වැකේෂන් යන්න බොහොම ටික කාලයක් නෙව තියෙන්නේ. හරි නම් මේ දවස්වල නින්දට යනකොට ගෙදර උන්දැව නෙව මතක් වෙන්න ඕන. ඒත් පුදුම වැඩේ කියන්නේ මට මතක් උනේ මෙහෙම දෙයක්. ( දැන් ඔයාල හිතනවද බිරින්දෑව මතක්වුනේ නෑ කිවුවම උන්දෑ මා එක්ක තරහා වෙයි කියලා. අපොයි නෑ, නොකීවට උන්දෑ දන්නවනේ මගේ හිත පුරාම ඉන්නේ එයා විතරයි කියලා. අමුතුවෙන් මතක් කරන්න ඕන ආයේ අමතක වෙලා තියෙනවනම් නෙව.හා නැද්ද මං අහන්නේ.....! හිකිස්....!) අනුග්‍රාහක දැන්වීමක් බව කරුනාවෙන් සලකන්න. හොඳයි අද කතාව අපි මෙහෙම පටන් ගනිමුකෝ.
ඔයාලට මතකනේ මම කලිනුත් කියලා තිබුනු මගේ කූටාලියෝ දෙන්නා කරුනෙයි සුගතදාසයි ගැන. වංගියක් ඔය හාදයෝ දෙන්නා යෝජනා කොලා අපි හේන් වගාවක් කරමු කියලා. අඩේ පට්ට අදහස. මාත් එකපයින් කැමති උනා. ඇයි ඉතින් අලුත් අත්දැකීමක් නේ. මේ ඩබලත් ඉඩම් දෙකක් අල්ලගෙන කොටන්න ලෑස්ති වුනා. ඕං මෙතන ඉදන් මම හේන් කෙටීම ගැන කියනවා. හේන් කොටන්න,එහෙම නැත්නම් කැලෑ එලි කරන්න පටන් ගන්නේ හොඳට පායන කාලෙදි. වැස්ස කිට්ටු කරලා ඒවා ගිනිතියන්න බලාගෙන. වැහි ඇල්ලක් දෙකක් වැටුනම තමයි බෝග වර්ග හිටවන්නේ. අපිත් පටන් ගත්තා මුලින්ම කරුනෙගේ හේන කොටන්න. ඊට පස්සේ සුගතදාසගේ. ඔය වැඩේට හොඳ මුවහත් කැති ඕන. අර දිග මිටක් තියෙන පිහි. ඕවයෙන් තමයි වල්කොටන්නේ. ඒකටත් ක්‍රමයක් තියෙනවා. මුලින්ම පොඩි පොඩි ගස් වැල් කපලා එලි පෙහෙලි කරලා ඊට පස්සේ තමයි ලොකු ගස්කොලන් කපන්නේ. එහෙම නැතුව මුලින්ම ලොකු ගස් කැපුවොත් අර පොඩි කැලෑව වැහිලා යනවා නේ, එතකොට සාර්ථක නෑ වැඩේ.
ඔන්න මම හේන කොටන්න හොඳ ඉඩමකුත් ගත්තා.
කොහොම උනත් මුං දෙන්නගේ වැඩේ ඉවර වෙනකොට මටත් වදේ හේනක් කරන්න කියලා. ඕන එකක් කියලා මමත් හා කිවුවා. මම තෝරගත්තේ අපේම ඉඩමේ පහල කොටස, මහ බටලන්දක්. ප්‍රයෝජණයක් නැතුව තිබුනේ ඒ හරිය. පොඩි නෑ ඒකත් අක්කරයකට කිට්ටුයි. ඒ උනාට අර දෙන්නට සාපේක්ෂව මගේ හේන බොහොම පොඩි එකක්. ලේසි වැඩක් උනේ නෑ ඉලන්දාරි තුන් දෙනෙකුට මේ බට කැලෙත් එක්ක ඔට්ටු වෙන එක. ඒ උනාට කතාවක් තියෙනවනේ "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකේම හාරනවා" කියලා. අපටත් ඔය කතාවේ වලංගු භාවයක් තිබුනා. පායන කාලේ හේන් තුනම කොටපු අපි වර්ෂාව බලාපොරොත්තුවෙන් හිටියා හේන් ගිනිතියන්න.
මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේනී
ගොනුගේ පිටේ බැන්දා වැනි බර ගෝනී
ඔන්න ඔය ආකාරයට පෙර නිමිති දක්වන කොට අපි සූදානම් උනා හේන් ගිනිතියන්න. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි ආයිබොවන්. මුලින්ම සීමාවල් වල තියෙන රොඩු බොඩු සේරම සුද්ද කරලා අඩි 15-20 විතර හිස් කරන්න ඕන. එහෙම කරන්නේ ගින්න අනෙක් ඉඩම් වලට පැතිරෙන එක වලක්වන්න. ඊලඟට අවසර අරන් ඉල්ලනවා අඩවිය බාර දෙවිවරුන්ගෙන් මේ බිමේ ඉන්න සතා සර්පයාට ගින්නට හසුනොවී එලියට යන්න මග හසර පාදලා දෙන්න කියලා. ඒ විතරක් නෙමේ ඉඩමේ හතර මායිම් වල ඉන්නත් ඕන කවුරු හරි මායිම් වලින් එහාට ගින්න පැතිරෙනවානම් ඒක වලක්වන්න. මොකද ගින්නේ අනතුරු දායක බව තීරණය වෙන්නේ හුලඟත් එක්ක. ඒ නිසා හොඳ චිත්ත ධෛර්යයක් තියෙන්නම ඕන.
කොහොම උනත් මුං දෙන්නගේ වැඩේ ඉවර වෙනකොට මටත් වදේ හේනක් කරන්න කියලා. ඕන එකක් කියලා මමත් හා කිවුවා. මම තෝරගත්තේ අපේම ඉඩමේ පහල කොටස, මහ බටලන්දක්. ප්‍රයෝජණයක් නැතුව තිබුනේ ඒ හරිය. පොඩි නෑ ඒකත් අක්කරයකට කිට්ටුයි. ඒ උනාට අර දෙන්නට සාපේක්ෂව මගේ හේන බොහොම පොඩි එකක්. ලේසි වැඩක් උනේ නෑ ඉලන්දාරි තුන් දෙනෙකුට මේ බට කැලෙත් එක්ක ඔට්ටු වෙන එක. ඒ උනාට කතාවක් තියෙනවනේ "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකේම හාරනවා" කියලා. අපටත් ඔය කතාවේ වලංගු භාවයක් තිබුනා. පායන කාලේ හේන් තුනම කොටපු අපි වර්ෂාව බලාපොරොත්තුවෙන් හිටියා හේන් ගිනිතියන්න.
මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේනී
ගොනුගේ පිටේ බැන්දා වැනි බර ගෝනී
ඔන්න ඔය ආකාරයට පෙර නිමිති දක්වන කොට අපි සූදානම් උනා හේන් ගිනිතියන්න. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි ආයිබොවන්. මුලින්ම සීමාවල් වල තියෙන රොඩු බොඩු සේරම සුද්ද කරලා අඩි 15-20 විතර හිස් කරන්න ඕන. එහෙම කරන්නේ ගින්න අනෙක් ඉඩම් වලට පැතිරෙන එක වලක්වන්න. ඊලඟට අවසර අරන් ඉල්ලනවා අඩවිය බාර දෙවිවරුන්ගෙන් මේ බිමේ ඉන්න සතා සර්පයාට ගින්නට හසුනොවී එලියට යන්න මග හසර පාදලා දෙන්න කියලා. ඒ විතරක් නෙමේ ඉඩමේ හතර මායිම් වල ඉන්නත් ඕන කවුරු හරි මායිම් වලින් එහාට ගින්න පැතිරෙනවානම් ඒක වලක්වන්න. මොකද ගින්නේ අනතුරු දායක බව තීරණය වෙන්නේ හුලඟත් එක්ක. ඒ නිසා හොඳ චිත්ත ධෛර්යයක් තියෙන්නම ඕන.
