Thursday, January 10, 2013

නොකියා සිටිය නොහැකි නිසා - වැරදි ඉස්ලාම් ආගමද........?




           //ආගමේ නෙමේ ආගමට මුවා වෙලා ආගමේ නම විකුනණ සල්ලි කාර මෝඩයන් අතෙයි වරද තියෙන්නේ. සෞදිය කියන්නේ සල්ලිකාර රටක්. මේකේ එවුවන්ට සල්ලි වැඩි නිසා උන් දෙවියන්ටත් වඩා ඉහලයි කියලා උන් හිතාගෙන ඉන්නවා. මෙහෙට එන මුස්ලිම් වරුත් අසරන වෙනවා. මෙහෙ උන් විදේශික මුස්ලිම් අයටත් සලකන්නේ සත්තුන්ට වගේ. නීතියේ තියෙන දේවල්ම කරනවා නෙමේ. හිතුන දේ කරලා ඒක ආගමේ තියෙන ආකාරය කියලා කියනවා. විදේශික මුස්ලිම්වරු පවා මුන්ව විවේචනය කරනවා. මේකට කාගෙවත් ආගමකට නිගා කිරීම වැරදියි. හෙලාදැකිය යුතු මේ සල්ලි කාර මොඩයන්ගේ අමන වැඩයි. කාට හරි කෙනෙකුට සැකයක් තියේනම් මම මේ කියන කාරනාව ගැන කරුනා කර අල් කුරානයේ සිංහල පිටපතක් අරගෙන කියවා බලන්න.// 


               ඔය ඉහලින් තියෙන්නේ මම අද කියවපු එක බ්ලොග් එකකට මමම දාපු කමෙන්‍ටුවක්.  මේ ගැන තවත් පැහැදිලිව කරුණු කිවයුතුයි කියලා හිතුනු නිසා පෙර සූදානමක් නැතුව උනත් කෙටි සටහනක් තියන්න හිතුනා. මේක කියවන සමහරෙකුට තරහා යන්නත් ඉඩ තියෙනවා "යකෝ මූට තියෙන කැක්කුම මොකක්ද මේ අනුන්ගේ ආගමක් ගැන" කියලා. කැක්කුම ආගම ගැන නෙවේ, වැරදි අවබෝධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ නිසා විය හැකි අනාගත ව්‍යසනයන් ගැනයි. ඒකත් බලපාන්නේ කෙනෙකුට දෙන්නෙකුට නම් හැබෑවටම "අපට මොකෝ" තියරියෙන් සද්ද වහලා ඉන්න මම ඉතාම කැමතියි. මොකෝ ඔය ක්‍රමය අනුගමනය කරන එකම කෙනා මම නොවෙන නිසා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ, මුලු රටටම බලපානවා ඉදිරියේදී මේ තත්වය . අන්න ඒ නිසයි මේ.........

             අපි හැමෝම වගේ දැන් දන්නවා රිසානාට මරණ දඬුවම ලැබුනා කියලා. හැබෑවටම කනගා‍ටුදායක පුවතක් ඒක. බෞද්ධාගමික අප පමණක් නොව අපේ රටේ මුස්ලිම්වරු වගේම මම දන්න ඉන්දියානු පිලිපීන මුස්ලිම් වරුත් මේ සිද්ධිය පිලිබඳ නොසතුටෙන් ඉන්නේ. මොකද මේ සිද්ධිය යුක්ති සහගත නැති නිසා. ඒ නිසා මා නැවතත් කියනවා ඒක වැරදියි කියලා.
එතකොට ඒ වරද කාගේද......?
ඉස්ලාම් ආගමේද.... නැත්නම් මේ මෝඩ උද්දච්ච සෞදිකාරයන්ගේද....?

            අපේ යාලුවනේ මේ කතාව තව එකම එක කතාවක් විතරයි. ඔහොම ප්‍රසිද්ද නොවුනට ඝාතනයට පත්වෙන නොයෙකුත් අසාධාරනයන්ට දූෂණයන්ට ලක්වෙන තවත් රිෂානාලා මෙහේ බොහෝමයි. මම මෙහේ හිටි ටික කාලයට මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන ලොකු අවබෝධයක් ලැබුවා. මට හිතුනා ඇයි මේ මිනිස්සු මෙහෙම සත්තු වගේ හැසිරෙන්නේ කියලා. මම හැම කෙනාගෙන්ම ඒ ගැන ප්‍රශ්න කලා. ඒත් පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. සමහරු කිවුවේ ආගමේ තියෙන නීති තමයි ඔය කියලා. සමහරු කිවුවේ ඉස්ලාම් ධර්මයේ කොතැනක වත් ඔහොම දේවල් නෑ මේ තමයි සල්ලි තියෙන මොලේ නැති කමේ ප්‍රතිපල කියලා. ඔය කාරනාව නිසා මමත් මේ කුරානය කියවන්න හිතුවා. හැබෑවටම මුං කරන දේවල්  ඉස්ලාම් ආගමට පටහැනියි. ඉස්ලාම් ආගමේ කොහේවත් නැති මුන්ට හිතෙන දේවල් තමයි මේකලා කරන්නේ, කියන එක මම අවබෝධ කරගත්තේ එහෙමයි. මට කුරානයටවත් මුස්ලිම් වරුන්ටවත් සුදු හුනු ගාන්න උවමනාවක් නෑ. ඒත් අපි ඇත්ත හඳුනාගෙන අවබෝධයෙන් කතා කලයුතු බවයි මගේ හැඟීම.

             මෙහෙ ඉන්න ගොඩාක් සෞදියෝ කවදාවත් වැඩ කරන්නේ නෑ. ඒත් උන් මේ රෝහලේ සේවකයෝ. ආගමේ නීතියට අනුව කිසිවෙකුට තමන් කිසි සේවයක් නොකර ආදායම් හෝ වැ‍ටුප් ලැබීම තහනම්. ඒවගේම අනුන්ගේ දෙයක් සොරකම් කිරීම අයිති කරුවෙකුට නොදන්වා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් මෙහෙ ලොකුම තැනේ ඉඳන් පහලට, ඒකියන්නේ හොස්පිට්ල් ඩිරෙක්ටර්ගේ ඉඳන් සුළු සේවකයා දක්වාම මේකලාට පුළුවන් තරමට මුං හොරකම් කරනවා. මේ තැන් කිසි එකක විදේශිකයෝ නෑ, සේරම සෞදි කාරයෝ. විදේශිකයෙක් අතින් සුළු වරදක් අතපසු වීමක් උනොත් ඒක මහා ලොකුවට උලුප්පලා දක්වනවා නැත්නම් ඒක හොරකමක් විදිහට නම් කරලා දැඩි දඬුවම් දෙනවා. ඒ සුලු දේ උනත් "හරාම්" ලු. දෙවියෝ එහෙමලු කියලා තියෙන්නේ. එහෙම කියකියා මේකලා මහා පරිමානයෙන් හොරකම් කරනවා. මොකද මේ සෞදියන්ව ප්‍රශ්න කරන්න අයිතියක් අවසරයක් නෑ මෙහෙට එන විදේශිකයන්ට. එහෙම ගිවිසුමකට අපි මෙහෙට එන්න කලින්ම අත්සන් කරලනේ මෙහෙට ඇවිත් තියෙන්නේ. මෙහෙට එන විදේශික මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම තමයි. අන්න ඒ නිසා මගේ අදහසනම් වරද මුස්ලිම් ආගමේ නෙමෙයි. ඒකට මුවාවෙලා වැරදි කරන අයගෙයි.

           අනික සෞදියේ උන් කරන වැඩවලට සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇඟිල්ල දික් කිරීමත් බරපතල වරදක් කියලයි මගේ හැඟීම. මොකද මම මීට පෙර දවසක අපේ සමහර චීවරධාරීන් අතින් කෙරෙන වැරදි ගැන ලියපු වෙලාවේ සමහරු කිවේ සමහරෙක් අතින් සිදුවෙන මේ වැනි වැරදි ගැන ප්‍රසිද්දියේ කතා නොකලයුතු බවයි. ඒවගේ එය උඩ බලා කෙල ගසා ගැනීමක් ලෙසත් හඳුන්වා තිබුනා. මා එහි ඇතැමෙක් යනුවෙන් පැහැදිලිව දක්වා තිබියදීත් මේ සමස්තය නොවන බව සමහරු පුනපුනා පැවසීමට යෙදුනා. ඒනිසා මම ඔබලාට නැවතත් කියන්න කැමතියි බොහොම යහපත් මුස්ලිම් වරුත් සිටිනා බව. ඕනෑම වරදක් කරලා ඒකට හේතු දැක්වීම හෝ කෙනෙකුට අභියෝගයට ලක් කල නොහැකි කෙනෙක් හෝ දෙයක් වග උත්තරකරු කිරීම එහෙම නැත්නම් මම හෝ අපි කලේ අසවල් තැන සඳහන් දේ අසවල් නීතිය ක්‍රියාත්මක කිරීම යනුවෙන් සඳහන් කල පලියට ඒවා පිළිගැනීම එලෙස පිළිගෙන දෙස් දෙවොල් තැබීම කෙතරම් දුරට ප්‍රඥා ගෝචරදැයි සිතා බැලීම වටී. මන්ද අපටත් හිස් හා සිත් ඇති නිසාවෙනි.

              හිත මිතුරනි මා නැවතත් මෙසේ කියමි. වර්තමානයේ මේ සිදුවන්නාවූ දේවල් යම්කිසි ආගමකට අනුව සිදුවෙනවායැයි හැඳින්වීමට පෙර ඒ පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කරන්නේනම් මැනවැයි මට සිතේ. (හැබෑවටම ඒ ආගමේ එවන්දේ සඳහන්ද ඒ කොතැනද යනවග.) කුරානය අතින්වත් නාල්ලා එහි සඳහන් දේ හෝ ආගමේ නිවැරදි අරමුනු හෝ හරි හැටි නොදැන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පරිභව කිරීම වැරදියැයි මම කියනවා. ඒවගේම ඒකෙන් අනාගතයේ බරපතල ගැටළුත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ විදිහට වැරදි වැඩ කරලා ඒක අපේ ආගමේ නියමය යැයි කියන මුස්ලිම් අයත් ඉන්නවා. අපේ රට තුල පවා. ඇතැම් අවස්ථාවලදී මමත් එහෙම සිදුවීම් වලට මුහුන දී තියෙනවා. ඔබ හරි ආකාරයට දැනුවත් නම් ඔබට හැකියි ඔවුනට කියාදෙන්න. එය ඔවුනට තේරෙන කුමන ආකාරයකින් හෝ. මම එහි කිසිඳු වරදක් දකින්නේ නෑ. මම වුනත් එලෙස කරන නිසා, වඩා සාර්ථක තේරෙන හෝ තේරුම් ගන්නා ආකාරයට කියාදීමයි.

