Sunday, March 23, 2014

මග මරුවෝ........




       රථගාය යනු හමෝටම පාහේ වැල‍ඳෙන රෝගයකි. එහෙත් ටික කලකින් බොහෝ දෙනෙකු සුවය ලබන්නෝය. අතීතයේ මව්වරුන් මේ බව දැන සිටි නිසාදෝ රතගායට සිංහල වෙදකම් ද කල බව මා අසා තිබේ.එයට ඔය ලුණුවිල හා තවත් දෑ ගත් බව කව්දෝ කියනු මට මතකය. අද කාලයේ මව්වරුන්ට සෞඛ්‍ය සායනවලින් මේවාට ඉඩ නොලැබෙන්නේය. මිඩ්වයිෆ් නෝනලාට අනුව ඒව සුම්මාය. ඒ නිසාදෝ වර්තමානයේ බොහෝ දෙනෙක් රථගායෙන් පෙලෙන්නෝ වෙත්. එයින් පීඩාවට පත් වන්නෝ රෝගීන් පමණක්ම නොවීම කණගා‍ටුවට කරුනකි. කාරනා කටයුතු එසේ වුවද රථගාය හැදුන පමණින් අපට ඕනෑ ඕනෑ ආකාරයට මාර්ග වල රථවාහන දැක්කීමට හැකියාවක් හෝ අයිතියක් අපට නැත්තේය. එයට සම්මත ක්‍රමවේදයක් හා නීති රීති අන පනත් අත්තේය. ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් වශයෙන් ඒවාට ගරු කරමින් මාර්ගවල ගමන් කිරීම අප සතු යුතුකමකි. ඒ සඳහා ස්වයං විනයක් අවශ්‍ය වන්නේය. නමුත් අපේ උන් නොකරන්නේම හා ඔවුනට නැත්තේද  එයම වීම ඉතා කණගා‍ටුදායකය. එවන් වූ අයගේ නොමනා ක්‍රියාවලින් අනතුරට, අපහසුවට, මරණයට පත්වන්නේ ඔවුන් පමණක් නම් එහි වරදක් මා දකින්නේ නැත. මන්ද මිනිස් ජීවිතයක අගය වටිනාකම නොහඳුනන නොතකන අමනයන් සිටියාටද වැඩක් නැති බැවිනි.                       


මේ එක් නිධාන කතාවකි. 

     මගේ නිවසේ සිට කඩයට ඇත්තේ කිලෝමීටරයක දුරකි. ඊයේ (සෙනසුරාදා) සවස 5ට පමණ මා කඩය වසා ගෙදර යාමට නික්මුනෙමි. මීටර් 100ක් පමණ ධාවනය කරන විට මගේ දකුණු පසින් රථවාහන පෙලක්ම විරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබුණි. හිටි හැටියේම වෑන් රථයක් අප ගමන් කල මං තීරුව ආක්‍රමනය කරමින් (ඕවර්ටේක් කරමින්) ඉදිරියට එන්නට විය. ඔහුට පි‍ටුපසින් ත්‍රීවිලර් දෙකක් හා මෝටර් සයිකල් කිහිපයක් ද විය. මා පසුපසින්ද වාහන කිහිපයක්ම පැමිණෙමින් තිබූ නිසා හා අප ගමන් කල මංතීරුවේ ඉඩ ඔවුන් ලබාගත් නිසා  මා ප්‍රධාන පහන් දල්වා ඉදිරියට නොපැමිණෙන ලෙස සන් කලද වගේ වගක් නැතිව ඔහු ඉදිරියටම ආවේය. මා වේගය ඉතා අඩාල කොට මාර්ගයේ හැකි තරම් අයිනට කර ගැටීම වලකා ගත්තෙමි. ඒත් සමගම ඔහුගේ මව් ගුණ වැයුවේ ඔහුට පමණක්ම නොව රථ වාහන පෙලටම ඇසෙන ලෙසය. වැරදි ආකාරයකින් උපත ලද හෙයින්දෝ ඒකා ගානකට නොගෙන යන්න ගියේය. ඉනික්බිතිව ගමන් කරන්නට ලැබුනේ තවත් මීටර සීයකට ආසන්න දුරකි. බාර් එක ලඟ නවතා තිබුනු ජීප්පුවක් මහ පාරට දැම්මේ ලඟ ලඟම එන වාහන පේලිය ගැන කිසිඳු තැකීමකින් තොරවය. ඒ මොහොතේ මට සිතුනේ අනේ මම JCB එකක් දක්කාගෙන ආවානම් කියාය. ලඟට කිට්‍ටුකර හරුප දෙකක් පැවසීමට ඇති ආශාව නංගි බබාගේ බලවත් පෙ‍රැත්තය නිසාම යටපත් කර ගත්තෙමි. 

        ඉන් අනතුරුව අප මෝල හංදියට පැමිණියෙමු. ඉදිරියෙන් දකුණට හැරවියයුතු නිසා මවිසින් සංඥා පහන්ද දල්වා පසු මාර්ගයද නිරීක්ෂණය කරමින් මඳ දුරක් පැමිණ හුලං අස්පයා දකුණු පසට දැක්කුවෙමි. කොහේදෝ සිට පැමිණි ස්කූටිපෙට් එකක් මගේ බයිසිකලයේ ඇමිනුනේය. ඒකත් වම් පස මාර්ගය පැහැදිලිවම හිස්ව තිබෙද්දීය. හාස්කමකින් මෙන් මගේ බයිසිමොටෝව නැවත පාරට ගැනීමටත් සමබරතාවය ‍රැක ගැනීමටත් මට හැකියාව තිබුනි. එසේ නොවන්නට අර පොලොස් කොට්ටෝරුවා මගේ හෝ නංගි බබාගේ දකුණු කකුල කඩනවාමය. ඔහුගේ බයිසි මොටෝව පාරෙන් ඉවතටද පැන මාළු ලෑල්ල අසලදී නැවතුනේය. අමාරුවෙන් රඳවාගෙන සිටි සංයමය මේ වෙනවිට මවෙතින් ගිලිහී තිබුනු නිසා මා ඔහුවෙත යාමට සැරසුනේ හොම්බට දෙකක් ඇනීමටය. 

අනේ අයියේ එපා අනේ... 
අනේ අපි යං අයියේ... 
ඉතින් අපිට මොකුත් උනෙත් නෑනේ... 
අනේ අපියං....  
ඔය මගේ මායියාගේ හැටිය. 

      අර බයිසිකලයේ පසු පස ගෑල්ලමයෙක්ද සිටියාය. ඇය මගමරුවාගේ මායියා වියයුතුයැයි අප අනුමාණ කලෙමු. ඒ මදිවාට ඔවුන් බොහෝ සේ බයවෙලාය. ගෑල්ලමයා ඉදිරියේ කොල්ලෙකුගේ හොම්බතැලීම නොමනා ක්‍රියාවකැයි මටද හැඟිනි. එබැවින් ඔවුනට යන්නට හැරියෙමි. එසේ ගත් කල එකම දිනක්තුල අනතුරු තුනකට මම මුහුණ දී ඇත. ඒද ඉතා පරීක්ෂාකාරීව රිය පදවලාය. අනෙක් පාර්ශව කරුවන් මේ කිසිම විටෙක තමන් ගමන් කරන්නේ පොදු මාර්ගයකය මෙහි ගමන් කරනා හැම කෙනෙකුම පිලිපැදිය යුතු පොදු නීති සමූහයක් තිබෙනවායැයි නොසිතීම මේ සිදුවීම් කීපයටම හේතු වූ බව මගේ හැඟීමයි. අප පෞද්ගලිකව කුමක් හෝ වාහනයක් භාවිතා කරන්නේ අපේ පහසුවට හා ඉක්මනින් ගමනක් බිමනක් යාමට බව සැබවි. එසේ වූ පමනින් සෙසු මාර්ගය භාවිතා කරන්නන් නොසලකා හරිමින් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයැයි සිතමින් ගමන් කිරීම යුතුනොවේ. තත්පර කිහිපයක් පමා වුවද ඉවසීමෙන් හා මනා සංයමයෙන් යුතුව මහා මාර්ගය භාවිතය සියළුදෙනාගේ යුතුකම හා වගකීම නොවන්නේද......? 


ප/ලි: 

ඊයේ උදේ අපි කඩේ ඇරලා විනාඩි පහක් වත් ගියේ නෑ මහ සද්දෙට බ්‍රේක් ගහන හඬකුයි ඒක අවසානේ දඩෝං ගාලා සද්දෙකුයි ඇහුන නිසා මම නංගි බබාවත් පෙරලගෙන එලියට දුවන් ආවා. බැලින්නම් මොටෝ බයිසිකලයක් හැප්පිලා පොලිස් වාහනේක.අර පාටපාට ලැයිට් හයි කොරං පෝං පෝං ගගා යන පොලිස් කාර් තියෙන්නේ ආං එව්වා එකක. කවුරුවත් හිතා මතා අනතුරු කරගන්නේ නැතිබව මහ ජනයා වන අපි හිතුවට පොලීසිය එහෙම කියන්නේ නෑනේ ආයිබොවන්. එයාලගේ පරීස්සන නිරීස්සන වලට අනුව ඒ අය පැමිනෙන අවසාන නිගමනයෙදි අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක් ඉන්නවා. නොසැලකිලිමත්කම, බීමත්කම, ක්‍රමවත් පුහුණුවක් නැතිකම හෝ මොකක්හරි උලව්වක් හේතු බූත උනයි කියලත් කියනවනේ. ඉතින් මෙතැනදිත් එයාලගේ හැන්දෙන්ම එයාලටම බෙදුවොත් වරද පොලිස් කාරෙකේමයි. ඒ කියන්නේ ආයිබොවන් දකුනු පැත්තේ මං තීරුවෙත් අවසානයට ආසන්නයෙදී තමයි පොලිස් මහත්තයා බයිසි මොටෝව හප්පලා තියෙන්නේ.බයිසිකලේ දකුනට හරවන සිග්නලුත් දාලා. අපි එතනට යද්දිත් ඒවා පත්තු වෙනවා. ස්ත්‍රී පරාණෙකුත් පාර මැද්දෑවේ වැටිලා හිටි නිසා උන්දැව උස්සලා පාර අයිනට ගෙනිහින් වාඩි කරවලා අහක තමයි බැලුවේ කවුදෑ මේ හපංකොම කො‍රැව්ව උත්තමයා කියලා. බැලින්නම් අපේ වැයිකියේ රථ වාහන අංශේ ලොක්කෙක්. උන්දෑ බැහැලා ඇවිත් අර බයිසිකලේ පැදගෙන ආපු මනුස්සයට කියනවා පාර බලලා එපායෑ දකුනට දාන්න කියලා. එතැන හිටි උන් හැමෝටම අධෝ මුඛයෙනුත් හිනා. ඇයි යකෝ අර මනුස්සයට පිටි පස්ස නොබැලුවා කියලා කියන එකා වාහනේ එලෝලා තියෙන්නේ ඉස්සරහා වත් බලන්නේ නැතුව.

ප/ප/ලි:  

යන්ඩ කලින් මේකත් කියලම යඤ්ඤං. මේ වෙද්දිත් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ පහු ගිය සතියේ මරදාන දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනපු බව. එදා සරාත් කොළඹ ගියේ ඔය කෝච්චියේ. දඩ බඩෝං ඩෝං ගාලා තද ගැස්සීමක් ආවම සරාට දැනුනා මොකක් හරි අටමගලයක් උනා කියලා. ටිකක් ඔලුව දාලා බැලුවම තමයි සරා මේක දැක්කේ......... 



ඊට පස්සේ කෝච්චියෙන් බැහැලා මේ ටිකත් ගත්තා. 








               



බලන්න මේ හරක් ටික රිංගන්නේ මොනතරම් අනතුරු දායක තැනකටද කියලා. පැත්තක ඉඳන් මම කිව්වම එන්ජිමත් තවම ස්ටාර්ට් එකේ තියෙන එකේ ඕක අස්සට යන්න එපා කියලා එතන ඉන්න එකාලා මා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලන විදිහට. උන්ගේ මෝඩ කමට හිතින් හිනාවුන මම මගේ පාඩුවේ ස්ටේෂම පැත්තට ගෑ‍ටුවා.මේකට කියන්නේ කුතුහලය කියලා නෙමේ ආයිබොවන්ඩ, පැහැදිලි මෝඩකම...!!



අනතුරු වලක්වා ගැනීමේ හැකියාව අප සතුව නැතිව නෙමේ ජාන වල තියෙන සත්ව ගති හිටි ගමන් ඉස්මතුවෙන එක තමා අපේ අයගේ වරද......!

Thursday, March 20, 2014

වැල බෑවෙමි..




       බබාව ඉස්කෝලෙට ගෙහුං ඇරලවලා ආවට පස්සේ තියෙන ලොකුම යුද්දේ තමයි ඉතින් මම ෂොප් එකට යන පිටත් වෙන එක. ස්වේච්චාවෙන් මම කොරන දෙයක් වගේ ලිව්වට මගේ මායියා හෙවත් නංගිබබා ම විතරයි දන්නේ ඕකට උන්දෑ කන කට්ටේ තරම. හෙල්මොට් එක කොහේට හරි විසික්කලා මුළුතැන් ගෙයි රවුමක් කැරකෙන මම ඊලඟට කොරන්නේ ඇඳට පැනලා කුද ගහන් නිදන එක. නංගි බබා විනාඩි දහයක් පමා වුනොත් දෙකහමාරක් නෑ සරා දොයි. ආයේ මොකා කතා කෙරුවත් ඌ නෙමේ නැගිටින්නේ. ඕක දන්න නිසාම උන්දැගේ වැඩේ විනාඩියෙන් විනාඩිය බෙඩ් රූම් එකට ඇවිත්.. 

අයියේ තේ හැදුවා....! 
අයියේ උදේට කන්න මොනාද හදන්න ඕන...! 
අයියේ යන්න පරක්කු වෙනෝ. ඉක්මනට ඇඳ ගන්න...! 

අරකද මේකද කියකියා මට කරදර කොරන එකයි. කියන්න දෙයක් නැත්නම් විනාඩියෙන් විනාඩියට ඇවිත් වෙලාව හරි කියලා යනවා. ඕං ඕක කරදරක් වෙනකොට ඉතින් මම් නැගිටලා ගෙහුන් කුස්සියේ පු‍ටුවක් උඩින් වාඩි වෙලා උන්දැගේ කෙරුවාවල් බලං ඉන්නවා. මොනා හරි බඩට වැටෙන කල්.නැවතිල්ලේ හිතලා බැලුවම මහ බබාලව බලා ගන්නවා කියන්නේ ලේසි ප‍ටු වැඩක් නෙමේ....................................... 


          ඒ වුනාට අද උදේම බබාව ඇරලවලා පුරුදු විදිහට මම ඇවිත් ඇඳට පැන්නම මෙන්න බොලේ මුන්දැත් ඇඳටම ආවා. හැබෑ වෙනසක්.... ටිකක් පුදුම හිතුනත් මම ඔහේ හිටියා. ඔළුවත් අතගාලා උම්මා එකකුත් දීලා.... 

