අද ලියන්න තිබුන එකත් පැත්තකින් තියලා මේ හේන් ගොවිතැන ගැන ඉතිරි ටික කියලා ඉන්න කියලා හැදුව ඕං. ඔයාලට මතකනේ ලිපිය නතර කරපු තැන. ඕං මම එතනින් පටන් ගන්නවා. ඉතින් ඔහොම බෝග වර්ග හිටෙව්වට පස්සේ අපට තියෙන්නේ ටික දොහක් බලාන ඉන්න. වී ඉහලා තිබුනනම් ඉතින් දින 90කින් විතර අස්වැන්න නෙලන්න පුළුවන්. ඒ නැතත් ඉතින් මාස 2-3 යනකොට හේන දිහා බලන්නත් හරි ආසයි. බව බෝග හැම අතින්ම පලදරලා තියනකොට වැල්වල අවර, දඹල, මෑ, වැටකොළු, කරවිල තියෙනවා දැක්කම දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නෑ ආයිබොවන් අත්විඳින්නම ඕන. මෙහෙම හේන් වල වවන එළවලු වලට මිරිස් වලට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඇයි ආයිබොවන් කෘතිම පොහොර කෘෂි රසායන මොනවත්ම නැහැනේ. අනෙක රසගුණත් බොහොම ඉහලයි. මම නැතත් අනිත් හාදයෝ දෙන්නනම් හොඳ ආදායමක් ගත්තා හේන් වලින්. මම නම් ඉතින් ඕවා කඩලා අම්මා අතට ගෙනත් දෙන එක තමයි කරේ. එහෙම වෙලාවට මට හරි සතුටුයි. නොකිවුවට අපේ තාත්තත් ඔය ගැන හරි ආඩම්බර උනා කියලා මම දන්නවා. ගොඩාක් වෙලාවට එයාලා වත්තේ වැඩ කරන අයටත් ඒවා දෙනවා මගේ හේනෙන් කඩාපුවා කියලා. ඒවෙලාවට එයාලගේ මුහුණුවල සතුට....! ඕං ඕක තමයි යාළුවනේ සරානම් හේන් කෙරුවාවෙන් ලබපු ලොකුම ආදායම.
ඉලඟට තමයි ලොකුම පුරස්නේ එන්නේ. මඤ්ඤොක්කා ලොකු වෙනකොට ඉඩම් අයිති කාරයෝ එනවනේ බිං කුලී ගෙනියන්න. මොකද යාළුවනේ වටපිට බලන්නේ. මොකක්ද බොලේ ඒ හරුපේ කියලද...? එච්චර හිතන්න දෙයක් නෑ, මම කිවුවේ වල් ඌරෝ ගැන වල් ඌරෝ...!
ඔය ඉන්නේ..!
ඒ විතරක් නම් මදෑ ඉත්තෑයොත් එනවා. වල් ඌරෝ ගැන කියනවානම් මෙහෙමයි. තනි ඌරා නම් එන්නේ ඌට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. අපි ඒකට කියන්නේ "අහර" කියලා. (අහර=සතෙකු ගමන් කරන මාර්ගය). එහෙම එන සතෙකුව නවත්වන්න හෝ දඩයම් කරන්න හරි ලේසියි. ඒපාර අවහිර කරොත් ගොඩාක් වෙලාවට සතා එන එක නතර කරලා දානවා. එහෙම නොවුනොත් ඉතින් තුවක්කුවක් බඳින්න වෙනවා. (ඌරොත් ඉන්නවා නාහෙට නාහන.) ඌරන්ට තුවක්කු බඳින විදිහත් කියන්නද..? මේවා කියලා පොලෝසියේ මහත්තුරු මාව කුදලං යයිද දන්නේ නෑ නඩු නැති වෙලාවක ඇවිත්. එයාලා ඉතින් නීතියට වැඩ කරන ඈයොනේ. සතා ගමන් කරන මාර්ගයේ පසකින් ලී කෑලි හතරක් හිටවනවා කතිර ආකාරයට මිටි රියනක් උසට. අතේ ඇඟිලි නමා බිම තැබූ විට වැලමිට දක්වා උස මිටි රියන වේ. ඕක උඩ තුවක්කු කඳ (සතුන්ට ඇටවීම සඳහා සකස් කරන ලද තුවක්කු විශේෂයක් වන අතර, මෙහි තිබෙන්නේ බැරලයක් "තුවක්කු බටය" පමණෙකි. මෙය වෙඩිබෙහෙත් කොටන ආකාරයේ එකක් වන අතර වෙඩිල්ල පත්තුවෙන්නේ නිපල් එක ගිනි ගැනීමෙනි. නිපල් එක මත කැප් එකක් තබා තිබේ. ඒ තුල ඇත්තේ පීඩනයට ගිනි ගන්නා වෙඩි බෙහෙත් විශේෂයකි. ඊට ඉහලින් අටවා ඇති ආප්ප හැන්දක හැඩය ගත් යකඩ පතුරක් වේගයෙන් කැප් එක මත වැදීමෙන් කැප් එක පුපුරන අතර ඒ ගිනිගැනීමෙන් තුවක්කුව පත්තුවෙයි. මෙය පැරනි ක්‍රමයක් වන අතර වැසි දිනවලදී එය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදේ. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විදුලියෙන් ක්‍රියා කරන ආකාරයේ ඒවාද සෑදිය හැකිමුත් සියළු විස්තර මෙහි පල කිරීම නුසුදුසු යැයි සිතමි. අන්තිමට පහුගිය කාලේ අර කැලෑ පන්තිවල උගන්නපුවා පුරසිද්දේ කියා දෙනවයි කියලා මමත් ඒවට සම්බන්ධ එකෙක්ය කියලා ලස්සන කතාවකුත් ගොතලා දෙකක් ඇනලා කූඩුවේ දායි රට කරවන ඇත්තෝ. හිකිස්...! මොකටද නිකන් පාවෙන තොප්පි දාගන්නේ නේද..?) තියලා අර ලී වලට තදවෙන්න ගැටයක් දානවා. ඊලඟට අපි කිතුල් තත් කෙඳි ටිකක් අරගෙන එකට ගැට ගහලා දිග නූලක් වගේ හදා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ කිතුල් ගස්වලතියෙනවා කලු පාට නූල්වගේ කෙඳි විශේෂයක්. මේවා නූල්වගේ සිහින් උනාට හරි ශක්තිමත්. කලුපාට නිසා කරුවලේදි පේන්නෙත් නෑ. ඔහොම හදාගත්ත නූල සතා ගමන් කරන පාරේ අනිත් පැත්තේ ගහක නැත්නම් ලීයක ගැට ගහනවා. හැබැයි මෙහෙම ගමන් කරන කොට සතාගේ ගමන් මඟ නොපාගන්න වග බලා ගන්න ඕන. මෙහෙම කරන්නේ සතාට අපි ගැන ඉව නොවැටෙන්න.
