ඒ වූ කලී අදින් වසර විස්සකට පමණ පෙර සිරිපා අඩවියයි. රාත්‍රියේ සිරිපා මළුව කරා ගමන් කරන වන්දනා නඩයකි. ඔවුන් අතර පියෙකු, කුඩා කොලු පැංචෙකු හා කෙලි පැංචියකද විය. නඩයටම හුන් පොඩිඋන් දෙදෙනා වූයේ මොවුන් දෙදෙනාම පමනෙකි. සිරිපා වන්දනාවට ඔවුන් කෝඩුකාරයන් වූ බවද නඩේ ගුරා විසින් යන එන්නන්ට වරින් වර මතක්කල නිසාවෙන්දෝ අතර මඟ මුන ගැසෙන වන්දනා නඩ ඔවුනට ආශීර්වාද කලෝය. ගැහැණු දරුවා නිතරම තම පියා අසලින්ම උන්නද කොළු ගැටයා එසේ නොවීය. වරෙක දුවමින් නටමින් තැන තැනින් අහුලා ගත් තුන්සරණ කවි කියමින්ද ඔහු ප්‍රීතියෙන් නඩය ඉදිරියෙන්ම ගමනේ යෙදුනේය. අළුයම් කල මලුවට පැමිණි ඔවුන් වන්දනා මාන කොට අනතුරුව හිරු සේවයද නරඹාආපසු පිටත් විය. මුලු රැයක් පුරා සිරිපා හිමයේ සැතපුම් දොලහකටත් අධික දුරක් පාගමනේ යෙදුන සියළු දෙනාම විඩා පත්ව හුන් නිසා වේගවත් ගමනක යෙදීම දුෂ්කර විය.
එහෙත් නඩයේ උන් එක් ජවසම්පන්න වැඩිහිටියෙකු "ඔයාලා එහෙනම් හෙමෙන් එන්න. මම ටිකක් ඉක්මනට බහිනවා....යි කියමින් වේගවත් ගමනක යෙදුනි. තම පියාගෙන් අවසර ගත් කොලුවාද "ලොක්කා මාමේ මාත් එනෝ... කියමින් ඔහුට එකතුවිය. මහගිරිදඹ, ගෙත්තම් පාන, ශීතගඟුල, ධර්මරාජ ගල සියල්ල පසුවෙනවිට සැතපුම් හයක් පමණ දුර ඔවුන් වේගයෙන් ගමන් කොට තිබින. ළිහිණි හෙල අසලට පැමිණ සුළුවේලාවක් කෑකෝ ගසමින් සිටි කොලුවාට"අපි යමු" යැයි වැඩිහිටියා කීවේය. එක තැනක මද වේලාවක් රැඳී සිටිය නිසාදෝ පොඩි එකාගේ කකුල් කෙඩෙත්තුව වැඩිවූවා සේය. "තව ටිකක් ඉඳලා යමුකෝ ලොක්කා මාමේ මගේ කකුලුත් රිදෙනවා".. පොඩි එකා කීවේය. ඇඟ පමණක් ඇති මොලේ නැති ඒ පොලොස් කොට්ටෝරුවා, එහෙනම් ඔයා ඉඳලා තාත්තලා එක්ක එන්න. මම යනවා කියමින් යන්නට ගියේය..හුදෙකලා වූ කොලුවා අවට බැලුවේය. ළිහිණි හෙලට නුදුරින් වෙළඳ කුටියක් විය. ඒ අසලටම වන්නට මාවත අයිනේ ඉදිවුන දඬු මැස්සකි. කොලු පැංචා මැස්ස මත වාඩිවූවේය. ගමන් විඩාව අධික වූ නිසාම සුළු වේලාවකින්ම ඔහු නිදි දෙව්දුව වැළඳ ගත්තේය.
පුතා.. පුතා... නැගිටින්න..!
එක්තරා කරුණාවන්ත හඬකින් කොලුවා අවදිවිය.
ඇයි ඔයා මෙතන නිදාගෙන ඉන්නේ...?
කරුණාවන්ත හඬ හිමි තරුණ කාන්තාවක කොලුවාගෙන් විමසා සිටියාය.
අපේ තාත්තලා එනකම් ඉන්නේ, එයාලා මග බහිනවා...!
නිදිමත විකාරයේම කොලුවා කියවන්නේය.
