කාලෙන් කාලෙට ඉන්දියාවේ එක එක නිර්මාණ බිහිවෙනවා. ඒවගේම හරි ඉක්මනට ඕවා අපේ රටටත් වීසි වෙනවා. සමහර ඒවයේ අපූර්වත්වයක් නැතුවත් නෙමේ. ඒත් හොඳ නරක මොකවුනත් පිට රටින්නම් ඕන එකක් බාර ගන්න සූජානන් කට්ටියත් මේ රටේ නැතුව නෙමෙයි. ඕං මම ඒක නම් කිවුවේ ඔයාලට නෙමේ. ඔයාලා එහෙම නෑ නේ නේදෝ.........?
මතකයිනේ පහුනු දවස් වල අර "වැලබෑවුනී" ලා සෙට් එකක් ගෙනත් නටවපු නැටවිල්ල. අම්මපා කියලා වැඩක් නෑ. කදිමයි අනර්ඝයි.....!!
මට පුදුමත් හිතුනා ඉන්දියාවේ "ආශ්චර්යය" දැකලා.
හැමෝම ලොකුයි කිව්වට එච්චර ලොකු නෑ බොලවු...
අල්ලෙනුත් වහතෑකි.
කිවුවට විශ්වාසෙට ගනිල්ලා අපේ ටේලර් ගොයියා කිවුවේ ඌට ටේප් එක නැතුං උනත් මැසිමන්ට් ගතහැකිලු.
හ්ම්හ්.... මේං මෙච්චර විතර ඇති....!
අනිච්චේ දුක්ඛේ... මුන්ට කහඹිලියා අඹරලා ගිල්ලන්ට ඕන ඇතුල්පැත්ත කහන්න.
කොහොම උනත් සරාලා වගේ වලේ එකයි ගොඩ දෙකයි තියාගෙන ඉන්න එවුන්ට ඕවයේ අගයක් ආඩම්බරයක් මෙලෝ රහක් නැති උනාට ඔවුවයේ වටිනාකොම රහ ගුණ දන්න උත්තමයොත් මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්නවා.කිසි වග විබාගයක් නැතුව තප්පුලන්න ගෙහුං උන්දැලගේ උදහසට ලක්වෙයි කියන බයටම සරා ඕං ඒගැන දොඩන්ට යන්නේ නෑ ආයිබොවන්.
මේ උත්සාහය දැනට දශක කීපයකට පෙර ඉන්දියාවේ බිහිවුනු අපූරු චිත්‍රපට ගීත කිහිපයක තොරතුරු දන්න තරමින් ජුන්ඩක් විතර කියන්න.අද ටිකක් අමුතු විදිහකට, මේ හිංදි තනුවලට අනුව බිහිවුනු සිංහල ගීතත් මම මේ සමඟම දෙනවා. හැබැයි හදන්නන් වාලේ හදපුවා නෙමෙයි මුල් ගීයේ තේරුමම හෝ ඒසමාන අර්ථයක් මතුකරපු ඒවා විතරයි. අපි දන්නවා එදා හිංදි ගීත අද මෙන් කලවං පලා මැල්ලුමක් නොවෙන බොහොම අර්ථවත් මිහිරි නිර්මාණ කියලා. මේ නිසාම එදා උතුරු ඉන්දීය සංගීතය කියලා වැඩසටහනකුත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවය කියන නාලිකාවේ විකාශය වුනා කියලා මතකයක් සරාට තියෙනවා.
ඔය ශංකර් ජායිකිෂන්, ලක්ෂ්මී කාන්ත් ප්යාරේලාල්, නවුෂාද් වගේ සංගීතඥයන් ගැන වගේම මන්නාඩේ, මුකේෂ්, රාපි, තලාත් මෙහෙමුඩ්, ලතා වගේ ගායක ගායිකාවන් ගැනත් සරාට ඇහුනේ ඔය වගේ වැඩසටහන් වලින්. එතකොට සරා හිච්චි එකා. ඔය දෙගොල්ලන්ගේ එකතුවෙන් හැදුනු සිංදු නම් ඉතින් මල්ම තමයි. සරාලගේ භාශාවෙන් කියනවානම් එයාලා ඇඬෙන්නම දුන්නා. ඔය වැල බෑවුනීලා නටන හෙලුවැලි නැටුං තිබුනෙ නෑ වගේම පෙන්නපු ටිකත් පෙන්නුවේ කලාත්මක විදිහට. අදකාලේ වගේ මෙසරින් ටේප් එක නැතුවත් දිග පළල කියන්න පුලුවන් කෙරේමෙට නෙමෙයි. කතාව නවත්වලා අපි සිංදුවක් දෙකක් බලමුද ආයිබොවං...
