ග්‍රැමපෝන් ගැන ඔයාල මොනවද දන්නේ...? සමහරු කියාවි මොකුත්ම දන්නේ නෑ, නව සහශ්‍රයේ ඉඳගෙන මොන බම්බුවටද ගිරැංපෝං ගැන කතා කොරන්නේ කියාපංකෝ නැනෝ තාක්ෂණය( Nanotechnology) ඒ උනාට සමහර අය මේ පැරණි දේවල් ගැන දැන ගන්න කැමතියි නොවැ. දන්න කට්ටියත් ඇති මහ ගොඩක්. හැදුවේ කවුද ඒ කොයි කාලෙද වගේ දේවල්. කමක් නෑ ඔන්න ඔහේ මාත් කියන්නම්කෝ, මගෙත් ආසාවනේ නේද...? ග්‍රැමපෝන් එක හදලා තියෙන්නේ ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම්බෙල් මහත්මයා. ඒ 1890 දී. හැබෑවටම මේ යන්ත්‍රයට සමාන එකක් ඊට කලින් හදලා තියනවා තෝමස් එඩ්සන් මහත්මයා අපි හැමෝම දන්න තෝමස් අල්වා එඩිසන්, එතුමා විසින්. ඒ 1870 දී.
කොහොම උනත් මම අද කියන්නේ ග්‍රැමපෝන් එක ගැන. සරල මූලධර්මයක් පදනම් කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ කම්පන තරංගයක් ශ්‍රව්‍ය තරංගයක් බවට හරෝන එක තමයි ග්‍රැමපෝන් එකෙන් කරලා තියෙන්නේ. (මට ඔය තරංග ගැන කතා කරන හැම වෙලාවෙම බෝධිපාලවත් මතක් වෙනවා. මොකද බෝධිපාල කියන්නේ තරංගලගේ තාත්තටනේ. ගනන් ගන්න එපා ඔය කතාව මාතෘකාවට අදාල නෑ. මේ හීතලට කියවෙන කතා.) ඒවගේම තැටි නිර්මාණය කරලා තියෙන්නේ කාබන් වලින්. මුල් කාලය තුල එක තැටියක එක ගීතයක්ද, පසු කාලීනව ගීත කීපයක්ද වශයෙන් ග්‍රැමපෝන් තැටි නිර්මාණය වුනා. හරි ඉතින් අපි මුලින්ම ග්‍රැමපෝන් එකක් බලලා ඉමුකෝ.
ඔය තියෙන්නේ බඩ්ඩ. නෑ මම මේ කිවුවේ ගිරැංපෝං එක හෙහ් හෙහ්..!
මෙන්න තැටියකුත් තියෙනවා.
අනේ එහෙනම් සිංදුවක් අහලා ඉමු මුලින්ම.
ඔය සිංදුව ගැනත් යමක් කියලම ඉන්නම්කෝ. වීර විජය කියන සිනමා සිත්තමට ලතා වල්පොල මහත්මිය තමයි ඔය ගීතය ගායනා කරලා තියෙන්නේ.මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1963 වර්ෂයේ. සංගීත නිමාණය හෝ ගීතය ලියලා තියෙන්නේ කවුද කියන්න නිවැරදි තොරතුරක් මා ලඟ නෑ. මේ ගීතය නිකුත් වෙලා තියෙන්නේ "හිස් මාස්ටර් වොයිස්" කියන තැටි ලේබලය යටතේ. ඔය තියෙන්නේ එයාලගේ "මාක්" එක.
බල්ලා මාක් එක හිකිස්....!
ඕක ඔය ටික කලකට ඉහත අපෙන් සමුගත් ප්‍රෙඩී සිල්වා නැමැති අපූරු කලාකරුවා විසින් ගායනා කරපු ගීතයක් නෙව. ඔහුට අනුව නම් අපේ සමහර අයගේ වැඩ ගැන බල්ලන්ගේ උනත් ඒ හැටි මනාපයක් නෑ. ඒත් අපේ මාතෘකාව ඕක නොවෙන නිසා අපි ඔය ගැන වැඩිය කතා කොරන්න යන්න ඕන නෑ.