අයියේ මට වැල ඕන...! 
ඈහ්...... වැල.....?? 
ඔව් අනේ, එකක් බාල දෙන්නකෝ....! 

අප්පට සිරි මෙයාට මොකද වුනේ, මම ඇවිදිල්ලත් දැන් අවුරුද්දකටත් ලඟයි. දැන් අහවල් ලබ්බටද වැල. අනික හැම පෝයටම පංසල් යන ගෑණු දරුවා, දැන් වැල ඉල්ලන්නේ. ෂුවර් පහුගිය ටිකේ කාපු තෙල් කෑම තමයි අගුන වෙන්න ඇත්තේ. මම තනියම හිතුවා. මොනා වුනත් දැන් ඉතින් මේක කරලා දෙන්නත් එපාය. පොඩි එකීගේ ආසාවනේ. 

හරි ඔයා කෑම හදන්නකෝ..! මම එතකන් මේ වැඩේ කොරඤ්ඤං....! 

නංගි බබා මුලුතැන් ගෙට වදිද්දි මම කොමා ගාවට ඇදුනා. ඇත්තම කියනවා නම් ආයිබොවන් මුන්දැගේ ආසාව නිසා බාන්න ලේස්තිවුනාට මට ඔය අංශේගැන මෙලෝ දැනුමක් නෑ. ගිනි නරියා මාර්ගෙන් වලත්ත ඇමෙරිකාව කියලා පොඩි සර්ච් පාරක් දැම්මම වැල නම් ඕන තරම් දකින්න ලැබුනා. ඒත් බාන්න විදිහක් නැතිලු. බාන්න ඕනනම් ඩොලර් වලින් ගෙවන්න ඕනලු, එව්වයේ ලියා පදිංචි වෙන්නලු, ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරුයි අරවයි මේවයි ලෝකේ නැති දේවල් කියනවා. ඊට පස්සේ මම ගූගල් සීයාගෙන් ඇහුවා නොමිලේ වැල බාන්න පුලුහන් තැන් නැතිදෑ කියලා. සීයා දුන්නා මාර පොට් ටිකක්....පුහ්... මාම් බෑංග්.......නෑ එක්කෝ එව්වා ඕන නෑ. මොකටෑ මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ නරක් කොරන්නේ. හා.. නැද්ද මං අහන්නේ. ඉතිං මම එවුවයෙන් හත අටක්ම තෝරලා තිස්දෙකේ ස්කිරිං එකේ තැනින් තැන තියලා කතා කොලා දොලදුක්කාරිට හෙවත් මගේ නංගිබබාට. 

 නංගී....!  
ඕ... මේ එනෝහ්....! 
මේවයෙන් ඔයාට ඕන එක කියන්නකෝ, මම බාල දෙන්නම්...! 
ඊයා.. මේ මොනවද මේ..?? 
වැල, ඇයි දැන් ටිකකට කලින් ඔයා ඉල්ලුවේ.. !
මම කිව්වේ මේ ජරාව නෙමේ මෝඩයෝ... ! 

සුලු මොහොතකට පෙර ආදරෙන් අතගෑ ඔලුවට වැරෙන් ටොක්කක් පතබෑවිනි. 

ජරාව කියන්න එපා නංගි. මේවා තමයි ඉතින් නෙට් එකේ තියෙන්නේ. අනික ඉතින් මීට වඩා හොඳ ඒවා නම් ඉතින් ඒවට වැල කියන්න බෑනේ. එහෙම නම් ඉතින් මේ වගේ ගැට කියලනේ කියන්න ඕනේ...! 

මම ඇගේ නිතඹට පහරක් ගැසුවේ හිස මතට වැදුන ටොක්ක ගැනද සිහිපත් කරමිනි. 

ඌයි... ඒකනම් රිදුනා මැට්ටෝ...! 
රිදෙන්න තමයි ගැහුවේ මැට්ටියේ....! 
එපා .. මම තරහයි....!!

ඇය නැවත යන්නට හැරුනාය. 

ඔහොම හිටපිය කොහේ යන්නද...? 
ඔයහ්....කිරි හොද්ද ලිපේ..!! 
ඉතින්.. ඔහේ තිබුනාවේ..! 

නංගි බබාව දෑතට ඔසවාගනිමින් මම මොනිටරයේ විදුලි සැපයුම කකුලෙන් විසංධි කලෙමි. කඩේ අරින්නේ නමයට බැවින් තව පැයකට ආසන්න කාලයක් එයට ඉතිරිව ඇත. දියණියගේ පාසැල අරෙන්නේද 12 ටය. මහ ගෙදර අයට මහ ගොඩක් වැඩ නිසා අපේ ගෙදර එන්නට දැන් නිවාඩුවක් නැතිය. මෙව්වට මීට වඩා නිදහස් වෙලාවල් කොහෙද අප්පා.........! 

ටිකවේලාවකට පසු:

ඒයි..... නංගි...! 
ම්හ්හ්...!! 
මොනා හරි පිච්චෙනවා වගේ නේද..?  
වෙන මොනවද ඉතින් කිරි හොද්ද වෙන්න ඇති....! 

ඇය ගානකට නොගෙන කීවාය. 

හුටා...එතකොට මම කන්නේ...? 

තුවායක් ඉන වටේ දවටමින් මම මුලුතැන් ගෙට දිවුවෙමි. මා පමා වූවා වැඩි වූ සෙයකි. ඇතිලිය  තිබූ ළූණු මිරිස් කැබලි ටික මීට දෙහෝරාවකට පමණ පෙර මට ලැබුනේ නම් දත් බෙහෙත් ටික ඉතිරිකර ගැනීමේ හැකියාවක් තිබුනු බව ක්ෂණයෙන් මට අවබෝධ විය. සම්බෝල සමඟ පමණක් ඉඳි ආප්ප කෑමට නොහැකිය. වෙන කලහැකි කිසිවක්ද ඉතිරිව නැත. මම හිත හදාගෙන ආපසු හැරුනෙමි. නංගිබබා මා පසුපසින් සිටගෙන සිනා සෙන්නීය. 

ඔයාට නම් හිනා..බඩගින්නේ හිටියත් ඕං මට නම් එපා සම්බෝලයි ඉඳිආප්පයි...! 
හරි ආයෙත් හොදි හදලා දෙනවා අරවා දුන්නොත්....! 
මොනාද...? 
වැල.. වැල..! 
ඉතින් මම ඔයාට.... 
එව්වා නෙමේ මෝඩයෝ, මෙහෙ එනවා...! 
ඇය මා අතින් ඇදගෙන මිදුලට ආවාය. වත්ත කෙලවර වූ කොස් ගස දෙසට අත දිඟුකර..... 
ආං අර වැල කඩලා දීපං...!! 
අයියෝ.. කලින් කියන්න එපායෑ.... ! 
අනවසරයෙන්ම ඇගේ මුව සිප ගත් මා කොස්ගස දෙසට දිව ගියෙමි. 
      
         
මේ බලාන්ට අප්පා. මෙයා කියලා තියෙන්නේ මේ වැල ගැනනේ. 

         
අම්මයි දුවයි දෙන්නම ආසයි. හැබැයි මටනම් අරහං.      

ප/ලි:
පහුගිය පෝස්‍ටුවකදි කස්ටිය මාව කන්ට හැදුවා නෙව මෙහෙම කතා වලදි මැදට කො‍ටු කො‍ටු දාන්ට එපාය කියලා. ඒ නිසා ඕං මේගමන කො‍ටු දැම්මේ නෑ හොඳේ.D දැන් බනින්ට බෑ නෙව. හෙහ්  හෙහ්... 
ගෙහුං එඤ්ඤං....!



Thursday, March 6, 2014

දිසිස් සූටියා දැටිස්..... ගසස් සූටියා ලඟස්.....






         ඔය ගිරා කියන ගමේ ජීවත්වුන "සූටියා" මහ හුඟක් පතපොතේ දැණුම තිබිච්ච එකෙක් නෙමේ ආයිබොවන්ඩ. ඒක එහෙමයි කියලා ඌ කවදටත් කාටවත් කරදරයක් බරක් වෙච්ච එහෙකුත් නෙමේ. මේකා බඩ ගෝස්තරේ හොයා ගත්තේ මල් තැලිල්ලෙන්.හැක්.. මම කිවුවේ ඔහේලා අනුමාන කො‍රැව්ව මල් ගැන නෙමේ ආයිබොවන්, කිතුල් මල් ගැන කිතුල්මල්.

ඔය මල් තලලා ජීවිකාව කොරගන්න ඇහැක් නම් අද සරා ලස්සෙට කොඩි දාන්න එපාය. නිකංයෑ මල් සරා කියන්නේ, නැද්ද මං අහන්නේ. හැබැයි ඉතින් තලාපු එව්වෝ දියුණු නොවුනත් අයිතිකාරයෝ නම් බොහොම දියුණුවෙනවයි කියලා තමයි lexi belle ලා victoria volt ලා එහෙම කියන්නේ. ඒවා ගැන අපි මොකුත් කියන්නේ නෑ. තම තම නැණ පමණින් තමා දැන ගතයුතු වෙන්නේ. 

        අද වගේම තමා එදත් ඔය කිතුල් පැණි ,කිතුල් හකුරු වගේ දේවලට සිදාදියේ ඇත්තෝ හරි මනාපයි. පැණි හකුරු කාසි කොරන්ඩ සූටියලා සිදාදියට ගෑ‍ටුවේ නැතිවට මොකෑ සිදාදියේ වෙළෙන්දංකාරයෝ මාසෙට දෙතුන්විඩක්ම ගම්මැද්දාවට එනවා මේවා එකතුපාදා කොරාගෙන යන්ට. නිකං නෙමේ ඒකලා එන්නේ මේං මෙහෙම බෑඟිරි ගහගෙනයි.
 
පැණි, හකුරු උරුලෑ තට්ටං, බිංකොහොඹ ගන්නවාහ්හ්හ්....! 
හිලව්වට චංදරප්පට සරම්, අමුඩ ලේංසු, අගේ අගේ ඇති එවුවා දෙනවාහ්හ්...!! 

       ඒ කාරින කොයි හැටි වෙතා සූටියටයි උගේ අඹුදරුවන්ටයි නැතෙයි නොකියා කාලා ඇඳලා ඉන්ට ඇහැක් යමක් ඌ මේ කරුමාන්තෙන් උපයා සපයා ගත්තා ඕං. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ තමුන්නැහේලට කිව්වාම මොකෑ මේකා ඔය අතරින් පතර කොස වෙච්ච ගස්දෙක තුනකට මංඩි ඩිංගිත්තක් එක්කහු කොල්ලා රා ඩිංගකුත් හැදුවා හීං සීරුවට. ආදායමක් ලබන්ටනම් නෙමේ ආයේ, හැන්දෑවට මුන්දැටම සප්පායම් වෙන්ට. ඇඟේ අමාරුවට එහෙම කාරිය. වැඩි පොරසිද්දියක් නැතුව කොලාට මොකෑ අල්ලපු ගමේ බඩයිය වගේ උන්ට මේක ඉව වැටිලයි තිබ්බේ ඕං.  රෑ රාත්තිරියේ හොර පොල් කඩකඩා ඇවිදින බඩයියලා වගේ "රාගුඩ්ඩෝ" වැඩක් කියලා කොරානම් ඒ අනුන්ගේ උහංදුරං හොයන එකම තමා. 
කොයිමින් කොයිමින් හරි දෙතුන් දවසක් සූටියට හොරෙන් ඒ සාවියේ කකුල් ගාලා බඩයියා නිච්චියටම දැන ගත්තා කොයි කොයි ගස්වලද රා මදින්නේ කියලා. පස්සෙන් පහු අදනම් බඩකට පුරා කිතුල් රා බොනවා කියලා හිතාන බඩයියා දවසක් රෑ ජාමේ ගෑ‍ටුවා සූටියගේ කිතුල් මංඩියට. ඔහොම හෝරාවක් විතර ගෙවුන තැන ආයිබොවන් බඩයියා කිතුල් ගහක් මුදුනේ. සූටියා හැර ගහලා, උණ හලලා, මල් වෙලලා, තුන්කැති කපලා රා බුන්නට මොකෝ බඩයියා ඔය කිසි මහංසියක් නැතුවම රා බොනවා. උගුඩුවා වගේ බොනවා.     

මේ අතරේ සූටියට ගෙදර තියෙන මලත් තලලා කාරිය නිදන්ට කලින් කිතුල්ගස් මංඩියේ කරක්ගහලා එන පුරුද්දක් තිබිලා තියෙනවා. ඕක මම කලින් නොකීවයි කියල මගෙත් එක්ක අමනාප වෙන්ට කාරිනෑ ආයිබොවං මම තියා මෙච්චරටම අනුන්ගේ දේවල් හොයන බඩයියවත් ඕක දැනං ඉඳලා නෑ නෙව. දැන් ඉතිං සූටියා පුරුදු විදිහටම එක අතකට බැස්ටියයි අනෙක් අතට කිතුල් පොල්ලකුයි අරගෙන මුර සංචාරයේ යනවා. කට්ට කරුවලේ කිතුලක් මුදුනේ හිටිය බඩයියට ගස් අතරෙන් පෙනුන බැස්ටියේ එලියෙන්ම එන්නේ කව්ද කියලා අඳුනගන්න අමාරු උනේ නෑ. ඇස් දොඟරේ පනින්ට ලොකුවෙලා කටේ කෙලත් හිඳුනේ අතේ තිබුනු කිතුල් පොල්ල දැක්කමයි. හොරාට රා බුන්නා වගේ නෙමේ තව ටිකකින් බඩපුරා කිතුල් පොලුපාර කන්ට වෙනවා කියලා දැනුනම ගහෙන් බහින හැටිත් අමතක ගානයි. හොරුන්ට ගනදෙවි නුවණ තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ලඟ එන අනතුර දැක්කම බඩයියටත් ඒක පහල උනා. 
ඉංගිරිස්....  
පුරස්නෙකට තියෙන්නේ ජීවිතේටම ඉක්කෝලෙකට නොගිය තමන්ට මලපොතේ අකුරක්වත් බැරි කොමයි. ඒත් කැලෑසියකට දෙකකට ගිය සූටියත් ඒවා නොදන්නා බව බඩයියා දැනන් උන්නා.
බඩයියා විසිල් එකක් එහෙම ගහලා හයියෙන් මෙහෙම කිව්වා. 

දිසිස් සූටියා දැටිස්..... ගසස් සූටියා ලඟස්..... 

ඕක ඇහුනා සූටියට. අනුමානයක් නෑ කාගේ හරි ඔත්තුවකට රා අල්ලන්ට පොලෝසියෙන් පැනලා තමයි කියලා හිතපු සූටියා පන්දමත් නිමාන කළුවරේම ගෙදර දුවන්ට තිබා ගත්තා. ආයේ නම් රා බොන්ට මේ අහට ගාටන්නේ නැතිය කියලා තරයේ හිතට ගත්ත බඩයියත් සුරුස් ගාලා ගහෙන් බැහැලා ගෙදර දිව්වා.

