බබාව ඉස්කෝලෙට ගෙහුං ඇරලවලා ආවට පස්සේ තියෙන ලොකුම යුද්දේ තමයි ඉතින් මම ෂොප් එකට යන පිටත් වෙන එක. ස්වේච්චාවෙන් මම කොරන දෙයක් වගේ ලිව්වට මගේ මායියා හෙවත් නංගිබබා ම විතරයි දන්නේ ඕකට උන්දෑ කන කට්ටේ තරම. හෙල්මොට් එක කොහේට හරි විසික්කලා මුළුතැන් ගෙයි රවුමක් කැරකෙන මම ඊලඟට කොරන්නේ ඇඳට පැනලා කුද ගහන් නිදන එක. නංගි බබා විනාඩි දහයක් පමා වුනොත් දෙකහමාරක් නෑ සරා දොයි. ආයේ මොකා කතා කෙරුවත් ඌ නෙමේ නැගිටින්නේ. ඕක දන්න නිසාම උන්දැගේ වැඩේ විනාඩියෙන් විනාඩිය බෙඩ් රූම් එකට ඇවිත්..
අයියේ තේ හැදුවා....!
අයියේ උදේට කන්න මොනාද හදන්න ඕන...!
අයියේ යන්න පරක්කු වෙනෝ. ඉක්මනට ඇඳ ගන්න...!
අරකද මේකද කියකියා මට කරදර කොරන එකයි. කියන්න දෙයක් නැත්නම් විනාඩියෙන් විනාඩියට ඇවිත් වෙලාව හරි කියලා යනවා. ඕං ඕක කරදරක් වෙනකොට ඉතින් මම් නැගිටලා ගෙහුන් කුස්සියේ පුටුවක් උඩින් වාඩි වෙලා උන්දැගේ කෙරුවාවල් බලං ඉන්නවා. මොනා හරි බඩට වැටෙන කල්.නැවතිල්ලේ හිතලා බැලුවම මහ බබාලව බලා ගන්නවා කියන්නේ ලේසි පටු වැඩක් නෙමේ.......................................
ඒ වුනාට අද උදේම බබාව ඇරලවලා පුරුදු විදිහට මම ඇවිත් ඇඳට පැන්නම මෙන්න බොලේ මුන්දැත් ඇඳටම ආවා. හැබෑ වෙනසක්.... ටිකක් පුදුම හිතුනත් මම ඔහේ හිටියා. ඔළුවත් අතගාලා උම්මා එකකුත් දීලා....
අයියේ මට වැල ඕන...!
ඈහ්...... වැල.....??
ඔව් අනේ, එකක් බාල දෙන්නකෝ....!
අප්පට සිරි මෙයාට මොකද වුනේ, මම ඇවිදිල්ලත් දැන් අවුරුද්දකටත් ලඟයි. දැන් අහවල් ලබ්බටද වැල. අනික හැම පෝයටම පංසල් යන ගෑණු දරුවා, දැන් වැල ඉල්ලන්නේ. ෂුවර් පහුගිය ටිකේ කාපු තෙල් කෑම තමයි අගුන වෙන්න ඇත්තේ. මම තනියම හිතුවා. මොනා වුනත් දැන් ඉතින් මේක කරලා දෙන්නත් එපාය. පොඩි එකීගේ ආසාවනේ.
හරි ඔයා කෑම හදන්නකෝ..! මම එතකන් මේ වැඩේ කොරඤ්ඤං....!
නංගි බබා මුලුතැන් ගෙට වදිද්දි මම කොමා ගාවට ඇදුනා. ඇත්තම කියනවා නම් ආයිබොවන් මුන්දැගේ ආසාව නිසා බාන්න ලේස්තිවුනාට මට ඔය අංශේගැන මෙලෝ දැනුමක් නෑ. ගිනි නරියා මාර්ගෙන් වලත්ත ඇමෙරිකාව කියලා පොඩි සර්ච් පාරක් දැම්මම වැල නම් ඕන තරම් දකින්න ලැබුනා. ඒත් බාන්න විදිහක් නැතිලු. බාන්න ඕනනම් ඩොලර් වලින් ගෙවන්න ඕනලු, එව්වයේ ලියා පදිංචි වෙන්නලු, ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරුයි අරවයි මේවයි ලෝකේ නැති දේවල් කියනවා. ඊට පස්සේ මම ගූගල් සීයාගෙන් ඇහුවා නොමිලේ වැල බාන්න පුලුහන් තැන් නැතිදෑ කියලා. සීයා දුන්නා මාර පොට් ටිකක්....පුහ්... මාම් බෑංග්.......නෑ එක්කෝ එව්වා ඕන නෑ. මොකටෑ මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ නරක් කොරන්නේ. හා.. නැද්ද මං අහන්නේ. ඉතිං මම එවුවයෙන් හත අටක්ම තෝරලා තිස්දෙකේ ස්කිරිං එකේ තැනින් තැන තියලා කතා කොලා දොලදුක්කාරිට හෙවත් මගේ නංගිබබාට.