           නැවතත් මම මතක් කරනවා මේ ලිපිය කිසිදු පෙර සූදානමකින් තොරවයි මම ලිවුවේ. ඒනිසා මට තොරතුරු වැඩි ප්‍රමාණයක් දැක්වීමේ හැකියාවක් නෑ. ඒත් මට පැහැදිලිවම කිවහැකි කාරණය නම් මෙවන් අත්තනෝමතික ක්‍රියා වලට වැරදි මේ සල්ලිකාර මෝඩ උද්දච්ච මිනිස් වෙසින් සිටිනා තිරිසනුන් මිස ඉස්ලාම් ආගම වත් සමස්ත මුස්ලිම් ජනයාවත් නොවන බවය. ඒවගේම ලිපියේ කරුනු ගැන වැඩි තොරතුරක් ඇවැසි කෙනෙක් හෝ විරුද්ධමත ප්‍රකාශ කිරීමක් හෝ කරන කෙනෙක් වෙතොත් කරුනා කර ඇනෝවෙක් ලෙස නොපැමින තම ප්‍රොපයිල් එකෙන්ම පැමින අදහස් දැක්වීමට කාරුනික වෙනමෙන් ඉල්ලා සිටීමටත් කැමතියි. සරා කැමති කවුද කාගෙද නොබලා හරි වැරදි විතරක් විතරක් දැකීමට නිසයි මේ ලිවුවේ. අනික ඇත්ත නම් කාට කොතැන උනාම මොකද.

           දිනකට පස් වරක් ආගම කියවන නිසා මෙහි ස්වදේශිකයන් සැබෑ මුස්ලිම් වරු යැයි යමෙක් සිතයි නම් එය මහා මුලාවක් බව කිව මනාය. මෙහි සිටින බොහෝ දෙනෙකු සිතා සිටින්නේ  තමන් වරප්‍රසාද ලද්දන් බවකි. එසේ හෙයින් ඇතැම් විට ඔවුන් ඔවුන්ගේ දෙවියන්ද අභිබවා යාමට උත්සාහ දරයි. බොහෝ විට මොවුන් කෙතරම් සාක්ෂි සාධක සහිත නිවැරදි දෙයක් උවද  නොපිලිගෙන තමන් දරන වැරදි මතයම ඉස්මතු කරයි. එපමණක්ම නොව, අන්‍යයන්ද එම මතයම පිලිගත යුතු බවට බලපෑම් කරයි. මේ වනාහී මුදල් බලයේ උන්මාදයම මිස අනෙකක් නොවේමය. සත්‍යය නම් එයමය.

උදා: පසුගිය දිනෙක අපේ අංශ ප්‍රධානියාගේ වාහනය කමකට නැති සෞදියෙක් හැප්පුවා . සම්පූර්ණ වරද අර සෞදියගේ අතේ. වහනේට සිදුවූ අනතුර නොසලකා හැරියත් වාහනේ ගමන්ගත් අයගේ ජීවිත වලට අනතුරක් නොවුනේ හාස්කමකට වගේ. ඒතරම් විශාලයි ඒ අනතුර. නමුත් වරද කරුවන් විදිහට අප ආයතනය නම් කලේ අගතියට පත් වුනු අපේ පාර්ශවයමයි. ඒ මදිවට විශාල මුදලකුත් ආයතනට ගෙවන්න නියම වුනා. ඔවුන් තුල වූ එකම වරද ස්වදේශිකයන් නොවීමම පමණයි. මන්ද ඔවුන් සියළු දෙනාමත් ඉස්ලාම් භක්තිකයන්. මම ඔවුන්ගෙන් විමසා සිටියා වැරදි කරුවන් නිදහස් කර හිංසාවට පත් වූවන්ට දඬුවම් කරන එකද උඹලාගේ ආගමේ ක්‍රමය( නීතිය ) කියලා ඔවුන් ගේ පිළිතුර වුනේ උඹ මෙහෙට ආපු දවසේ ඉඳන් මේ වෙනකම් කවදා හරි දැක්කද මෙහෙ හරි දෙයක් වෙනවා කියලායි.


එඤ්ඤං.....!!!!! 


 ධනවත් මෝඩයා භයානකය......!!

76 comments:

  1. බාගෙ ට කුරනෙ කියවල වැඩක් නැ. අනික එක දවසෙන් කියවන්නත් බැ. ජපානෙ කුරනෙ තහන්ම් බන්ඩයක් කරල තියෙන්නෙ නිකන් නෙවේ. ඔන්න ඔක නිසා.

    ReplyDelete
    Replies
    1. හ්ම්හ් මේ කතාවේ නම් ඇත්තක් තියෙනවා. බාගෙට කුරානේ තියා පොස්‍ටුවක් වත් කියවලා වැඩක් නෑ. කුරනේ අපි ටිකකට පැත්තකින් තියමුකෝ මේ තරම් සරල ලෙස ලියලා තියෙන පෝස්‍ටුවක සඳහන් දෙයක්වත් තේරුම් ගන්න බැරි මෙහෙම බූරුවෝ එක්ක කොහොමද මීට වඩා සංකීර්ණ මාතෘකා ගැන කතා කරන්නේ. ඒනිසා මේ අම්බරුවන්ට මම උත්තර දෙන්නේ නෑ. ඒත් මට එකක් කියන්න ඕන ඒ අපේ රටේ උගත් බුද්දිමත් ජනයාගේ දැන ගැනීම උදෙසා. මෙන්න මේ වගේ එකාලා තමයි ඕනම රටක විනාශය නියෝජනය කරන්නේ. කොහෙන් හෝ කවුරුහෝ තප්පුලන හඬක් ඇහුනම ඒකම අනුකරනය කරමින් තප්පුලන මුං නියෝජනය කොරන රටක් ජාතියක් නම් මට පේන්නේ නෑ. මේවගේ උන් කැමති නෑ රටක් සාමයෙන් සමගියෙන් තියෙනවා දකින්න. කිසිමදෙයක් දිහා අවබෝධයෙන් හෝ තේරුමක් දැනගෙන මේවිදිහට කියවනවා නෙමේ කියන්න මේ සරල පෝස්‍ටුවම ප්‍රමාණවත්ය කියලයි මට හිතෙන්නේ. කුරානේ මම හරියට කියවලා නෑ කියලා කියන මේ හාදයා ඇනෝ ඇවිත් තියෙන්නේ මේ පෝස්ට් එකත් බාගෙට කියවලා. හැක්... රටකට හෝ කෙනෙකුට වැඩදායක යමක් කරන්න ,කියන්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. මෙයාලට ඒකවත් නැතුව කොහොමද මෙහෙම දේවල් ගැන විවෘතව කතා කරන්නේ. මෙවැනි සංකීර්ණ ගැටළුවක් දිග දුර ගියවෙලාවලදිමේවගේ එවුන් කරන්නේ හැමදාම කලාවගේ අහවල් එක දෙපර හැන්ද අස්සේ ගහන් නිදිවදින එක. ඒක මීට පෙර වතාවකත් උනා. සවිස්තරාත්මකව මතක් නොකලට මේ මම කීවේ මොන කාරනාව ගැනද යනවග පහුගිය යුද සමය ගැන දන්න අය තේරුම් ගනීවී යයි මාසිතනවා. හැබෑවටම මා ස්තූති වන්ත වෙනවා තමන්ගේ අනන්‍යතාවයන් හැගෙන පරිදි හරි හෝ වැරදි යැයි කීමට සෘජුව ඉදිරිපත් වූ මහත්මා ගති ඇත්තවුන්ට ඔවුන්ගේ ප්‍රශ්ණ වලට මට තේරෙන ආකාරයට මගේ පිළිතුරු ඉක්ක්මනින්ම දෙන්නම්. කොන්දක් නැති ඇනෝ සරා කෙලින් කතාකරන කෙලින් වැඩ කරන බොලා වගේ එවුන් බුරුතු ගානක් දැකපු එකෙක්. මම මේක ලිවුවේ මොකෙකුටවත් සුදු හුනු ගාන්න නෙමේ. මේගැටළුවම හේතු කරගෙන අනාගතේ ආයෙත් මේ රටේ යුද්ධයක් ඇතිවීමේ අවධානම වලකා ගැනීමේ අරමුනෙන්. මොකද උඹලා වගේ එවුන් රට එතැනට තල්ලු කරාට එතනින් එහාට ඒගැන විසඳුමක් බොලාලට නොතේරෙන නිසා. එක්කෝ ඒ දැනුම් තේරුම් නැති කම හෝ තරුන මදය, ඒ නෙවෙයි නම් උද්දච්ච අහංකාරකම. ඕකම තමයි මේ සෞදියන්ටත් තියෙන්නේ. එහෙම බැලුවම බොලාගෙයි මුංගෙයි වෙනසක් නෑ වගේ නේද...? හදිසියේ බොලාවගේ උන් වග උත්තර කරුවෝ ( අද සෞදියෝ ඉන්න තැන හිටියා නම්) වෙලා තිබුනා නම් මේ සෞදියන්ට වඩා උන්මත්තක ආකාරයෙනුයි උඹලා වැඩ කරන්නේ. මීට වඩා දෙයක් මේ ඇනෝ ආව අය වෙනුවෙන් මම කියන්නේ නෑ. ඒවගේම මීට වඩා වෙනස් උත්තර ඔන කෙනෙක් ඉන්නවානම් තමන්ගේ නියම ප්‍රොපයිල් වලින් ඇවිත් ප්‍රශ්න කරනමෙන් මම නැවතත් ඉල්ලනවා. ඒවට උත්තරදෙන්න පුළුවන් හොඳ කොන්දක් සරාට තියෙනවා. මෙතනදි මගෙන් ටිකක් සැර වැඩි වචන කියවුන එක ගැන උගත් පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා. වඩා වැදගත් නොතේරෙන එකාට තේරේවි කියලා හිතෙන ආකාරයකින් කියාදීම නිසයි එහෙම කලේ.

