Friday, January 25, 2013

චන්දන අහපු නිසා.... (හැමෝටම)





           ඊයේ පෙරේදා දවසක් අපේ චන්දන මගෙන් අහලා තිබුනා හිංදි සිංදු නැතිද මාලඟ කියලා. උත්තරේ, තියෙනවා හැබැයි ගොඩක් පරණ ඒවා. ඔන්න මම සිංදු කීපයක් දානවා. හැබැයි ඉතින් මේවා මගේ කැසට් වලින් නම් නෙමේ යූ බටෙන් අරගෙන දාන්නේ හොඳේ. මොකද අරවා දාන්න කට්ටක් කන්න වෙන නිසා.

            මගේ පහසුවට මම ගූගල්ගේ උදවු ඉල්ලද්දී එයා ඇද නැතුව සේරම විස්තර දුන්නා. එතන අපට ගන්න අපූරු පාඩමකුත් තිබුනා. අපිත් ගූගල්ට යමක් දෙත්දී ඒ ගැන අපි ලඟ තියෙන තොරතුරු සේරම අඩංගු කරන්න අපි හිතට ගන්න ඕන.
උදා: අපි සිංහල ගීතයක් යූ බටේට අප්ලෝඩ් කරනවාය කියමුකෝ. එහෙම වෙලාවෙදී ගායකයාගේ නම, ගීත රචකයා, සංගීතඥයා කවුද යනවග සඳහන් කිරීම වටිනවා. එය කිසියම් චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක එකක් නම් ඒබවද සඳහන් කිරීමට අප වග බලා ගත යුතුයි. ඔබ විසින් යම් රූප රචනාවක් කරනවා නම් එය එම ගීතයට ගැලපේද යන්නත් සිතා බැලිය යුතුයි. තමන් ලඟ තියෙන දෙයක් අනෙක් අය සමග බෙදා ගැනීම වටිනවා. එහෙත් එහි ගුනාත්මක බවට හානි නොවෙන අයුරින් එය කල හැකි නම්  එහි වටිනාකම දෙගුන තෙගුන වේවි නේද..?

              මෙන්න එහෙනම් පළවෙනි ගීය...... රාදු කර්මකාර් අධ්‍යක්ෂනය කල රාජ් කපූර් නිෂ්පාදනය කල "ජිස් දේශ් මේ ගංගා බෙහෙතීහේ" චිත්‍රපටයට මෙම ගීතය ගායනා කලේ "මුකේෂ්." සංගීතය ශංකර් ජාය්කිෂන්. ප්‍රධාන චරිත රංගනය රාජ් කපූර්, පද්මිනී, ප්‍රාන්.

හොටෝන් පේ සච්චායී රෙහ්තේ හේ... ජහ දිල් මේ සපාරී රෙහ්තේ හේ... හම් උස් කෝ දේසේ වාසී හේ... හම් උස්කෝ දේසේ වාසී.. ජිස් දේශ් මේ ගංගා බෙහ්තී හේ....
සත්‍ය කතා කරන අවංක සිත් ඇතියන් සිටිනා රටේ වැසියෙක් මම. ගංගා නම් නදිය ගලන්නේ එහිය. ඒ දේශය මගේ මවයි , මගේ ප්‍රාණයයි........     


ඔය තනුවටම නිර්මානය වුනු සිංහල ගීතයක් අපට තියෙනවා. ඒ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කල මේ දේසෙ රකින නිරින්දූ. යූ බටේ තියෙන මේ ගීය වෙලඳ දැන්වීමක් වගේ නිසා දාන්නේ නෑ හොඳේ.  


