Friday, January 4, 2013

මේ ගැන හිතුවාද.....?



                             ආයුබෝවන්....!
         අපේ යාළුවෝ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන මුලින්ම. අළුත් අවුරුද්ද ලබලා දවස් ගානක් ගියාටත් පස්සේ නෙව මෙයා අපට සුභ පතන්නේ කියලා හිතන්ට කාරි නෑ ආයිබොවං සරා පහුගිය ටික දොහේ අසනීප වෙලා හිටියා නෙව. වැඩක් නෑ කියලා ගොක්කොළ විතරක් නෙමේ සුදු කොඩි, ‍රැලි පාලම් එහෙමත් පෙනුනා ඒ දවස්වල නම්. බොහෝමත්ම ස්තූතියි මගේ දුක සැප විමසපු ඉක්මන් සුව පතපු හැමෝටම.

             හරි අලකලංචිය නෙව උනේ, කාලයක් යටපත් වෙලා තිබුනු පීනස් අමාරුව මතුවුනා ආයෙත්. මම දන්න තරමින් මේකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ නිට්ටාවටම සුවකරන්න පුළුවන්. ඒත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නම් පිලියම් තියෙනවය කියලා මට හිතෙනවා. ඒ නිසා මගේ පොඩි අත්දැකීමක් විස්තර කරන්නම්කෝ. මම කිවුවට පිළිගන්න ඕන නෑ කතාවේ ඇත්තක් තියෙනවද කියලා දන්න කියන කෙනෙක්ගෙන් අහලම බලන්නකෝ.
            සරා පොඩිකාලේ බොහොම තදින් පීනස් අමාරුව තිබුනා. ඕක අපේ අම්මගෙන් මට ලැබුනු දායාදයක් කියලනේ එයාලා  කියන්නේ. කොහොම උනත් උදේට ඉස්කෝලේ යන්න නැගිට්ටම "හචිං" යනවා කෙලවරක් නැතුව. උදේට පලාතම මීදුමෙන් වැහිලා තියෙන නිසා එලියට බැස්සම "සොරිම තමා"ඉතින්. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ, ඉස්කෝලේ යන්න ඕනනේ. ගියත් ඉතින් පාඩම් වැඩ කරන්නේ හරිම අමාරුවෙන් දවල් 10-11 වෙනකම්. ඕක  ගැන අවධානයෙන් හිටපු කෙනෙක් තමයි "දං කැටියේ මිස්". ප්‍රාථමිකේ ඉන්න කාලේ අපේ පංතිය භාරව උන්නේ එතුමිය. දවසක් එයා එයාගේ මහත්තයත් එක්ක අපේ ගෙදර ආවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු සරාව බලලා නියම කලේ අපූරු බෙහෙතක්.  ඒ තමයි ගො‍ටුකොළ, හැබැයි ගො‍ටුකොළ කිවුවට අපි ලස්සනට වවන ගො‍ටුකොළ වත් කීර විකුනන අය ගේන ලොකු ගො‍ටුකොළවත් නෙමේ. ඔය වතුවල නිකන් වැවෙන කුඩා ගො‍ටුකොල වර්ගයක් තියෙන්නේ, මේවා ඒ හැටි උස නොයන පඳුරු වශයෙන් වැඩෙන වර්ගයක්. සමහරු බෙහෙත් ගො‍ටුකොළ කියලත් කියනවා. මේ වර්ගය ගොඩාක් අය උයන්න කම්මැලියි. මොකද සුද්දකරන්න අමාරුයි කියලා. හැබැයි ඉතින් ඖෂදීය ගුණය අතින් මේ ගො‍ටුකොළ ගොඩාක්ම ඉහල තැනක තමයි තියෙන්නේ. දන්නවද එයා සරාට ගො‍ටුකොළ දෙන්න කිවුවේ කොහොමද කියලා...? අපි දන්නේ කොහොමද මොකෝ අපි හිටියැයි එතන නේද...? එහෙම හිතුනනම් ඒකේ වරදකුත් නෑ... හරි මේං ක්‍රමේ.
               ඔය බෙහෙත් ගො‍ටුකොළ අරං රතුළූණු එක්ක වංගෙඩියේ දාලා කොටන්න ඕන. ඊට පස්සේ ඒ යුෂ මිරිකලා අරගෙන අඬුකොප්පයක් විතර හැමදාම උදේට උදේට බොන්න ඕන හිස්බඩ. මොකෝ හිතෙන්නේ පීනසේ හොඳා කියලද...?  හිකිස්.. ! මටත් ඔහොම නොහිතුනා නෙමේ, ඒත් මහාධිකරණ විනිසුරුට තියෙන බය පක්ෂපාතකම නිසාම කට පියාගෙන බිවුවා. උදේ තේ තහනමට ලක්වෙලා ගො‍ටුකොළ යුෂ විතරක් මට සැපයෙන්න ගත්ත. ටික දොහක් යද්දී මට ඕක පුරුදු උනා. මට හිතෙන්නේ අවුරුද්දක් විතර මම ඕවා බොන්න ඇති. කාලයක් යද්දී මගේ අසනීප ගතිය නැත්තටම නැතිවෙලා ගියා විතරක් නෙමේ සරාට අලියට වගේ හොඳ හයියකුත් ලැබුනා. නිකන් හිතලා බලමු ආයිබොවන් අමු ගො‍ටුකොල යුෂ බිවුවා කියන්නේ අවුරුද්දක් විතර සෙල්ලමක් නෙමේ නේ. හිකිස්..! අදටත් සරා ප්‍රමාණයෙන් කුඩාවට පෙනුනට (කුඩා කිවුවට කුඩාම නෑ ඉතින් හොඳේ.)  උගේ ප්‍රමාණේ දෙතුන් දෙනෙකුගේ හයිය තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒ කියන්ට යෙදුනේ අපි නොසලකා හරින ඒත් අපේ ඇස් මානේ තියෙන වටිනා ඖෂධයක් ගැන කුඩා තොරතුරක්.