හැබෑටම කොහොමද ග්‍රැමපෝන් තැටි වල ගීත අඩංගු වෙලා තියෙන්නේ. නැත්නම් රෙකෝඩ් වෙලා තියෙන්නේ. මොකද හුඟාක් අය දන්නවා ටේප් රෙකෝඩරයක නම් ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් තියෙනවා. අපි ඒකට ටේප් එකක් තේරෙන සිංහලෙන් කියනවා නම් කැසට් පටියක් දාලා බට්න් එකක් ප්‍රෙෂ් කරහම ඉලෙක්ට්‍රික් හෙඩ් එකක් ඇවිත් ධාවනය වෙන ටේප් එකේ ස්පර්ශ වෙනවා. ඒ ටේප් එකේ තියෙන කාබන් අංශු හෙඩ් එක සමඟ ගැටී ඇතිකරන චුම්භක තරංගය ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මගින් ඕඩියෝ (චෙහ් මේ ඕඩියෝ බම්බුවත් සිංහලෙන්නේ ලියන්න ඕන. මේක සිංහල බ්ලොග්නේ.....) ශ්‍රව්‍ය තරංගයක් බවට හරවනවා කියලා. ඒ අනුවයි කැසට් යන්ත්‍රයකින් අපට යමක් ශ්‍රවනය වෙන්නේ. ඒ වුනාට ග්‍රැමපෝන් වල කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක් නෑ. අපි ඒකට විදුලිය සැපයීමක් කරන්නෙත් නෑ, එහෙනම් කොහොමද ශ්‍රව්‍ය තරංගයක් ජනනය වෙන්නේ. හරි මමම කියන්නම්කෝ මේන් මෙහෙමයි ඕක සිද්ද වෙන්නේ.
මම කිවුවනේ කලින් ග්‍රැමපෝන් තැටි නිර්මාණය කරලා තියෙන්නේ කාබන් වලින් කියලා. මේ තැටි දැකලා තියෙන කෙනෙක් ඉන්නවානම් දන්නවා ඇති ඒකේ රවුමට ඉරි ඇඳලා තියෙනවා කියල අග ඉඳන් මුලට. මේක මේ පැන්සල් ඉරක් වගේ උඩින් ඇඳලා නෙමෙයි තැටිය තුලට කාවදින්න කානුවක් වගේ ගැඹුරට හෑරුන එකක්. අපේ කට්ටිය නෑබිලි දැකලා තියෙනවනේ. නොදැකපු කෙනෙක් ඉන්නවානම් දැන් කුස්සියට ගෙහුං බලලා එනවා හොඳයි.ඔය නෑබිලියේ ඉරි ඇඳලා තියෙන ආකාරයට තමයි මේ ගිරැංපෝං එකෙත් ඉරි ඇඳලා තියෙන්නේ. අපූරු උදාහරනේ නේද..?හික් හික් හික්...!! ( අපේ විචාරක මහත්තයට තරහ යයිද මංදා. තරහ අවසර ආයිබොවං මේකලට තේරෙන භාශාවෙන් එපායෑ කියන්ට.) ඒත් වඩා පරීක්ෂාවෙන් බැළුවොත් අපට තේරෙනවා මේ තියෙන්නේ තනි ඉරක්ය, ඒක අගින් පටන් අරගෙන මුලින් ඉවර කරලා තියෙනවය කියලා. ඒවිතරක්ම නෙමේ මම කලින් කිවුවනේ මේ ඉර යටට හෑරිලා තියෙන්නේ කියලා. ඔය යට පෘෂ්ඨය සමතල නෑ. ගැටිති සහිතයි. ඒ ගැටිති සෑදිලා තියෙන්නේ එහි අඩංගු ගීතයේ හෝ හඬේ ආකාරයට. මේ තැටි කොටන්න නැත්නම් හඬ කවන්න භවිතා කරන උපකරණය ගැන මට හරි වැටහීමක් නැතත් එය "ටිකිතුරක" (ටෙලිග්‍රාප්) ක්‍රමය බව මගේ හැඟීමයි.