      Delete
    2. සරාගේ මේ ප්‍රතිචාරය නම් අනුමත කරන්න බැ. ඇනෝ කෙනෙක් උනත් බොහොම සංවරව අදහස් දක්වලා තියෙන්නේ. බ්ලොග් එකේ කොමෙන්ට් කරන්න අවස්තාව දීලා තියෙන්නේ කැමති කෙනෙකුට කැමති අදහසක් පොස්ට් වක ගැන සටහන් කිරීමට නොවීද.

      Delete
    3. මෙතන කොයි ඇනෝද යාලුවා සංවරව අදහස් දක්වලා තියෙන්නේ......?

      Delete
    4. අයෙත් කියවලාම බලන්නකෝ මේං ඇනෝ කමෙන්ට් තුනම...

      Anonymous10 January 2013 04:55
      බාගෙ ට කුරනෙ කියවල වැඩක් නැ. අනික එක දවසෙන් කියවන්නත් බැ. ජපානෙ කුරනෙ තහන්ම් බන්ඩයක් කරල තියෙන්නෙ නිකන් නෙවේ. ඔන්න ඔක නිසා.

      Anonymous10 January 2013 05:44
      මෝඩ සවුදි කාරයන්ගෙන් වෙනවට වැඩ විනාසයක් වෙන්නේ ම්ලේච්චගමකට සුදුහුණු ගාන මේ වගේ එවුන් ගෙන්

      Anonymous10 January 2013 05:45
      මෝඩ සවුදි කාරයන්ගෙන් වෙනවට වැඩ විනාසයක් වෙන්නේ ම්ලේච්ච ආගමකට සුදුහුණු ගාන මේ වගේ එවුන් ගෙන්

      වඩා වැදගත් අසන්නාට හෝ කියවන්නාට තේරුම් ගත හැකි ආකාරයෙන් කිවීම හෝ ලිවීමයි. පෝස්‍ටුව තුල පැහැදිලිවම කියා ඇති දෙය
      //ඒවගේම ලිපියේ කරුනු ගැන වැඩි තොරතුරක් ඇවැසි කෙනෙක් හෝ විරුද්ධමත ප්‍රකාශ කිරීමක් හෝ කරන කෙනෙක් වෙතොත් කරුනා කර ඇනෝවෙක් ලෙස නොපැමින තම ප්‍රොපයිල් එකෙන්ම පැමින අදහස් දැක්වීමට කාරුනික වෙනමෙන් ඉල්ලා සිටීමටත් කැමතියි. සරා කැමති කවුද කාගෙද නොබලා හරි වැරදි විතරක් විතරක් දැකීමට නිසයි මේ ලිවුවේ. අනික ඇත්ත නම් කාට කොතැන උනාම මොකද.//

      තේරුම් නොගත් තැනැත්තන් තේරුම් ගන්නේ මේ ආකාරයෙන් බව මගේ අද්දැකීම් මට කියයි. මෙවන් ආකාරයට චූදිත වරදට සම්බන්ධ නොවූවන් ප්‍රතිචාර දැක්වූවොත් කුමක් වේද......?

      Delete
    5. //බාගෙ ට කුරනෙ කියවල වැඩක් නැ. අනික එක දවසෙන් කියවන්නත් බැ. ජපානෙ කුරනෙ තහන්ම් බන්ඩයක් කරල තියෙන්නෙ නිකන් නෙවේ. ඔන්න ඔක නිසා//

      මේ ප්‍රතිචාරයට උඹ දක්වපු ප්‍රතිචාරය අනුමත කරන්න බෑ. ඒක හරියටම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙ ප්‍රතිචාරයක් වගේම තමයි. වෙනසක් ඇත්තේම නෑ. තමුන්ගෙ වාසියට නචු අහල තමුන්ම තීරණය දෙන ජාතියේ එකක්. මොකද එයා ඇනෝ ඇවිල්ල තියෙන්නෙ කොන්දෙ අවුලක්ද එහෙම නැත්නම් ඌට ප්‍රොෆයිල් එකක් නැතිනිසාද කියල උඹට නිගමනය කරන්න බැරි නිසා.

      Delete
    6. හෙහ් හෙහ් හෙහ්..... උඹ ඔය කියන එක මහප්ප්‍රාණයක් වත් නිසා නෙමේ බං මම එහෙම රිප්ලයි කලේ. පැහැදිලිවම මම සිංහලෙන් කියලා තියෙද්දී ඇනෝ ඇවිත් කතන්දර කියන්න එපා කියලා ඒ හාදයා මුලින්ම ඇවිත් එපා කියලා ඉල්ලපු දේම කල නිසා. මේකම තමයි බං අපේ එකාලා තව තවත් ප්‍රශ්න වලටම මැදිවෙන්න හේතුව. තේරුම් ගන්නේ තමන්ට ඕන විදිහටම විතරයි. ඒකරලා ඒ වරදට දොස් කියන්නේ තවකෙනෙකුට. වඩා හොඳ නිවැරදි දැක්මක් ඇතිකර ගැනීමට හැකියාවක් නැත්නම් ටිකක් උපේක්ෂාවෙන් කරුනු දිහා බලන්න වත් පුරුදු වීම.

      Delete
  2. ඉස්ලාමික ආගමික නිතිය රටේ නිතිය වශයෙන් ක්‍රියාත්මක වෙන රටක කටයුත්තකට ඉස්ලාමයේ සම්බන්ධයක් නෑය කියන එක විහිලුවක් . සෞදිය ශරියාව නමින් ක්‍රියාත්මක කරන්නේ ඉස්ලාමීය නිතිය නෙවෙයි නම් ලෝකේ ඉන්න සෞදි නොවන මුස්ලිම් වරුන් සාතිශය බහුතරයක් ඒ ගැන ප්‍රශ්න නොකරන්නේ ඇයි ? මෝඩ අරාබි ඔටුවන්ගේ විතරයක් නෙවෙයි උන්ට කඹුරන්න යන උනුත් උන්ගේ අහංකාර කම් වලට වග කියන්න ඕනි !

    ReplyDelete
    Replies
    1. ඔබ විසින් කොපමන වාරයක් ඔබගේ ආගමට මුවාවී ජඩ වැඩ කරන අයට විරුද්ධව හඬ නගලා තිබේද...?
      එමෙන්ම එවැනෙක් (යම් හඬක් නැගූවෙකු) ගේ කට වැසීමට අනෙක් අය උත්සාහ කරනු ඔබ තවමත් දැක නැතිද....?
      ඔබේ ආවේගය අපූරුයි. ඒත් තමන් නියෝජනය කරනා පාර්ශවයෙනුත් වැරදි වෙනවිට නිහඬ පිලිවෙතක් අනුගමනය නොකරන මෙනුත් ඉල්ලා සිටීමට කැමතියි.
      එහෙම අඩුපාඩු ඔබ තවමත් දැක නැතිනම් මට ඒවා පෙන්වා දීමේ හැකියාවක් ඇති බවත් දන්වා සිටීමට කැමතියි. ප්‍රසිද්ධියේ කතා නොකල හැකියැයි සිතනවා නම් මම ඔබට ඒ තොරතුරු පෞද්ගලිකව ලබා දෙන්නම්.

      අනෙක් කරුනු කාරනා සම්බන්ධවනම් ලිපියක් නුදුරේදීම පලවෙනවා ඇති.

      Delete
    2. ආගම සහ දේශප්‍රේමය ට මුවාවී කරනා ජඩකම් වලට එරෙහිව හැකි සැම විටම බ්ලොග් කරණය තුලදී හඬ නගා ඇත . ආගමකට මුවාවී කරන ජඩ වැඩ සහ ආගමක සඳන්ව ඇති ජඩ වැඩ යනු දෙකකි !

      Delete
  3. මෝඩ සවුදි කාරයන්ගෙන් වෙනවට වැඩ විනාසයක් වෙන්නේ ම්ලේච්චගමකට සුදුහුණු ගාන මේ වගේ එවුන් ගෙන්

    ReplyDelete
  4. මෝඩ සවුදි කාරයන්ගෙන් වෙනවට වැඩ විනාසයක් වෙන්නේ ම්ලේච්ච ආගමකට සුදුහුණු ගාන මේ වගේ එවුන් ගෙන්

    ReplyDelete
  5. ඔය කතාව ඊයේ උපශාන්ත අයියත් කියලා තිබ්බා... සෞදියේ අනිත් මුස්ලිම්කාරයන්ට පවා සලකන්නේ නෑ කියලා... අපේ මහත්තයත් කියලා තියෙන විදියට ඔය කතාව ඇත්ත...

    ///වර්තමානයේ මේ සිදුවන්නාවූ දේවල් යම්කිසි ආගමකට අනුව සිදුවෙනවායැයි හැඳින්වීමට පෙර ඒ පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කරන්නේනම් මැනවැයි මට සිතේ. ///

    ඒත් මේ ආගමේ නාමයෙන් මේවා කෙරෙන නිසා ආගමේ සම්බන්ධයක් නෑ කියන්න බෑ නේ සරා අයියේ... හැම මුස්ලිම් මිනිහම අන්තවාදියෙක් නොවන කතාව ඇත්තක් තමයි.. හැබයි ඒ ආගමේ ඇතුලෙම තියෙන ආගමට බැදලා තියාගන්න, පල්ලියට බැදලා තියාගන්න නිසා ඒ මිනිස්සුන්ට උනත් විරුද්ධ වෙන්න බෑ... ඔය හැමදෙයක්ම වෙන්නේ ආගම මුල් කරගෙන.. කුරානය වැරදි විදියට පරිහරණය කරනවා කියලා කවරු හරි කියනවා නම්, මට කියන්න තියේනනේ එයාලා කරන හැම වැඩක්ම සුද්ධ කරන්නත් පාවිච්චි කරන්නේ කුරානයම තමයි.... කිසිම මුස්ලිම් කෙනෙක් කියන්නේ නෑ කිසි කෙනෙක් කුරානය වැරදි විදියට පාවිච්චි කරනවා කියලා... එහෙම කියන්නේ අපි.. මොකද අපිට තියෙනවා ප්‍රශ්න අහලා, විවේචනය කරලා හරියට තේරුම් ගියාම විතරක් පිළිගන්න නිදහසක්.. ඒ නිදහස හින්දයි අපි කුරානේ කියවලා තේරුම් ගන්න හදන්‌ෙන් මුන් මොනද කියන්‌නේ කියලා... ඒ උනාට ඒ අය එහෙම කරන්නේ නෑ.. එයාලා කරන්‌ෙන් වැරදි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඒ දේ සුද්ධ කරන්න ක්‍රමයක් කුරානෙන් හොයාගන්න එක විතරයි... එයාලට ප්‍රශ්න කිරීමේ නිදහසක් නෑ.. ප්‍රශ්න කරන්නේ නැතුව දෙයක් තේරුම් ගන්‌ෙන කොහොමද... ඒකයි උන් තාමත් මැට්ටෝ වගේ ඕකේ එල්ලිලා ඉන්නේ...

