මේ සිද්දිය ඉතින් අර අතින් පයින් දාන ශිල්ප ඉගෙන ගන්න කාලේ ගැන. ඒ කියන්නේ අවුරුදු 18-19 කාලේ. අර ටොෆී කොලේ ඔතලා ගෑණු ලමයෙකුට ලියුමක් දුන්නේ ආං ඒ සංදියේ සීන් එකක්. ඒ කාලේ ෆ්‍රී ටැයිම් වලට ඉතින් කිරිකැට් ගහන එක නොවැ කොරන්නේ. තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නෑ ඔහේ සෙල්ලම තමයි. පොඩි එවුවොනේ නේද.D:
ඉතින් මේ හැම එකම අවිසාවේල්ලේ කොලු කුරුට්ටෝ එක්ක විතරයි. අවිසාවේල්ල ඉතින් අපේ අම්මගේ ගම කියලා මම ඔයාලට කලින් කියලා තියනවනේ.අනිත් හේතුව ඉතින් අපේ ගමේ මට යාළුවෝ නැතිවීම. ඒකට නම් පැහැදිලි හේතුවක් අදටත් මම දන්නේ නෑ. එක්කෝ මගේ නාගරික ගති සිරිත් උන්ට දිරෙව්වේ නෑ,එහෙම නැත්නම් මට උන්ව දිරෙව්වේ නෑ.
ගමේ කම ගොඩේ ගති කියලා හංවඩු ගහන්න මම කැමති නෑ. මොකද මම හැමදාමත් ගමට ආදරෙයි. ගමේ නිහඬ පරිසරය ගැන ගමේ මිනිස්සු ගැන මට දැනුත් මතක් වෙනවා. ඒ මතක වලටත් මම ආදරෙයි. ඒ උනාට ගමේ කොලු කුරුට්ටෝ වගේ සරං කොටයක් ගහගෙන මල් පිහියක් ඉනේ ගහගෙන කැලෑවේ රිංගන්න මගේ කැමැත්තක් තිබුනේ නෑ. ඉතින් උන් ඔක්කොම එක විදිහක් වෙලා මම විතරක් වෙනස් උනහම උන්ට මාව සැට් වෙන්න නැතුවැති. හැබැයි ගමේ කෙල්ලෝ නම් එහෙම නෑ.දුටු තැන පැණි හිනාව දානවා. මාත් එහෙමම තමා ඉතින්.
ඒත් ඉතින් එයාලත් එක්ක කිරිකැට් ගහන්න බෑනේ. නේද..? හික්ස්..!
ඔය හේතු නිසා තමයි ඉතින් මම දුර උනත් අවිස්සාවේල්ලේ උන්ම ඇසුරු කොලේ. මේ සංදිය වෙද්දි මගෙ පරන කොටලුවටත් සමුදීලා අජානේය අස්පයෙකුත් අරන් හමාරයි නෙව. යමහා DT70තමයි උගේ නම. ඉතින් ඕකේ නැගලා පීල්ල ලඟින් යනකොට හිරිමල් ගැටිස්සියෝ ඇස්ලොකු කරගෙන බලා හිටියේ නෑ කිවුවට ඔයාලා පිළිගන්නවද නෑනේ.
රන් ගුරුළු වාහනෙන් ඔබ යන කලට ඉගිල්ලී
ඉඟි බැලුම් මොටද මං අසරණ පුංචි කිරිල්ලී...
කියන හැඟීමෙන් බලපු අයත් ඔය අතරේ උන්නා. ඒ කතා මම පස්සේ කියන්නම්කෝ. දැන් කියන්න ආපු කතාව ඉවර කොරන්නෙපැයි නේද..?
ඉතින් ඔය අවධියේ මට උන්නු හොඳම යාළුවෝ තමයි පොඩි මල්ලි, නීල්, බන්ඩා කියන්නේ.මාත් එකතු උනහම හතරයි. ලොවෙත් නැති පෝරිසාදයෝ උනාට කාටවත් අපෙන් කරදරයක් නෑ.සිද්දිය උන දවසෙත් තවත් පුංචි එවුන් රැලකුත් එකතු කොරාන අපි කිරිකැට් ගැහුවා. ඔහොම සෙල්ලම් කර කර ඉද්දි, මද පමනට සප්පායම් වෙච්චි හාදයෙක් පිට්ටනිය මැදට ඇවිත් අපේ තරඟෙට බාධා කෙරුවා.