කොයි වෙලාවෙද ඔයාලා බැස්සේ..?
කාන්තාව නැවතත් විමසා සිටියාය.
උදේ......!
ඉතින් දරුවෝදැන් හොඳටම හවස් වෙලානේ.. ඔයාලගේ කට්ටිය මෙලහට බැහැලත් ඇති...!
කොලුවා වහා තම අතරැඳි හෝරා මානයට නෙත් යොමු කලේය. සැනින් ඔහුගේ ඇස් ලොකු විනි. කටේ කෙල සිඳින. නිදිමත අතුරුදන්ව ගොස් මහා බියකින් ශරීරය වෙව්ලා ගියේය.
බුහ්....හෑ හෑ......!!!!!!!!!
කොලුවා හඬන්නට වන්නේය.
හරි දැන් හොඳ ළමයා වගේ අඬන්නේ නැතිවකියන්නකෝ ඔයාලගේ ගම කොහේද කියලා....!
කරුණාවන්ත කාන්තාව කොලුවා අස්වැසීමට අසාර්ථක උත්සාහයක නියැළුනාය.
කිරි ඇල්ල... !
කොලුවා හඬමින්ම කීවේය.
ඉතින් අපිත් එහෙනේ පුතේ.. අපි ඔයාව එක්ක යන්නම් අඬන්නේ නැතුව ගෙවල් කොහේද කියන්නකෝ....!
මේ වනවිට කොලුවා මහ හඬින් හඬමින් සිටි නිසා විශාල සෙනගක් එතැන රැස්ව සිටියහ. පොඩි එකා හඬමින් කාන්තාව සමඟ කියන තොරතුරු අනුව නඩයේ සිටි අය රැස්ව සිටියවුන්ට කරුණු පැහැදිලි කිරීමෙහි නිරතව සිටියෝය. පොඩි එකාගේ විලාපයට වන්දනා නඩවල මෙන්ම අවට වෙළඳ කුටිවල උන් අයගේද හදවත් කම්පාවන්නට ඇත. නොයෙක් දෑ දෙමින් කරුණු කියමිනොවුන් පොඩි එකා අස්වසන්නට තැත් කලෝය. ඔවුන් පමණක් නොව යන එන්නන් පවා පැංචා අස්වැසීමට උත්සාහ ගත් අතර. කැවිලි පෙවිලි, සෙල්ලම් බඩු සේම මුදල්ද දුනි. එහෙත් මේ කිසිවකින් කොලුවාට වැඩක් නැති. ඔහුට මව මතක් වෙයි, පියා මතක්වෙයි, නැගනිය ගෙදර මේ සියල්ල ඔහුගෙන් බොහෝ දුරය. මාපිය හෙවනෙන් ඔහු කව්දාවත් දුරස්ව හිඳ නොමැත. තනිමඟ ගමන් ගොස් නැත. එබැවින් ඔහුට හැඬෙයි.
කරුනාවන්ත කතගේ සැමියා යැයි සිතිය හැකි අයෙක් කොලු පැටියාට ලංවිය.
දැන් අඬන්න ඕන නෑනේ පුතේ. නැන්දා කිව්වනේ අපි ඔයාව ගෙදර එක්ක යනවා කියලා..! හොඳ පුතාවගේ අපිට කියන්නකෝ ඔයාලගේ ගෙදරට යන්නේ කොහොමද තාත්තගේ නම මොකක්ද කියලා....!
අපේ ගෙදරට යන්නේ එපිටවලින්. තාත්තගේ නම ලින්ටන්. ගාල්ලේ කඩේ මුදලාලිත් අපේ තාත්තගේ යාලුවෙක්. මාව ගාල්ලේ කඩේ ලඟට එක්ක යන්න, ඒ මාමා මාව ගෙදර එක්ක යයි.
කොලුවා හඬමින්ම කියවයි. පිරිසෙහි සිටියවුන් මුහුණින් මුහුණ බලාගන්නට විය. තරුණ කාන්තාව පැමිණ කොලුවා ඉදිරියේ දණ ගසා ගත්තාය. ඇය කොලුවාගේ මුහුණට එබී...
පුතේ ලින්ටන් කිවුවේ කොටියන්ගොඩ කන්දේ ලින්ටන් මුදලාලිද...?
ඔවු....!