    මාත් එක්ක එකට මොන්ටිසෝරි ගියා මුස්ලිම් ගෑණූ ළමයෙක් ( අපි ගියේ කොන්වන්ට් එකක මොන්ටිසෝරියකට) .. ඒ අය හිටියේ අපි වගේම තමයි... ඒ ළමයා අඩුම ගානේ ඔලුව වත් වැහැව්වේ නෑ... ඒත් මේ ළඟදි මට එයාව හම්බුනාම එයා ඔලුව වහලා හිටියේ.. මං ඇහුවම කිව්වා පල්ලියෙන් තර්ජනය කළා කියලා දුවලා ඔලුව වැහුවේ නැත්තම් තාත්තව මරනවා කියලා... ඒක කරන්න බැරි ආගමක් නෙවෙයි ඕක.. මේ සිද්ධිය ලංකාවේ වෙච්චි දෙයක්...

    ReplyDelete
    Replies
    1. //මාත් එක්ක එකට මොන්ටිසෝරි ගියා මුස්ලිම් ගෑණූ ළමයෙක්....//
      මෙහෙම දෙයක් මං ඇහුවමයි....

      ඒත් හිරු අක්ක මේ කතාව කියනකොට මට මතක් වුනේ මගේ යාළුවෙක්ව. එයත් මුස්ලිම්.... හැබැයි එයා පොඩ්ඩක්වත් කැමති නෑ එයාලගේ ආගමට. එයාල වැඩිවිය පත් වුනාට පස්සේ ඔලුව වහන් ඉන්න ඕනිනේ. මෙයා ඒකටවත් කැමති නෑ. ඒත් එයාලගේ තාත්තා පුදුම වසයි. තාත්තට බය නිසා හැම දෙයක්ම කරනවා. කොටින්ම කිව්වොත් එයාට ගෙදරින් එලියට යනකොට කලිසම් අදින්නත් තහනම්. ඒත් තාත්තට හොරෙන් මේකා කලිසම් අදිනවා. තාත්තා නැති වෙලාවට ඔලුව වහන්නෙත් නෑ. දවසක් මාත් එක්ක ක්ලාස් ගිය වෙලාවක තාත්තා කලින් ගෙදර ඇවිත්. එදා මේකා ඇදන් ගියේ ඩෙනිමක්. මෙයාලගේ පුංචි දුවන් ආව පංතියට සායකුත් උස්සන්. මගේ යාළුවා බය වෙච්ච පාර පන්තියෙදීම සායත් ඇදන් ඔලුවත් වහන් ගෙදර ගියා.

      Delete
    2. @ හිරූ

      ඔයා ලියපු දේ ආපහු ඔයාම කියවලා බලන්න හිරූ ඔයාගේ ප්‍රශ්න වලට උත්තරත් ඒතුලම තියෙනවා. ඉතුරු අඩු පාඩුව ඔයාට ඉහත ලිපියෙන් සපයා ගත හැකියි. මෙතනදි මට පැහැදිලිව පේනවා ඔයා මේ කරුන ගැන අවශ්‍ය ප්‍රමානයට දැනුවත්. ගැටළුව තිබෙන්නේ කරුනු ටික පිලිවෙලට ගොනුවෙලා නැති එකයි. මම ඔයාලගේ හැම කොමෙන්‍ටුවකටම පෝස්‍ටුවකින්ම පිලිතුරක් දෙන්නම්. එතකොට මට කියන්න ඕන උන අදහස ඔබලා තේරුම් ගනීවී. මතක තියා ගන්න මගේ අරමුන ඉස්ලාම් ධර්මය ඉස්මතු කිරීම නෙමෙයි. හරි වැරදි ගැන පමනක් මගේ දැනුමට අනුව කතා කිරීම.

      Delete
    3. මේකයි සරා අයියේ.. ඔයා කියන දේට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ... මම කියන එකම දේ තමයි මේවා ගැන අපි විතරක් කතා කිරීමෙන් ඇති වැඩක් නෑ කියලා... අපි කතා කරලා, තේරුම් අරගෙන පැත්තකට වීම තුළින් වෙන්නේ එයාලගේ අන්තවාදයට ඉඩ සැලසෙන එක.. අපි මෙච්චරකල්මත් හැම දේකදිම කළේ එකම දේ.. පස්සේ අපිට පහර වදිනකොට අපි අන්තිමට අන්තවාදයෙන්ම පිළිතුරු දුන්නා.. ( යුද්ධෙ ගැන මං කිව්වේ) මෙතනදිත් ඔය ටික වෙන්න ඉඩ තියෙනවා අපි කතා කර කර , එයාලා වැරදි නෑ, අපිත් වැරදියිනේ කිය කිය ඉන්න අතරේ, එයාලා අපේ අතේ වැරැද්දක් නෑ, අපේ ආගම මෙහෙමයි කියලා ( කිසිම මුස්ලිම් කෙනෙක් එළිපිට එයාලගේ ආගම විවේචනය කරන්නේ නෑ මේ අපි වගේ) කියලා ඉස්සරහට එනකොට අපිට වෙන්නේ ගෙවල් අස්සට වෙලා ඉන්න.. ගෙවල් ඉතුරු වෙලා තිබුනොත්.. මොකද මේක ඇවිල්ලා මේ වෙනකොට ත්‍රස්තවාදයක් තරමට අන්තවාදී ආගමක් වෙලා ඉවරයි......

      හරි වැරැද්ද ගැන කතා කරද්දි සරා අයියේ එක පැත්තක් විතරක් සාධාරණ වෙලා තව පත්තක් පක්ෂාග්‍රාහී උනොත් එතන සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියන එක ඔයාට තේරෙනවනේ... අන්න ඒකයි මට කියන්න ඕනේ උනේ... කො‌ෙහාමත් ඔයා මෙතනදි වැරදි නැති බව මම පිළිගන්නවා.. නමුත් ඔයා, අපි විතරක් හරි වෙලා හරියන්නේ නෑ කියන එකයි මම කියන්නේ...

      Delete
    4. බොරු කියන එකෙත් සීමාවක් තියෙන්ඩ ඕනෙ කරුනාකරලා කියන්ඩ ඔය කියන මුස්ලිම් පල්ලිය කොහෙද තියෙන්නෙ කියලා.... ඔබ තුමියගෙ දැන ගැනීම පිනිස පහත වැකි සියල්ල උපුටා ගත්තෙ කුර්'ආනයෙන්......

      “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

      “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10: 99)

      “(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10: 108)

      “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18: 29)

      ඔබ කියන විදිහට පල්ලියෙන් ඔහම කලොත් ඒ මුස්ලිම් පල්ලියක්නම් වෙන්ඩ බෑ මොකද ඔවුන් කුර්'ආනයෙ තියෙන උපදෙස් අමු අමුවෙ උල්ලන්ගනය කරලා කියන එක ඔබට වැටහෙන්ඩ ඕනා (මැදිහත්ව සිතුවොත්)

      Delete
    5. මම කියපු ගෑණූ ළමයා නම් ඉන්නේ ගල ගෙදර පැත්තේ ..එයා යන පල්ලිය මොකද්ද කියන්න නම් මම දන්නේ නෑ.. නමුත් මම කිව්වේ ඔය ඒ ළමයා මට කියපු කතාවක්... එහෙම නැතුව මට ඔය ආගමත් එක්ක එච්චර සම්බන්ධයක් නෑ.. බොහොම පැහැදිලිව මම මුස්ලිම් මිනිස්සු එක්ක ආශ්‍රය කරලා තියෙනවා.. ඒ අය අපිත් එක්ක හිටපු විදියෙන් එකපාරටම අපි ඉස්සරහම බුර්කාවට බැස්ස හැටිත් දැකලා තියෙනවා.. ඒක නිසා කරුණකාරලා පල්ලි වලින් මේ රටේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට බලපෑමක් කරන්නෑ කියලා කියන්න එපා.. ඔයා එහෙම කියන එකෙන් තේරෙන්නේ මෙච්චර වෙලා මං මෙතන කියපු දේ තමයි....

      ඔයාලගේ ආගමේ නාමයෙන් මොනවා කළත් ඔයාලා විරුද්ධ වෙන්නේ නෑ... මොකද ඔයාලට පල්ලිය විවේචනය කරන්න බෑ..

      ඔයාගේ කුරාන් එකේ තියෙන දේවල් මෙතන උපුටලා දක්වනවා නම් අර රිසානා මරපු එකට ඕකේ තියෙන නීතියත් මෙතන දක්වන්න...

      Delete
    6. පල්ලියක්යකින් කෙරෙන්නෙ මිනිසුන්ට නීති දාන එක නෙමෙයි එතන වෙන්නෙ මිනිසුන් දෙවියන් අදහන එකයි. පල්ලියකින්වෙන හොද හො නරක විවේචනය කරන්ඩ් බෑ කියන එක ඔබතුමියගෙ නොදැනුවත්කම....හෝ දැනුවත්වීමට කිසිම අවශ්‍යතාවයක් නොමැතිවීම(කුහකකම?)

      පැහදිලිවම කුර්'ආනයෙ සදහන් කරලා තියෙනවා “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256) කියලා. ඉතින් ඇයි ඔබතුමිය කියන්නෙ අපිට පල්ලියෙන් කියන කිසිම දෙයක් විවෙචනය කරන්ඩ බෑ කියල? පිලිගන්නවනම් පිලිගන්ඩ පුලුවන් බැරිනම් නොකර ඉන්ඩ පුලුවන්.කලොත් එහෙමයි නොකලොත් එහෙමයි ...කලා හො නොකලාකියලා කාටවත් එහෙම මිනිස්සු මරන්ඩ බෑ එහෙම මරන්ඩනම් ඒ ඉතින් තලෙයිබාන්වගෙ ගොන්පාර්ට්කාරයො වෙන්ඩ ඔනී

      අනික රිසානගෙ සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

      “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

      Delete
  6. ජාතිය ආගම රැකියාව වත්පොහොසත් කම් කුමන ආකාරයේ වුවත් පිස්සන්ව තැබිය යුත්තේ පිස්සන් කොටුවලමය ....

    ReplyDelete
    Replies
    1. එකඟවෙනවා ඔබ සමඟ මා......

