නිලුකා තුෂාරි........ඇත්තටම එයා නමටත් වඩා ලස්සණයි.ඒ පැත්තෙම හිටපු ලස්සණම කෙල්ල කිවුවොත් තවත් නිවැරදියි. එතකොට මම දහය වසරේ උන්නට මහා දඩබ්බරයා. හැමෝම කිව්වා එයා ගොඩාක් ලස්සණයි කියලා. ඒ නිසාමද කොහේද මට හිතුනා එයා එක්ක යාළු වෙන්න.ඔන්න වැරදියිනේ කිවුවා.අපි එතකොටත් යාළුවොනේ.මට කියන්න ඕන උනේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න හිතුනා කියලා. රුව වගේම පෙනුමෙනුත් හරි අහිංසක පාටක් තිබුනු එයා එක්ක පෙම් පලහිලව්වක් ඉස්ටෑක් කොරන එක මට මහා ගේමක් නොවුනේ මගේ දඩබ්බර ගති පැවතුම් නිසාම වෙන්නැති.
කැලෑ බද ගමක් උනු ඒ ගමට අලුතෙන් පදිංචියට ගිය අපට තිබුනේ නාගරික ගති පැවතුම්. ඉතින් ගමේ හැදුනු වැඩුනු කොල්ලන්ගේ නැති මෝස්තර දඟ වැඩ තව තව අලුත් දේවල් මා ලඟ තිබුනු එකත් අමතර සුදුසු කමක් වෙන්නැති.ඔය ඔක්කොටම වඩා අහල ගං හතේම එකෙකුටවත් නැති චැලි බයික් කටුවකුත් තිබුනා අම්මා අරන් දීපු. කොහොමින් කොහොමින් හරි ඉස්කෝලේ හිටි ලස්සනම කෙල්ලටත් හිමි කම් කියන්න මට පුලුවන් උනා කියමුකෝ. ඉතින් බොලාට කියන්න ඕක මගේ පොතම පේමේ හොදේ. ඈහ්...............තේරුනේ නෑ වගේද. ප්‍රථම ප්‍රේමය කියන්නේ අන්න ඒක මෙයා අයියෝ මෙයාල ඒකවත් දන්නේ නෑනේ.
ඒකාලේ මට මාර හැපි. එයාව දැක්කත් බඩ පිරෙනවා. ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම දුවන්නේ අපේ රබර් වත්තට. අන්න අන්න බොලාගේ කැත හිත එලියට පැන්නා. දැන් බොලා හිතන්නේ මම අර ගෑනු දැරිවි ගැන හිත හිත රබර් වත්තට වෙලා දෙවරක් චක්කරේ පාඩම් කොරා කියලනේ. අනේ නෑ.. මී ඇස් දෙක පල්ල එහෙම නෑ.
යකෝ ඉතින් කිවුවම විස්වාසෙට ගනිල්ලකෝ යමක්....!
ඔය තව පොඩ්ඩෙන් කිය කිය හිටපු කතාවත් අමතක වෙනවා.
අපේ ඉඩමේ තිබුනා පෙරලුනු රබර් ගහක්. ඉඩමත් කන්ද උඩනිසා ඔය ගහ උඩට නැග්ගම පහලින් තියන ගම අපූරුවට පේනවා. එයාලා ඉස්කෝලේ ඇරිලා යන්නේ ආච්චි අම්මලගේ ගෙදර. එහෙට යන පාර අපේ රබර් ගහට හොඳට පේනවා. මම ඉතින් ගහ උඩින් ඉඳගෙන බලාගෙන ඉන්නවා එයාලා යනකම්. ඊට පස්සේ තමයි ඇවිත් බත් කන්නේ.
මාර ඇඹලයෙක්නේ.... කියලා හිතෙනවද...? එහෙම කියන්නෙපා ඉතින් පොතම පේමෙනේ බං..!ඇත්තටම කියනවනම් ගෑණු ලමයෙක් එක්ක යාළු උනාට ඊට පස්සේ කොරන්න ඕන රාජකාරි ගැන නම් මට හරි හමන් අවබෝධයක් තිබුනේ නෑ ඕං. එතකොට මම විස්වාශ කොලේ ආදරය කියන්නේ අර නන්දා මාලනී මහත්මිය කියන විදිහට "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ" අහවල් එකයි කියලා ඕං. කිවුවහම විස්වාසෙට ගනිල්ලා නැත්නම් ගෙදර පලයල්ලා මචංලා මට වැරදුනා වැරදිල්ලක් ඔය සිතුවිල්ල හින්දා ආයේ... වැඩක් නෑ ඕයි කියලා...! අම්මපා ඇඬෙනවා තනි ඇහට මතක් වෙනකොට.
