නැවත නිදන්නට විය. පුරුදු පරිදි උදෑසන සේවයට යාම පිනිස එලියට බට ඔහුට වෙනදා මෙන් පැහැදිලි අහස් කුසක් දක්නට නොලැබින. හාත්පස පැතිර තිබුනු අඳුර ඉරා දැමූයේ තැන තැන දැල්වුනු පහන් කනුය.

වහිනවා #$‍තෝ අද නම් නැතිවෙන්න...!
හේ තම සගයෙකුට පැවසීය. සරාගේ කතා විලාශය එසේය. ඒ කුමන හෝ අමනාපයක් නිසා නොව, තමන් වපුරන දේම නෙලන්නට වන බවට කදිම සාක්ෂියක්ම පමනි. අනිකාට එය ඇසුනාද කියා බැලීමට වත් සරාට ඇවසි නොවූයේ, ඒකාගේ කනේ ‍රැඳී MP3 ප්ලේයරය සරා කලින්ම දු‍ටු නිසාය. මද වේලාවක් ඉක්ම යද්දී ඔවුන් සේවා ස්ථානයට සේන්දු වූ නමුදු ඔවුන් දෛනික රාජකාරි ඇරඹීමටත් මත්තෙන් වැස්ස වලාහකයා තම කාරිය කදිමට ඉ‍ටුකරමින් උන්නේය. අඩහෝරාවක් ඉක්මයාමටත් මත්තෙන් රෝහල පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුනු අතර සියළුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරින. වර්ග කිලෝමීටර 15කට ආසන්න ප්‍රදේශයකට මෙම හදිසි දැනුම් දීම සිදුවූයේ රෝහලේ අතුපතර ඒ දක්වා විහිදෙන නිසාවෙනි.

          තවත් සුළුමොහොතක් ගතවෙද්දී සියළුම අංශ වෙත සිහිකැඳවීම් පත්ද නිකුත් කෙරුනු අතර වැඩිදුරටත් එහි සඳහන්වූයේ නැවත දැනුම්දෙන තුරු සියළු සේවකයන් රෝහල් පරිශ්‍රයතුල ‍රැඳී සිටිය යුතු බවයි. මධ්‍යහ්නය වන විට කාලගුණය යම් තරමකට සාමාන්‍ය අතට හැරුනු බැවින් බලධාරීන් යම් පමණකට තම තීරණ ලිහිල් කලෝය. සුලු පිරිසක් රාත්‍රී සේවා මුරයක් ලෙස සේවයේ යොදවනු ලැබූ අතර ඉතිරි පිරිසට නවාතැන් කරා යාමට අවසර ලැබින. නවාතැන් කරා ගියවුන් අතර සරාද සිටි නමුත් වැඩ කලා නම් හොඳා යැයි සරාට කියවුනේ අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇතිබව දැනගත් පසුය.
            ජංගම දුරකථන වලටද එම සංතෑසියම විය. පුරුදු නිවහනේ සිටියද සරාලා ලිං මැඩියන් ගානට වැ‍ටුනේ අවට ලෝකය සමඟ සියළුම සම්බන්ධතා බිඳවැටී තිබුන නිසාවෙනි. සුපුරුදු ලෙස නා කියා ගැනීමෙන් අනතුරුව කලහැකි කිසිවක් නොවූයෙන් තැන තැන වූ බඩු භාන්ඩ අසුරා තැබීමට සරා තීරණය කලේ තව නොබෝ දිනකින් මවුරට බලා යන නිසාවෙනි.සියළුදේ අසුරා අතපය සෝදා ඇඳට පැමිනීමට සූදානම් වෙද්දී විදුලි බලයද ඇණ හිටියේය.

ඕන %#ක්...!

ක‍ටුව තුලට රිංගන ඉබ්බෙකු මෙන් සරා පොරෝනය තුලට වැදුනි.
අගර් තුම් මිල් ජාවෝ....
සමානා චෝඩ දෝ මෙ හම්... 
පැතුමාගේ දුරකථනය බෙරිහන් දෙයි.
මොන %#$ක්ද යකෝ....!
ආ..... ඔව් මහප්පේ...!
හා හරි හරි.... මම බලන්නම්.. ඔව්....හා....!
මොකක්ද වතුර ගලන කතාවක් කිවුවා සරත් අයියේ... බ්‍රිගා වල කට්ටියව අයින් කරනවත් එක්කලු. එලියට බැහැලා බලන්න කිවුවා.