      Delete
  7. උන්, උන්ගේ පුරවැසියන්ට හැම අතින්ම වරප්‍රසාද ලබා දීල තියෙන්නෙ. නමුත් ඔතන සැගවිච්ච දෙයකුත් තියනව. අපිට ලොකූ එකෙන් පෙන්නුවට ගල්ෆ් යුද්දේ කාලෙ ඇමරිකන් හමුදාවට කෙල්ලො සප්ලයි කලේ ඊජිප්තුවෙන්. ඇමරිකන් ගෑනු කොට ඩෙනිම් ගහල සුපර් මාකට් බැස්සෙ. නීතියත් දෙවිදියක්.

    ReplyDelete
  8. සසර වසනාතුරාවට මුස්ලිම් ගැහැණියකගේ දරුවෙක් නොවේවා මාව

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ මේක තමා.....

      Delete
    2. මාවත් ගනින්... හැබැයි ගැහැණියෙක්ගෙ විතරක් නෙමේ..

      Delete
    3. මගේ පැතුමත් ඒකම තමයි

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මම ද එසේම පතමි

      Delete
    6. ඔබලාගේ පැතුම එලෙසින්ම ඉ‍ටුවේවා යැයි මමද පතමි.

      Delete
  9. සමහර විට උද්දච්ඡ සෞදි කාරයෝ එහෙම හිතනවා ඇති. ඒත් අයියේ ආගමේ වැරැද්දක් නෑ කියලා කියන්න බෑ.

    " ආගමේ නාමයෙන් මැරීම පාපයක් නෙවෙයි " කියන එකම ආගම මුස්ලිම් ආගම

    මේක තනිකරම ආගමේ වැරැද්ද.ඉතින් ඔය හැමදේම සිද්ධ වෙන්නෙ ආගම මුල් කරගෙන.. මුන්ව ආගම් ඇතුලේ නීති වලට කොටු කරලා බය කරලා මිසක් වෙන දෙයක් නෙමේ මෙතන තියෙන්නෙ.තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කලාම මරණීය දණ්ඩණය දෙන රටවල් ඕනෑ තරම් තියෙනවා. ඒත් මේ තරම් මෙලේච්ඡ විදියට මරණ දණ්ඩනය දෙන වෙන රටක් නැතුව ඇති.

    හැම මුස්ලිම් කාරයෙක්ම කට පු# වහගෙන ඉන්නේ මේක සිද්ධ උනේ තමන්ගේ ජාතියෙන් සහ ආගමෙන් උන නිසා. වෙන ආගමක ජාතියක උඩ මේ වගේ සිද්ධි උනා නම් බලන්න ඕනේ උන්ට නගින නැගිල්ල.



    ReplyDelete
    Replies
    1. //හැම මුස්ලිම් කාරයෙක්ම කට පු# වහගෙන ඉන්නේ මේක සිද්ධ උනේ තමන්ගේ ජාතියෙන් සහ ආගමෙන් උන නිසා. වෙන ආගමක ජාතියක උඩ මේ වගේ සිද්ධි උනා නම් බලන්න ඕනේ උන්ට නගින නැගිල්ල. //

      මේක නම් සහතික ඇත්ත......

      Delete
    2. ඇත්තටම ළිහිණි.. නැත්තම් මෙලහකට කට්ටිය පාරේ....

      Delete
    3. ඔකම තමා අපිටත් කියන්ඩ තියෙන්නෙ මෙ දේම සින්හල ලමයෙකුට උනානම් උබලත් දැන් පාරෙ තමා

      "ආගමේ නාමයෙන් මැරීම පාපයක් නෙවෙයි " කියන එකම ආගම මුස්ලිම් ආගම "

      කවුද කියන්නෙ?

      “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

      මචන් කරුනාකරලා කුරානයක සින්හල පරිවර්තනයක් අරන් කියවපන්

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මම මෙතන දාපු කමෙන්ට් එක අයින් කළා.. ඒක අවශ්‍ය නෑ...

      Delete
    6. කරුනා කරලා තමන්ගේ සීමාවල් ඉක්මයා යාමට උත්සාහ නොකරනවානම් මම කැමති හඳුනා නොගත් යාලුවා. කාටවත් ඕන ඕන ආකාරයට කෑකෝ ගහන්න මෙතැන මට අවසර දීමට හැකියාවක් නෑ. ඒ ගැන සිහිතබා ගෙන වැදගත් ආකාරයට (ටිකක් හෝ) අදහස් දක්වනවා නම් මම ඒකට කැමතියි. මේ මගේ බ්ලොග් එක හැම කෙනෙකුටම ගරු කරන තැනක්.

      Delete
    7. සරා සමාවෙන්ඩ ඕන වැරද්දක් උනානම්.....

      Delete
    8. හරි මෝඩ ඇනෝ අනුන්ගෙන් එක එක ඒවා බලාපොරොත්තු නොවී අර ෆිල්ම් එකට එරෙහිව මෙහෙට වෙලා දැඟලුවා වගේ කෑගහපල්ලකෝ,
      උඹලාගේ ෂරියා නීතිය ම්ලේච්ඡ එකක් කියල උඹලා පිලිනොගන්නෙත් ආගමෙන් බ්රෙන්වොෂ් කරලා තියන නිසානේ.

      Delete
    9. දැන් බලපං යාලුවා මම කිවුවම අර පුද්ගලයා සමාව ගන්න තරමට නිහතමානී උනා. ඒත් එයාගේ බ්‍රේන් වොෂ් කරලා කියන උඹ ඒක පෙනි පෙනිත් තප්පුලනවා. වරද මචං උඹෙත් ඇතුල හිස්. ඒනිසයි ඔය තරම් සද්දේ..! මෙහෙම තැන තැන මුවා වෙලා සද්දේ දැම්මට මේ රට අවුලට වැ‍ටුනොත් උඹලා වගේ අයගේ ඇඩ්‍රස් හොයා ගන්නත් අංජනම් බලන්න වෙනවා. මේ ලිපියේ අරමුන ගැන කතාකරේ කීයෙන් කීදෙනාද...? මම කියපු අදහස තේරුම් අරගෙන කොමෙන්ට් කලේ කීදෙනාද...? හරි අපි මදකට මෙතැන නතර වෙමු. එයාලා වැරදියි, ආගමත් වැරදියි, මේ ගැන කතා නොකල අපේ රටේ ඉන්න අයත් වැරදී. දැන් ඔයාලගේ අදහස මොකක්ද. උද්ගෝශන කලයුතුයි, ඔවුනට විරුද්ධව සටන් කලයුතුයි, නෙරපා හැරිය යුතුයි. මොකක්ද කියන්නේ. අපි ගේම ඉල්ලත්දී ඔවුන් කරබාගෙන පල්ලම් බහීවිද..? ලෝකේ අති බහුතරයක් වන මුස්ලිම් අය ඒ දිහා බලාගෙන කරබා ගනීවිද....? බහුතරය ධනවතුන් වෙන ඔවුන් හා ගැටීමට යන්තම් එදාවේල පිරිමහ ගනිමින් සිටිනා අපට හැකියාවක් තියෙනවාද..? කාටවත් තියෙන බයකට නෙමේ මම මේවා කියන්නේ. දිනන්න බැරි සූදු සෙල්ලම් කරන එකේ තියෙන අමාරුව තේරෙන නිසා.එහෙම අවුලක් ඇති උනොත් තවත් අවුරුදු ගානකට ඒ වරදට අපි හැමෝටම වන්දි ගෙවන්න වෙනනිසා. ගැ‍ටුමකට අවතීර්ණය විය යුත්තේ බැරිම තැනකදී මිස හැම තැනදීම නොවෙන බව තේරුම් ගතයුතුයි.

      Delete
  10. කියන්න කිසිම දෙයක් නැහැ මිත්‍රය එකගයි
    හැම දේටම.ගොඩක් දෙනෙක්ට ඕනේ මුස්ලිම්
    මිනිස්සු එක්ක කෝන්තරයක් පිරිමහන්න.උන්ට
    පදයක් ගියත් මෙහෙ බැනල ඉවරයි..
    නමුත් හැමෝම තේරුම් ගත යුත්ත තමයි ආගමට
    මුවා වෙලා බලු වැඩ කරන උන්ව හෙලා දැකීම ඇර
    ආගම් පටලන් මේ කරන බොරුව නවත්තන්න ඕනේ.

    එහෙනම් අපේ හාමුදුරු වරුත් නිදි වදින්නේ.විනය පිටකයේ පැහැදිලිව තියෙනවා මයිතුන්‍ය ( IME Fault ) සේවනය කරා කියන්නේ මේ ආත්මය තුල නැවත ලබා ගත නොහැකි තත්වයෙන්ම භික්ෂු භාවය අහෝසියි කියන දේ ..

    නමුත් අපි මෙතැනදී " අපෝ අර බලන්න බුධ්ධාගම් හාමුදුරු වරුන්ට ගෑනු තියාගන්නත් පුළුවන් , ආගමෙන් ඉඩ දීල තියෙනවා " කිව්වොත් හරිද ?

    ඔන්න ඔය වගේම සීන් එකක් තමයි මේ වෙන්නේ අන්තවාදී මුස්ලිම් අයගෙත්. ඒ නිසා පැහැදිලිව තේරුම් ගත යුත්ත තමයි මිනිස්සුන්ගෙන් වෙන වැරදි වලට ආගම් පටලන් දැගලීම වැරදි.ඔබ තුමාගේ මෙම ලිපිය ඉතා ගව්රවයෙන් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කෙනෙක් ඔය කතාව කියයි කියලා මාත් හිතුවා..

      නමුත් සහන් අපිට පුළුවන් නේද අපේ හාමුදරුවරුන්ව විවේචනය කරන්න.. එයාලව අතෑරලා දාන්න.. මුස්ලිම් ආගමේ අය පිළිගන්නවද ඒ අයගේ ආගමේ ඒ නිදහස නෑ කියලා...

      ඔන්න ඔය ලිනක් එකට ගිහින් බලන්න

      ඕකේ තියෙන විදියට මේකට හේතුව ඇමරිකානු රෙජිම් එකකින් සෞදි රජ පවුල නටවන හින්දා කියලා... නැතුව මේ ෂරියා නීතියේ තියෙන වැරැද්ද ගැන කතා කරලා නෑ.. එතනත් අර අපේ අය මොනවා කරන්න ගියත් මේක ආණ්ඩුවෙන් ගිල්ලවන ගුලියක්ය කියලා කියනවා වගේ ප්‍රශ්නෙ මඟ ඇරලා වෙන පැත්තකට හරවනවා....

