Pages

Sunday, June 17, 2012

අමුතු කතාවක් 11 නංගි බබා....

සිත හැදුනුවෙත් ඔබයි..
පසු පසම එලව එලවා විත්..
සැනසුවෙත් ඔබයි..
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නෙමෙයි..


ඉතින්...?
පේව්මන්ට් එක සෙරෙප්පුවෙන් හාරන්න ට්‍රයි කරන එයා දිහා බලාගෙන මම කට හඩ අවදි කලා.
කොහොමද කියලනම් අහන්නේ නෑ මම,හැම වෙලාවෙම කතා කරන නිසා ඔයාගේ සැප සනීප දන්න නිසා.මේ හරියෙන් කොහොමද ඔයාලා බස් එකට නගින්නේ..?
නෑ අපි ස්ටෑන්ඩ් එකෙන් බස් එකේ නගින්නේ..!
හ්ම්.. ක්ලාස් ඇරුනු ගමන්නේ යමුද මොනා හරි බොන්න...?
අනේ බැ.. අපි ඉක්මනට යන්නෝනේ..!
හරි ඉතින්.. ඕකට පැය ගානක් යනවයෑ...
බෑ බෑ දැන් යන්න ඕන...
ඔයා මාරයිනේ, ආපු ගමන්..?
ඔයාට මාව බලන්නනේ ඕන කීවේ, දැන් හරිනේ.. අපි යනවා.!
පොඩ්ඩක් ඔහොම ඉන්න..!
ඇයි..?
මේක ඔයාට ගෙනාවේ ගන්න.
තරහ වෙන්නෙපා අයියේ, මට මොකුත් එපා. මම යන්නම්...!
හ්ම්...!
මම එතනින් එහාට මොකුත් කතා කලේ නැහැ. අපට පි‍ටුපාලා ඈතට යන එයාලා දිහා බලා ඉන්නවා හැරවෙන කරන්න දෙයක් තිබුනේ නෑ මට. පොදු වෙලද සංකීර්ණය අස්සෙන් එයාලා නොපෙනී ගියාටත් පස්සේ මම ඒදිහාම බලා උන්නා.
දැන් යං..!
චින්තකගේ හඩින් මම පියවි තත්වෙට ආවා.
කොහේද..?
වෙන කොහේද... ගෙදර..!
මේක..?
අතේ තිබුනු පුංචි පාර්සලය ඌට පෙන්නන ගමන් මම ඇහුවා.එයාට දෙන්න කියලා ගනිපු පුංචි පර්පියුම් එක. උදුරලා වගේ ඒක ගත්ත ඌ ඈතින් පෙනුන ගාබේජ් එක පැත්තට විසි කලා.
බම්බුවටද එන්න කිව්වේ...
ඌ කියවනවා. මම උත්තර බදින්න යන්නැතිව බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියා. මොකද්දෝ නොතේරෙන හේතුවකට මම බිදිලා කියලා මට දැනුනා. ඒත් ඒක පිටට පෙන්නන්න මගේ අහංකාර හිත කැමතිඋනේ නෑ.
රුවන්වැල්ල පැත්තෙන් යමු,මට අබාන්ස් එකට යන්නත් ඕන...!
එහෙම කියාගෙනම මම රුවන්වැල්ල බස් එකකට නැග්ගා. අයිනකට වෙන්න ඉදගත්ත මම ගතවුනු විනාඩි කීපය ගැන ආයේ හිතන්න පටන් ගත්තා.ඇයි එයා එච්චර ඉක්මනට ආපහු ගියේ. පෝන් එකෙන් ගිරවි වගේ කියෝන එයාම නේද වචන 10ක් වත් කතා නොකර යන්න ගියේ.
ඇයි ඒ.. සමහරවිට එයාගේ හිතේ උන්නේ වර්තමාන "මොඩ් ගොවියෙක්" වෙන්නැති. බලාපොරොත්තු වුනු රුව නොදැකපු නිසා එයාලා කලබල වුනා වෙන්න බැරිද.
වෙලාවකට පන්ඩිත කතා කිව්වට ඒකී තාම පොඩි කෙල්ලක්.ඕනනම් අවුරුදු විස්සක් විතර ඇති. මේ බ‍ටු ඇටයක් හින්දා බම්බුවටද මම මනෝ ගහන්නේ. ගමේ උන් කියන විදිහට මම ක‍ටුවටත් නැති වහල්ලටත් නැති මදාවියා. එහෙව් මට කොහොමත් හරි යන්නේ නෑ මේ සමණල්ලු වගේ කෙල්ලෝ. මම මටම කියා ගත්තා.
ඒ කියන්නේ උඹ දැන් ගියේ පරස්ථාවක් ගැන හිතේ තියාගෙන.
නෑ නෑ ඒක බොරු..!
එහෙනම් මොන මගුලකටද උඹ ඔච්චර වොරි වෙන්නේ..? අමතක කරල දාපන්කෝ. උඹම නේද හැම වෙලාවෙම පම්පෝරි ගහන්නේ, මම ගල් පලලා මද කාපු එකෙක්ය,මට කවුරු නැතත් දුකක් නැතිය කියකිය. ඒක ඇත්ත ඒත්.. ඒත් මේ පුංචි කෙල්ල නිසා පහුගිය දවස් වල මම සතුටෙන් හිටියා.එතකොට අද වෙච්ච දේ.... නෑ මම ආයේ හිතන්නේ නෑ ඒගැන..........
රථාචාර්ය වරයාගේ වේගවත් රිය ධාවනය නිසාම කිලෝ මීටර 25කට වඩා වැඩි නැති ඒගමන පැය දෙකහමාරකටත් වඩා වැඩි කාලයකින් අපට නිමා කරන්න හැකියාව ලැබුනා.
අම්මපා කරත්තෙක ආව නම් මීට කලින් ගෙදරටම යන්න තිබුනා.
බස් එකෙන් බැහැපු චින්තකයා කියවනවා.
කොහොමත් උඹට කරත්ත තමා හරියන්නේ.
මිස් වෙච්ච එකම වචනේ අහුල ගනිපු මම ඒකෙන්ම ඌට දමලා ගැහුවා.ඌ මං දිහා බලලා කරබා ගත්තේ ඇයි කියලා හිතන්න මට ඕන කමක් තිබ්බේ නෑ.
ආයේ අවිස්සාවේල්ලෙත් රස්තියාදු වෙන්න බෑ බං මෙහෙන්ම ගනින්.
ඌදිහාට නෝට්‍ටු කොල වගයක් දික් කරමින්ම මම කිව්වා.
මොනවද...?
රෙඩ් රම් එකක්...!
මේ මහ දවල්...?
මම වේගෙන් ඌ පැත්තට හැරුනා..  කටින් වචන පිට නොකලට ඒ බැල්ම තේරුම් ගන්න ඌට එච්චර අමාරු වෙන්න නැතිව ඇති. හා.. හා කියපු ඌ අදාල තැනට පියවර මැන්නා. අබාන්ස් එකේ ගනුදෙනුව පෝන් එකෙන්ම සෙට්ල් කො‍රැව්වේ ඉක්මනින්ම හිතේ දුක අරක්කුවල දිය කරන්න ඕන නිසා.