Centella asiatica කියලා තමයි ගො‍ටුකොළවල උද්භිත විද්‍යාත්මක නාමය සඳහන් වෙන්නේ.



ඉතින් ගො‍ටුකොළ නෙමෙයි මගේ අද මාතෘකාව විය යුත්තේ වෙනත් කතාවක්. ඒ තමයි පසුගිය වසරේ අවසාන පෝස්‍ටුව. ඒක කරගන්න විදිහක් නැතිවුනානේ මේ අසනීපේ නිසා. වසර ගෙවුනා කියලා ඒ වැඩේ අතහැරලා බෑ. එතකොට ඒ වැඩේ සම්පූර්ණ නොවෙන නිසා. ලෝකේ හැමතැනකම තම ආගම පමණක් උසස් කොට දක්වමින් අන් ආගම් පහත් කොට දැක්වීමේ පිලිවෙතක් අනුගමනය කරන පිරිස් සිටින නිසා, අද ලෝකයේ බොහෝ රටවල් වල විවිධ ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම ගැ‍ටුම්ද ඇතිවෙනවා. අපේ රට තුලද මෙවන් තත්වයක් ඇති කිරීමට ඇතැම් අය උත්සහ කරමින් සිටිනවා. මේවට ගොදුරු වෙන්නෙත් ඒ අදහස් හැබෑයයි තදින් විශ්වාස කරන්නෙත් අපේ තරුණ පරපුරේ සමහරු. ඉතින් බොහොම කාලයක් අපේ රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානී අපි හැමෝම ඉතා සමගියෙන් අන්‍යයන්ගේ ඇදහිලි විශ්වාස වලටත් ගරු කරමින් ජීවත් වුනා. මම හිතන්නේ තවත් බොහෝ කාලයක් අපි හැමෝටම එලෙස සමගියෙන් සාමයෙන් ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අප පමණක් "බේසමේ කිඹුල්ලු" නොදැක සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙමුය කියන ඉල්ලීම මේ වසර ආරම්භයේදී ඔබගෙන් ඉල්ලන්න කැමතියි මමත්. මට ඔය කාරනාව මතක් වුනේ මේ ගීත කීපය අහපු වෙලාවක. ඔයාලත් අහලා බලන්න. කොයි රටේ මිනිස්සුද මෙහෙම කරන්නේ කියලා කියන්න බලන්න අපේ රටේ හැරුනු කොට.   