ප/ලි:
කෙබර චන්දනට උපහාර පිණිස.


Sunday, February 23, 2014

(ඔවුන්)...? ඇස් රිදෙන තෙක් සොයයි අත් හැරුන ජීවිතේ






          මම එහේ ගියත් මගේ හිත තිබුනේ ගෙදර. B ලඟ නැතත් හිත පුරාම හිටියා. නිවාඩු දවසක යාළුවෝ සෙට් උනාම හැමෝම පාහේ තමන් කැමති කැමති ආකාරයෙන් විනෝද වුනත් මට ඒ කිසිදේක අවශ්‍ය තාවක් දැනුනේ නෑ. ඒ නිසාම මට සමහරු විහිළුත් කලා ඇත්තෙන්ම ඒවයේ තිබුනේ උපහාසයක්. ඒත් මම ඒ හැම වෙලාවෙම හිතුවේ මගේ අහිංසකී මම නරක වැඩක් කලා කියලා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි කියලා. මොකද උඹලා දන්නවනේ මම කොහොම දඩබ්බරයෙක්ද කියලා. ඒකි මාව විස්වාශ කරලා ඒකිගේ ජීවිතේ මට බාරදුන්න එක ගැන මම පුදුම තරම් පැහැදීමකින් හිටියේ. උඹට මතකනේ ඒකාලේ අපිට මිනිස්සු කිව්වේ මදාවි කාරයෝ කියලනේ. ඒකිව බැන්දට පස්සේ මම අතහැරියේ උඹලව විතරක් නෙමේ මචං... අරක්කු සිගර‍ටුත් මම අතෑරලම දැම්මා. මේ ටික දවසකට කලින් ආයේ අරක්කු බිව්වේ. විස්වාශ කරපං දැන් මට අරක්කු කාලක් පෙවෙන්නත් කලින් වෙරි වෙනවා. ඒ අවුරුදු ගානකින් බීලා නැති නිසා. 

මට අරක්කු බොන එක ගැන අහන්න උවමනාවක් නෑ බං. කතාව කියපන්....! 
ඔව්.. අනික අරක්කු වත් කාල හැටයි බාගේ තිහයි ඒවායේ උවමනාවක් මට නොදැනුනේ B මගේ ජීවිතේම කියලා මම හිතා හිටි නිසා. හැඩ රුව වගේම ඒකිගේ ආදරෙත් මගේ හිත පුරෝලා තිබුනා. මම පුලුවන් හැම මොහොතකම ඒකිත් එක්ක කතා කලා. ඒ මම ලඟ නැති අඩුව ඒකිට නොදැනෙන්න. ඔහොම ඉන්න අතරවාරේ උන්ගේ තාත්තව ආයුර්වේදේ නතර කරලා තියනවා. එයාව බලන්න B තමයි නිතරම වගේ ගිහින් තියෙන්නේ. ඔය අතරේ එතනට උවමනා වෙන දේවල් එහෙම ගෙන්න ගන්න පණිවිඩ දෙන්න තොරතුරු එහෙම දැනගන්න ලඟ ඇඳේ හිටපු ලෙඩාගේ ෆෝන් එකෙන් B ට කෝල් කරලත් තියෙනවා. ඒකා Bට වඩා අවුරුද්දක් විතර වැඩිමල් කොල්ලෙක්. ඒත් වෝඩ් එකට ගිය කිසිම වෙලාවක ඌ මේකිට මූණ දීලා කතා කරලා නෑ. කොහොම වුනත් දවස් දෙකතුනක් කතා කරලා මූ එක පාරට කියලා Bට ආදරෙයි කියලා.. 

හුම්ම්.....! එතකොට...? 

B කියලා තියෙනවා අනේ එහෙම කතා කියන්න එපා මම කසාද බැඳපු කෙනෙක්. මට ළමයෙකුත් ඉන්නවා කියලා.. එතකොට මූ කියලා තියෙනවා මම ඒබවක් නම් දැනන් හිටියේ නෑ ඒත් එහෙම වුනා කියලා මට ඔයාට ආදරේ කරන්න බැරි කමක් නෑනේ කියලා. කොහොම හරි එදාට කතාව එහෙම නතර වෙලා තියෙනවා. ඒත් මූ දිගටම කතා කරලා. මේකිත් ඒ හැම වෙලාවෙම ආන්සර් කරලා. කොහොම හරි දවස් කීපයක් යද්දී මුන්ගේ තාත්තා ගෙදර එක්ක ඇවිත්. ඒත් අරූ කතා කරන එක නැවතිලා නෑ. ඔය අතරෙදි දවසක් මේකිත් කැමැත්ත දීලා තියෙනවා. 

මොකක් යකෝ...... අර ප#යා මේකිව ගනිකාවක් විදිහට හිතලා වේ@ කම් කරන්න යෝජනා කරද්දීම ඌට කැමතියි කියලා තියෙන්නේ මේකි මොන ජාතියේ ගෑනියෙක්ද...? 
මම තවම මගේ කතාව කියලා ඉවර නෑ සරා..! 
හරි එහෙනම් කියපන්....! 
ඊට පස්සේ ඌ කියලා තියෙනවා මේකිට ඌව බලන්න එන්න කියලා. මේකිත් කියන පමාවට වෝඩ් එකට ගිහින්. එහෙම ඌව බලන්න දවස් දෙකක්ම වෝඩ් එකට ගිහින් කතාකර කර ඉඳලා ඇවිත් තියෙනවා. මාසයක් විතර ගෙවුනම දවසක් ඌ කිව්වලු මම හෙට ටිකට් කපාගෙන යනවා යන්න කලින් ඔයාව බලන්න ඕන. හෙට එන්න කියලා. 
ඉතින්...? 
මොනවද මේකි ගිහින්.. ! ඉස්පිරිතාලෙන් පටන් ගත්ත ගමන කෙලවර වෙලා තියෙන්නේ හෝටල් කාමරයක් ඇතුලෙන්. 

හේ තවත් අරක්කු වීදුරුවක් ගිලදැම්මේය. මා අතවූ ගෑරුප්පුව දෙකට නැමුනේ අවේගය පාලනයට මා දැඩිව උත්සාහ කල නිසා වන්නට ඇත. 

උන් එදා කිසිම හිරිකිතක් නැතිව තුන්වෙනි සිල්පදේ කඩලා. උන් කොයිතරම් තිරිසන්නුද කියන්නේ මචං ඒ වෙන කොටත් අරූ ඇවිදින්නේ "‍ක්‍රචස් "වලින්ළු. 

හැන්දෑවේ මෙතන හිඳගත්දී තිබුනු රාස්සිගේ අව්ව වෙනුවට හාත්පස වසාගෙන ඇත්තේ ඝන අන්ධකාරයයි. ලන්තෑරුම් ඇතුලත තිබෙන රතු ,කහ විදුලි බුබුළුවල මඳ එළිය පරිසරයේ ඇති අඳුර මකන්නට කිසිසේත්ම නොසෑහේ. මා අත සොලවා හෝරා මානයට නෙත් යොමු කලේ විදුලි බුබුළුවල මඳ එලියෙන් එය පිරික්සීම නැනවත් ක්‍රියාවක් නොවන නිසාමය.
 රාත්‍රී නවයට තවත් ඇත්තේ විනාඩි 20 කටත් අඩු කාලයෙකි. මා කවදාවත් නිවසට යාමට මෙපමණ කල් ගන්නේ නැතිය. යම් හෙයකින් පමා වෙනවානම් ඒ බව නංගි බබාට දැනුම් නොදී සිටින්නේද නැත. එහෙත් මෙවන් වූ අවස්ථාවක ඇයට ඇමතීමට හේතු කිහිපයක්ම නිසා නොහැකි බැවින් කෙටි පනිවිඩයක් තැබුවෙමි. 
මම ටිකක් පමා වෙයි මැණික. යාළුවෙක් මුණ ගැහුනා . බය වෙන්න එපා පරිස්සමට එන්නම්...! 
මම තවම අහගෙන බං ඉන්නේ...! 

ඊට පස්සේ මේකි කිසි දෙයක් නොවුන ගානට ගෙදර ඇවිදින්. එදාත් මා එක්ක හොඳට කතා කරලා තියෙනවා. ඊට පස්සෙත් දෙන්නා හැමදාම කතා කරලා තියෙනවා. 

ඒ කියන්නේ ඒතරමටම මුණ ගැහෙන්නත් ඇතිනේ...? 

නෑ.. කෝල් කරපු තරමක් විතරලු. මුණ ගැහෙන්න ඕන කියලා ඌ නිතර කිවුවත් මේකි ගිහින් නෑ. 
මට ෂු.......... 
ඔව් ඒ වුනාට  ඒක ඇත්ත. කතාව ඉවර වුනහම උඹට ඒක තේරුම් යාවි. හුම්ම්ම්..... 

මේ කාලේ ඒකි මටත් SMS කර කර ඌටත් SMS කරලා තියෙනවා. මා එක්ක කතා කලත් කිසිම වෙනසක් නොදැනෙන විදිහට තමයි සේරම කරලා තියෙන්නේ. ඒත් එක දවසක් ඌට යවපු SMS එකක් වැරදීමකින් මට ආවා. මේ අපබ්‍රංසේ නොතේරුන නිසා මම එවලෙම මේකිට කෝල් කරලා ඇහුවා. එතකොට ඒකි මට කිව්වේ ඒක ඒකිගේ එකක් නෙමේ උන්ගේ නැන්දගේ දුව ඒකිගේ කොල්ලට යවපු එකක් කියලා. මට ඒකට තරහා ගියා. තමන්ගේ ෆෝන් එක මොකටද එක එකාට මල් කඩන්න දෙන්නේ කියලා මම ඒකිට බැන්නා. අර කෙල්ලගේ ෆෝන් එකේ සල්ලි ඉවර වුන නිසයි මගේ එකෙන් SMS එකක් යැවුවේ එහෙම නැතුව මම කිසි වරදක් කරලා නෑ කිය කිය ඒකි ඇඬුවා. ඒත් මොකක්ද නොතේරුන හේතුවකට මට ගොඩාක් තරහා ගියා ඒ වෙලාවේ. මම අපේ නැන්දම්මටත් කතා කරලා හොඳටම බැන්නා. කොතන හරි වැරදීමක් වෙලා තිබුනොත් මම කරන දේවල් තමුන්ලා කිසිකෙනෙකුට හිතා ගන්න වත් බැරිවේවි කියලා තර්ජනය කලා. මෙහේ එහෙම කිසි අවුලක් නෑ ඔයා කලබල වෙන්න එපා ඔහේ තියෙන වැඩ ටික කරගෙන ඉන්න කියලා අම්මයි දුවයි දෙන්නම මාව අස්වැසුව නිසා මම හෙමින් කූල්ඩවුන් වුනා.  
ඊට ටික කාලෙකට පස්සේ මේකිගේ උපන් දිනේ ආවා. එදාට පහු වෙනිදත් මේකි ඌව හම්බ වෙන්න ගිහින් තියෙනවා. එදත් ඌ මේකිව හෝටලේකට ගෙනිහින් තියෙනවා ඒ වෙනකොටත් ඌ ඇවිද්දේ ‍ක්‍රචස් වලින්ලු. එදා ඒකි කියලම ඇවිත් තියෙනවා මම ආයේ මෙහෙම ගමන් එන්නේ නෑ කියලා. ඒ දෙන්නගේ කතා බහ නම් නැවතිලා නෑ. තවත් මාස දෙකක් විතර යද්දී මම මේකිට අලුත් ෆෝන් එකක් යැව්වා. ඉන්ටර්නෙට් සිම් එකක් විතරක් පාවිච්චි කරන්න අනෙක් සිම් එක අතාරින්න කියලත් මම එයාට කියලා තිබුනේ. එහෙම එකේ ස්කයිප් කතාකරනකොට මම දැක්කා මෙයා අනිත්  ෆෝන් එකත් ලඟ තියා ඉන්නවා. මම ඒකට කෝල් එකක් ගත්තා.ඒක වැඩ කලා. මම ආයේ ඒ සිද්ධියට කෑ ගහලා එවලෙම ඒක පොලවේ ගහන්න කිවුවා. එයා අකමැති උනත් මම බලෙන්ම ඒක පොලවේ ගැස්සෙව්වා. ඒ සිදුවීමත් එක්කම අරුත් එක්ක කතා බහ කිරීමත් නැවතිලා තියෙනවා. B කියන විදිහට ඊට කලින් ඉඳන් B කියලා තියෙනවා අරූට කෝල් කරන්න එපා කියලා. ඒ සිම් එකත් මාරු කරන්න කියලා කිවුවලු , හැබැයි ඌ එහෙම කරලා නෑ. මම ෆෝන් එක පොලවේ ගහන්න කියලා කිවුවට පස්සේ මෙයා ආයේ කවදාවත් ඌට කතා කරලත් නෑ. ඒකි කියන විදිහට ඒකිට හිතුනලු ඒකි මේ කරන්නේ ලොකු වරදක් කියලා. ඒත් ඒකිට ඒකෙන් ගැලවෙන්න මගක් නැතුවලු හිටියේ. මොකද සිම් එක මාරු කලත් මම ඒ ඇයි කියලා අහනවනේ. ඒකට බය තිබුනලු .


එතකොට උඹ කියන්නේ දැන් එහෙම සිද්දියක් නෑ ඒකිම හිතලා ඒක නවත්තලා කියලා. 

ඔව්...! 

උඹට අච්චර වංචාවක් කරපු එකී කියන දේ කොහොමද පිලිගන්නේ...? 

පොඩ්ඩක් හිටපන් මම තවම කතාව කියලා ඉවර උනේ නැහැනේ...! 

කාලය ගෙවුනා මම ආපහු ආවා.. එතකොට ඒකිගේ කිසිම වෙනසක් මට දැනුනේ නෑ. අපි සාමාන්‍ය විදිහට සතුටෙන් හිටියා. ගොඩාක් කල්. ඒත් දවසක් මොකක්දෝ සුලු සිද්දියකට B මගෙන් ඇහුවා ඔයාට මාව සැකද කියලා, ආං ඒ වචනේ මගේ හිතේ ලොකු කැළඹීමක් ඇතිකලා. මම මෙයාව මටත් වඩා විස්වාශ කරන බව දැන දැනම ඇයි මෙයා මගෙන් එහෙම ඇහුවේ කියලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න කලා. ඒක සාමාන්‍ය දෙයක් නොවෙන බව තේරුනත් එයාට එහෙම බරපතල චෝදනාවක් කරන්න තරම් හේතු මට තිබුනේ නෑ. ඒත් මම අපූරු උපක්‍රමයක් යෙදුවා.
 මොනතරම් සූක්ෂම විදිහට හැම දේම යට ගහලා තිබුනත් මගේ එකම පොයින්ට් එකට එයා අහුවුනා. මොකද මම ඒක සති ගානක වැඩක් විදිහටයි ක්‍රියාත්මක කලේ අවසානේ හැමදේම වැමෑරුවට පස්සෙයි මම යෙදුවේ උපක්‍රමයක් බව එයාට කිව්වේ. ඒත් වෙනකම් එයා හිතා ඉඳලා තියෙන්නේ මගේ මේ නව වෙනස හැබෑවක් කියලා. හැබැයි ඒක මොනවගේ දෙයක්ද කියලා නම් මගෙන් අහන්න එපා. කියන්නේ නෑ මම. 

