ගැ: ඔබට හිතෙන්නැති මට ලං වෙන්නට රෑ සද කැල්මක් වාගේ
කදුලක් දෙනෙතේ රැදී තියේවී රහසක් සැගවී වාගේ
පි: ඔබට ලැබෙන්නැති මටද ලැබෙන් නැති මේ හදවත් දෙක කාගේ
ඉරණම නලලේ කෙටූ වෙලාවේ බඹුටත් වැරදී වාගේ
තත්පර විනාඩි පැය දවස් වෙමින් කාලය වේගයෙන් ගෙවුනා. ඊට පසුව උදාවුනේ ඒ අපූරු දවස මාර්තු 7. හරියටම මීට මාසයකට කලිනුත් මේ වගේම දවසක් උදාවුනා.ඒත් ඒදවස මම හුගාක් හිත රිදෝගත්ත දවසක් උනා. ඒත් අද ...... කාලෙකට පස්සේ අහවල් ආරක්ෂකයෝ නැතිව මම ගමනක් ආවේ. කතාකර ගත් විදිහටම මම උදේම මෙහෙට (නිට්ටඹුවට) ආවා.මම නිවැරදිනම් එදා එයා පන්ති ගියේ නෑ. ඒත් පන්ති යන්න කියලා ගෙදරින් පිටත් වෙලා තිබුනා. ඒ දරුවව පලවෙනි වතාවට ගෙදරට බොරු කාරයෙක් කෙරුවේ මම. ඇත්තටම ඒ වරදට වග කියන්නෝන මම.කලින් අපි කතා කරගත්ත විදිහටම මම ගුවන් තොටුපල බස් නැවතුමේ නැවතිලා හිටියා. මල්වයසේ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් තැන් තැන් වල රැදිලා ඉන්නවා. සමහරු මාව පසු කරමින් එහෙ මෙහෙ යනවා. කිසි කෙනෙකුත් නාදුනාන මගේ ඇස් හිතට විතරක් පුරුදු රුව හොයමින් මේ කලබල කාරී පරිසරය පුරා දිව්වා. එහෙම දුවන ඇස් ජෝඩු ජෝඩු ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගාව නතර උනේ නෑ කිවුවොත් ඒක බොරුවක්.
(යකෝ අද වැලන්ටයින් ඩේද..?එච්චරටම කපල්ස්..!මම මගෙන්ම ඇහුවා.කොහෙද බොල මාර්තු මාසේ වැලන්ටයින්..? ඒකත් ඇත්ත..) ඒත් ප්‍රතිචාර බැලුම් වල තිබුනේ බොහොම ලොකු අහන්කාර කමක් වගේ දෙයක්. ඇයි මොකද බලන්නේ... මෙයාමගේ කියනවා වගේ අදහස් තමයි ඒවයේ ඇදිලා තිබුනේ. හරි ඉතින් ඕකට ඔරවන්නෝන නැහැනේ, ඒ අදහස අනුමත කරපු මම එම් පී 3 එක ඕන් කරගත්තා. විනාඩි කීපයක් ගෙවෙන්නැති. මම හොයන රුව කලබලෙන් එහා මෙහා දුවන මිනිස් රූප අතරින් මතුවෙන කොට මූනට හිනාවක් ආවේ නිරායාසයෙන්. ලා රෝසපාට දිගු සායකින් හා ඊටම ගැලපෙන රෝස සුදු මිශ්‍ර ලස්සණ බ්ලව්ස් එකකින් සැරසිලා හිටියා එයා.
එයා එදාට වඩා ලස්සණයි අද. හරියට පුංචි සුරංගනාවියක් වගේ.
මට එහෙම හිතුනා.
බලපන් මේ කෙල්ල හරි ලස්සණයි. ඒවගේම අහිංසකයි.
ඒත් උඹ, ඕන කෙනෙකුට උඹ දිහා බැළුවම කියන්න පුළුවන් මහ දාමරිකයෙක් මැරයෙක් කියලා.
