දරිද්‍රතාවය එහෙමත් නැත්නම් ආර්ථික බැරි අමාරුකම් අපට ඉතිරි කිරීමේ අගය උගන්වනවා. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කිරීමෙන් උවද අනාගතේ යහපත් ප්‍රථිපල උදාකර ගත හැක. සරා පිප්පි කාලේ සරාලගේ අම්මත් ඔහොම කැටයක් එකතු කරා සරාට මතකයි. කැටේ ලොකුවට පෙනුනේ සරා පුංචි නිසාද කියලානම් කියන්න දන්නේ නෑ සමහර විට වෙන්න ඇති. කොහොම උනත් සරාලගේ තාත්තා අද ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙලා ඉන්නේ නිකම්ම නෙමේ. උපයපු දේ අරපිරිමැස්මෙන් වියදම් කිරීම හා එයින් යම් ප්‍රමාණයක් ඉතිරි කිරීම නිසා. සරාට අද රට රැකියාවක් කොරන්න වෙලා තියෙන්නේ නිසි කළමනා කාරීත්වයක් සරා ලඟ නොතිබුන නිසා. ඒක දන්න කෙනා හම්බවුනේ පස්සේ නොවැ. දැන් නම් ආයේ ඇන ගන්න එකක් නෑ මගේ හිතේ:D ඒකෙන් මේකෙන් පූජාව පහු වෙනවා නිසා මම කතාවට එන්ටර් වෙනෝ.
ඔය කියපු සංදිය වෙද්දි සරා පොඩි එකා. අඳුනන්නේ සත 25යි 50යි විතරයි. මොකද සරාට ආප්ප කන්න අම්මා හැමදාම දෙන්නේ සත 50ක්. ආප්ප දෙකක් ගන්නවා සරා ඕකෙන්. ඒකිවුවේ එදා සත 50 ක වටිනාකම .;P කොහොම උනත් දවසක් චූටි අක්කගේ යෝජනාවකට සරා අම්මගේ කැටෙන් සල්ලි ගත්තා. ඇත්තටම කියනවා නම් ඒක හොරකමක්. ගනන් නොදන්නවා උනාට එතන ලොකු කාසි කීපයක්ම තිබුනා. සේරම දුන්නේ චූටි අක්කා අතට. හවස මොකක් හරි උවමනාවකට කඩේ යන්න කිවුවම සරාත් ගියා චූටි අක්කත් එක්ක. ඔය යන වෙලාවේ අර සල්ලිත් අරං ගිය නිසා සරා හිතා හිටියේ තමන්ට මොනා හරි ලොකු දෙයක් ලැබේවි කියලා. අනේ කියන්න කනගාටුයි සරාට ලැබුනේ සත විසිපහේ බැළුම් බෝලයක් විතරමයි. ඒකත් මගදිම පිපිරුවා. ඕං දැන්නම් සරාගේ හිතට අමාරුයි.
අනේ චූටි අක්කේ මම ඔයාට ගොඩක් සල්ලි අරං දුන්නනේ. මට තව බැලුමක් ඕන...!
තව බැලුම් ගන්න සල්ලි නෑ...!
ඉල්ලීම අහකට.
එහෙනම් ඉතින් මම අම්මට කියනවා කැටෙන් සල්ලි ගත්තා කියලා.....!
පුංචි තර්ජනයක්ද මන්දා:D
ඉතින් කියන්න. මම නෙමෙයිනේ ගත්තේ.
ඒ උනාට මට සත 25නේ දුන්නේ. ඔයානේ ගොඩක් සල්ලි ගත්තේ. මම කියනවා.....!!
කියලා ගුටිකන එකයි ඇත්තේ මට මොකද...!
ඇයි එහෙනම් මට තව බැලුමක් අරන් දෙන්නේ නැත්තේ......?
දැන් සැරයක් කිවුවනේ මම. සල්ලි නෑ....!
ඔය බොරු මම කියනවාමයි....!
සරා අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කලේය. ගෙදර ආපු ගමන්ම සරා අම්මා සමග තෝම්බුව දිගහැරියේය. හොඳින් ඒ කතාව අසා සිටි අම්මා කොහොමද කැටෙන් සල්ලි ගත්තේ යැයි ඇසුවාය.
ඉරටුවක් දාලා ගත්තා... !
සරාගේ මුහුනේ ඇත්තේ ජයග්‍රාහී බවකි.
කොහෙන්ද ඉරටුව...?
අම්මා දෙවැනි ප්‍රශ්නය නැගුවාය.
අර අතන තියෙන ඉලපතෙන් කඩා ගත්තා.....!
යමු බලන්න... !