ගීත සියල්ලම උපුටා ගත්තේ You tube එකෙනි. ගීත ගයන ගායකයන් හා රචනය සංගීතය ආදී විස්තර වීඩියෝවේම ඇතුලත්ය.

බෞද්ධ ගීත රාශියක් ගායනය කලද කිසිදා ඇගයීමකට ලක් නොවූ අසහාය ගායකයා අල්හාජ් මොහිදීන් බෙග්. ගෙහුං එඤ්ඤං ....!


36 comments:

  1. Apu gaman hadala denna one ayeth digatama behetha. Paramparawenma ena nisa tikak bayanakaine.

    Oya giyata passe ahuwe adai me sindu tika. Hamoma mehema hithanawa nam ape rate deshapalana arbuda witharai ithiri wenne. Hamoma samagiyen idi.

    ReplyDelete
    Replies
    1. බයවෙන්ට කාරි නෑ ආයිබොවන්. සරා කියන්නේ දල ඇතෙක් නෙව. දැන් හොඳයි..හෙහ් හෙහ්..

      Delete
  2. ගොටුකොල ගැන කතාව කිව්වම මතක් උනේ. අපේ ඥාති වෙන අක්කා කෙනෙක් සෙංගමාලය හැදිලා පස්සේ ගොඩක් දුර්වල වෙලා හිටිය. ඒ අක්කත් නිතරම ගොටුකොල යුෂ පාවිච්චි කලා උදේට උදේට. මේ වෙද්දී නම් වතු වල ගොටුකොල නෑ. වල් නාශක භාවිතය නිසා.

    තව කතාවක් මතක් උනා. මේ කිට්ටුව ඉන්න ව්‍යාපාරික මහත්මයෙක් කොලෙස්ටරෝල් පරීක්ෂා කරන්න ගිහින් තියනවා. පරීක්ෂණයෙන් පස්සේ බැලුවම කොලෙස්ටරෝල් මට්ටම තියන්නේ ටිකක් වැඩියෙන්. මෙයා ගෙදර ඇවිත් සති දෙකක් විතර යනකල් දිනපතා කරපිංචා කොළ කැඳ බීල තියනවා. ඊට පස්සේ ගිහින් ආයේ අර පරීක්ෂණය කලාම කොලෙස්ටරෝල් මට්ටම තියන්න ඕන ගානටත් වඩා අඩුයි කියල වාර්තාවේ සඳහන් උනාලු. :)
    පීනසේට මං හිතන්නේ ඉර අවරට ගියාට පස්සේ නෑමත් බලපානවා. ම්ම්.. බෙග් මාස්ටර් ගෙ සින්දු ටිකක් නම් මගේ එකතුවෙත් තියනවා. අනෙක් සින්දු ටිකත් හොඳයි. මේවා නිස්කලංකව රස විඳින්න පුළුවන් ගීත.
    එහෙනම් සාමය පැතිරෙන එකිනෙකා අතර සහෝදරත්වයේ සිතුවිලි වර්ධනය වෙන සුබ නව වසරක් වේවා..! නිරෝගී සුව ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගහකොල අපට කරන උදවු මිලකල නොහැකි තරම් යාළුවා. ඒත් අපි කවදාවත් ඒගැන හිතලා වැඩ කරන්නේ නැත්තේ ගුණමකු කමටය කියලා මට හිතෙනවා. ඔබට ස්තුතියි යාලුවා...

      Delete
  3. මං මේ කියන්න දුවගෙන ආවේ ඔය බේත තමයි... ගොටු කොළ සීතලයි කියලා දෙන්නෙම නෑ නේ පීනස් කාරයන්ට... ඒ උනාට හරිම බේත ඒක තමයි...

    මට නම් පීනසේ තිබ්බේ නෑ.. ඒත් ඔය බේත අපේ නංගි කෙනෙක්ට කරලා හොඳ උනා... හොඳ කිව්වට ඉතිං අර හැමදාම හොටු බේරෙන එකයි හච්චිං යන එකයි නැවතුනා..

    අනිත් එක ඔය බේත සමටත් හොදයි... සුදු වෙනවා.. හි හි.. ( ඕහොම කිව්වට මමත් ඒවා කරන්නේ නෑ දැං නං...මෙහෙ ඉතිං හොයන්නත් නෑ නේ ගොටුකොල...)