කොහොම හරි දන්න සෙල්ලම් දහ අටම දාලා උන්ගේ හේන් දෙකම ගිනිතිබ්බා. මගේ හේනටනම් ඔයවගේ ලොකු කරදර තිබුනේ නෑ. මොකද එක පැත්තකින් ඇලට මායිම් වෙලා අනෙක් පැත්තෙන් පාරටයි ගෙදරටයි මායිම් තිබුන නිසා ගේමක් නැතුව වැඩේ ගොඩ දාගත්තා. ගිනි තියලා ඉවර උනහම තියෙන වැඩේ තමයි මුලං ගහන එක.
ඒ මොකක්ද අප්පේ ඒ......?
එහෙම හිතුනා නේද..?
හරි මම කියලා දෙන්නම්..!
වල් කොටනවා කියන්නේ තියෙන ගස් කොලන් මුලින් කපන එකටනේ. එතනදි මුල් ගැලවීමක් වෙන්නේ නෑ කොහෙත්ම. ඒ නිසා මුල් අමුවට තිබුනොත් නැවත පැලවෙනවා. ඒවගේම වියලි කැලෑවට ගිනි තිබ්බමත් කොලරොඩු වේගයෙන් පිච්චිලා යනනිසා ලොකු ලීදඬු ඉතිරි වෙනවා. ඕන්න ඕවා ආයෙත් එකතු කරලා ගිනි තියන එකට තමයි මුලං ගහනවා කියන්නේ. එතනදි අර අමු මුලුත් පිච්චෙනවා හේන පුරා තියෙන ලීදඬුත් පිච්චෙනවා. එහෙම දෙවතාවක්ම පිච්චෙන තැන්වල අනෙක් තැන්වලට වඩා සාරවත් බවත් වැඩී. දඹල, අවර, මිරිස් වගේ ජාති හිටවන්න කියාපු තැන්. ඔය වැඩ සේරම ඉවර වෙනකොට ඕං වැස්ස වලාහක දෙවියොත් බලනවා අපි දිහා. දවස් දෙක තුනක් වැස්සට පස්සේ අපට තියෙන්නේ බව බෝග හිටවන්න.
ඒ මොකක්ද අප්පේ ඒ......?
එහෙම හිතුනා නේද..?
හරි මම කියලා දෙන්නම්..!
වල් කොටනවා කියන්නේ තියෙන ගස් කොලන් මුලින් කපන එකටනේ. එතනදි මුල් ගැලවීමක් වෙන්නේ නෑ කොහෙත්ම. ඒ නිසා මුල් අමුවට තිබුනොත් නැවත පැලවෙනවා. ඒවගේම වියලි කැලෑවට ගිනි තිබ්බමත් කොලරොඩු වේගයෙන් පිච්චිලා යනනිසා ලොකු ලීදඬු ඉතිරි වෙනවා. ඕන්න ඕවා ආයෙත් එකතු කරලා ගිනි තියන එකට තමයි මුලං ගහනවා කියන්නේ. එතනදි අර අමු මුලුත් පිච්චෙනවා හේන පුරා තියෙන ලීදඬුත් පිච්චෙනවා. එහෙම දෙවතාවක්ම පිච්චෙන තැන්වල අනෙක් තැන්වලට වඩා සාරවත් බවත් වැඩී. දඹල, අවර, මිරිස් වගේ ජාති හිටවන්න කියාපු තැන්. ඔය වැඩ සේරම ඉවර වෙනකොට ඕං වැස්ස වලාහක දෙවියොත් බලනවා අපි දිහා. දවස් දෙක තුනක් වැස්සට පස්සේ අපට තියෙන්නේ බව බෝග හිටවන්න.
