ඔන්න යාළුවනේ මේ කතාවනම් මට මතක් කරලා දුන්නේ පහුගිය පෝස්‍ටුවකට කමෙන්ට් කොරැවුව ඇනෝ මහත්තුරු.ඉතින් මම කතාවටම එන්ටර් වෙන්නම්කෝ වහෙන් ඔරෝ නැතුව.උක්ත.......හුටා කාගේ හරි දිව ටැපලුනොත් නරක නාමේ එන්නේ මට.සරා කුනුහබ්බ ලියනෝ කියලා. ඒ නිසා මම මෙහෙම ලියන්නම්.. පියසේන මාමා හරි අපූරු පුග්ගලයෙක්. ඇයි කියනවා නම් සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් නිහඬ චරිතයක් උනාට රා ඩිංගිත්තක් බුන්න වෙලාවට නම් හැටකට උනත් ගහනවා කාටවත් අල්ලලාවත් නවත්තනවා බොරු ඕං...!
ඒවගේ වෙලාවට උන්දෑ යකෙකුට වත් බයනෑ ආයේ. උදාහරනයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ.දම්මුල්ලේ හන්දියෙදී කවුරු හරි මුන්දෑ එක්ක අරෝවට ආවා කියමුකෝ. හීන්සැරේ නැට්ට කකුල් දෙක අස්සේ ගහන් මාරුවෙනවා මෙයා එතනින්.ඊට පස්සේ එනවා කඟවේනා වගේ ගෙදර. මල් පිහියත් (කිතුල් මල් කැපීම සඳහා යොදා ගන්නා පිහියක්) ඉනේ ගහගෙන නගිනවා කිතුලකට.නැගලා බොනවා රා.ලාවට වැදීගෙන එනකොට හෙමිහිට පටන් අරගෙන පදම එනකොට හඬ වැඩි කරමින් බනිනවා අර හන්දියෙදී මුන්දෑ එක්ක උරුට්‍ටු අල්ලන්න ආව එකාට, ඊලඟට උගේ අම්මා ඇතුලු හත්මුතු පරම්පරාවවම ඈඳලා. මේකේ තියන අරුමේ නම් සිද්ධිය උන තැනයි බනින තැනයි අතර දුර සැතපුම් දෙකකටත් වඩා වැඩි වීමයි.
එතකොට ඉතින් ගමම දැන ගන්නවා අද පියාට මොකෙක් හරි සත්තමක් දාලා කියලා. ඇයි බොලවු මේකා කිතුල උඩ ඉඳන්නේ ජාතිය අමතන්නේ.පින්කමක් දවසට පංසලේ ලවුඩ්ස්පීකරේ වගේ ගමටම ඇහෙනවා. ඉතින් මෙයාගේ ලොකු පුතා මංජු. මගේ වයසෙමයි. හැබැයි ඉතින් මුල් ගංකාරයෝ කියලා ටිකක් හිතට අරන් ඉන්නේ.
ඉතින් මට "පාං" ද.
මම ගනන් ගන්නේ නෑ ඒවගේ උන්ව දනෙන් උඩට. දවසක් උගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක පංසලේදි මා එක්ක පැටලිලා හාමුදුරුවෝ මැදට පැනලා වැඩේ ෂේප් කලා. එදා මම මංජුට කිවුවා හාමුදුරුවෝ නැති තැනක නම් මේ රිලවු එක්ක මට මුන ගැහෙන්න එපා කියලා. එහෙම කිවුවට ඉතින් ඌ කියලා කොහේ යන්නද. මේක ඌ උපන් ගමනේ.
හා.... නැද්ද මම අහන්නේ...!
දවසක් මම අඩි පාරකින් අපේ ගෙවල් පැත්තට යනකොට (රබර් වතු මැදින් තියෙන කැලෑ පාරක්) මංජු එනවා මල් පිහියකුත් ඉනේ ගහගෙන ඒ පාරෙන්ම. මූ ලඟටම එනකොට මට නිකම්ම හිනා ගියා ඊලඟට වෙන දේ මතක් වෙලා. මම හයියෙන් හිනාවෙනකොට මංජුට නිකම්ම මගේ දිහා බැලුනා. එතකොට මෑන් මට හොඳටම ලංවෙලා. මමත් මගේ සුපුරුදු දකුණත් පහර මංජුගේ මුහුණ හරහා එල්ල කලා විදුලි වේගයෙන්. ඒ පහරේ වේගය දරා ගැනීමේ හැකියාවක් ඌට තිබුනේ නැති නිසාද කොහෙද උන්දෑ විසිවෙලා වැටුනේ පහලින් තිබුනු රබර් නෙරේට. මල් පිහියත් ඉනේ තිබුන නිසා මම හිතුවා පොර නැගිටලා එයි කියලා මං ගාවට.