    ඔය කියන සහජීවනේ ගැන මම මෙතන කතා කරන්න යන්නේ නෑ... මට පේන විදියට යම් වැරැද්දක් සිද්ධ වේගෙන යන බව පේනවා.. එතනදී “අර කලින් තිබ්බ සහජීවනේ” කියන හේතුව ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දැන් බැලුවම හිරු ආයුර්වේදය ගැනත් දන්නවනේ. එල කිරි... ස්තුතියි හිරූ...!!

      Delete
  4. සරා අසනීප විත්තියක් මං දැනගෙන උන්නේ නෑ.. එහෙනං නිරෝගී සුව ඉක්මනින් ලැබේවා. ගොටු කොළ කන්න එපා බං. අපේ වෙද මහත්තයගෙන් හොද බෙහෛතක් ඉල්ල ගනිං.. ඔබටත් සුභම සුභ Happy new yearයක් වේවා!! මොහිදින් බෙග් මැරුනට පස්සේ තමා ටිකක් හරි සැලකුවේ.

    ReplyDelete
    Replies
    1. කන්න මෙහේ ඇති ගො‍ටුකොළයක් නෑ බං. මම කිවුවේ අතීත සිදුවීමක්. ස්තුතියි යාලුවා.ජයවේවා..!!

      Delete
  5. හොඳයි ගො‍ටුකොල වල ගුණ දැන ගත්ත එකත්. නමුත් ගො‍ටුකොල වලටත් පීනස නිට්ටාවටම සුව වෙනවද නැතිනම්හුඟක් බේත් වගෙ බොන කල් විතරද ගුණ? දැන් උඹට ආයෙ පීනස නිසා ඇහුවේ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මට මේ වතාවේ ඔය ලෙඩේ මතු වුනේ අවුරුදු විසිපහකට විතර පස්සේ අයියන්ඩී. ඉතින් එහෙම ප්‍රතිපලයක් මදිද අර තරම් සරල ප්‍රතිකාරයකින්. ඔබට ජය හා සතුට..!!

      Delete
  6. මට නම් ඔය පීනස් රෝග එහෙම නෑ. මහ රෑ උනත් නාන්න පුළුවන්. මලාට හෙම්බිරිස්සාවක් හැදෙන්නෙත් නෑ. ඒ උනාට අපේ ඔෆීසියේ මට එහා පැත්තෙ ඉන්න එකා උදේ ආව වෙලාවේ ඉදන් දවල් වෙනකල් හච්චිං යවනවා. නන්ස්ටොප්. ඒකට මේ ප්‍රථිකාරය කියන්න ඕනේ. නැත්තම් මට කනක් ඇහෙන්න නෑනේ...හි හී.. ලෙඩ හොඳ කර ගන්න...ඉක්මනින්

    ReplyDelete
    Replies
    1. සරාලත් එහෙම තමයි ළිහිණි. සමහර දවසට 2-3 වතාවක් නානවා. මේ සැරේ වින්ටරෙත් ටිකක් අවුල් නිසයි මෙහෙම වෙන්න ඇත්තේ. අනෙක හවස නෑවට පස්සේ රෑත් 10 විතර එක දිගටම නෑවා පහුගිය ටිකේ. මට හිතේ ඔකත් අවුල් උනා. මොන මිහරකද රෑ 10 නාන්නේ මේ සීතලේ. කොහොම උනත් දැන් හොඳටම හොඳා. ස්තුතියි ළිහිණි ඔයාටත් ජයවේවා...!

      Delete
  7. මේක පිටරටක එකෙක් දැක්කොත් මිනිහ ඔය ‍ගොටුකොළ හොරෙං අරං ගිහිල්ල ඕකෙ තියෙන රසායනික සංයෝග වෙන් කරල අරගෙන පීනසට බෙහෙතක් හදයි.

    කොහොමත් අපේ දේවල් අමතකර කරල රටිං එන ඒව ගන්න හින්ද තමයි ලෙඩ හැදෙන්නෙත් වැඩිවෙන්නෙත්.

    මොහිදින් බෙග් කියන්නෙ මගෙත් ප්‍රියතම ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්‍ටුව ලියලා අහවර මම ජාලේ හොයලා බැලුවා ප්‍රසන්න ගො‍ටුකොළ ගැන. මහ ගොඩක් තොරතුරු හම්බවුනා. දැනටත් බෙහෙත් තියෙනවා ගො‍ටුකොළ වලින් හදපු. ජයවේවා මිත්‍රයා...!!