අපි හැමෝම දන්නවා ( නොදන්න අයදැන් දැනගන්න) ග්‍රැමපෝන් එක ක්‍රියා කරන්නේ දුන්නක් ආධාරයෙන් කියලා. ඔය ටයිම් පීස් ඔරලෝසුවල, නැත්නම් අතේ බඳින වයින් ඔරලෝසුවල තියෙනවා වාගේ දුන්නක් කරකවලා (වයින් තියලා) තමයි අපි ග්‍රැමපෝන් එක ක්‍රියා කරවන්නේ. ග්‍රැමපෝන් එකේ තැටිය රඳවන තැන පෙට්ටියක් වගේ එකක්නේ. ඕක ඇතුලේ තියෙන දුන්න යතුරකින් හෝ පිටතට තියෙන හැන්ඩ්ල් එකකින් හෝ කරකවලා අපට වයින් කල හැකියි. ඊට පසු තැටියක් ඒමත රඳවලා පසෙක තිබෙන "ආර්ම්" එක අරගෙන තැටිය මත තබනවා. අදාල තැනින් ආර්ම් එක තැටිය මතට ගේන කොට දුන්න නවතා තිබෙන ලොක් එක නිදහස් වෙන නිසා තැටිය කරකැවෙන්න පටන්ගන්නවා. අපි නියමිත ස්ථානයේ එනම් තැටිය අග කෙලවරට ආර්ම් එක පහත් කලවිට ආර්ම් එකේ අග තිබෙන අල්පෙනෙත්තක් වැනි හිස ( අපි මේකට කියන්නේ ඉඳිකටුව කියලා) තැටියේ ඇති සියුම් රේකා දිගේ ගමන් කරමින් මුලට පැමිනෙනවා. හැබැයි ඒ යම් රටාවකට උඩ පනිමින්. මොකද මම ඔයාලට කලින් කිවුවා මේ රේකාවල යට සමතල නෑ ගැටිති ගැටිති තියෙන්නේ කියලා. ඒ ගැටිති නිසා තමයි ආර්ම් එක කම්පනය වෙන්නේ. ඒ වගේම මේ ආර්ම් එකේ පසුපස කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය හත්තක් වගේ විශාලෙට තියෙන ග්‍රැමපෝන් මලේ පසුපස කුඩා කොටස නිමවා ඇති සියුම් තහඩුවකට. මෙය ශක්තිමත් ඉතා තුනී තහඩුවක් තැටිය මත ඉඳිකටුව ඉහල පහල යන ආකාරයටම මේ ආර්ම් එක පිටුපස කොටස මගින් අර සියුම් තහඩුව කම්පනයකට ලක්කරනවා. එම කම්පනය තමයි කුඩාවට පටන් අරන් ක්‍රමයෙන් ලොකුවෙලා තියෙන ග්‍රැමපෝන් මල තුල වායු තරංගයක් ආධාරයෙන් ශබ්ධය ඇති කරන්නේ. මෙතනදි සුළඟත් ලොකු වැඩක් කරනවා. අපි ඔය නලාවල එතකොට ලවුඩ්ස්පීකර් වල එහෙමත් මේ ක්‍රමයනේ අනුගමනය කරලා තියෙන්නේ.
ක්‍රියා කරන විදිහ පැහැදිලි උනේ නැති කෙනෙකුට මෙන්න බලා ගන්න. මම දන්නවනේ සමහරුන්ට ටියුබ් ලයිට්නේ.
පසු කාලීනව ඔය ග්‍රැමපොන් තාක්ෂණයට සමාන ආකාරයේ තැටි විශේෂයක් එක්ක phono කියලා ක්‍රමයකුත් ආවා. හැබැයි ඒකේ ආර්ම් එක කෙලවරේ තියන ඉඳිකටුව කෙලින්ම කැසට් හෙඩ් එකකට සමාන හෙඩ් එකකට තමයි සම්බන්ධ කරලා තිබුනේ. ශ්‍රව්‍ය තරංග හැදුනෙත් ඉලෙක්ට්‍රොනික පරිපථයකින්. ඒනිසා විදුලිය නැතිව වැඩ කරන්න පුළුවන් කමක් ඒකට තිබුනේ නෑ. ඉතින් යන්නද සූදානම...? නරකද සරගේ ගීත ගබඩාවෙන් ගිරැංපෝං සිංදුවක් දෙකකුත් අහලම ගියොත්.....?
අහලා බලන්න මේ ගීතය. කරු අයියා එහෙම නැත්නම් කරුනාරත්න අබේසේකර නැමති ගීතරචකයා ගායකයා මොහුයි.
මේ ගීතය ගැනත් විස්තර මා සතුව නෑ.
