මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළඳේ වත මනකල්
උකුළු මුකුළුපෙම -මුකුළුපෙම
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළඳේ නෙත නිලුපුල්
සලිත ලලිත පෙම- ලලිත පෙම
කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා
සුර නඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල් සරගේ දුන්න අරන් ආවා
කිඳුරු ලතාවිය-දිව්‍ය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම් ඔබෙ දේහ සුරූපය
සද්ධන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සළුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
පොකුරු සිනාවයි-දෑස ඉනාවයි
ගත සුවඳ කොකුම් බිඟු රොන් හද ගීත ලතාවයි
මගේ නික්ම යාමෙන් පසුව නිවසේ වට මේස සාකච්චාවක් පැවැත්වූ බවද එයට ඇයගේ අක්කන්ඩියද පැමින සහභාගී වූ බවද නංගි බබා මාර්ගයෙන් මට දැනගන්න ලැබිනි. සකච්චාවූ කරුනු මොනවාදැයි නොදත්තද සාකච්චාව අතර මැදදී ඇගේ කාමරයට ආ අක්කන්ඩිය ඇයට ගෝරනාඩු කොට ඇත.
උඹ මොකද ඌ මත්තෙම නහින්න හදන්නේ...? මම කිවුවනේ ඌ මදාවියෙක් කියලා..! පේනවනේ දැන් අම්මටයි තාත්තටයි ඇවිත් කියලා ගිහින් තියන හරිය..!
ඇයි ඔයා දැන් ඇවිත් කියපු හරිය විතරද දන්නේ, එදා හැමෝම ඉස්සරහ කියපුවා ඔයාට ඇහුනේ නැතිද..? ඒ කොල්ලා මෙතනට ඇවිත් හැමෝටම කියලත් කවුරුවත් ඒ වචනෙකටවත් සැලකුවේ නැති නිසා තමයි ඌ අද ඇවිත් එහෙම කියලා ගියේ..!
එයා කියන කියන විදිහට වැඩ කරන්න අපි කවුද..?
දකින පමාවෙන් අකමැතියි කිව්වේ එයා කවුද කියලාවත් හොයා බලලද..? දැන් විසි පහ එනවා කිවුවනේ ඒ ආවහම ඔයාලා කවුද කියලා එයාටම කියලා දෙන්නකෝ..! ආයේ මොකටද මට කියන්නේ..!
එනකම් තමයි බලා ඉන්නේ, මෙයාගෙත් හිතේ ඇති යන්න..!
යනවා තමයි ඇවිත් කතා කරොත්..!
ආ.... යවන්නම්.. පෙනේද මෙයාගේ කතා. ඉඳපන් මම දැන්මම දෙකක් කතාකරන්න උන්දැට.
හෙලෝ..!
අපි කවුරු කියලා හිතාගෙනදෑවිත් තර්ජණය කරලා ගිහින් තියෙන්නේ...?
කරුණා කරලා මට කියනවද මේ කවුද කතා කරන්නේ කියලා..!
මම උදේනිගෙ අක්කා..!
ආ.. එයාද මේ හරි හරි හරි. දැන් කවුද කාටද ඔය තර්ජනේ කරලා තියෙන්නේ...?
විහිලුවක් කියලා හිතුවද අපි..?
මේ හලෝ තමුන් කවුරු උනත් මට වැඩක් නෑ. මම කියන්න ඕනදේ කියන්න ඕන අයට කියලා තියෙන්නේ, ප්‍රශ්නයක් තියනවා නම් එයාලගෙන් අහගන්නවා. හැබැයි එකක් හොඳට මතක තියා ගන්නවා. වැරදිලාවත් තමුන් ආයේ මේ නම්බර් එක ඩයල් කරලා තිබුනොත් මම තමයි තමුන් දැකපු නරකම රස්තියාදු කාරයා වෙන්නේ හරී. තියන්නම්..!
අවසන ඇය නික්මගොස් ඇත්තේ තවත් බොහෝ වේලාවක් මවු පියන් සමඟ මුලුතැන් ගෙයට වැද කුටු කුටු ගෑමෙන් අනතුරුවය.