නංගී....!
ඕ... මේ එනෝහ්....!
මේවයෙන් ඔයාට ඕන එක කියන්නකෝ, මම බාල දෙන්නම්...!
ඊයා.. මේ මොනවද මේ..??
වැල, ඇයි දැන් ටිකකට කලින් ඔයා ඉල්ලුවේ.. !
මම කිව්වේ මේ ජරාව නෙමේ මෝඩයෝ... !
සුලු මොහොතකට පෙර ආදරෙන් අතගෑ ඔලුවට වැරෙන් ටොක්කක් පතබෑවිනි.
ජරාව කියන්න එපා නංගි. මේවා තමයි ඉතින් නෙට් එකේ තියෙන්නේ. අනික ඉතින් මීට වඩා හොඳ ඒවා නම් ඉතින් ඒවට වැල කියන්න බෑනේ. එහෙම නම් ඉතින් මේ වගේ ගැට කියලනේ කියන්න ඕනේ...!
මම ඇගේ නිතඹට පහරක් ගැසුවේ හිස මතට වැදුන ටොක්ක ගැනද සිහිපත් කරමිනි.
ඌයි... ඒකනම් රිදුනා මැට්ටෝ...!
රිදෙන්න තමයි ගැහුවේ මැට්ටියේ....!
එපා .. මම තරහයි....!!
ඇය නැවත යන්නට හැරුනාය.
ඔහොම හිටපිය කොහේ යන්නද...?
ඔයහ්....කිරි හොද්ද ලිපේ..!!
ඉතින්.. ඔහේ තිබුනාවේ..!
නංගි බබාව දෑතට ඔසවාගනිමින් මම මොනිටරයේ විදුලි සැපයුම කකුලෙන් විසංධි කලෙමි. කඩේ අරින්නේ නමයට බැවින් තව පැයකට ආසන්න කාලයක් එයට ඉතිරිව ඇත. දියණියගේ පාසැල අරෙන්නේද 12 ටය. මහ ගෙදර අයට මහ ගොඩක් වැඩ නිසා අපේ ගෙදර එන්නට දැන් නිවාඩුවක් නැතිය. මෙව්වට මීට වඩා නිදහස් වෙලාවල් කොහෙද අප්පා.........!
ටිකවේලාවකට පසු:
ඒයි..... නංගි...!
ම්හ්හ්...!!
මොනා හරි පිච්චෙනවා වගේ නේද..?
වෙන මොනවද ඉතින් කිරි හොද්ද වෙන්න ඇති....!
ඇය ගානකට නොගෙන කීවාය.
හුටා...එතකොට මම කන්නේ...?
තුවායක් ඉන වටේ දවටමින් මම මුලුතැන් ගෙට දිවුවෙමි. මා පමා වූවා වැඩි වූ සෙයකි. ඇතිලිය තිබූ ළූණු මිරිස් කැබලි ටික මීට දෙහෝරාවකට පමණ පෙර මට ලැබුනේ නම් දත් බෙහෙත් ටික ඉතිරිකර ගැනීමේ හැකියාවක් තිබුනු බව ක්ෂණයෙන් මට අවබෝධ විය. සම්බෝල සමඟ පමණක් ඉඳි ආප්ප කෑමට නොහැකිය. වෙන කලහැකි කිසිවක්ද ඉතිරිව නැත. මම හිත හදාගෙන ආපසු හැරුනෙමි. නංගිබබා මා පසුපසින් සිටගෙන සිනා සෙන්නීය.
ඔයාට නම් හිනා..බඩගින්නේ හිටියත් ඕං මට නම් එපා සම්බෝලයි ඉඳිආප්පයි...!