ඉතින් පුතේ අපි පහල ගමනේ...! මේ මාමා ඔයලගේ තාත්තගේ යාලුවෙක්, පුතා අහලා නැද්ද ධර්මේ මුදලාලිව.
නෑ....!
හරි.. ඔබියස් මාමව අඳුරනවද අට්ටාල වත්තේ...?
ඔව්.. චමින්ද අයියත් මගේ යාළුවා....!
හරිනේ එහෙනම්...! මම ඔබියස් මාමගේ නංගි... දැන් බයවෙන්න දෙයක් නෑනේ. මම චමින්දගේ නැන්දනේ. අඬන්නේ නැතුව ඉන්නකෝ අපි ඔයාව ගෙදර එක්ක යන්නම්කෝ හොඳේ...!
පසුව අවට සිටියවුන්ට කරුණු පහදා දීමෙන් අනතුරුව ඔවුන් කොලුවාද කැටුව පල්ලම් බසින්නට වූවෝය. එහෙත් විවිදාකාර බියජනක සිතුවිලි වරින්වර පොඩි එකාගේ සිතට එන්නේය. එවිට නිරායාසයෙන්ම ඌට හැඬුම් එන්නේය. කොලුවා අඬනා හේතුව විමසන වන්දනා කරුවෝ, ඔහු අස්වැසීමට විවිධ දේ කියන්නෝය. සෙල්ලම් බඩු කැවිලි පෙවිලි පමණක් නොව මුදල්ද ඒ අතර වූ අතර නඩයේ සැමගේ අත් ඒ ලැබෙන දේවලින් පිරී ගොස්ය. කොලු පැංචාගේ සාක්කු පිරෙන්නට නෝට්‍ටු කොලය. සවස 7.00 පමණ වන විට ඔවුහු පලාපත්වෙලට සේන්දු විය. රත්නපුර බලා දිවෙන අවසාන බස් රථය බස් නැවතුමේ විය. සියළුදෙනා එයට ගොඩවී වාඩිගත්තෝය. පොඩි එකා කවුලුවක් අසල සිට අවට බලමින් සිටියේය. හදිසියේම හඳුනන රුවක් අසල ඔහුගේ ඇස් නතර විය. පොලොස් කොට්ටෝරුවා........
නැන්දේ...නැන්දේ.. අන්න අපේ නඩේ එක්කෙනෙක් ඉන්නවා අර අර....!
කෝ පුතේ....?
අර අතන ඉන්නේ...... ලොක්කා මාමේ... !
පොඩි එකා හඬ තලන්නට විය. ඒ හඬ ඇසුනු වැඩිහිටියා පැමිණ බසයටගොඩවී අනෙක් අය කොහිදැයි කොලුවාගෙන් ඇසීය. ඒ සමඟම කොලුවා කැඳවාගෙන ආ නඩයේ සැවොම අර වැඩිහිටියාට බැන වදින්නට විය.
ඔයාලට මොලයක් කියලා දෙයක් නැද්ද මේ දරුවව මග දාලා ආවේ...? අපට හම්බවුන නිසා හොඳයි. වෙන කවුරු හරි අඬගහගෙන ගියානම් කොහේ කියලා හොයන්නද...? අනික එතන ළිහිණි හෙල, මෙලෝ මිනිහෙක් කරන වැඩක්ද කරලා තියෙන්නේ....?
බැනුම් කෝටියයි...! අරූ ගොනා සේ නිහඬය. දැන් පොඩි එකා සන්සුන්ය. ඔහුට දැන් අඳුනන කෙනෙක් සිටිනා නිසාය ඒ. නඩයේ අනෙක් අය ගැන වැඩිහිටියාගෙන් තොරතුරු ඇසූයේ කරුණාවන්ත නැන්දාය. ඔවුන් ගැන තොරතුරු ඔහු නොදන්නා බවත් පහලට පැමිනි පසු සැලූන් එකකට වැදී ඔහුත් නිදා ගත් බව පිරිස සමග පැවසීය. මද වේලාවකින් ගමන් ඇරඹූ බස් රථය රාත්‍රී දහය පමණ වනවිට රත්නපුර නගරයට පැමිණියේය. මේ වනවිට පානදුර බලා දිවෙන අවසාන බසයද සිය අවසන් ගමන් වාරයට සූදානමෙන් තිබින. පිරිස කඩිමුඩියේ බසයෙන් බැසීමට වූ අතර.... තාත්තා......යි පොඩි එකා කෑ ගාන්නට විය. උගේ බැල්ම ඔස්සේ නෙත් යොමු කල ධර්මේ මුදලාලිද තම හිතවතා දුටුවේය.