මව සරාගේ අතකින් අල්ලාගෙන කීවාය. සරා සතුටෙන් ඉස්සර විය. ඉලපත ලඟටම ගිය සරා මේකෙන් කැඩුවේ යැයි කීවේය. සරාගේ අත අත නෑරම ඉලපත අතට ගත් අම්මා එයින්ම සරාට තලන්නට විය. සරා වේදනාවෙන් හඬ තැළුවද නතර වූයේ මව නොවේය. ඉවසිය නොහැකි තැන දැඟලූ හෙයින් අත මදක් ලිහිල් වී සරාට ගැලවීමේ මගක් පෑදුනි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සරා ගේවටේ දිවුවද මව පසුපසින් එලැවූ නිසා එතනින් නොනැවතී අසල නිවසක් කරා දිවුවේ කවරෙකු හෝ තමා බේරා ගනීවියැයි සිතාය. අඬමින් තමන් වෙත දිව එන පොඩි එකා දුටු පීටර් මාමාට දුක හිතෙන්නට ඇත. පොඩි එකාට දුවන්නට හැර මග අවුරා සිට ගත්තේ ඒ නිසා විය යුතුය. ඔහුගේ බලවත් විරෝධය හමුවේ සරාගේ මවට පසු බැසීමට සිදුවිය.
අද කාලේ අසල්වැසියන් මෙන් පීටර් මාමා සරාගේ මවට විරුද්ධව පොලෝසි ගියේ නැත. කාන්තා හා ළමා රක්ෂකයට පැමිණිළි කොලේද නැත. පොඩි එකා නලවා උගේ ඇඟේ වූ ඉලපත් පහර වලට තෙල්ගෑවා පමණය. හවස ඌවත් කැටුං උන්ගේ ගෙදර ගියේ පවුලේ උදවිත් පිරිවරා ගෙනය. සතුටු සාමීචියේ යෙදී සිටිනාතරම කොළුවාගෙන් සිදුවූ වරදට ලැබුනු දඬුවම ප්‍රමාණවත් බවත් නැවත දඬුවම් නොකරන ලෙසත් ඉල්ලීමක් කෙරින.
සරාගේ මව කියා සිටියේ
මම අද ඔහොම නොකලා නම් හෙට මූ මීට වඩා දෙයක් කරනවා. කවදා හරි රටේ ලෝකේ මිනිස්සු අපට දෙස් දෙවොල් තියනවා එහෙම උනොත්.
ඒ කතාව හැමදාටම හැම කෙනෙකුටම වලංගු යැයි සරාට හිතෙන්නේය.
එදා සිට අද දක්වාම සරාගේ නොවන කිසිම දෙයක් කෙනෙකුගේ අනුදැනුමකින් තොරව සරා නොගන්නේය. අද වෙනතෙක්ම චූටි අක්කා සමගද කතා නොකරන්නේය.
ප/ලි.
වර්ථමානයේ මෙවැන්නක් සිදුවුවහොත් අසල්වැසියන් විසින් අදාල මව හෝ පියාව දහ අට මාසයකට සිපිරි ගෙදරට යවන්නට කටයුතු කරනවාය. මාධ්‍ය වලද පින්තූර සහිතවම ඒවා ප්‍රචාරය කරනවාය. ඒ බය නිසාදෝ බොහොමයක් දෙමාපියන් කුමන වරදකට වුවද අද දරුවන්ට දඬුවම් කරන්නේ නැත. අවසන ඔලමොට්ටල සමාජ ක්‍රමයක් බිහිවෙමින් පවතිනවාය.
පුද්ගලයෙකු වැරදි කිරීමට බියක් දක්වන්නේ එයින් තමන්ට කරදරයක් අනර්ථයක් සිදුවේය යන බිය මූලික කරගෙනය. කුමන වරදකටද උවද තමන් දඬුවම් නොලබන කල පුද්ගලයෙක් තුල වැරදි කිරීමට බිය නැතිව යයි.
ඊනියා දියුනුව (දැන උගත්කම) නම් විනාශයේ එක අනිටු විපාකයක් පමණි මේ.
නංගි බබා සරාගේ අතීත කතාවක් කියන්න කියපු වෙලාවක මතක් උන කතාවක් මේ. තව ඒවා මතක් කලොත් කියන්නම්.
ඇත්ත සරා, දෙමව්පියන්ට තමංගෙ ළමය හදාගන්න, අවවාද දෙන්න අවස්ථාවක් නැත්තං කොහොමද ඒ ළමය සමාජයෙ ජීවත්වෙන්න පුරුදු වෙන්නෙ.
