Thursday, June 21, 2012

අමුතු කතාවක් 12 නංගි බබා....

ලවන් හස කැන් නුවන් බැල්මන් හොදින් හදුනන්නෙ ආදරේ...
දෙතොල් ‍රැහැනින් බැදෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ..
මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ...
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ...            




                         ගතවෙච්ච දවස් කීපයෙම එයා රින්ග් කලත් මම කතා නොකර උන්නා.ඒත් එයාගෙන් නිතරම කෙටි පනිවිඩ ආවා. ඒ හැම එකකම සාරාංශය උනේ එයාට කතාකරන්න කියන එක. මගේ මුනිවත ඉදිරියේ එයා ගොඩාක් දුක් වෙන බව මට හැගුනා. ඒනිසාම  මම කතා කලා ආයෙත් පුරුදු විදිහටම. මට දැනගන්නෝන උනා එදා ඇයි එයා එහෙම කලේ කියලා. ඒත් පැහැදිලි පිලිතුරක් ලැබුනේ නැහැ. සති දෙකක් විතර යනකොට ගමනට අවශ්‍ය සියලුම දේවල් සූදානම් උනා.කස්ටමර්ලගේ බඩු සේරම ක්ලියර් කරපු මම කඩෙත් වහලා දැම්මා.මා සන්තකේ තිබුනු සියලුම දේවල් චින්තකට පැවරුවා. දුකට සැපට ලග හිටපු බයිසිකලය පවා. ජීවිතේ ගැන අරමුනක් නොතිබුනත් නැවත ලංකාවට එන්න නොලැබෙනවා නම් හොදයි කියන අදහස මගේ හිත ඇතුලේ තිබුනා. පෙබරවාරි මාසේ අන්තිම හරියේ දවසක මම එයාට කිවුවා..........
මම රට යනවා..!
රට...?
හ්ම්...!
කොහේද...?
සිංගප්පූරු...!
ඇයි...?
නෑ.. මගේ යාලුවෙක් ඉන්නවා එහෙ, ඌ එන්නලු.
එහෙ මොනවා කරන්නද..?
මේවම තමයි, සැටලයිට් පැත්ත..!
අනේ මට ඕවා තේරෙන්නේ නෑ..!
ඒකනේ ඉතින් කියලා මොකටද..?
ඉතින් එයා ඉන්නේ තනියමද..?
අපොයි නෑ ,උන්ගේ අක්කලා දෙන්නෙක්ම එහෙ ඉන්නවා එයාල එහෙ ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. අපේ එකා පොඩිකාලෙමයි එයාල ගියේ.මූ ගිහින් දැන් අවුරුදු 2ක් විතර වෙන්න ආවා.
හ්ම් එයාට එහෙ අක්කලා ඉන්න නිසා නේ එයා ඉන්නේ. ඔයා මොකටද යන්නේ.
ඌ එන්න කියන නිසා.
ඒක මාර වැඩක්නේ .
හැබෑට මොකක්ද මාර වැඩේ.. ?
මම දන්න තරමින් මිනිස්සු රට යන්නේ වැඩිපුර සල්ලි හොයන්න. ඒත් ඔයා කියන විදිහට ඔයාට සල්ලි ප්‍රශ්නනෑ නේ. 
ඔව්.... ඒ මම සරල ලයිෆ් එකක් ගෙවන නිසා.
ඉතින් ඇයි රට යන්නේ.
ඇයි වදේ ඒක තමයි මම කලින්ම කීවේ.
ඒඋනාට ඔයා යන්නෙපා අයියේ..!
හිකිස්..හෙහ් හෙහ්.. !
මොකද ඔයා හිනා වෙන්නේ..?
එයා එහෙම ඇහුවේ නෝක්කාඩුවට වගේ.
හිනා උනා නෙමේ බං මට හිනා ගියා.
ඔයා මට හිනා වෙනවා නේද..?
අපොයි නෑ මම ඔයාට කවදාවත් හිනා වෙන්නෑ.මට හිනාගියේ ඔයා ඒක කියාපු විදිහට. .!
මොකක්ද ඉතින් ඒකෙ තිබුන අමුතු විදිහ.
ඒකනම් ඕන නෑ බං, කිව්වොත් උඹ මා එක්ක තරහාවෙයි.
අනේහ්..ඔන්න. ඇයි ඔයාට අමතක උනාද මට තරහා යන්නේ නෑ කියලා.
(ඒ අර දගකාර පියුමි.)
නෑ බං උඹ ඒක කිවුවේ හරියට මගේ ගෑනි වගේ...! ඒකයි මට හිනා ගියේ...!
ගෑනි කිව්වේ..
ගෑනි බං.. අඹුව,මායියා, බිරිද, ගෙදර එක්කෙනා, යට කෑල්ල ඔය නම් වලින් මිනිස්සු හදුන්වන්නේ, අන්න එයා.