                            ***************************************************
             කනගාවම බෙරිහන් දෙන පෝන් එකේ සද්දෙන් අවදිවූ මම එක ඇසක් පමණක් හැර අවට පරිසරය නිරික්ෂීමි. නිවස පුරාම දැල්වෙන විදුලි පහන් හේතුකර ගෙන මේ රාත්‍රිය යැයි අනුමාණයක් ගොඩ නැගීමි.
මහ රෑනේ බොල, කොයි ප### නිදා ගන්න දෙන්නේ නැත්තේ...!
තනියම මිමිනූ මම දුරකථනය අතට ගත්තෙමි.
ම්හ්.. මාමෙයා... මොකද බං...?
ආ....උඹට තාම රෑ උනේ නැතෙයි..?
මොකක්... තොට පිස්සුද් හු##....? මේ රෑ මට ඇහැරවලා කුනුහබ්බ අහන්නේ...
ඇහැරවලා....?
ඔව්... ඇහැරවලා තමයි, මට හොදට නින්ද ගිහින් තිබුනේ..!
ඈබොල ## මම මෙහෙ ‍තෝ කෝල් කරනකම් බලාගෙන ඉද්දි ‍තෝ ඔහේ දපලද හිටියේ. දීයා කන්න එපායෑ යකෝ මූව.
ඉතින් රෑට නිදාගන්නේ නැතිව මටත් කියන්නේ ‍තෝ වගේ අවලමේ යන්න කියලද.
මටත් පසු බහින්න ඕන කමක් තිබුනේ නෑ.
අනික කවුද උඹට බලාගෙන ඉන්න කීවේ.. නිදාගන්නෙපෑ.
ඇයි උඹ දවල් කීවේ රෑවෙලා කතා කරන්නම් කියලා.
ඈහ්.. මම එහෙම කිවුවද...? ගනන් ගන්නෙපා බං ඔය බීපු වෙලාවට කියන කතා. හොද එකාවගේ නිදියපන් මට වද නොදී.
මේහ්... බයිලා ගැහුවා ඇති දැන්,උඹේ ඩිසිෂන් එක කියපන් මට. .!
මම ලෑස්තියි බං....!
හ්ම්.. ඒක හොදයි..! කඩේට මොකද කරන්නේ..?
මම හෙටම දැන්වීමක් දානවා 25 වෙනිදා වෙනකොට කඩේ වහන නිසා හැමෝගෙම බඩු ක්ලියර් කරගන්න කියලා. සති දෙකක් තියනවා ඇතිනේ. මගේ බඩු සේරම චින්තකයට කැමති දෙයක් කර ගන්න කියනවා...!
හරි මෙහෙන් වෙන්න තියන සේරම දේවල් මම පිලිවෙල කරලා ඉවරයි මේ වෙනකොට. පිස්සු කෙලින්නැතුව ඔය දවස් ටික හිටපන්.මම තියනවා එහෙනම් 
ඕකේ.
ඇමතුම විසන්ධි කල මම දුරකථනය දිහා බැලුවා. මග හැරුනු අමතුම් කීපයක්ම සටහන් වෙලා තිබුනා එහි. කෙටි පනිවිඩත් ඇතුලුව. ඒත් මට ඒවා බලන්න ඕන කියලා හිතුනේ නෑ. කොට්ටේ යට තිබුනු ඩයරිය අතට ගනිපු මම ඒකෙ මෙහෙම ලිවුවා, "ඔය පුංචි සමණල ත‍ටුවලට මගේ බර දරන්න අමාරු වේවි නංගි බබා. ඒ නිසා හේතුවක් නොකියම මම යන්නම්."