දවසකට පැය කීයද උඹ හිනාවෙලා ඉන්නේ. ඕන වෙලාවක කතා කරන්නේ කාගේ හරි අන්ඩක් ගලවන්න. ගති ගුන වලින් තියා පෙනුමෙන් වත් උඹට ඒකෙල්ල ගැලපෙන්නේ නෑ.
තැඹිලි ඉත්තක කාක්කෙක් වැහුවා වගේ තියේවි.
මගේ හිත මට එහෙම කිවුවා.
මගුල.... පිරිමියෙක් උනාම පිරිමි කම තියෙන්නෝන. වැඩ වලින් වගේම පෙනුමෙනුත්. ගෑණු වගේ එහෙම නැත්නම් බෝනික්කෝ වගේ කොල්ලන්ට අපි කියන්නේ පිරිමි කියලා නෙමේ පො### කියලා.
මම හිතත් එක්ක තර්ක කලා.
ඒක ඇත්ත ඒත් උඹ එතනිනුත් එහා නෙමේද ඉන්නේ. උඹේ වයසේ අනිත් කොල්ලොත් උඹ වගේද. ඒක මට අදාල නෑ. අනික මම කියන්නේ මම,එතන වෙන කවුරුවත් ඉන්න විදිහක් නෑ.මට වෙන කවුරු හරි වගේ වෙන්නත් බෑ, වෙන්න ඕන කමකුත් නෑ.
මම එයා දිහා බලාගෙනම මගේ හිතත් එක්ක වාද කලා. හිනා කටක් පුරෝගෙන මා ලගටම ආව එයා මා දිහා බලාගෙන හිටියා.
ඇයි ඔය....?
තත්පර ගනනාවක් යනතුරු එයා දිහාම බලාගන හිටපු මගෙන් ඇහුවා.
ඔයා අද ලස්සණයි ගොඩාක්.
මම මට හිතුන දේ අවංකවම කිවුවා.
ආ... ඇත්තට වෙනවෙන..?
ඇස් දෙකත් ලොකු කරලා එයා එහෙම කිවුවේ දිග කතාවකට මුල පුරන්න වගේ.
වෙනද.... වෙන ඉතින් කියනවා නම් මම මෙතන හිටියේ බොහොම අමාරුවෙන්..!
ඇයි ඒ...?
බලන්නකෝ වටපිට,හැම තැනම ජෝඩු ජෝඩුනේ...!
ඉතින් අපිට මොකද...?
අපට නම් ප්‍රශ්නයක් නෑ, ඒත් ඔයා එන්න කලින් ඔයා එනවද කියලා මම වට පිට බලබලා ඉන්නකොට මුන් හැමෝම මාදිහා බැලුවේ හරියට කාක්කෝ රැලක් මැදට ආව බකමූනෙක් දිහා බලනවා වගේ....!
හිහි හී... !
දැන් ඔයා කාටද හිනා වෙන්නේ...? උන්ටද මටද..?
දෙගොල්ලන්ටම නෙමේ.. ඔයාගේ උදාහරනෙට..!
එහෙමද...?
හ්ම්.. ඔයා එයාලට කාක්කෝ කියන්න ගිහින් නිකම්ම බකමූනා උනානේ..!
ඒ හිනා වෙන ඇස් දිහා බලන්නත් ආසයි. ඒත්.... ඒත් ඒවා මට අයිති නෑ. හිතට ආයෙමත් පුරුදු දුක රිංගන්න හදපු නිසා මම ඉක්මනට අහක බලා ගත්තා. එතකොටයි මම දැක්කේ කලින් මට ඔරෝපු ඇස් දැන් මගේ පැත්තට හැරිලා කියලා. යකෝ මම මුං දිහා බැලුවේ ඇස් වලින්. දැන් මුං බලන්නේ කටින් නොවැ. හික්...! බුදු ෂුවර් මුං හිතාගෙන ඉන්නේ මේ මගේ ගර්ල් ප්රෙන්ඩ් කියලා. මමනේ දන්නේ තොරනේ විස්තරේ. මම උන්ට හිතින් හිනාවෙන ගමන් හිතුවා. ආයෙත් එයා දිහාට හැරුන මම කතාව පටන් ගත්තේ මගේ වෙනස එයාට දැනේවි කියලා හිතුන නිසා.