උන්දෑ අපේ බාප්පා කෙනෙක්. මම කලිනුත් කිවුවනේ අපේ අම්මගේ පරම්පරාව තමයි මේ ගමේ වැඩිම ජනගහනය. E.A.පරම්පරාව කිවුවම ගමෙන් බාගෙකටත් වැඩී වගේ. ආපු එකත් ඕකෙම එකෙක් තමා. ඉතින් අපි කිවුවා අපි මෙතන සෙල්ලම් කරනවනේ ඔයා එහාට ගිහින් කෑ ගහන්න කියලා.
නයි කයිද රෝස් පාන්, මෙන්න මේකා රටේම තියෙන කුනුහබ්බ කියලා අපට බනින්න පටන් ගත්තා.
යකෝ අපි මෙහෙමයි කියලා වරදක් කීවේ නෑ.
ඒඋනාට මූ කියන කුනුහබ්බ......!
නෑ කමට සලකලා යන්න කිවුවට මේවගේ අයට ඒ සංදියේ අපි හරි මනාපයි. ඇයි ඉතින් ඉගෙන ගත්ත ශිල්ප අත්හදා බලන්න පුළුවන් මෙහෙම වෙලාවටනේ. අනික ඉතින් මෙහෙම පොරක් නැතුව කවුද අපේ අතේ පයේ හයිය මැනගන්න චාන්ස් එකක් නොමිලේම දෙන්නේ. හික්..!
හා නැද්ද මං අහන්නේ..?
ඒත් ඉතින් මට චෑන්ස් නෑ මූ මගේ බාප්පෙක්නේ. අනික් උනුත් ටිකක් විතර පසු බෑවේ E.A.පරම්පරාවේ එකෙකුට කචල් එක දැම්මම අදාල එකා හරි උනත් වැරදි උනත් රැලම එන නිසා.ඇවිස්සුනහම උන් කඩිගුල වගේ. ඔය නිසාම තමයි උන් හැම එකාටම පාට් එක දාන්නෙත්. කතන්දරේ හරියට දන්න නිසා අවුරුදු ගානක් ක්ලාස් ගියාට හිතේ කොනක පොඩි චකිතයකුත් නොතිබුනාම නෙමෙයි. ඇත්ත කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑනේ හික්.
කොහොමින් කොහොම හරි බාප්පා කාරයා අපේ එකෙකුට වැනුවා. අනේ ඉතින් E.A පරපුර නෙමේ දස මාර සේනාව ආවත් වරදකුත් නොකර ගුටි කන්න පුළුවන් කාටද.
ඒ මදිවට අවුරුදු ගානක් #@& ක්ලාස් ගිහිල්ලත්. උන් හිටි තැන් අමතක උන නීලුයි, බන්ඩයි, පොඩි මල්ලියි, අරූට නෙලන්න ගත්තා බීපුවා කටින් එන්න.
ඒක හරියට ඇක්ෂොන් පිලිම් එකක් වගේ ඕයි. ගමේ උන් කවදාවත් දැකලාවත් නැති ෂොට් වදින්නේ. අත පය කහනවා වගේ උනාට මට කොරන්න දෙයක් නෑ,
මූ ඉතින් බාප්පනේ. ටික වෙලාවකට මම ප්‍රේක්ෂකයෙක් උනා. ඒත් ඉතින් මට එහෙම වැඩි වෙලාවක් ඉන්න ලැබුනේ නෑ,කොහේද ඉඳන් දුවගෙන ආපු වීරේ මාමා මා ඉස්සරහා හිට ගත්තා.ඇත්තටම මගේ උගුර කටත් වේලුනා කිව්වොත් ඒක බොරුවක් වෙන්නේ නෑ.
කසාදයක් කරගෙන ගමේ පදිංචි වෙලා උන්නට වීරේ මාමා කොළඹ හාදයා.කරාටේ එහෙමත් දන්නවළු. පත උඩුරැව්ලකුත් තියෙන ෆිට් පොරක් උනු මෑන්ස්ට කුළු හරකෙකුට වගේ හයිය තියනවයි කියලයි ගමේ උන් නම් කියන්නේ. තත්පර දෙක තුනක් ඇතුලත මට ඔය ඔක්කොම මතක් උනේ වීරේ මාමට හිත ඇතුලේ තිබුනු බයටමද මන්දා.
මට දැන් මීපේ ආයුර්වේදෙත් පේනවා පේනවා වගේ. යාලුවොත් තවම අරූට වග කියනවා.