දැන් අපි එහාපැත්තේ ගැට ගහපු තත් කෙන්ද සතාගේ පාර හරහා මෙහා පැත්තට අදිනවා. ඔන්න ඕකට නෙව මිනිස්සු "මරුවැල" කියන්නේ. දැන් අපි කරපු වැඩ පිලිවෙලින් බලමු.මුලින්ම මිටිරියනට කතිර දෙකක් බැන්දා. ඒක උඩ තුවක්කු කඳ තියලා ගැට ගැහුවා. ඊලඟට තත් කෙන්දක් අරන් මරුවැලක් ඇද්දා. දැන් අමු ලීයක් අරගෙන බිම හිටවලා ඕක දුන්න වගේ නමලා බිම හිටවපු කරුවකට මන්දකින් (වැලකින් හෝ කම්බියකින් සැදූ රවුමකින්) සම්බන්ධ කරනවා. ඔහොම අටෝ ගත්ත ගැජමැටික් එකේ අගට හයිය කම්බියකින් හරි වයර් එකකින් හරි අඟල් දෙක තුනක පොඩි ලී කෑල්ලක් ගැට ගහනවා. ඔන්න ඔය ලී කෑල්ල තමයි අර තුවක්කුවේ හැන්ද උස්සලා ඒකට ආධාරකයක් හැටියට තියන්නේ. ඊලඟට අපි මරුවැල අරගෙන දුන්න වගේ නමලා තියෙන ලීය රඳවලා තියෙන මන්දේ ගැටගහනවා. ඊට පස්සේ මන්ද හැකිතරම් සීරු මාරු කරලා ලීයේ අගටම ගෙනත් නතර කරනවා. ඔන්න වැඩේ හරි, යන්තම් මරු වැල ඇදුනොත් දුන්න වාගේ නැමිලා තියෙන ලීය නිදහස් වෙන නිසා හැන්ද රඳවලා තියෙන ආධාරකය අහකට පනිනවා. ඊට පස්සේ වෙන්නේ මොකද කියලා මම කියන්න ඕන නෑනේ ආයිබොවන්. මේක ඉතාම අනතුරු දායක වැඩක්, මේ වගේ තුවක්කුවකින් නිකුත් වෙන වෙඩිල්ලක් තරමටම අනතුරු දායකයි තුවක්කු බටයත්. ඒකියන්නේ ඒකත් පස්සට වීසිවෙනවා. ඒ නිසා මනා සිහි නුවණක් හා සියුම් වැඩ කිරීමේ හැකියාවක් නැති අයට මෙහෙම වැඩ කරන්න බැහැ. කවුරුවත්ම මේ වැඩ වලට යොමු නොවෙනවා නම් තමයි හොඳ. ඒත් ඉතින් හොඳ නරක මතක් නොවෙන්නේ මහන්සියෙන් වගා කරපුවා මේ සත්තු විනාශ කරලා දාලා තියෙනවා දැක්කම තමයි. ඇවිත් මඤ්ඤොක්කා ගහක් දෙකක් කාලා යනවා නම් කමක් නැහැනේ. තියෙන ගස් කොලන් පෙරලලා, බිම හාරලා නැති නාස්ති කරලා නෙව මේකලා යන්නේ. ඒ වෙලාවට ඉතින් %$%^^$#@&%%#$#@ තමයි හිතෙන්නේ.
කේන්ති ගිය වෙලාවට මෙහෙම කෙනෙක් දැක්කම තරහා අමතක වෙනවා. බලන්නකෝ හැඩ..!
කතාවට අදාළ නැතත් පෙන්නුවේ මෙයා හැඩකාරයා නිසා..!
ඒත් ඉතින් එකට එක කරන එක සරා වගේ කීපදෙනෙකුට හරි කියලා හිතුනට බ්ලොග් ලියන අපේ මහත්තුරු නෝනලා එහෙම නෑ කියලා මම දන්නවා. දැන් නම් සාරාත් හරි හොඳයි. ඇල් වතුරත් නිවලා බොනවා කියනනවනේ. මම තවත් ටිකක් කියන්නම්කෝ අර විස්තරේ. බලන්න මේ දේවල් ගැන ඔයාලා දැනන් හිටියද කියලා. ඔහොම ඌරෙකුට තුවක්කුවක් බැන්දම වෙඩි වදින්නේ සතාගේ පපු ප්‍රදේශයට. කලාතුරකින් බඩට වදිනවා, එහෙම වෙන්නේ සතාගේ ගමන් වේගය අනුව. හැබැයි බඩට වෙඩි වැදුනට නම් සතා නවතින්නේ නෑ. මොකද කලාතුරකින්ම තමයි ඌරෙක් එහෙම මැරෙන්නේ. දන්නවද මෙහෙම වෙඩි වදින සත්තුන්ව අතුරුදහන් කරන්නත් ගම්වල ඉන්න මිනිස්සු ගාව ක්‍රම තියෙනවා කියලා. වචන තුනක පුංචි මන්තරයක් කියලා අතේ ඇඟිලි වලින් "ටුක්" ගාලා සද්දයක් නිකුත් කලහම වරු තුනක් යනකම් සතාව හොයනවා බොරු. ඊට පස්සේ ඉතින් හොයා ගත්තත් වැඩක් නැහැනේ. හැබැයි ඒ වැඩේ කරන්න ඕන වෙඩි හඬේ දෝංකාරය මැකෙන්න කලින්. මිත්‍යයාව පතුරවන්න උත්සාහ කරනවා නෙමෙයි. මෙහෙම දේවල් ගැන මට අත්දැකීම් තියෙනවා. ඔය පහලින් තියෙන්නේ එහෙම සිද්දියක්. හැබැයි මේකත් කියන්න ඕන. මේ වැඩෙත් හොඳ දෙයක් නෙමේ, මොකද අතුරුදන් කලා කියලා සතාගේ පණ රැකෙන්නේ නෑනේ. හොයා ගන්න බැරිවෙනවා විතරයි. හොයාගන්න කොට උගෙන් ප්‍රයොජනයකුත් නෑ. ඒකියන්නේ ඒ වෙනකොට සතා නරක් වෙලා. මේවා ගම්මු ඉරිසියාවට කරන වැඩ. ගම් වලත් එක එක විදිහේ මිනිස්සු ඉන්නවානේ. හේන් ගොවියෙකුට දඩයමක් හරි යනවා කියන්නේ අමතර ගානක්. ටිකකුත් නෙමේ ලොකු මුදලක්. මොකද අපි නොකෑවට වල් ඌරු මස් වලට කැමති අය බොහොමයි. ඒනිසාම ඒවා මිලෙනුත් වැඩී.