බලමු දේශාභිමානී ගීතයක් අහලා.
හොඳයි එහෙනම් මම ගෙහුං එඤ්ඤං.....!
පින්තූර අන්තර් ජාලයෙනි...
නියම විස්තරයක් සරා. මාත් හතේ අටේ කාලෙදි තමයි ඔය වගේ එකක් දැකල තිබුණෙ. ළඟදිනං ඕව එකක් දැකල නෑ.
ReplyDeleteඋඩ රූපෙ හැටියට ග්‍රැමෆෝන් වලට සීඩී දාන්න පුලුවං කියල අදනෙ දැනගත්තෙ. :D
සරා දාල තියෙන සිංදු ටිකත් ලස්සනයි.
Deleteඅයියාට රජ ගේ කියන සිංදුව මගේ ආසම සිංදුවක්. ඒක පුරුෂ රත්නය කියන ෆිල්ම් එකේ තිබිච්ච එකක්.
http://www.youtube.com/watch?v=PbBYEhs0Hc8
ස්තුතියි යාලුවා ඔබ ලබාදුන් තොරතුරට. ඇත්තටම මාලඟ තියෙන ඇතැම් ගීත ගැන තොරතුරු මා ලඟ නැති එක හරි අඩුවක්. ඒනිසා මෙහෙම තොරතුරු මට වටිනවා මහ හුඟක්.
DeleteSha..... lassna sindu tika mama asai e wage ewa ahanna. Photo walin dakkata kawadawath dakala na gramaphone ekak.
ReplyDeleteහ්ම්හ් මට ඔයාවත් මතක් උනා මේ පෝස්‍ටුව ලියද්දි.
Deleteනියම විස්තරයක්. නියම සින්දු ටිකක්. ඔය තැටි හදනවා කියන්නේ සරා මුලින් ඒ යන්ත්‍රයෙන් එක තැටියක් හදලා ඒ මත ඉටි වර්ගයක් යොදලා හදා ගන්න බ්ලොක් එකකින් නේද..
ReplyDeleteග්‍රැමෆෝන් මලේ සිද්ධ වෙන වායු කම්පනය වෙන සිද්ධාන්තය අතීතයේදී ලංකාවේ පාවිච්චි කරලා තියනවා. එතැනදී කරලා තියන්නේ තල් අත්තක් රෝල් කරලා එකේ මුලට කට තියල කතා කරන හඬ වර්ධනය කර ගන්න එක. උත්සව අවස්ථා වලදී එහෙම මේ ක්‍රමය යොදා ගත්තලු.
ඒගැන අපූරු විස්තරයක් පහල විචාරක මහත්තයා ලියලා තියෙනවා චන්දන. යට ඔයා කියලා තියෙන දේ නම් මම අහලා තියෙනවා. ඒ වගේම ඒක්‍රමය යොදාගෙන යම් නිර්මාණත් කරලා තියෙනවා.
Deleteමම පාසල් සිසුවකු කාලේ ග්රැමෆෝනය ලඟින් ඇසුරු කළා. ඒ වගේම 1970 දශකයේ අග භාගයේ සිට ෆොනොග්රාෆ් හෙවත්, රෙකොර්ඩ් ප්ලේයර් හෙවත්, ටර්න් ටේබල් එකත් පාවිච්චි කළා. ඒ දැනුම ඇසුරෙන් තවත් කරුණු ටිකක් එකතු කරන්නම්. ග්‍රැමෆෝන් තැටියක් හදලා තිබෙන්නේ 'වයිනයිල්' කියන මූලද්‍රව්‍යය පදනම් කරගෙනයි. තැටියක් මුලින්ම තියෙන්නේ හිස් හෙවත් බ්ලෑන්ක් තැටියක් ලෙසයි. එවිට එහි ඉරක් ඇඳිලා නැහැ. තැටි කපන යන්ත්‍රයට බ්ලෑන්ක් තැටියක් දමලා අවශ්‍ය හඬ මයික්‍රෆෝනය හෝ මාර්ගය (Line)මගින් දුන්නම එහි නෙගටිව් කැපීමක් සිදුවෙනවා. එය මාස්ටර් තැටිය. ඒ තැටියෙන් තමයි පොසිටිව් කොපි ගන්නේ. ග්රැමෆොනයේ පාවිච්චිකළ ලෝහ ඉදිකටු ටික දිනකින් ගෙවෙනවා. එවිට අලුත් ඉදිකටුවක් යෙදවිය යුතුයි. හැබැයි තැටිය ටික ටික හැරෙන නිසා හඬ දුර්වල වෙනවා කල් යද්දී.