එදෙසට පිය නැගූ ඔහු කොලුවාගේ පියාට සිදුවූ සියල්ල පවසා කොලුවාද බාරදුනි. ඒ සමඟම ඔහුට ලැබුනු තෑගිභෝග මලුද බාරදුනි. කරුණාවන්ත නැන්දා කොලුවගෙන් සමුගත්තේ පුතේ දවසක අපේ ගෙදර එන්නැයි කියමිනි. මධ්‍යම රාත්‍රිය ඉක්මයද්දී පියා සහ දරු දෙදෙනා නිවසට පැමිනියෝය. ගමන් වෙහෙස අධික බැවින් ආ සැනින් කොලුවා නිදන්නට විය.
ප/ලි:
පසුදා දහවල් නින්දෙන් පිබිද එලියට පැමිනෙමින් සිටි කොලුවාට පියා විසින් කනේ පහරක් තෑගි ලෙස පිරිනැමීය. කනේ පහරක් කෑමට තමා කල වරදක් නොදත්තද පොඩි එකා නිහඬව සිටියේය. ඔහුට ලැබී තිබූ සියලුම දේවල් බෑග් මලු පිටින්ම ඔහුගේ කාමරයේ තිබිනි. එයින් සෙල්ලම් සතුන් හා බෝනික්කන් තම නැගනියට දුන් ඔහු තමන් කැමති සෙල්ලම් පිස්තොල, බෝට්‍ටු, පසල් වැනි දේවල් තමා සන්තකයේ තබා ගත්තේය. කෑම හා මුදල් නෝට්‍ටු තම මෑනියන් අතට දුන්නේය.
ප/ප/ලි:
කොලුවාගේ පියා නඩය සමග ගමටම පැමින ඇති අතර, ඉහත කී වැඩිහිටියාගේ නිවසට ගොස් ඇත. ඔහු පැමින නැති බව එහිදී දැනගත් නිසා ගැහැනු දරුවා එහි නවතා ආපසු මොවුන් දෙදෙනා සෙවීමට ගොස් ඇත්තේ පඬුරක්ද ගැට ගැසීමෙන් අනතුරුවය. ඉහත කතාව සත්‍ය සිද්ධියක් වන අතර ඔය ඇඹිටිල්ලන් කොලුවා අනෙකෙකු නොව සරාගේ ලෝකය ලියන මමම බවද කියවන ඔබට දැන්වීමට කැමැත්තෙමි.
ගෙහුං එඤ්ඤං....!
ඔය පින්තූර ටික කොලුවට දුන්නේ ගූගල් දෙයියෝ නෙව.
රසවත්!
ReplyDeleteමට අමරදේව කොත්තුවක් දෙන්න
http://dayal-bathee.blogspot.com.au/
ස්තූතියි... මේ පැත්තේ ආවට. ජය...!
Deleteලොක්කා මාමා මහා පුදුම මනුස්සයෙක්නේ... මොලේනම් කළදක්වත් නැතුව ඇති ..
ReplyDeleteමදැ ඔයින් ගියා උබේ වෙලාව හොදයි ..
ඇඟ ඇති මොලේ නැති ගොබිලෙක් මචං. ලොකු වෙනකම් මගේ හිතේ තරහක් තිබුනා ඔය හාදයා ගැන. ඇයි බං කනේ පාරකුත් කන්න උනානේ තාත්තාගෙන්.
Deleteසරා අයියගේ වෙලාව හොඳයි.... නැත්තම් ඉතිං කරෝල වාඩියක තමයි නතර වෙන්නේ.. හි හි... ( ඒ කාලේ පොඩ්ඩක් හරි අතරමං උනොත් මට මතක් වෙන්නේ කරෝල වාඩි තමා... හි හි..)
ReplyDeleteඇයි හත්තිලව්වේ පොඩ්ඩක් අතරමං උනොත් කියන්නේ. කී ගමනක් හිරූ අතරමං වෙලා තියෙනවද.....? අපිටත් ඔය කරවල වාඩි කතා කියලා තියෙනවා, අපි බය වෙයිද ඕවට.හෙහ්..හෙහ්..හේ.....!