අහිංසකයා වගේ උන්නට මෙයත් ගොවියන්ට හරියට කරදර කරනවා...!
මෙන්න මට වුන වැඩක්. මගේ හේනටත් වල් ඌරන්ගෙන් කරදර වෙනකොට මමත් බැන්දා තුවක්කුවක්. ඒක බැන්දේ ඈත කෙලවරේ අපේ ගෙදරට එන පාර පැත්තේ. මොකද ඒ ඉසවුවෙන් තමයි හේනට ඌරෝ ඇතුල් වෙලා තිබුනේ. කොහොම උනත් පාරට ලඟ නිසා මම රෑට තමයි ගිහින් තුවක්කුව අටවන්නේ. ආයෙම පාන්දර ගෙහුං තුවක්කුව බාලා හංගනවා. මොකද උදේට අපේ වත්තේ කිරි කපන අය එනවනේ. ඔය කවුරු හරි නිකමටවත් හේන පැත්තට ගියොත් සොරිනේ..! කොහොම හරි දවසක් මහ පාන්දර වෙඩිල්ලක් පත්තු වුනා. සද්දේ ආපු විදිහෙන්ම මම දැන ගත්තා මගේ භාන්ඩේ තමයි මේ කියලා. එවලෙම දිව්වා බලන්න. වැඩේ හරි පත්තුවෙලා. සරා ඇතුලෙත් ඉන්නවනේ දඩයක්කාරයෙක් (සරා කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක්නේ.) ඌ පට ගාලා අවට නිරීක්ෂණය කලා. වෙඩිල්ල නියම ඉලක්කයටම වැදිලා වගේම මරණීය තුවාල වෙලා කියන්න පුළුවන් ශාක්ෂි එතන තිබුනා. මොකද මරුවැල ලඟම ඉදන් ලේ පාර තිබුනා. පව් කාරයා...........! ඔයාලට එහෙම හිතෙනවා නේද..? ඔයාලා හරි ඇති. හැබැයි මට එහෙම හිතුනේ නෑ. කොහොම උනත් මම දැනන් හිටියා සතා මේ ලඟම ඉන්න ඕන, මේ වෙඩිල්ල පත්තුවෙලා තියෙන හැටියට මරු විකල්ලෙන් පැනපු පිම්මට වඩා දෙයක් එයාට කරගන්න බෑ කියලා. මගේ නිගමණය නිවැරදි කරමින් ටික දුරකින් ලේ පාර නැවතිලා තිබුනට සතා හිටියේ නෑ. මම ඇවිත් අපේ කූටාලියෝ දෙන්නට පනිවිඩේ දුන්නා.( අපේ පනිවිඩ හුවමාරු ක්‍රම ගැන පස්සේ දවසක මම කියන්නම් හොඳේ.) පස්සේ උදේට හොයමු කියලා කතාකරගෙන මමත් ටිකක් නිදා ගත්තා. මේවගේ අනතුරු දායක වැඩ මම කරනවට තාත්තා කැමති නැති නිසා දෝස් මුරයක් වැටුනත් කම්මලේ බල්ලට හෙන ගැහුවට ගානක් නෑ කියලා කතාවක් තියෙනවනේ. උදේම ඌරව හොයන්න හය හත් දෙනෙක්ම එකතු වුනා. ප්‍රධාන හේතුව සතා මගෙනේ. ඒනිසා විකුනන්නේ නැතිබව හැමෝම දන්නවා.ඌරුමස් කන අයත් ගෙදර නැතිනිසා තමන්ට කැමති තරමක් ගෙවල්වලට ගෙනියතැහැකිනේ.
දැන් ඔය සත්තුන්ට හිංසාවක් වෙන විදිහට හේන් රකින හැටිනේ. නැතිද කාටවත් හිරිහැර කරදර නොකර වගාව රකින කෙරේම එහෙම...? තියනවා... ඇයි ආයිබොවන් පැල් රැකිල්ල. ඕකත් හරි විනෝද වැඩේ. මුලු හේනම පේනතැනක පැලක් හදනවා. ඊට පස්සේ දුර මායිම් වලට දිග "ටක"බඳිනවා. රෑට කවියක් සීපදයක් කියාගෙන ඇහැරලා ඉන්නවා. නිදිමරන්න පුලුවන්නම් පවු පුරෝගන්නේ නැතිව වගාව රැකගන්න පුළුවන්. අපිත් කරා තුන් දෙනාම එකතුවෙලා. ඌරන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නැති උනාට අපට ඌරන්ට තරම් වෙලා ඇහැරලා ඉන්න පුලුවන් කමක් නොතිබුනු නිසා වැඩේ සාර්ථක උනේ නෑ. අනික ඌරෝ අපි වගේ ගෙදරට හොරා "රා" බොන්නෙත් නෑ නේ. මත් ගතිය තියෙන කම් ගල් උඩට වෙලා සිංදු කිය කිය උන්නට මත් ගතිය ඉවර වෙනකොට ඒ තැන්වලම නින්ද ගිහිල්ලා කවුරුවත් නොදැනම. අනේ අපේ පැල් රැකිල්ල.........!
මොනාද හිතෙන්නේ මෙහෙම තැනක් ගැන..!
ගෙහුං එඤ්ඤං....!!!
ඉලඟට තමයි ලොකුම පුරස්නේ එන්නේ. මඤ්ඤොක්කා ලොකු වෙනකොට ඉඩම් අයිති කාරයෝ එනවනේ බිං කුලී ගෙනියන්න. මොකද යාළුවනේ වටපිට බලන්නේ. මොකක්ද බොලේ ඒ හරුපේ කියලද...? එච්චර හිතන්න දෙයක් නෑ, මම කිවුවේ වල් ඌරෝ ගැන වල් ඌරෝ...!