ඊට පස්සේ ආව රෙකොර්ඩ් ප්ලේයරය ක්‍රියා කලේ විදුලි බලන්නේ. එහි විශේෂත්වය තමයි ඔබද කියා තිබුන පරිදි විදුලි මෝටරයකින් තැටිය කරකැවීම, වේග පාලනය වඩාත තීව්ර කිරීම, (ඔබ කියා තිබුනේ හෙඩ් එකකට සම්බන්ධව තැටිය කියවනවා කියා. එයට කිව්වේ කාට්‍රිජ් එක කියලා එහි ඉදිකටුව ලෝහ මිශ්‍රණයක්.දියමන්ති සම්බන්ධයකුත් තිබුනා.) එහිදී කාට්‍රිජ් එකෙන් ඇතිකරන කම්පන තරංග ඇම්ප්ලිෆයරකට යොමුකර එයින් පිටකරන ශබ්ද සංඥාව ස්පීකර් වලට ලබාදුන්නා. (මේ ක්‍රමයේ පුරෝගාමීන් වුයේ සුප්‍රසිද්ධ ෆිලිප්ස් සමාගමයි. කැසට් පටියත් ඔවුන්ගේ නිර්මාණයක්) ඉන්පසුව ආවා රෙකොර්ඩ් චෙන්ජර් එක. එයට එකවර තැටි 5 ක් පමණ දමන්න පුළුවන්. ඒවා රැඳෙන්නේ තැටියේ මැද සිදුරට වැටෙන ලෝහ කණුවක. එක තැටියක් ඉවර වුනාම ලෝහ කණුවේ මැද තිබෙන ලොක් එකක් ඇරී තව තැටියක් කලින් තැටිය මතට පතිත කරනවා. එවිට එය වාදනය වෙනවා. ඉන්පසුව ආවා ස්ටීරියෝ තැටි. ලංකාවේ ප්‍රථමයෙන්ම වාගේ නිකුත්වුන ස්ටීරියෝ තැටි අතර අමරදේවයන්ගේ 'ශ්‍රවන ආරාධනා' සහ වික්ටර් රත්නයාගේ 'ස' තමා මගේ මතකයේ තිබෙන්නේ. සී ඩී තැටි නිපදවන්නට පෙර ලෝකයේ හොඳම ශබ්ද තත්වය තිබුනේ ස්ටීරියෝ රෙකොර්ඩ් වලයි. තවත් විස්තර මෙතන තිබෙනවා.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Gramophone_record
http://en.wikipedia.org/wiki/Phonograph
අසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි විචාරක මහත්මයා. ඇත්තටම කලින් දොහකත් කිවුවා වගේ ඔබ මේ බ්ලොග් එකට එන එකට මම හරි කැමතියි තව එක කොමෙන්‍ටුවක් වැටෙන නිසා නෙමේ ඒ. දැනුමට යමක් එකතුවෙන නිසා. මට වගේම මේ බ්ලොග් එක කියවන හැමෝගෙම. අපි විවිධ මාතෘකා ගැන කතාකරන හැම වෙලේම අපි හැමොගෙම දැනුම තවතවත් වර්ධනය වෙනවා. ඔබට ජය..!
Deleteමම හැමදම මොකක් හරි දන් නැති දෙයක් ඉගෙන ගන්නවා මෙතෙන්ට ඇවිදින්...ඒක වටිනව ජීවිතේටම...බොහොම වටිනවා...
ReplyDeleteස්තුතියි යාලුවා. ඇත්තටම ඔබෙනුත් ඒ දේම කෙරෙනවා.ජය..!
Deleteදැකලවත් නැති දෙයක්...පෞරාණික භාණ්ඩයක් වෙලානෙ දැන්..!
ReplyDeleteසරානම් එක ගෙදරකින් ඉල්ලන් ඇවිත් සතියක් විතර පාවිච්චිත් කොරලා තියෙනව ආයිබොවං..! එයාලා ඒක විකුනන්න කැමති උනේ නෑ නොවැ.
