පිටපතක් ලිවුවට මේ කාරනාව නොලිය හිටියේ මේක හරියට දෙබරෙට ගල් ගහනවා වගේ වැඩක් කියලා හිතුන නිසා. ඒඋනාට කොට්ටේයට කොල පිරිලා නිසා අස්කරන්න හදනකොට තමයි මේක දැක්කේ. වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ලියලා දානවා. වැරදියට තේරුම් අරගෙන ඔන්න වාදෙට එනවා නෙමෙයි මා එක්ක. ඒ වැඩේට හොඳ හිරුවා ඒනිසා වාද කරන්න ආස කෙනෙක් එයා දාන කොමෙන්‍ටුවකින් කොනක් මතුකරගන්න එකයි තියෙන්නේ. හිරුත් හරී....... ආසයි ඔහොම ඒවට. (ප්‍රචාරක දැන්වීමකි.) මේකයි කාරනාව. අපි මුලින් මේ සිංදුව ටිකක් අහමුකෝ. ඔතන තමයි කතා ප්‍රවේශය තියෙන්නේ.
විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා
මග වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැනගිය මුවන් ලඟ හෙළුනයි නෙලූ පළා
දොර ඇරපං අම්මේ මට සමාවෙලා...
ගායන ශිල්පිනී ඉන්ද්‍රානී බෝගොඩ මහත්මිය ගායනා කරපු ලයාන්විත ගීතයක් මේ. සාවධානව ඇහුම්කන් දුන්නොත් තේරේවි ජීවිතේ වරද්දගත්ත දුවෙක් තමන්ගේ අම්මට තමන්ට වැරදුන තැන් ගැන කියන කතාවක් තමයි ගීතයට පාදක වෙලා තියෙන්නේ කියලා. හැබෑටම ඇයි මෙහෙම වෙන්නේ...? කෙල්ලන්ගේ මෝඩකමට...! කෙනෙක් කියාවි... ඇත්තටම කෙල්ලෝ මෝඩද..? මට ඒගොල්ලන්ගෙන් එහෙම අහන්න හිතෙනවා. එයාලගේ උත්තරේ මොකක් උනත් මේං මට හිතෙන හැටි. කවුරු හරි කෙල්ලෝ මෝඩයි කියනවා නම් ඒක බොරුවක්. තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන පිරිමින්ගේ මනස් විකාරයක්. ඒකියන්නේ සරා පිරිමි ගැන හිතන්නේ අවතක්සේරුවෙන්. එහෙමත් නෑ සරා ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ කරන කෙනෙක්. සරාගේ සිතුවිල්ල ඉදිරිපත් කරන්න අවසරයි එහෙනම්.
මගේ සිතුවිල්ලට අනුව ගෑණු ළමයි මෝඩ නෑ. හරිම බුද්ධිමත් ඒවගේම ආදරණීයයි. හැබැයි ඒ වගේම හරිම හැඟීම්බරයි. මේකම තමයි එයාලගේ තියෙන දුර්වලකමත්. තමන්ට ආදරේ කරන අයව එයාලා අසීමිතව විස්වාශ කරනවා. ඒනිසාම තමයි එයාලට වරදින්නේ. හැගීම් බර වෙනකොට බුද්ධිය යටපත් වෙනවා. හේතු වශයෙන් එයාලා මොන කරුනු ඉදිරිපත් කලත් ඒක තමයි ඇත්ත. ගම්වල ඉන්න වැඩිහිටියන් කතාවට කියන්නේ පෝය හඳවල් හත අටක් ගෙවෙන කොට ගෑණු ළමයි ලොකුමහත් වෙනවයි කියලා. ඒ වගේම හරි ඉක්මනින් පියවරෙන් පියවර ජීවිතේ ඉදිරියට ගමන් කරන ඔවුන් ජීවිතේ ලස්සනම අවධියේ ගන්න තීරණ නම් සීයට පනහක්ම වැරදියි.එයාලගේ ජීවිතේට පිටස්තරයෙක් එබිකම් කරන්න ගත්තම එයාලා ලෝකෙම අමතක කරනවා. මෙතෙක් තමන් ලඟ උන්නු හැම කෙනෙක්වම අමතක වෙනවා හෝ අමතක කරනවා. හරි දේ කියලා දෙන අයවත් වැරදියටයි එයාලා දකින්නේ. ඉතින් අවබෝධයෙන් ලොකේ දකින කෙනෙකුටවත් එයාලව ගලවා ගන්න තියෙන අවස්ථාවත් ඇහිරෙනවා. අවසාන ප්‍රතිපලය වෙන්නේ ජීවිතේට කඳුළු විතරක් ඉතිරි වෙන එක. මේකට මෝඩකම කියන වචනේ ගැලපෙන්නේ නෑ.