අනේ මුගේ කට නම්..!
ආ...දැන් උඹට තරහා ගියේ නැත්ද...?
කවුද හිතුවේ ඔයවගේ නැහැදිච්ච කතාවක් කියයි කියලා.
ආ..දැන් ඒක නැහැදිච්ච කතාවක්.
නැහැදිච්ච කතාවක් තමා.
එතකොට කොල්ලො කෙල්ලො කසාද බදින්නෙත් නැහැදිච්ච කමටද..?
ඒකමම දන්නේ නෑ, දැනගන්න මම තාම කසාද බැන්දේ නැහැනේ. මම කිවුවේ මට කියපු කතාව නැහැදිච්ච එකක් කියලා.
දන්නවද නැහැදිච්ච කතා කියන්නේ නැහැදිච්ච එවුන්..!
හ්ම්...!
මට හිතෙනවා තව නැහැච්ච වැඩක් කරන්න.
ඒ මොකක්ද ඒ..?
මට හිතෙනවා උඹව කසාද බදින්න.
ඈ.. මොකක්ද කිවුවේ ආයි කියපං බලන්න.
මට උඹව කසාද බදින්න හිතෙනවා කිවුවා..!
හැබෑට..වෙන මොකුත් හිතෙන්නේ නැද්ද..?
ම්හු..තාමට නම් නෑ. ඒත් කියන්නබෑ බැන්දට පස්සේ හිතෙයිද කියලා. එහෙම උනොත් ඒ වෙලාවට බලමු. කොහොම උනත් දුර ඉදන් අමුඩ ගහන පුරුද්දක් මට නෑනේ.
ඒ උනාට මම කැමති නෑ උඹව කසාද බදින්න.
ඉතින් කවුද උඹගේ කැමැත්ත ඇහුවේ, මම කිවුවේ මට හිතුන දේ. අනික මේ මගේ ස්ටයිල් එක. කොහොමටත් මම කවදාවත් කාගෙන්වත් මොනවත් ඉල්ලලා ගන්න කැමතිනෑ. මම මගේ කැමැත්ත කියනවා. පිලිගැනීම නොපිලිගැනීම අදාල පාර්ශවයේ වැඩක්. රිප්ලයී එක මොක උනත් තව දුරටත් ඒගැන වදවෙන එක මගේ සිරිත නෙමෙයි. මොකද කොහොමහ් හරි ලබාගන්නවා කියන තියරි එක ෆලෝ කරන එකෙක් නෙමේ කවදටත් මම. මගේ තාත්තා මාව හැදුවේ එහෙමයි.
ඇත්තට.... වෙන මොනවද දන්නෑ නේද....?
වෙන නේද.. එහෙනම් හොදට මතක තියා ගන්න මැඩම් මම මගේ සීවී එක ඔයාට බාරදීලා ඉවරයි.කවදම හරි වේකන්සියක් තිබුනොත් එදාට බලන්න ඕක. අවශ්‍ය සුදුසුකම් තියේ නම් පත්වීමේ ලිපිය බාර ගන්න කියලා මිස, ඇබෑර්තු ඇත කියලා විවෘත  ආරාධනා නම් කරන්නෙපා. මොකද එකම වරද ජීවිතේ දෙපාරක් කරන එක මගේ සිරිත නොවෙන නිසා. මම කියපුදේ පැහැදිලිද ගැටලු මොකුත් තියනවද කියලවත් අහන්න මම ආයේ ඒ මාතෘකාව ගැන කතා කරන්නේ නෑ. ඕ.කේ...! කියපු මම එයාට ආයේ කතා කරන්නවත් අවස්ථාවක් නොදී දුරකතනය විසංධි කලා. සුලු මොහොතකින් මට sms එකක් ..
පිස්සා වෙලාවකට හොදට කතාකර කර ඉදලා භූත කියවනවා. පිස්සා.. පිස්සා..පිස්සා.!
බම්බුව.. මේකි මාව කඩේ යවන්න හදනවා. මොකටද එහෙනම් පහුනු දවස් වල නාහෙන් ඇඩුවේ.
තොගේ හිතේ කුප්ප අදහස් තිබ්බා කියලා ඒ අහිංසකී මක් කොරන්නද බොල. ඒකී උඹව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදිහට. ලගින් හිටපු යාලුවෙක් කතා නොකර ඉන්නකොට දුක නැත්ද. ඒනිසයි ඒකි නාහෙන් ඇඩුවේ, එහෙම වෙන අහවල් මගුලකටවත් නෙමේ.
අනේ උඹයි මමයි දන්න කෙල්ලෝ. උඹ දන්නවද බුරම්පි සීයගේ උඹ මට ශෝක් පොතේ කෙල්ලෝ ගැන මෙහෙම ලියලා තියනවා. කෙල්ලෝ හරියට හෙවනැල්ල වගේ අපි පස්සෙන් යනකොට පස්සවත් බලන්නැතිව දුවනවා. හැබැයි හති වැටිලා හරි අපි ආපහු ආවොත් අපි පස්සෙන් එනවා කියලා.                                                   