ReplyDeleteඕක මේ කාලේ තාලෙලු මිත්‍රයා. දැන් අපි උගත්තුනෙව.
Deleteකතාව නම් ඇත්ත සරා :)
ReplyDeleteමගෙ මතකය නිවැරදි නම් අපි හමු උන පලමු වතාව. පිලිගන්නවා ඔබව සදරයෙන්.
Deleteදැන් ඉතිං ලමයි හදන්නෙ කොහෙද උන් මානවහිමිකම් දාලා උසාවි යයි !
ReplyDeleteහිකිස්.... දාපං පහක්....
Deleteමමත් පොඩිකාලෙ ඉඳලා හිටලා තාත්තගෙ සාක්කුවට බැහැලා තියනවා :-).. හැබැයි ඒක නැවැත්තුවෙ දවසක් කඩේකින් මාටියා ගහලා අහුවෙලා අයියට දීපු දීම දැකලා.. එදා ඉඳලා මාත් අන් වස්තු ආසා නොකරමි.. :-)
ReplyDeleteඅර චූටි අක්කා එක්ක කතා නොකරන එකටනම් මගේ විරෝධය.. මෙච්චර කල් හිතේ පැහැව පැහැව ඉන්න දෙයක් නෙමේනෙ බන් ඕක..
සෙන්නාගේ අන්තිම ප්‍රකාශයමයි මගේ ඔලුවටත් ආවේ. ඒ මේ හේතුව නිසාද බං? ඇයි බං එහෙම කරන්නෙ?
Deleteමටත් මතක් වුනේ අපේ අම්මා කියාදීපු හොරකමට අනුබල දීලා පුතා හිරේ ගිහින් අම්මගේ නහය කාපු කතාව.
@ සෙන්නා
Deleteඅපට මතක හිටින විදිහට එයාලා කියලා දුන්නා... උඹෙයි මගෙයි වෙනස ඕකනේ බං.
@ ඩූඩ්
Deleteමොනා කරන්නද අයියන්ඩි. සරා හිතන විදිහ අමුතුයි නෙව සමහර දේ ගැන.
Ape ammath kiyanne' gahala hadanne nathi lamaya hadi noga hadana kiri hodda wagelu.' warada dakka thana gahanna nam one thamai eth oya widiyata gahanna dukaine.
ReplyDeleteනංගි බබාFebruary 21, 2013 at 1:58 PM
Deleteඅපෙ අම්මත් කියන්නේ ගහල හදන්නෙ නැති ළමය හැඳි නොගා හදන කිරි හොද්ද වගෙලු.' වරද දැක්ක තැන ගහන්න නම් ඕනෙ තමයි ඒත් ඔය විදියට ගහන්න දුකයිනෙ.
වේවැල් කෝටු නාරන් සියඹලා අතු..........
ReplyDeleteපුංචි පහේ දඬුවමක් දුන්නට කමක් නෑ කියලයි මමත් හිතන්නේ. නමුත් ඕක එක එක දරුවෝ අනුව වෙනස්. සමහර පොඩි එව්වෝ ගැහුවයි කියල වැරැද්ද හදා ගන්නේ නෑ. සමහර උන්ට හොඳින් කිව්වම දුන්නම පහසුවෙන් තේරුම් ගන්නවා.
එහෙම කරනවා නම් ඒකෙත් වරදක් නෑ.
Deleteඒ...තාම කතා කරන්නැද්ද ඈ
ReplyDeleteඔව් බං. තාම නෑ.
Deleteහොදවැඩේ! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්හ්.. අපූරු වැඩේ.. ලැබේවා ලැබේවා.
Deleteඅම්මගේ කොටු පාරේ ලොකු කතාවක් තියෙනවා.චූටි අක්කා එක්ක තාම කතා නැත්තේ ඔය සිද්දිය නිසාද?
ReplyDeleteනෑ ඒ ඉලපත් පාරේ.. සිද්දි දෙකම මතකයි තවම.
Deleteමට කොච්චර ගහල ඇද්ද?. කටෙන් සල්ලි අරන් ,අම්මගෙන් උස්සපුව අහුවෙලා. ඒ කාලෙන් පස්සේ ඒවා නිකන්ම නැති වෙලා යනවා.
ReplyDeleteඑත් මචං මොකද උඹ අක්කත් එක්ක කතා කරන්නේ නැත්තේ. එදා බැලුම් අරන් දුන්නේ නැති නිසාද?.
නෑ බං, තේරුමක් නැති වැඩකට ගුටි කාපු නිසා. අනික යෝජනාව උන්දැගේ නෙව.
Deleteනාරං කෝටු වේවැල් සියඹලා අතු...මේ කවිය මතක් වුණා සරා...