      Delete
    2. හිරු මට ඔයාගේ කමෙන්ට් එකෙන් කියවෙන අදහස තේරුම් ගියේ නැහැ .නමුත් ඔයා මේ ලින්ක් එක දීපු ලිපියෙත් පුන පුනා තියෙන්නෙත් ආගමේ නාමයෙන් , ආගමට මුවා වෙලා ඉහල ඇත්තෝ කරන ප්‍රෝඩාව ගැන.

      ////This in itself is complete violation of Islam. People as a whole are treated as virtual slaves.///

      thawa me wage quote ona tharam denna puluwan eken ..

      මගේ අධිකරණය ගැන පොස්ට් එකෙත් මන් පැහැදිලිව කිව්වා රෝම ලන්දේසි නීතිය උනත් පටන් ගැන්ම හරියටම ඔහොමයි කියල . නමුත් ඒක ටිකක් මානුෂීය උනා පහු පහු වෙද්දී .
      සව්දිය ප්‍රධාන කරගත් ඉස්ලාම් කීප පොලක් කලේ ආගමේ නාමෙන් දිගින් දිගටම වංචාව ගෙනාව.තලෙයිබාන් වගේ අන්තවාදය ඇති උනේ ඇමෙරිකාව එක්ක ඇති උන " පුද්ගලික " කෝන්තරයක් නිසා ඔසාමා ඇතුළු කීප දෙනෙක්ගේ. ( මීට ඉහත කාලෙකදී ඒ අය චර පුරුෂ සේවයේ හිටියා , ඒ කතා අදින්න ගියොත් මේ දේ කතා කරන්න වෙන්නේ නැහැ )

      ඒ කීප දෙනා තමයි මේ දේ සුදු හුණු ආගමේ නාමෙන් ගාල ගෙනාවේ. පස්සේ ඒක ලොව පුරා ගියා මේක තමයි ඉස්ලාම් කියල.දැන් හැමෝම ඒකට රහ වැටිලා ඉන්නේ , මොකද ආගමේ නාමෙන් ඕන තුප්පහි වැඩක් සාදරනීයකරණය කරගන්න පුළුවන් .. බලන්න සරත් අයියා ඒක පැහැදිලිව කියල තියෙනවනේ එයාගේ live අද්දැකීම් වලින්ම ...

      ඉතින් අපි තව කියන්න ඕනෙද ? ඒ රටේම ඉන්න කෙනෙක් කියනවනම්.

      ////ආගමේ නීතියට අනුව කිසිවෙකුට තමන් කිසි සේවයක් නොකර ආදායම් හෝ වැ‍ටුප් ලැබීම තහනම්. ඒවගේම අනුන්ගේ දෙයක් සොරකම් කිරීම අයිති කරුවෙකුට නොදන්වා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් මෙහෙ ලොකුම තැනේ ඉඳන් පහලට, ඒකියන්නේ හොස්පිට්ල් ඩිරෙක්ටර්ගේ ඉඳන් සුළු සේවකයා දක්වාම මේකලාට පුළුවන් තරමට මුං හොරකම් කරනවා. //////


      ////විදේශිකයෙක් අතින් සුළු වරදක් අතපසු වීමක් උනොත් ඒක මහා ලොකුවට උලුප්පලා දක්වනවා නැත්නම් ඒක හොරකමක් විදිහට නම් කරලා දැඩි දඬුවම් දෙනවා. ඒ සුලු දේ උනත් "හරාම්" ලු. දෙවියෝ එහෙමලු කියලා තියෙන්නේ. එහෙම කියකියා මේකලා මහා පරිමානයෙන් හොරකම් කරනවා./////


      ////මෙහෙට එන විදේශික මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම තමයි. අන්න ඒ නිසා මගේ අදහසනම් වරද මුස්ලිම් ආගමේ නෙමෙයි. ඒකට මුවාවෙලා වැරදි කරන අයගෙයි.////

      ///කුරානය අතින්වත් නාල්ලා එහි සඳහන් දේ හෝ ආගමේ නිවැරදි අරමුනු හෝ හරි හැටි නොදැන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පරිභව කිරීම වැරදියැයි මම කියනවා.///

      ///මේ වනාහී මුදල් බලයේ උන්මාදයම මිස අනෙකක් නොවේමය. සත්‍යය නම් එයමය. ///

      Delete
    3. දැන් එතකොට මෙතනද හිරූ ඇත්ත සඳහන් වුනු හරිම තැන.

      ඔයා කවදාවත් අහලවත් දැකලා වත් නැද්ද මුස්ලිම් වරුම අන්තවාදී මුස්ලිම් යැයි කියා ගන්නා අයව විවේචනය කරනවා.

      Delete
    4. සරා අයියා කියපු ඒ දේ ගැන මට ප්‍රශ්නයක් නෑ සහන්.. ඒක ඇත්ත...

      ඔය ලිපිය ගැන..

      ඒත් සහන් එතනම තියෙනවා නේද ‌ෆොටෝ එකක් We want Allah's Law Not man mage Law කියලා... එහෙම කියලා එයාලා අහනවා ඇයි මරණ පරීක්ෂණයක් කළේ නැත්තේ කියලා...

      මම කියන්නේ ඇයි මේ අය මේ ගැන කලින් කතා කළේ නැත්තේ එහෙනං.. එයාලා ඔය කියන විදියේ හොඳ ඉස්ලාම් අයනම් එයාලට තිබ්බා මේවට මැදිහත් වෙන්න... මේවා ගැන කතා කරන්න.. ඔය කියන ඉස්ලාම් අය කිසි කෙනෙක් පාරට බැස්සේ නෑ නේ මේ කරන්නේ ෂරියා නීතිය විකෘති කිරීමක් කියලා.. ඇයි ඒ...?

      නමුත් කිසි කෙනෙක් මෙතන සිද්ධ වෙච්ච වැරදි ගැන කතා කළේ නෑ.. මැද පෙරදිග සිද්ධ වෙන ගොඩක් දේවලදි කිසි කෙනෙක් කතා කරන්නේ නෑ... බොඩිස් ටික පටවලා නිකම් ඉන්නවා...

      එයාලට ඒ ගැන කතා කරන්න බැහැ.. පැහැදිලිවම... අපි කිව්වට මේ දේ හරි වැරිදි තියෙනවා කියලා කිසිම මුස්ලිම් කෙනෙක් කියනවද මේවා වැරදියි කියලා.. නෑ.. එයාලා කියන්නේ මේවා වෙන කට්ටියක් කරවන දේවල් කියලා...

      අනිත් එක දැන් බුද්ධාගමට වෙලා තියෙනවා වගේ පොතේ තියෙන දේ එකක් සහ කෙරෙන්නේ තව එකක් විදියට ඉස්ලාම් ආගමෙත් කෙරෙන්නේ ඒක නම් අපි කො‌ෙහාමද ඒකට සුදු හුණු ගාන්නේ...

      //දැන් හැමෝම ඒකට රහ වැටිලා ඉන්නේ , //

      මේක තමයි මාත් කියන්‌ෙන්... ප්‍රශ්නෙ තියෙන්නේ මේ රස වැටීමේ නෙවෙයිද.. සල්ලි බලය තියෙන මිනිස්සු කරන ටිකම මේ අපේ රටවල ඉන්න දුප්පත් මිනිස්සු මතත් පැටවිලා තියෙන එක නෙවෙයිද....? මොකද පැහැදිලිව පේන විදියට මේ ඇන්තවාදී ඉස්ලාමය මේ රට ඇතුලෙත් තියෙනවා...

      අපි හැම පැත්තම හොයල බලලා සාධාරණේ ගැන කතා කරනවා.. එයාලා ආගමට මුවා වෙලා ඔක්කොම කුපාඩි කම් කරනවා.. මොකාද මෝඩයා මෙතන....

      Delete
    5. විවේචනය කරනවා සරා අයියේ.. හැබැයි හැංගිලා.... එලිපිට එයාලාත් අන්තවාදීන්ගේ පැත්තේ තමයි.. මොකද එහෙම නොවුනොත් එයාලට වෙන්නේ මැරෙන්න... අන්තවාදියෝ එළිපිට තමන්ගේ අන්තවාදී වැඩ කරගෙන යනවා....

      Delete
    6. ඉතින් ඕකම නේද හිරූ අර පහුන පෝස්‍ටුවකට ඇතැම් අය මට යෝජනා කරලා තිබුනේ..? මගේ තර්කය කාගේවත් බලපෑමකට යටනොවී ඇත්ත දැකිය යුතුයි ඒගැන සාකච්චා කලයුතුයි කියන එකයි. ඒකට බෞද්ධ ක්‍රිස්තියානි හින්දු කියන භේදයක් අවශ්‍ය වෙන්නේ නෑ. හැබෑවටම කතා කරනා අය ඉන්න්වා යැයි ඔබ දැකීමම ප්‍රමාණවත්. ඔවුන් එසේ කරනා බව ඔබ ඔබේ සමීපතමයන්ට හෝ කියන්න. එවිට ඔබ ඔය කියනා හඬ ඇතිවේවි. ලෝකය තුල එකම ආගමක් විතරක්ම හෝ එකම ජාතියක් විතරක්ම සිටිය යුතුයි කියනා තර්කයක් කිසිවෙකුට ගෙනා නොහැකියි. විවිධ ආගම් හා විවිධ ජාතීන් සාමයෙන් සිටීමයි කලයුතු.

      Delete
    7. තර්කය හරි සරා අයියේ... ඒත් ආගම් ජාති විදියට බෞද්ධ ක්‍රිස්තියානි, හින්දු, දෙමළ සිංහල අපි විතරක් තර්ක කරලා හරියන්නේ නෑ... මුස්ලිම් අයත් ඇත්ත දකින්න පටන් ගන්න ඕනේ.. ඇත්ත වෙනුවෙන් සටන් කරන්න සුදානම් වෙන්න ඕනේ.. නැත්තම් අපි විතරක් පාරට බැස්සම එයාලා ඇවිත් අපිව මරලා දාල යයි... මොකද එයාල‌ෙග් එළිපිට තියෙන්නේ ත්‍රස්තවාදී අන්තවාදයක්...

      නමුත් එයාගේ ආගමේ නීති අනුව එයාලට ඒක කරන්න බෑ... ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය නේද... ? අර නිශාන්න කියනවා වගේ මේ ආගම යන්න හදන්නේ ආපහු ගල් යුගේට.. එයාලා යාවත්කාලීන නොවෙනවනම් එයාලා වඳවෙලා යයි.. ඒ වඳවීම නවත්තගන්න යුද්ධ ඇති වෙයි.. ඒවයින් මැරෙන්න වෙන්නේ අපිට...