Deleteපොඩි කාලෙම හොඳ කට්ටක් කාල තියෙනව වගෙයි.
ReplyDeleteහොඳ වෙලාවට කොල්ල බේරුනේ. නැත්තං නැත්තං සරාගේ ලෝකය කොහේ වෙයිද දන්නෑ.
අවුලක් නෑ ප්‍රසා... වවුලගේ මගුලේ ගියොත් එල්ලිලා ඉන්න එකෙක්නේ සරා කියන්නේ. කොහේ හරි සරා උගේ ලෝකේ හදාවි හිකිස්... ස්තූතියි..! ජය වේවා...!
Deleteහි හී..මාර වැඩනෙ මෙයාටත් වෙන්නේ... අර අඳුරන නඩේ හම්බ නූනනම්...අපොයි අපොයි...
ReplyDeleteමම සිරිපා වැඳලා තියෙන්නෙ දෙපාරයි. ඔය ළිහිණි හෙල ලඟින් යද්දී හැමෝම කෑ ගහනවනෙ " ළිහිණි අක්කේ...අපි ආවෝ..." කියලා. අයියෝ ඉතින් මට තමා කණක් ඇහෙන්න්න නැත්තේ...ඇයි ඉතින් අපේ නඩේ යන ඈයෝ එහෙම කියලා කෑ ගහන්නෙ මගේ කණ ආස්සෙනෙ...හි හී..
ඇයි අප්පේ මට විතරක් ඔය ඔයාටත් වෙන්නේ හරි හරි වැඩ. මට ඔහොම උනේ එක සැරයයි ඔයා යන යන හැම සැරේම ඔය කරදරේ වෙනවනේ..! හික් හික් හික්
Deleteමට මේක කියවලා හොඳටම ඇඬුනා සරා..ඇත්තම කියනවා නම් දැන් කී බෝඩ් එකෙත් කඳුළු ගොඩාාායි..
ReplyDeleteඒ දවස්වල අතරමං වෙලා හම්බ වුනේ නැත්නම් මේ වගේ සාරගර්භ බ්ලොග් එකක් ලියන සරා කෙනෙක් කොහෙන් හොයන්නද?!!! ඇත්තටම ඇඬෙනවා..ඉහි ඉහි...
සාරගර්භ.................. හොහ් හොහ් හොහ්.....! රූ නෝනා මට විහිළු කොරන්න අරන් වගේ නේද...? සාර ගර්භ......................
Deleteමට කියවගෙන එද්දිම හිතුන මේ බොට වුණ දෙයක් මයි කියලා.. :ඩී
ReplyDeleteඋබ නොබේරුනා නම්... අද සරාගේ ලෝකය බිහිවෙන්නෙ නැහැ නේ !
අඩේ ඒම කොරන්නේ නෑ බං මම........කොහොම හරි ලියනවා. නැත්නම් උඹලා පව් නේ.
Deleteහොඳ වැඩේ අම්ම තාත්ත ලඟ නොයිද පංඩිතකමට පොලොස් කොට්ටෝරුව පස්සෙන් ගියාට...
ReplyDeleteතාත්ත අර කනේ පාරක් දුන්නෙ ඒකටද?
http://www.desert-frog.blogspot.com/
ගැහුවේ නම් ඒකට තමයි. ඒත් මම වැරදි නෑ කියලමයි මට හිතෙන්නේ. ඇයි බං මම අහලනේ ගියේ. ඒක හොඳ නැත්නම් යන්න නොදී ඉන්න තිබුනනේ.
Deleteඒකත් හැබෑව පොඩි එකාව පරිස්සං කරන එක මහ එවුන්ගෙ වගකීමනෙ
Deleteඅෆ්ෆා මට හිතාගත්තාහැකි ඒ කොලුවා කොච්චර බයවෙන්ඩ ඇතිද කියලා.
ReplyDeleteඋඹට කියන්න මලයා අම්බානක බය උනා. ඇයි බං ජීවිතේට තනියම කොහේවත් ගෙහුං නැති එකා සිරීපාදේ තනිඋනාම.... ඒකටත් එක්ක දැන්. ඇන්ටාක්ටිකාවට ගෙහුන් දාපං අඬයිද බලන්න..! හිකිස්.....!