නිදි මතේම ඇදෙන් පහලට අත දමා බැලුවෙමි. දෙවියන්ට ස්තූතිවේවා. කාමරේ වතුර නැත.
දැන් කොහෙද වතුර ගලන්නේ....?
දන්නේ නෑ ඒ වුනාට බ්‍රිගාවල කට්ටිය අහක් කරනවලු.... එලියට බැහැලා බලන්න කිවුවා....!
තොට පිස්සුද හු$# මේ කරුවලේ බ්‍රිගා පේනවද...?
( බ්‍රිගා යනු මෙතැනින් කිලෝ මීටරයක් දුරින් පිහිටි ගම්මානයක් වන අතර එහි වෙසෙන සියළුදෙනාම විදේශිකයෝය. එහි ජන ගහනය අපේ රෝහල් සේවක මන්ඩලයෙන් තුනෙන් එකකි.)
පැතුමා එලියට ගොස් නැවත් පැමින මටත් කතා කලේ මොකක්දෝ කලබලයක ලකුණු පේනා බව කියමිනි. වැස්ස පායා තිබුනු අතර තරමක ශීතලක්ද පැවතුනි. ඈතින් පේන මාර්ගය වෙසක් දාට බෞද්ධාලෝක මාවත මෙනි. නෙක පැහැ එලි දැල්වෙන වාහන වැල නොකැඩී දෙපසටම ගමන් කරයි.
මේ මොන %#$ක්ද... ඇඳ ගාවට ගලනකම් මම නිදියනවා...! මම කාමරයට වැදුනෙමි.
                   
                              *************************
              
           හදිසියේම සරා අවදිවූයේ කන ලඟම ඇසුනු පොලිස් සයිරන් හඬිනි. ඒ සමඟම නිවේදනයකි. ඉන් කියවුනේ හැකි ඉක්මනින් සියලු දෙනාටම කාමර වලින් පිටවෙන ලෙසයි. නිදි ඇඳුමට උඩින් ජැකට්‍ටුවක් දමාගත් අප තිදෙනාද මුදල් පසුම්බිය පමණක් ‍රැගෙන ගේට්‍ටුවෙන් පිටතට ගමන් කරනා සෙනග අතරට එක්වූයෙමු. සියළු දෙනාවම ‍රැගෙන යාමට බස් රථ ‍රැසක්ම මේ වන විටත් පැමිණ තිබුනු අතර සියල්ලෝම ඒවාට ගොඩවූහ. සැනෙන් පිටත්වූ බස් රථවල ඊලඟ නැවතුම වූයේ අපේ රෙක් සෙන්ටර් එකයි. අප එහි නතර කලමුත් ඇතිවී තිබෙන තත්වය කුමක්දැයි කිසිවෙකුත් පැහැදිලි කලේ නැති.
             අප මෙන්ම එහි ‍රැස්වූ අනෙක් සේවක මන්ඩලේ අය විවිධ දේ කීවද ඒ සියල්ල අමූලික බොරු යැයි මගේ සිත කීවේය. ඒ මදිවාට සරාට රෙක් සෙන්ටර් එක වහ කදුරු මෙනි. ඒනිසාම ඌ තම කාර්යාලය දෙසට පාගමනේ යෙදින. ප්‍රධානියාගේ කාමරයේ කිහිප දෙනෙක් ගැවසෙනු සරාට දකින්න්නට ලැබෙන්නේ ඒ යන ගමනේදීය. වැඩි මනක් තොරතුරු දැන ගැනීමේ අටියෙන් සරා ප්‍රධානියා හමුවීමට ගියේය. ගං වතුරක් එන බවට නිල නොවන ආරංචියක් ඇතත් ඒ කොහි සිටද එහි ස්වභාවය කුමක්ද යන්න තමන් නොදන්නා බව ප්‍රධානියා සරා සමඟ පැවසීය. එවන් අනතුරක් ඇත්නම් ඒ පිළිබඳ හෝඩුවාවක් ඉහල මාලයට නැගීමෙන් අපට දැනගත හැකිබව සියළු දෙනාගේ මතය විය. ඒනිසා අප ප්‍රධාන ගොඩනැගිල්ලේ හය වන මහලට ගියෙමු. මෙතැනට නගරය පැත්ත හැරුනු කොට අනෙක් ප්‍රදේශ කිලෝමීටර් විස්සකටත් වඩා වැඩි ප්‍රමාණයක් කිසිඳු බධාවකින් තොරව පැහැදිලිව දර්ශනයවේ.

