Thursday, August 16, 2012

විජාතික බලපෑම් හමුවේ නොසැලෙන අපේ හෙල ගී කලාව...

                



              වෙලාව 1.40 ට විතර. ටවල් එකත් අරගෙන බාර්ත් රූම් එකට රිංගුවේ හිතේ හැටියට නාගන්න. සීතල වතුර බිංදු ඇගට වැටෙන කොට මට අපූරු සිංදුවක් මතක් උනා. එඩ්වඩ් ජයකොඩි මහත්මයගේ "දොඹ මලින් මලට රේනු සැලෙන" සිංදුව. මම ඉතාම කැමති ආරක ගීයක් නොවැ ඒ.පරිසර සුන්දරත්වය විතරක්ම නෙමේ ගෑණු ලමයින්ගේ රූ සෝබාව ගැනත් මොනවට වර්ණනා කෙරෙනවා මේ ගීයෙන්. ඉතින් මමත් කිව්වා කට ඇරලම. හැමදාම සිංදුවක් කියන්න හිතුනම මම යන්නේ බාර්ත් රූම් එකට නොවැ. මොකද එතනදි ප්‍රේක්ෂක පොරොතිචාර එහෙම බොහොමයි.

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි 
රණ මොණර කිකිනි හඩින් වැයෙන තාලයයි
නව යෞවනේ පිපි මල් වනේ
රණ තිසර ලමැද සෙවනේ මධු සාදයයි..

                 මම මධුර මනෝහර ලෙසටම සිංදුව කියාගෙන යනකොටම විජාතික බලවේගයක් ක්‍රියාත්මක උනා. (මට හිතෙන විදිහට උන්ට හිතෙන්නැති කෑරලෙක් කෑගහනවා කියලා.) උන්ට තේරුනා හෙල ගී කලාව අද තියන තැන සහ මගේ ගායන හැකියාව.හෙල ගී කෙත අස්වද්දන්න මම දරන උත්සාහය උන් දැක්ක. මේවා මෙහෙම උනොත් භාරතීය සංගීත කලාවට යන කලක් නැති වෙනවා කියලා හිතෙන්නැති උන්ට.  ඒ නිසා උන් ක්‍රියාත්මක උනා.
               එක බාර්ත් රූම් එකකින් පටන් ගත්ත ඝෝෂාවට රූම් 12ක් විතර එකතු වෙන්න ගත උනේ බොහොම සුලු මොහොතයි. මේ විජාතික බලවේග ක්‍රියාත්මක වෙන්නේ තනියම නොවන බවත් උන්ට පන්දම් අල්ලන අපේ හෙන්චයියලත් ඉන්න බව මගේ තීක්ෂණ බුද්ධියට වැටහුනා. පසු බැස පලා යාම සිංහලයාගේ සිරිතක් නොවන බව ඔවුනට ඒත්තු ගැන්වීමට මේ හොදම අවස්ථාව නිසාම මම දිගටම ගායනා කලා. ඔයාලට කියන්න නැවැත්තුවේ අර අන්තිමට වදින සිම්බල් පාරත් කටින්ම ගහලයි.
               එලියට එන්න ටවල් එක අදින කොට මට හිතුනා මේවා මෙහෙම වෙන්න අරින්න හොද නෑ,විදේශ වලින් අපේ පුංචි රටට රටේ "ස්වෛරීභාවයට,භෞමික අඛන්ඩතාවයට, ස්වාධිපත්තියට, හෙල ගී කලාවට, අරකට මේකට වෙන අලකලංචි වලට අපි විරුද්ධ වෙන්න ඕන, ඒ වෙනුවෙන් මොනවා හරි කරන්නෝන කියලා.
බලන්න මිත්‍ර වරුනි ටවල් එක ඇන්දම මට හිතෙන දේවල්. ගලවල ඉන්න කොට මොනවා මොනවා හිතෙන්නැතිද නේද.?
                එකතු කොරා කොනක ඉදන් ටවල් සේරම ගෙනත් එල්ලුවා කාන්දන් මලයගේ සැලූන් එකේ. කාලා වරෙවුකෝ දැන්.ටවල් හොයන්න එන්න වෙන්නේ හෙලුවෙන්නේ. එවුවා වලංගු නෑ මේ සෞදියේ.
හික්..හික්...!!!

මගේ පාඩුවේ මම ආවා රූම් එකට.
              
අම්මට*&*&* කොයි &රියද යකෝ ටවල් ටික එකතු කරගෙන ගියේ.!!

හරියට හරි ඔය ඇහෙන්නේ ජාතිය අමතනවා. ඕකුන්ට හොද වැඩේ. මම හැරිල වත් බලන්නේ නෑ. දේශ ද්‍රෝහියෝ,කුමන්ත්‍රන කාරයෝ, නොර‍ටුන්ට  පන්දම් අල්ලන හෙන්චයියෝ...භංගවේවා!!!

7 comments:

  1. ඒවනම් මරු රිටර්න් ගේම් ඈ!!!

    ReplyDelete
    Replies
    1. නොවෙන්නම්... මිණි පුරේ කොල්ලො නොවැ...!! ජය..!

      Delete
  2. එළ කොල්ලෙක් නොවැ... ඒත් ඔහෙ සීතල වතුර තියනවද බන්.. මේ දවස්වල ? මට නම් සීතල වතුර ටිකක නාපු කාලයක් මතක නෑ.. කැකෑරිච්ච වතුරමයි නාන්නෙ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ මචන්, අවශ්‍ය පහසුකම් නම් උපරිමේට මෙහෙ. ඒත් මොකක්දෝ නොකැමැත්තක් තියනවා මගේ මෙහෙට. ටික දවසනේ කියලයි මේ ඉන්නේ. උපන් බිම තරන් වටින දෙයක් නෙමේ මචං මේ රියාල්. ඔයාටත් ජය..!

      Delete
  3. සිරාම ගේමක්නේ දීලා තියෙන්නේ අයියත්... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..අවස්ථාවක් ලැබුනොත් ඔයාල වෙනුවෙනුත් දවසක සිංදුවක් කියන්නම්කෝ. ජය...!

      Delete
  4. කෝ අපි බලාගෙන ඉන්න කතාව කියන්නේ නැද්ද ??? දැන් නම් කතාව මතකත් නෑ වගේ ...

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....