හරි ආයෙත් හොදි හදලා දෙනවා අරවා දුන්නොත්....!
මොනාද...?
වැල.. වැල..!
ඉතින් මම ඔයාට....
එව්වා නෙමේ මෝඩයෝ, මෙහෙ එනවා...!
ඇය මා අතින් ඇදගෙන මිදුලට ආවාය. වත්ත කෙලවර වූ කොස් ගස දෙසට අත දිඟුකර.....
ආං අර වැල කඩලා දීපං...!!
අයියෝ.. කලින් කියන්න එපායෑ.... !
අනවසරයෙන්ම ඇගේ මුව සිප ගත් මා කොස්ගස දෙසට දිව ගියෙමි.
මේ බලාන්ට අප්පා. මෙයා කියලා තියෙන්නේ මේ වැල ගැනනේ.
අම්මයි දුවයි දෙන්නම ආසයි. හැබැයි මටනම් අරහං.
ප/ලි:
පහුගිය පෝස්ටුවකදි කස්ටිය මාව කන්ට හැදුවා නෙව මෙහෙම කතා වලදි මැදට කොටු කොටු දාන්ට එපාය කියලා. ඒ නිසා ඕං මේගමන කොටු දැම්මේ නෑ හොඳේ.D දැන් බනින්ට බෑ නෙව. හෙහ් හෙහ්...
ගෙහුං එඤ්ඤං....!
වැල බාන්න කලින් වැල ඇඳලා නෙව.
ReplyDeleteඇඳපුවා නෙමෙයි උදාර මහත්තයා, මේවා මගේ ගැලැස්සි පෝං එකෙන් ගනිපු පොටෝ කෑලි. එහෙනං...!! හැහ් හැහ්..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමහ බබාලව බලා ගන්නවා කියන්නේ ලේසි පටු වැඩක් නෙමේ////
Deleteආයිත් අහලා... හි හි
මොකෑ කෙල්ලේ කොමෙන්ටුව දාලත් ආපහු ගත්තේ. උඹ මක්ක හරි අසබ්බිය දෙයක් වත් ලිව්වද මගේ බොලොග් එකේ....? ලොල්
Deleteදැන් දැන් බොලාටත් තේරෙනවා එහෙනන් ඒකේ අමාරුව ඈ...
දෙයියෝ සාක්කි! කියන්න වචන නෑ. එක්කෝ මොකුත් නොකියා ඉන්නං.
ReplyDeleteඉතින් එහෙම හොඳයෑ සෑර්....
Deleteවැල වගේද වරක.
ReplyDeleteවැලක් ඇදලම වැල බාල දීල තියෙන්නෙ.
දයාබර මිතුර..සරා වැල වලට කිසිඳු කැමැත්තක් දක්වන්නෙකු නොවේ. ඒ නිසාම ඔහු තවම කන්නේ ගැට පොලොස්ය. හැක් එව්වනේ බං රහ...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ඔහොම තමයි.............ඔය වර්ගයා තේරුම් ගන්න හරි අමාරුයි. හැබැයි ඉතින් ඒකාලේ මමත් කඳවුරේ ඉඳලා නිවාඩු එන්නේ පොඩි එවුන් දෙන්නා ඉස්කෝලේ ගිහින් ඉන්න වෙලාවට. වැල වරකා ජම්බෝල දෙළුන් ඇම්බුන් ...................................................................................
ReplyDeleteවාව්.....!! විචාරක මහත්මයා, ඉලංදාරියා වගේ ඉන්න එකේ දැන් කියලා මොකෝ ඔන්න ඔහේ...................
Deleteඇම්බුෂ් එකක් දැම්මනම්. හිස්තැන හරිද?
Deleteමෙච්චර ඉක්මනට !! :D
ReplyDeleteමගේ එව්වා තාම ගැට බොල.....!!!
Deleteමේකත් පත වැලයක්නේ යකෝ.
ReplyDeleteහැබැයි වැල ගෙඩිය කපන්නෙ නෑ අපිනං ඔරෝනව මිසක්ක.
ආයුබොහෝවන් මහත්මයා සාදරයෙන් පිළිගන්නවා ඔබව.
