Thursday, January 31, 2013

පුලුවන්නම් සොයාදෙන්න.....




සරාගේ ලෝකෙට යන එන හැමෝම වගේ පුංචි උදම්සාව හඳුනනවනේ... එයා තාත්ත රට ඉඳන් එනකොට ගේන්න ඕන බඩු ලිස්ට් එකක් කියනවා හැමදාම වගේ. ඒකට අළුතෙන්ම එකතුවෙලා තියෙන්නේ පණ තියෙන "ගැටළුවෙක්". තාත්තට හරිම පුරස්නේ මෙහෙම ජාතියක් නැත්නම් සතෙක් ඉන්නවද කියලා. අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියමුකෝ කොහෙන්ද මෙහෙම එකෙක් හොයා ගන්නේ කියලා.P


මට හිතෙන්නේ මේ උදම්සයි අම්මයි. ඒ මුහුණුවරමයි නේද.....? ඕං මම නෙමෙයි ඇන්දේ, එයාම ඇඳපුවා.


තාත්තට ආඩම්බර හිතෙන එක සාධාරනයි නේද..?



මේ මොකක්ද කියලා නම් අහන්න එපා මගෙන්. මොකක්ද කියලා මම දන්නෙත් නෑ.



ඔය බ්ලොග් ලියන නැන්දලා මාමලා වගේ කෑමට ලැජ්ජාවෙන්න හොඳ නෑ. මම පොඩි දවස්වලත් මෙහෙමයි.

තාත්තගේ අලකංචියේ විස්තර ලිපිය ලියවෙමින් තියෙන්නේ ඒකත් අරං එනකම් නැන්දලා මාමලා ටිකක් හොයලා බලනවද අර කාරනාව ගැන.....!!!

44 comments:

  1. ගැටළුවෙක් කියෙන්නෙ කොටළුවෙක් වගේ එහෙකුටද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මමයි නංගිබබයි ඕක දවල් කතාවුනා. හැබෑවටම ඔය කොටළුවා කියන සතා කොයිවගේ එකෙක්ද කියන කියලා මතකයට ආවේ නෑ අපේ. මම සීරියස් කියන්නේ, මට පුංචි පැහැදිලි කිරීමක් කරනවා නම් වටිනවා මචං.

      Delete
    2. කතාවක් තියෙනවා අශ්වයෙකුයි බුරු දෙනකුයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුවෙක් කියල. හැබැයි එකෙ ඇත්ත නැත්ත මම නම් දන්නේ නැ

      Delete
    3. ස්තුතියි ඔබට මහත්මයා. ජය හා සතුට...

      Delete
  2. බැටලුවෙක් වෙන්නත් බැරිද... ලස්සනයි සරා...දැන් අපේ ලෝකේ තියෙන්නේ මෙයාල අතේ තමා....

    ReplyDelete
    Replies
    1. මමත් ඕක ගැන කිවුවා මායියට. මට හිතුනෙත් එහෙමයි. ස්තුතියි ඔබට, හැබෑවටම මේ අපේ අනාගතය තමයි යාලුවා.

      Delete
  3. නිවාඩුවකට ඇමසෙන් පැත්තේ ගියොත් හොයාගන්න පුළුවන් වෙයි. මොකද ඒ කලේ ඕනෙම සතෙක් ඉන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. යනකොට මම අසරණයවත් අඬගහන් යනවා. මොකද ගිනි මකරු, කඟවේන්නු ගැන එහෙම විස්තර අහගන්නත් කෙනෙක් එපායෑ.

      Delete
  4. ඕක තේරුම් කරලා දෙනවට උඹ අපිට ගෙවනන් ඕනා..

    ඕක මෙහෙමයි.. ඔය කියන්නෙ උඹට එන්න කියලා.. ගැටලුවා කියන්නෙ උඹට.. කෙල්ල දන්නවා උඹ යනතැන ගැටලුවක් කියලා.. :-) විහිළු හොඳේ..

