Thursday, January 17, 2013

ප්‍රේමයද මේ කිවමැනා......!!




ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එලිය සේ අචින්ත්‍යයි-පාරිශුද්ධයි ,සුරම්‍යයි    




            නන්දා මාලනී මහත්මිය ගයන තවත් හරවත් ගීතයක් පටන් ගන්නේ එහෙමයි. හිරිමල් වයසේදි සරාත් ඕක  තදින් විශ්වාස කලා විතරක් නෙමේ වැඩ කලෙත් ඒ විදිහට නෙවැ. සරාගේ පොතම පේමෙට කණකොකා ඇඬුවේ ඕකට අනුව වැඩ කරපු නිසා කියලා ඇය යන්න ගියා නොකියා කියවපු අයටනම් මතක ඇති. නොකියවපු කෙනෙකුට මෙන්න මේ පාරෙන් ඒ අහ යන්න පුලුවන්. 
http://saragelokaya.blogspot.com/2012/09/blog-post_3.html
මම අද ඔයාලගෙන් පුරස්නයක් අහනවා. විහිළුවක් කියලා හිතන්නේ නැතුව උත්තරයක් දෙනවා නම් මම කැමතියි. මොකද කතාව කියන්න තියෙන්නේ ඔයාලගේ උත්තර වලට අනුව නිසා.

           හොඳයි සේරටම කලින් මෙන්න මේ වැල් වටාරම් ටිකත් කියවලා බලන්නකෝ. ඉගෙන ගන්න හරි වෙන මොකක් නිසා හරි අපි හැමෝම ඉස්කෝලේ ගිය නෙව. ඔන්න ඉතින් ඉගෙන ගන්නම විතරක් ඉස්කෝලේ ගිය අය නෑ කියලා නම් නෙමේ කිව්වේ පිස්සු නටන්නත් ඉස්කෝලේ ගිය අය ඉන්නවා කියලා. (සරා වගේ. අපට උගන්නපු දේවල් අපි ඉගෙන ගෙන තිබුනා නම් අද කොහෙද සරා වගේ උන්.හැක්...) කාලෙකදි කැමැත්තෙන් ආයි අකමැත්තෙන්, දෙමව්පියන්ගේ බලකිරීමට කෙල්ලව /කොල්ලව බලන්න තියෙන එකම කෙරෙමේ ඒක නිසා ඔය මොන අරමුනින් හරි අපි ඉස්කෝලේ ගියා. හරි මොහොතකට අපි යමුද ඒ අතීතෙට ඩිංගක්. එහෙනම් ඇස් පියාගෙන මනසින් යමු. පොතේ හැටියටම ඉගෙන ගත්ත හා නොගත්ත හැමෝගෙම හිත් මුලින්ම ගියේ කොහේටද....? පුංචිම කාලෙටද එහෙම නැත්නම් මම අර දෙවෙනියට කියපු යෞවනේටද...? ගොඩ දෙනෙක්ගේ නම් දෙවෙනි තැනට...... සමහරුන්ට ඉසංකාලගේ, නිම්මිලගේ සෙව්වන්දිලගේ මූණුත් මතක්වෙලා වගේ...:D ඔය පැණි හිනාවකුත් ආවේ. ගෑණු ළමයින්ටත් එහෙම තමයි ඒත් ඉතින් එයාලා ඒවා කියන්න කැමති නෑ නේ, ඒනිසා අපිත් ඒගැන වැඩිය හාරා අවුස්සන්න යන එක හරිනෑ. හැමෝටම නොවුනත් ගොඩ දෙනෙකුට ඔය පොතම පේමේ  කියන එක අත්දැකීම ලැබෙන සංදිය මේක නිසා ඒගැන පුදුමයක් නෑ. ඒ වගේම සංක්‍රාන්ති සමයක කෙරෙන මේ ආදරය බොහොම පිවිතුරු ස්වභාවයක් ගන්නවා බොහෝ වෙලාවට. ඔන්න ඉතින් මට අමතක උනා, මුලින් ලිවිය යුතු කාරනාවක් කමක් නෑ මෙතන ලියන්නම්කෝ, මම මේ දෙවෙනි චේදයේ ලියමින් ඉන්නේ මීට දශක එකහමාහරකට විතර කලින් හිටපු ළමයින්ගේ හිරිමල් යෞවනය ගැන. අඩේ ඒ හරුපේ මොකක්ද එදා අයගෙයි අද අයගෙයි කියලා ඔය කාලේ වෙනස්ද අරකද මේකද කියලා පුරස්න වැලක් හිතට ආපු අයට මේ ටික කියන්නම්. මම පුංචි රිසර්ච් එකක් කොලා ආයිබොවන්. ඒකට අනුව තමයි මේ ලිපිය ලියවෙන්නේ. ඒ නිසා තරහා ගන්නේ නැතිව මේ ලිපිය (සමහර විට දෙකක් වෙයි) කියවන්න කියලා ඉල්ලන්න කැමතියි.