වීරේ මාමා බළල් අඩි තිය තිය ඉස්සරහට එනකොට මම අතේ තිබුන බැට් එක හිර කරලා අල්ල ගත්තා.
ක්යා.....හ්..!
වීරෙ මාමා සද්දේ දාන කොටම මම පුළුවන් තරම් වේගෙන් බැට් එක වැනුවත් මට හිතාගන්නවත් බැරි විදිහට පහතට නැවෙමින් මෑන්ස් කවර් උනා. බැට් එක "සං" ගාලා හුලඟේ ගියා.
මේවගේ වෙලාවකදී තත්පරයක් කොච්චර වටිනවද කියලා මෙහෙම සෙල්ලම් දාපු කොල්ලෝ නම් දන්නවා ඇති.
ඇයි කොල්ලෝ විතරක් ඔය බ්ලොග් ලියන චන්ඩි කෙල්ලොත් ඉන්නේ.
ඉහලට එසවුනු බැට් එක එම වේගයෙන්ම ආපහු ඇද්දේ පෙර සූදානමකින් යුතු පහර දීමකට වීරෙ මාමාගෙන් මට අවස්ථාවක් නොලැබෙන වග ඉවෙන් මෙන් වැටහුනු නිසයි. ඒත් එක්කම මම පාදය මාරු කල නිසා වීරේ මාමා මට එල්ල කල පා පහර හුලඟේ ගියා.
ඒකෙ වාසිය ඉතින් මටනේ.
යේ..... ඒ පාර නම් මම සාර්ථකයි කියලා මට හිතුනේ "චහ්" ගාන සද්දෙත් එක්කම බැට් එක පොරගේ මූණේ වදිනවා මම දැකපු නිසයි.
ආයේ දෙකහමාරක් නෑ නහය කුඩු.
ඌ අත් දෙකෙන්ම මූණ අල්ලගන්නකොට තවත් බැට් පාරක් කකුල් දෙකට දුන්නේ
"දැනගනින් වීරෙ මාමේ මේවා කොළඹ කරාටේ නෙමේ කිරි ඇල්ලේ පොල් අඩි" කියන ගමන්.
උන්දෑ අම්මෝ කියාගෙන බිම වැටෙන කොටම මටත් අම්මෝ කියවුනේ පිට හරහා වැදුනු පොල් පිති පාරට.
තවම හැන්දෑව උනාට මට හීං කනාමැදිරියොත් පෙනුනා ඒ පහරේ සැරට.
අතේ තිබුන බැට් එකත් වීසි උනා.
කවුද @ත්තෝ පිටිපස්සෙන් ඇවිත් ගහන්නේ....? වරෙන් පේස් ටු පේස්..!
මමත් ධර්ම ටෝකක් දෙන ගමන් අනිත් පැත්ත හැරුනේ මොකාද මේ ජාත්‍යන්තර යුධ නීති උල්ලංඝනය කරන්නේ කියලා බලන්න.
@#ලා තියෙන්නේ අපේ අම්මගේ පොඩි මල්ලි. මාමා උනාට අපි කියන්නේ පොරට බූලා කියලා. හැබැයි ඇහෙන්න නම් නෙමේ ඉතින්. මොකා උනත් පිටිපස්සෙන් ඇවිත් ගහපු එකට චෑන්ස් දෙන්න බෑනේ ආයිබෝං.
අනෙක පොල් පිත්තකින්. මරුවා පෙනිලා උන්නු මාත් පැන්න ඌ ලඟට.
මේකා දෙවනි පාරත් නෙළුවනේ...!
වම් අතින් පහර වැලකුවෙත් දකුනු කකුල ඉහලට එසවුනෙත් එකම තත්පරේක.
අර අහවල් කික් එක මූණටම ෂොට් තුනයි.
හරියට ඩෑම් ඩෑම් වගේ.
මම කකුල පාත දාන කොටත් වැටිලා ඉවර මාමන්ඩියා දිව්වේ ඔලුව හැරිලා තිබුනු පැත්තටමයි.
සිංහයා වගේ වටපිට බැලුවේ කඩේ ගාව වගෙම අහල පහල ගෙවල් වලිනුත් එලියට ඇවිත් කට්ටිය බලාගෙන ඉන්න බව දැකපු නිසයි.
අපේ අනිත් එවුන් තුන් දෙනත් තියාගෙන නෙලනවා තුන් දෙනෙකුට.