DeleteHi I have a gramophone which needs to be serviced & get some needles.can u advcie me a place where can I get it repaired.
ReplyDeleteකනගාටුයි .මම නම් කියන්න දන්නේ නෑ අමතර කොටස් ගැනීමට හෝ අලුත් වැඩියාවන් කරගැනීමට හැකි තැන් ගැනනම්. එහෙත් මගේ දැනීමට අණුව ග්‍රැමපෝන් එකේ එතරම් සංකීරණ යමක් නෑ. මම ග්‍රැමපෝනය සම්පූර්ණයෙන්ම ගලවා පරීක්ෂා කොට තියෙනවා. ඒනිසා ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුවයි මම එසේ කියන්නේ. ඒ පිලිබඳ තොරතුරක් දීමට නොහැකි වීම ගැන මගේ කනගාටුව.!
DeleteService of course you can go to a trustworthy service agent or qualified technician in your area. I suggest you to contact the original maker at the Country of origin, through the Internet for needles by providing relevant model number etc. You can make an open request too on some commercial web sites.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ ආච්චිලගෙ මහගෙදරත් එකක් තියන නිසා ඇත්තම ග්‍රැමෆෝන් එකකින් සිංදුවක් අහල තියේ කියල හිත හදාගන්න පුළුවන්. දැන් කාලෙ වැඩකරන එකක් නෑහොයාගන්නත් ගොඩක් අමාරුයිනෙ. හැබැයි තැටිනම් ගොඩක් ගෙවිල. කීපයයි තාම හොඳට වැඩ කරන්නෙ. පොඩි දවස්වල ටිකක් වෙලා හරි දාල දුන්නට දැන්නම් දාල දෙන්නෙම නෑ අත්ත තැටි ගෙවෙනව කියල. වෙන එකක් තියා ඒකට දීල තියන සැලකිල්ල එතකොට මටයි අපේ පුන්චියටයි(පුංචි වුනාට අවුරුදු තුනයි වැඩිමල් :P) අල්ලන්නවත් තහනම්. හැබැයි ග්‍රැමෆෝන් එකෙන් එන අමුතු හඬට මම ගොඩක් ආසයි. දැනුවත් කරපු එක නියමයි සරා ග්‍රැමෆෝන් ගැන.
ReplyDeleteමමත් පාවිච්චි කරලා තියෙනවා යාලු. ජාලේ තියෙනවා අලුතෙන් ගෙන්ව ගන්න ක්‍රම.පොඩි අදහසකුත් තියෙනවා ඒගැන.
Deleteමම අහල තියෙනවා ග්‍රැමර්ෆෝන් තැටිය මත කඩදාසි ගොටුවක් වගේ එකක් හදලා ඇතිල්ලුවම සද්දෙ එනව කියලා. ඇත්තද බං කතාව?
ReplyDeleteඅපේ හේමේ අංකල් පවා ඔය කියන තැටි ගැන මහා විග්‍රහයක් කළා දවසක්.
මම නම් ඒ කතාව දන්නේ නෑ බං. හැබැයි එහෙම වෙන්න හේතුවක් නම් නෑ වගේ නේද..? ජය..!
Deleteනියම විස්තරයක් සරා අයියේ....
ReplyDeleteසිංදු ටිකත් එල... :)
තැන්කෝ වේවා සමනලී නෝනා...
Deleteසිරාවටම මරු ඈ සරා අයියේ...
ReplyDeleteඋඹටත් ඉඳ හිට මතක් වෙනවා නේද මලේ....?
Deleteහ්ම්ම්ම් හොදයි මේ වගේ දේවල් දාන එක ...
ReplyDeleteස්තුතියි අලුත් යාලුවා.
Deleteමං නං තාම ෆොටෝ වලින් මිසක් ඇත්තට දැකලා නැති, හරි ආස කරන භාණ්ඩයක්... හි හි..
ReplyDeleteජාලේ තියනවා ගන්න පුළුවන් තැන් හිරුවෝ..! ගෙන්න ගමුද...?
Deleteදැන් නම් ග්‍රැමෆෝන් ගොඩක් ගණන් මම හිතන්නෙ..දැන් ඉතින් ග්‍රැමපෝන් තියන එක විලාසිතාවක් නේ..