             ඉතින් යාලුවනේ ඔය සමනල් ආදරේ මම අර කියපු සංදියේ ඔය කියපු ගති ස්වභාවයන් තිබුනා කියලා මම කිවුවේ අර අත්දැකීමෙන්ද මොකක්ද එකෙන්. අද කාලේ කොල්ලන්ට/ කෙල්ලන්ට සති දෙක තුනක් යද්දී ගොඩනැගිලි ද්‍රව්‍ය (ගල්ද මංදා) ලෝඩ් දෙක තුනක් සපය ගන්න බැරිනම් ඒ ආදරේ වැඩක් නෑ කියනවනේ. අනේ ආයිබොවන් මට ඔරවන්ට කාරි නෑ මම ඉතින් මේකලගේ අදහස් නෙව කිවුවේ. හැබැයි ඉතින් එහෙම නැති ඉහත සඳහන් ආකාරයේ අය ඉන්නවා නම් මේන් ඒ අයට සරාගේ ආචාරය.. සරාලගේ කාලෙත් ඔහොම හිතපු අය උන්නා. ඔය අතීත කතාවේ ප්‍රධාන නිලියගේ චරිතය රඟපෑවේ එහෙම කෙනෙක් නෙව. මම තවමත් ඒක විහිළුවක් වගේ දැක්කට මෙහෙම විහිළු නිසා ඇස් රතුකරගන්න උදවියත් නැතුව නෙමේ. 90% දෙනාට මේ දේවල් සැහැල්ලුවෙන් අමතක කල හැකි උනාට, ඉතිරි අයට මේක තදින් බලපානවා. එතනිනුත් වැඩිදෙනා විරුද්ධ පාර්ශ්විකයෝ විශ්වාස නොකරන හෝ ඔවුන්ට රිද්දන/ පලිගන්න විදිහට වැඩකලත් එක්කෙනෙක් දෙන්නෙක්

පිවිතුරුය පලමු පෙම..
බිහිසුනුය බිඳුනු දින..
ලෙන්ගතුය සුවඳ නුඹ..
සුදු හාමිනේ...
තනිකඩය තවම මම..

කියන තැන ඉන්නවා. මෙන්න මෙතෙන්ට වැටෙන්නේ නම් එකෙන්ම කොල්ලෝ විතරමයි.  හරි දැන් ඉතුරු ටික කියන්න නම් ඉස්සරවෙලාම අය අතට ගත්ත කොහු මිටවල් ටික බිමින් තියාපල්ලා කෙල්ලනේ................ යකෝ බොලා එක්ක මොන මංගල්ලේවත් කොරන්න බෑනේ සාමෙන් සමදානෙන්.:P

            ඔහොම තැන්වලදී දැනුම් තේරුම් තියෙන එකෙකුටවත් හරි වැරදි තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නෑ. වැඩිහිට අවවාද තියා අම්මා තාත්තාවත් රුස්සන්නේ නෑ නෙව බහුතරයකට මේ කාලෙදි. අනික මේවා බොහොම රහසිගතව කෙරෙන දේවල් නිසා දැන ගන්න විදිහකුත් නෑ. කොහොම උනත් ආදර කතා ගැන නම් සරාට තියෙන දැනුම අල්පයි. මොකද කියනවානම් සරාට ඔය ජාතියේ එවුවා තුනනේ තියෙන්නේ.

ඔබ ආනිසා සොයා..
සිහිනේ සැබෑ වුනා..
පෙම් පාරාදීසයේ කුමාරිකා.. 