ටිකක් විමසිල්ලෙන් අවට බලන්න. ඉගෙනීමෙදි, රැකියා කරන විට සමාජයේ ජීවත් වෙනකොට එයාලා පිරිමි හා සම සමවම වගේ ඉන්නවා ඔබට දකින්න පුළුවන්. ඒවගේම එයාලගේ දරා ගැනීමේ ශක්තිය පිරිමින්ටත් වඩා ඉහලයි. එයාලට පිරිමි අභිබවා යන්න නොහැකි වෙලා තියෙන්නේ ශරීර ශක්තියෙනුයි, උක්ත මාතෘකාවෙදී එයාලගේ දුර්වල තීරණයි නිසා. මට හිතෙන්නේ ඒගැන එතනින් එහාට කිවයුතු නෑ. මොකද ඔයාලා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා කියන්න තරම් මට දැනුමක් නෑනේ. මම ඒතරම් ලොකේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙකුත් නෙමේ. ඔය ටික මම කිවුවේ ගීතය අහද්දී මට එහෙම හිතුන නිසා.
ඇත්තටම අපේ සංස්කෘතියට අනුව ගෑණු ළමයි හරියට වීදුරු භාජන වගෙයි. ඒත් දැන් මේ මත යම්තාක් දුරට වෙනස් වෙන්න කාලය හරි. ඒත් ඒවා වෙනස් වෙලාවත් වෙනස් කරන්නවත් කාටවත් උවමනාවක් නෑ.
ඇයි ඒ...?
හැබෑම කුහක කමට....!
ටිකක් සැර වැඩි චෝදනාවක් වගෙයි නේද.....?
ඔව්.....! ඒත් කාටද මේ චෝදනා කරලා තියෙන්නේ.......? ගැහැනුන්ට.......!
නෑ...!
පිරිමින්ට...!!
නෑ...!
පොදුවේ ඔයාලා අපි අපේ වැඩිහිටියෝ හැමෝටම. මේකට අපි හැමෝම වග කියන්න ඕන. ආකල්ප වශයෙන් වෙනස් වියයුතු දේවල් ක්ෂනිකවවත් තනි තනි පුද්ගලයන් වශයෙන්වත් කල නොහැකියි. ඒකට කාලයක් වගේම හැමෝම එකාවන්ව හිතන්නත් අවශ්‍යයි. ඉපැරණි බ්‍රාහ්මණ මත කරපින්නාගත් ආර්යයන්ගේ පැමිනීමත් සමඟ ආරම්භ වූ අපේ නව සගිස්කුරුතෙද මොකක්ද ලබ්බ අපේ උන්ට ඕන ඕන වෙලාවලදි ඕන ඕන ආකාරයට වෙනස් කරපු වගට සාක්ෂි සාධක එමටයි. ඉදිරියටත් එහෙමම නොවෙනවයි කියලා අවිස්වාශයක් තියා ගන්න කිසිම හේතුවක් නෑ. ඒත් යතෝක්ත මාතෘකාව ගැනනම් උන්දැල ගෙනාපු මත හා අදහස් තවම එහෙමම තියෙනවා. ඒ අපේ කුහක කම නෙමේද. එතකොට සරා දැන් කියන්නේ කෙල්ලන්ට ඕන නැටුමක් නටන්න ඉඩ හරින්න ඕන කියලද..? අපොයි නෑ ආයිබොවන්...! ඇයි කොල්ලන්ට විතරක් හැම නැටුමක්ම නටන්න අවසර දීලා ඇහැ කන පියන් ඉන්නේ කියලයි මම අහන්නේ. ජාතික ආර්ථිකේට සීයට පණහකට ආසන්න දායකත්වයක් දෙන්න එයාලට පුළුවන්නම්. පවුල් පිටින් ජීවත් කරවන්න එයාලට පුළුවන්නම් කිසිම ලැජ්ජාවක් නැතුව ගෑනි හම්බකරන් එනදේම කාලා උන්දැටම තඩිබාන මිනිස්සු ඉන්න රටේ ඇයි මේ කෙල්ලන්ට විතරක් අමුතු නීති රීති. ඇයි එයාලා වරක් පාවිචියෙන් ඉවතට කියලා ලේබලේකින් එන්නේ. විනාඩි ගනනක සමීක්ෂණ ප්‍රතිපලයක් මෙන්න.