හරි ඒවා එපා කතාව විතරක් කියපං. මම අද එලිවෙන්න කලින් ඔය ඩයල් එක හොයා ගන්නම්... 

අර මොකටද...? මම ඌව හොයා ගත්තා....! 

මොනවා ඒකියන්නේ ඌ මේ වෙද්දී....? 

අදාල දවසේ රෑ එලිවෙනකම් මම මේගැන ඒකිගෙන් අහලා දැනගත්තා. නොකියා ගිල ගන්න හදපු දේවල් මම කියවා ගත්තේ තර්ජනය කරලා ඒත් පාරක් වත් ගැහුවේ නෑ. මම අර මුලින් කියපු SMS සිද්දියත් වෙන කාගෙවත් නෙමේ ඒකිගෙම කියලා ඒකි පිළිගත්තා. තමන් අතින් කෙරෙන්නේ පවක් කියලා ඒකිගෙම හිත ඒකිට දොස් කිවුවා කියලත් ඒනිසාමයි මේක නිකන්ම නැවත්තුවේ කියලත් ඒකි මාගාව වැඳ වැටිලා කිවුවා. වෙච්ච වරද ආයෙත් හදන්න බැරිබව තේරෙනවය ඒත් මින් ඉදිරියට පණ තියෙන තුරාවට එහෙම දේකට පෙලඹෙන්නේ නැතිය කියලා දාසියෙක් වගේ මාගාව වැටිලා ඉන්න ඉඩ දෙන්නය කියලා ඒකි මගේ කකුල් දෙක ලඟ වැටිලා මගෙන් ඉල්ලුවා. ඒකි එහෙම කියද්දී මට ඉහිළුම් නැතුව ගියා බං. මට මාව පාලනය කරගන්න බැරුව ගියා ඒ වෙනකම් කවදාවත් අතක් උස්සලා තිබුනේ නැති ඒකිට එවලේ ඉඳන් මම හොඳටම තැළුවා. ඒත් අතින් පයින් නෙමේ. කෝ‍ටු වලින් පොඩි කන්ඩියුට් බට කෑලි වගේ ඒවයෙන්. අපේ අතකින් පාරක් කාලා මහ සද්දන්තයොත් බිම වැටෙන එකේ ඒකිට මේ අතකින් පාරක් වැදුනොත් කොහොම හිටීද...? 
මොන තරම් තරහක් තිබුනත් මගේ හිත ඇතුලේ තිබුන ආදරේ හිඳිලා තිබුනේ නෑ. වේදනාව උහුලන්න බැරුව ඇස් වලින් කඳුළු පෙරි පෙරිත් ඒකි කතා කලේ රහසින්. මොකද මේ කිසි දෙයක් බෙඩ් රූම් එකෙන් පිටට ගියොත් කාමරේ ඇතුලෙම ‍තෝව වලලනවා කියලා මම ඒකිට කිවුව නිසා. 
අනේ මට රිදෙනවා අයියේ ගහන්න එපා කියලා වඳිනවාට වඩා යමක් ඒකි කලේ නෑ. එහෙම වෙලාවට මගේ හිත කඩා වැටෙනවා. අනේ මේ මගේ ආදරේ නේද කියලා, ඒත් ටිකකින් මම මෙයාලා වෙනුවෙන් කරපු පරිත්‍යාග කොච්චරද ඒ කිසි දෙයක් නොතකා නේද මෙයා මට මෙහෙම වංචාවක් කලේ මම ‍රැවටිලා නේද කියලා මතක් උනහම ආයෙත් මට මාරයා ආවේශ වෙනවා. එහෙම වෙද්දි මම ආයෙත් තලනවා. 
ඔහොම දවසක් දෙකක් ගෙවෙද්දී දරුවටත් දැනුනා මම එයාගේ අම්මට තලන බව. විශ්වාස කරපන් එදා ඉඳන් ලමයා අපේ ගෙදර ඉන්නත් බය වුනා. එදා ඉඳන් ලමයා හිටියේ උන්ගේ මහ ගෙදර. දවස් කීපයක් යද්දී B රෑ වෙනවටත් බය උනා. මොකද එලිවෙනකම් ගුටි කන්න වෙනනිසා. ඇත්තටම එහෙම ගුටි කන්න ඒකිට පුලුවන් කමක්වත් ගුටි කාල පුරුද්දක් වත් නොතිබුන බව මාත් දැනන් හිටියා. අදාල සිද්දි මතක් කර කර මම ඒකිට තලත්දි මට මතක් උනා වැරදි මේකි විතරක්ම නෙමේනේ, අරුත් දඬුවම් විඳින්න ඕනනේ කියලා. ඊට පස්සේ මම ඇහුවා උඹට උගේ ෆෝන් නම්බර් එක මතකයි නේද කියලා. ඒකි ඔව් කිවුවා. මම කිව්වා ඌට කතා කරලා අහවල් දිහාට එන්න කියපන් කියලා. ඒකට බෑ කිව්වම මම ආයෙත් තලන්න පටන් ගත්තා. ගුටි කන්න බැරිතැන ඒකි කැමති වුනා කතා කරන්න. මම අලුත් සිම් එකකුත් පහුවදා අරන් ඇවිත් කතා කරන විදිහත් කියලා දීලා පලවෙනි දවසෙම හම්බවෙන කතා කියන්නේ නැතිව නිකන් කතා කරන්න කිවුවා. මම නිවාඩු ඉවරවෙලා ආයේ ගියා කියලත් කියන්න කිව්වා, කොතන හරි වැරදුනොත් ‍තෝව මම මරණවය කියලත් බය කලා. ඒ බයටම ඒකි මම කියපු විදිහටම කලා. දෙවනි දවසේ ඌම මේකිට කතා කලහම මේකි ඌව හම්බවෙන්න ඕන කිවුවා. ඌ එක පයින් වැඩේට සෙට්. මුලින් මගට එන්න කියලා යෝජනා කරලා මග එද්දී ගෙදරටම එන්න කිව්වේ මගේ අදහසට. ඌ මුලින් ඇඹරුනත් මේකි ගැන තියෙන විස්වාසෙට පස්සේ කැමති උනා.
 මගේ සැලසුම කොච්චර සාර්ථකද කියනවා නම් ඌ අපේ ගෙයි සාලේ සැටියක වාඩි වෙලා උන්නේ හරියට ඒකේ අයිති කාරයා ඌ වගේ. ඒ වෙද්දී ගෙදර හැම දොරක් ජනේලයක්ම මම වහල ගෙයි පිටිපස්සට වෙලා හිටියේ. ඌ ආපු ත්‍රීවිලර් එක මගේ යාළුවෙක්ගේ නිසා මම වීල් එක යනකම් ඉඳලා ඉස්සරහා දොරෙන් ගෙට ගොඩවුනා. පොඩි කිතුල්පොලු කෑල්ලක් මගේ අතේ තියෙනවා දැකපු B මගේ අතේ එල්ලුනා. අනේ අයියේ ඔයා පොරොන්දු වුනානේ පාරවල් තුන හතරක් ගහනවා විතරයි කියලා දැන් මොනාද මේ කරන්න හදන්නේ කියලා. මම ඒකිව එලියට තල්ලු කරලා දොර ඇතුලෙන් ලොක් කලා. ඇත්තටම ඒකි මුලදි අකමැති වෙලා තියෙන්නේ ඌව පරිස්සම් කරන්න උවමනාවට නෙමේ මට අහු වුනොත් මම ඌව මරයි කියන බයට. ඒ වෙද්දිත් මේ වෙන්නේ මොනවද මම කවුද කියලා අරූට තේරිලා නැති බව මට ඌ හිනාවෙන විදිහෙන්ම තේරුනා. ඒ නිසා මම ඌ ලඟට ගිහින් මම කවුද ඌව මෙහෙට ගෙනාවේ ඇයි ඌ ගැන හා මේ සිද්දිය ගැන මම දන්න දේවල් සේරම ගැන කෙටියෙන් ඌට කිව්වා. දැන් මගෙන් බේරෙන්න ඕන නම් උඹ අනිවාර්යයෙන්ම මාත් එක්ක ගහගෙන දිනන්න ඕන කියලත් මම ඌට කිව්වා. අනේ අයියේ මට කා එක්කවත් ගහගන්න බෑ ඇක්සිඩන්ට් එකක් වෙලා අවුරුදු ගානක් ඉස්පිරිතාලවල ඉඳලා සනීප වුනේ මේ ලඟදී. මගේ කකුල් දෙකම කැඩිලා හදලා තියෙන්නේ මට යන්න දෙන්න කියලා ඌ කිව්වා. අඩෝ කැ@@ මෙතන තීරණ ගන්නේ මම, ගහ ගන්න බැරිනම් මැරෙන්න ලෑස්තිවෙය කියලා මම ටීපෝ එක උඩ තියපු කිතුල් පොල්ල අරං ඌට එකක් ගැහුවා. එතකොට ඌ අම්මෝ කියලා කෑ ගැහුවා. එතකොට මම ඊට වඩා හයියෙන් එකක් ගැහුවා කෑ ගහන්න එපා කියලා ගෙයින් පිටට ඇහෙන්න. එතකොට තමයි ඌ මට කිව්වේ අයියේ මගේ අත පය කැඩිලා තියෙන්නේ ආයේ කැඩුනොත් මේවා හදන්න බෑ කියලා දොස්තරලා කියලා තියෙන්නේ ඔයාගේ තරහා නිමෙන කම් මට අතින් පයින් ගහලා යන්න දෙන්න කියලා. එහෙම කිවුවම මට හිනා ගියා. හරි එහෙනම් උඹේ කැමැත්තක් කියලා මම එකම පාරයි අතින් ගැහුවේ ඌට නිකම් ‍ෆිට් එක හැදුනා වගේ උනා. පියවි තත්වෙට පත් වුන ගමන් ඌ මට දනගහලා වැඳලා කිවුවා අනේ අයියේ කපලා මැරුවත් කමක්නෑ ආයෙත් අතෙන් ගහන්න එපා කියලා. ඈ බොල ප@.. ‍තෝ හිතුවේ දෙකා වගේ ඉන්නකොට මම ‍තෝ වගේ පිම්පියෙක් කියලද...? මට දින තියලා ගහන්න පුලුවන් මේ අතෙන් ‍තෝ මැරෙන්න ඒක නිසා දෙයියන්ට පින් දීපිය මම තොට මේ පොලු කෑල්ලෙන් ගහන එකට. එහෙම කියලා මම පැය දෙකක් විතර තියාගෙන ඌට ගැහුවා. අත් දෙකයි වම් කකුලයි කඩලා දැම්මා . කොච්චර එපා කිවුවත් වේදනාව දරා ගන්න බැරුව ඌ මර ල‍තෝනි තිබ්බා. මොකක් හෝ සිද්දියක් අපේ ගේ ඇතුලේ සිද්ධවෙන බව අහල පහල අයට දැනුනත් කවුරුවත් ඒ මොකක්ද බලන්න ආවේ නෑ. හැබැයි පොලිස් හදිසි ඇමතුම් අංශෙටනම් කියලා තිබුනා. ඌව බාගෙට මැරුවට පස්සේ B මට කියපු දේවල් ඇත්තද බලන්නත් එක්ක මම ඌට මුළු ස්ටෝරියම කියපන් කියලා කිවුවා. කිසි වෙනසක් නෑ B කියපු කතාවමයි. ඒ වගේම මේ සම්බන්ධේ නවැත්තුවේ ඇයි කියලවත් ඌ තවම දන්නේ නෑ ඌ හිතලා තියෙන්නේ මම ආව නිසා කියලා. මම ආවේ අදාල කාලෙට ගොඩාක් පස්සේ කියලා ඌ දන්නේ නෑ මම කියන්න ගියෙත් නෑ. ඊට පස්සේ මම ත්‍රී වීල් එකක් අරං ඌව ටවුන් එකට ගෙනිහින් දාලා ආවා.
උඹගේ කතාවෙන් මට නම් තේරුනේ මේක ඉවර වෙච්ච කතාවක් කියලා. මෙතනදි උඹ කරලා තියෙන්නේ දෙන්නටම දඬුවම් දීමක් විතරයි. 
කිසිදෙයක් ඉවර වෙලා නෑ සරා,කිසිදෙයක් ඉවර වෙලා නෑ...! 

ඇයි උන්ගේ සම්බන්ධේ ආයෙත් පටන් අරන්ද...? නැත්නම් අරූ උඹෙන් ගේම ඉල්ලනවද..? කියපන් යකෝ හෙට ඉඳන් ඌටත් එක්ක බත් උයන්න ඉඩ තියන්නේනෑ එහෙනම් සරා.  
එහෙම දෙයක් නෑ මචං,තව අවුරුද්දකටවත් ඒකට ඒකගේ අතෙන් පස්ස පැත්තවත් හෝද ගන්න පුළුවන්වේය කියලා මම හිතන්නේ නෑ. ඒත් මගේ ගෙයි කලින් තුබුන සතුට සමගිය ආදරේ මේ කිසි දෙයක් අද ඒ ගෙයි නෑ. කොටින්ම මට ඒකිව රුස්සන්නේ නෑ ගෙදර තියෙන හැම වැඩේම කරන් ඒකි හිටියත් මට පේන්නේ වැරදියට. වෙනදා වගේ ආදරෙන් හිනාවෙන්න කතා කරන්න හුරතල් වෙන්න හිතාගෙන මම ලඟට ගියත් ඒකි ගාවදි මට අර දේවල් මතක් වෙනවා එතකොට මගේ හැඟීම් යටපත්වෙලා කේන්ති යනවා. අවසානේ ඒකි ගුටිකන එකයි බැනුම් අහන එකයි තමා ප්‍රථිපලේ. ඒත් ඒ කිසි දේකින් මම ලබන සතුටක් නෑ. ඇත්තටම ඒකිට ගහන්න බනින්න මම ආස නෑ. ඒත් මට මගේ ආවේගය පාලනය කරගන්නත් බෑ. මම කොයිතරම් රළු මිනිහෙක් උනත් ඒකි ලඟදි හැසිරුනේ පොඩි එකෙක් වගේ. හැමදාමත් එහෙම ඉන්න මම ආස කලා. Bට මම ඒබව කියලත් තිබුනා. ඒත් දැන් එහෙම කරන්න බැරි එයා වෙන එකෙක් ලඟට ගිය බව මගේ හිත දන්න නිසා. මට ඒක අමතක කරන්න බැරි නිසා. මේ කරදර දරා ගන්න බැරිව එයා දිවිනහගන්නත් හැදුවා. එදා මම පිස්සෙක් වගේ එයාව හෙව්වේ. මට ඒ වෙලාවේ දැනුනා මොන වරද කරලා තිබුනත් එයා නැතුව මට අපේ දරුවව හදා ගන්න බැහැ කියලා. දරුවා අම්මව ඉල්ලනකොට මටත් වෙන්නේ මැරෙන්න කියලා මට දැනුනා. කොහොම හරි මම B කරදරයක් කර ගන්න කලින් එදා හොයා ගත්තා. මටත් මැරෙන්න හිතුනු වාර අනන්තයි ඒත් ලමයයි මමයි ඉද්දී මෙහෙම වරදක් කරපු ගෑණි මම නැති කාලෙක මොනා නොකරාවිද එහෙම වුනොත් ලමයට මොන කලක් යාවිද කියලා හිතෙන කොට මට මගේ තීරණ ක්‍රියාත්මක කරන්න බෑ මචං. දැන් මම හැම අතින්ම පිරිහෙනවා. මට කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඔළුව යකාගෙ කම්මල වගේ. උඹට පුළුවන්නම් මට මේ මානසික පීඩනයෙන් මිදෙන ක්‍රමයක් කියලා දීපන්. 

