මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ..
මා සිත්යහනේ නොනිදන කවුරු හෝ හිදී..
පෙරදා පුරුදු සේ නොහඩා හැඩූ නෙතින්..
විඩා නිවෙන්න කියලා ඇදේ හාන්සි උනේ කම්පීතරට සිංදුවක් කියපං කියලා. කිරලා මැනලා ඌත් ඇදලා ඇරියා මේ සිංදුව මම නන්නත්තාරයි. හිත කොහේටද දුවල තියෙන්නේ හරියට දම්වැල ලෙහා ගත්ත බල්ලෙක් ගානට. නතර උන තැන ඉව කරලා බැලුවම මතක පොතේ මේ පිටුව තිබුනා. මම කියවනවා, හැබැයි මේ මගේ කතාව. ඔයාලට ඕපදූපයක් කියලා හිතෙන්නත් බැරිනෑ. එහෙම හිතෙනවානම් ආපහු හැරෙන්න කාලයයි දැන්. අපරාදේ තමන්ගේ වටිනා කාලය වැඩකට නැති දෙයකට යොදවන්නේ ඇයි නේද.
හැබැයි හැමදාම සරාගේ ලෝකය කියවන්න එන යාළුවෝ ටික නම් කොහේවත් යන්නෙපා. ඔය ඉතින් හැමදාම වැල් වටාරම් නැතුව මාත්තුරුකාවටද මොකක්ද එකට අදාලවම ලියනවා කියලා හිතාගෙන ලිව්වට මගදි ඒකට අදාල නැති කුනු හබ්බ ටිකක් ලියවෙනවමයි. අනේ සොරි වෙන්ඩෝනේ,මේන් ඒ කතාව.
විවාහයෙන් පස්සේ දවසක මමයි නංගි බබයි එයාලගේ මහ ගෙදර ගියා. සැලකිලි නම් උපරිමයි. බෑනට විශේෂ සැලකිලිත් සමග. ඉතින් කොහොම හරි අපි දවස් දෙකක් එහෙ ඉදලා ගෙදර එන්න ලැහැස්ති උනා.
කුලී ගෙවල් වල ඉන්න ඕනයෑ මෙහෙ හිටියනම් ඉවරයිනේ,
එහෙම කිව්වේ නංගි බබාගේ තාත්තා.
මෙහෙ ඉදලා කොහොමද තාත්තේ, මම වැඩ කරන්නේ එහෙනේ.
වැඩ නම් මෙහෙත් කරන්න බැරුවයෑ,මෙච්චර ලොකු ඉඩමක් තියෙන එකේ කැමති තැනකින් ගෙයක් හදන එකනේ තියෙන්නේ.
මටත් තියෙනව ඉඩමක්.. !
අනේ .. ඉතින් ඕවයේ ගිහින් කොහොමද.. ඇහැට පේන දුරක හිටියනම් හොද නෙව.
අම්මාද තාත්තාගේ කතාවට අලගු තියන්නට වූවාය. ඒ උනාට මගේ අදහස වෙනස් නොකලෙමි.(සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑනේ... හික්) අක්කා පිටත් වීමට මොහොතකට කලින් නංගි බබාව පැත්තකට කැදවා යමක් පවසනු මම දුටිමි. අම්මාද එයට හවුල් විය.
අනේ මේ ඉන්න... එහෙම නම් නෑ.. !
ඇය එය පැවසූ ආකාරයෙන්ද විලියෙන් රතුවූ මුහුනෙන්ද ගම්‍ය වූයේ එය යම් කිසි උපදෙසක් බවකි.ලෙහන්න පුලුවන් මල්ල මක්කටෙයි ඔබලා බලන්නේ..! එහෙම හිතලා මම කරබා ගත්තා. තවත් දෙපැයක් ගතවෙන්නට මත්තෙන් අපි උන්නේ අපේ නිවහනේ.
හම්මේ... හරි මහන්සියි කෙල්ලේ..!
ෂර්ට් එක ගලවලා එල්ලලා මම ඇදෙන් වැතිරුනේ හැබැවටම ගමන් මහන්සියට.
හ්ම්..මටත්...!!
එයත් එහෙම කියාගෙන මා ලගට ඇවිත් පපුවට හේත්තු උනා.
දැන් අහගන්නම් විස්තරේ A to Z.
මේ ඒක නෙමෙයි නංගෝ...!
ම්......!
මොනාද අර අක්ක ඔයාව පැත්තකට අඩගහලා රහසෙන් කිව්වේ.?
ම්..ම්.... ඒක රහසක්.....!
රහසක් හින්දා නේන්නම් මෝඩියේ අහන්නේ...!
ඉදා... රහස් එහෙම හැමෝටම කියනවද...?
කවුද දැන් හැමෝටම කියන්න කිව්වේ ,මට විතරක් හිමිහිට කියපංකෝ..........!
මමත් කං කෙදිරි ගෑවා.
එයා කිව්වා.... අනේ මට ලැජ්ජයි අයියෝ.....!
සමයං.... කියන්නයි කිවුවේ...!
මම එහෙම කිවුවේ එයාව උරහිස් වලින් අල්ලලා මගෙ පැත්තට හරවන ගමන්.
එයා කිවුවා දැන්ම බබෙක් එක්කරගෙන එන්න හදන්නෙපා කියලා.
අම්මද බොල... ඒකි එහෙම කිවුවද...?
හ්ම්.....!
ඉතින්.?
ඉතින් මට ලැජ්ජා හිතුනා අයියෝ අම්මත් හිටියනේ එතන...!