        නගරයේ ඇති දැවැන්ත ගොඩනැගිලි හේතුවෙන් ඉන් එහා දර්ශනයක් ලබා ගැනීම උගහටය. එහෙත් මීට කිලෝමීටර් දෙකකට පමණ එහායින් තිබෙනා ගුවන්තො‍ටුපල ආසන්නයෙන් ඇති විශාල කානුවේ( සැබැවින්ම මෙය නගරය සැලසුම් කිරීමේදී සකසන ලද ඇල මාර්ගයක් විය යුතුය. නමුත් මෙහි කිසිදාක ජලය හෝ එවන් සලකුණක් හෝ අප දැක නොමැත.) ජලය පිරී ඇති බවක් දිස්වුවද ඒ හැර කිසිදු ප්‍රදේශයක ජල ගැල්මක ලකුණකුදු නොවීය. අනතුරුව අප කීපදෙනෙකු පහලට පැමිණ රාජකාරි වාහනයක නැගී ඇල දෙසට ගමන් කලෙමු. එහි වූ ජලයද වැස්ස නිසා එකතුවූ බවට සාක්ෂි සාධක එමට වූ බැවින් පෙරලා රෝහලට පැමිනියෙමු. විකල්ප කිසිවක් නොවූයෙන් සියල්ලෝම එක්වී වට මේස සාකච්චාවක් ඇරඹූයේ ‍රැය පහන් කිරීම සඳහාය.

         පසුදා උදෑසන ඉහල නිලදැරුවන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් කියා සිටියේ දින හතරක් යනතෙක් මෙම කාලගුන තත්වය පවතින බැවින් එතෙක් කිසිවෙකුටත් පිටවී යාමට අවසර නොදෙන ලෙස ඉහලින් නියෝග ලැබී ඇති බවකි. ඒ වගේම මෙහි සිටින කාලය තුල දිගටම වැඩෙහි යෙදිය යුතු බවත් කියවිනි. අපගේ ජීවන ගීතය වන් ප්‍රශ්නවැල හා ඒවට ලැබුනු පිළිතුරු ඉතාමත්ම කෙටියෙන් මෙසේය.

අපිට කෑම බීම.......? ආයතනයෙන් සැපයෙන්නේ නැත...!
සනීපාරක්ෂක පහසුකම්....? රෝහලේ පොදු පහසුකම් ඇත...!
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇඳුම් පැලඳුම් ආදී මූලික පහසුකම්....? ආයතනයෙන් සැපයෙන්නේ නැත...!
නවාතැන්....? රෙක් සෙන්ටර් එක හා රෝහල ඇත...!
වැඩ...? පැය විසි හතර පුරාවටම ඇත...!
අතිකාල හෝ දින නිවාඩු....? නැත...!

අම්%$ #$%$#  මොන  %$#$ නීතිද බං මේවා...?
සරාට සිංහල මතක්වුවද බොසාට සිංහල නොතේරෙන බව අමතකව ගොසිනි.
මේ වැඩේ හරියන්නේ නෑ. වරෙන් අපි ගෙදර යන්න විදිහක් බලමු....!
සරා හිංදියට බැස්සේය. බොසාද එම අදහසට එකඟ වූයෙන් තවත් සගයෙක්ද කැ‍ටුව අපි පිටත් වූයෙමු. පළමුව සරාලාගේ කෑම්ප් එකටය. ආරක්ෂක නිලධාරියා සරාගේ මුහුණ දු‍ටු ගමන්ම ඇතුලට යාමට අවසර දිය නොහැකියැයි කීවේය. සරාට දැන් වැඩ ඇති බවත් යුනිපෝම් හා යතුරු ආදිය නැතිව වැඩ කිරීමට හැකියාවක් නැති බවත් සරා කීවේ "කැඩිච්ච අරාබි ඉංගිරිසියේ" අමුනාය.