පොල්පිති පාරකුත් කෑවට පස්සේ මොන නෑදෑ කම්ද මමත් පැනලා හවුල් උනා.
ගැහුවා දුවනකම් හතර දෙනාම.
පාරවල් තුන හතරක් වැදුනට අපේ උන් හොඳ සනීපෙන් උන්නා. ඒත් හති අරිනවත් කාලයක් ලැබුනේ නෑ අපට මේං එනවා ප්‍රේමරත්නයි,උන්ඩියයි, පොඩි සුදයි,විමලෙයි.
මුං ඔක්කොම මට බාප්පලා. ඉස්සර වෙලාම ආව තුන්දෙනාම කෙලින්ම ග්‍රවුන්ඩ් එකේ.
අපිට ගහගෙනමයි ආවේ. අපෙත් හොඳට මොරාල් එක අප් වෙච්ච වෙලාවනේ. අපිත් ගහ ගත්තා අවුලක් නැතුවම.
ජීවිතේටම දැකලා නැති වේගවත් පහරවල් වලට වැඩි වෙලාවක් මූණ දීමේ හැකියාවක් උන්ට තිබ්බේ නැති බව අපට තේරුනේ ආවට වඩා හයියෙන් උන් ආපහු දුවන කොට. මේ සීන් එක පාරෙම නැවතිලා බලන් උන්නු විමලේ බාප්පා
අඩෝව්.... තොපිට ලේ බලන්න නේද ඕන. වරෙවු බලාපියවු මගේ ලේ....!
කියලා කෑ ගහන ගමන් ගල් ගෙඩියක් අරගෙන තමන්ගෙම ඔළුවට ගහ ගත්තා. ලේ පෙරාගෙන උන්දෑ එතන වැටුනා. මට හිතෙන්නේ මේ ඇඹිටිල්ලන් කොල්ලන්ගෙන් ගුටි කන්න පොරට හිත හදා ගන්න බැරි වෙන්නැති. අනික ඉතින් මහා කෙරුම් කාරයො රැලක්ම ඉන්න E.A. පරම්පරාව නේ මේ ගුටි කෑවේ.
කොයි තරම් අවනම්බුවක්ද..?
අන්තිමට වීරෙ මාමයි, විමලේ බාප්පයි විතරයි එතන අනිත් උන් ලොවෙත් නෑ. ටිකකින් ලතා පුංචයි, වීරෙ මාමගේ නැන්දයි ඇවිත් ලෙඩ්ඩු දෙන්නව අරං ගියා බෙහෙත් දාන්න.
ඒ දෙන්නා අනේ අපට නම් වචනයක් වත් කිවුවේ නෑ. අහල පහලකවත් නොහිටපු අපේ අම්මලා තාත්තලාට නම් පලු යන්න බැන්නා.
ඉතින් ඒකට අපි මොනා කරන්නද..?
ඒගොල්ලෝ මේ ගොල්ලෝ නෑදෑයෝ වෙච්චි. එයාලා ඒවා බලා ගන්නේ නැතෑ කියලා අපි ගියා ප්‍රියංගනී අක්කලගේ කඩේට.
ආයේ එඤ්ඤං ආයිබොවන් මොනා හරි ඇන්න.
එල වලියක්නේ. හිංදි පිචැර්එකක් වගේමයි.
ReplyDeleteහිංදි පිචැර් එකක් වගේය කිවුවා.හිකිස් වෙන්න ඇති යාලුවා පුරුදුවෙන කාලෙ නොවෑ..! ස්තුතියි ඉතින් මේ අහ ආවට.
Deleteරාජ් කියපු එක ඇත්ත..මාත් කියන්න හිටියේ හැත්තෑ ගනන්වල සිංහල චිත්‍රපටිවල යන වලියක් වගේ කියලා...
ReplyDeleteහැත්තෑව දශකේ අන්තිම හරිය වෙනකොට මම යන්තම් දන ගාන එකා නිසා.මට නම් හරි අවබෝධයක් නෑ වගේද මංදා රූ.! ඒ කියන්නේ අපට සිංහල චිත්‍රපටි නලුවන්ට වගේ හැකියාවකුත් තියනවා.
Deleteඅර ගහපු පාරවල් වලට පස්‌ෙස් “ඩිෂුම් ඩිෂුම්“ “ ඩෝං පටෝං“ ගානවා ඇහුනේ නැද්ද අය්යේ.. හි හි... සිංහල ෆිල්ම්ස්වල වගේ.....