ඉතින් මම එයාව මුන ගැහෙනවා කතා කරනවා යන එන තැන් වලදි ආරක්ෂාව සපයනවා වැඩ කෝටියයි. ඒත් දැන් හැදෙන ප්රේමාතුරයෝ වගේ ගහක් ගලක් යටට ඇදගෙන ගොහින් පොඩි සැපක් ආතල් එකක් ගන්න ටැයි කොලේ නෑ කවදාවත්. මම හිතුවේ කිවුවේ ඒවා වෙන්නෝන හැබැයි ඒකට පිලිවෙලක් තියනවා,ඒකට තව දුරක් යන්න තියනවා කියලයි. මම කිවුවා අපි මුලින් පාසැල් අධ්‍යාපනය හමාර කරලා ඊට පස්සේ ඔය ලොකු වැඩ ගැන හිතමු කියලා ඒ වෙලාවේ එයත් එක පයින් එකඟයි. ඉඳලා හිටලා එයාගේ අම්මගෙන් මට යම් යම් අරියාදු තිබුනත් මම වගේ දඩබ්බරයෙක් මෙල්ල කොරන්න ඒවා කොහෙත්ම සෑහුනේ නෑ. ගමේ උන්නු හයිරන් කාරයෝ දෙතුන් දෙනෙක්ම මේ සංදිය වෙනකොට මා අතින් සල්ලන් වෙලා තිබුනු නිසා ජයසේකර මාමත් (නිලූකගේ තාත්තා)මොකුත් නොකියා හිටියා වෙන්නෝන.
මගේ බයික් එකේ සද්දේ ඇහෙනකොට එයා හැමදාම පීල්ල ලඟට එනවා. එතන ඉඳන් මම කතා කරලා යනකම් විනාඩි දහයක් පහලොවක් යනවනේ. ඔය අතර වාරේ ඉතින් ගමේ අය පීල්ලට වතුර ගෙනියන්න එනවා. එක එක්කෙනා එන එන වාරයක් ගානේ මෙයාගේ වැඩේ මූණ හෝදනවා. සමහර දවස් වලට මෙයා දහ දොලොස් වතාවක් මෙහෙමමූණ හෝදන වෙලාවල් තියනවා.
හැබැයි මම ගොනා එහෙම වෙලාවකවත් උම්මා එකක් දීලා නෑ ඕං..!
ඒඋනාට කවදාවත් මෙයා නෑවිත් ඉන්නේ නෑ.හදිසියේ වත් එන්න බැරි උනොත් ඊලඟට මගේ බයික් එක නවතින්නේ එයාලගේ ගේ ලඟ කියලා මෙයා අත්දැකීමෙන්ම දන්නවා. එහෙම දාට ඉතින් වැඩ ගොඩයි.හිකිස්...! කොහොම හරි ඔය විදිහට කාලය ගෙවුනා. ඒත් ඔය අතර කාලය තුල ගොඩාක් දේවල් වෙලා තිබුනා. මම ඒබව දැනගන්නකොට ගොඩාක් පමා වෙලා තිබුනා. දවසක් හවස මම එයා මුනගැහිලා කතා කර කර ඉඳලාගෙදර ආවා. පහුවදා වෙනත් අවශ්‍යතාවයකට මම ඒ අසල ගෙදරකට ගොඩවැදුනා. ඒවෙලාවේ මට දැනගන්න ලැබුනා නිලූකා ගෙදරින් ගිහින් කියලා. ඒ නිසා මම ඒගැන විපරම් කරලා බැළුවා. එතන විස්වාශ කරන්නත් අමාරු හරි අමුතු දෙයක් සිද්ධවෙලා තිබුනේ.