1 මේකනේ සරා වැඩේ කොල්ලෙක් එලියට ගියොත් එන්නේ යමක් පිට කරලා. ඒත් කෙල්ලෙක් එලියට ගියානම් එන්නේ යමක් ඇතුලට අරගෙන, අනික බං කොල්ලෝ මොනා කරත් පාරවල් හිටින්නේ නෑනේ.
0 හරි ඒ හින්දා කෙල්ලන්ට ඕවා කැප නෑ.. උඹ ඔය නොකියා කියන්නේ කපුවා කෝවිලේ කැත කොලාට කමක් නෑ කියන එකනේ. අනේ උඹේ%@$@$%&%$$@#$#...!
2 මචන් කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ජාතියක්, උන් දැක්ක දැක්ක පඳුරට කකුල උස්සනවා. ඒවා ඉතින් කෙල්ලෝ දැන ගන්න ඕන.
0 එතකොට ඇයි බල්ලෝ පඳුරට විතරක් ඇඟිල්ල දික් කරන්නේ තමන් බල්ලෝ වගත් දැන දැනම.
3 මචන් ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම උන් කොහෙන් නතරවෙයිද කියන්න බෑ. දැන් බලපන් තත්වය මෙහෙම තියෙද්දිත් හෝටල් පීල්ඩ් එකට ඔළුව දාලා දවසකට ගෑනු කීදෙනෙක් ඕවට රිංගනවද කියලා. උඹ හිතන්නේ ඔය හැම එකෙකුටම අයිතිකාරයෝ නෑ කියලද.....?
0 උඹ හරි.. මට කියපන් දැන් ඔය ගෑනු ඔහොම එන්නේ තවත් ගෑනියෙක් එක්කද කියලා...!
3 ගෑනියෙක් තවත් ගෑනියෙක් එක්ක එන්නේ $#%% ගහන්නද බොල...?
0 එහෙනම් ඔය ගෑනු එක්කරන් එන පිරිමි හරි එහෙම නැත්නම් උනුත් යෙදෙන්නේ ආත්ම වඤ්චාවක නෙමේ කියන්න තොට තියෙන සාක්ෂි මොනවද...?
හොඳයි ඒ මම දැක්වුවේ සීතලේ එලියේ ගතකරපු විනාඩි ගානක ප්‍රතිපලනේ. ඒනිසා ඒකත් මෙතනින් නතර කරනවා. මම බ්ලොග් කියවද්දී අනන්තවත් දැකලා තියෙනවා කෙල්ලෝ මැසිවිලි නගනවා කොල්ලන්ට තියෙන නිදහස කෙල්ලෝ වෙච්ච අපට නෑ. කෙල්ලෝ වෙලා උපදින එකත් පවක් අරකද මේකද කියලා. මේකෙන් එයාලා අදහස් කරන්නේ වල්බූරු නිදහසක් නම් නෙමේ කියලා මට තේරෙනවා. ඒත් වල්බූරු නිදහසක් භුක්ති විඳින කොල්ලෝ නැතුව නෙමේනේ. උදාහරණයක් හැටියට මාවම ගත්තම ගෙදරින් පිටවුන දා ඉඳන්ම මාව පාලනය කරන්න කවුරුවත්ම උන්නේ නෑ. මවිසින් මම පාලනය වුනු තැනක් හැරෙන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට සාපේක්ෂ නිසා අපි එතන ඉඳන්ම කතා කරමු. ඔය විදිහට දන්න සෙල්ලම් දහ අටම දාලා වඳුරන්ගෙනුත් බණ අහපු අහපු තමන්ගේ පුතාට කෙල්ලෙක් ගේන කොල්ලගේ අම්මා කෙල්ලගේ බලාපොරොත්තුවෙන විශේෂම දේ මොකක්ද කියලා කියමුකෝ බලන්න්න කවුරුහරි. අර පැණි හඳට පහුවදා වැඩිහිටි ගෑනු අම්මන්ඩිලා රොත්තම ඇවිල්ලා ඇඳට පැණි නැත්නම් හඳ එලියවත් වැටිලද බලලා එහෙම නොවුනොත් දුම්මල වරම අතට ගන්නේ කවුද...? ඥාතීත්වය නෙමේ මට ඕන ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක. අද ඔය සමාන අයිතියක් නිදහසක් ඉල්ලන අයත් අනාගතේ ඔය වැඩේම කරනවා තමන්ගේ අතීතය අමතක කරලා. කවුරු හරි මට කියනවද තමන්ගේ ලේලිගේ අහවල් එක මාක් වෙලා තිබුනේ නෑ කියලා සරමත් කරට අරන් කෑගහපු මාමන්ඩියෙක් දැකලා තියෙනවද කියලා. මම නම් දැකලා නෑ හැබැයි නැන්දම්මලානම්........................ මොනවට කියනවද ඒවා.