කියලා සරා තුන්වෙනි කතාව ජීවිතේම කරගත්තා. මුල කතාවත් ඔයාලට කිවුවනේ. දෙවෙනි එක නම් ඉතින් සදාකාලික රහසක්.... ඒවා වැඩක් නෑ අපි ආයෙත් මාතෘකාවට එන්ටර් වෙමු.

සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට යමූ...

 කියලා තමයි කොයි කාලේ උනත් ගෑණු දරුවෝ නම් කියන්නේ හිතන්නේ පතන්නේ. ඔය කිවුවට ඉතින් ඒක එහෙම උනොත් කොල්ලෝ පහු කාලෙකදි කියන්නේ

අනෙ අයියෝ මම ලනු කෑවා...
බොලෙ අම්මප මෝඩ උනා... 

කියලා. ඔය කතා මොක කොහොම උනත් මෝඩ කමටද මන්දා සරානම් තවම කොඩිය උස්සන්නේ පාසැල්වියේ සමනල් ආදරේ අර නන්දා මාලනී මහත්මිය ගායන ගීතය වගේ විය යුතුයි කියන අදහසට. ඒ කියන්නේ රාගයෙන් තොර සඳ එලිය  සේ වියයුතුයි කියන එක. ඒක ලස්සන වෙන්නේ මතක්කරලා සතු‍ටු වෙන්න පුළුවන් වෙන්නේ එතකොට කියලයි සරාට හිතෙන්නේ. ඔය වැඩිහිටියන්ට පමණයි ලේබලේ ආදර කතා ගැන කතා කරලා හිනාවෙන්න තරමට තවම අපේ සඟිස්කුරුතේ පිරිහිලා/දියුණුවෙලා නැති එක ගැන අවංකවම අපට සතු‍ටු වෙන්න පුලුවන්කම තියෙනවා. අපේ යාළුවනේ සරාගේ ප්‍රශ්නේ මේකයි, හරි උනත් වැරදි උනත් ඔය පාසැල්වියේ සමනල් ආදරේ ගැන වැ‍රැද්දක් දකින්න වැ‍රැද්දක් කියන්න සරාගේ දිව නැමෙන්නේ නෑ. හැබැයි ඒක ආධ්‍යාත්මික බැඳීමක් ආකර්ෂණයක් පමණක් විය යුතුයැයි සරා විශ්වාස කරනවා. ඒ ත් එතැනිනුත් නොනැවතී...

මල්වැටෙන් එහා රඟහලෙන් එහා....
සිනා පාරුවෙන් කොතැනද රංගනේ ‍රැගුම්...

කියන එක තේරුනේ නෑවගේ නම් ප්‍රැක්ටිකල් ලව් වැඩිහිටි අත්දැකීම් අපි අර "ටච් සිස්ටම්" ආන්න එව්වා ලබන්න අපේ අලුත් පරපුර වඩ වඩා යොමු වෙන එක ගැන මොකද හිතන්නේ.( අමතක කරන්න එපා මම ඇහුවේ පාසැල් වියේ අයගැන විතරයි.) ඒක හරිද වැරදිද..? ඒක ගැන ඔයාලගේ අදහස් දැනගෙනම මම කතාවේ ඉතුරු කොටසට යන්නම්. වැඩිය ලොකු දේවල් නොවෙයි සරලව යමක්...


ගෙහුං එඤ්ඤං ඈ.....!!


ඔන්න ඔයාලගේ රසවින්දනය උදෙසා මම ගූගල් යාලුවගෙන් මගේ පෝස්‍ටුවේ තැන තැන සඳහන් වුනු ගීත දෙක තුනකුත් ඉල්ලගත්තා.


                      

32 comments:

  1. ඒ කාලෙට වැඩිය දැං ඔය සමහර දේවල් විෂුවලි බලාගන්න පුලුවං ලේසි ක්‍රම තියෙන නිසා පොඩි එවුවොත් ඕව අත්හදා බලන්න පෙළඹෙනව ඇති.
    ඒක හරියට ඒ කාලෙ හොරෙං අරක්කු උගුරක්, සිගරට් එකක් බිව්ව වගේ තමයි.
    නමුත් වයසෙ හැටියටනං ඒ ක්‍රමේ අනුමත කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මචං අරක්කු සිගරට් බොන එකා ඕක ගැන දැනගත්තම නතර කරනවා. සමහරෙකුට ඒකෙන් හානියක් නොවෙන තරම්. ඒත් මේවට ගියපු එකාට නම් සොරිම තමයි. ඒ ඒතනින් එහාට ගේන්න ඌට ජීවිතයක් නැති නිසා.

