Tuesday, June 12, 2012

අමුතු කතාවක් 10 නංගි බබා....

දග කරන කෙස් රොදක් නලල් තලේ... 
මුදු නැවුම් හිනාවක් මුවින් එබේ... 
ඇස ගැටෙන හැම තැනම නුඹව පෙනේ... 
මේ පලමු ආදරෙයි මගේ හිතේ...


          වෙලාව 11.00 ට පමණ. ස්ථානය නිට්ටඹුව පොදු බස්නැවතුම් පොල. අපි මෙතනට සේන්දු උනේ මීට පෑ කාලකට විතර කලින්.
ඈ සරත් අයියේ...!
ඈ..?
ඇවිල්ලද...?
(මුගෙ ####) මේහ්... ගොනා උනාට කමක් නෑ උම්බෑ නොකියා හිටපන්..!
ඇයි දැන් මම මොකක්ද කියපු ගොන් කතාව...?
කිව්වේ නෑ, ඇහුවා ඉදලා ඉදලා මැටි ප්‍රශ්ණයක්.
ඉතින් මම ඇහුවේ ඔයාගේ ප්‍රියම්භිකාව ඇවිත්ද කියලනේ,මොකක්ද ඒකේ වැ‍රැද්ද මට ගොරවන්නේ.
(ප්‍රියම්භිකාව හික්..හික්..මට හිනාත් යනවා ඕයි.) ඉතින් හෝතඹුවෝ එයා ඇවිල්ලානම් අපි මෙතන කැරකෙන්නේ ඇටි කෙහෙල් කන්නද, තාම ඇවිත් නෑ...!
ඉතින් නෑ කිව්වනම් ඉවරනේ. මාව කන්න හදන්නැතිව.
මම කරබා ගත්තා. ඌ තවමත් කු‍ටු කු‍ටු ගානවා.
මොනවද උඹ කියවන්නේ..?
නෑ ඉතින් මටත් ගිය කල.
මොකක්ද ඒ හරුපේ..?
නෑ මම කල්පනා කලේ තාම දැකලවත් නැති එයා මෙයාට එයා. හැම එකටම කරගහන මම හෝතඹුවා.
කට පියාගෙන හිටියේ නැත්නම් ‍තෝ තව ටිකකින් ඉන්නේ මෙහෙ නෙමෙයි..!
එහෙනම්..?
වතුපිටිවල ඉස්පිරිතාලේ.......!  ඒපාර ඌ කට වහගත්තා. විනාඩි කීපයක නිහැඩියාවක්.... එස් එම් එස් එකක්. අයියේ අපේ ක්ලාස් එක ඇරුනා. අපි ටවුමට එනවා දැන්. ඔයා ආවද.? අපි බස් එකෙන් බැහැලා රින්ග් කරන්නම්. තවත් නිහඩ විනාඩි කීපයකට පස්සේ ආයෙත් ෆෝන් එක බෙරිහන් දෙනවා. ම්හ්.. ඉන්දික. මෙයා මොකද මේ වෙලාවේ.... !
ඒයි මාමෙයා කෝල් කරනවා, මොකටද දන්නෑ නේද..?
ඉතින් ඒක මගෙන් අහලා හරි යනවයෑ, ආන්සර් කලාම ඌ කියන්නැතෑ..!
ඒකත් ඇත්ත..! ඔව් මාමේ කියපන්..!
ආ... කොහොමද උඹට..?
වරදක් නෑ බං..උඹට..?
උඹ දන්නවනේ මම ඉතින් ඇල්වතුරත් නිවලා බොන එකානේ, මට අවුලක් නෑ. මම මේ කතාකරේ උඹේ වැඩ සේරම හරි.ටික‍ටුත් ඕකේ.මාර්තු මුල සතියේ උඹට මෙහෙට එන්න පුලුවන්.
සිංගප්පූරු එන්න ලබන මාසේ. උඹට විකාරද..?
මොකක්ද දැන් ඒකේ තියන විකාරේ..?
නෑ බං මම කොහොමද මේ ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම එන්නේ මේ සේරම දාලා.
කොහෙද බූරුවෝ ගහෙන් ගෙඩි එන්නේ එකපාරට..?කොල හැලිලා,දලු දාලා,මලුත් පිපිලා නොවැ ගෙඩි හැදෙන්නේ.අනික දැන් මොනවා දාලද බොට එන්න බැරි..? ඇයි උඹට අඹුදරුවෝ ඉන්නවයි කියලද..? මගෙන් කුනුහබ්බ නාහ ඇදුම් කෑලි ටිකක් ලෑස්ති කරගනින් ඔය යකඩ ගොඩවල් ටික විසික්කලා කොහේට  හරි.