(හැබෑවටම සරාට අරාබි බැරිය. කවුරු කුමක් ඇසුවද ඒ අරාබියෙන් නම් සරා කියන්නේ "මාපි මාලුම්" ( මම දන්නේ නෑ) කියාය. මෙහි ජීවත් වීම සඳහා එයම ප්‍රමාණවත් බව සරාගේ පර්යේෂණ වලින් මොනවට ඔප්පුවී හමාර බව නොකියාම බැරිය.) කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් බවත් නිලදැරුවා එය කදිමට තේරුම් ගත් බවත් සරාට වැටහුනේ සේවා හැදුනුම් පත ‍රැගෙන "කම්සා දගීගා" යැයි ඔහු පැවසූ නිසාවෙනි. වහා කාමරය වෙත ඉගිලුනු සරා අත්‍යාවශ්‍ය දේවල් තඩි බෑගයකට පුරවා ගෙන හැල්මේ දිව ආවේ සිකුරුට්ටාටද ස්තූති කරමිනි. අප වාහනයේ මීලඟ නැවතුම වූයේ බොසාගේ නවාතැන පිහිටි බ්‍රිගා එකය. එහෙත් ආරක්ෂකයන් එහි ඇතුලු වීමට බොසාට අවසර නොදුන්නේ බොසාගේ කරුණු දැක්වීම ප්‍රමාණවත් නොවුනු නිසා බවයි සරාගේ අදහස. බොසා නැවත පැමිණියේ නිලදැරුවාගේ මවුගුණ වයමිනි.

උඹ ලකී...!
බොසා එසේ කීවේය.
ඇත්තටම මම නෙමෙයි අර ආරක්ෂක නිලධාරියා හොඳ එකෙක්. ඌට යමක් තේරෙනවා....
සරාගේ ප්‍රතිචාරය එසේය.

            නැවත කාර්යාලයට පැමිනි සරා නාගෙන කාරිය පලමුව ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තේ ඇය (නංගි බබා) කලබල වේය සිතාය. ඉන් අනතුරුව රාජකාරියේද නියැලුනු අතර පැය20 කට පමණ පසු සරාලා ආහාර ගත්තේ නගරයට ගොස් මිලට ගෙනය. අදාල සිදුවීමෙන් පැය තිහක් ඉක්ම ගියද පරිසරයේ කිසිඳු වෙනසක් සිදු නොවීය. කාලගුනයද කෙමෙන් සාමාන්‍ය අතට හැරෙමින් තිබුනේය. බලධාරීන් සුපුරුදු ලෙසම නින්දේය. අවතැන් කරවූවන්ගෙන් සමහරෙක් කුස ගින්නේය. කාලය ඉක්මගොස් පසුදින ඉර උදාවිය. මිනිසුන් වැඩෙහි යෙදුනේය. දහවල පනිවිඩයක් ලැබුනි, ඒ කාලගුනය යහපත් බැවින් හවස පුරුදු ලෙස නවාතැන් කරා යන ලෙසය.

අප අවතැන් කර... අපගේ දුරකථන, අන්තර්ජාල හා විදුලියට කෙලවා උන් "නටපු තොයිලෙකුත් නෑ කුප්පියෙ තෙලුත් නෑ"......





27 comments:

  1. බලං ගියාම බලධාරින් කොහෙත් නින්දේනෙ බං.. :)

    කස්ටියව බොරුවට කළබල කරල වගේ..

    ReplyDelete
  2. ඇත්තට බං සරා මුංගේ නීති නම් කොහෙත් එකයි වගේ. වැඩිය මොලේ හෙම නෑ නේද ඔය කට්ටියට?