      Delete
  2. සරා, ඒ කාලය හා මේ කාලය අතර වෙනසක් තියෙනවා. ඒත් හැමෝම වෙනස් වෙලා නෑ. තාමත් ලපටි මුහුකුරා නොගිය විදියට ආදරේ රස සොයන පාසැල් වියේ කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා. ඒත් සමස්ථයක් විදියට අඩුයි. අපිත් ඒ කාලේ ටච් සිස්ටම් නෙමෙයි බං ලගිත් ගියත් බබෙක් හම්බුවෙන ගානට තමා හිතුවේ. ඒත් කරදර කොරේ නෑ. එහෙමත් නෑ. කරදර කරා අමුතු සීන් වලදී. ඒවා පසුවට. කොහොම උනත් ගල් ලෝඩ් බාන්න තමා දැං ඈයෝ ආදරේ විකුණන්නේ. මම මේ ළගදී ඇහුවා කෙල්ල යාළුවෙකුට කියල තියෙන්නේ ඌට ගල් ලෝඩ් බාන්න තියා ගල් අතගාන්න වත් බෑ කියලා... තමා අතෑරල තියෙන්නේ. අනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. කාලය දීපය දේශය නෙමේ මචං වැඩිහිටියෝ උනහම කරන්න තියෙන දේවල් ලමා කාලයේදිම කලහම කෝ වැඩිහිටියෝ උනහම කරන්න දේවල්.

      ජීවිතේ ගැන නොසතුටෙන් කතා කරන්නේ අතරමඟ ඇන ගන්නේ මෙහෙම චරිත නේද කියලා මට හිතෙනවා.

      Delete
  3. E wade waradi neda? Adare karanna nam ithin e wayasata nodanima pelabenawa. E kale aithiyak wage eka. Eth mata nam pasal wiye adara athdakimak na. Mokada e kale mama hitha hitiye pasal gihin iwara wenakam katawath adare karanne na kiyala. Nathnam isskole pirimi lamayek mata adarei kiwe mama 5 wasaredi. Eda idan pasalen ain wenakanma ewagen nam aduwak thibbe na. Kohoma wethath oya kiyana tharam nam dura yanna hoda na pasal yana lamai.

    ReplyDelete
    Replies
    1. කොච්චර විතර දුර ගියාට කමක් නැද්ද කියලා න මම අහන්නේ නෑ ඔන්න........!! හිකිස්...

      Delete
  4. මම අද පැනලා යන්න හැදුවේ.. ඒත් බෑ අප්පා.. මේ කට හින්දම නහින එකී හින්දාම කියන්නම්කෝ..

    ඔය ප්‍රේමය නම් රාගයෙන් තොර කතන්දරේ තමයි මගේත් පළවෙනි ආදරේ අද්දැකීම.. හි හි.. දේශකයා කිව්වා වගේ ළඟින් ගියත් බබෙක් හම්බුවෙයි වගේ හෙන බයක් තිබ්බා... කොල්ලෙක් ඇඟේ ගෑවෙද්දි වෙවුලනවා බයට... ඔය මගේ කතන්දරේ ටික ටික ලියවෙද්දි ඕවත් ලියවෙයි ...

    ටච් සිස්ටම් එකට මං නං ආවේ ආයිත් බොරු කියන්නෙ මොකටද ඉස්කෝලෙන් අවුට් වෙන්න කිට්ටු වෙලා තමයි... ඒ කිව්වේ නළල් තලයට කිස් එකක් හම්බුනේ... ඒ ලෙවල් වලට විශ් කරලා... හි හි....

