ආදරය කරුණාව දයාව විස්වාශය වගේ වචන හරි සරලයි වගේ පෙනුනට ඒවා මිල කරන්න බැරි තරමට වටිනවා. බොහෝ දෙනෙක් ඒ මතයට එකඟතාවය දැක්වූවත් ඇතැමෙක් උපහාසයෙන් හිනාවෙන්න උනත් ඉඩ තියෙනවා.ඒත් බ්ලොග් ලියන කියවන මගේ සංවේදී මිතුරු මිතුරියන් අතර එවැන්නෝ නොවේවායි මම ප්‍රර්ථනා කරනවා. මන්ද මම අද කියන කතාව හරිම සංවේදී කතාවක් නිසා. මේ කතාව ඇතුලේ ඕපදූපයකුත් අඩංගු වෙලා තියෙනවා. නමුත් මට ඕන ඒකුණු කතාව ඔයාලට කියලා හිත් වල කුණුරසයක් ඇති කරන්න නෙමේ. මේවන් වූ චරිත ඔබ මම ජීවත් වෙන පරිසරයේ තවත් බොහෝ ගනනක් තියෙන නිසා ආං ඒ චරිත ඒ තත්වයෙන් මුදවා ගන්න ඔබට හැකි යමක් කරන්න යැයි ඉල්ලන්න. වක්‍රාකාරයෙන් හෝ එවැනි දේට අනුබලයක් නොදීමට වග බලා ගන්නා මෙන් ඔබෙන් ඉල්ලන්න.
අපි අහලා තියෙනවානේ එක කඩල ඇටයක් බිම වැටුන වෙලාවේ අතේ තිබුන කඩල අහුරම වීසිකරලා බිමට බැහැලා අර කඩල ඇටේ හොයන්න දඟලපු වඳුරගේ කතාව. කිසිම වෙනසක් නෑ මේකත් ඒ හා සමානම එකක්. හැබැයි මෙතන වඳුරෙක් නෑ, ඉන්නේ ගෑණු දරුවෙක් තරුණ බොහොම හැඩකාර ගෑණු දරුවෙක්.
හරි වහෙන් ඔරෝ නැතුව මම කෙලින්ම කතාව කියන්නම්. හැබැයි මම කලින් කිවුවා වගේම මේ තුල තියෙන කුණු රසය නම් මම පුළුවන් තරම් අඩු කරලා තමයි ලියන්නේ.A වචනයේ පරිසමාප්තාර්තයෙන්ම පිරිමියෙක්. කිසිම කෙනෙකුට දෙවෙනි නොවන ඕනම තැනක කැපිලා පේනබොහෝ හැකියාවන්ගෙන් පිරුණු මගේ මිතුරෙක්. දුටු මතින් කෙනෙකුට හඳුනා ගත නොහැකි වුනත් ඇසුරු කිරීමෙන් හේ ඉතා අපූරු පුද්ගලයෙකැයි ඕනෑම කෙනෙකුට හැඟෙනවා පමණක් නෙවෙයි අනිවාර්යයෙන්ම ඔහු මිතුරෙකු කරගන්නවා. සරාගේ මිතුරු ලිස්ට් එකේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි A ඔහුගේ විවාහයත් සමඟ සරාලාගේ ඇසුරෙන් දුරස් වෙනවා. A ගේ මනාලිය අපි ඇයට B කියලා කියමු. ඇයව අපි හඳුනා ගත්තේ A නිසා. ඔහුගේ පෙම්වතිය උනාට පස්සේ. වඳුරන්ගෙන් බණ අහපු ගල් පලලා මද කාපු සරාට වුනත් B දැකපු ගමන් ඇති වුනේ හරිම පහන් හැගීමක්.
හරි අහිංසක කෙල්ලෙක්....!
අපේ එකාගේ වාසනාව...!!
මේකි නම් මූව මනුස්සයෙක් කරාවි....!!!
උගත්කම විතරක් නෙමේ හොඳ හැදියාවකුත් තියෙනවා මූට හරියන්නේ මේකිම තමයි...