    පැටියට සුබ අනාගතයක් පතනවා !! දැන් වයස කීයද ? ඉස්කෝලේ යනවද ?

    ReplyDelete
    Replies
    1. ගෙවන එක නම් මහ දෙයක්යෑ මචං. මොකෝ ඉතින් අපි සල්ලි නැති එවුන්යෑ.

      // කෙල්ල දන්නවා උඹ යනතැන ගැටලුවක් කියලා//

      හ්ම් හ්ම් සමහරවිට අම්මා කියලා දීලද දන්නෑනේ නේද..? ස්තුතියි මචං. මේක ලියද්දිත් මට පොඩි සෙන්නා මතක් වුනා. තව මාස දෙකකින් අවුරුදු 5යි. දැන් මොන්ටිසෝරි.

      Delete
  5. Appe....... ada thamai oya 'gataluwawa' genath denna kiwe. Mama nam uththare dannawa. Dan nida ganna hadanakotath thaththa genath dei neda kiyala ahuwa. Onna genath denna wei......

    ReplyDelete
    Replies
    1. අප්පේ....... අද තමයි ඔය 'ගැටලුවාව' ගෙනත් දෙන්න කීවෙ. මම නම් උත්තරේ දන්නව. දැන් නිදා ගන්න හදනකොටත් තාත්ත ගෙනත් දෙයි නේද කියල ඇහුව. ඔන්න ගෙනත් දෙන්න වෙයි......

      Delete
    2. ඔන්න මම ඔයාගේ කොමෙන්‍ටුව සිංහලෙන් දැම්මා. කට්ටිය මටයි කියන්නේ අමාරුවට කියව ගන්නේ කියලා. මීට පස්සේ මම දකින කොමෙන්‍ටු සිංහලෙන් දාන්නම්කෝ හොඳේ

      Delete
    3. Anna eka nam hoda wadak. Oyata lesi wenna mama ketiyen dannamko.

      Delete
    4. සිංගිරිසි ට්‍රාන්ස්ලේටර් එකක් භාවිතා කොරන්නකෝ.. මේ නංගි බබාටත් කිසි උවමනාවක් නෑ හැදෙන්න

      Delete
  6. පැටියා නම් හරිම හුරතල් අයියේ.
    ඔයාගේ ලස්සන පවුලට සුබ පතනවා
    මුළු හදවතිම්ම ....

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩාක් ස්තුතියි යාලුවා.

      Delete
  7. ගැටළුවා...! මාත් හොයල බලන්නම් කො.. :p (බැටළුවා වෙන්න ඇති සමහර විට)
    දුවගේ චිත්‍ර ටික ලස්සනයි... ෂෝක් පොඩ්ඩෙක්.. අර අමුතු චිත්‍රය මං කරකවලත් බැලුව. මොකක්ද මන්දා. එක පැත්තකට නම් කවුරු හරි දුවනවා වගේ පේනවා. පොඩ්ඩන්ට හිතෙන දේවල් නේ ඉතින්.. අපි අපේ ක්‍රමේට බලන්න ගියාට මොකක්ද කියල පෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... මටත් හිතුනා චන්දන. ස්තුතියි ඔයාටත්.. දන්නවද වචන වලින් විස්තර කරන්න බැරි හැගීම් ‍රැසක් හිතට දැනෙනවා මට එයා ටික ටික හැකියාවන් පෙන්නනකොට. තව හුඟාක් දේවල් තියෙනවා ඔයාලට පෙන්නන්න.ගෙදර ගියාම කියන්නම්කෝ.

      Delete
  8. ශෝක් කෙලිපොඩ්ඩ අයියා.ගැටළුවෙක් කිව්වේ බටළුවෙක්ටද දන්නේ නැහැ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා. වෙන්න පුලුවන්.

      මට උඹලව දකින්න තව ටික කලක් යාවි නේද...?