පසුදා උදෑසනම පවුලේ ප්‍රධානම නෑදෑයන් සියළු දෙනාම නංගි බබාලාගේ නිවසට පැමින ඇත. ඔවුන් බොහෝ වේලාවක් පෙර සිදුවීම් පිළිබඳ සාකච්චා කල බවද ඇය මට කීවාය. ඇතැමෙක් ඇයට විහිළු කල අතර තවත් අය උපදෙස් දුන් බවද කීවාය.
අපෙ අප්පේ.. සුද්දිත් ඉඳල ඉඳලා හොයාගෙන තියෙන්නේ මහ පොරිසාදයෙක්වනේ.
අනේ එහෙමනම් නෑ ඕං..! මෙයාලගේ විකාරනේ බාප්පේ ඔය. ඔයා කතාකරලා බලන්නකෝ දවසක එතකොට ඔයාට තේරෙයි.
කමක් නෑ කමක් නෑ, එහෙම කෙනෙකුත් පවුලට ඕන.
හ්ම්.. අපි මේ කටයුත්ත කරලා දෙන්නම්. හැබැයි පස්සෙන් පහු අපට කංකෙඳිරි ගානවා නෙමෙයි ඕං..!
ලොකු මාමා එසේ කියා ඇත.
දැන් එහෙනම් මේ කටයුත්ත තීන්දුයි කියලා ඒ ළමයට කියන්න වෙයි නේද..?
අර මොකටද..? දැන් ඔය අනික් ඒවත් දැනගෙන තියෙන්නේ අපි කියලයෑ. අඩු නැතිව සේරම කනේ තියන්නැතැයි මෙයැයි..!
මව එසේ කියා ඇත.
එහෙම කියලා හරියනවයෑ. විසිපස් වෙනිදා වෙනකොට මේ කටයුතු එකලාසයක් කරන්න නම් ඉතින් දෙගොල්ලොම කතා බහ කරගෙන තීරනේකට එන්ඩ වෙයි.
ආයේ අමුතුවෙන් කතාවක් ඕන නෑ අපි අපට පුලුවන් උපරිමෙන් මෙහෙ වැඩ ටික කරමු. නැත්නම් රටටලෝකෙට මූන දෙන්න බැරිව යන්නේ අපට නෙව. මෙයාලට ඕවා දැන්ම තේරෙන්නේ නෑ, ඒකට තව කලක් යනවා. උන්දෑ කරගන්න දෙයක් කරගෙන එදාට එන්නේ නැතෑ. මවගේ මෙන්ම පියාගේද අදහස වී ඇත්තේ එයයි.
අළුත් ආරංචියයක් ලද සැනින් නංගි බබා මට දැන් වූවාය. ඇය සතුටෙන් ඉපිලෙමින් උන්නාය. මමිතුරන් සියළු කටයුතු වෙන වෙනම බාර ගත්තෝය.
හැබැයි බාර ගත්තා වගෙම වැඩටික එලට තියෙන්නෝන හරි..!
හරි හරි බං.. මේවා අපි පුරුදු වෙන්න කරනවයෑ. දැන් කොල්ලෝ කීදෙනෙකුගේ මගුල් ගෙවල් අපි ඇරේන්ජ් කරලා තියෙනවද.. ? උඹත් හරියට දන්නෑ වගෙනේ කතා කරන්නේ..!
අනේ නෑ .. මම හොඳට දන්න හින්ද තමයි මේ කියන්නේ.
දැනගනිවු එකෙක් හරි බුල ගහලා තිබුනොත් $#නවා මම.
ඒකනම් ඇත්ත කොච්චර මැරීගෙන කෙරුවත් එකෙක් වත් මේ වෙනකම් හොඳක් කියලා තියනවෑ. උඹ කියලත් වෙනසක් තියෙන එකක් නෑ. අවුලක් නෑ අපිටත් දවසක් එනවනේ...!