      Delete
    8. ඔය හැමෝම කරන වචන යුද්ධ නවත්වලා සැබෑ යුද්ධයකට අවතීර්නය වියයුත්තේ ආන් එදාටයි. එහෙම නැතුව ඔහේ කවුරුත් කියවන්නන් වලේ කියවන්න නෙමේ හිරූ. දැන් එහෙම කලොත් බැරිම තැනකදි කරන්න දෙයක් අපට ඉතිරි නෑනේද....?

      Delete
  11. මේ ගැන කියන්න ගියොත් පිටු සිය ගණනක් ලියන්න තරම් විස්තර මම ගාව තියනවා. නමුත් සරා මමත් ඔය කුරානය කියවමින් ඉන්නේ දැනට සෑහෙන ප්‍රමාණයක් කියවලා ඉවරයි. සමහර කරුණු වලදී ඔබත් එක්ක එකඟ වෙන්න පුළුවන් උනාට සමහර කරුණු වලදී එහෙමහිතන්න බැ. මම උපන් දවසේ ඉඳලම මුස්ලිම්වරු හොඳින් අඳුනන ආශ්‍රය කරන කෙනෙක් මම දැන් වැඩ කරන්නෙත් මුස්ලිම් රටක. නමුත් ඔබ කියන විදිහට මේක සම්පුර්ණ ආගමේ ප්‍රශනයක් නොවනවා වගේම සම්පුර්ණ මෝඩ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් කියලා කියන්නත් අමාරුයි. අනිකුත් ආගම් පරිනාමය වෙමින් ඉදිරියට යද්දීමෙමේ ආගම විතරක් ආපස්සට ගමන් කීරීම තමයි මෙතන ඇති වෙලා තියන ලොකුම ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. ///අනිකුත් ආගම් පරිනාමය වෙමින් ඉදිරියට යද්දීමෙමේ ආගම විතරක් ආපස්සට ගමන් කීරීම තමයි මෙතන ඇති වෙලා තියන ලොකුම ප්‍රශ්නය. ///
      +++++++++

      Delete
    2. @ අයි ටී නිශාන්ත

      මම කියන දේ ඔයා ගෙඩිය පිටින් ගිලිය යුතුය කියලා මම කොයිම වෙලාවකවත් යෝජනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ උගත් මිත්‍රයා. ඒ වගේම සතුටට කාරනයක් ඔබ මේ ගැන අවබෝධ කරගනිමින්( කියවමින්) ඉන්නවා යැයි දැනගැනීමත්. තර්කයක් නෑ ඔබ හා මා මේ ග්‍රන්තය තේරුම් ගත් විදිහේ යම් අඩුපාඩුවක් තිබේ නම් අපට සාකච්චාවෙන් ඒ ගැටළු ඇති තැන් නිරාකරනය කරගත හැකියි. එය කවදාවත් ගැ‍ටුමකට හෝ තර්කයකට හේතුවක් වන එකක් නෑ. සමහර විට කියවා අවසාන වනවිට ඔබ තවත් දැනුවත් වී සිටිය හැකියි. මටත් බොහෝ මුස්ලිම් මිතුරන් සිටිනා නිසාත්, මේ උද්දච්ච මිනිසුන් කරනා ක්‍රියාවන් ගැන ඔවුන් ගේ නොසතුට මා සමඟ සාකච්චා කරන නිසාත් තමයි මේ ලිපිය මම ලිවුවෙත්. ලොකුම ගැටළුව නූගත් හා අහංකාර කමට මේකලා ආගම හා දෙවියන් උලුප්පා දැක්වීම කියලා මම නැවතත් මතක් කරනවා. ඒකට මිනිස්සු මිස ආගම වැරදියයි චෝදනා කිරීම ගැනයි මේ කතිකාව. සිවුරු ඇදන් දුරාචාර වල නිරත වන්නන් කවදාවත් ස්වාමීන් වහන්සේලා යැයි හඳුන්වන්නේ නෑ වගේම ඒකට සමස්ථ බෞද්ධාගමටම චෝදනා කෙරුවොත් වැරදියැයි අපි කියනවා වගේම මේකත් වැරදියි කියලා ඔවුනුත් කියාවී. ඒත් අවබෝධයෙන් තොරව අපි කෑකොස්සන් ගැහුවොත් ඒකෙන් ගැ‍ටුමක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඒ තත්වය වලක්වා ගැනීමටයි මගේ මේ වෑයම. ඒ කාටවත් බයකට නෙමේ. ගැ‍ටුමකදී දෙපාර්ශවයටම ඇතිවෙන හානිගැන ඇති අවබෝධය නිසා.

      Delete
  12. @ සරා
    මට ඊ මේල් ගිණුමක් ලබා දෙන්න ඔබගේ ...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ වෙද්දිත් ඔයා මගේ මිතුරන් ලයිස්තුවේ ඉන්නවා යාලුවා. එතන මගේ විස්තර තියෙනවා. කොහොම උනත් sarathchandrasiri75@gmail.com තමයි මගේ ලිපිනය.

      Delete
  13. මානුෂීය නොවන ආගමක් මම දැක්කමද මන්දා...

    ReplyDelete
  14. Ammo mata nam mewata mokuth kiyanna therenne na. Rishana gana nam dukai paw kella.

    ReplyDelete
  15. කුරාණය සම්පූර්ණයෙන් නොකියව්වත් කියවපු ටික මට නං හොඳටම ඇති. යටත් වෙච්ච සතුරා මරන්න කියන, මැරීමට මැරීමෙන් උත්තර දෙන්න කියන.... ආගමක් ඇති තැන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උඹ කියන ජාතියේ උද්දච්ඡ මිනිස්සු නිසා මේක සිදුවෙනව කියනඑක පිලිගන්න පුළුවන් සීමාවකුත් තියනව. ඒත් අනෙක් ආගම් ඇදහීම දඬුවම් ලබන්න වරදක් වන, මානව හිමිකම් වැඩියෙන්ම කඩවන මනුශ්‍යත්වයට එරෙහි සිදුවීම් වැඩිපුරම සිදුවන වෙනත් කලාපයක් ලෝකෙ තියනවද?

    ReplyDelete
    Replies
    1. වපර ඇහින් බැලුවොත් මැද පෙර්දිග නෙවෙයි ඔය කියන මහලොකු මානව හිමිකම් නීති ගෙනපු රටවල් උනත් වැරදියට තමයි පේන්නෙ

      Delete
    2. වපර ඇහෙන් නං ඕන විදියකට බලන්න පුළුවන්. මෙතන තියන අවුල ‍නියම විදියට බැලුවත් ‍එකම විදියට පෙනීම.

      Delete
    3. ඔබ තුමා කුර්'ආනය බාගෙට කියවා එහි අන්තර්ගතයද බාගෙට වටහාගෙන ඇතිබව මට හැගෙ ඔබගෙ දැන ගැනිම පිනිස

      “(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9: 6)

      “ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8: 61)

      සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි.

      ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්

      1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

      2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.

      3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

      4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

      5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපල හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

      6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

      7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.

      8. සතුරු මෘතදේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

      9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

      10. මහළු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.

      11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

      12. ගස් හා භෝග වර්ග විනාශ නොකළ යුතුය. මේවාට ගිනි තැබීම සපුරා තහනම්ය.

      13. සතුරු කඳවුරට අයත් ගව මහීෂාදීන් නිකරුනේ මරා නොදැමිය යුතුය.

      Delete
  16. සරා ඔබවගෙ අය තවමත් ඉන්නා එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා..පොඩිකාලෙ ඉදන්ම එක ඉස්කොලෙක එකම කෑම බෙදගෙන කාපු සහොදරයො වගෙ එකට හිටපු අපෙ (සින්හල ) කොල්ලොටික දැන් දැන් වෙනස්වෙලා අපිට අවලාද නගනකොට හිතට දැනෙන දුක කියලා නිමකරන්ඩ බෑ මුස්ලිම් හෝ වෙවා දෙමල හො වේවා සින්හල හො වෙවා මිනිසුන් වැරදිකරනවා ඒකට ආගමක් පලි නෑ කියන එක ඇයි මෙ උදවියට තෙරෙන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔයා මෙන්න මේ කියපු දේට මාත් එකඟයි... මටත් දුකයි මාත් එක්ක එක බත් එක බෙදාගෙන කාපු ගෑණු ළමයි ( එයලාට කන්න පුළුවන් වෙන්න අපි බත් එකට බැඳගෙන ගියේ හලාල් චිකන්.. නැත්තම් එයාට කන්න බෑ කියන නිසා) දැන් ෆේස් බුක් එකේ අන්තවාදී විදියට ෆොටෝස් ෂෙයර් කරන කොට... මට නම් තරහක් තියෙන්නේ මේ ආගමමේ නාමය මුවා කරගෙන යන ත්‍රස්තාවදයට විතරයි.. ඒක නිසා මාව වැරදියට තේරුම් ගන්න එපා.. මාත් කිසිම මුස්ලිම් කෙනෙක් එක්ක හේතුවක් නැතුව තරහක් ඇතිකර ගෙන නෑ..

      Delete
    2. @ unknown

      මචන් ඔය අද්දකීමම මටත් තියෙනවා .මාත් කිසිම ජාතිවාදී
      දේකට කැමති නැහැ.අපේ පැත්තෙන් ගොඩක් ඉවසුව මචන්
      බාමියන් බුදු පිළිම කඩද්දි , අපේ නැගෙනහිර පන්සල් කඩද්දි ,
      බංගලාදේශේ පන පිටින් බුද්ධාගමේ අය පුච්චද්දී ...

      නමුත් මචන් උබලගේ මවුලවීල මුකුත් කරේ නැහැ ඒ වෙනුවෙන්.
      මෙතන ප්‍රශ්නේ මචන් මේ දුප්පත් උබල අපි ගහගෙන වැඩක් නැහැ .
      මේවා ඉහල නිල ආගමිකව දරන උබලගේ අය තේරුම් ගන්න ඕනේ.
      උබල ඒ මිනිස්සුන්ට බල කරන්න ඕනේ මචන්.නැතුව පල්ලියෙන්
      කියන හැම දේටම එකග වෙන්න එපා ආගමේ නාමෙන් කිය කියා .
      අන්න ඒක තේරුම් ගන්න ඕනේ.. ඒ වගේම උබලගේ පැත්තෙනුත්
      වයිරය පතුරවන දේවල් ( web, FB , blog , social ) නවතින්න ඕනේ..
      ඒකට උබ හරි මූලික වෙලා වැඩ කරපන් මචන්...