නිලූකා දීග ගිහින්,හැබැයි ඒ හැමෝටම රහසින්. සහකාරයා වෙලා තිබුනේ එයාලගේ ගෙදරට නිතරම ආව ගිය එයාලගේ තාත්තගේ යාලුවෙක්. ඔහු තනියම හිටපු අවිවාහකයෙක්. ඇගේ පියාගෙත් ඔහුගෙත් වයස පරතරය අවුරුදු දෙක තුනකට වඩා නැතිවෑති. අපි හැමෝම ඒ මනුස්සයට කතා කලේ ආරි මාමා කියලා.නිලූකා පවා.
කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න මට ලොකු උවමනාවක් තිබුනු නිසාම මම ඊලඟට බයික් එක නතර කරේ ආරි මාමගේ කටු මැටි ගහපු ගේ මිදුලේ. බයික් එකේ සද්දෙට ආරි මාමා එලියට ආවා.නිලූකත් ගේ ඇතුලේ ඉදන් එබිලා බලනවා මම දැක්කා. මගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනු නිසා එයාලත් එක්ක කතා කරන්න මට අවශ්‍ය උනේ නෑ. මහ හඬින් බයික් එක රේස් කරලා මම "යූ ටර්න්" එක ගනිද්දි ආරි මාමා අහකට පැන්නේ මේ හොඳ දවසේ තමන්ගේ ගෙයි මිදුලෙදි උනත් මා එක්ක කතා කරන එක එයාගේ ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හොඳ නැති බව ඉන්තේරුවෙන්ම දන්න නිසා වෙන්නැති. ගෙදර ආපු මම කෙලින්ම ගියේ අර පෙරළුනු රබර් ගහ උඩට. මට ප්‍රශ්ණ කීපයක් තිබුනා.
1 ඇයි එයා එහෙම කලේ
2 හැබෑ ආදරේ කියන්නේ මගෙන් එයාට ලැබුනු දේටද, ආරි මාමාගෙන් එයාට ලැබුනු දේටද.
3 එයා සතුටෙන් ඉදීවිද,අනාගතේ කොහොම වෙයිද.
4 ගෑණු ලමයි මෙච්චර කපටිද.
5 ඇයි මට එයාගේ වෙනස හඳුන ගන්න බැරි උනේ.
6 එහෙම ගනුදෙනුවක් තියෙද්දිත් ඇයි එයා මාව ආශ්‍රය කලේ.
ප/ලි
එදාම නැති උනත් කාලයාගේ ඇවෑමෙන් මට ප්‍රශ්ණ හතරකට උත්තර ලැබුනා. ඒත් අද වෙනතුරුත් මට උත්තර නැත්තේ පළවෙනි ප්රශ්ණෙටයි අන්තිම ප්රශ්ණෙටයි.
ප/ප/ලි
තවත් කාලයක් යද්දි මම ගමේ ඉතාම ජනප්‍රිය තරුණයෙක් උනා. ඒ වෙනකොට එයාට මුලු ජීවිතේම වැරදිලා තිබුනා. ඒ වෙලාවක මම එයාට රිදවන්න හිතලා "චික් හන්ටර්" චරිතයක් රඟපෑවා සුලු කාලයකට. මම ඒකට යොදා ගත්තේ එයාගේ සමීපතමයෝ කීප දෙනෙක්. එතන එයාට වඩා වසරකින් බාල එයාගේ නංගිත් උන්නා. රූපෙන් එයාට නොදෙවෙනි උන ඇයගේ වෙනසක් තිබුනනම් ඒ කෙස් කලඹේ විතරයි. නිලූකාගේ දිගු වරලස වෙනුවට ඇයට තිබුනේ කැරලි සහිත කෙටි කේශ කලාපයක්.දවසක් අහම්බෙන් වගේ මුන ගැහුන වෙලාවක එයා මගෙන් ඒ ගැන ඇහුවා.
අපොයි... ඔයාව අඳුන ගත්තටත් පස්සේ මම ඔයාගේ නංගී එක්ක යාලුවෙයි කියලා හිතනවද....?
මට ඕන උනේ ගල් ලෝඩ් දෙක තුනක් බාගන්න විතරයි. සුමාන 2 ක් යන්නත් කලින් මම ඒ වැඩේ අපූරුවට කර ගත්තා.දැන් ඒ ගනුදෙනුව ඉවරයි...! ඔයාට සැකයක් එහෙම තිබුන නම් මගේ පිරිමි කම ගැන අහල බලන්න පුලුවන් නංගිගෙන්.