ප්‍රධාන වශයෙන් මඤ්ඤොක්කා තමයි ඉතින්. ( මඤ්ඤොක්කා කියද්දි මේ කතාව නොකියම බෑ. මම මුලින් බ්ලොග් ලියන්න එනකොට බැඳි අකුරු ලියන්න දැනං උන්නේ නෑ. මම ඕක කීප දවසක්ම අහලා තියනවා බ්ලොග් ලියන අයගෙන්. එයාලා කියලා දුන්නට මට පැහැදිලි වුනේ නෑ. පස්සේ දවසක මම ඒකම අහන කොට D.D.T.මලයා සෑමගේ පෝස්ටුවක මාගලක් එලලා තමයි මට ඕක පැහැදිලි කරලා දුන්නේ. ඇත්තටම ඔයාලගේ ඒ සහයෝගය දැනුම මට හුඟාක් වටිනවා.) ඊට අමතරව මිරිස්, දඹල, මෑ, වැටකොළු, ලබු, කරවිල, අවර, වට්ටක්කා වගේ ජාති තමයි හිටවන්නේ. පවතින කාලගුණය අනුව ඇල්වී ටිකකුත් ඕනනම් ඉහින්න පුළුවන්. මොනවද එතකොට මේ ඇල්වී කියන්නේ. මේවා ගොඩ ගොවිතැනට භාවිතාකරන වී වර්ගයක්. ඔය හීනැටි හාලුත් වපුරනවා නොවැ හේන් වල. අහලා ඇතිනේ හීනැටි හාල් ගැන. ආයුර්වේදෙදි මේවා හරියට භවිතා වෙනවා. ඒවා ගැන කියන්න නම් පෝස්ටුවක්ම ලියන්න වෙන නිසා ඕං මම පස්සට දානවා ඒ වැඩේ. බෝග වර්ග ඉන්දලා අහක නොවැ ඔය ඇල්වී ඉහින්නේ. (මේවා මෙහෙම ලියන කොට ඔයාලට එන පුරස්නේ මේ ලියුම් කරුගේ වයස කොපමන ඇද්ද කියලානම් මට කියන්න තියෙන්නේ ඒකට උත්තරේ මම දෙන්නේ මැයි මාසේ පලවෙනිදා කියලයි. යකෝ මේකා ඉලෙස්ටොනික් ගැන කියනවා, පතල්, හේන් ගොවිතැන් කැලෑ ජීවිත, රස්තියාදුකාර ජීවිතේ, රට රැකියා, ඒ සී, මේ ඔක්කොම කරානම් මූ මේ වෙනකොට ලොම් හැලිච්ච මහල්ලෙක් වෙන්න ඕන. එහෙම නේද..? හික් හික් හික්.. ටිකක් ඉවසලා හිටින්ට ආයිබොවන් ඔහේලට විස්වාස කොරන්ටත් අමාරු වෙයි හැබෑම තත්වේ.)
මිරිස් ගැන කියනවා නම් මිරිස් ප්‍රභේද කීපයක්ම තියෙනවා හේන් ගොවිතැනේදි යොදාගන්න. වැරනියා මිරිස් සමහරු ඕවට බැටළු මිරිස් කියලත් කියනවා. තද කොල හෝ දම් පැහැති කැරලි කැරලි වගේ දිග මිරිස් ජාතියක් මේක. ටිකක් සැර උනාට එලවළුවක් විදිහටත් කදිමයි. ඒ ඇරුනම වල් මිරිස් මේවට තමයි ඔය සමහරු කොච්චි කියන්නේ. මේවයේ ගොඩාක් ජාති තියනවා පාට හැඩේ අනුව නම් වෙනස් වෙන. අනෙක් වර්ගය අමු මිරිස් නැත්නම් කඩ මිරිස් කියලා කියන ජාතිය නම් හැමෝම අඳුරනවානේ.
හොඳයි මට හිතෙන විදිහට පෝස්ටුව කඩලා ලිවුවොත් තමා හොඳ. මොකෝ ලියන්න තව කරුනු ගොඩාක් තියෙනවා. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු. මට හිතෙන්නේ පැල් රැකීම. සතුන් දඩයම වල් ඌරෝ ගැන එහෙමත් ලියවෙයි ඒකේ.
ගෙහුං එඤ්ඤං...!
ප/ලි:
පින්තූර ටික නම් දුන්නේ ගූගල් දෙයියෝ. ඒ උනාට උන්දෑ හේන් ගොවිතැන ගැන හරියට දන්නේ නෑ වගේ.
ෂා නියමයිනේ වැඩේ
ReplyDeleteආයේ මොනවද යාළුවා එකෙන්ම..