( නොදකින් මේකා කියවන්න ගත්තම නවත්තන්නේ නැති හැටි.)
හරි හරි මම උඹට රෑ වෙලා කතා කරන්නම්, බුදු සරණයි..! කියපු මම ඌට කතා කොරන්න අවස්ථාවක් නොදීම කෝල් එක කට් කලා.
මොකද...?
යන්න ලෑස්ති වෙන්නලු.
සිංගප්පූරු...?
හ්ම්..!
ගතවුනේ මොහොතයි එයාගෙනුත් කෝල් එකක්.
හෙලෝ... !
ආ.. අයියේ ඔයා කොහේද ඉන්නේ..?
ටවුමේ..බස්ටෑන්ඩ් එකේ. ඔයා කොහේද..?
ඔයා ඔහොමම සියඹලා ගහ යටට එන්න. අපි එතනට එන්නම්.
(ඈ... සියඹලා ගහ..?මේ ටවුමේ..? යකෝ මේකිට ඔල්මාදෙද..? මම කොහොමද සියඹලා ගස් හොයන්නේ මේ හදිස්සියේ. අනික මේ අපේ ඉඩමයෑ..! හිතුවට එහෙම කීවේ නෑ මම.)
හෝව්,හෝව්... මම ඉන්නේ දැන් අපේ ගෙදර නෙමේ, නිට්ටඹුවේ..!මම ඔයා කියන සියඹලා ගස් දන්නේ නෑ. අර ගල් සියඹලා නම් විකුනනවා මෙතන රටකජු කඩේ..!
අනේ.. රටකජු නෙමේ අනේ, ඔයා ඔරලෝසු කනුව දන්නවද...?
ඒයි උඹ දන්නවද මෙහෙ ඔරලෝසු කනුව..?
කාගෙන්ද අහන්නේ..?
නෑ,නෑ ඒක මෙහෙ කතාවක්...! හරි ඉතින් කියන්නකෝ... නංගි බබා..
ම්...
ඔයාගෙන් ඇහුවේ..එතනින් කොහේටද..?
ඔයා  ඒ පැත්තට එන්නකෝ. එතකොට ඔයාට සියඹලා ගහ පේනවා. ඔයා එතන ඉන්න.
හරි...! වරෙන් යන්න...!
කොහෙද..?
ඔරලෝසු කනුව තියන පැත්තට.
එතනද ඉන්නේ...?
එතන සියඹලා ගහක් තියේලු. එතන්ට එන්නලු...යමු බලන්න... අපි දෙන්නම ඇවිදගෙන ගියා ඒ පැත්තට. හුටා.. ඒක තියෙන්නේ පාර මැද නොවැ..බලමු මේ හරියට සියඹලා ගහක්...... හරි නේන්නම් අර තියෙන්නේ යමු එහෙට. කෝ බන් මෙතන කවුරුවත් නෑනේ.
ඇයි දැන් කිව්වේ මෙතන ඉන්නවා කියලා.
යකෝ මම කීවේ මට කියපු දේ.
ඉතින් කෝ..?
හිටින් බලන්න... (අර කීවත් වගේ කෝ මේ දැරිවි. බල්ලෙක් වත් නෑ නොවැ මෙතන. ගහ උඩ වත්ද..? දවසකුත් මම කතා කරන කොට ජම්බු ගහක් උඩ ඉන්න කතාවක් කිව්වා. නැග්ගාවත්ද මේකටත්. ඒත් මේ දෙනෝදහක් ගැවසෙන ටවුම මැද්දේ..? නගීවිද ගහකට හැදිච්ච ගෑණු දරුවෙක්.. නෑ, නෑ වෙන්න බෑ මම එහෙම හිතුවා විතරයි. මලයා එක්ක උනත් කටක් ඇරලා කියන්න පුලුවන් දේවල්ද මේ. ඉදිගහට පනින වයසේ ඉන්න මටත් බෑ ගහකට බඩගාන්න. මේ කෙල්ල ගසුත් නගිනවා කිව්වොත් මූ මට දෙකොනින්ම හිනාවෙයි. ඒ හින්දා ඕන නෑ.) මම බැලුවා චින්තකයා දිහා. ඌ උඩ බලාගෙන ඉන්නවා. හෑ... මූට තේරුනාවත්ද මම හිතපු දේ. නෑ වෙන්න බෑ එහෙම තේරෙන්න මූට පරචිත්ත අහවල් එක තියනවැයි. කට කැඩෙනකල් කෑගහලා කියන දේත් තේරෙන්නේ නැති මූ හිතපු දේ තේරුම් ගත්තොත් බැරියෑ.හුහ්..! මොකද ‍තෝ ගහ උඩ බලන්නේ..? මම හොයන්නේ කාක්කෙක් කියලා හිතුනද..ඈ..?