මොන ... මූ නැගිට්ට ගමන් දිවුවා.
කලබලේට ගෙවල් පැත්තටත් නෙමේ,ආපු පැත්තටම. වැටෙන කොට ඉනේ තිබුන මල් පිහිය විසිවෙලා.මම ඒකත් අහුලන් තනියම හිනාවෙවී ගෙදර ගියා. හැන්දෑවේ මට ඇහුනා පියසේන මාමා ජාතිය අමතන හඬ. දවල් කරපු අලුගුත්තේරු වැඩෙත් මතක නිසා මම අහගෙන හිටියා කාටද මුන්දෑ අද බනින්නේ කියලා.
ඔය තියෙන්නේ....මූ මගේ පලු අරිනවා.
පිට ගංකාර වේ## පුතා මගේ කොල්ලට ගැහුවා.
මට අහු උනොත් ඕකා පෙති ගහනවා.හු ### පුතා.
සභාපතියා චන්ඩියෙක් හදලා අපේ දරුවන්ට පාරක යන්න විදිහක් නෑ.
යකෝ මට මූ පුතා කිය කිය අම්මටයි තාත්තටයි නේ බනින්නේ. මම දුවලා ගිහින් කැසට් එක හයියෙන් දැම්මා. ගෙදර අයට ඇහුනොත් වසලා හමාරයි නොවැ. ඊට පස්සේ මංජුගේ මල් පිහියත් අරගෙන මම පියසේන මාමලගේ ගෙවල් පැත්තට ගියා. ගෙහුන් කිතුල් තියෙන මන්ඩියයි පියසේන මාමලගේ ගෙවලුයි අතර මැද ගලක් උඩට වෙලා ඉඳගෙන උන්නා. ටික වෙලාවකින් ඒක පාර්ශවික සංග්‍රාමය දිනපු පියසේන මාමා පල්ලම් බැස්සා.ලඟට එනකම් ඉඳලා මමත්.............
ආ..පියසේන මාමේ..!
කියලා ගලෙන් පල්ලට පැන්නා. උනේ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දෙයක්.
මෙන්න සභාපතියගේ කොල්ලා මට ගහන්න පන්නනෝ....!!!
කියලා මේ හාදයා දුවන්න තියා ගත්තනේ. අත් දෙකේ එල්ලන් උන්න තෙජ්ජ මුට්ටි දෙකත් හැලි හැලි.
මූ කියන බොරූ...!!!!!!
මම තනියම හිතුවා. සද්දේ ඇහිලා නන්දා නැන්දා( මංජුලගේ අම්මා) උඩහට දුවන් ආවා.
මොනවද ලමයෝ මේ කරන්නේ.....!
දවල් මංජුත් එක්ක රන්ඩු උනාලු. දැන් මේ වයසක මනුස්සයා එක්ක එල්ලෙන්න ආවද.
මම කියනවා ඔය ලමයින්ගේ තාත්තත් එක්ක....! හිටින්ටකෝ...!
ඔන්න උන්දැත් බෙලි කටු මල්ල හොලවන්න ගත්තා.
අප්පේ...තල් අත්තට බොරලු ගහනවා වගේ.....
කවුද නැන්දේ රන්ඩුවට ආවේ....!
මම බොහොම ශේප් එකේ ඇහුවා.
එහෙනම් මොකටෑ ඔය ලමයා මෙහෙට ආවේ.
මම ආවේ මේ මල් පිහිය දීලා යන්ඩ.
දවල් මංජු අතින් වැටිලා මේක.
කොහෙද ඒක කියන්ඩ හදන කොටනේ පියසේන මාමා ගාල කඩා ගත්ත ගානට දිවුවේ.
මේන් නැන්දේ පිහිය..!
මමයනවා.....!
සරා ශේප් එකේ මාරු......................!