ඒ විතරක් නම් මදෑ ඉත්තෑයොත් එනවා. වල් ඌරෝ ගැන කියනවානම් මෙහෙමයි. තනි ඌරා නම් එන්නේ ඌට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. අපි ඒකට කියන්නේ "අහර" කියලා. (අහර=සතෙකු ගමන් කරන මාර්ගය). එහෙම එන සතෙකුව නවත්වන්න හෝ දඩයම් කරන්න හරි ලේසියි. ඒපාර අවහිර කරොත් ගොඩාක් වෙලාවට සතා එන එක නතර කරලා දානවා. එහෙම නොවුනොත් ඉතින් තුවක්කුවක් බඳින්න වෙනවා. (ඌරොත් ඉන්නවා නාහෙට නාහන.) ඌරන්ට තුවක්කු බඳින විදිහත් කියන්නද..? මේවා කියලා පොලෝසියේ මහත්තුරු මාව කුදලං යයිද දන්නේ නෑ නඩු නැති වෙලාවක ඇවිත්. එයාලා ඉතින් නීතියට වැඩ කරන ඈයොනේ. සතා ගමන් කරන මාර්ගයේ පසකින් ලී කෑලි හතරක් හිටවනවා කතිර ආකාරයට මිටි රියනක් උසට. අතේ ඇඟිලි නමා බිම තැබූ විට වැලමිට දක්වා උස මිටි රියන වේ. ඕක උඩ තුවක්කු කඳ (සතුන්ට ඇටවීම සඳහා සකස් කරන ලද තුවක්කු විශේෂයක් වන අතර, මෙහි තිබෙන්නේ බැරලයක් "තුවක්කු බටය" පමණෙකි. මෙය වෙඩිබෙහෙත් කොටන ආකාරයේ එකක් වන අතර වෙඩිල්ල පත්තුවෙන්නේ නිපල් එක ගිනි ගැනීමෙනි. නිපල් එක මත කැප් එකක් තබා තිබේ. ඒ තුල ඇත්තේ පීඩනයට ගිනි ගන්නා වෙඩි බෙහෙත් විශේෂයකි. ඊට ඉහලින් අටවා ඇති ආප්ප හැන්දක හැඩය ගත් යකඩ පතුරක් වේගයෙන් කැප් එක මත වැදීමෙන් කැප් එක පුපුරන අතර ඒ ගිනිගැනීමෙන් තුවක්කුව පත්තුවෙයි. මෙය පැරනි ක්‍රමයක් වන අතර වැසි දිනවලදී එය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදේ. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විදුලියෙන් ක්‍රියා කරන ආකාරයේ ඒවාද සෑදිය හැකිමුත් සියළු විස්තර මෙහි පල කිරීම නුසුදුසු යැයි සිතමි. අන්තිමට පහුගිය කාලේ අර කැලෑ පන්තිවල උගන්නපුවා පුරසිද්දේ කියා දෙනවයි කියලා මමත් ඒවට සම්බන්ධ එකෙක්ය කියලා ලස්සන කතාවකුත් ගොතලා දෙකක් ඇනලා කූඩුවේ දායි රට කරවන ඇත්තෝ. හිකිස්...! මොකටද නිකන් පාවෙන තොප්පි දාගන්නේ නේද..?) තියලා අර ලී වලට තදවෙන්න ගැටයක් දානවා. ඊලඟට අපි කිතුල් තත් කෙඳි ටිකක් අරගෙන එකට ගැට ගහලා දිග නූලක් වගේ හදා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ කිතුල් ගස්වලතියෙනවා කලු පාට නූල්වගේ කෙඳි විශේෂයක්. මේවා නූල්වගේ සිහින් උනාට හරි ශක්තිමත්. කලුපාට නිසා කරුවලේදි පේන්නෙත් නෑ. ඔහොම හදාගත්ත නූල සතා ගමන් කරන පාරේ අනිත් පැත්තේ ගහක නැත්නම් ලීයක ගැට ගහනවා. හැබැයි මෙහෙම ගමන් කරන කොට සතාගේ ගමන් මඟ නොපාගන්න වග බලා ගන්න ඕන. මෙහෙම කරන්නේ සතාට අපි ගැන ඉව නොවැටෙන්න.
දැන් අපි එහාපැත්තේ ගැට ගහපු තත් කෙන්ද සතාගේ පාර හරහා මෙහා පැත්තට අදිනවා. ඔන්න ඕකට නෙව මිනිස්සු "මරුවැල" කියන්නේ. දැන් අපි කරපු වැඩ පිලිවෙලින් බලමු.මුලින්ම මිටිරියනට කතිර දෙකක් බැන්දා. ඒක උඩ තුවක්කු කඳ තියලා ගැට ගැහුවා. ඊලඟට තත් කෙන්දක් අරන් මරුවැලක් ඇද්දා. දැන් අමු ලීයක් අරගෙන බිම හිටවලා ඕක දුන්න වගේ නමලා බිම හිටවපු කරුවකට මන්දකින් (වැලකින් හෝ කම්බියකින් සැදූ රවුමකින්) සම්බන්ධ කරනවා. ඔහොම අටෝ ගත්ත ගැජමැටික් එකේ අගට හයිය කම්බියකින් හරි වයර් එකකින් හරි අඟල් දෙක තුනක පොඩි ලී කෑල්ලක් ගැට ගහනවා. ඔන්න ඔය ලී කෑල්ල තමයි අර තුවක්කුවේ හැන්ද උස්සලා ඒකට ආධාරකයක් හැටියට තියන්නේ. ඊලඟට අපි මරුවැල අරගෙන දුන්න වගේ නමලා තියෙන ලීය රඳවලා තියෙන මන්දේ ගැටගහනවා. ඊට පස්සේ මන්ද හැකිතරම් සීරු මාරු කරලා ලීයේ අගටම ගෙනත් නතර කරනවා. ඔන්න වැඩේ හරි, යන්තම් මරු වැල ඇදුනොත් දුන්න වාගේ නැමිලා තියෙන ලීය නිදහස් වෙන නිසා හැන්ද රඳවලා තියෙන ආධාරකය අහකට පනිනවා. ඊට පස්සේ වෙන්නේ මොකද කියලා මම කියන්න ඕන නෑනේ ආයිබොවන්. මේක ඉතාම අනතුරු දායක වැඩක්, මේ වගේ තුවක්කුවකින් නිකුත් වෙන වෙඩිල්ලක් තරමටම අනතුරු දායකයි තුවක්කු බටයත්. ඒකියන්නේ ඒකත් පස්සට වීසිවෙනවා. ඒ නිසා මනා සිහි නුවණක් හා සියුම් වැඩ කිරීමේ හැකියාවක් නැති අයට මෙහෙම වැඩ කරන්න බැහැ. කවුරුවත්ම මේ වැඩ වලට යොමු නොවෙනවා නම් තමයි හොඳ. ඒත් ඉතින් හොඳ නරක මතක් නොවෙන්නේ මහන්සියෙන් වගා කරපුවා මේ සත්තු විනාශ කරලා දාලා තියෙනවා දැක්කම තමයි. ඇවිත් මඤ්ඤොක්කා ගහක් දෙකක් කාලා යනවා නම් කමක් නැහැනේ. තියෙන ගස් කොලන් පෙරලලා, බිම හාරලා නැති නාස්ති කරලා නෙව මේකලා යන්නේ. ඒ වෙලාවට ඉතින් %$%^^$#@&%%#$#@ තමයි හිතෙන්නේ.