    ඒත් අපේ කාලෙයි මේ කාලෙයි සංසන්ඳනය කරන්න කරන්න මං හරියට අතරමං වෙනවා.. හේතුව දැන් ඉන්න උන් කොරන වැඩ මට හිතාගන්න ටිකක් ආමාරු තත්වයක තියෙන නිසා.. විශේෂයෙන් මේ තාම ඉස්කෝලෙ යන, ඕලෙවල් පන්ති වලටත් වඩා පහල පන්තිවල ඉන්න මගේ මල්ලිලා සෙට් එක... හැබැයි උන් නරකයි කියලා කියන්න බෑ... හේතුව උන් ඔක්කොම කෙල්ලෝ ගැන උදේ හවස කියෙව්වත් තාමත් එකෙක්ටවත් කෙල්ලෙක් සෙට් වෙලා නැති හින්දා.. හි හි... උන් ඕවා කියවන නිසා මං දන්නවා උන්ගේ හිත් වලත් තාම තියෙන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර කතාව තමයි කියලා... ඒ කියන්නේ වල් කමට කියෙව්වට, හිත් ඇතුලෙන් මුන්ටත් ඕනේ ලවු කරන්න කෙල්ලෙක් මිසක් සෙක්ස් කරන්න එකෙක් නෙවෙයි කියන එක.. ඒ ඉතිං මට අහු වෙච්ච සෙට් එක විතරද දන් නෑ...

    මම මේ උදේ ඉඳන්ම අර උදිත දාලා තියෙන පෝස්ට් එකට කියන්න දෙයක් හිත හිත හිටියේ... නව යොවුන් ලිංගිකත්වය ,පෙම්සුව සහ ලංකාවේ නීතිය ඔය තියෙන්නේ උදිතගේ පෝස්ට් එක.. මේකෙදි මං ටිකක් ‌ෂොක් උනා ඇත්තටම ... මොකද ඇත්තටම එතනදි මං අන්ත දෙකක හිර වෙන නිසා... ඒ කිව්වේ ඉස්කෝලේ යන කාලේ මේ කියනවා වගේ ටච් සිස්ටම් භයානකයි කියලා මට හිතෙන හේතු දෙකක් තියෙන නිසා... එකක් තමයි අපේ සමාජය... අපේ සමාජය තාමත් මේවා එළිපිට කතා කරන්න සුදානම් නෑ... අනිත් එක තමයි මේවට යොමු වෙන දරුවෝ, තමන් කරන දේ ගැන හරි දෑනීමක් නැතුව කරන්න යන එක සහ ඒ මඟින් සිද්ධ වෙන හානිදායක දේවල් ගැන වගකීමක් ගන්න තේරුමක් නැති අය වීම....

    කො‌හොමත් ම‌ෙග් අදහස නම් ඉස්කෝලෙ යන කාලේ පොඩි කිස් එකකින්, එහෙන් මෙහෙන් අතපත ගෑමකින් එහාට නොයා ඉන්නවා නම් හොඳයි කියන එක තමයි... මොකද අපේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙත් ළමයින්ට තියෙන බර වැඩියි... හිත එහෙ මෙහෙ යන එක වැඩි උනත් ඉතිං අධ්‍යාපනයට තමයි කෙළ වෙන්නේ...

    ඒත් එහෙම වෙන එකක් නෑ ඉස්සරහට.. ඒක නිසා දැන් වත් ළමයින්ව මේවට ලෑස්ති කරන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.. ඒ කිව්වේ බය කරලා, මේවා නරකයි කියලා එයාලව නවත්තන්න හදනවට වඩා එයාලව දැනුවත් කරලා, මේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් පුතේ දුවේ කියලා කියලා දීලා එයාලව දැනුවත් කරන්න පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා.. මං ඔය ගැන ගිය ටිකේම දිගට දිගට පෝස්ට් ලිව්වා අප්පා.. ආයි ලියන්න බෑ...

    ReplyDelete
    Replies
    1. @හිරු, ++++++++++++++++++++++++++

      Delete
    2. මේකනේ හිරූ බැඳලා අවුරුදු 5කුත් ගෙවලා ඉවර මට නැති දැනුමක් ( ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ) මේ හිච්චි එවුන්ට තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව නම් එහෙම වෙන්නේ ඒක හොඳයි . ඒත් කියන්න කනගා‍ටුයි හිරූ මේක එහෙම දෙයක් නෙමේ. සමහර එකාලා ඇස් වලින් ලඟ ඉන්න උන්ව නිරුවත් කරනවානේ. එහෙම එකාලා විරුද්ධ පාර්ශවයෙන් බලාපොරොත්තු වෙන්නෙම....................................................