අපි කතාකර කර මේ පාර දිගේ ඇවිදන් යමු. කතාවේ බාගයක් ඉවර උනාම ආපහු හැරෙමු. එතකොට මුලු කතාවම ඉවර වෙනකොට අපි ආයේ මෙතන. මොකද කියන්නේ කැමතිද...?
මම බොහොම ආචාර ශීලී විදිහට ඇහුවා. අකමැති වෙන්න තරම් දෙයක් නැති නිසාමද කොහෙද එයා ඒ යෝජනාවට කැමති උනා.
(යේ...! ගෙදර උනා නම් දෙකහමාරක් නෑ මම නටනවා...හිකිස්)
කාස්ඨක අව්වට කොලඹ පාර රත්වෙලා. අපි ඔරලෝසු කනුව ලගින් ගමන පටන් ගත්තා. ටික දුරක් ඇවිදන් ගිය එයා කුඩයක් දිග හැර ගත්තා.ඒ අව්ව නිසා. අපට කොයින්ද පූසො කේක්. මම වේලෙනවා. ඒත් මේ අතිවිශිෂ්ඨ යෝජනාව කෙරුවේ මම නිසා මොකවත් කියන්න විදිහකුත් නෑ ඒගැන. ඉතින් මමත් සයිමන් වගේ ඔහේ ගියා. වව්ලගේ මගුලේ ගියාම එල්ලිලා ඉන්ඩ වෙනවලුනේ.හික්.. ගිනි අව්වට වේලුනත් හිත ගොඩාක් සතුටින් පිරිලා තිබුනා මගේ. තොර තෝංචියක් නැතිව කියෙව්වා අපි, එක එක දේවල් ගැන. පොල් අතු බත් කඩේ ලගට එනකම් අවිදගෙන ආව අපි ආපහු හැරෙන්න තීරණය කලා.
මට නම් හොදටම තිබහයි. මෙතනින් මොනවා හරි බොමුද..?
ගෙහුන් එන්නම් ආයිබොවන්..!
ඒවට නම් නාල එන්න වෙයි මුහුදු හතෙන්...
ලගදීම...
අද කතාව හරි කොටයි නොවැ
ReplyDeleteඒ කියන්නේ දිග..... කොටසක් ඔන් ද වේ කියන එකනේ.. ජය..!
Deleteබලපං උබ පලවෙනි වතාවට බොරුකාරයා වුනේ කවුරු නිසාද?
ReplyDelete:))
හොද ප්‍රශ්ණයක්, හැබැයි ඒ මේ වකවානුවේ නම් නෙමේ.නිදාන කතාව මම උඹව මුනගැහුනු දවසකම කියන්නම්කෝ.
Deleteදන්නවද උඹේ මඩ ප්රහාරනම් තාත්විකයි. නියමෙට පෙර පර සන්දි ගලපලම නෙලනවා. එල මචං එල...
(අහුවෙයකෝ මට) ජය...!
මේ කමෙන්ට් එක නංගි බබා දැක්කොත් උබට මාව කන්න කලින් එයා මාව කයි :)
Deleteසිරාවටම දවසක සෙට් වෙමු.. :)
ඔයාගේ නංගි බබා මේ කතාව කියවද්දි එයාට ඔයා ගැන තවත් ගොඩක් ආදරේ හිතෙනවා ඇති නේද ..
ReplyDeleteඔය අව්වේ ඇවිදිද්දි එ අව්වේ සැර දැනෙන් නැ නේද සරා අයියේ..වෙනදාට මේ මොන කෙහෙල් මලක් ද කියලා හිතෙද්දි අද එ තමන්ගේ හිත ගත්ත කෙනා එක්ක යද්දි එ අව්ව හරියට යාලුවෙක් වගේ..ඔයාව ඉතින් අව්වේ වේලුවේ කොල්ලෝ කලු උනාට කමක් නැති හන්දා වෙන්ට ඇති ..
