Friday, June 15, 2012

අපි නොදන්න ඉලෙක්ට්‍රොනික්ස්

                      ඉලෙක්ට්‍රොනික් උපකරනත් එක්ක නිතර වැඩ කරන ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා හිතුනා මේක. බලන්න වැඩක් වේවිද කියලා. දුරස්ථ පාලක ඔයාල රිමෝට් කොන්ට්‍රෝල් කියන්නේ, අන්න ඒවා වැඩ කරනවද බලා ගන්න පුලුවන් පහසුම ක්‍රමයක් මේ. දැන් හැමෝම වාගේ කැමරා පෝන් (ඩිජිටල් කැමරා සහිත ජංගම දුරකතන) භාවිතා කරනවානේ. අන්න එව්වයේ තියන කැමරාව ඔන් කරලා රිමෝට් එකේ ඉන්ප්‍රාරෙඩ් ගන් එක නැතිනම් බල්බය තියෙන පැත්ත කැමරාව දෙසට එල්ල කරලා ඕනැම බට්න් එකක් ප්‍රෙස් කරලා බලන්න. මම කීවේ රිමෝට්‍ටුවේ හොදේ.
                      දුරකථන තිරයෙන් ආලෝකයක් දිස් වෙනවානම්,කියන්න තියෙන්නේ ඉතින් අහවල් එක හොදයි වැඩකරනවා කියලා තමයි. ඉතින් එහෙම එකක් නොපෙනුනොත් මක්කැයි වෙලා තියෙන්නේ  කියලා මම නොකීවට ඔයාලට තේරෙනවානේ. අපෝ ඕක කියන්නද මේ හාදයා පෝස්‍ටුවක් ලීවේ කියලා හිතන්නෙපා. එහෙම අක්‍රීය වුනු රිමෝට් එකක් තමන්ගෙ අතින්ම හදාගන්න කැමති අය එහෙම ඉන්නවානම් කියන්න. මම කියලා දෙන්නම් ඒක කරන විදිහ. මට හිතුනා විවේකයක් ලැබුනම මේ වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන පුංචි ඉලෙක්ට්‍රොනික කරුනු ටිකටික ඔයාලට කියලා දෙන්න. ප්‍රයෝජනයි කියලා හිතෙනවානම් කියන්න. මම ලියන්නම්. ඉතින් ගෙහුන් එන්නම් ආයිබොවන්..!

22 comments:

  1. අඩේ සිරාවට?
    කරලා බලලා රිප්ලයි එකක් දෙන්නං... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හු හූඌඌඌඌඌඌ...........
      වෙනවා නේන්නං... දම්පාට එලියක් පේනවා...

      Delete
  2. ඔබවහන්සේ හූ කියනකොට වරිගේ උන් අදුනගනීවිද මංදා. කොහොම උනත් හදා ගන්න විදිහත් කියන්නම්. ඔබ තුමාම කොරලා බලන්ටකෝ. අවසරයි දේවයන් වහන්ස..! ජය..!

    ReplyDelete
  3. ආදර කතා සමඟ ජීවිතයට ඉලෙක්ට්‍රොනික්. පට්ට පට පට :D

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම්...! දූලෑ අම්මා වෙලාවකට මට නෝක්කඩුත් කියනවා මම එයාටත් වැඩිය රේඩියෝ කෑලි වලටයි ආදරේ කියලා. ඒක බොරුවක් උනත් මම ඔලුව වනලා නිකම් ඉන්නේ, නෑ මම ඔයාටයි වැඩියෙන් ආදරේ කිවුවොත් පහුවෙනිදට ඒවා යකඩ බඩු කාරයෙකුටවත් ගෙනියන්න දෙයි කියන බයට. හිකිස්..!
      (කාටවත් කියනවා එහෙම නෙමෙයි ඕං..!)
      ජය...!

      Delete
  4. මාත් කොරලා බලන්නම්කෝ අලි...

    ReplyDelete
    Replies
    1. අලි..අලී කොලලා බලලම කියල්ලකෝ..! ජය...!

      Delete
  5. මේ පොස්ට් එක මරුය.. වැල් වටාරම් නැති නිසා තවත් මරුය

    ReplyDelete
    Replies
    1. ඔයාට තැන්කූය..! සරාගේ ලෝකයට සාදරයෙන් පිලිගන්නවාය. මේ ප්‍රතිචාර මට හුගාක් වටින බව කියනවාය. ජය...!