Deleteඔරෝනවා...? ඒ කියන්නේ අතින් ඇදලා කටුව අයින් කරන එකටද...? මුංදැලා වැල කන්නෙත් එහෙමයි කියලා වැල ගෙඩිය පලු ගහලා තියෙනවා දැකලා මායියත් මට එරෙව්වා ටිකක්. මං හිතා හිටියේ ගෑණු අම්මන්ඩිලා විතරයි කියලා ඔරවන්නේ කියලා. හැක්...
සරාගේ වල් හිත... හැක්..ඒ බං ඔය අයියේ අයියේ ගගා දවසම ඉන්න කොට මල වදේ නැද්ද..
ReplyDeleteඅයියේ මේ එන්න එපා ඕවට හෙම කිව්වොත්.. හැක්..
ඇත්තම කියනවා නම් නෑ දේශා. මම හරි කැමතියි ඒකට. සොඳුරු කරදර නෙව....
Deleteඑහෙම කියන්න නම් බෑනේ උන්දැට, ලැයිසොං කරදහිය තියෙනවා අල්මාරියේ පරිස්සමට අරං තියලා. හැක්..
මුන්ගේ සමයං . කොටු කොටු වැලක් දාලා. හතර පෝයට සිල් ගන්න අපිත් නාක ළමයි වෙනවා . මොනවා වුනත් වැල වලට වඩා රසයි සුවඳයි දෙකම වැඩි වරකා වල මටනම්
ReplyDeleteඕවා ඉරිසියාවට කියන කතා....හැක්..!
Deleteවරකා වලට මාත් මනාපයි, තව කාලයක් යද්දි කන්ට ඇහැක් වෙයි මයෙ හිතේ. පොලොසුත් පැහෙනවා නෙව..;D
කදිම කතාවකි. අප වැනි පවුල් වී නැති අයට ගන්නට ඇති ආදර්ශ බොහෝයැ.
ReplyDeleteඒක නෙව ආයිබොවන් අපි මේවා ඔහේලට කියන්නේ. ආදරුසෙට ගන්න. හැක් හැක්...!!
Deleteවැල කන්න නම් ඒ හැටි මනාපයක් නෑ. වරක නම් ඔට්ටුයි. මොකද වැල ගෙඩිය දෙකට පලලා ? කවුදෝ එකෙක් කඹේකින් වැල බාපු හැටි මතක් වුනා.
ReplyDeleteනයි කයිද රෝස් පාන්...!!
Deleteවරකා කන එක හොඳා, ඒත් ආයිබොවන් නාකද ස්ටෙප් බයි ස්ටෙප් ගියානම්. කෙලින්ම වරකම නොකා. හි හි.....
යකෝ මේක +18 කියල දාපං. ගස් වැලයි මස් වැලයි ඔක්කොම තියන එකේ.
ReplyDeleteරාජ් මහත්තයා සරාගේ ලෝකේ කුණුහබ්බ නෑ නොවෑ..
Deleteඔයවගෙ අලකලන්චි වෙනව නේ දෙන්න විතරක් ගෙදර තනි වුනාම.මොනව කරන්නද ඉතින් මනුස්පයො නේ
ReplyDeleteඅන්න ඔයාට තේරුනා...
Deleteසරා වැල නොකන
ReplyDeleteවරකා හෝ නොම කන
පොලොසටම ලොල් බැඳ
ඉන්න හේතුව කිම
ඒක නම් රසම රස "රස රහසක්" සාගර මහත්තයා..
Deleteහොස්ස ලගින් මැස්ස යන බැරි නිසා මොකුත් නොකියා ඉන්නම් .
ReplyDeleteලොල්ම කෙස් එක තමයි සරාගේ ලැපේ වැල නැති කතාව , බොරුනේ යකෝ
online ගිහින් හෙව්වලු :P
මට එහෙම තරහා යන ලෙඩක් නෑ බං. බොට ඕන දෙයක් කියපං. වැල නෑ කියන්නේ සිරාවටම තමයි. බොරු නම් ග්‍රාමසේවක මහත්තයාගෙන් අහලා බලපං අපේ ගමේ. උන්දෑ ඉන්නේ අපේ ගෙට ඉස්සරහා ගෙදර. හැබැයි නෑ කමට නම් අපේ බාප්පා ඒ නිසා බොරුවක් මුසාවක් කියන එකක් නෑ. හැක්...
Delete