ReplyDeleteඑහෙමද අග මුල මාරු වෙලා වගේ දැනුනා මට. නැත්නම් හරි ඔය විදිහද මිත්‍රයා.
Deleteමමත් ඔය වැඩේ කරල අහු උනා එක පාරක් අම්මි ගැහුව මට හොදටම... එදයින් එදා ගෙදර තියන රුපියල් 2,3ක් ගත්තත් කියල තමයි ගන්නේ... එදා දුක උනාට අද නම් මට හරි සන්තෝසයි ඒ විදිහට අම්මි ගහපු එක ගැන. සමහර විට හොදින් කිව්වනම් මම ඒ වැරැද්ද ආපහු කරන්නත් තිබුනා....
ReplyDeleteඑහෙම දඬුවම් කරපු නිසානේ එයාලට හොඳ දෝනියෙක් ඉන්නේ.
Deleteමමත් පොඩි කාලෙ ඔය වැඩේට පුරුදු වෙලා හිටියා... අල්මාරියෙන් සල්ලි ගත්තෙ... දවසක් ඉස්කෝලෙ යන්න කලින් රුපියලේ කාසි දෙකක් අරන් තාත්තට මාට්ටු උනා... තාත්ත ඒ රුපියල් දෙක අතට අරන්, මං දිහා බලල, ආපහු රුපියලක් මගෙ අතට දීල "ආයෙ එහෙම සල්ලි අරන් අහුවෙන්න එපා" කියල සැර දාල කිව්වා... ගැහුවෙ නම් නැහැ...
ReplyDeleteඉතින් මං අම්මගේ බෑග් එකට මාරු උනා... ඒක නම්, මම ම ඒ වැඩේ වැරදියි කියල හිතල නවත්තනකල් අහු වුනේ නැහැ... :D
දැන් නම් දුකයි එහෙම දෙයක් කලාට... :)
අවසන් පේලියෙන් ඔයාගේ දැන් තත්වය පැහැදිලියි. සතුටුයි...
Deleteළමයෙක්ගේ වැරද්දක් දැක්කොත් පොඩි කෝටු පාරක් දුන්නට කමක් නෑ. එහෙම කරන්නේ එයාලට තියෙන ආදරේ නිසා එයාලව හදා ගන්නනේ....
ReplyDeleteචුටි අක්කා එක්ක තරහ මේ සීන් එක නිසාද? අයියෝ එහෙනම් ඔය තරහ මරහ අමතක කරලා දාන්න අනේ....
අනේ ඒක නම් මට බෑ. මොකද මේ සරාගේ හැටි.
Deleteඅපේ තාත්තා ඒ කාලෙ මට හැමදාම වැඩ ඇරිලා ඇවිල්ලා රුපියල් 5ක් දෙනවා කැටේට දාන්න. එතකොට මට අවුරුදු පහක් තියා හතරක්වත් නැත්ද මන්දා. ඒ කාලෙ රුපියල් පහට පාන් රාත්තලක්, පත්තරයක් දෙකක් ගන්න පුළුවන් කාලයක්. දවසක් ඉරිදා පත්තර ගන්න කනප්පුව උඩින් තියලා තිබ්බ රුපියල් පහක් නොතේරුම් කම නිසා මම කැටේට දාලා මදි නොකියන්න ගුටි කෑවා. අපේ තාත්තාට අනිත් ඔක්කොම වැරදි වලට වඩා වැරදි වැඩේ තමයි හොරකමයි බොරුවයි. ඉස්සර ඉඳන්ම මට කියපු දෙයක් තමයි" මිනියක් මරලා ආවත් මම බේරගන්නවා හැබැයි හොරකමකට බොරුවකට වංචාවකට අහුවෙලා උදව් ලැබෙයි කියලා හිතන්න එපා කියලා" ඒ වගේම දැන් තාත්තා දන්නවා අපි මොන දෙයක් කළත් හොරකමක් බොරුවක් කරන්නෙ නෑ කියලා. ඉස්සර දඬුවමෙන් වෙච්ච මේච්චලේට වඩා ප්‍රභල විදියට ඒ විස්වාසය අපිව හොර බොරු වලින් වලක්වනවා!
ReplyDeleteසරාට එදා මේ වගේ අච්චුවක් නොලැබුනා නම් මෙච්චර පෞරුෂයක් ගොඩ නොනැගෙන්නත් ඉඩ තිබුනා.
ReplyDeleteඒත් අපි දැන් ළමයින්ට තරවටු කරද්දි පරම්පරා වෙනසත් සැලකිල්ලට ගන්න ඕන..