      Delete
    3. ආව්.. ටෙම්ප්ලේට් මාරු වෙලා.. හි හි...

      මට මේ ගැන හෙනට කියන්න දේවල් තියෙනවා.. මං මේ යන්තම් කියලා ගියේ..

      මට ඉස්සරත් එක්ක දැන් තත්වය සංසන්දනය කරද්දි පේන ලොකුම දේ තමයි කාලය... ඒ කිව්වේ ඉස්සර කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරන්න, අඩු ගානේ නෝට් වෙන්නත්, පස්සෙන් කොච්චර කල් යන්න වෙනවද ... ? ඊට පස්සේ එහෙන් මෙහෙන් යාලුවෝ අතේ අහලා යවලා, අරවා මේවා කරලා යන්තම් කතා බහ කරන්න ගන්නකොට අවුරුදු 18 වෙලා.. හි හි ..

      දැං එහෙම නෙවෙයිනේ.. අද කෙල්ලෙක් ගැන හිත ගියොත් හෙට වෙනකොට ෆේස්බුක් එකවුන්ට් එක හොයාගෙන ඇඩ් කරගෙන, කතා බහ කරන්න පටන් ගන්නවා.. ප්‍රොසෙස් එක හරි ඉක්මන්...

      ඒකත් එක අවුලක් මට පේන...

      මුන් හැම එකම දන්නවා.. ඒත් හරියට දන්නේ නෑ.. ඒකයි තියෙන අවුල....

      Delete
  5. //හැබැයි ඒක ආධ්‍යාත්මික බැඳීමක් ආකර්ෂණයක් පමණක් විය යුතුයැයි සරා විශ්වාස කරනවා. ඒ ත් එතැනිනුත් නොනැවතී... //

    සමාජ සම්මතයන් මිනිසුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස්වන්නේ නම් මෙවන් පටලැවිලි ඇති නොවන බව මගේ මතයයි..

    ReplyDelete
    Replies
    1. රූගේ කොමෙන්‍ටුව දෙපැත්තම කැපෙන පිහියක් (කිනිස්සක්) වගේ මේකෙන් මට වැඩක් ගන්න නම් ඔයාට තව ටිකක් විග්‍රහ කරන්නම වෙනවා රූ.

      Delete
    2. බර වචන පැත්තක තියලා කිව්වොත් සරා මෙන්න මෙහෙමයි..
      ලිංගික ක්‍රියාකාරකම්වලට මේ තරම් තහංචි නැතිව අවබෝධයෙන් කරන වින්දනාත්මක වැඩක් වුනා නම් මේ ප්‍රශ්න මෙච්චර ඇතිවෙන්නෑනෙ කියලා මට හිතෙනවා..
      මිනිස්සුනට තහංචි නොදමා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න දුන්නාම අදාල සමතුලිතතාවයෙන් සමාජය පවතීවි..

      මේක මගේ මතය විතරයි..මේ ගැන මෙච්චර සංකීර්ණව කතා කරන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නෙ..

      Delete
  6. මේකට කෙටියෙන් අදහසක් දාන්න බෑ. ඒත් වෙලාව ගැටලුවක් මේ කොටන්නෙත් වැඩ කරන ගමන්...

    ReplyDelete
    Replies
    1. මට වටිනා අදහසක් නැතිවුනා කියලා හිතෙනවා.

      Delete
  7. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අයියෝ මල්ලි ඔයානම් මේ කපේදි හැදෙන කෙනෙක් නෙමේ..

      Delete
    2. වැඩක් නෑ සෙන්නා කියලා...

      Delete
    3. හෙහ්.......... ඔය වගේ දෙතුන් දෙනෙක් හිටියා.. මම කියන්නේ මල්ලි ඔයා හැලප කඩේ මුදලාලිගේ ක්‍රෙම්ට කරානං ඔයිට වඩා හොදයි... මොකද එයා බ්ලොග් ගැන සෑහෙන්න දැනගෙන තමා ලියන්න ගත්තේ.. දැං බලන්න ත්‍රිබාසා අයියා අවුරුදු ගානක් ප්‍රතිචාර දදා ඉදලා එකක් පටන් ගත්තා. 1 වැනි එක ලියල දෙවැනි එක ලියන්න තව අවුරුද්දක් ගියා. නිකං හිතල බලන්නකෝ..