බම්බුව නෙමේ.. බලනවකෝ උඩ...!
විනාසයි සිරාවටම මෙයා ගහ උඩවත්ද...? ඉබේටම මටත් ගහ උඩ බැලුනා.
කෝ... කවුරුවත් නෑනේ..! මොනවද බං .. මොකුත් නෑනේ..!
ඇයි දැන් ඔයාටත් හතලිස් ඇදිරියද.. මෙච්චර මේ පොකුරු පොකුරු එල්ලෙන සියඹලා පේන්නේ නැත්තේ.. ! සියඹලා.... මුගේ අ############!!! ඒත් මේ වෙලාවේ මූව තරහ කරගෙනත් බෑ... බලපන් වටපිට කවුරුහරි අපි දිහා බලා ඉන්නවද කියලා.
ම්හු.. පේන්න නම් කවුරුවත් නෑ..
හරි මම කෝල් එකක් අරන් බලන්නම්.උඹ බලපන් වට පිට. ම්හ්.. රිංග්ස් යනවා.
හෙලෝ...
කොහෙද ඔයා..?
අපි මේ ඔරලෝසු කනුව ගාවින් පාර මාරු වෙනවා දැන්. කොහෙද ඔයා.
ඇයි ඔයා මට සියඹලා ගහයට ඉන්න කීවේ, මම එතන ඉන්නේ..
කෝ.. මට පේන්නේ නෑනේ..! අපි දැන් ඔය පැත්තට එනවා..!
ආ... හරි. ඔතන ඔයාල දෙන්නයි නේද...?
ඔව්...!
එක්කෙනෙක් ඩෙනිමක් ගහලා, අනෙක් කෙනා ස්කර්ට් බ්ලව්ස් හරිද..? ස්කර්ට් බ්ලව්ස් ඇදපු කෙනා තමයි පෝන් එකට ආන්සර් කරන්නේ.
ඔව්.. !
ඔව් නම් ඉතින් එන්නකෝ, හිටගෙන ඉන්නේ..! ම්හ්.. එතකොට ඒ කටහඩ නංගි බබාගේ නොවැ. ඒකියන්නේ මෙයයි මම හොයන ප්‍රියම්භිකා... නෑ,නෑ පියුමි පියුමි. මම පූර්ව නිගමනයකට ආවා. ඊට පස්සේ අපි ඉන්න දිහාට ඇවිදන් එන ගෑණු ලමයි දෙන්නා දිහා විමර්ශණාත්මක බැල්මක් හෙලුවා. දෙන්නා කීවට දෙන්නා දිහාම නෙමෙයි පියුමි දිහා. කෝපි කුඩු පාටට හුරු විලුඹ තෙක් දිග ස්කර්ට් එකකින් හා ඊටම ගැලපෙන ක්‍රීම් පාට වගේ බ්ලව්ස් එකකින් සැරසිලා හිටියා එයා. දෙකට බෙදලා පස්සට පීරලා තිබුනු කොන්ඩේ ඉනෙනුත් පහලට විතර දිගයි. කරාබු දෙකයි, කරේ තිබුනු චේන් පොටයි හැරුනම වර්තමාන ගැහැනු දරුවන්ගේ අතේ,කනේ,කරේ එල්ලෙන නානාප්‍රකාර තොරොම්බල් කෑලි තිබුනේ නෑ එයාගාව. ඒ වෙනුවට පැහැදිලි හිනාවක් තිබුනා මුහුන පුරා ඇදුනු. (කවි ලියන්න පුලුවන් ඔයාලට වගේ ගෑණු ලමයින්ගේ රුව වර්ණනා කිරීමේ හැකියාවක් මට නැති බවකනගා‍ටුවෙන් කියමි.) වරක් දැක්කම තවවරක් බලන්න හිතෙන චාම් රුවක්, ආකර්ශනයක් ඇය සතුව තිබුනා කිවුවොත් ඒක බොරුවක් නෙමේ. අපි ලගටම ආපු එයාලගේ මුහුනු වල මම දැක්කේ කලබල ගතියක්. එයාලා බය වෙලාද..?  බලාපොරොත්තු වුනු කෙනා වගේ නෙමේද මම...?
ඕන එකක් මම කතා කරනවා..........