1955 සැප්තැම්බර් හය වෙනිදා තිරගත වුනු ශ්‍රී 420 චිත්‍රපටයට "මන්නාඩේ" ගායනා කලා. සංගීතය ශංකර් ජායිකිෂන් ප්‍රධාන චරිත රඟපෑවා "රාජ් කපූර්" සමඟ "නර්ගීස්." මෙහි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය රාජ් කපූර්ගේමයි.
මෙන්න ඒ තනුවටම නිර්මාණය වුනු සිංහල ගීතය. සරා ගොයියා හරි මිනිහා....
ඔන්න මේ සිංදුව දාලා කාමරේ වෙච්ච ජරමරේ ටිකක් බලන්නකෝ.
පැතුමා: ඔය සිංදුව කියන්නේ සමිතා නේද සරත් අයියේ....?
ලසා: මොන සමිතෙක්ද බං. ඕක චන්ද්‍රලේඛගේ....!
පැතුමා: අනේ පලයන්.. මේ ඉන්ටර්නෙට් එකෙත් තියෙන එක උඹ කොහොමද නෑ කියන්නේ...?
ලසා: ඉතින් ඉන්ටර්නෙට් එකේ තමයි මම කියන්නෙත්...!
සරා: නවත්තපල්ලා දෙන්නම, ඔය එකෙක්ගේ වත් නෙමේ ඔය සිංදුව.
ලසා හා පැතුමා: එහෙනම්....?
සරා: අහගනිල්ලා හොඳට. ඔය සිංදුව මුලින්ම කිවුවේ මේබල් බ්ලයිට්. එහෙම කිවුවට එයාගේ සම්පූර්ණ නම මේබල් ජොසපින් බ්ලයිට්. ඔය සිංදුව ඒකාලේ තිබුන දිගම සිංදුවක්. විනාඩි 8ක් දිගයි චිත්‍රපටි සිංදුව. ඒකාලේ කිවුවේ 1956 මැයි 23 තමයි ඔය චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. සංගීතය ඒ ජේ ද සොයිසගේ. දෛව විපාකය තමයි ඔය චිත්‍රපටියේ නම. ඔය චිත්‍රපටියට අඩංගුවුන සිංදු ඔක්කොම වගේ ගොඩාක් ජනප්‍රිය වුනා. සාගර හිමිය සොයා, සුරතලියේ සුකුමලියේ, සුදෝසුදු රන්, දොයි දොයි දොයි දොයියපුතා ඒවයින් කීපයක් තමයි. සේනාධීර කුරුප්පුයි, මේබල් බ්ලයිටුයි ප්‍රධාන චරිත රඟපෑවේ. ඇති නේද..?
මුල් ගීයේ අර්ථය මේ සිංහල ගීයේ අඩංගු නැත. එහෙත් ගී දෙකම ලියා ඇත්තේ උපහාසාත්මක අයුරිනි.
මිනිසුනේ මම බේබද්දෙක් කියලා හිතන්න එපා.... මම බිව්වා නෙමෙයි... ඉබේ පෙවුනේ..... චිත්‍රපටය ලීඩර්. මුලින්ම තිරගත වුනේ 1964. නවුෂාද්ගේ සංගීතයට ගැයුවේ මොහොමඩ් රාෆී. ලීඩර් රාම් මුකර්ජීගේ වැඩක්. ප්‍රධාන චරිත රඟපෑවා දිලිප් කුමාර් සමඟ වෛජයන්ති මාලා.