කේන්ති ගිය වෙලාවට මෙහෙම කෙනෙක් දැක්කම තරහා අමතක වෙනවා. බලන්නකෝ හැඩ..!
කතාවට අදාළ නැතත් පෙන්නුවේ මෙයා හැඩකාරයා නිසා..!
ඒත් ඉතින් එකට එක කරන එක සරා වගේ කීපදෙනෙකුට හරි කියලා හිතුනට බ්ලොග් ලියන අපේ මහත්තුරු නෝනලා එහෙම නෑ කියලා මම දන්නවා. දැන් නම් සාරාත් හරි හොඳයි. ඇල් වතුරත් නිවලා බොනවා කියනනවනේ. මම තවත් ටිකක් කියන්නම්කෝ අර විස්තරේ. බලන්න මේ දේවල් ගැන ඔයාලා දැනන් හිටියද කියලා. ඔහොම ඌරෙකුට තුවක්කුවක් බැන්දම වෙඩි වදින්නේ සතාගේ පපු ප්‍රදේශයට. කලාතුරකින් බඩට වදිනවා, එහෙම වෙන්නේ සතාගේ ගමන් වේගය අනුව. හැබැයි බඩට වෙඩි වැදුනට නම් සතා නවතින්නේ නෑ. මොකද කලාතුරකින්ම තමයි ඌරෙක් එහෙම මැරෙන්නේ. දන්නවද මෙහෙම වෙඩි වදින සත්තුන්ව අතුරුදහන් කරන්නත් ගම්වල ඉන්න මිනිස්සු ගාව ක්‍රම තියෙනවා කියලා. වචන තුනක පුංචි මන්තරයක් කියලා අතේ ඇඟිලි වලින් "ටුක්" ගාලා සද්දයක් නිකුත් කලහම වරු තුනක් යනකම් සතාව හොයනවා බොරු. ඊට පස්සේ ඉතින් හොයා ගත්තත් වැඩක් නැහැනේ. හැබැයි ඒ වැඩේ කරන්න ඕන වෙඩි හඬේ දෝංකාරය මැකෙන්න කලින්. මිත්‍යයාව පතුරවන්න උත්සාහ කරනවා නෙමෙයි. මෙහෙම දේවල් ගැන මට අත්දැකීම් තියෙනවා. ඔය පහලින් තියෙන්නේ එහෙම සිද්දියක්. හැබැයි මේකත් කියන්න ඕන. මේ වැඩෙත් හොඳ දෙයක් නෙමේ, මොකද අතුරුදන් කලා කියලා සතාගේ පණ රැකෙන්නේ නෑනේ. හොයා ගන්න බැරිවෙනවා විතරයි. හොයාගන්න කොට උගෙන් ප්‍රයොජනයකුත් නෑ. ඒකියන්නේ ඒ වෙනකොට සතා නරක් වෙලා. මේවා ගම්මු ඉරිසියාවට කරන වැඩ. ගම් වලත් එක එක විදිහේ මිනිස්සු ඉන්නවානේ. හේන් ගොවියෙකුට දඩයමක් හරි යනවා කියන්නේ අමතර ගානක්. ටිකකුත් නෙමේ ලොකු මුදලක්. මොකද අපි නොකෑවට වල් ඌරු මස් වලට කැමති අය බොහොමයි. ඒනිසාම ඒවා මිලෙනුත් වැඩී.
අහිංසකයා වගේ උන්නට මෙයත් ගොවියන්ට හරියට කරදර කරනවා...!
මෙන්න මට වුන වැඩක්. මගේ හේනටත් වල් ඌරන්ගෙන් කරදර වෙනකොට මමත් බැන්දා තුවක්කුවක්. ඒක බැන්දේ ඈත කෙලවරේ අපේ ගෙදරට එන පාර පැත්තේ. මොකද ඒ ඉසවුවෙන් තමයි හේනට ඌරෝ ඇතුල් වෙලා තිබුනේ. කොහොම උනත් පාරට ලඟ නිසා මම රෑට තමයි ගිහින් තුවක්කුව අටවන්නේ. ආයෙම පාන්දර ගෙහුං තුවක්කුව බාලා හංගනවා. මොකද උදේට අපේ වත්තේ කිරි කපන අය එනවනේ. ඔය කවුරු හරි නිකමටවත් හේන පැත්තට ගියොත් සොරිනේ..! කොහොම හරි දවසක් මහ පාන්දර වෙඩිල්ලක් පත්තු වුනා. සද්දේ ආපු විදිහෙන්ම මම දැන ගත්තා මගේ භාන්ඩේ තමයි මේ කියලා. එවලෙම දිව්වා බලන්න. වැඩේ හරි පත්තුවෙලා. සරා ඇතුලෙත් ඉන්නවනේ දඩයක්කාරයෙක් (සරා කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක්නේ.) ඌ පට ගාලා අවට නිරීක්ෂණය කලා. වෙඩිල්ල නියම ඉලක්කයටම වැදිලා වගේම මරණීය තුවාල වෙලා කියන්න පුළුවන් ශාක්ෂි එතන තිබුනා. මොකද මරුවැල ලඟම ඉදන් ලේ පාර තිබුනා. පව් කාරයා...........! ඔයාලට එහෙම හිතෙනවා නේද..? ඔයාලා හරි ඇති. හැබැයි මට එහෙම හිතුනේ නෑ. කොහොම උනත් මම දැනන් හිටියා සතා මේ ලඟම ඉන්න ඕන, මේ වෙඩිල්ල පත්තුවෙලා තියෙන හැටියට මරු විකල්ලෙන් පැනපු පිම්මට වඩා දෙයක් එයාට කරගන්න බෑ කියලා. මගේ නිගමණය නිවැරදි කරමින් ටික දුරකින් ලේ පාර නැවතිලා තිබුනට සතා හිටියේ නෑ. මම ඇවිත් අපේ කූටාලියෝ දෙන්නට පනිවිඩේ දුන්නා.( අපේ පනිවිඩ හුවමාරු ක්‍රම ගැන පස්සේ දවසක මම කියන්නම් හොඳේ.) පස්සේ උදේට හොයමු කියලා කතාකරගෙන මමත් ටිකක් නිදා ගත්තා. මේවගේ අනතුරු දායක වැඩ මම කරනවට තාත්තා කැමති නැති නිසා දෝස් මුරයක් වැටුනත් කම්මලේ බල්ලට හෙන ගැහුවට ගානක් නෑ කියලා කතාවක් තියෙනවනේ. උදේම ඌරව හොයන්න හය හත් දෙනෙක්ම එකතු වුනා. ප්‍රධාන හේතුව සතා මගෙනේ. ඒනිසා විකුනන්නේ නැතිබව හැමෝම දන්නවා.ඌරුමස් කන අයත් ගෙදර නැතිනිසා තමන්ට කැමති තරමක් ගෙවල්වලට ගෙනියතැහැකිනේ.