ReplyDelete( නැත්තම් ගෙදර ගිහින් අම්මගෙන් හම්බුනාද ඒ වගේ පාරවල් ටිකක්.. හි හි.)
ගහලා ඉවරවෙලා විනාඩියක් විතර ගියාට පස්සේ ඇහුනලු :))
Delete@ හිරූ
Deleteඅපි ගහනකොට ඒ වෙලාවෙම සද්දෙත් එනවා නොවැ හිරූ..! තාත්තා මට ඉස්සර කියලා තියෙන්නේ උඹ කොහේ ගියත් කමක් නෑ,දිනලා වරෙන් කියලා. ඒ වගේම තමයි මොනම හේතුවක් නිසා හරි ගුටි කාලා ඇවිත් තිබුනොත් මට එයාගෙනුත් ගුටි ෂුවර්. ඒ නිසා මම පුරුදු වෙලා හිටියේ ගෙදරට ආපු සූදුව වලං විකුනලා හරි ගහන්න.
සික්කේ... මම හිටියේ නෑනේ ඔතන.
ReplyDelete(නව ලෝක වාර්තාව- මීටර් 100 - තත්.8)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල කොල්ලෙක්නේ...! මෙන්න වැඩ්ඩෝ..!! අපේ ගමේ පොඩි එකා, සුභ වේවා.. සාජ සම්පත් ලැබේවා...!!!
Deleteඅඩේ අයියේ උඹ ගහලා තියෙන්නේ උඹේම නෑදෑයොන්ටනේ
ReplyDeleteඅර අහවල් එකෙන් එහාට නෑකම් නෑ කියනවනේ මලයෝ..! අනික මේ වගේ උන් එක්ක නෑකම් අතාරිනකොට මම හිච්චි එකා..! තාත්තලා කියන විදිහට ඒක කලු ජූලිය කාලේ දක්වා දිග කතාවක්. ඒකේ රිටන් එක මම පිලිවෙලට දුන්නා පස්සෙන් පහු.
Deleteබලාගෙන ගියාම පෝරිසාදයෙක්ම තමා...
ReplyDeleteහි හි හි
මෙන්න මෙයා මට බනිනෝ...!!!!
DeleteOyala thawa meyage porisada wada ahuwe na. Thanikadaya kale karala thiyennema gaha ganneka. Dan thamai tikak ewagen ath wela inne. Dannawada ay e kiala. Dan eya paul pansal welane ekai.
ReplyDeleteබොරු.. බොරූ..!!
DeleteGon joke..................
ReplyDeletePuh..............
හ්ම්හ් බොලා වගේ උන්ට...!!
Deleteඋඹ වගේ කලවැද්දෙක් ඇවිත් හසිතයගේ පෝස්‍ටුවෙත් පහරලා ගිහින් තියෙනවා මම දැක්කා.
Deleteමම මේ ටික උපුටා ගත්තේ "රූ"ගේ පෝස්‍ටුවකින්. මම බ්ලොග් කියවන්න ආපු මුල් කාලයේ හරිම අපූරු කොමෙන්න්‍ටු දාපු අද වෙනකොට අපි අතර නැති හරිම සුන්දර මනුස්සයෙකු කොඳු නාරටියක් නැති ඇනෝලා ගැන කියපු අපූරු කතාව මගේ මතකේ තිබුනු නිසා ආයෙත් හොයලා ගත්තා. ඉතින් ඇනෝ මේටික උඹේ මතක පොතට. ලියලා ලඟ තියා ගනින් කොමෙන්ට් කරන කොට මතක් වෙන්න. අවසරයි රූ මේ ටික පල කරන්න.
Deleteරූ....March 5, 2012 9:20 PM
ගෙදර ඉස්සරහා බල්ලෙක් ජරා කලාම එහෙමම තියන සිරිතක් නැති නිසා මම හෝදලා දැම්මා ඔන්න..
Delete
ObserverMarch 6, 2012 4:41 AM
පව් අප්පා ඒකා ඕක දිහා සැරින් සැරේ බලල උගෙ වීර ක්‍රියාව ගැන කොයි තරං සන්තෝෂ වෙන්න ඇද්ද ? ඔයා උගෙ සතුට විනාස කරල කාලකන්නි සතුටක් ලැබුව එක කොයි තරං වැරදිද
පෝස්ටුවෙන් ආපු ගැම්මත් විනාස කළා තැන තැන රෙන බලු කුක්කා.. :)
Deleteහොද ප්‍රතිඋත්තරයක් සරා !
ජය !