හේ මගෙන් පිළිසරණක් අපේක්ෂා කරයි. සැබැවින්ම මා ඔහුට උදව් කල යුතුව ඇත. නමුත් ඔහු මේ ඉල්ලන්නේ මිල මුදල් හෝ එවැනි යමක් හෝ නොව මානසික සහනයෙකි. ගැටළුව ඉතා සංකීර්ණ බැවින් ඔහුගේ මනස ප්‍රකෘති කරනා පිළිතුරක් ක්ෂණයෙන් මසිතට නොනැ‍ඟෙයි. සත්‍ය වශයෙන්ම මට මෙවැන්නක් සිදුවුවහොත් මාද මොහු ලෙසම හැසිරෙනු ඇත. එසේවතුදු මා විසින් පිලිගතයුතු සත්‍යයක්දවේ. මීට සත් වසරකට පමණ පෙර මාද මොහු මෙන්ම දඩබ්බරයෙකි. අද සෙනෙහෙබර සැමියෙක්, පියෙක් ලෙස වාසනාවන්ත යුගදිවියකට හිමිකම් කියන්නේ අහිංසකාවියකගේ ආදරයේ මහිමයෙනි. මදාවියා යන නාමවිශේෂනය මගේ ජීවිතයෙන් ඈත් කලේ ඇයය. ඇය ඔබ හැමදෙනාම හඳුනන නංගි බබාය. ඇයද ගැහැනියෙකි. B මෙන්ම ගැහැනියකි. ඉඳින් ගැහැනුන් මෙලෙසයැයි කීමට මට හැකියාවක් නැතිය. B ගැන සිතන කල ඇය සිතා මතාම වැරදි කලා යැයි කීමටද නොහැකිසේය . ඇයට වැරදුනා යැයි පැවසීම මගේ අදහසට අනුව නිවැරදි ලෙස හැඟේ. මන්ද මා මිතුරා සඳහන් කල කරුණු තුලම ඇය මින් මිදීමට උත්සාහ දරා ඇති බවට සාක්ෂි තිබෙන නිසාවෙනි. එමෙන්ම ඒවා ඇය ගෙතූ බොරු නොවන බව ඔහු විසින්ම සහතික කරගෙනද ඇත. පවතින නීතිරීති හා සමාජ සම්මත පමණක් සැලකිල්ලට ගනිමින් මෙවන් ගැටළුවලට විසඳුම් සෙවීම යුතු නොවෙතයි යන්න මගේ හැඟීමයි. මන්ද එවන්වූ නීතිරීති හා සමාජ සම්ප්‍රදායන් මිනිස් හැඟීම් තුට්‍ටුවකටවත් මායිම් නොකරන බැවිනි.විසඳුමක් සෙවිය යුත්තේ මානුශීය හැඟීම් වලට මුල්තැන දෙමිනි.    

සැ;යු:  

ය‍තෝක්ත මිතුරා පෑ හයකට වඩා කාලයක් ගත කරමින් මා සමඟ කී කතාවක සංක්ෂිප්ත සටහනක් පමණකිය මේ. ඔවුන්ගේ පෞද්ගලිකත්වද ‍රැකෙනා අයුරින් මා මෙය ඔබලා සමඟ පැවසුවේ ඔබලාගෙන්ද යම් උපදෙසක් අපේක්ෂාවෙනි. දයාබර මිතුරු මිතුරියෙනි. අද ඒ කුළගෙය ගිනිගෙයක් වීඇත. නමුදු ඒ ගිනි නිවීමට කලහැකි යමක්ද ඇත. ඒනම් මා මිතුරාගේ සිත නිවීමයි. එය ක්‍රමවත්ව කල යුත්තකැයි මට හැඟේ. එබැවින් ඉහත කතාව කියවා ඔබගේ අවංක අදහස මා වෙත කොමෙන්‍ටුවකින් හෝ ඊයකින් දන්වනමෙන් ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. 

පසු වදන: 
අපි තානායමෙන් නික්මුනේ තානායම වැසීමට කාලය පැමිණ ඇතැයි සේවකයෙක් පැමිණ දැනුම් දීමෙන්ද අනතුරුවයි. නගර මධ්‍යයට පැමිනි පසු මා ඔහුව නිවසට ඇරලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කලේය. වැනෙමින් නගරයේ එක් අන්තයකට ගමන් කරන ඔහු යමක් මුමුණනු මට ඇසින. 

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුනු පසු.. 
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු.. 
නුරා මතත් නොදකමක් කියා පලක් නොවේ.. 
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ.. 

යතුරු පැදිය පණ ගන්වමින් නිවස බලා ගමන් කරන මා මුවගට නොදැනීම මේ පද කිහිපය ගලා ආවේ මන්දැයි සිතන්නට මා නොවෙහෙසුනෙමි. 

හිමාලයත් නිල් අහසත් තිබුනු ලෙසම තියේ 
මිනිස් කමයි වෙනස් වෙවී ගලා ගියේ ‍රැයේ.. 
ආදරයත් හිස් වදනකි පෙන බුබුලක් වගේ.. 
අනුන්ට නොව තමන්ටමයි සමහරු ආදරේ.. 
සමහරු ආදරේ..


Thursday, February 20, 2014

(ඔවුන්)...? ඇස් රිදෙන තෙක් සොයයි අත් හැරුන ජීවිතේ





         ආදරය කරුණාව දයාව විස්වාශය වගේ වචන හරි සරලයි වගේ පෙනුනට ඒවා මිල කරන්න බැරි තරමට වටිනවා. බොහෝ දෙනෙක් ඒ මතයට එකඟතාවය දැක්වූවත් ඇතැමෙක් උපහාසයෙන් හිනාවෙන්න උනත් ඉඩ තියෙනවා.ඒත් බ්ලොග් ලියන කියවන මගේ සංවේදී මිතුරු මිතුරියන් අතර එවැන්නෝ නොවේවායි මම ප්‍රර්ථනා කරනවා. මන්ද මම අද කියන කතාව හරිම සංවේදී කතාවක් නිසා. මේ කතාව ඇතුලේ ඕපදූපයකුත් අඩංගු වෙලා තියෙනවා. නමුත් මට ඕන ඒකුණු කතාව ඔයාලට කියලා හිත් වල කුණුරසයක් ඇති කරන්න නෙමේ. මේවන් වූ චරිත ඔබ මම ජීවත් වෙන පරිසරයේ තවත් බොහෝ ගනනක් තියෙන නිසා ආං ඒ චරිත ඒ තත්වයෙන් මුදවා ගන්න ඔබට හැකි යමක් කරන්න යැයි ඉල්ලන්න. වක්‍රාකාරයෙන් හෝ එවැනි දේට අනුබලයක් නොදීමට වග බලා ගන්නා මෙන් ඔබෙන් ඉල්ලන්න.


          අපි අහලා තියෙනවානේ එක කඩල ඇටයක් බිම වැ‍ටුන වෙලාවේ අතේ තිබුන කඩල අහුරම වීසිකරලා බිමට බැහැලා අර කඩල ඇටේ හොයන්න දඟලපු වඳුරගේ කතාව. කිසිම වෙනසක් නෑ මේකත් ඒ හා සමානම එකක්. හැබැයි මෙතන වඳුරෙක් නෑ, ඉන්නේ ගෑණු දරුවෙක් තරුණ බොහොම හැඩකාර ගෑණු දරුවෙක්. 

          හරි වහෙන් ඔරෝ නැතුව මම කෙලින්ම කතාව කියන්නම්. හැබැයි මම කලින් කිවුවා වගේම මේ තුල තියෙන කුණු රසය නම් මම පුළුවන් තරම් අඩු කරලා තමයි ලියන්නේ. 
    A වචනයේ පරිසමාප්තාර්තයෙන්ම පිරිමියෙක්. කිසිම කෙනෙකුට දෙවෙනි නොවන ඕනම තැනක කැපිලා පේනබොහෝ හැකියාවන්ගෙන් පිරුණු මගේ මිතුරෙක්. දු‍ටු මතින් කෙනෙකුට හඳුනා ගත නොහැකි වුනත් ඇසුරු කිරීමෙන් හේ ඉතා අපූරු පුද්ගලයෙකැයි ඕනෑම කෙනෙකුට හැ‍ඟෙනවා පමණක් නෙවෙයි අනිවාර්යයෙන්ම ඔහු මිතුරෙකු කරගන්නවා. සරාගේ මිතුරු ලිස්ට් එකේ දීර්ඝ කාලයක් තිස්සේ ‍රැඳී සිටි A ඔහුගේ විවාහයත් සමඟ සරාලාගේ ඇසුරෙන් දුරස් වෙනවා. A ගේ මනාලිය අපි ඇයට B කියලා කියමු. ඇයව අපි හඳුනා ගත්තේ A නිසා. ඔහුගේ පෙම්වතිය උනාට පස්සේ. වඳුරන්ගෙන් බණ අහපු ගල් පලලා මද කාපු සරාට වුනත් B දැකපු ගමන් ඇති වුනේ හරිම පහන් හැගීමක්. 
හරි අහිංසක කෙල්ලෙක්....! 
අපේ එකාගේ වාසනාව...!! 
මේකි නම් මූව මනුස්සයෙක් කරාවි....!!!
උගත්කම විතරක් නෙමේ හොඳ හැදියාවකුත් තියෙනවා මූට හරියන්නේ මේකිම තමයි... 
ඒ සරා ඇතුළු මිතුරු කණ්ඩායමේ අදහස්. ඒ නිසාමයි නොබෝ දිනකින්ම ඒ පෙම් යුවල යුවතිපතීන් බවට පත්වුනේ. ඒහා සමඟම ඔවුන් මිතුරු සමාගමෙන් බොහෝ ඈතට ඒ කියන්නේ Bගේ ගමට යනවා. සමීපම සගයෙක් උනත් ඔවුන්ගේ සතුටනේ .. කියන අදහසින් අපි කිසි කෙනෙක් A ට ඇනයක් වෙන්න ගියේ නෑ. දින සති මාස අවුරුදු වෙලා ගිහින් බොහෝ කාලයක් ගෙවිලා. මේ මෑතකදී එක්තරා නගරයකදී සරාට හුරු පුරුදු රුවක් මුණ ගැසුනා. 
A..!!! 
මට දැනුනේ හරිම සතුටක්. ගොඩාක් කාලෙකට පස්සේ මගේ හොඳම යාළුවෙක් මුණගැහුනේ. අහන්න කියන්න ගොඩාක් දේවල් තියෙන නිසා මම ඌ ලඟ බයිසිකලේ නැවැත්තුවා. 
හෙලෝ... මචං.. උඹව දැක්ක කල්...! 
ඉතින් ඉතින් කොහොමද නංගියට.. ? 
කට්ටියම සනීපෙන්ද...? 
දැන් බොලාට බබාලා කීදෙනෙක් ඉන්නවද...? 
ආයි මොකෝ හදලා ඇති දුසිමක් විතර, ඇයි අරකිත් බෝනික්කි වගේ ඉන්නවනේ. 
මමත් බූරුවා වගේ ප්‍රශ්නයි ඒවට මගේම උත්තරයි වැලක්ම දැම්මා ඌට හුස්ම ගන්න වත් ඉඩක් නොතියා.
 ඌ මං දිහාට හැරුනත් කිසිම හැඟීමක් ඒ මුහුනේ තිබුනේ නෑ වගේ. කාලෙකින් හමුවුන මාව දැක්කම ඌ සතුටටත් විශ්මයටත් පත්වේවි කියලා මම හිතුවත් ඒක එහෙම උනේ නෑ. 
අඩේ.. මේ ඌ නෙමේ වත්ද..? 
යකෝ දන්න දා ඉඳන් එක පතේ කාපු එකාව මේ අවුරුදු හත අටට මට අඳුන්න බැරිව යන්නේ කොහොමද...? 
මේ ඌම තමා. 
එහෙනම් මූට ගුල්මයා ගහලද මූනේ හිනා පොදක්වත් නැත්තේ. සමහරවිට කාපු කඩ කෑමක්වත් විෂ වුනාද දන්නේ නෑ. 
මාත් මොහොතකට නිහඬවුනා. හෙමෙන් මා ලඟට ආපු A 

මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕන උඹ ලඟ සල්ලි තියෙනවද...? 
අම්ම ගහයි...ඈ බොල හු## දැන් ‍තෝ යාළුවෝ එක්ක කතා කරන්නෙත් සාක්කුව බලලද...? 
විහිළු නෙමේ බං මම සීරියස්.. මට ටිකක් බොන්න ඕන , ඒ ගමන් කතා කරමු...!! 
බොමු ඩෝ.. කව්ද බෑ කිවුවේ.. රුපියල් වලින් බැරිනම් සව්දි රියාල් වලින් හරි ගෙවමු... වරෙන් යන්ඩ..! 
මම නැවතත් බයිසිකලය පණගැන්වීමි. මිතුරා පැමිණ වාඩිවූයෙන් මා සැහැල්ලුවෙන් බයිසිකලය ඉදිරියට පදවන්නට වීමි. 
ඉතින් කියහන්කෝ උඹේ ප්‍රියම්භිකාව ගැනත් ටිකක්... දැන් බබාලා ඉන්නවද දුසිමක් විතර... මොනවද උන්ට දාලා තියෙන නම් ජනවාරි, පෙබරවාරි මා...... 