ReplyDeleteඒ වුනාට සරා හරි ආසයි රූ නෝනේ ඒවගේ ඒවට. සරා නම් කවදා හරි අයිති කාරයෙක් වේවි ගිරැංපොං එකක. හිකිස්...!
Deleteඇන්ටික් බඩු කඩවල්වල තියනවා ඕන තරම් (ගන්න කාසි තියේ නං:D
Deleteසල්ලිනම් මොනවද රූ නෝනේ....? මොකෝ අපි කියලා සල්ලි නැති මිනිස්සුයෑ.D අපි ඉතින් ලංකාවේ මිනිස්සු නෙව..!!
Deleteමමත් ආසයි පරණ එකක් හොයාගෙන ගෙදර තියාගෙන ඉන්න.එත් විකුණන ඒවා අස්ප ගණන් නේ..
ReplyDeleteආපෝ මචන් අපේ එකාලා කියන ගනන් වලට වඩා අඩුවෙන් අලුතෙන්ම එකක් නිෂ්පාදනය කරන තැනකින්ම ගෙන්න ගත්තහැකි.
Deleteමෙය මගේ නෙත ගැටුනේ අදයි. මම කියවා බැලුවා කොතැනක හෝ කවරකු හෝ මම කියන්න යනදේ පෙන්වා දී ඇත්ද කියා. ඒත් මට හමුවුණේ නැහැ. ඔබේ උත්සාහය අගය කරනවා. නුමුත් Gramophone එක හැදුවෙ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහෑම් බෙල් නොවෙයි. ඔබට මේ තොරතුරු ලැබුනේ කොහෙන්ද? ඔබ ලියා ඇති ලොකු අකුරු වලින්ම මෙය නිවැරදි කරන්න. ගවේෂණය නොකරන්නෝ මෙය කියවා මුලාවේ වැටෙනවා. යමක් පලකරන්නට පළමු ඒ පිළිබඳ එකතු කරගත්තාවූ තොරතුරු තහවුරු කරගන්න. Gramophone එක හා එම තැටි හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ජර්මානු ජාතික එමලි බර්ලිනර් ට. ඒ 1889 දි.
ReplyDeleteEmile Berliner - The History of the Gramophone
ReplyDeleteEmile Berliner (1851-1929 ) patented the gramophone.
http://inventors.about.com/od/gstartinventions/a/gramophone.htm
හඬ ගබඩා කිරීමේ ඉතිහාසය 1 - History of Sound Recording. 1 මැයෙන් මා විසින් පළකල ලිපිය කියවන්න. යොමුව https://www.facebook.com/pinthalya/posts/345556502220275
ReplyDeleteමම මේ ඔබව අධෛර්ය කරන්න ලියනවා නෙවෙයි. තවදුරටත් ඔබේ post එක කියවනකොට වැරදි රාශියක්ම නෙත ගැටුනා. වීරවිජය සිනමා පටයේ ලතා වල්පොල මහත්මිය ගයන ගීයක් ගැන ලියා ඇති තොරතුරුත් සාවද්‍යයි. වීර විජය තිරගතවුණේ 1960 දෙසැම්බර් වල. මෙන්න තොරතුරු ..
ReplyDeleteතිරගත වූ දිනය – 1960 දෙසැම්බර්
සංගීත අධ්‍යක්ෂණය – රාජා නාගේන්ද්‍ර (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය - කේ. හියුගෝ ප්‍රනාන්දු
මෙය දෙමළ වීරවිජය සිනමා කෘතියේ කොපියකි.
ලියන වැඩේ නවත්තන්න එපා. හැබැයි හරියට හොයල බලල නිවැරදි දේ ලියන්න. වදාරන්න ඉස්සර හදාරන්න ඕනෑ. දැන් මා හා වෛරයක් ඇතිවෙලා ඇති. ඒත් යහමග පෙන්වන්න මෙහි ඇති හොඳම කමෙන්ටුව මෙය බව දිනක ඔබට පසක් වේවි. වැරැද්දක් දුටුවම ඒ බව පෙන්වා දෙන්නා හිත යට දේවල් තියා ගෙන කිසිත් නොකියා ඉන්නා කෙනාට වඩා ඔබේ මිතුරකු බව තේරුම් ගන්න. නුවණැස පෑදී නිර්මානකරණයට මේ ඔවදන් රුකුලක් වේවායි යහ සිතින් පතමි.