පේනවානේ හොර ගොනා වගේ ඉන්නහැටි..!
ඒනිසා හැමෝම උනන්දුවෙන් හෙව්වා. වැඩක් උනේ නෑ. ලේ පාර වැඩි දුරක් නොතිබුනාට සතා නෑ. අන්තිමට හැමෝම කීවේ හොයලා වැඩක් නෑ හෙට දවල් මෙතනම සතා ඉඳී කියලා. එයාලා නොකියා කිවුවේ කවුරු හරි සතාට මතුරලා කියලා. එහෙනම් ලැබුන එකෙක් ගනිල්ලා කියලා මමත් ගෙදර ගියා. කිවුවත් වගේම පහුවදා දවල් සතා අපි හොයපු තැනකම මැරිලා ඉඳලා හම්බ වුනා. ඊට පස්සේ තාත්තගේ බැනුම් මැද වැඩ කරන මාමා කෙනෙකුත් අඬ ගහන් ඌව වල දැම්මා. ඔන්න ඒ කතාව. ඔය ඉත්තෑවන්ට නම් තුවක්කු බඳින්නේ වියතක් උසට නෙව. ඉත්තෑවට නම් තොන්ඩු තියන්නත් පුළුවන්. තව තියෙනවා "හබක"කියලා හඳුන්වන උගුල් විශේෂයකුත්. ඒකත් කරන ක්‍රමය නම් දන්නවා. ඒ උනාට මම කවදාවත් උගුල් අටවලා නෑ. මම ඉතින් වැඩිපුර කැමති පේස් ටූ පේස් ගේම් වලටනේ. ඌරට තුවක්කු බැන්දෙත් ඌ කවදාවත් වෙලාවට වැඩ කරන්නේ නැති නිසා. දැන් ඔය සත්තුන්ට හිංසාවක් වෙන විදිහට හේන් රකින හැටිනේ. නැතිද කාටවත් හිරිහැර කරදර නොකර වගාව රකින කෙරේම එහෙම...? තියනවා... ඇයි ආයිබොවන් පැල් රැකිල්ල. ඕකත් හරි විනෝද වැඩේ. මුලු හේනම පේනතැනක පැලක් හදනවා. ඊට පස්සේ දුර මායිම් වලට දිග "ටක"බඳිනවා. රෑට කවියක් සීපදයක් කියාගෙන ඇහැරලා ඉන්නවා. නිදිමරන්න පුලුවන්නම් පවු පුරෝගන්නේ නැතිව වගාව රැකගන්න පුළුවන්. අපිත් කරා තුන් දෙනාම එකතුවෙලා. ඌරන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නැති උනාට අපට ඌරන්ට තරම් වෙලා ඇහැරලා ඉන්න පුලුවන් කමක් නොතිබුනු නිසා වැඩේ සාර්ථක උනේ නෑ. අනික ඌරෝ අපි වගේ ගෙදරට හොරා "රා" බොන්නෙත් නෑ නේ. මත් ගතිය තියෙන කම් ගල් උඩට වෙලා සිංදු කිය කිය උන්නට මත් ගතිය ඉවර වෙනකොට ඒ තැන්වලම නින්ද ගිහිල්ලා කවුරුවත් නොදැනම. අනේ අපේ පැල් රැකිල්ල.........!
මොනාද හිතෙන්නේ මෙහෙම තැනක් ගැන..!
ගෙහුං එඤ්ඤං....!!!
නියමයි සරා..ඌරංගෙයි ඉත්තෑවුන් ගෙයි කරදරේ නම් කියල වැඩක් නෑ. මං හැබැයි සත්තු වත්තේ ඇරෙන්න තවම ඉත්තෑවෝ දැකල නෑ. පොල් ගස් පහුරු ගාලා නම් තියනවා දකිනවා. ඔන්න කතාවක් මතක් වුන.
ReplyDeleteඅපේ ගමේ කෙනෙක් දවසක් අප්සෙට් එකේ ඉන්නවා එයාගේ වත්තේ ගම්මිරිස් වල් ටික කවුද කපලා කියලා. මුලින්ම කපලා දාලා.මාත් දැක්ක. ටිකක් හොයල බලනකොට තමයි දැනගෙන තියන්නේ ඒ ඉත්තෑවුන් ගේ වැඩක් කියල. උන් ගස් මුල හාරන්න ඉඩ ගන්න ගම්මිරිස් වැල් කපනවා.
අර තුවක්කු කෙරුවාව හප්පේ.. හෙන අනතුරුදායක වැඩක් නේ. පොඩ්ඩ වැරදුනොත් සෙල්ලං නෑ නේද... ඔය මන්තර කතන්දරේ නම් මාත් අහල තියනවා. එහෙම දේවලුත් නැත්තේ නෑ ඉතින්.
**ගම්මිරිස් වල් නොවේ ගම්මිරිස් වැල්
Deleteඒ විතරක් නෙමේ චන්දන ඉත්තෑවෝ පොල් ලෙලි ගහන්නත් හරිම දක්ෂයි. ඉතින් උන් කරන වැඩ වලට තරහ නොයා තියේයෑ. මම නම් දීලා තියෙනවා කීප දෙනෙකුටම කළුකුඩු බස්නේ..!!