ප/ලි
මට මේක ලියන්න හිතුනේ ඇනෝ මහත්තුරුන්ගේ වැඩ අපේ පියසේන මාමා තරමට වත් නැති නිසා.සරාගේ ලෝකය ලියන මම මහා උගතෙක් වත් ලේඛකයෙක් වත් නෙමේ ඕං. නන්නාඳුනන රටක ඉන්න නිසා පාළුව මකා ගන්න බ්ලොග් කියවන්න ආව, එහෙම ආ වෙලාවේ හඳුනා ගත් මිතුරන්ගේ උදව්වෙන් බ්ලොගක් හදාගෙන ඒක කොටන සාමාන්‍ය එකෙක්.ඉතින් බොහොම සාර ගර්භ ලිපි විතරක් කියවන ඇනෝ මහත්තුරු සාස්ත්‍රීය ලිපි බලාපොරොත්තුව සරාගේ ලෝකයට ගොඩවදින එක නම් මහා විහිලුවක්. මොකද සරාට ඒවා ග්‍රීක් වගේ.ඌ ඒවා කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ.
ප/ප/ලි මේක කියවලා ඔයාල හිතයි මේ නසරානියා පන්සල් යන්නෙත් රන්ඩු වෙන්ඩ කියලා.ඒකට හේතු පාදක උනු කාරනාව ඔයාලට මම පස්සේ කියන්නම්කෝ.
හික්. මාර වීරයෙක්නේ. සුපර් මෑන්ටත් තෙලිජ්ජ මුට්ටිය තියෙනවානම් දෙයි ඇට්ට හැලෙන්න
ReplyDeleteඑහෙනම්.....! වනයි කොනක ඉඳන් නේ...?
Deleteඅන්න වීරයෝ...අදහන්ඩ වටිනවා. ගුටි කනවට වඩා නරකද ෂේප් එකේ ඇඟ බේරා ගන්න එක...සරාත් පොඩ්ඩක් වීරයා වෙන්න හදලා ඉතින් අපිට නොකීවට...හි හි
ReplyDeleteසරා කවදාවත් වීරයා වෙන්න හදලා නෑ යාළු.ප්‍රථිවාදියා මොකා උනත් එඩිතරව මූන දෙන්න මාව පුරුදු කරේ මගේ තාත්තා.
Deleteහික්ස් නියම කතාව
ReplyDeleteඔය ඇනෝ කතා ලොකුවට ගන්න එපා අයියා.
පිස්සුද මලේ සරා කියන්නේ ගල් පලලා මද කෑව එකෙකුට.ස්තුතියි..!
Deleteහිකිස්....සද්ධෙට උඩ පනින ගොඩක් එව්වො ඔහොම තමයි...
ReplyDeleteමොකට කියනවද මලේ..? ඕන තරම් හම්බ වෙලා තියනවා මට ඔය වගේ පුස් වෙඩි. සද්දෙයි දුමයි විතරයි ඕං..!
Deleteසභාපති කිව්වේ තාත්තා මොකේද සභාපති ??
ReplyDeleteකට්ටිය නයි හොයන නිසා ඒගැන කතා නොකර ඉමු මලේ. ඉඩම් හිමි වැවිලි කරුවෙක් කියලා විතරක් කියන්නම්කෝ. මගෙ හිතේ ඇතිවෙයි.......හෙහ් හෙහ්...!
Delete///මමත් මගේ සුපුරුදු දකුණත් පහර මංජුගේ මුහුණ හරහා එල්ල කලා විදුලි වේගයෙන්.///
ReplyDeleteමේක කිව්වා වගේම ගැහුවද.....? හි හි....
හිරු සරාගේ ලෝකෙට අලුත්නේ... ඒනිසා ඔහොම පුරස්න අහන එක ඒහැටි පුදුමයට කාරනවක් නෙමේ. හැබැයි සරාට ඔය වගේ වැඩ මැජික් නෙමේ. ඉතාම සාමාන්‍ය දේවල්. දන්නෝ දනිති. නොදන්නා තරමටම හොඳය.හිකිස්......!!
Deleteඅයියා සෑහෙන චන්ඬියෙක්නේ... :)
ReplyDeleteබොලා මට විහිලු කරනවැයි. සාගරේ ලඟ ඉදන් කෝප්පෙක වතුර ගැන කතා කොරන එක මගේ කෙරේමේ නෙමේ මලේ. හික්....!
Delete