හ්ම්..!
මම කිවුවා අනේ එහෙම නම් නෑ කියලා..
හික්..හික්..හික්.. !
පිස්සා... මොකටද මෙයා හිනා වෙන්නේ... ?
එයා එහෙම කිවුවෙ නෝක්කාඩුවට වගේ මගෙ පපුවටත් ගහ ගහ.
මොනවද දැන් මේ අලුත් මනමාලි එහෙම නෑ කිවුවේ...?
මම ඒක අහුවේ නම් නෝන්ඩියටමයි,පොඩ්ඩක් එහෙට මෙහෙට ඇදලා.
අනේහ්.... මම දන්නේ නෑ ඒ වෙලාවේ මගෙ කටට ආවේ එච්චරයි...!
හ්ම් ඒකත් එහෙමද.... මේහ්..!
ම්ම්...!
හැබෑවටම බබෙක් එයිද...?
(මටත් බයිට් කරන්න අහුවුනහම මොකා උනත් කමක් නෑ.)
අනේ දන්නෑ.. !
(එයා සීරියස්වගේ)
එන පාටක් නැත්නම් අපි හදමු...!
හ්ම්...!
මම ආස ඔයා වගේම කෙලි පොඩ්ඩකට..!
ම්ම් මමනම් ආස මේ වගේ නැදිච්ච කොල්ලෙකුට.
ඔය කිවුවේ මේකිගේ ආච්චිට....!
එතකොට මම නැහැදිච්ච..?
හ්ම්.. විතරක්යෑ හිතුවක්කාර..!
මමත් තැනට සුදුසු නුවණ පාවිච්චි කොරලා ඒක අමතක කොරා. නැත්නම් දැන් අතට ගත්ත එක කටට දාගන්න තියෙන චෑන්ස් එක මිස් වෙනවනේ. හික් හික්..!
හම්බේ..... මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා...!
මොනවද...?
ඇයි අප්පේ මට නොවැ ඕවට මහන්සි වෙන්න වෙන්නේ.
මොනවටද මහත්තයෝ.. ?
බබ්බු හදන්න ඔයාට කොල්ලයි මට කෙල්ලයි දෙන්නෙක්නේ.
මම එහෙම කිව්වේ ඇගිලි දෙකකිනුත් දෙක පෙන්නන ගමන්.
අප්පේ එපා කියයි මෙයා දුන්නොත්...!
එපා කියලා කොහොමද ඒවා ඉතින් මහත්තයාගෙන් නෝනට වෙන්නෝන යුතුකම් කියල කියනවනේ...! ඒවට මහන්සි බලලා බෑ ඉතින්..!
එයා ඇස් දෙකත් ලොකු කරන් මා දිහා බලා උන්නේ මම කරන්නේ හැබෑවක්ද විහිලුවක්ද කියල හිතා ගන්න බැරිව කියලා මට තේරුනා.මමත් සීරියස්ම ඇක්ට් කරා.
එක්කෝ දෙපාරක් චාටර් කන්න බෑ,එක පාරම හදමු දෙන්නවම.
මම කීවෙමි.
මේන් වැඩක්...!
ඇයි...?
මේ චූටි බන්ඩියේ දෙන්නෙකුට ඉඩ නෑ එක්කෙනයි...!
හා..හා.. එහෙනම් මොනවා කරන්නද... කෝ මෙහාට වෙන්න...!
ඒ මොකටද ...?
දගලන් නැතුව ඔහොම ඉන්න ටිකක්...!
මොකද මේ...?
බබෙක් හදන්න හදන්නේ..ඇයි දැන් ඔයා කිව්වේ..?
පිස්සුවක් හැදීගෙන එනවද...පලයන් යන්න පිස්සා.
ඇය මා තල්ලු කර දැම්මාය.
එහෙනම් ඉතින් මට මොකද මමයනවා නාන්න...!
ඉන්ඩෝ... මාත්.. එනෝ...!
හැක් හැක්.. මම හිතුවෙ අදත් කොටු දායි කියලා... :-)
ReplyDeleteමේකට කාටවත් බනින්න බෑනේ මචං. මගේ කතාවනේ. ජය..!
Deleteමේක කියෙවුවම මටත් කතාවක් මතක් උනා..
ReplyDeleteඅන්තිම පේලියට පස්සේ කතාව තව තියෙනවනේ.. නොලිවුවට... :)
ඉතින් කියපන්කෝ මලේ මතක නෑ උඹගේ කතාවක් කියවලා තියනවද කියලවත්. ජය..!
Delete// මම ඇදෙන් වැතිරුනේ හැබැවටම ගමන් මහන්සියට.
ReplyDeleteහ්ම්..මටත්...!!
එයත් එහෙම කියාගෙන මා ලගට ඇවිත් පපුවට හේත්තු උනා. //
බලපං මහන්සිය ඩබල්..
කතාව සුන්දරයි..
හුටා මචන් උඹ මතක් කරාමනේ මටත් ඒක මීටර් උනේ. හිටහන්කෝ මම ගෙහුන් අල්ල ගන්න උන්දැව.
Deleteජීවිතේ ......සුන්දරද මෙතරම්.....
ReplyDeleteහ්ම්...හ්ම් ඔයාලගේ වගේ. ස්තුතියි ආවට මේ අහ.
Deleteජය...!
මතක පොතේ සුන්දර මතක පිටුවක්...
ReplyDeleteහරිම රොමෑන්ටික්..