                 ###################################################################
                        දැන් දැන් කාලය ගෙවෙන්නේ විදුලි වේගෙන්. දන්න කියන හැම යාලුවම මුන ගැහෙන්න ගියේ ගමන ගැන කියන්න විතරක්ම නෙමේ. ආයේ මතක ඇති කාලෙකට මෙහෙට නො එන්න අදහස් කරගෙන උන්නු නිසා රට තොටත් ආයේ සැරයක් දැක බලා ගන්නෝන කියන අදහස යටිහිතේ තිබුනු නිසා. ඒත් ඒ බව කාටවත් නොකියන්න මම වග බලා ගත්තා. ගමන යෙදුනේ මාර්තු 9වෙනිදට.ඒබව නිල වශයෙන් දැනගත්තම මම පියුමිට ඒ බව කිවුවා.
ගියාට කමක් නෑ අයියේ මට කතා කරන්න.
             සොරි නංගි බබා මම රටෙන් වගේම ඔයාගෙනුත් ඈත් වෙලා යන්න තීරනය කරලා ඉවරයි. එහෙ ගියාමවත් මට මාව අමතක කරන්න පුලුවන් වෙයි. මම එහෙම හිතුවට කෙලින්ම එයාට කියන්න හිත හදා ගන්න බැරිවුනා.
අන්තිම වතාවට මට ඔයාව බලන්නෝන නංගි බබා..!
ඇයි අන්තිමවතාවට....?
මම හැම වෙලාවකම කියනවා පොඩි එකා පොඩි එකා විදිහට හිටපන්  කියලා. පන්ඩිතකම් නාහ කියපන් කවද, කොහේදි කීයටද අපි හම්බ වෙන්නේ කියලා.
කාලයක් කතාබහ කරලා තේරුම් අරන් හිටි නිසාද මන්දා එයා වැඩිය වැල් වටාරම් ඇහුවේ නෑ. අන්තිමට අපි තීරනය කලා මාර්තු 7 මුනගැහෙන්න.

ගෙහුන් එන්නම් ආයිබොවන්.   


තැබිලි ඉත්තක කාක්කෙක් වැහුවා වගේ තියේවි. නංගි බබා 13න්....  

15 comments:

  1. mehema ewa tikak dakala thiyena hindada koheda kathawa tikak tube light wage eth kamak na baluwa.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මහත්තයෝ ඔයාල මේ වගේ කතා ඕන තරම් අහලා ඇති. සමහර විට නව කතා වලින් හරි චිත්‍රපට වලින් වලින් හරි දැකලා ඇති. ඒ දෙකම නෙවේ නම් මෙහෙම සිද්ධි වෙච්ච යාලුවෝ ඉන්න පුලුවන්. මම එහෙම කියන්නේ යාලු මේක මගේ හැබෑ ජීවිත කතාව නිසා. කවදාවත් වෙන්න බැරි අද්භූත දේවල් මේකේ නෑ. වෙනසකට තියෙන්නේ මේ කතාවෙ එන චරිත නම් ගම් කිසි දෙයක් මනක්කල්පිත නොවීමයි. තව විග්‍රහ කරනවානම් කතාව ලියන මම සරා නැත්නම් සරත් වගේම නංගි බබා මගේ බිරිද (උදේනි) හා පුංචි දෝනි උදම්සා,චින්තක, මාමෙයා ඇතුලු මෙහි සදහන් හැම චරිතයක්ම සජීවී චරිත. ඇතැම් විට මෙයාලව කියවන සමහරෙක් අදුනන වත් ඇති. මම මේකට අමුතු කතාවක් කියලා නම දැම්මේ හුගාක් අය තමන්ගේ කතාත් අනුන්ගේ කරලා ලියන බ්ලොග් අවකාසේ මම මගේ කතාව හැබෑ නම් වලින්ම ලියන නිසා. සමහර විට ප්‍රබන්ධ කතා ඉදිරියෙදී ලියවේවි. ඒත් ඒ මේක නෙමේ. ඉතින් ස්තූතියි ඔයාට. ජය...!