මතක් කරන්න එපා කාලකන්නි ගෑනි මාව කෑවා...! 
බරාස්ස්ස්.......! 
උගේ ආවේගශීලී හඬට නොදැනුවත්වම තිරිංග තද වීමෙන් හුළං අස්පයා පාර මැදම නතර වුනේය. 
පිස්සුද හු## මහ පාරේ කෑ ගහන්නේ. කොහෙද බාර් එකක් තියෙන්නේ...? 
ඔහොම ටිකක් ඉස්සරහට යමන්. දකුණු පැත්තේ එකක් තියෙනවා..! නැවත පණ ගැන්වුනු බයිසිකලය විනාඩි කිහිපයක් ගෙවෙත්දී තානායම් මිදුලක නැවතිනි.
 ලඟට පැමිණි හෝටල් සේවකයාට සැර ජාතියෙන් හා සැර නැති ජාතියෙන් අවශ්‍ය ප්‍රමාණය ඇනවුම් කල මා බයිට් එක ඩයිට් එකක ප්‍රමාණයෙන් ගෙනෙන ලෙසට උපදෙස් දුන්නේ A ඉරියව්ද නිරීක්ෂණයෙන් අනතුරුවය. මා අනුමාන කල ලෙසටම නැ‍ටුං තෙල් කලින්ම ආවේය. 
සර්.. බයිට් එක තව විනාඩි තුන හතරක් විතර පරක්කුයි..! 
වේටරයාගේ සිනහමුසු අහිංසක මුහුනට කිසිවක් කිව නොහැකි නිසාවෙන් නෝ ප්‍රස්.... කියා නිහඬවීමි. මා පු‍ටු ඇන්දට බර වෙමින් හරි බරි ගැසෙන විට A ඒ ඩ්‍රැකිව්ලා ෂොට් එකක් උගුරට හලාගෙන අවසන්ය. 
බීපන්... හැබැයි බොන ගමන් තොගේ මේ පෙරලියට හේතුවත් අකුරක් නෑරම කියපන්. ඒම නැතුව බුල ගැහුවොත් ගහනවා උස්සලා පොලවේ මෙතනදිම...! 
මගේ අවංක හැඟීම මම ඔහුට කීවෙමි.
 එවන්වූ මගේ දයාබර ආරාධනාව හමුවේ හේ මෙසේ දොඩමළු විය.මෙතැන් සිට දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි. නිහඬබව බිඳීමට හා මා ඔහුට සවන්දීගෙන හිඳිනවා යැයි හැඟවීමට මා කලේ හූමිටි තැබීම ඉතා කෙටි ප්‍රශ්ණයක් ඉඳහිට ඇසීම පමණි. 
B කියන්නේ ලෝකේ තියෙන ලොකුම බොරුවකට බං...! මහා ‍රැවටීමක්... මම ‍රැව‍ටුනා පහන් දැල්ලට ‍රැවටිලා ගිහින් විනාශවෙන පළඟැටියෙක් වගේ මම ‍රැවටිලා විනාශ වුනා. 
ඒක කොයි තරම් දරුණුද කියනවා නම් අද මට මාව වත් විස්වාශ නෑ. 
අතීතයේ ඔහු මා සමඟ සීමා රහිතව මධුවිතින් සප්පායම් වූ බව මට මතක ඇතිමුත් සිහි විකල් වී ඇති බවක්මගේ මතකයේ නැත. එහෙත් මොහොතකට පෙර ගිරියට හලාගත් වීදුරු දෙක ඔහුව පමණටත් වඩා මත් කර ඇතැයි හැඟුනෙන් මා අසල වූ මික්ස් නූඩ්ල්ස් එක ඔහු දෙසට තල්ලු කලෙමි.
  ගෑරුප්පුවේ ‍රැඳුනු නූඩ්ල්ස් ‍රැලි කිහිපය මුව තුලට රුවමින්ම A නැවතත් හඬ අවදි කලේය. 
අපි එයාලගේ ගමට ගිහින් අවුරුද්දක් ගෙවෙන්නත් කලින් B බබෙකුත් හම්බවුනා. අපි ගොඩාක් සතුටින් හිටියේ. 
ඒත් අග හිඟකම් තිබුනා අපිට. කොච්චර සල්ලි අමාරු වුනත් උඹලත් එක්ක එකතු වෙන්නවත් පරණ දඩබ්බර වැඩ කරන්නවත් මගේ හිත මට ඉඩ දුන්නේ නැත්තේ ඒවයෙන් එයාගේ හිත රිදේවි කියන බයට. 
අත මිට හිඟ වෙද්දි මම නොයෙක් රස්සාවල් කලා. බැරිම තැන මහරගම පැත්තේ බ්ලොග් ගල් වැඩ පොලකත් වැඩ කරන්න පටන්ගත්තා. 
ඒක ලේසි වැඩක් උනේ නෑ මම වගේ එකෙකුට. ඒත් මම එයාටවත් පවුලේ අයටවත් ඒබව හඟවන්නේ නැතිව බ්ලොග්ගල් ගැහුවා මොන දුක් විඳලා සල්ලි ගත්තත් ඒවා එයාගේ අතට ගෙනත් දුන්නම ඒ මූනේ ඇ‍ඳෙන අහිංසක හිනාව මගේ ඇඟපතේ වේදනාවල් සේරම මකලා දාන්නේ පුදුම විදිහට. 
ඒනිසා මාත් හරි කැමැත්තෙන් ඒ රස්සාව කලා. ඔහොම ඉද්දි මට "මාලේ" යන්න සෙට් වුනා. ටික දවසකට. ඒක ලේසි වැඩක් නොවුනත් මෙයාලව සතුටින් තියන්න නම් අතට වැඩිපුර සල්ලි ටිකක් හොයා ගන්න ඕන නිස මම දෙවරක් නොහිතම එහේ ගියා. 
මම නොහිතුවට එතන තමයි මට කෙලවුනේ....! 


කතාව ටිකක් දිග වැඩී වගේ ඒක නිසා ඉතුරු ටික මම පස්සේ කියන්නම්...

Sunday, February 16, 2014

                                      පුනරාගමණය

 

 

 

         ඇත්තටම පමා වුනා...! තත්පර, විනාඩි, පැය, දවස්, සති, මාස කීයක්ද මන්දා..? කොහොම වුනත් මම පමා වුනා. හැබැයි ඒකට හේතු තියෙනවා. හරිම සාධාරණ හේතු. වැල් වටාරම් නැතුව කොරාපු කියාපු දේවල් නැතුව මම මෙහෙම කියඤ්ඤංකෝ. කාටවත් ඇණයක් ඇමක් නොවී තමන්ගේ පාඩුවේ යමක් කොරාන ජීවත් වෙන මාර්ගයක් සකසා ගන්න වෙහෙස මහන්සි වුනා පහුගිය දොහේ. ආං ඒ කාරිනා කටයුතු හිංදා තමුන්නැහෙලා මුණගැහිලා වචනයක් දොඩන්ට ඉස්පාසුවක් නැතිවුනා කිව්වොත් ඕං ඒක මුසාවක් නොවෙයි.   


           ඒත් එක්කම සහන් මහත්තැන් ඇතුලු බ්ලොග් ලියන කියවන හැමෝටම ස්තූති කොරන්නත් ඕනෑ මගේ නිහඬතාවය ගැන හොයලා මට මක්ක හරි කරදරයක්ද කියලා විපරම් කො‍රැව්ව එකට. ගොඩක් දේවල් අතපසු වුනා, මඟ හැරුනා, අමතකවුනා වුනත් සමහර දේවල් කිසිදාක අමතක වුනෙත් නෑ වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ බ්ලොග් කලාව හා බ්ලොග් යාළුවෝ වගේ. අර වැලි කතරේ ඉද්දි ඇතිවෙලා තිබුනු ආතතිය මගහැර ගන්න ඔබලාගෙන් මට ලැබුණු සහය අනන්තයි අප්‍රමාණයි. පමාවෙලා වුනත් ඒ ගැන මෙහෙම වචන දෙක තුනකින් හරි සඳහනක් කොරලම පටන් ගන්න හිතුනා පුරුදු කෙරුවාව. 


          අළුත් මුහුණු එකතුවෙලා වගේම හුරු පුරුදු ඇතැම් අය පේන්නත් නෑ. සමහර විට මම වගේම කාර්යබහුල වෙලාද කියන්නත් බැහැ. කෙසේ වෙතත් අපි හැමෝම නැවත මුණ ගැහේවි. හැමදාම සරා ඔයාලගේ බ්ලොග් වලට ගොඩවැදේවි. කියවාවි, අදහස් දක්වාවි. එහෙනම් අවසරයි පැය කිහිපයකට සරාට හිතෙන දැනෙන දේවල් අරගෙන එන්න...........!!

Tuesday, April 30, 2013

නෙත පිනන රුසිරු වත ඔබෙයි...... (අපේ කතා)




පිය මදහස මුව මුකුළු මවා...
මද සුළඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ලවන පබා...
මට ගෙන එනු මැනැවි සඳේ...//


හැමදාම කැත කවි කියන මම ඉඳලා හිටලා හරි මෙහෙම වැඩකුත් නොකලොත් හරි නෑනේ. හැබැයි ඉතින් ඇත්තම කියනවා නම් මේකත් මගේ නෙමෙයි.

සියපත් මත ඔබෙ සුවඳ උලා- වන බඹරුන් ඉගිල ගියා...//
පවසනු මැන මට මිහිරි කතා- ඔබෙ හිස මගෙ උකුලෙ තියා...

මේ දවස්වල නංගි බබාගේ කතාවල සරල සාරාංශය මට ඔයාලට කියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය. කලිනුත් මම ඔයාල එක්ක කියලා තියෙනවානේ එයා ඔය ගේදොර ඉඩකඩන් යාන වාහන දැසි දස්සෝ ඉල්ලන කෙනෙක් නෙමේ කියලා. ඒවෙනුවට ඇය මාව විස්වාශ කරනවා, ධනාත්මකව හිතන ඉදිරියට යන කෙනෙක් ලෙස. අපේ පහසුවට හෝ අවශ්‍යතාවයකට ගෙදරට යමක් ගේන විට ඒගැන ඇගෙන් කරන විමසීම් වලදි මට ලැබෙන පිළිතුරනම්...

ඔයා කැමතිනම් හොඳයි කියලා හිතෙනවා නම් අපි ගනිමු. එහෙම දෙයක් තියෙන එක වටිනවා ගෙදර. ඒ නැතත් මට පිරිමහගන්න පුළුවන්...!!

හැබැයි පුතේ එයා මගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවෙන දේකුත් තියෙනවා. ඔය රෝස පාට අකුරු පේලි පුරාම තියෙන්නේ ඒ කතාව තමයි.


මගෙ හිත ලඟ මල් පොකුරු දරා- ඔබෙ කට හඬ ඇසෙන පැයේ...//
නිදිබර නෙත නිදි නැතිව අයා- මා කලඹයි සොඳුරු ‍රැයේ...

ආදරේ හිතේ තියාගෙන ඉන්න හොඳ නෑළු......!!
ඒක පෙන්නන්න ඕනළු....!!!
ඕං මම නෙමේ කියන්නේ අපේ මායියා.

හ්ම්හ්... වැඩි කතා ඕන නෑ, අපි සිංදුව අහලා බලමු. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පන්හි‍ඳෙන් ලියැවුනු අකුරු වැලක් ගැයුවා ශ්‍රීමතී තිලකරත්න මහත්මිය. සංගීතය මුසුකලා වික්ටර් රත්නායක මහත්මයා.      



හැබෑවටම අපේ සමීපතමයන්ට ආදරේ දෙන්න අපට බැරිකමක් නෑ. අපි නොහිතම අපෙන් ඒක මඟ හැරෙනවා මිස. ඒත් පුංචි කැපවීමක් තුලින් ඒදේ ඔවුන්ට දීමෙන් අපට ඒ ජීවිත ලොකූ සතුටකින් පුරවන්න පුළුවන්. 

ඇයි අවුල්ද......? හැක්..!! 

***********************************************************************************

කඩි කුලප්පුව හැදුන සමහර වෙලාවට ටිකක් ගෙරෙව්වට මම එයාට මගේ අදහසුත් කියනවා.  
නෑ....... බොරු කියන්න එපා...! 
බොරු නෙවෙයි ඇත්ත!! 
හරි කොහොමද කියන්නේ...? 
ම්ම්ම්... මේං මෙහෙම.... 

නෙත පිනන රුසිරු වත ඔබෙයි... 
සිත එකඟ කරන සිත ඔබෙයි... 
රන් දිමුතු මුතුද ලඟ තිබෙයි... 
මගෙ සියළු දෙයම මතු ඔබෙයි...// 

කොහොමද පැණි පාර..? 
ලෙසටම තියෙනවද..? හැක්... 

විහිළුවක ස්වරූපයෙන් ලිවුවට මොකද අපේ හැබෑම තත්වෙත් ඕකම තමයි. අපේ පුංචි කූඩුවේ සතුට සැනසීම තියෙන්නේ, සරල වුනත් තෘප්තිමත් ජීවිත අපි විඳින්නේ මෙන්න මේ හේතුව නිසා. මම මේ කතා කියන්නේ මගේ පම්පෝරිය ලෝකෙට කියන්න නෙමේ, ජීවිතේ සතුට හොයන අය ගොඩාක් ඉන්නවනේ ආන් එහෙම අයට ප්‍රයෝජණයක් වේවි කියලා හිතලා.  

ගඟ ස‍රැලි නගා වන පෙතේ... 
සිඳු තුරුල වෙතට දිවයතේ... 
මට මෙලෙස වරෙක සිහිවෙතේ... 
ඔබ ගඟය මුහුද මා වෙතේ... 

මුතු මොටද සොඳුර පල නැතී... 
ඔබ කරන විටදි පිය ගතී... 
එනු මැනවි සුළ‍ඟෙ එති එතී... 
මගෙ කුටිය වෙතට දුර ඇතී...     

ලෝකේ හුඟදෙනෙක් හඳ අල්ලන්න හීන දකින කාලේ සරාගේ හීනේ මැරෙන දවස වෙනකම් සතුටෙන් ජීවත් වෙන එක. සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන එක. හැබැයි ඉතින් ගෙදරට ගමට රටට උගෙන් වියයුතු සේවයක් නම් කවදාවත් පැහැර හරින කෙනෙක් නම් නෙමේ සරා කියන්නේ. 
මේ ගීතයත් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පද සංකල්පනාවක්. එම්.කේ රොක්සාමි මහතාගේ සංගීතයට ගැයුවේ ෆීලික්ස් ඇන්ටන්.   


ප/ලි  

වසන්ත කාලේ සරා පවුලට හරිම විශේෂ කාලයක්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ සතියේ තියෙන වැදගත්කම ගැන විතරක් කියන්නම්කෝ මම. ගෙවුනු විසි අටට සරාගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරුනා. උදාවෙන දෙවෙනිදාට සරා ජීවන මගේ තවත් සැතපුම් කනුවක් පහු කරනවා. 
කාට හරි අනුමාණ කරන්න පුළුවන්ද ඒ කීවෙනි එකද කියලා...? 
කවුරු හරි හරියටම කිවුවොත් ආයේ දෙකක් නෑ ගෙදරටම කේක් එකක් ගෙනත් දෙනවා. 
එකෙන්ම....!!!   

ප/ප/ලි 

බල තන්හාව මූලික පරමාර්ථය උනත් ඒක හංගලා වෙන වෙන ආලවට්ටම් වලින් ඕක ඔප දාලා බලය අල්ලන්න දඟලන ඈයෝ කාලෙන් කාලෙට එනවා. එහෙම අය ඕකට කියන ජනප්‍රියම නම තමයි දේශප්‍රේමය. ඊනියා දේශ ප්‍රේමය අපට නැතිකල දේවල් බොහොමයි. උක්ත කලාකරුවාද (ප්‍රේමකීර්ති ද අල්විස්) ඒ අතරින් කෙනෙක්. ඔහු ගැන පොතක් ලිවීමට තරම් කරුනු තිබුනද මේ එයට වෙලාව නෙමේ. නමුත් ඉදිරි දිනයක මා ඔහු ගැන පෝස්‍ටුවක් ලිවීමට සිතා සිටිනවා.

