Thursday, August 16, 2012



ඉතින්...
නිවාඩුවක් හම්බ උනා
එක දිගට දවස් හයක
මොනවද කරන්නේ...

ඉස්සරනම්.......
බොනවා යාලුවෝ එක්ක
රවුම් ගහනවා රට වටේ
මොනවයින් අඩුවක්ද
හිතට මොන බරක්ද....

ඉතින් ඇයි දැන් බැරි
පවුල් බර නිසා නොව
පියෙක් වූ නිසා නොව
පොරොන්දු වී ඇති නිසා ඇයට
කිසිදා නොබිදින්න ඒ
'විශ්වාසය'


ප/ලි     අදනම් ලියනවා පෝස්‍ටුවක්. එලිවෙන්න පැයකට හරි කලින්.

8 comments:

  1. යකෝ මම බැලුවෙ නංගි ගැනවත්, ඉලෙක්ට්‍රොනික් ගැනවත් මේකා සද්ද නැත්තෙ ඇයි කියලා.

    ෂොට් එකක් දාන ගමන්ද කොහෙද බොන්නෙ නැහැ කියන්නේ !

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් බේසමෙත් කිඹුල්ලු පෙන්නන්න දක්ෂයා නොවැ. යකෝ ඕවා පව් වැඩ. බලමු බලමු දවසක අපිටත් යමක් කොරන්න බැරි වෙන එකක් නෑ ඔයා වෙනුවෙනුත්..හික් හික්.............

      Delete
  2. "අදනම් ලියනවා පෝස්‍ටුවක්. එලිවෙන්න පැයකට හරි කලින් "
    ඉතින් ඔය දාලා තියෙන්නේ පොස්ට් එකක් ....

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඔයාට තේරුනා. ජය...!!

      Delete
  3. විස්වාසෙ රැකෙන විදියට රවුං ගහන්න බැරිද? ඒ කියන්නෙ යාලුවො එක්ක සෙට් වෙන වගේ වැඩක් හරි...

    ReplyDelete
    Replies
    1. පස් පවින් වැලකිලා ඉන්න හදන උන් එහෙම ගමන් වලට සෙට් වෙන එක අනෙක් උන්ට කරන අසාධාරනයක් කියලා හිතෙනවා.ඉතින් ඔයාටත් ජය...!

      Delete
  4. අනිත් පෝස්ට් එකත් දැක්කා.. ඊලගට එන්නම් ඒකට... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයා.. හුග දවසකට පස්සේ ආවේ ඔයාලව බලන්න. කාර්ය බහුල වෙලා නොවැ අපි මේ දවස්වල. ජය වේවා මලේ ඔයාටත්...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....