ගෙහුන් එන්නම් ආයිබොවන්....!
ඔයා රට යන්නෙපා අයියේ...! නංගිබබා 12න්...

19 comments:

  1. දීයා කන්න එපැ කියන්නේ කවුද ඒ....

    මට දුක නැ ...මම දන්නවා මේක දුක කතාවක් නෙමේ කියලා..අවසානය දැනගෙන ආසවෙන් බලන කතාවක් මම මේක ..

    මේ හලෝ ඔයැයි බිව්වද ..නැවද අප්පා...

    ReplyDelete
    Replies
    1. දන්නවද..? ඒ මීට අවුරුදු 5 කට කලින් ගෙවපු ජීවිතේ ගැන.දැන් ඉන්න දූලයි අප්පච්චි ලබන්න ගිය ආත්ම වල ගොඩාක් පින් කරල තියෙන්න ඇති කියලයි දූලයිඅම්මා (නංගි බබා) නිතරම කියන්නේ. හිතාගත හැකි නේද වෙනසෙ තරම . වෙනස් උනාම නෙමේ. ඒ ආදරේ මාව වෙනස් කලා.

      (බකමූනු පරපුරේද තාම ඇහැරගෙන ඉන්නේ..) ජය...!

      Delete
    2. ආදරේට කරන්න බැරි දෙයක් නැ කියන්න ඔයා ලොකු සාක්ශියක් වගේයි අයියා..

      ( බකුමුණු පරම්පරාවේ නෙන්නම් මම )

      මේ කියන්ටකෝ කවුද දී යා කියන්නේ..