ඒ සරා ඇතුළු මිතුරු කණ්ඩායමේ අදහස්. ඒ නිසාමයි නොබෝ දිනකින්ම ඒ පෙම් යුවල යුවතිපතීන් බවට පත්වුනේ. ඒහා සමඟම ඔවුන් මිතුරු සමාගමෙන් බොහෝ ඈතට ඒ කියන්නේ Bගේ ගමට යනවා. සමීපම සගයෙක් උනත් ඔවුන්ගේ සතුටනේ .. කියන අදහසින් අපි කිසි කෙනෙක් A ට ඇනයක් වෙන්න ගියේ නෑ. දින සති මාස අවුරුදු වෙලා ගිහින් බොහෝ කාලයක් ගෙවිලා. මේ මෑතකදී එක්තරා නගරයකදී සරාට හුරු පුරුදු රුවක් මුණ ගැසුනා.
A..!!!
මට දැනුනේ හරිම සතුටක්. ගොඩාක් කාලෙකට පස්සේ මගේ හොඳම යාළුවෙක් මුණගැහුනේ. අහන්න කියන්න ගොඩාක් දේවල් තියෙන නිසා මම ඌ ලඟ බයිසිකලේ නැවැත්තුවා.
හෙලෝ... මචං.. උඹව දැක්ක කල්...!
ඉතින් ඉතින් කොහොමද නංගියට.. ?
කට්ටියම සනීපෙන්ද...?
දැන් බොලාට බබාලා කීදෙනෙක් ඉන්නවද...?
ආයි මොකෝ හදලා ඇති දුසිමක් විතර, ඇයි අරකිත් බෝනික්කි වගේ ඉන්නවනේ.
මමත් බූරුවා වගේ ප්‍රශ්නයි ඒවට මගේම උත්තරයි වැලක්ම දැම්මා ඌට හුස්ම ගන්න වත් ඉඩක් නොතියා.
ඌ මං දිහාට හැරුනත් කිසිම හැඟීමක් ඒ මුහුනේ තිබුනේ නෑ වගේ. කාලෙකින් හමුවුන මාව දැක්කම ඌ සතුටටත් විශ්මයටත් පත්වේවි කියලා මම හිතුවත් ඒක එහෙම උනේ නෑ.
අඩේ.. මේ ඌ නෙමේ වත්ද..?
යකෝ දන්න දා ඉඳන් එක පතේ කාපු එකාව මේ අවුරුදු හත අටට මට අඳුන්න බැරිව යන්නේ කොහොමද...?
මේ ඌම තමා.
එහෙනම් මූට ගුල්මයා ගහලද මූනේ හිනා පොදක්වත් නැත්තේ. සමහරවිට කාපු කඩ කෑමක්වත් විෂ වුනාද දන්නේ නෑ.
මාත් මොහොතකට නිහඬවුනා. හෙමෙන් මා ලඟට ආපු A
මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕන උඹ ලඟ සල්ලි තියෙනවද...?
අම්ම ගහයි...ඈ බොල හු## දැන් තෝ යාළුවෝ එක්ක කතා කරන්නෙත් සාක්කුව බලලද...?
විහිළු නෙමේ බං මම සීරියස්.. මට ටිකක් බොන්න ඕන , ඒ ගමන් කතා කරමු...!!
බොමු ඩෝ.. කව්ද බෑ කිවුවේ.. රුපියල් වලින් බැරිනම් සව්දි රියාල් වලින් හරි ගෙවමු... වරෙන් යන්ඩ..!
මම නැවතත් බයිසිකලය පණගැන්වීමි. මිතුරා පැමිණ වාඩිවූයෙන් මා සැහැල්ලුවෙන් බයිසිකලය ඉදිරියට පදවන්නට වීමි.
ඉතින් කියහන්කෝ උඹේ ප්‍රියම්භිකාව ගැනත් ටිකක්... දැන් බබාලා ඉන්නවද දුසිමක් විතර... මොනවද උන්ට දාලා තියෙන නම් ජනවාරි, පෙබරවාරි මා......