Delete// ඒ නිසා මනා සිහි නුවණක් හා සියුම් වැඩ කිරීමේ හැකියාවක් නැති අයට මෙහෙම වැඩ කරන්න බැහැ. //
ReplyDeleteඒ කිව්වේ මට නෙමේනේ සරා අයියේ... හි:) හි:) ගොඩා.....ක් වටින ලිපියක් අයියේ මම නම් මේ ගැන එහෙන් මෙහෙන් ඩිංගිත්තක් අහලා තිබුනට සම්පූර්ණ විස්තර දැන ගත්තේ සරා අයියාට පින් සිද්දවෙන්න ඕං.... දැන් නම් හොඳට දන්නවා. හැබැයි ඒකත් මරුනේ... සරා අයියාට නම් එක්ස්පිරියන්ස් ගොඩාක් ඇති නේ..
ආ..හා.. මම දැනන් හිටියේ නෑනේ මේ ගෑණු ළමයටත් හීන්නූලේ වැඩ කොරන්න අමාරුයි කියලා. බිරින්දෑ සමහර වැඩ කරද්දී හත්පොලේ ගාගන්නකොට මම හිතා උන්නේ මේක උන්දැට විතරක් තියෙන ලෙඩක් කියලා. මේ ඉන්නේ තවත් ඒ ජාතියේ අය. එතකොට පැරන්නෝ කියලා තියෙන්නේ ගෑණු ළමයි හරි නූල් සූත්තර කාරියෝ කියලා බොරුවටද....?
Deleteඔය තුවක්කු බඳින වැඩේ හෙන අවදානම් නේද සරා. මොකද ඕක වැරදිලා මිනිස්සුන්ටම වදින වෙලාවල් තියෙනවනෙ. ඒක තමයි කැලේ ඇවිදින එකත් ඔච්චර අවදානම් නේ?
ReplyDeleteඇත්තම කිව්වොත් මමත් ආසම මස් තමයි වල් උරු මස්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පුරාජේරුවකට කියනවා නෙමේ Dude මහත්තයා මටනම් ගේමක් ඇත්තෙම නෑ. මොකද ඉතින් හැමදාම මම කරේ කොටි කටේ අත දාලා දත් ගනින එකනේ.
Deleteසත්තුන්ට ගිනි බින්දට මම මස් කන්නේ නෑ හුඟක් වෙලාවට.
////ඌරට තුවක්කු බැන්දෙත් ඌ කවදාවත් වෙලාවට වැඩ කරන්නේ නැති නිසා. ///
ReplyDeleteහික් හික්....
මඤ්ඤොක්කා ගැන කිව්වම මතක් උනේ දැං අවුරුද්දකට විතර කලින් , අපි දෙන්න කලින් හිටපු ගෙදර (මහරගම ටවුන් එක කිට්ටුව) පාරේ තිබ්බ මඤ්ඤොක්කා දණ්ඩක් ගෙනල්ලා අපි දෙන්නා පැල කළා... ගස් ටික හොඳට හැදීගෙන එනකොට ඉතිං අපිට හරි ජොලි... කොහොමත් ඒ ගෙදරදි නම් අපි කෙසෙල්, මිරිස්, කොළ ජාති එහෙමත් වැවුවා.. කොහොම හරි දවස් දෙක තුනක්ම මඤ්ඤොක්කා ගස් ටික ගාව පස් පෙරළලා, හාරලා තියෙනවා දැක්කම අපේ මහත්තයා කිව්වේ ඌරැ මීයා වෙන්නැති කියල.. ඉතිං කමක් නෑ සතා උනත් කන්න හොයන්නනේ කියලා ගනන් ගත්තේ නෑ... දවසක් අපේ මහත්තයා රෑ වෙලා එන දවසක මම ගේට්ටුව අරින්න එළියට බහින කොට මොකෙද්ද පිඹිනවා හෝ ගාලා.. බලනකොට තඩි ඉත්තෑවො දෙන්නෙක්... මම ආයිත් කිසි කතාවක් නෑ ගේ ඇතුලේ.. අපේ මහත්තයා ගෙට ආවේ තාප්පෙන් පැනලා එදා.... හි හි.. ඊට පස්‌ෙස් මම තනියෙන් ඉන්න නිසා ඕක කරදරයක් කියලා අපේ මහත්තයා මඤ්‌ෙඤාක්කා ගස් ටික උගුලලා දැම්මා...
ඔය තුවක්කුවක් පත්තුවෙලා අතක් කපපු මාම කෙනෙකුත් ඉන්නවා අපේ..
බොලාට කියන්න හිරූ නගා, මම දවස් ගානක් රැක්කා ඕකට කළුකුඩු බස්නේ දෙන්න බෝර 12 ගිනිකඳයත් ලඟ තියාන. (ඒක අපේ තාත්තගේ නෙව.) වැඩක් උනේ නෑ. පස්සේ ඔය කෙරේමට තමයි මම උන්දැව වැලි ගම්පිටි යැව්වේ. ඒ උනාට ඒකේ කිසි ජොලියක් නෑ. එහෙමයෑ ඉස්සරහට එන තඩි වල් ඌරෙකුට ගිනි බිඳින එක. පොඩ්ඩ වැරදුනොත් උගෙනුත් "පොතිපොහාර" එල්ල වෙනවා නෙව. රිස්ක් එකක් තියෙනකොට තමයි හිතට පොඩි ජොලියක් එන්නේ..හිකිස්...!
DeleteSha........ Oya liyala thiyenne lesatama. Oyage wachanayak alla gaththa onna mamath.
ReplyDeleteඕවා වැරදි වැඩ හොඳේ.
Deleteඅපෝ.... අපේ පැත්තෙත් ඉන්නවා ඉත්තෑවෝ නම්..... මේ ළගඳි තාත්තා පොල් පැල 2ක 3නක් හිටෙව්වා. ඒවා හාරන්නත් එනවා. කොහේ ඉදන්ද මන්දා.
ReplyDeleteඅහලා බැලුවේ නැතෙයි කොහේ ඉඳලැයි ආවේ කියලා...?
Deleteමාර ආසවෙන් කියෙව්වෙ සරා... අපි වගේ නගර අයිනෙ හැදිච්ච උන්ට මේ වගේ කතා රස සාගරයක්.. අනේ තව ලියපන් මේ වගේ ඒවා... උබේ මේ කතා ටික මම ප්‍රින්ට් අවුට් අරන් තියා ගන්ඩ ඕනා..