      Delete
  9. ගැටළුවෙක්?? හික්... ඒ මොකාද බොල ඒ.....
    කෙලි පැටික්කි නම් ෂෝයි ඈ.... හරිම හුරතල් පාටයි... මයේ හිතේ නංගි බබා වගේ වෙන්න ඕනි..... සරා අයියා වගේ වෙන්න බෑ.... හික්.... ( එහෙම කිව්වට තරහ වෙන්න ඔට්ටු නෑ හොදේ....)

    චිත්‍ර ටිකත් ලස්සනයි.... පොඩි එකී දක්සයා වගේ.....

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ගැටලුව ඕක තමයි නගෝ.මමත් කැමති එයා නංගි බබා වගේ වෙනවට තමයි. සරාට ඉතින්....... ඒවා ඕන නෑ. හැබැයි එයාට තාත්තා දන්න දේවල් උගන්නනවා. කොල්ලෙක් කරන්න නෙමේ.යකඩ කෙල්ලෙක් කරන්න. ස්තුතියි...

      Delete
    2. Hapoi, eka thamai mata nathara kara ganna one. Mama asa ahinsaka, karunawantha lassana keli poddakata. Danatamath ammala kiyanne thaththage wadamai thiyenne kiyala.

      Delete
    3. බලපං සමනළියේ මට තියෙන චෝදනා ගොඩ.එතකොට මා ලඟ මේ කියන ඒවා නෑ....? හරි හරි හරි.......හිකිස්.....!!!

      Delete
  10. ෂේප් එකේ කෙල්ලගෙන්ම අහන්න. මටත් හිතෙන්නේ බැටළුවෙක් කියලම තමයි. ලස්සන කෙලි පොඩ්ඩ. වාසනාවයි දුවේ නුඹට!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්මයා. මගෙත් අදහස ඕකම තමයි. ඒත් ඈතට පේන තරම් ලස්සන නෑ බැටලුවෝ.

      Delete
  11. බැටළුවා තමා ඔය කියන්නේ. අර දෙවැනි එක හුණක් නිර්මාණශිලියි. උඹ නොදන්න එක මං හිතන්නේ කාටුන් චරිත. නැත්නං මම හිතන්නේ තොට ගැටළුවෙක් වෙන්න එපා කිව්වද මන්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා. හ්ම්... එයා ටීචර්ලත් එක්ක හරි එකතුයිළු. පන්තියේ හැමෝම අතරේ ජනප්‍රියයි කියනවානේ. මට සතු‍ටුයි කියන්නේ උපරිමයි මචං...

      Delete
  12. දෝණිගේ චිත්‍ර ටික නම් අපූරුයි..පොඩි සෙන්නාගේ චිත්‍ර ටික මතක් වුනා..
    දෝණි තාත්තට වඩා ගැටළුවෙක් වගේ පේන්නේ...හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රූ. මටත් අකුරු ටික අමුනද්දී මතක් උනේ පොඩි සෙන්නා. දෝණි තාත්තගේ ජීවිතෙන් බාගයක් නිසා වෙන්නත් බැරි නෑ.

      Delete
  13. හප්පේ..එහෙනම් එනකොට මතක් කරලම පණ තියෙන " බැටළුවෙක් " ගේන්න වෙයි වගේ තාත්තණ්ඩිට :D

    පොඩි අය කියන සමහර වචන මාරයි. අර මගේ යාළුවා " අමාෂ් " ඔය වගේ කතා හරියට කියනවා. එයාටත් " හැමදාම " කියන්න බෑ. කියන්නෙම " හැදමාම " කියලා.

    ReplyDelete
    Replies
    1. හිකිස්... මට මතකයි එයාව. ඔයා පෙන්නුවනේ අපිට.ළිහිණි අපේ ජීවිත වලට අපූරු මතක, පාඩම් එහෙම එක්කරනවා එයාලා. පුංචි හුරතල් දකින එකත් හිතට සහනයක්. ඔයා ලකී...එහෙම යාළුවෙක් ඉන්න.