      Delete
  2. කතාව නියෙමට ගලාගෙන යනවා. මාර ෆෝවඩ් කොල්ලෙක් වගේම කෙල්ලෙක් :D

    ReplyDelete
    Replies
    1. ආදර ගී විය ජය මංගල ගී..
      කුරුලු කැදැල්ලකි පුංචි පැලේ..
      ප්‍රේම වන්තයෝ දෙගුරුන් වී යලි ඉපදුනු හැටි හරිම අගෙයි..

      ඒ ඔය කතාවේ වර්තමාන තත්වේ නොවැ. ජය...!

      Delete
  3. අම්මෝ...මට නම් මෙහෙම කතා කලොත් කනට ගහනවා සුවර්..ඒ අතින් බලනකොට නංගි බබා හොඳයිනෙ..

    ත්‍රාසය භීතිය කුතුහලය පිරි ඊළඟ කොටස එකතෙක් බලා සිටිම්..

    ReplyDelete
    Replies
    1. ane ehema katha kale tharahata newei e kale api godak hith walin lan wela hitapu nisai.

      Delete
    2. පැහැදිලි පිලිතුරක් ලැබිලා වගේ නේද ඔයාට. සීමාන්තික පිරිමිකම් ඉදිරියේ අහිංසක කම ගෑනුන්ට ආභරනයක්. අමතක කරන්නෙපා සීමාන්තික කියලා මම සදහන් කරලා තියන බව. ජය..!

      Delete
  4. එල ඈ....නියමෙට යනවා...ආසාවේ බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ.ගොඩාක් ස්තූතියි. ජය...!

      Delete
  5. ඔන්න ඉතින්...දෙබස් ලියලා තියෙන තාලේට කවුද කියන්නේ කියලා තෙරුන් නැනේ අප්පා..හදිස්සියෙන්ද මන්දා ලියලා තියෙන්නේ ..

    බුරම්පි සියාගේ ''උඹ මට ශොක් '' කියලා පොතක් තියෙනවද..

    කෙල්ලි පොඩ්ඩගේ නම ලස්සනයි..උදම්සා.. ඇත්තටම ආස හිතුනා..ඔය ඉන්නේ ෆොටෝ එකෙත් පොඩ්ඩි වෙන්න ඇති නේද ..

    ReplyDelete
    Replies
    1. තරහා නැතුව ආයේ සැරයක් කියවලා බලන්න. එතකොට තේරේවි. සමහර තැන්වල මම මා එක්කම වාද කොරලා තියෙන බව.

      තියෙනවා.. ! ඒත් අත් පිට පත විතර නොවැ.මම ලගදිම ඒක පබ්ලිෂ් කොරනවා ඕං.. !එතකොට බැරියෑ ඔය ඇත්තන්ට කියවන්ට..හෙහ්..හෙහ්..හේ..!

      නෙවෙන්නම්.. ! එයා මට දීපු ලස්සනම පුංචි තෑග්ග. පුංචි උනාට එයාලා මට ලෝකයක්...! ජය...!

      Delete
  6. අයියා නියමයි නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලිලා..? මල්ලිලත් සුපිරි. ආවට වගේම ප්‍රතිචාර වලටත් බොහෝමත්ම ස්තූතියි..!ජය..!

      Delete
  7. //බම්බුව.. මේකි මාව කඩේ යවන්න හදනවා//

    අද කියලත් වෙනසක් නැතුව ඇති :)

    ReplyDelete
    Replies
    1. ගෙට ආකල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා..
      ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
      දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ලමයා..
      පණවාලා දරුනු දන්ඩ බන්දන නීතී..

      මට හිතෙන හැටියට උඹට මේ කතාව තවම අහන්න ලැබිලා නැති හැඩයි. අහලා තිබුනා නම් ඔහොම පොරකාශයක් කොරන්නේ නෑ ඕං..! ඔය කසාය බීපු හැමෝටම එකම සනීපේ තමයි. හික් හික් හී...!!!!!!!!! එනිවේ.... ජය...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....