ගෙහුන් එන්නම් ආයිබොවන්...!

17 comments:

  1. අයියේ..අයියේ මේ වතුපිටිවල වල කියන්නේ වේයන්ගොඩ පැත්තේද..ඔව් ඔව් එ පැත්තේ වගේ තමා..අරි..අරි...

    එල දෙන්න පහක්..අද ඔයා වෙනදාට වඩා දිගට පොස්ට් එක දාලා :) කතාව නම් ආසාවෙන් බලන්නේ.. රීඩර් එකේ දැක්කාම මුණට හිනාවකු ත් ආවා...පුලුවන් හැම වෙලේම පොස්ට් එකක් දාන්න හොදද..

    ReplyDelete
    Replies
    1. මම එක පාරක් ගියා වතුපිටිවලා ඉප්පිලි තාලෙට !

      Delete
    2. @නිම්ශා...
      හ්ම්.. හ්ම්.. ඒ පැත්ත තමා. මේ වෙනකොට පදින්චියත් ඒ පැත්තේ නොවැ. ලියනවා ලියනවා. සමර් සීසන් එකට අපි ටිකක් බිසී වෙනෝනේ. ඒකයි චූට්ටක් විතර පමා වෙන්නේ. සොරි වෙන්ඩ ඕනේ හොදේ..! ට්‍රයි එකක් දෙන්නම් ඉක්මනින් ලියන්න. ජය..!

      @ සෑම්..
      අල මක්කටැයි බොල ඉප්පිලිතාලේ ලැග්ගේ. බේත් ගන්ටද,බේත් දෙන්ටද. අලි,අලි දැන් අවුලක් ලෑලේ. ජය...!

      Delete
  2. ඔහොම යමු ඔහොම යමු......... අදමයි මේ පැත්තට ආවේ ඔන්න ෆලෝ එකකුත් දැම්මා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිවුවා මමත් ඕං..! පැමිනීම අගය කරනවා මම..! ජය...!

      Delete
  3. දැන් තමා සිරාවටම කතාව පටන් ගන්න යන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මලේ.. මෙච්චරකල් මම කතාව කීවේනෑ...? හරි හරි එහෙනම් දැන් පටන් ගන්නම්කෝ.හිකිස්...! ජය...!

      Delete
  4. ආහා.......... පට්ට....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇහුන්නෑ... මක්කිව්වා... ඔබ වහන්සේටත් එව්වම ලැබේවා..! ජය...!

      Delete
  5. වෙනස් විදිහේ ආදර කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවෝ.. ඇසූ පමණින් කිසි කෙනෙක් විශ්වාස නොකරන ඒත් හැබෑ ලෝකෙදිම හැබෑවුනු අපේ කතාව මේ. ජය...!

      Delete
  6. ඔන්න දැනුයි මේ කතාව හරියට කියවන්නේ.. කලින්වා බලපු නිසා.. :)

    ReplyDelete
    Replies
    1. මට හරි සතු‍ටුයි මලේ ඔයාලගේ ප්‍රතිචාර දකිද්දි. අඩුපාඩු තිබුනොත් පෙන්නලා දෙන්න හොදේ. ජය...!

      Delete
  7. එළ ඈ......ඔහොම්ම යං.....

    ReplyDelete
    Replies
    1. එච්චරයි ඕනේ..! කියනවනම් යමුකෝ. දෙකක් නෑ මල්ලිලා කියනවනම් "තනි නෙමේ යුගෙන් දෙන්නම් යුගෙන්"..ජය...!

      Delete
  8. මමත් පොන් එකට කතාකරපු කෙනෙක් හමුවෙන්න ඹහොම ගියා එයා කලබලේට අපහු ගියා අදුරන කවුද ඉන්නවා කියලා එදායින් පස්සේ දැක්කේනැ

    ReplyDelete
  9. අඩේ සරා මම මේ ස්ටෝරිය මුල ඉඳල කියවන ගමං බං. නවල් එකක් වගේ නියමයි!
    raj_wvp@yahoo.com වලට මට මේල් එකක් දාපං.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....