    ReplyDelete
    Replies
    1. වැඩිවෙලාවක් ඉඳගෙන ඉන්න නිසා තමයි අවුල. නිතරම තැලෙනවා නේ.

      Delete
  3. බලධාරීන්නං කොහෙත් නිදි තමයි සරා.
    හැබැයි ඔය රටට වැඩිය ලංකාව හොඳයි කියල හිතෙන්නෙ කොච්චර ගංවතුර ගැලුවත් ටෙලිෆෝන් ඉන්ටනෙට් වැඩකරන්නෙ නැතුව යන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පොතක් ලියතැහැකි යාලුවා ඔය ගැන.

      Delete
  4. ඔය ඉතින් රිසානගෙ බෙල්ල කපාපු සාපයලු හොඳේ...හි හි හී පව් ටික හෝදලා දාන්නලු ඔය තරම් වහින්නේ ...:P

    ReplyDelete
  5. මෙහාට වරෙන් බං ඔන්න ඔය අරාබි කාරයො එළවල දාලා... හැක්.. ඔහොම තමා බං..කියල වැඩක් නෑ...

    ReplyDelete
  6. උන් වැස්සට පුදුම බයයිනේ... හි හි

    ReplyDelete
    Replies
    1. ගොඩ ඉදන් පීනනවා උන්. හි හි

      Delete
  7. Onna danui wisthare hariyatama dana gaththe. Kiwe nahane ma ekka. Asawatawath wahinne nathi eka hodai wage.

    ReplyDelete
    Replies
    1. ලියලම දුන්නනේ දැන්.

      Delete
  8. අපොයි... ඒ දවස් ටිකේ එපා වෙන්නැති නේද......

    ReplyDelete
    Replies
    1. නෑ ඒ දවස් ටිකේ එපා උනා.

      Delete
  9. රට ඉඳි ගස් යට හිටපු ඔටුවන්ට වැස්ස ඇලජික් නෙව සරත් අයියේ.

    ah me danna kenek kiyanawada sinhala gahanna kramayak on line..
    mage sinhala ekata prashnayak awith...

    ReplyDelete
  10. හයියෝ ....
    වෙච්චි දෙයක්!!!

    ReplyDelete
    Replies
    1. මැටි මෝල් ලෝකයක නේ සරා ඉන්නේ...

      Delete
    2. @ බන්ඩා
      @ නලින්

      කියලා වැඩක් නෑ

      Delete
  11. ආපදා කළමනාකරණයට අරාබි භාෂාවෙන් (උන් එහෙම එකක් දන්නවනම්) කියන වචනය වහාම ඉගෙනගන්නවා හොඳයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හිකිස් එසේය.. එසේය..

      Delete
  12. සරා මරු කට්ටක් නේ කාල තියන්නේ. ඔය කාන්තාර ප්‍රදේශවලට කාලෙකට පස්සේ ඇති වෙන වැස්සෙන් නම් තාවකාලික ගංගා පවා ඇති වෙනවා කියල මං අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. තෙල් සහිත පොලවනේ. වතුර උරන්නේ නෑ. දැන් දවස් 10 විතර උනා ඒත් තවම තියෙනවා වැහැපු වතුර තැන තැන. කාන්තරේ උනාට මෙහෙ අඩි 12ක් යට යද්දි භූගත ජලය තියෙනවා යාලුවා.

      Delete
  13. මචං උඹ ඉන්නේ ඩුබායි වල නේද? මම ලඟදි දැක්ක ඉරාකයේ ගැන වතුරක්.

    දැන් හැම දෙයක්ම හොඳින් නේ.ලංකාවට ආවම බ්ලොග් ලියන එක නවත්වනවද?

    ReplyDelete
    Replies
    1. සෞදියේය. දිගටම ලියනවා මචං. මේක මගේ පාලුවට ලොකු පි‍ටුවහලක් උනා. ගෙදර ආවා කියලා මට දැන් ඒක අමතක කරන්න හිතක් නෑ. එතකොට අලුත් විශේෂාංග නම් එකතුවේවි.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....