         මේ 1966 වසරේ "සූරජ්" චිත්‍රපටියට මොහොමඩ් රාfපී ගායනා කල ලස්සන ගීතයක්. පෙම්වතිය තමන් සමීපයට පැමිනියේ යැයි මල් වැස්සකට ආරාධනා කරන පෙම්වතෙක්. ගීත රචනය හස්‍රාත් ජයපුරී, සංගීතය ශංකර් ජායිකිශන්, රඟපෑමෙන් දායකවුනා රාජේන්ද්‍රන් කුමාර් සමග වෛජයන්ති මාලා. සූරජ් සිනමා සිත්තම ටී ප්‍රකාෂ් රාවෝ සමඟ එස් ක්‍රිෂ්ණමූර්තිගේ වැඩක්. මුලින්ම තිරගත වෙලා තියෙන්නේ1966 මාර්තු 25.


              මේ තනුවටත් හැදුනු අපූරු ගීතයක් තියෙනවා බෙග් මාස්ටර් ගායනා කරපු. එදා මා සෝකයෙන් හඬලා ඒ ගීතය. මම යූ බටේ සර්ච් කලා නිකමට වගේ. විලිලැජ්ජවේ සං‍තෝසේ බැරුව ගියා මට. අනේ අපේ අයගේ වැඩ දැක්කම..... ඕන නෑ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවානම් පොඩි සර්ච් පාරක් දාලා බලන්නකෝ.        


               මේ තවත් එවැනි අපූරු ගීතයක් බච්පන් කි මුහබ්බත් කෝ... මිල්සේ න ජුදා කර්නා.... පුංචි කාලේ ඉඳන්ම හිතේ බැඳුන ආදරය නම් අමතක කරන්න එපා. චිත්‍රපටය "බව්ජි බවුරා" (ගඟ උතුරා). තිර ගතවුනේ 1952, අධයක්ෂනය විජේ භාත්. නිෂ්පාදනය ප්‍රකාෂ් පික්චර් කියලා තමයි සඳහන. මීනා කුමාරිත් එක්ක භාරත් භූෂන් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ. නව්ෂාද්ගේ සංගීතයට ගයන්නේ ලතා මංගේෂ්කාර්.



             මීනා කුමාරි කියන්නේ රෙඛා ගේ අම්මා. හින්දි සිනමාවේ අමුතුම චරිතයක්. ඇය ගැන අමුතු ප්‍රවෘති තියෙනවා හින්දි සිනමා ඉතිහාසය තුල. කොහොම උනත් මගේ මාතෘකාවට ඒක අදාල නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු. ඔන්න අමතක උනා මේ තනුවට තියෙන සිංහල ගීතය ගැන කියන්න. ඒතමයි රුක්මනී දේවිය ගායනා කරන දුෂ්මන්ත අහෝ කිමදෝ කියන ගීය. 

              
              මගේ ජීවිතය හිස් කඩදාසියක් වගේ කවුරුවත් මොකුත් නොලියපු. මෙරා ජීවන් කොරා කාගස්    කොරහි රේහ් ගයා....  කිශෝර් කුමාර් ගායනා කල මේ ගීතය 1974 මැයි4 වෙනිදා තිරගත වූ කොරා කාගස් (හිස් කඩදාසිය) කියන චිත්‍රපටයට ගැයුනක්. මෙහි අධ්‍යක්ෂනය සංජේ මුකර්ජි, නිෂ්පාදනය සනත් කොතාරි. විජේ ආනන්ද්ට රඟපෑමෙන් සහය වුනා ජයා බහදුරී මෙයා දැන් නම් ජයා භච්චන්. සංගීතය කල්යාන්ජී-ආනන්ද්ජී.


එහෙනම් මම ගෙහුං එඤ්ඤං......!!


19 comments:

  1. අද සරාත් රංජිත් එදිරිසිංහ වගේ වෙලානේ. හොඳ තොරතුරු සමග ආසම ගීත ටිකක්.

    ReplyDelete
    Replies
    1. මටත් එකපාරට මතක් වුනේ එයාව තමා....හික්.....

      Delete
    2. මට නම් රන්ජිත් එදිරිසිංහ නිවේදන කටයුතු කරද්දී film එක මුනෙන් පේනවා.