මම එහෙම කිවුවේ කටේ තොලේ නොගෑවී. ඒ වෙලාවේ ඒ ඇස් වලට ආව කදුළු කැට බිම වැටෙන කොට මම එතනින් ගොඩාක් දුරට ගිහින් ඉවරයි."චික් හන්ටර්ලට" පිලිපීන් භාශාවෙන් කියන්නේ "බබයිරෝ" කියලා. ඒකේ තේරුම කාන්තාවන් දඩයම් කරන්නා කියන එකයි.
මේක ඇත්ත කතාවක් නෙවි කියලා විශ්වාස කරන්න තිවුනා නම් හොඳයි..ඒත් මම මේ වැඩේ කවදාවත් අනුමත කරන්නෙ නෑ..
ReplyDeleteකොල්ලෙක් අවංකව ආදරේ කරද්දි කාමයට ගැති වෙලා, ආදරේ කරන එකා දාල ගිහින් විනාස වෙලා ආවහම, තමන් කලින් ආදරේ කරපු කොල්ලා අයුතු දේවල් නොකල නිසා ඌ කොල්ලෙක් කියල නොහිතන කෙල්ලෙක්ට මෙහෙම පාඩමක් උගන්නපු එක මම ‘අනුමත‘ කරනවා.
Delete@ රූ
Deleteදන්නවද ඔයා ඔය කතා නායකයා අන්තගාමියෙක්. ඌට ඕනම එහෙක පේන්නේ දෙපැත්තයි. හොඳ,නැත්නම් නරක. හරි නැත්නම් වැරදි. තරහ නැත්නම් යාලු. ඔන්න ඔය වගේ. මැද මාවතක් එක්කෝ පුරුදු නෑ ,නැත්නම් විස්වාශයක් නෑ. කෙස් ගහ දෙකට කැඩෙන හැඩ පාරේ උඩුගං බලා පීනපු, පීනලා ගොඩ ගියපු ජීවිතේ දිනපු එකෙක්. අපේ භාශාවෙන් කියනවා නම් ගල් පලලා මද කාපු එකෙක්,තමන්ට වරදක් නැති කෙනෙකුට කවදාවත් වරදක් නොකරන.
ස්තුතියි රූ ගොඩාක්.......!
@ sAm(සැම්)
Deleteආවේගශීලී වෙලාද මගේ යාලුවා. සන්සුන් වෙන්න දරුවා,සන්සුන් වෙන්න..
දැන් කෙල්ලන්ට අවංකව ආදරේ කරන කොල්ලෙක්ට ඒ කෙල්ලගේ ජීවිතේ ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්. පොඩ්ඩක් ආශාවන්ට ඉඩ නොදුන්නොත් ඒකි යනවා සත්තයි.
ReplyDeleteඋදාහරන ලෙස මගෙ මිත්‍රයන් කිහිප දෙනෙක් සපයන්න පුලුවන් :)
රොම්බ තෑන්ක්ස් ඩා. නීංගල් උන්මය තෙරින්දු කොන්ඩින්ග. අම්මට හුඩු මේ මොන ####ද මම ලිවුවේ. දෙමල චිත්තර පටියක් බල බල උන්නේ බං. මට කියන්න ඕන උනේ......
Deleteහරි බං ඒක තමයි මම ඔය උඩින්ම කියලා තියෙන්නේ. හිකිස්......!
එක එක්කෙනාට එක එක විදියේ උදා හරණ දෙන්න පුළුවනි. මොකද මිනිස්සු, ගෑණු විවිධාකාරයි. එක එක්කෙන්නට තියෙන්නෙ එක එක අදහස්. එක එක ජීවිත අත්දැකීම්. හැඟීම් එක්ක කරන ආදරය වගේම හැඟීම් එක්ක නොකරන ආදරයත් මේ සමාජෙම තියෙනවා.
ReplyDeleteඅනේ මන්දා අලුත් යාලුවේ. මටනම් ඔය තර්ක විතර්ක හරියට ග්‍රීක් වගේ. හැබැයි ඔය කතා නායකයා මම දන්න තරමෙන් නරක එකෙක් නෙමේ. ඒ උනාට ඌ හැම වෙලේම කියන දෙයක් තමයි ගෙදරට ආපු සූදුව වලං විකුනලා හරි ගහන්න ඕන කියලා.