ReplyDeleteඔය තුවක්කු බැඳිල්ලනම් හරිම භයානක වැඩක් නේද ? මිනිස්සු කී දෙනෙක් ආබාධිත වෙලා ඇත්ද ඕවා හින්දා. අඩු ගානේ අනතුරු ඇඟවීමක්වත් නැද්ද බන් අහවල් ස්තානයේ තුවක්කුවක් බැඳ ඇත කියලා.. මොකෝ සත්තුන්ට අකුරු පුලුවන් එකක්යෑ..
අනිත් එක ඔය වෙඩි කපු ඌරත් හරි භයානකයිලු නේද ? මම අහල තියනවා ඌ වටෙන් ඇවිත් මග රැකලා ඉන්නවා කියලා හොයන්ඩ එන උන්ට පහර දෙන්න. ඒක ඇත්තද බන් ?
හේන කෙරුවාවනම් හරි අමාරු වැඩක් වගේ නේද ? තව එතකොට අලි එහෙමත් එන වෙලාවල් ඇති නේද ? එහෙම උනොත් ඉතින් ඔක්කොම මහන්සිය වතුරේ නේද ?
ඇයි බං අලි එන්න අපි හබරන කැලේ හේන් කෙටුවැයි...? යකෝ මේ අපේ ගෙවල් අහ, රත්නපුරේ. අනික බං වෙඩි කාපු ඌරෙකුට පුළුවන් කමක් නෑ වෙඩි තියාපු එවුන් හොය හොයා ඉන්න, මරු විකාරෙන් යන කොට පොලව බිඳගෙන තමා යන්නේ. එහෙම වෙලාවක ඌ ඉදිරියේ තියෙන දේකට පහර දෙනවා. එහෙම තැනක අපි හිටියොත් අපටත් ගහයි. ඌරන්ගේ සිරිත තමයි වෙඩි කෑවම ඔළුව තියෙන පැත්තටම දුවන එක. හුගාක් වෙලාවට වෙඩි තියන්නෙත් සතාට ඉදිරියෙන් ඉඳන් නිසා, සතා එන්නේ වෙඩි තියපු කෙනා ඉන්න පැත්තටම තමයි. ඔය කතන්දර නෑ වෙඩික්කාරයා වැඩ්ඩා නම් වන් ෂොට් නොකවුට්.
Deleteමේ ගැන කියෙව්වෙ පළවෙනි පාරට..අළුත්ම අත්දැකීමක්..
ReplyDeleteස්තුතියි සරා..ඇත්තටම කියනවා නම් මේක සුරංගනා කතාවක් වගේ කියලා හිතෙනවා..නගරයේ ඉපදිලා හැදුන වැඩුන අපිට මේ වගේ කතා හරිම රසවත්..ඒත් කරන කොට මෙච්චර රසවත් නැතුව ඇති නේද?
හික් හික් හික් මේවා කරද්දිත් මට නම් හරි ජොලි රූ නෝනේ...! ආයේ අග හිඟයකට කොලායෑ මම ඕවා,තියෙන විසේට මිස. අපේ තාත්තා අකමැති වැඩ කොරන්න මම හරි මනපයි නොවැ. දවසකට සැරයක් වත් "චූටි කොල්ලෝ" කියලා පොඩි ගෝරනාඩුවක් නොදැම්මොත් මට කෑවට ඇඟට අල්ලන්නෙත් නෑ..අම්මාපල්.....හිකිස්....!
Deleteඒ....පට්ටනේ.....මාර අත්දැකීම්...
ReplyDeleteඑලකිරි මලයා..! තැන්කූ වේවා...!
Deleteතමන්ගෙ අතින් හිටවපු පැලේක මලක්.ගෙඩියක් එද්දි දැනෙන සතුට?
ReplyDeleteමම කියන්නෝනි නැහැනේ බං!
ඇත්ත මචං..! උඹ තවම පැලයක් හිටෙවුවේ නැත..! ඉඩම තවම නිකන්මද....? හික් හික් හික්
Deleteඅර අන්තිමේ දැක්ක වගේ පැලක දවසක් හරි ඉන්න ඇත්නම් කියලා හිතුනා...
ReplyDeleteහිතට පුදුම තරම් නිදහසක් නිවනක් දැනෙනවා යාළුවා ඔය වගේ තැන් වලදි.
Deleteදින කීපයක් අසනීපව සිට අදයි කොම්පියුටරේ ඇල්ලුවේ.
ReplyDeleteකෝ මනුස්සයෝ බඳින තුවක්කුවේ කොටස් සහ එය අටවන හැටි ගැන පින්තුරයක් දාලා නැහැනේ. ආප්ප හැන්ද? මම කියන්නේ නෑ හැන්ද..........
මම අහලා තියනවා බාබර් සාප්පුවකින් කෙස් කොට ගොඩක් ගෙනෙහින් ඌරන් හාරයි කියලා හිතන තැන්වල දැම්මම උගේ නහයට කෙස්කොට යන නිසා හාරන්නේ නැතිලු.
බලනකොට සරාගොයියා හරිමිනිහෙක්නේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
වැහි කාලේ හැම කෙනෙක්වම ලෙඩ කරවනවා. සතුටක් ඔබ සුවෙන් යැයි දැනගැනීමත්.ඒ වගේම සැමදා නිරෝගීසුව හා දීර්ගායුස ලැබෙන්න ඕන ඔබට මෙන්ම පවුලේ උදවියටත්.
Deleteහැක් හැක් හැක් මම ඕවා ඔහොම ලිවුවේ අදාල කාරනාව පැහැදිලි කොරන්ට නෙව අකුරු වලින්. ඔබ තුමාට කියා දෙන්ට දෙයක් තියේයෑ නීතිය රකින අපේ උන්දැලා ගැන. A to Z පින්තූර වලින් හා කොටස් වශයෙන් නම් කොරලා නවීන තාක්ෂණෙත් උපයෝගී කොරාන ඕවා කරන හැටි ලියන්න කියන්න නම් ඇහැකි. ඒත් ඉතින් ඒවා කොරනකොට අර පහුනු කාලේ එක්තරා පිරිසක් කොරාපු කැලෑ පන්ති වල පාඩම් මේක හරහා පොරචාර කොරනවා කියලා චෝදනාවක් එල්ල වෙන්න බැරිකමක් නෑ කියලා හිතුනා. ඒකයි මේ............