Sunday, April 21, 2013

මේවට දාන්න මාතෘකාත් නෑ මට....

           

            දුප්පතුන්ගේ දුක දන්න මිනිස්සු කියලා  අපේ එවුන් මහ පු‍ටුවලට ගෙනා අය දැන් දුප්පතුන්ටම හිරිහැර කරන්නේ උන්ගේම බඩට ගහන්නේඇයි කියලා හිතනවා මම. මාර වැඩේ කියන්නේ මට හේතුවක් කල්පනාවට එන්නේම නෑනේ. යමක් කමක් පුලුවන් අයට පමණක්ම සහන දීලා බැරි එකාලාව පාගලා මිරිකලා උන්ගේ ජීවිත උන්ටම එපා කරවන්නේ දුප්පතුන්ට ලංකාව තහනම් කලාපයක් කරවන්නද කියලත් හිතෙනවා මට වෙලාවකට. කොහොම උනත් ඕන නැති දේවලට අප්පල්ල වගේ ඇරෙන කටවල් දැන් මෙහෙම දේවලදි ඇරෙන්නම නැති කමින් මට තේරෙන්නේ උනුත් මුන්ට කඩේ යන එකම තමයි කරන්නේ කියලයි. 

           අනේ වාසනාවට මේවා කතා කරන එව්වෝ නම් එකෙන්ම දේශද්‍රෝහියෝ ලේබලයෙන් පිදුම් ලබනවා. ඒත් නොකියා බෑ නොවැ.  
මගේ හිතේ තව වැඩි දොහක් යන්න කලියෙන් නැති බැරි එවුන්ට වෙන්නේ ගඟේ මුහුදේ පනින්න තමයි.


හැබෑවටම මීටත් වඩා ආශ්චර්ය වෙන මොනවද.....? 



 ප/ලි
පොතක් ලියන්න තරම් කරුනු තිබුනට මට හිතෙනවා තේරුමක් නෑ කියලා. ඒ වුනාට මහ එවුන් කියන්නේ කාටවත් ප්‍රශ්න නෑ  ජනතාව සුඛිත මුදිතයි කියලා නෙව, ආන් ඒ නිසා මට පුරස්න තියෙනවා කියලා කාට හරි දැනගන්න මේ අකුරු දහය කෙ‍ටුවා.

Thursday, April 18, 2013

පුංචි කතාවක්.... සත්‍ය සිදුවීමකි.





එතුමා:   !@$$%#%$%^$^((**%&$^%_ **%^$#Hඝ්HEඨ්$%#       %$#%^$^$%$%Fඝ් SWර්‍% W#$@  #$&$%@$%@%^.......!!!!  

ඔහු තවත් අයෙකු සමග ආඩපාලි කියමින් සිටියේ මගේ කාමර සගයෙකුටය. හෝල් වේ එකේ ගමන් කරමින් සිටි මට තේරුම් ගියේ ඔහු යන්නේ මගේ කාමරයට දෙසට බවයි. ඔහු කෝපයෙන් පසුවන බව හැඟුනෙන් මා ඇමතුවෙමි.

සරා:   ආ.... යාලුවා මොකෝ මේ....? 

එතුමා:  අනේ මේ පලාන්ඩ අප්පා ....!! අපිට හරී කරදර තමා ............ගෙන්..! 

සරා :   අර මොකෝ.. මොකක්ද සිද්දිය...? 

එතුමා: මේ පොදු පලේ පොදු පලේ කිය කිය ඒක නරක කොමෙන්‍ටු තමා දානවා අපිලට...!  

සරා:   අනේ සොරි වෙන්ඩ ඕන යාලුවා. ඔයා දන්නවනේ මට ඔය ෆේස්බුක් නෑ. අනික මම ඔය දේශපාලනේ ගැන කතා කරන්න කැමතිත් නෑ ඒවයෙන් මට වැඩකුත් නෑ. ඒ නිසා ඔය ගැන මට මොකුත් කියන්න බෑ..! 

එතුමා:   අද ෂරී.. බට්.. අපිලට දැන් හොඳටම ඇති වෙලා තමා තියෙනවා. ඔයාලා කියන්ඩ අප්පා මේම මේම කරන්ඩ එපා කියලා. අදර්වයිස්  අපිටත් ගාන්ඩ තමා වෙනවා...!  

සරා:   හ්ම්.... ඒකත් එහෙමද... ? එහෙනම් ඉතින් මේකත් කියන්නම වෙනවා නෙව..! මට නම් ඉතින් හැම ජාතියෙම යාළුවෝ ඉන්නවා. ඒනිසා ඔය පක්ෂ වලට සංවිධාන වලට දරදිය  අදින්නවත් ඒකලාට කඩේ යන්නවත් මගේ කැමැත්තක් නෑ. හැබැයි ආයිබොවන්ඩ ඔහේලගේ ආරවුල් මගේ නිදහසට බාදාවක් හරි මට කරදරයක් උනොත් හරි මම ගහනවා, මොකාට උනත් ගහනවා. නොකිවුවට ඔහේලා දන්නවනේ සරා ගෙදරට ආව සූදුව වලං විකුනලා හරි ගහන ජාතියේ එකෙක් කියලා...!  කාටවත් කරදරයක් නැති අපට කරදරයක් නැතිව ඉන්න තිබුනොත් තමයි හොඳ. 


ප/ලි 

මේ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීමකි. කාලෙන් කාලෙට එක එකාට එක එක ලෙඩ රෝග වැල‍ඳෙනවාය. ඒ ඒකලාගේ පැවැත්ම උදෙසාය. උන් ලොකු එවුන්ය.උන් හැමදේම කොරන්නේ යටිකූට්‍ටු අරමුනු ඇතිවය. පොඩි එකාලා ගැන හැබෑ කැක්කුමකින් යමක් කරන එකාලා දැන් කාලේ නැතිය. ඒක තේරුම් නොගෙන තප්පුලන එකාලා නිසා අපටද වදේය. එහෙත් මගේ නවාතැන අභියස එක එකාලාට උඩුබුරන්නට හැර බලා සිටීමටද මට හැකියාවක් නැතිය. මන්ද එය මගේ ආත්ම ගෞරවයට හානියක් බැවිනි. අද මෙවන් වූ තත්වය නුදුරේ ජාතික ප්‍රශ්ණයක් වෙනවාය. එදාට ඒ ගැ‍ටුම් වලට මැදිවන්නේද මේ කිසිවකට සම්බන්ධ නොවූ අපම නොවන්නේද....? එදාට මේ දඩ බල්ලන් මෙන් සාමාන්‍ය එකාලාව උසී ගන්වන මහ එවුන් කී දෙනෙක් අප අතර සිට මේ ගැටළු නිරාකරනය කරාවිද....?



ප/ප/ලි: 

මහ එවුන් කරන දේවල් තමන්ගේ වගේ කරගෙන ඒවා තමන්ගේ ඇඟට අරගෙන අහල පහල වෙසෙන තම හිතවතුන් සමඟත් ආරවුල් ඇතිකර ගන්නට තතනන අපේ එකාලාද මේවායින් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි මට නොවැටහේ.මේ පිටට එන්නේ තමන්තුල ඇති බෞද්ධකම හෝ දේශ හිතෛශී භාවය නම් මුන්ට කලහැකි බොහෝදෑ ඇත. කරුමය නම් මේකලාට ඒවා නොපෙනීමයි. යමෙක් පෙන්වන්නට උත්සාහ කලද එය නොතකා හැරීමයි. උන්ටද ඇවැසි මහ එවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වන ලෙස අපවද අඳුරෙන් අඳුරට ‍රැගෙන යාමටයි.



Monday, April 8, 2013

සරාට මොකද උනේ......??





හැමදාම හැම වෙලේම ගූගල් ගොයියත් එක්ක හිටපු නිතර බ්ලොග් ලියපු කියවපු සරාට හිටි ගමන් මොකද උනේ......? 
දැන් මේකා දකින්නවත් නෑ නොවෑ....! 
ගං වතුරකට ගහගෙන ගෙහුංද... නැත්නම්වැලි කුණා‍ටුවකට අහුවෙලාද...? 
නැත්නම් සුනාමියකට... ! 
වෙන්ඩ බෑ...! මැදපෙරදිග රටක නෙව ඉන්නවා කිවුවේ...! 
මේකට මං මුලා වැලක්වත් පෑගිලා කොලෑ උනාවත්ද කාන්තාර මැද්දෑවේ....නැතිනම් මේ අහ කරක් ගහන්ට නෑවිදින් ඉන්නේ නෑ මේ ගොබිලා....! 
පහුගිය ටික දොහේ ඕං ඔය විදිහට හිතුන අය හිටියා අපේ බ්ලොග් මිතුරු මිතුරියන් අතරේ. ඒත් කියන්ට කනගා‍ටුයි ආයිබොවන්මට ඔහොම අලකලංචිනම් සිද්ද උනේ නෑ ඕං. හෙනං අහවල් ගුබ්බෑයමේ රිංගලාද බොල පේන්න නොහිටියේ.....?
 තරහ අවසර... ටිකක් හිටින්ටකෝ ආයිබොවං කියනකල්....! 
මේ දවස්වල මම මගේ ඇක්සිට් පේපොස් වල වැඩ කොරගන්නවා නෙව. හපොච්චි තාත්තේ ඒවට තියෙන අමාරුවක්. ඉස්සර මේ වැඩටික කොරගන්න ගියේ සතියයි. දැන් ඒ තැන්වල හිටිය පොරිනර්ස්ලා අයින් කොරලා ඒ තැන්වලට ස්වදේශිකයෝ ඔබලා. මල ^$%#%^$&*ඨ්^ මේIHIඝ්Fඪ්ඝ් මෙලෝ වැඩක් කොරන එවුන්යෑ. මම දැන් සති ගානක ඉඳන් එහෙට මෙහෙට දුවනවා හරියට අහවල් එක කැඩුන කඩියා වගේ. ඒ අස්සෙන් සමර් සීසොන්. ATC කොරන එකා මම උනාට මොකද ආයිබොවන් මේ දවස්වල මගේ temperature එකත් නහුතෙටම නැගලා. වැඩ කෙරෙන්නම ඕන තැන් වලට වැඩ නොකරනම උන් දැම්මම වෙන සංතෑසිය මම නොකිවුවට ඔය ඇත්තන්ට හිතාගත හැකිනේ. ඕං බැරි කෙනෙක් ඉන්නවා නම් හෙට අනිද්දා මම ගමරට ආවම නිදහසේ අහගන්ටකෝ. කොහොමත් මට කියන්ට කතා බොහොමයි. හිතේ ආවෙගෙත් එක්ක ලියලා ආයි මෙච්චර ආසාවෙන් කොරාගෙන යන බ්ලොග බොග කරගන්න මගේ කැමත්තක් නෑ. වෙහෙරක් ගිල්ල මට අග්ගලාවත් කජ්ජක්ද කියලා ඔන්න ඔහේ මේ ටික දොහත් ඉවසා වදාරනවා.

එහෙනම් සියළු හිත මිත්‍රාදීන් සරා සමඟ අමනාප නොවෙත්වා. ලබන්නාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක්ම වේවා...!!! 

පුළුවන් එකෙක් ඉන්නවා නම් මට කැවුම් ගෙඩියක් කොකිසක් ඉර‍ටුවකවත් ගහලා තියලා තියාපල්ලා. ගම රට ආවහමවත් කන්න. 


ප/ලි 

ඔය කිවුවට මට මුන්ගේ වැඩ මතක් වෙද්දි අම්මාපල් මුන්ගේ ර්‍Sඨ්SF Hඣ්F්‍යඝ්Fඨ්ඪ් ඨ්EASEර්‍ SFHඣ්ඝ්ඣ්ඝ්Hඣ්ඝ්Hඣ්ඡ්SEර්‍EVඹ්Vඣ්Vඪ්ථ්Vඛ්භ්Hඣ් F්‍යඨ්Eර් WEර්‍ර්‍Eඨ්ර්‍්‍ ය්‍ය*&^&^ #$Fඣ්ඝ්්‍යර්‍   $$%SFඛ්Hඣ්ඛ්H ඛ්ඣ්ඝ් ඣ්HF^Eර්‍IUඝ්HFF්‍යඪ්FE$%E්‍යඝ්්‍යFර්‍Eර්‍්‍යඝ්්‍යF%^E%$&*UI්‍යIUඝ්Iඝ්H්‍         යඨ්&^ර්‍^WEඪ්්‍යඝ්Uඛ්HHU*(&*(^^ර්‍ඨ්්‍යF්‍යI
HIළ්H්‍යF% ^FUF්‍යඝ් Uඛ්HUඛ්ඝ්ඨ් ඪ්Wර්‍ESඝ්ඡ්FHඣ්ඝ්ය්ෆ්ය් ට්ඩ්ට්ඩ්ජුHඝ්ට්ය්ඩීට්ස්ට්ය්ෆ්ජ්ක්බ්ම්  ජ්ව්ෆ්ංඑස්ර්බ්ව්හ් ජ්ච්ව්ර්සෙ ර්ංහ්ව්හ් ජ්ග්ෆ්හ්WAWE W^ර්‍&^ඨ්^*ර්‍$%Wඨ්්‍යVHඛ්භ්Hඣ්ඝ්ඛ්ළ්HO්‍ය*(්‍යUඪ්ර්‍SEර්‍SWFHඣ්Vඝ් තේරුනාද....? නැතත් කමක් කමක් නෑ මම ඇවිත් තේරුම් කොරලා දෙඤ්ඤං...



Tuesday, March 19, 2013

අනේ ඉතින් අමනාප වෙන්ට කාරි නෑ ආයිබොවං.....!




          මේ අපේ කාලේ බොහොම ජනප්‍රිය සිදුවීමක එක් පැතිකඩක්. කලින්ම කියඤ්ඤංකෝ මේ මට පේන හැටිම විතරයි. කොහොමත් අමුතු අදහස් දරන මට එච්චරම හරි නෑ වගේ දැනුනට ඒවාහරි ඇති සමහරුන්ට කොහොම උනත් මම මගේ අදහස කියනවා. මෙන්න කතන්දරේ. මෙහෙ මාත් එක්ක වැඩ කරමින් හිටි කීපදෙනෙක්ම පහු ගිය කාලේ වැකේෂන් ගෙහුං ආවේ සරණ බන්ධනේටත් ඇතුල්වෙලා. සමහරු පෙර සූදානමකින් යුතුව මේ කටයුතු කරලා තිබුනා වගේම ඇතමෙක් හදිසි තීරණ වලට අනුවත් විවාහ වෙලා තිබුනා. පුරස්නයක් නෑනේ ආයිබෝවන් කොහොම උනත් වැඩේ හොඳ වැඩක් වගේම වියයුතු දෙයක්. ගෑණුළමයි, පිරිමි ළමයි කියලා භේදයක් නැතුව නිසි කලට ආවාහ විවාහ කෙරෙනවානම් තමයි හොඳ. නැතිනම් ඉතින් දත්නැතිදා උක් දඬු ගිනි තපින්ටද......?
හෙහ් හෙහ්....