Deleteහරි මධ්‍යස්ථ මත දරන කෙනෙක් වගේ මෙයා නම්. ජය...!
කෝ මම හැමදාම් අහන කතාව ??? ලියන්නේ නැද්ද ?
ReplyDeleteඉදින් ලබන සතියේ දෙනවා ෂුවර්ම තමයි.ලබන සතියෙ ඈ..........!
Deleteහරි පුදුම චරිතයක්.. දඩබ්බර සිල්වන්තයෙක්...බොහොම කාලෙකින් ඔය චරිත ස්වභාවයන් දෙක එකට යන්නෙ..
ReplyDeleteආසාවන් පස්සෙ දුවන අයට කඳුල විතරයි ඉතුරු වෙන්නෙ..
පිරිමිකම පෙන්නන්ඩ නංගිව පාවිච්චි කරපු එකනම් අනුමත කරන්නෑ.. ඊට වැඩිය වැදගත් නිලූකව රේප් කළානම්..
අර මක්ක කොරන්නද බං ආයේ ඒක රේප් කොරලා. ඒවටත් හේතු තිබිලා තියන නිසානේ එහෙම වෙලා තියෙන්නේ. මුලු කතාවම මේකේ ලිවුවනම් මේ උඩ තියන කෙටි කතාව කියන කෑල්ල මකන්ට වෙනවානොවැ ඕං..!
Delete(එහෙම නම් ඒ වගේ තව චරිතයක් හඳුන ගන්න දාපං පහක්..)
නෑ නෑ එහෙම කරන්ඩ කිව්වා නෙමේ.. අරකට වැඩිය ඒක වැදගත් කියලා මම කිව්වෙ..
Delete( මට පේන්නෙ සරාත් දාමරික සීලවන්තයෙක් වගේ :-) පයේ බෑ... )
හ්ම්ම්ම්ම්... අනේ මන්දා.. දැන් ඔය අර ප්‍රශ්ණ වලට උත්තර ලැබෙන්න කලින්ද නංගී එක්ක යාළු වෙලා පාඩමක් ඉගැන්නුවේ?
ReplyDeleteප/ප/ ලි කියවුවානම් ඔයාට තේරුම් ගන්න පුලුවන් මලේ....! ජය....!
Deleteකෝ යකෝ මම මේකට දාපු කොමෙන්ටුව බහිරවයා ගිල්ලද...
ReplyDeleteඔය වගේ එව්ව එකක් ගැන මාත් අද උදේ දැම්මා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවනේ. මිනිස්සුන්ට ආදරේ උනත් වැඩිපුර ලැබුනම කිසි අගයක් නෑ.. හැමෝම නෙවෙයි සමහර කෙල්ලන්ට බොක්කෙන්ම ලව් කරන කොල්ලෙක් හිටියොත් උන් හිතන්නේ මම මොන අවලමේ ගිහින් ආවත් බාර ගන්න එකෙක් ඉන්නවනේ කියලා. උන් හැමදේම කරගෙන පස්ස බිම ඇනුනම ආයි එනවා හිටපු තැනට. හිත හොද එකෙක් හිටියොත් ආයි බරගන්නවා. ඊට පස්සේ ඒකෙ අගයක් නැතිවෙනකොට ආයිත් යන්න යනවා. උඹේ සසර තව දුරයි කියලා හිත හදාගන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. උන්ගේ පවට අපිට පිං දෙන්න බෑ. එහෙම කියලා ඒ කරුම වලට කරගහන්නත් බෑ..
ගොඩක් පරණ, නෑ නෑ ඊටත් වඩා පරණ කතාවක් තරුවෝ මේ. දැන් ඔය කතා නායකයට ඕවා මතකත් නැතුව ඇති බං. මට හිතුනට මම ලිවුවේ. ජය...!
Deleteඅම්මට සිරි සරතා හොද ලොරි ඩ්‍රයිවර් කෙනෙක්නේ බලන් ගියහම,ගල් ලෝඩ් බානවා කියන්නේ සෙල්ලන්ද නේද ?
ReplyDeleteඔය කොරලා තියෙන්නේ. නැට්ටේ ඉඳන් ගොම. කවුද බොල කිවුවේ මේ මගේ කතාවක් කියලා. ජය...!
Delete