      අපේ කිසිම තරහක් නැහැ .නමුත් මේ දේවල් දිගින් දිගට ගියොත්
      ඉතාම නුදුරේ there will a clash among us ..

      Delete
    3. ශාන් මහත්මයා කියන්න හිතුනේ උඹේ මේ කතාවට මට. ඕක තමයි වැදගත් ආකාරයට යමක් කියන විදිහ යාලුවා. මට ඔය වචන ටික විතරක්ම ඇති. මගේ උත්සාහය ඵල සහිතයි කියලා හිත හදා ගන්න. ආවේගශීලී වෙලා කෑකෝ ගැහීම ගැටලුවලට විසඳුමක් නොවෙන බව කියන්න ලියාපු පෝස්‍ටුව කීදෙනෙක් කී ආකාරකට තේරුම් අරන් තියෙනවාද බලපං යාලුවා. ඉතින් අනිත් තැන් වලදිත් මේකම නොවෙනවා කියලා කිව හැකිද අපට. මගේ අරමුණ උනේ මේ ගැන සාකච්චාවක් ගොඩ නැගීමටයි. ඒත් ඉතාම සරල බසින් ලියලත් මුල ඉඳන්ම ගොඩ දෙනෙක් වරද්දගෙන. සරාට කාටවත් සුදු හුනු ගාන්න ඕන නෑ කියද්දි ගොඩාක් අය ඒකම නොකියා කියන්න උත්සාහ කරනවා.

      Delete
    4. මචන් පල්ලියෙන් කියනහැම දේම අපි පිලිගන්නවා කියලා හිතන්ඩ එපා ඒ වගෙම අපිට පල්ලියෙන් හැමදේම කියනවා කියන එකත් වැරදි අපි ආගම අදහන්නෙ කුර්'ආනය හා නබි (එතුමාට අල්ලහ්ගෙ ශාන්තිය අත්වෙවා) තුමනන්ගෙ ඉගන්වීමට අනුව මිසක් පල්ලියෙන් කියන කියන විදිහට නෙමෙයි. මුස්ලිම් අපි ගැන වැරදි වැටහීම් ගොඩක් ඇතිවෙලා තියෙන්නෙ මෙ කාරනා එක එක අය එක එක විදිහට අර්තකතනයන් දීලා ඒ අර්තකතනයන් අනුව වැඩකරන නිසයි.

      මචන් තලෙයිබාන් සන්විදානය මුස්ලිම් ත්‍රස්තවාඩි සන්විදනයක්තමයි ඒකෙ දෙකක් නෑ හැබැයි උන් කරන දේවල් ඉස්ලාමයත් නෙමෙයි ඒක අපි වටහා ගැනීම වැදගත්. ත්‍රස්තවාදි කන්ඩායමක් කරනදේකට මුස්ලිම් මිනිස්සු පලිනෑනෙද? ප්‍රභාකරන් දලදා මාලිගාවට බොම්බ ගැහුවා කියලා අපි (පොදුවේ ) හින්දු කොවිල් කඩන එක සදාචාරත්මකද කියන එක අපි සිතාබැලිය යුතුඉ නෙද?

      නැගෙනහිර පන්සල් කඩනවානම් ඔවුන් නීතිය ඉදිරියට ගේන එක හා ඔවුන්ට දඩුවම් පැනවීමට සමස්තයක් වශයෙන් මුස්ලිම් අපෙ කිසිම විරුදත්වයක් නෑ

      මොකද අපෙ ආගමෙ ඉගැන්වීම් අනුව අන්ය ආගම්වලට ගරු කලයුතුයි අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

      සියලුදෙනාම මතකතියාගතයුතු තවත් දෙයක් අපි කෙනෙකුට ඇගිල්ලක් දිගුකරනවිට අප දෙසට ඇගිලි හතරක් දිගුවෙනවා කියන එක ඒවගෙම නිව්ටන්ගෙ නියමය every action has a equal and opposite reaction අන්න ඒදෙ FB එකෙ හොදින්ම වෙනවා... ඒවා සාධාරනීය කරනවා නොවෙයි

      Delete
  17. මං කුරාණය කියවල නෑ. මට කියන්න තියන්නේ ආගමේ නෙවෙයි වරද. ඒ ආගම තමන්ගේ වාසියට හරවාගෙන ඉන්න උන්ගේ අතේ වැරැද්ද තියන්නේ. එහෙම දීර්ඝ කාලයක් යද්දී සැබෑ ආගම යටපත් වෙනවා. එතකොට නම් ඒ විකෘති කල ආගමත් සහ ඒ ආගම අදහන මිනිස්සුත් වැරදියි. එතකොට හරි දේ කොහෙද...
    මොනවා උනත් සරා කියන්න උත්සාහ කරපු දේට මමත් එකඟයි. ආවේගයෙන් ක්‍රියා කිරීම නුවණට හුරු නැති බව තමයි මටත් කියන්න තියන්නේ. විශේෂයෙන් ආර්ථික වශයෙන් කිසි ශක්තියක් නැති අපි වගේ පුංචි රටක්. ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙන්න අපේ පාලකයෝ ක්‍රියා නොකරපු එකේ පල විපාක තමයි මේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිත්‍රයා ලියපු දේ හා මගේ අරමුන තේරුම් ගැනීම ගැන. අපි, රටේ තත්වය, පාලකයන්ගේ දුර්වලකම් හා චූදිත පාර්ශවයන්ගේ දිග පළල ගැනත් කරුනු ඇතුලත් කරලා ලියන්න ගියොත් මට පොතක් තමයි පල කරන්න වෙන්නේ. ඒනිසා අනාගතයේ ගැටලු ඇති නොවෙන ආකාරයට මෙවන් ගැටළු ගැන සාකච්චා කිරීම වටින බවයි මට හැමෝටම කියන්න ඕන උනේ. කොහෙද අපිත් ලෝකේ අනිත් උන් තරමටම දනවත් බලවත් කියලා හිතාගෙන වගේනේ මේ අය ගොඩක් දෙනා කතා කරන්නේ. තවමත් මගේ ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නෑ වගේ. හදිසියේ වත් චූදිතයෝ සටනට ආවොත් මෙයාලා මොනවා කරාවිද. යුද්දෙට යාවිද...? එතන මේ හඬ නැගිය යුතුයි කියන අය කීදෙනෙක් ඉඳීවිද...? හැබෑවටම අපට ඔවුන් සමඟ යුද වැදිය හැකිද....? අපේ කටවල් තිබුනටම මදි, හැකියාවනුත් අප සතුවිය යුතු බවයි මගේ හැඟීම. නැවතත් ඔබට ස්තුතියි කියපු දේ තේරුම් ගැනීම ගැන. නොකියපු දේවල් උලුප්පන්න උත්සාහ නොකර. කාවවත් උඩ තියන්න ඕන කියන තැන නෙමේ මම ඉන්නේ, අපේ රට තුලම අපි ආමාරුවෙන් ජීවත් වෙද්දී මේ අහක යන කරදර වලට අත වනලා කනවෝ කනවෝ කියලා කෑ ගහන තැනට වැඩ නොකරමු කියන තැන. එක ගැටලුවකින් නිදහස් වෙලා හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නොලබපු අපි තවත් කරදරයකට අතවනවා කියලා මට හිතෙනවා. ජය වේවා..

      Delete
  18. මං මෙතැන වාදයකට පැටලෙන්නේ නෑ. ඒ වගේම මම ආගම්වාදියෙකුත් නොවෙයි. ඒත් මුස්ලිම් ආගම ගැන මගේ කිසිම පැහැදීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ මතය ඒකට විරුද්ධ වෙන්න හෝ ඒක වැරදියි කියන්න කාටවත් අයිතියක් නෑ. ඒවගේම මමත් ආගම්වාදී අදහස් දරන්නෙකු නොවේ.

      Delete
  19. මං කැමතියි සරා මගේ මේ සම්බන්ද ලියමනත් කියවනවනම්..

    ReplyDelete
  20. මොලේ නැති කාලකන්නින්ට රට යවනා පිරිමි ගැන අසුව දශකයේ නන්දා මලානි සිංදුවක් කිවුවා. නිර්මාණ කරුවන්ට අනාගතය දකින්න පුළුවන්.ඒ කාල කන්නි ලඟට වහල් සේවයට යවන අපේ රටේ කාලකන්නි පාලකයෝන්ටත් සාප වේවා.

    උන්ගේ රටේ මොනතරම් කාලකන්නි වැඩ තිබුනත් කරන්න දෙයක් නැහැ අපි නොයායුතුයි.

    මොලයක් නැති උද්දජ්ච කාලකන්නි ජාතියට මොලේ පෑදේවා.!!!

    ReplyDelete
  21. සරා මෙම පොස්ටුවේ ඇති ඉතා කුඩා කොටස් ගෙන වෙනම පොස්ටුවක්
    නිවට ලෙස කෙනෙක් පල කරලා තියෙනවා..ඔබගේ පොස්ටුවේ ඇති සියල්ල
    කන පිට හරවා ඇත .මාද ඉතා අහම්බයෙන් එහි ගිය විට දුටුවේ..

    නොකියාම බැරි තැන කාටහරි හොඳක් වෙනු පිණිස!

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් මිතුරියක් මට ඒබව දැන්වූවා ශාන්. මම එහි ගොස් කියවා බැලුවා ඒ ගැන පිළිතුරු අඩංගු ලිපියක් සකස් වෙමින් තියෙනවා. ස්තුතියි ඔබට බොහෝමත්ම. ජයවේවා...!

      Delete
  22. සරා ඉස්ලාම් දන්න තරම් බුදු දහම දනන්නේ නැත... ඔබ බුදු දහම ගැන ලියනවානම් හොඳය භික්ෂුන්ට චීවර ධාරීන් යැයි කියා තිබීම තුලින් ඔබගේ සූත්‍ර ධර්මය පිළි බඳ අවභෝධය හා ඔබගේ අපාය පැහැදිළිය

    ReplyDelete
    Replies
    1. කනගා‍ටුයි මහත්මයා, ඔබ අවබෝධයෙන් ලිපිය කියවා නැති බව හැඟේ. කරුණාකර නැවත කියවා බලන්න. ඔබ කල චෝදනාව ඵලරහිත බව ඔබටම හැ‍ඟෙනවා ඇත.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....