මා කොපමණ දේ කීවද ඔවුන් අපූරු මිතුරන්ය. සැපේදී මෙන්ම දුකේදී ද ඔවුන් මා අතැර නොගියෝය. සියලු දෙනාගේ කැපවීම හා මහන්සිය නිසා සියළුමදේ අකුරටම සිදුවූ අතර කාලයද ඉක්ම ගොස් තිබුනා.
විසි පස් වෙනිදා උදේ සුභ මොහොතින් මා ඇතුලු තරුන පිරිසක් නංගි බබාලාගේ නිවස කරා ගියෙමු. ඔවුන් ඉතා සුහද ලෙස අප පිළිගත් අතර,ඉතා චාම් ලෙස උත්සවයක් සූදානම් කර තිබුනා. සියළුදෙනාම අප සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව චාරිත්‍රාණුකූලව විවාහ කටයුතු සිදු කෙරුනා.
ඊටත් පස්සේ ඉතින් දිල්වාලේ දුල් හානියා ලේ ජායේන්ගේ තමයි ඉතින්.
පසු වදන:
ඔය විදිහට දන්න සෙල්ලම් දාලා හයි කරගත්ත මංගල්ලෙත් කරගෙන ඉන්න ගමන් අපි ආපහු රට යන්න උවමනා දේවල් සූදානම් කරා. හැමදේම පිළිවෙලක් කරාටත් පස්සෙයි දැනගත්තේ මම අල්ලපු අඩව්වක් මිස් වෙලා කියලා.
ඈහ්... තේරුනේ නෑ වගේද.
හරි එහෙනම් මම පහැදිලිව කියන්නම්කෝ.
ගමනට පෙර සූදානමක් හැටියට වෛද්‍ය පරීක්ෂනයක් කරානේ.ආන් ඒවෙලාවේ තමයි කිවුවේ අපේ කූඩුවට තුන් වෙනියෙක් එන ලකුනු පහල වෙලා කියලා. මට හිතෙන්නේ පලවෙනි දවසෙම බඩු පැකට්. අනේ ඉතින් මුන්දෑ නැතුව මට ඔය රට රාජ්ජ වල ගෙහුං මක්කටැයි. මමත් එකෙන්ම කැන්සල් කොලා ගමන. ඊට පස්සේ දන්න කරුමාන්තේ කොරගෙන ටික දොහක් ඉන්න කොට අම්මන්ඩි වගේම හැඩකාර දූ ඩිංගකුත් අපි අතරට ආවා. එයැයි තමයි ඔය බ්ලොග් එකේ වම්පැත්තේ උඩ ඉන්නේ. නම ඉතින් මම කලිනුත් කියලා තියනවනේ උදම්සා සත්නදී. දන්න කියන අය නම් කියන්නේ එයාගේ හැඩ අම්මගේ වගේ උනාට වැඩ නම් තනිකරම තාත්තගේ වගේමලු.
ඉතින් යාලුවනේ ..නංගි බබා කතාව නම් මම අදින් අවසන් කරනවා. පුරා මාස 5කටත් වඩා කාලයක් නංගි බබා කියවන්න ආපු කියවපු ඔයාලට ගොඩාක් ස්තූතියි. ඊලඟට මම කියන්න හිතාගෙන ඉන්නේ සරා ගෙදර හිටපු සංධියේ කොරැව්ව අපත වැඩ ටිකක්.
අපේ තාත්තා මට කතා කරන්නේ චූටි කොල්ලා කියලා.ඒ ඉතින් ආදරේට.
හැබැයි ගමේ උන් නම් මම නැති තැන මාව හඳුන්වන්නේ ගලේ කෑල්ලේ කොල්ලා කියලා. ඒ ඉතින් කන්ඩ තරහෙන්.
ඇයි ඒ..?
ඇත්තටම සරා එහෙම නරකයෙක්ද...?
සරාගේ දඩබ්බරයෙක් උනේ කවුරු නිසාද....?
මේහැම පුරස්නෙටම උත්තර අරගෙන ආයෙත් මම එනවා ඉක්මනටම හොඳේ..!