Deleteහික්.... මට නං හිතුනේ මේක ලොං හැලිච්ච නාකියෙක් කියලා නෙමෙයි... මේ පටං ගත්ත එක වැඩක් කොච්චර කාලයක් යනකං කරගෙන ගිහින් ඇද්ද කියලා... හි හි... ඒකෙන් මේකට, මේකෙන් අරකට පැන පැන ඉඳලද කොහෙද... හි හි...
ReplyDeleteඉස්සර අපේ ආතා ඔය හේන් කෙටිලි ගැන කියනවා.. මට ඒක නිසා ඔය වචන පුරුදුයි... ආතා කියන්නේ අපේ අම්මගේ අම්මගේ තාත්තා... මං පොඩි කාලේ ආතට හිටියේ මං විතරයි නේ පොඩි එකෙක්ට.. ඉතිං ආතා මට හරි ආදරෙයි.. මාත් ඉතිං හැමතැනම ආතා පස්සෙන් වැටිලා ඇවිදිනවා.. හි හි.. මහ ලොකු දුර ඈතකත් නෙවෙයි.. ආතා කුඹුරු, හේන් කළේ කොට්ටාවේ.. හි හි... ඔය පාරවල් වලට අහුවුනාට පස්සේ ආතාට වවන්න ඉඩක් නැතුව ගියා... මට නං හිතෙන්නේ ආතා ඔහොම හරි අසනීප උනෙ ඒ නිසා කියල... ආතා මැරෙනකොට අවුරුදු 106ක්.... මං බඳින්න අවුරුද්දකට කලින්... ඒත් මැරෙන්න කලින් ඉක්මණට අර කොල්ලව බැදපන් කියලා තමා මැරැනේ... හි හි...
Vishwasa karanna hiru kochchara dewal kalath e hama wadakma piliwelata awasanetama karala thiyenawa. Muladi nam matath puduma hithuna. Dan nam ithin dannawa aththa kiyanne kiyala.
Delete@ හිරූ
Deleteසරා කියන්නේ දිනන්න බැරි සූදු සෙල්ලම් කරන එකෙකුට නෙමේ නගා....!
මගෙත් ආශාවක් තිබ්බා වවන්න. සරත් අයියල වගේ ලොම් හැලෙන කාලෙට පටන්ගන්න ඕන
ReplyDeleteමට හිතෙන්නේ දැනටමත් පරක්කු වැඩී වගේ නේද..?
Deleteආත්ම තෘප්තිය, පෝෂණය, වස විස වලින් තොර ආහාර, ඒ වගේ කොච්චර දේවල් ලැබෙනවද තමන් පෝච්චියක හෝ වගා කරගන්නා එළවළුවකින් පලතුරකින්. මමත් හොඳ ගෙවත්තක් හදාගෙන තියනවා.
ReplyDeleteමටත් කියලා දෙන්න මග්න්නොක්කා නිවැරදිව ලියන විදිහ. මම ලියන්නේ Google IME එකෙන්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
http://samindikasrimantha.blogspot.com/2012/08/blog-post_15.html#comment-form
Deleteඔන්න ඔතන තියෙනවා ඔබගේ පැනයට පිළිතුර සවිස්තරාත්මකව. ඇත්තටම වටිනවා පුංචියට හරි ගෙවතුවගාවක් කරනවානම්. අවවාදයට වඩා ආදර්ශය උතුම් නෙව.
හරි හරි, වැඩේ අල්ලගත්තා. බොහොම ස්තුතියි කළ උපකාරයට.
Deleteදැන් දෙඤ්ඤං ගානට .
අසමි දකිමි සොයමි ලියන විචාරක
සරා නියම වැඩකාරයෙක්නෙ.
ReplyDeleteස්තුතියි යාළුවා. අලුත් දෙයක් කරන්න යමක් ඉගෙනගන්න සරා හැමදාමත් ආසයි.
DeleteIssaroma dala thiyena pinthura tika maru wenakota lassanai.
ReplyDeleteඅම්මපා කියපං..! හිකිස්...!