ඔය කිවුවට ඕකත් නෙමේ පුරස්නේ මේ වගේ ජීවිතේ අතිශය වැදගත් අවස්ථාවලදී මේකලා කොරන මරි වැඩ ගැන, තව විදිහකින් කියනවානම් රටට ලෝකෙට සපයන විහිළු ගැන. මම ඕක විස්තර කොරලම කියඤ්ඤංකෝ තේරුම් ගන්න පහසු වෙන්න. 

          ඔය ඉහතින් කියන්නට යෙදුන මංගල්ල කීපයකම වීඩියෝ හා පොටෝස් බැලීමේ වරම භාග්‍යය මටත් උදා වුනා කියමුකෝ. හත්තිලවුවයි ඒවයේ තියෙන විකාර දැක්කම අවීචියට හරි කමක් නෑ මෙහෙම නරි නාටක නැති තැනකට ගෙහුං ජීවත් වෙන්න ඇත්නම් කියලා මට හිතුනා. මෙහෙමයි.....

ජීවිතේ එකම එක වරක් පමණක් (අපි වගේ එවුන්ට) උදාවෙන මේ ප්‍රීතිමත් අවස්ථාව තමන්ට හැකි උපරිමයෙන් කරන එක ගැන නම් මගේ අකමැත්තක් නෑ ආයිබොවන්. ඒක එහෙම විය යුතුයි. ඒත් හත්තිලව්වේ මේ විසූක දස්සන......? එවුවා දැක්කම මට හිතෙන්නෙම මේ දෑස මක්කටද කියාය. තේරෙන හිංගලෙන් කියනවා නම් අනාදිමත් කාලයක සිට අපේ රටේ ආවාහ විවාහ කෙරුනේ දේශීය සම්ප්‍රදායන් වලට. කාලයාගේ ඇවෑමෙන් ඕකට බටහිර හා ඉන්දීය සම්ප්‍රදායන්ද එකතු උනා. කාටවත් වරදක් නොපෙනුන එකේ අපි ඕක හරියි කියමුකෝ.. අනේ අපොයි දැන් දැන් ඕවා අස්සට කොහොඹා කංකාරිය, වඩිග ප‍ටුන, දහ අට සන්නිය වගේ දේවලුත් එකතු වෙලා වගේය. මම ඇහුවා ඇයි කියලා..
මේ දේශීය කෙරේමෙලු.
දැන් හැමෝම කොරනවත් එක්කලුනේ. 
හැබෑද....?
එහෙනම් දැන් මොකෑ ආයිබෝවන් කොරන්නේ......?
ඔන්න ඔහේ මේකටත් හා කියලා මේ අලුත් දේවළුත් කොරලා බලමුද.....?

සීයට සීයක්ම දේශීයයිලු. හරි එහෙනං... ඔහේලගේ කැමැත්තක්...!    

    මේ ටිකත් අහන්ටකෝ අපේ හාදයෝ ගැන.ගොඩ දෙනෙක් විදේශ ‍රැකියාවලට එන්නේ නහය ගාවටම ගැළුවට පස්සේ. විශේෂයෙන්ම මෙහෙට. මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ තමන් එද්දී ඉඩමේ ඔප්පුව උගස් කරලා ආවය, හතර අතට ණය වුනාය ඕං ඔහොම කතා. හැබැයි ඇවිත් ටික දෝහක් යද්දී ඔය සේරම අමතකයි. එහෙනම් ඉතින් ආපු ගමන් තමන්ගේ තිබුන පුරස්න සේරම ඒ අය විසඳගෙන ඇති...!!
එහෙමද...?
අපොයි නෑ. රියාල් ටිකක් යහමින් අතගෑවෙද්දී අර සේරම අමතක වෙලා. ගමේදි ගෝල්ඩ්ලීෆ් බීපු එකාට දැන් ගොල්ඩ්ලීෆ් වහ කදුරු ගානයි. එයාට ඕන බෙන්සන්, මෙල්බරෝ, එල් එම්. ලංකාවෙදි දවසට සිගරට් දෙකයි. දැන් මෙහෙදි දවසට පැකට් දෙකයි. අවුලක් නෑ පැකට් එකක් රියාල් අටයි නමයයි. කන්ඩ අතේ සල්ලිනෑ ඒත් හවසට කෑල්ල ගහන්න. කොහොම හරි රියාල් පණහක් එකතුකර ගන්නවා. කොහොම හරි ගෙදරටත් කීය කීය හරි යවලා, දෑවුරුද්දෙන් වැකේෂන් යද්දි ඉතින් වටේම ණයවෙලා තමයි ගානක් එකතු කර ගන්නේ. ඔහොම ගෙහුං තමයි ගොඩ දෙනෙක් ඔය සරණ බන්ධනේටත් ඇතුලු වෙන්නේ. අවුලක් නෑ ඊට පස්සේ හරි ජීවිතේ ගැන බරපතල විදිහට හිතයි කියලා අපි හිතමුකෝ නේද..?

ඒත් ආයිබොවන් අච්චර පුරස්න තියාගෙන මෙහෙන් යන එකා කොරන්නේ මොනාද කියලත් ටිකක් කියන්නද...? 

      හොයාගත්ත මනමාලී පොලොන්නරුවේ. එයාට අන්දන එක්කෙනා එයා ‍තෝරන් තියෙන්නේ ගලපිටමඩින්. බකලවතී ළු. එයාලු දැන් ඉන්න හොඳම කෙනා. පොටෝවලට මට්ටක්කුළියේ කුට්ටමනී. සුපුරිම වැඩ්ඩලු ගාන ටිකක් සැරයි. හනිමූන් තලවා කැලේ. හෝම්කමින්ග් එක ආගරපතනේ. ඇයි බං ඔය හැමදාටම බෑන් චූන් ගහන්නත් එපායෑ. එහෙම නැත්නම් හරි නෑ නේ. කොල්ලන්ට පොඩි මzසා එකක් තියෙන්න ඕන නෙව. හත්තිලවුවේ ඔය ඔක්කොම කොරන්න මේ ගෙනාපු සල්ලිටික හොඳටම මදි. ඉතින් මොකද ගන්නවා ණය හතර අතින්ම නෑදෑයන්ගෙනුයි, හිතවතුන්ගෙනුයි පොළී මුදලාලිගෙනුයි. උනුත් දෙනවා ලෝස් නැතුවම. ඇයිබං රට රස්සාවල් නොවැ මේකලා කොරන්නෙත්. කොහොම කොහොම හරි මගුල කාලා මුං හූනෝ වගේ මෙහෙ ආවට පස්සේ තමයි ඉහ මොල රත්වෙන්නේ.

           ඊලඟ මාසේ ඉඳන් පඩි අරගෙන ගෙදර යවන්න විදිහක් නෑ මෙහෙ ණය කාරයෝ ඉල්ලනවා උන්ට දෙන්න ඕන. ගෙදර උන්දැත් නිතරම පොලී සල්ලියි ණය අහන අයයි මතක් කරනවා. ඇයි ඒ මදිවට බැංකුවට තියපු ඉඩම. හැක් පොලී ගෙවගෙව උන්නා මිස ඒක බේරුවෙත් නෑනේ. මුළු කොන්ත්‍රාත් කාලෙන් ඉතිරි අවුරුදු අටම මෙහෙ ඉන්න ඕන මේ සේරම ගෙවලා ඉවර කරලා නිදහස් වෙන්න නම්. තමන්ගේ ජීවිතේ හොඳටම විඳින්න තියන කාලේ දෙන්නා දෙමහල්ලෝ දෙපැත්තක විඳෝනවා. මගේ ලඟ ඥාතියෙක් ඔය වගේ විදේශයක ඉඳන් ඇවිත් ඉහතින් සඳහන් කොරපු විදිහේ විසූක දස්සන සහිත මගුලක් කොරලා අවුරුදු එකහමාරක් විතර ලංකාවේ ඉඳලා ණය ගෙවා ගන්න බැරිම තැන ආයෙත් රට ගියා. 

            ආයිබොවන් තමන්ගේ තරමට හැකි උපරිමෙන් කොරනවා හැර තමන්ට වඩා ලොකු වැඩ කරන එක මෝඩ කමක් කියලා මට හිතෙන්නේ මගේ මෝඩ කමටද නැත්නම් පොඩි කාලේ මගේ ඔලුව මොකක හරි වැදිලා වෙච්ච අවුලක් නිසාද මන්දා නේද...?   අනික තමයි දැන් මෙහෙම උත්සව වලදි හැමදේම ඕවර් යන එක. කෙලවර වෙද්දී මගුල් ගෙවල් මලගෙවල් වෙලයි නවතින්නේ. මේ ඊයේ පෙරේදත් මම පිළියන්දල පැත්තේ එහෙම සිද්දියක් දැක්කා නිවුස් වල.ඕකට කියන්නේ ජයපැන් බොනවා කියලා කියලයි මගේ සමීපතම ඥාතියෙක් කියන්නේ. ඒකනිසා අරක්කු එහෙම ඔය තැන් වලට එපා කියලා මම කියන්නේ නෑ. අනික අරක්කු වැරදි නෑ නේ. ඒවා පමණට අරන් හරියකාරව නොහැසිරෙන එවුවන්ගෙයි වරද.. බලන්න එද්දී ටයිකෝට් දාලා සිංහ සෙයියාවෙන් එන මහත්තැන්ලා ඩ්‍රින්ක් එකට සෙට්වෙලා ටික වෙලාවක් යද්දී බයිට් කාලා අත පිහදාන්නේ ටයි එකෙන්. තවත් ටික වෙලාවක් යද්දී. කානුවක් පල්ලේ. මම ගෙවල් වලට ගෙහුන් දාලා තියෙනවා අනන්ත ස්වීට් මූණු බල්ලෝ ලෙවකනවා බලන් ඉන්න බැරි කමට. 

අනේ මේවා නිසා අපේ කමට වෙන හානිය.......??????



ප/ලි     

රටට ලෝකෙට අඬ බෙර ගහලා මගුල් කාලා පහුදා ඉඳන් ණය කාරයන්ගෙන් වහන් වෙවී ජීවත් වෙන එකේ තේරුමක් නෑ වගේ නේද ආයිබොවං. ඊට වඩා නරකද තමන්ගේ තරමට ගැලපෙන අපේකමත් ‍රැකෙන විදිහට වැඩේ කරලා පහුවදා ඉඳන් ඔළුව කෙලින් තියාගෙන පාරේ බැහැලා යන එක. මම හිතන්නේ මේ ගැටළුත් ගොඩාක් අඩුවේවි එහෙම උනොත්. 

එහෙනම් සරාට ගෙහුං එන්ට අවසර..........!!!




Thursday, March 14, 2013

සිඟිති පොල (උදම්සගෙ විත්ති)



මේ ඊයේ පෙරේදා දොහක ඔය වටද්දර කියන හරියේ සිඟිති පොලක් පැවත්වුවා කියලා ආරංචියක් සරාට ලැබුනා. රේඩියන්ට් පෙර පාසැලේ සිඟිති බක්මහ උලෙලට ආධාර පිණිස ළුනේ ඕක පැවැත්වුවා කියන්නේ. තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට තමන් විසින්ම උපයා සපයා ගැනීමේ වටිනාකම පුංචි ඈයොන්ට උගන්නන මහන්සි ගන්න කට්ටිය තමයිමේ.

ඕං ඉතින් පැංචො පැංචියෝ මෙයාලා හඳුන්වන ආකාරයත් එයාලගේ හැබෑ නම් එක්කම ඔයාලට මම කියනවා . පිලිවෙලින් වමේ සිට පොඩි ටීචර්- අශ්‍රී උවේන්. සුදු ටීචර්- චාරිකා. ලොකු ටීචර් - අසෝකා. මෙයාලා තමයි රේඩියන්ට් පෙර පාසැලේ දරු දැරියන්ට සිප්සතර දෙන්නේ.
       
අපි බලමුද පොඩ්ඩක් පොලේ වගතුගත්.           


ඔය තියෙන්නේ, සේරම ගමේ ගොඩේ එලවළු පළතුරු. කිසිම රසායන ද්‍රව්‍යයක් අඩංගු නැති පොලොස් ගැට කෙසෙල්මුව, පළාවර්ග, සුපර් මාර්කට් වල මාස ගනන් තැම්බි තැම්බි තියෙන ඒවා වගේද බලන්නකෝ මේවා.         



 හහ්...! ඇයි ඒවා වගේද මේවා බලන්නකෝ..! එළවළු පළතුරු විතරක් නෙමේ රස කැවිලිත් තියෙනවානේ. මොනවද මේ.. හැලප. වාව් වඩේත් තියෙනවා.ෂහ්... කටට කෙලත් උනනවා දැක්කම...!     


අප්පද බොල..... මේ හැලප මුදලාලි නම් ටිකක් ලැජ්ජාකාරියක් වගේ.හපොයි ඔහොම ඉඳලා නම් බඩු විකුනන්න බෑ. පොඩි හිනාවක් එහෙම දාලා තමයි පාරිභෝගිකයෝ අල්ලගන්න ඕන. අනික් මුදලාලිව ටිකක් දැකලා පුරුදුයි වගේ නේද....? මිල ගනනුත් පේන එකේ බලමුද මෙයාලා විකුනණ දේවල් වල මිල ගනන් කොහොමද කියලා. පොල් රුපියල් 25/=, පොල්කොල වලින් වියාපු වට්ටියක් රු:35/=, වඩයක් රු:8/=, එතකොට හැලප...? ඒවනම් එකක් රු:20/= තව ගස්ලබුත් තියෙනවා. මේවා ගහේම ඉදිලා අතින් කඩාපු ඒවා. කාබයිට් ගහලා නෑ. නැවුම් එළවළු පළතුරු පොඩි අය වගේම නැවුම්.

ඔය ඉන්නේ ඒ පුංචි මුදලාලි. තාත්තගෙයි අම්මගෙයි හීන කන්දේ අයිතිකාරි. අම්මා රෑ දවල් දෙකේම ඇස් මානෙන් ඈතට නොයවන, ලඟ නැතත් තාත්තගේ හිත ලඟ ඉන්න පුංචි උදම්සා.

ඔන්න ඉතින් ඉස්කෝලේයාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා .


නැන්දලා මාමලාට කියන්නත් අමතක වුනා එයාව මේ ඊයේ පෙරේදා අපි දහම් පාසැලුත් යවන්න පටන් ගත්තා. පුංචි දවස් වල ඉඳම්ම බණ දහම් ඉගෙන ගන්නත් එපායෑ නේද..

ගෙහුං එඤ්ඤං.....!!


 මෙයා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න ගත් කෙනෙක්. පුංචි අතදීමක් විදිහට හිතලා ඒ පැත්තේ ගෙහුං මොනා හරි කියලා එනවා නම් වටිනවා. 
http://senehasakata-aruthak.blogspot.com/