      Delete
  6. කරලා බැලුවා.. අපේ එක වැඩ නෑ.. අපේ එකේ රතු බොත්තම වැඩ නෑනේ.. චැනල් මාරු කරන්න පුලුවන්.. ඔන් ඕෆ් කරන්නේ ටීවී එකෙන්මයි... :)

    ReplyDelete
    Replies
    1. කම්මැලි හිතුන වෙලාවක රිමෝට් එක ගලවලා සර්ජිකල් ස්ප්‍රිට් ටිකකින් ප්‍රින්ටඩ් බෝර්ඩ් එක (ඇතුලෙ සර්කිට් එකේ බට්න් තියෙන පැත්ත) පිහදාල හයිකරල බලන්න.වැඩ නොකරන බට්න් වැඩ කරාවි. රබර් ඩොට් තියන කොටසත් බ්‍රෂ් එකකින් පිසදාන්න. හැබැයි කාබන් කොටස් සූරන්න එහෙම එපා.කරලා බලන්නකෝ. ජය...!

      Delete
  7. ගොඩක් වැදගත් තොරතුරක්..
    අනිත් වැඩ කෑලි ගැනත් ලියන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. අනිවා..! එහෙම තමයි හිතාගෙන ඉන්නේ..! ඔයාලට තියෙන ගැටලුත් කියන්න.මම පොරොතිකාර කොරන හැටි කියන්නම්.හිකිස්..! ජය..!

      Delete
  8. මම ආතයි ඉලෙස්ටොනික්. පොඩි කාලේ මට හෙන පිස්සුවක් තිබ්බ. දැන් ඒක අඩු වෙලා.

    පට්ට අයිඩියාව දාපං ඉලෙස්ටොනික් ගැජ මැටිස් !

    ReplyDelete
    Replies
    1. ආත නන් කියන්දෙපාය බොල. මහ ගොදාක් දන්නේ නෑ. දන්න දේවල් බෙදා හදා ගන්නම් බොලා එක්ක. ජය...!

      Delete
  9. වැදගත් ලිපි පෙළක් වේයයි එහෙම දැම්මාම.

    ReplyDelete
    Replies
    1. ඒයි මාර වැඩේ නේ...? මටත් ඕකම හිතුනා..! තැන්කූ යාලුවා තැන්කූ.. එහෙම ලිපි පෙලකුත් ලියන්නම් මම. ජය..!

      Delete
  10. අඩේ මරුනේ...මේක කරල බලන්නම ඕනි...

    ReplyDelete
    Replies
    1. මේ බොහොම පුංචි දෙයක් යාලුවා. මම තව දේවල් කියලා දෙන්නම් ඔයාලට වැදගත් වෙන. ජය...!

      Delete
  11. හදා ගන්න විදියත් කීවනම්... ගෙදර එක කැඩිල පහුගිය දවසක කොටුවෙන් එකක් ගත්ත..

    ReplyDelete
  12. හොඳ ලිපියක්..ඔබට ජය ........රිමොර්ට් වැඩ නැතිවෙන තව හේතුවක් තියෙනව, ඒක තමයි රිමොර්ට් එක බිම වැ‍ටුනම එක ඇතුලේ තියන ක්‍රිස්ටල් එක හරි සමහර රිමෝර්ට් වල ‍ෆිල්ටර් එක ඩැමේජ් වෙන එක... ගොඩක් එවයේ තියෙන්නේ 455kHz ක්‍රිස්ටල් / ‍ෆිල්ටර්........IR L.E.D එක මාරු කරලත් වැඩ නැත්නම් අනිවාර්යෙන්ම ඔය ක්‍රිස්ටල්/‍ෆිල්ටර් එක ඩැමෙජ් වෙලා ඇති.පින් 3 තියෙන්නේ ‍ෆිල්ටර්/පින් 2ක තියෙන්නේ ක්‍රිස්ටල්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා. ඔන්න මම නොකියපු දෙයකුත් කියලා. දූපත් වැසියා යමක් කියාවි වැඩේ ගොඩ දාගත්තොත්. බලමු අපේ වෑයම සාර්ථක වේද කියලා. නැවතත් ජය..!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....