මොනාද අප්පා මමත් අද කතාව පටන් ගන්නත් කලින් ඉවරයි.. :(
මොනාද අප්පා පොස්ටුව කොටලා හැරෙන්න වත් ඉඩ ලැබුන්නෑ. මේක අද ලියන්න හිටියේ නෑ. අපේ ඇනවසරිය නොවැ අද ඒ නිසා ටික උනත් ලිවුවා. අපහසු තාවයක් උනා නම් සොරි වෙන්ඩ ඕන. ඊලග කොටස හුගාක්..... දිගට ලියන්නම්කෝ..!ජය...!
Delete(ඒයි.. ඒයි දැන් මම සරා නෙමෙයි. හරි අහිංසක හාදයෙක්, බොරුනම් නංගි බබා ගෙන්ම අහලා බලන්නකෝ ඇල් වතුරත් නිවලා බොන්නේ.)
අනේ..සුබම සුබ ඇනිවසරියක් වේවා.. ජිවිතේ දිගු ගමනටත් තව ආත්ම ගණනක්ම එකට ඉන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා සරත් අයියේ..
Deleteසිරාවට?
Deleteසුභම වෙන්න ඕනා... රාජ සම්පත් පහල වෙන්නම ඕනා.. :)
ස්තුතියි යාළුවනේ.. ගොඩාක් ස්තුතියි.. ! එයාත් ස්තූති කරයි ඔයාලට. හැබැයි ඒ බ්‍රහස්පතින්දට. ජය...!
Deleteapata suba pathuwata oyalata godaaaak sthuthi. dannawada oyala, api hamu wela awrudu 5k giyada kiyalath hithenawa. ada iye wage. hari sathutui.
Deleteබැන්දට පස්සේ එයත් අපේ ආදර කතාව බ්ලොග් එකේ ලියනවා කිවුවේ.. ඉදලා හමාරයි... :)
ReplyDeleteකෙටි උනත් අද කොටසත් අස්සවෙන් කියෙවුවා..
කෙතරම් අපූරුද..! හැමෝම ආසාවෙන් කියවයි. අම්ම ගහයි... ඒ කියන්නේ වෙන්ඩ නෝනත් බ්ලොග් අවකාශෙම කෙනෙක්. අනේ වාසනාවන් කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා. හිකිස්....! ස්තූතියි යාළු..ජය..!
Deleteපොල් අතු බත් කඩේ ගාවටම පයින්?????? ඔරලෝසු කණුව ගාව ඉදන්????
ReplyDeleteපිස්සුද යකෝ.... කෙල්ලෙක් එක්ක උනත් :) :)
මොනවද දන්නෑ බිව්වෙ නේ?
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!
දැන් නම් අපටත් හිනා යනවා ඒවා මතක් වෙනකොට. ඒත් එදා එහෙම කොලා නෙව. අනික ඒ වගේ කටු කෑව නිසානේ අද මේ කතාව ලියවෙන්නෙත්. රජාට තේරුනා මම කාපු කට්ටේ තරම, උඹේ වැයික්කිය නොවැ ඉතින්. ජය...!
Deleteලස්සන කතාවක් නොවැ..
ReplyDeleteස්තුතියි රොබින්. ජය...!
Deleteනියමයි
ReplyDeleteස්තුතියි.. ජය..!
Deleteඔං බලපං ඉස්සෙල්ලම කෙල්ලට බොරු කරන්න පුරුදු කරලා....හිකිස්...
ReplyDeleteඕවා පොරසිද්දියේ කියනවා එහෙම නෙමේ මලේ. ඔය කතන්දර තාම ගෙවල් වල අය දන්නේ නෑ. හික්...! ඇහුනොත් හොදනෑ නෙව. ජය...!
Deleteබකමූණා කතාවට නම් මටත් හිනා ගියා..
ReplyDeleteඇත්ත නේන්නම්..
ඇත්ත කීවේ මම බකමූණෙක් වගේ කියන එකද. මට හිතෙන්නේ ඔයාට වැරදුනා. ජය..!
Delete