      Delete
  8. දැන් කාලේ නම් අද යාලු වුනා.. හෙට ගල් ලෝඩ් නෙවෙයි එතනිනුත් එහාට යන්නනේ බලන්නේ. අපි ඉස්කෝලේ යනකොටත් එහෙම උන් නොහිටියම නෙවෙයි. දැන් ඒ ප්‍රතිශතය වැඩි කියල හිතෙන්නේ අහන්න දකින්න ලැබෙන දේ නිසා.
    ඒත් අහිංසක ආදරයක තියන සුන්දරත්වය එතන නෑ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අහිංසක ආදරේ.............. බලපං මලයා ඒ වචනෙම කොයි තරම් හිතට දැනෙනවද කියලා. ජීවිතේ එහෙමම තියෙත්දී නෙව මේකලා විහින් කරදර දාගන්නේ.

      Delete
  9. පාසැල් වියේ සමනළ ආදරේ හරි සුන්දරයි. ඒත් මම දකින විදිහට සමනල ආදරයක් අද පාසල් වල නෑ. අද කෙල්ලෙක් එක්ක යාලු උන ගමන් කොල්ලෙක්ට හම්බුවෙන උපදෙස තමයි සැප දීපන් හොදට සැප හම්බ උනොත් කෙල්ල උඹව දාලා යන්නෙ නෑ කියලා. (පාසල් පෙම්වතුන් උපදෙස් ගන්නේ යාලුවෙකුගෙන්නේ)
    බූට් කාපු කොල්ලෝ කියන්නේ(ඇත්තටමද දන්නෙ නෑ)මම ඒකිට මුකුත් කරන්න ගියේ නෑ බන්. ඒකිට සැප ඕනේ..
    මම දන්නේ පිරිමි ළමයි ගැන විතරයි(2වසරේ සිට උ.පෙ දක්වා පිරිමි ළමුන් -බාලදක්ෂ කටයුතු නිසා - )
    අද ළමයින්ගේ ආකල්පයක් තමයි ඕක. සුලු පිරිසක් ඔතනින් මිදෙනවා. ඒත් පො*** කියලා බයිට් කරයි කියන බයට නොකරත් කරපු ගානට කියවනවා.
    අතින් වත් අල්ලන්නේ නැතුව එක හිනාවකින් දවස ගෙවන්න පුලුවන් පෙම්වතුන් හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. වැරදි අවවාද හා ආදර්ශ තමයි ගොඩාක්ම මේ ලමා මනස් විකෘති කරන්නේ කියලා මටත් හිතෙනවා මිත්‍රයා. මේ අදහස මට ගොඩක් වැදගත් වෙයි.

      Delete
  10. අනේ මන්දා අයියෝ.... මාත් ඉස්සර ඔය විදියට තමා අප්පා හිතා උන්නේ.... දැනුත් ඒම තමයි ඉතිං.... හික්.... හැබැයි ඉතිං අර හිරු අක්කා කිව්වා වගේ ආදරේට චුට්ටන් කිස් එකක් එහෙම දුන්නට කාරී නෑ. අනික අතින් අල්ලන් යන එකත් අවුලක් නෑ.... එයින් එහාට ගියොත් තමා කේස් එක වෙන්නේ.....

    අද කාලේ නෙමෙයි අපි සා/පෙ කරන දවස් වලත් ඔයිට වඩා දේවල් කොර ගන්න ගිහින් වැඩ වරද්ද ගත්ත ළමයි අපේ සෙක්ෂන් එකෙත් හිටියා. ඒවා ඉස්කෝලේ ප්‍රසිද්ද රහස්. අපිට ඒ දවස් වල ඒවා අහල ෆුල් හොල්මන්. ඇයි වදේ ඒ කාලේ අපිට පිස්සු නටනවා හැර අඩුම ගානේ කොල්ලෙක් එක්ක යාලු වෙන්නවත් උනන්දුවක් තිබ්බේ නෑ.