      Delete
  8. පොල් ගස් යට වැවෙන බේත් ගොටු කොළයි රතු ළුනුයි අත්දුටු බේතක් තමා සරා.. මටත් පොඩි කාලේ පිනසේ තිබුණා. මට බේත් අරන් දුන්නේ හමන්ගල්ලේ වෙදමහත්තයාගෙන් තමා.. අදටත් පිනසේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ ලොකේෂනුත් එක්කම. තව මොනවටද සාක්ෂි. ජයවේවා මිත්‍රයා ඔබටත්....!!

      Delete
  9. මට අදටත් තියනවා සරා පාන්දර නැගිට්ටම කිබුහුං යන එක. මගේ ලොකු දුවටත් තියනවා. මම හමුදාවේ ඉන්නකොට පාන්දර ගමනක්/ක්‍රියාන්විතයක් සඳහා නැගිටින්න තියනවානම් මිලිග්‍රෑම් 5 පිරිටන් පෙත්තක් බොනවා පැය හත අටකට කලින්. හැබැයි මම සිංහල බෙහෙත් කරා අතරින් පතර. ඒවායෙන් ඉතාම හොඳ ගුණ ලැබුනා. රාජකාරියත් එක්ක ඒවා දිගටම කරන්න ලැබුනේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපි වැදගත් කොට නොසැලකුවාට සිංහල වෙදකම බොහොම වටින දෙයක් මහත්මයා. බෙහෙත් තම්බන්න වෙනවා කියලනේ අපේ අයට ඕක කරදරයක් වගේ පේන්නේ.ඔබටත් ජයම වේවා...!

      Delete
  10. අපේ පැත්තෙ ඔය ගොටුකොල වලට කියන්නෙ වෙල් ගොටුකොල කියලා..ඒ කුඹුරෙ නියරවල් වල හැදෙන නිසා..

    ස්තුතියි සරා සින්දු ටිකටත් ප්‍රතිකාරය ගැනත් කිව්වට..

    සුභ අළුත් අවුරුද්දක් ඔයාටත් නංගිබබාටත් පුංචි දෝණිටත්..

    ReplyDelete
    Replies
    1. එහෙමද ඒත් "රූ"ලා මොන පැත්තෙද කියන්න ඒටික ප්‍රමාණවත් නෑ වගේ නෙමේද...?
      හැක්

      කමක් නෑ ඔබ හා ඔබේ පවුලේ සැමටත් ජයවේවා...!

      Delete
  11. ගොටු කොළ කැඳ බොන්න තමා වැඩියෙන් ආස.

    සුභ අළුත් අවුරුද්දක්ව් ඒවා!!

    ReplyDelete
    Replies
    1. මැයි මාසෙන් පස්සේ අපේ අහ වරෙන් මම දෙන්නම් ගො‍ටුකොල කැඳ නාන්න. ජයවේවා..!!

      Delete
  12. අයියෝ...මටත් ටිකක් විතර තියෙනවා පිනසේ...ඔච්චර දරුණුවට නම් නෑ. හිතල දවස් වලට තමා හච්චින් යනවා ඉවරයක් නෑ.හැබැයි පාන්දරට විතරයි. අපේ තාත්තාගෙන් තමා ඔය ලෙඩේ මට දායාද වෙලා තියෙන්නේ.

    ඔය රතු ළුණු කනවා කියල නම් මාත් අහල තියෙනවා.... හැබැයි මම නම් ආසම නෑ. ගොටුකොල නම් කනවා....

    ලෙඩ හොදයිනේ එහෙනම් දැන්....
    සරා අයියටයි පවුලේ සැමටයි සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔච්චර දරුණුවටය කිවුවේ කොච්චරද පොඩි එකියේ.. ?
      කමක් නෑ පීනසේ වගේ ලෙඩ පුලුවන්තරම් හොඳ කරගන්න ඕන කුඩා කාලෙදිම තමයි. වයසට යනකොට ගොඩාක් කරදරයි නැත්නම්. තවම පමා නෑ. මොනාහරි කරන්න.

      ජයවේවා සමනලී...!!