Deleteනියම වැඩක්නෙ සරා අයියේ... වැඩේ කියන්නෙ අපේ පැත්තෙ නම් ගෙදර වත්තෙ වත් වවන්න චූටි ඉඩක්වත් නැති එකනෙ...අපේ මුළු වත්තෙම ගේ..ඉස්සරහා සෑහෙන කොටසක් මල් වගාවට ඇරලා.. මල් කිව්වට ඒකේ ඇති මලක් නෑ. නිකම්ම නිකන් සස් ගොඩක් විතරයි.. අඹ ගසුයි ...ෆාම් ගසුයි...
ReplyDeleteවවන්න නම් මමත් හරිම කැමතියි. මේ ඉන්න ඇනෙක්සියේ ඉස්සරහා තියෙන බැල්කනියේ මල් පෝච්චි දෙකක මිරිස් පැල හිටෝල තියෙන්නෙ. කරලුත් තියෙනවා...දකිද්දි ආසාවේ බෑ..
වවන්නෝ දිනන්නෝ කියනවනේ නගෝ..!
Deleteවවනවා කියන්නේ හරි තෘප්තිමත් අත්දැකීමක් ලබන්න පුළුවන් දෙයක්. අපිටත් මං පුංචි කාලේ හේන් තිබුනා කියල අපේ අම්මල කියනවා. ඒත් මං නම් ඔය මිශ්‍ර බෝග වගාව තියන හේනකට ගිහින් නෑ.මෑතක් වෙනකල් ගෙදරට අවශ්‍ය එළවලු වත්තේම වවා ගත්තා. උදේට නැගිටපු ගමන් යන්නේ වගාව බලන්න. අලුත ලියලන ගහකොළ දැක්කම එන සතුට වචන වලට පෙරලන්න බෑ.
ReplyDeleteහරිම රසවත් පොස්ටුවක් සරා.
ස්තුතියි යාළුවා බැලුවම ඔහෙත් නොකරන දෙයක් නෑ නෙව..!
Deleteමමත් ගහකොල වලට, වතු වගාවට බොහෝම මනාප එකා. අර බණ්ඩක්කා දැක්කාමත් ආසයි. ලියාපං ලියාපං ඉතුරු කොටස.
ReplyDeleteඅර DDTයා මටත් බ්ලොග් ලෝකෙදි හමුවුන බ්ලොග් නොලියන කමෙන්ට් ව්තරක් දාන කළ්‍යාන මිත්‍රයෙක්. දවසක් ඌව හම්බවෙන්න ඕනෙ හැබෑ ජීවිතයෙදිම.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්තටම ඔව් යාළුවාමගේ හිතෙත් තියනවා ඔහොම අදහසක්. මේ බ්ලොග් කෙරුවාවෙන් හරිම සුන්දර මිනිස්සු පිරිසක්ම මුන ගැහුනා මටත්. මව් රටට ආවම ඔහොම දෙයක් කරන්ට ඕන කියලා මගේ හිතෙත් අදහසක් තියෙනවා.
Deleteමෙන්න අපි හේන් ගොවිතැන් කල හැටි!
ReplyDeleteහොඳා රජ් මහත්තයා. ඒ අහටත් ගාටලා බලඤ්ඤං...!
Deleteඅහ්.... නියමයිනේ හේන් ගොවිතැන.......
ReplyDeleteඅපේ ගෙදරත්, අපේ අම්මයි තාත්තයි ඔය මිරිස්, දඹල, ගොටුකොළ, නිවිති වගේ ඒවා ටිකක් වගා කරලා තියනවා අපිටම කන්ඩ........ :)
සමනලී නෝනලා නම් කනවා විතරක් වෙන්ටෑ... නේද...?
Deleteඅර ඉස්සර සින්දුවක තිබුණ සරා ගොයිය කවුද කියල අද තමයි දැනගත්තෙ.
ReplyDeleteපාං කෑවොත් ඔහොම්මමයි...!
Deleteයකෝ කිව්වත් වගේ මූ බහු කාර්යය පුද්ගලයෙක්නෙ...මම දැක්කමයි මේ වගේ හැකියාවන් ගොඩක් තියන එකෙක්..
ReplyDeleteහේන් කොටන එක වනාන්තර එලි වීමට බලපානවා නේද ? තවමත් හේන ගොවි තැන කෙරෙනවද ලංකාවෙ ?
වවන්නෝ දිනන්නෝ කියනවනේ.. :)
ReplyDelete