    හැබැයි අද කාලේ නම් වැඩිහරියක් ආදරයට වඩා රාගයද මන්ද තියෙන්නේ. අද තියෙන සමාජ ක්‍රමය හා තාක්ෂණයේ තියෙන දියුණුව නිසා වෙන්නත් ඇති ඒකට හුගක්ම හේතුව.....

    ප.ලි. : සරා අයියා ආදරේ ගැන මතක් කොරලා මාත් ආයෙත් ඒ සුන්දර අතීතයට ගියා අප්පා. මගේ ප්‍රථම ප්‍රේමය(එච්චරම තමා ප්‍රේමයක් තිබ්බේ.දැන් නැත.හික්) පටන් ගත්තේත් උ.පෙ. කරන්න පටන් අරන් මාස හත අටක් ගිහින්. වසර ගණනාවක් තිබ්බ ඒ ආදරය ගැන අදටත් සතුටින් මතක් කරන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. මතක් කරලා සතු‍ටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පිවිතුරුයි කියලා නොකීවට අනෙක් අයට හිතාගන්න පුළුවන් නංගියේ. මොකද එහෙම ආදරේකින් ලැබෙන දෙයක් මිස අපට නැතිවෙන දෙයක් නෑ.

      Delete
  11. සමනලිගේ පෝස්ට් එහෙකද මන්ද මන් කිව්වා මාත්
    6 වසරේ වගේ ඉද්දි මාත් හිතන් හිටියේ ගෑනු
    ළමයෙක්ගේ අතින් අල්ලන් ඉන්න එක තමයි
    යාලු වෙනවා කියන්නේ කියල.පස්සේ තමයි ඉතින්
    දුර ගියේ මන්.

    මට 20 වගේ වෙද්දී අපහු හැරෙන්න බැරි තැනටම වැඩ
    වෙලා ඉවරයි.මම ලන් වෙද්දී කෙනෙක්ට තදින් ලන් වෙනවා.
    මොකද මගේ ආශ්‍රය සීමිත නිසා.ඉන්නකෝ ඉවසන් මගේ schedule
    උන පෝස්ට් ටික වැටෙනකම් ...ඒවගේ හැම දේම ඇතුලත් ප්‍රේමය
    ගැන...

    ගොඩක් වටිනා පොස්ටුවක් සරා..
    ස්තූතියි ...

    ReplyDelete
    Replies
    1. හොඳයි අපි බලාගෙන ඉන්නවා එතකම්.

      Delete
  12. කියාපං සරා අයියේ මම මොනාද දැන් මේකට දෙන උත්තරේ ?

    ReplyDelete
    Replies
    1. උඹේ මේ කොමෙන්‍ටුවට මට හිනා වෙන්න බෑ ළිහිණි.

      මම ඊයක් එවන්නම්.

      Delete
  13. මටනම් ඇස්දෙක වහ ගත්තම පයින් ඉස්කෝලෙ යන පොඩි එකෙක්ව මැවිලා පෙනුනෙ..

    උඹ හරි.. පාසල් ප්‍රේමය රාගයෙන් තොර වෙන එක හොඳයි.. එතකොට තමා ඒක පිවිතුරු ආදරයක් හැටියට සිහි කරන්න පුලුවන්.. මම අදහන තව දෙයක් තමා ප්‍රථම ප්‍රේමයට අනිවාර්යයෙන්ම කෙලවෙන්න ඕනා.. එතකොටත් පස්සෙ මාර ගතියක් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එදා කිවුවා වගේ හිතෙන් මම උඹව දිකින්න උත්සා කරනවා සෙන්නා. උඹේ පොඩි කමෙන්ට් ඇතුලේ ලොකු කතා තියෙන නිසා ඒ.

      //පාසල් ප්‍රේමය රාගයෙන් තොර වෙන එක හොඳයි..//

      මට කියන්න ඕන ඕක තමයි. ලමා කාලය අපි ගෙවන්න ඕන ළමයි විදිහට. වැඩිහිටියෝ උනාම කරන්න හුඟාක් දේවල් තියෙන නිසයි ඒ.

      Delete
  14. මේකට අනිත් උන් ලියන අදහස් කියවලා නිකං ඉන්න එක තමයි නුවනක්කාරකම මම හිතන්නෙ.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....