      Delete
  13. බෞද්ධ ගීත ගැයූ මුස්ලිම් ජාතිකයන් තවත් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ. ජේ. කරීම්, ජොහර්ශා, ඒ. ආර්. එම්. ඊබ්‍රාහිම්, මගේ මතකයට දැන් එන්නේ මෙපමණයි. මේ අය කිසිවකුවත් ලංකාවේ මුස්ලිම් ජනතාව විසින් අද වනතුරු කිසිම ඇගයීමකට ලක් කළේවත් කරන්නේවත් නැහැ. හේතුව හිතාගන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබ යමක් නොකියා කියනවා මහත්මයා..... ඒත් ඔය අන්තවාදී සුළු පිරිසකින් සමස්තය නියෝජනය වන්නේ නෑ නේද.. ? අපෙත් එහෙමනේ...!

      Delete
  14. සරා කියපු ප්‍රතිකාරය හරි..මටත් පීනස තියෙනව...මීට ටික කාලෙකට කලින් ගො‍ටුකොල+රතුලූනු ..ඉස්ම ප්‍රතිකාරෙ කලා..සුව උනා..මේ ආයිත් මතුවෙලා මේ දවස් වල..ඇයි මේ බ්ලොගක් හින්දා...මහරෑ දැගොඩක් වෙනකං නිදි මරනවනෙ...!

    ReplyDelete
    Replies
    1. සිංහල වෙදකම් කරනවා නම් ටික කලක් එක දිගට ප්‍රතිකාර කලයුතුයි යාලුවා. ටිකක් පාලනය වෙද්දී නවත්වන්න හොඳ නෑ. සැලකිය යුතු සුවයක් ලැබෙනතුරු නිදි මැරීම නොකරනවානම් හොඳයි තමයි. ඔබටත් ජයවේවා...!!

      Delete
  15. එකම එකම එක දවසක් උදේට මමත් බීව ගොටුකොල ඉස්ම.

    ReplyDelete
    Replies
    1. අර මොකටද යාළුවා එක දවසක්......? ඔබට ජය...!

      Delete
  16. හ්ප්පා මටත් මේ සෙම වැඩි වෙලා පස්ට අමාරුවේ ඉන්නේ...ගිය සතියේ කතා කරගන්නත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. බෙහෙත් කොලේ නැතෙයි...? තරුවා උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

      Delete
  17. ගො‍ටුකොල කියන්නේ ඉතින් සුපිරි කෑමක් වගේම සුපිරි බෙහෙතක්......... තෑන්කූ වේවා පෝස්ට් එකට......

    ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න.....

    http://kdgesatahana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අලුත් යාලුවා. සාදරයෙන් පිලිගන්නවා නව වසරේ ඔබවත්. ජයවේවා.

      Delete
  18. අසනීපෙන් හිටියද ? ඉක්මන් සුවය පතනවා
    ඔබට මිත්‍රයා..මට නම් දෙවියනේ කියල පීනස්
    අමාරු නම් නැහැ .අපේ වේද මහත්තයගෙන්
    ඇහුවොත් නරකද කෙලින්ම ?ඒ වගේ කෙනෙක්ගෙන්
    මන් හිතන්නේ අපි තාම ප්‍රයෝජන ගන්නේ නැහැ .

    අනික්දේ අර මුස්ලිම් සිංහල ප්‍රශ්නේ ගැන නම් මන් ගොඩක්
    කණගාටු වෙනවා .සිවුරු දාගත්ත අයමත් කියන දේවල්
    ඇහුවම හැම දේම එපා වෙනවා..ආගමික සහජීවනයක්
    ඇති වීමයි වැදගත් ...

    ReplyDelete
    Replies
    1. ආරෝග්‍යා පරමා ලභා කියනවානේ යාලුවා. නිදුක් නිරෝගී සුවම පතනවා ඔබටත්. ජයවේවා.

      ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ අනාගතේ අපේ දරුවන්ට යන කල දවස ගැන. කවදා කොහොම උනත් අපි කා ලඟ වත් ඔලුව නොනමා ජීවත් උනා. මේ විදිහට නැති ප්‍රශ්න ඇති කරන්න ගෙහුං අපේරට ආයේ යුද්දෙකට තල්ලු උනොත් කියලා මට හිතෙනවා.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....