      (උඹව කාලෙකින් දැක්කේ නංගියේ මොකද පේන්න නොහිටියේ. හොඳින් වගේම සතුටින් නේද...? පොඩි වෙනසක ඉවක් වගේ එකක් නම් දැනෙනවා. ඒත් පැහැදිලි නෑ:D)

      Delete
    2. අනේ බන් අයියේ ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ ලැග්ගනෙ දවස් ගානක්ම. දෙවෙනිපාරට හැදුන නිසා ටිකක් අමාරුයි. යන්තම් පණ බේරගෙන ආවා. හැබැයි සතියක් යනකල් ඇඳෙන් බහින්න තහනම්...:)

      ( කිසිම වෙනසක් නෑ. කලින් උන්න හැටියටම ඉන්නවා. එහෙම වෙනසක් උනානම් මම උඹට නොකියා ඉන්නවද ? ඔය දෙපැත්තෙන් එල්ලෙන ඒවා ජොලියට දැම්මේ.)

      Delete
    3. Ane kelle asanipenda hitiye. Mama tharahe hitiye post ekakwath danne naha kiyala patikki montisori giyama paluwata kiyawannawath. Hiru danmeth nane.

      Dan hodai neda hodatama. Parissamen hodata rest karanna.

      Delete
  14. මේ ලස්සන කෙල්ල ඉල්ලන්නේ බැටලුවෙක් තමා

    ReplyDelete
    Replies
    1. ගේන එක නොවැ පුරස්නේ අටම්.

      උඹ අපූරු පුද්ගලයෙක් කියලා නලින් අයියන්ඩි කියලා තිබුනා. කොහෙද මට තව කාලයක් ඉන්නවෙනවා නෙව උඹලා මුන ගැහෙන්න.

      Delete
  15. ගැටළුවා මටත් ගැටළුවක් තමයි සරා. මරු සිත්තර ටික. තුන්වෙනි එක මොකක්ද කියලා මම තාම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව.සමහරවිට බැටලුවා කියන එක එයාට ඇහුන විදිහේ හැටියට උච්චාරනය කරනවා වෙන්න ඕන. හොඳයි හිතලා බලන්නකෝ. මොනවගේ එකක්ද කියලා ඒ.

      Delete
  16. සුන්දරයි.. පොඩ්ඩාට සුබ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබටත් සුබ අනාගතයක් මගේ මිත්‍රයා.

      Delete
  17. මමත් හිතන්නෙ බැටලුවෙක් ගැනයි කියන්නෙ අය්යේ... චිත්‍ර ටික නම් හරිම ලස්සනයි... කෙල්ල අදින්න දක්ශයි වගේ.... සුභ අනාගතයක් පුන්චි පවුලට...

    ReplyDelete
  18. ඈ...ගැටළුවෙක්...අයියා බැටළුවෙකුයි කොටළුවෙකුයි හෝතබුවෙකුයි තුන් දෙනෙක්ම අරං යන්න.. :)

    ReplyDelete
  19. හරිම අමාරුවෙන් එදා කමෙන්ට් එකක් කෙටුවා.. ඒත් ඒක පබ්ලිෂ් උනේ නෑ.. අද තමයි ඊට පස්සේ හරි ගියේ.... එත‌ෙකාට පරක්කු වැඩියි..

    කෙල්ලට හොඳ ඇහැක් තියෙනවා සරා අයියේ... චිත්‍ර වල වර්ණ ගැලපීම ගොඩක් හොඳයි... කලබලකාරියෙක් වගේ හැබැයි.. හි හි...

    එයාලා කියන ඒවා තෝරන්න අපිට වෙනම ඩික්ෂනරියක් හදන්න වෙනවා.. හි හි... අපේ අක්කගේ පොඩි එකා මට කියන්නේ “ නැන්නා ” කියලා.. ඒක මට ගොඩක් වෙලාවට තේරෙන්නේ නෑ.. ඒ වෙලාවට ඒකා ආයිත් කෑ ගහනවා “ නැන්නම්මා ” කියලා.. ඒ කියන්නේ මාමාගේ නැන්දා කියන එකලු... කාටද අප්පා ඕවා තේරෙන්නේ.. හි හි...

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....