ඒවගේම හංදියක් හංදියක් ගානේ පැණි හලලා අමාරුවෙන් යාළු කරගත්ත කෙල්ලව අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳලා පහුවදාට ගහලා පන්නනවා මේකිගේ අරක තිබුනේ නෑ මම අවුරුදු ගානක් ආශ්‍රයකලා අතවත් අතවත් තිබ්බේ නෑ...අරකද මේකද කියලා අපහාසත් කරලා. කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්. අඩුගානේ හොයපු එවුන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතෑ.ඒත් මේ තමන් මෙච්චරකල් ආදරේ කරපු කෙල්ල නේද, හැබෑවටම ආදරේ කොහේද කියලා තිබුනේ කියලා හිතෙනවා උන්ගේ හැසිරීම් දැක්කම. ඉතින් මට අහන්න හිතෙනවා අත තියලම බලන්න අවුරුදු ගානක් බලාඉන්නේ නැතිව යාලුවෙන්න කලින් ඇඟිලි පරීක්ෂණයවත් කොලා නම් නරකද කියලා. එතකොට පාරක් පාරක් ගානේ පැණි හැලීමේ ආදිනව ගැන හරි වැටහීමක් එන්නේ නැතෑ අතක් පයක් කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්නකොට.
කොහොම අපි කතා කලත් මේවා ගොනා පසුපස කරත්තේ වගේ හැමදාම ඇදි ඇදී ඒවි. වෙනසක් ඇතිවෙනවා නම් ඒ ආකල්ප වලින්ම විය යුතුයි. ඒත් ක්ෂනික ප්‍රතිපල නම් විහිළුවක්.
සරාගේ අදහසනම් මෙහෙමයි.... ගැහැනු අනිවාර්යයෙන්ම පතිදම් රකින්න ඕනමයි... හැබැයි ඒ විවාහයෙන් පස්සේ. ඒක ගැහැනියට විතරක්ම අදාල නීතියක් නෙමේ පිරිමියාත් අනිවාර්යයෙන්ම එසේ කල යුතුයි. කොල්ලෝ කියනවානේ වාහනයක් තමන්ටම කියලා ගන්න කලින් හොඳට ඩ්‍රයිවින් පුරුදු වෙලා ඉන්න ඕන කියලා. එහෙමනම් වාහනත් හොඳ ධාවන තත්වයේ තියෙනවද කියලා ස්වයං පරීක්ෂණයකට ලක්වෙලා තියෙන එකේ තියෙන වරද මොකක්ද...?කලින් දුවලා තියේනම් ධාවනයට සුදුසුයි කියන්න ඒ සහතිකයම මදෑD.
කෙල්ල කාලේ ඕන නැටුමක් නටාපල්ලා කියනවා නෙමේ. එයාලටත් නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන. මනුෂ්‍යයා කියන්නේ එක සත්ව කොට්ඨාශයක් ගැහැනු පිරිමි කියලා ලිංග භේදයක් තිබුනට. ඒක මේ වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයා විසින් කරපු දෙයක්. එහෙමනම් එයාලව මනිණ මිම්මත් එකක්ම වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. අපි යම් කෙනෙකුට අකමැතිනම් අපි එයාගෙන් ඈත් වෙලා හිටියම ඉවරයි, මොකද කවුරුවත් අපේ ඇඟේ බලෙන් එල්ලෙන්නේ නෑනේ. හැබැයි ඉතින් අපිම එල්ලගෙන අපිම ආඩපාලි කියන එක වැරදියි වගේ නේද ආයිබොවන්.....!
ගෙහුං එන්නද මං.....?