      Delete
  2. මම කැමතිම ගීය මේ අන්තිම ගීයට..ගොඩක් පොඩි කාලේ චිත්‍රපටිය බැලුවෙ..ඒ කාලේ නම් ඒක තේරුනේ වත් නැහැ..ඒත් සින්දුව නම් ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  3. හ්ම්..............සරෝ, කොහෙන්ද පටන්ගන්නේ කියලා හිතාගන්න මාරුයි. 1960 දශකයේදී තමයි හින්දි චිත්‍රපටි බලන්න පටන්ගත්තේ. දැන් බලන්නෙම නැති තරම්. මොකද සිංහල චිත්‍රපටි වගේම තමයි. ඒ කාලේ නළු නිලියෝ මුහුණෙන් හැඟීම් නිරුපනය කරලා ජනප්‍රිය වුනා. දැන් ඇඟේ තියන අනික් දේවල් පෙන්නලා ජනප්‍රිය වෙනවා. අපේ ප්‍රකට නළු ඩබ්ලිව්.ජයසිරි හෝ එවැනි කෙනෙක් කිව්වා ඉස්සර නිලියෝ මහන්සි වෙලා මුදල් හෙව්වා දැන් නිලියෝ 'හාන්සි වෙලා' මුදල් හොයනවා කියලා.

    දැන් තියන බොහොමයක් හින්දි චිත්රපරි ලාබ සුකුරුත්තම් ආදරය සහ අධි ශ්රුන්ගාරයත් අධිබල වීරත්වයත් පෙන්වන නිසා මටනම් අපුලයි. වීර් සාරා වැනි චිත්‍රපටි නම් බලා ඉන්න පුළුවන්.

    මගේ ළඟ, යූ ටියුබ් එකෙන් බාගෙන, විභේදනය වැඩිකර, ඩී.වී.ඩී. බවට පත්කළ පැරණි හින්දි ගීත රැසක් තිබෙනවා. ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නීතියට පටහැනි නිසා මගේ පෞද්ගලික එකතුවක් ලෙස පරිහරණය කරනවා.

    මීනා කුමාරි රේඛාගේ අම්මා කියපු එක මට පැහැදිලි නැහැ. මේ තියෙන්නේ මීනා කුමාරිගේ ජීව දත්ත.
    http://en.wikipedia.org/wiki/Meena_Kumari

    මේ තියෙන්නේ රේඛාගේ ජීව දත්ත.
    http://en.wikipedia.org/wiki/Rekha

    මීනා කුමාරි හින්දු. රේඛා ද්‍රවිඩ. ඒ නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

    හින්දි ගීත ගැන ලියනවානම් අවුරුදු ගණන් ලියන්න පුළුවන් නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. මං මේ සින්දු ටික ඩවුන්ලෝඩ් කරන ගමන්. ඔක්කොම ටික මං ආස ඒවා. හැබැයි ඇහුවේ පලවෙනි එක විතරයි. අහන එක නවත්තල ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න හිතුවා.

    ReplyDelete
  5. අද මේවා අහන්නත් බෑ ඩවුන්ලෝඩ් කරන්නත් බෑ.. ඒකට සොරි තමයි ඉතිං..

    හින්දි සින්දු නේ... මේ දවස් ටිකේ මාත් හින්දි ෆිල්ම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .. හැබැයි මෙච්චර පරණ ඒවා නෙවෙයි... අවුරුදු 20ක් විතර පරණ ඒවා.. හි හි...

    අපේ අයියලා මේ යූ ටියුබ් එකට ඇඩ් කරන ඒවා දැක්කම නමි ලැජ්ජාවේ පණ යනවා තමයි සරා අයියේ...

    ReplyDelete
  6. නියමයි සරා..
    මමත් මේ වගේ පැරණි හින්දි ගීතවලට හරිම ආසයි. මම ලාගත් ගී 50ක 60ක එකතුවක් තියෙනවා, මෙතන තියෙන එකයි ඒවත් එක්ක තිබුනේ,
    බොහොම ස්තුතියි ඔබට..