Deleteහප්පේ ඔයින් ගියා ඇති. සමන්දෙවියෝන්ගේ අඩවියේ හාස්කම් හොඳින්ම දන්නා කෙනෙක් මම. ඒ ගැන පොස්ටුවක් දාන්න හිතට ආවේ දැනුයි දාන්න ඕනේ එකත් හීන් සැරේ.
ReplyDeletehttp://chithula.blogspot.com/
නොකියා කියන්නේ කෝරලේ මහත්තයත් අපේ වැයික්කියේ කියලද..? දාමු දාමු ආයිබොවන් අද ඉඳන් මමත් එනවා කියවන්න.
DeleteMage mahaththayawa berala thiyenne ehenam saman deviyo. Nathnam mata oyawa hamu wenne nahane.
ReplyDeleteදැන් එතකොට අර නැන්දයි මාමයි මොකුත් කොලේ නෑ........?
DeleteHari hari ithin oyawa adunana nandekui mamekuima e welawe ethanata ewwe saman deviyo thamai. Nathnam wena kattiyath oyawa dakinna athine. Eyala visthara ahuwe nane..........
Deleteඅම්මේ.... ඔයින් ගියා මදැයි....
ReplyDeleteහොඳටෝම ඇති අතක් පයක් නොකැඩී.........හිකිස්...........!
Deleteඅර ලොක්ක මාමා මාර මනුස්සයෙක් නේ. සිරිපා අඩවියේ හින්දම හොඳයි.. ගෙදර අය කොච්චර බය වෙන්න ඇද්ද.
ReplyDeleteමේක කියෙව්වම මතක් වුනේ සිරිපාදේ ගියේ නෑ සෑහෙන කාලෙකින්. එක කාලයක් තිබුන හැම අවුරුද්දෙම යනවා එතකොට නම්. මේ ෆොටෝ දකින කොට නම් ආයේ යන්න ආස හිතෙනවා.
සරා, අන්තිම පින්තුරේ තියන්නේ ඉර පායන කොට සිරිපා කන්දේ හෙවනැල්ල අනෙක් පැත්තට වැටෙනවා කියන දර්ශනයද.. මං එහෙම කතාවක් අහල තියනවා, දැකල නෑ.
රසවත් පොස්ටුවක්!!
2013 නේ යනවානම් මමත් එකතු වෙනෝ.
Deleteආන්න ඒකද කොහෙද තමයි. හැබැයි මගේ දැනුමට අනුව ඔය පේන්නේ උණු දිය පර්වතය.
අන්න හරි.. බලමු බලමු.
Deleteඋණුදිය පර්වතය...? ඇත්තමයි සරා ඔය කියන කල් මං ඒ නම වත් දැනගෙන හිටියේ නෑ.
මේකනේ යාළුවා සිරීපාද කන්ද වටා තව පරිවාර කඳු කීපයක්ම තියෙනවානේ. සප්ත කන්‍යා කඳු යාය හැරුන කොට දෑන සමණල, උණුදිය පර්වතය, ගොං මොල්ලි කන්දත් ඔය අතරට අයත් වෙනවා.
Deleteමට කියන්න අමතක උනා ඔය ගොං මොල්ලි කන්දට ගවරවිල කන්ද කියලත් කියනවා. දෙයියන්ගේ රටේ කියන චිත්‍රපටියේ මොහිදීන් බෙග් මහත්මයා ගායනා කරන සිරි පාද හිමේ දෙයියන්ගේ රටේ කියන ගීතය අහලා බලන්න චන්දන ඒකේ ඔය තොරතුරු තියෙනවා.
Deleteහැබෑ නේන්නම් සරා.. ඒ සින්දුවේ කියවෙන්නේ ඔය ටිකනේ.
Deleteකතාව පටන් ගන්න කොටම කොලුවා කවුද කියලා මට තේරුනා. අර මාමත් ඇඟ ලොකු මොලේ නැති එකෙක් නේ? ඇත්තටම ගම්පලාතෙම වෙච්ච, තාත්තව අඳුනන, අර වගෙ කරුණාවන්ත මිනිස්සු ටිකක් හම්බ වෙච්ච එක පුදුම වාසනාවක්.
ReplyDeleteඋඹේ අත්දැකීම් ගොන්නට තවත් අත්දැකීමක් එකතු වුනා නේද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සරා කොහොමත් ලක් කාරයා Dude මහත්තයා. අනික ගලේ ගහලවත් මරන්න බැරි එකෙක් නෙව.
Delete