මේකත් හරි අපූරු සිදුවීමක්. චිත්‍රානන්ද අබේසේකර මුල් ගීය අපූරුවට සිංහලට හරවලා තියෙනවා. P.L.A සෝමපාලගේ සංගීතයට H.R ජෝතිපාල මේ ගීතය ගැයුවේ "ස්වීප් ටිකට්" චිත්‍රපටියට. ස්වීප් ටිකට් බිහිවුනේ ප්ලොරීඩා ජයලත් සමග ලෙනින් මොරායස් සුසංයෝගයෙන්. ජෝ අබේවික්‍රම, විජිත මල්ලිකා, සුදේෂ් ගුණරත්න වගේ අය ප්‍රධාන චරිත රඟපෑවා.
ජීනේ කී රාහ් චිත්‍රපටයට මොහොමඩ් රාෆී ගායනා කල ගීතය සංගීතවත් කලේ ලක්ෂ්මී කාන්ත් ප්යාරේලාල්. තිරගත වුනේ 1969. රඟපෑමෙන් එක්වුනා ජිතේන්ද්‍ර, තනුජා, ජගදීප්.
මෙන්න ඒකට හැදුනු සිංහල සිංදුව. P.L.A සෝමපාලගේ සංගීතයට H.R ජෝතිපාල ගායනා කලා. චිත්‍රපටය සුහද පැතුම. තිස්ස විජේසුන්දර සමග මාලනී පොන්සේකා ප්‍රධාන චරිත රඟ පෑ සුහද පැතුම සිනමා සිත්තම මුලින්ම තිරගත වුනේ 1973 පෙබරවාරි 23. අධ්‍යක්ෂනය කිංස්ලි රාපක්ෂ. නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.
ඉතින් ආයිබොවං මම යන්න කියලා...
අහ්.. යන්න කලින් මේකත් කියලා යන්නම් කෝ.
මොහොතින් මොහොතට රඟ දෙන්නේ...
දවසින් දවසට පෙරලෙන්නේ...
භවයෙන් භවයට උපදින්නේ...
ඒ මිහිරි අනන්තය හමුවන්නේ...
අපට නැතේ එය හමුවන්නේ..
අපට නැතේ එය ලංවන්නේ..
අනේ ඉතින් සරාට නම් ඔහොම පසුගාමී සිතුවිලි නෑ.ඕනම දෙයක් උත්සාහ කලොත් ලබා ගත හැකිය කියන ස්ථාවරේ ඉන්න ඌ දකින්නේ මේ ජීවිතේදි හැබෑ කරගන්න පුළුවන් හීන විතරයි. තමන්ගේ ප්‍රමාණය නැත්නම් තමන් කවුද කියලා අවබෝධයෙන් ඉන්න සරා බැරිදේවල් ගැන හිතන්නේ නෑ වගේම හිතපු දෙයක් නොකර ඉන්නෙත් නෑ. "උත්සාහවන්ත ජනානං කිම කාරියන්.."
මේකට ගූගල් යාලුවත් මට උදව් කලා ඕං..!
අහ්.. යන්න කලින් මේකත් කියලා යන්නම් කෝ.
මොහොතින් මොහොතට රඟ දෙන්නේ...
දවසින් දවසට පෙරලෙන්නේ...
භවයෙන් භවයට උපදින්නේ...
ඒ මිහිරි අනන්තය හමුවන්නේ...
අපට නැතේ එය හමුවන්නේ..
අපට නැතේ එය ලංවන්නේ..
අනේ ඉතින් සරාට නම් ඔහොම පසුගාමී සිතුවිලි නෑ.ඕනම දෙයක් උත්සාහ කලොත් ලබා ගත හැකිය කියන ස්ථාවරේ ඉන්න ඌ දකින්නේ මේ ජීවිතේදි හැබෑ කරගන්න පුළුවන් හීන විතරයි. තමන්ගේ ප්‍රමාණය නැත්නම් තමන් කවුද කියලා අවබෝධයෙන් ඉන්න සරා බැරිදේවල් ගැන හිතන්නේ නෑ වගේම හිතපු දෙයක් නොකර ඉන්නෙත් නෑ. "උත්සාහවන්ත ජනානං කිම කාරියන්.."
මේකට ගූගල් යාලුවත් මට උදව් කලා ඕං..!