    ReplyDelete
  7. බොහොම ස්තුතියි ඔබට

    ReplyDelete
  8. Hindi film walata nam mamath kamathi. Eth dan nam balanna ba. Giya irida ekak balanna haduwa eke thibune mathpan, dumwati, niruwatha witharai. Ithin api kohomada owa dagena balanne. Patikkith duwagena enawane. Wahala nikan hitiya. Eth issara thibba ewage mehema na. Dan ewa balanna lajjai. Issara ehema na. Mamath godak kamathi mita awrudu 15ta kalin withara thibba film balalanna.

    Me sindu tika nam ahuwe adamai. Lassanai godak.

    ReplyDelete
  9. මාත් ආසම දෙයක් තමයි පරණ හිංදි සිංදු. ඉස්සෙල්ල හැමදාම ස්වාධීන එකේ යන භාරත ගී වින්දන බැලුව දැංනං ඒකෙ කරන විකාර වැඩ හින්ද ඉඳ හිටල තමයි ඒක බලන්නෙ.

    දැං ගොඩක් පරණ හිංදි සිංදුවල වීඩියෝ එක සීරීමක්වත් පේ‍න්නෙ නැති විදියට ප්‍රතිසංස්කරණය කරල තියෙන එකනං හොඳ වැඩක්.

    ReplyDelete
  10. වීඩියෝ ටික නම් ලෝඩ් උනේ නෑ.මගේ කනෙක්ශන් අවුලක් නිසා. :(

    ReplyDelete
  11. මමත් ආසම සිංදු ටිකක්..... වැඩිපුරම ආස බහරෝ පුල් බරසාවෝ කියන ගීතයට......

    ReplyDelete
  12. අනේ බං මේක මම මෙලෝ දෙයක් දන්න මාතෘකාවක් නොවන නිසා වැඩේ එක්ස්පර්ට් කෙනෙකුට බාර දෙන්න කල්පනා කලා.
    මූ අපිට හින්දි පන්තියක් දැම්මා. අපි එහෙන් මෙහෙන් අලුගසා දාලා ගොඩ යාගෙන එනකොට මුගෙ තියෙන අර ඉරිසියාව මතුවෙලා පන්තිය නවත්තලා දැම්මා. ඒ වුනාට පෝස්ටර් නම් ගැහුවෙ මෙහෙමයි.

    මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 2 ( නරක වචනවල තෙරුමුත් තියනව )

    මේන් අපිට දීපු ටියුට් එකකින් කෑල්ලක්:

    නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා
    නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි

    ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ
    වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං

    දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ....
    තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්

    උඹ ගිහින් නැත්නම් මෙතනින් ගිහින් බලාපං බොරුද කියලා.

    හ්ට්ට්ප්://කවිලන්ඩ.බ්ලොග්ස්පොට්.චොම්/2012/10/2.හ්ට්ම්ල්

    හයියූ සල්ලි!

    ReplyDelete
    Replies
    1. http://kawilanda.blogspot.com/2012/10/2.html

      Delete
    2. පලවෙනි කොටස තමයි මරේ මරු. රානි ලව්වා මොනවා හරි කියව ගත්ත නම් ආයේ පන්තිය පටන් ගන්න තිබුනා. :D

      Delete
  13. සරා මලයා. මම මේ ටැබ් එක දැන් දවස් හතරක් තිස්සෙ ඇරගෙන හිටියා උඹ මොකද කියන්නෙ බලන්න. උඹ මොකුත් කියන්නෙ නෑ වගේ නිසා මම මේක වහනවා. රිප්ලයි එකක් දුන්නාම මට පොඩ්ඩක් මතක් කරනවද?

    ReplyDelete
  14. කවදාවත් අඬන්නෙ නැතුව අහන්න බැරි සින්දුවක් තමයි මේ පළවෙනි සින්දුව. සියපාරක් ඇහුවොත් සියපාරම අඬනවා!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....