      Delete
    3. ඇත්තටම හරි වචනේ දීයා නෙමේ දිවියා, ඒත් කට වහරේ තියෙන්නේ දීයා කියන කෙටි යෙදුම. මොකද ගම් වල මිනිස්සු වචන කතා කරන්නේ ශබ්ධ කරන්න පහසු ආකාරයටනේ. ( දැන් දිවියා කියන්නේ නම් කොහොම කෙනෙකුටද කියලා දන්නවා ඇතිනේ. කොටියා තරමටම රෞද්‍ර ඒත් කොටියෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩා සතෙක්.දැනටත් කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල මේ සතා එච්චර දුර්ලභ දර්ශනයක් නෙමේ.අදුන් දිවියා, කොල දිවියා කියලා දෙවර්ගයක් උන්නට මම තාම දැකලා තියෙන්නේ කොල දිවියව විතරයි. ඉතින් ඇතිනේ.)

      Delete
  2. මේ පෝස්ටුවෙන් නම් පේනවා නංගි බබා හිත අරං ගිය තරම..
    ම්..ඊළඟ කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඒකනේ ඔන්න ඔයාට තේරුනා. ජය..!

      (ඒක ලග එනවා)

      Delete
  3. 12ත් ඉක්මනට ඕනේ.... :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, පුලුවන් තරම් ඉක්මනට.හිකිස්... ජය...!

      Delete
  4. හිතේ දුක අරක්කු වලටම දිය කරලා දාන්නේ නැතුව ඉක්මනට නංගි බබා අරගෙන ගිය හිත ආපහු එයාගෙන් ඉක්මනට ඉල්ලගෙන වරෙන් :P.

    ReplyDelete
    Replies
    1. එලකිරි රෙප් මහත්තයා. නයිස් අයිඩියාව. ජය...!


      (පරහකට තියෙන්නේ මම මීට අවුරුදු 4කුත් දවස් 358 කලින් ඔය කිව්ව ගොන් කම කොලා නෙව. හැබැයි මෙහෙම කීවා කියලා කාටවත් කියනව එහෙම නෙමේ. නංගි බබා දැන ගත්තොත් ලබන සතියේ සමරන්න තියන අපේ පස්වෙනි වැඩින් ඇනවසරියට තට්‍ටු වෙනෝ.)

      Delete
  5. කෙල්ලො හින්ද බොන්නනම් එපා මචං...කා නිසාවත් ඔනි නෑ..කියන්න තියෙන්නෙ එච්චරයි....
    කතාව එළ ඈ...

    ReplyDelete
    Replies
    1. මේ එක්තරා ගැන්ග්ස්ටර් කෙනෙක් මලේ.හෙටක් නැති එයාලට අපායට වීසා ok වෙලා තියෙන්නේ. ######## අතේ තියන් ඇවිදින එයාලට කොහෙන්ද ධනාත්මක සිතුවිලි. ජය...!

      Delete
  6. පර්ෆියුම් විසික්කලාම ෙරඩ් රම් ගහපු ෙකාල්ෙලා්..

    අද පවුල ඒ් කියන්ෙන් නංගි බබා ඒක්කද ඉන්ෙන්?

    නම්ෂා කතාව දන්නව ව ෙග්

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. මේ එයාම තමයි..!දවසක් කොකිස් ඉල්ලපුවම මූදු හතකින් නාල එන්න කියපු එයා මට දීපු බබාගේ හතරවෙනි උපන්දිනේ සැමරුවේ ගිය මාර්තු 26 වෙනිදා. දැන් මේවා දකිනකොට එයාගේ මුහුණ..... හිකිස්.. අනේ මට හිනාත් යනවා ඕයි.....! ජය..!

      Delete
    2. කලින් වැඩේ ලීක් වුන එක අපරාදේ. කතාවෙ රස අඩු වෙන්න හේතුවක් වෙයි. ඒත් ඒකට ඉඩ දෙන්න එපා සහෝ..

      ජය !

      Delete
  7. ආදරේ අහස තරම් වගේ :D

    ReplyDelete
    Replies
    1. වෙන්නැති ඉමක් කොනක් නෑ නොවැ.ඉතින් ජය..!

      Delete
  8. 12 දීපියෝ...............

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. එසේය දේවයන් වහන්ස.. !
    මේ දෙනෝ..!
    ජය...!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....