මතක් කරන්න එපා කාලකන්නි ගෑනි මාව කෑවා...!
බරාස්ස්ස්.......!
උගේ ආවේගශීලී හඬට නොදැනුවත්වම තිරිංග තද වීමෙන් හුළං අස්පයා පාර මැදම නතර වුනේය.
පිස්සුද හු## මහ පාරේ කෑ ගහන්නේ. කොහෙද බාර් එකක් තියෙන්නේ...?
ඔහොම ටිකක් ඉස්සරහට යමන්. දකුණු පැත්තේ එකක් තියෙනවා..! නැවත පණ ගැන්වුනු බයිසිකලය විනාඩි කිහිපයක් ගෙවෙත්දී තානායම් මිදුලක නැවතිනි.
ලඟට පැමිණි හෝටල් සේවකයාට සැර ජාතියෙන් හා සැර නැති ජාතියෙන් අවශ්‍ය ප්‍රමාණය ඇනවුම් කල මා බයිට් එක ඩයිට් එකක ප්‍රමාණයෙන් ගෙනෙන ලෙසට උපදෙස් දුන්නේ A ඉරියව්ද නිරීක්ෂණයෙන් අනතුරුවය. මා අනුමාන කල ලෙසටම නැටුං තෙල් කලින්ම ආවේය.
සර්.. බයිට් එක තව විනාඩි තුන හතරක් විතර පරක්කුයි..!
වේටරයාගේ සිනහමුසු අහිංසක මුහුනට කිසිවක් කිව නොහැකි නිසාවෙන් නෝ ප්‍රස්.... කියා නිහඬවීමි. මා පුටු ඇන්දට බර වෙමින් හරි බරි ගැසෙන විට A ඒ ඩ්‍රැකිව්ලා ෂොට් එකක් උගුරට හලාගෙන අවසන්ය.
බීපන්... හැබැයි බොන ගමන් තොගේ මේ පෙරලියට හේතුවත් අකුරක් නෑරම කියපන්. ඒම නැතුව බුල ගැහුවොත් ගහනවා උස්සලා පොලවේ මෙතනදිම...!
මගේ අවංක හැඟීම මම ඔහුට කීවෙමි.
එවන්වූ මගේ දයාබර ආරාධනාව හමුවේ හේ මෙසේ දොඩමළු විය.මෙතැන් සිට දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි. නිහඬබව බිඳීමට හා මා ඔහුට සවන්දීගෙන හිඳිනවා යැයි හැඟවීමට මා කලේ හූමිටි තැබීම ඉතා කෙටි ප්‍රශ්ණයක් ඉඳහිට ඇසීම පමණි.
B කියන්නේ ලෝකේ තියෙන ලොකුම බොරුවකට බං...! මහා රැවටීමක්... මම රැවටුනා පහන් දැල්ලට රැවටිලා ගිහින් විනාශවෙන පළඟැටියෙක් වගේ මම රැවටිලා විනාශ වුනා.
ඒක කොයි තරම් දරුණුද කියනවා නම් අද මට මාව වත් විස්වාශ නෑ.
අතීතයේ ඔහු මා සමඟ සීමා රහිතව මධුවිතින් සප්පායම් වූ බව මට මතක ඇතිමුත් සිහි විකල් වී ඇති බවක්මගේ මතකයේ නැත. එහෙත් මොහොතකට පෙර ගිරියට හලාගත් වීදුරු දෙක ඔහුව පමණටත් වඩා මත් කර ඇතැයි හැඟුනෙන් මා අසල වූ මික්ස් නූඩ්ල්ස් එක ඔහු දෙසට තල්ලු කලෙමි.
ගෑරුප්පුවේ රැඳුනු නූඩ්ල්ස් රැලි කිහිපය මුව තුලට රුවමින්ම A නැවතත් හඬ අවදි කලේය.
අපි එයාලගේ ගමට ගිහින් අවුරුද්දක් ගෙවෙන්නත් කලින් B බබෙකුත් හම්බවුනා. අපි ගොඩාක් සතුටින් හිටියේ.
ඒත් අග හිඟකම් තිබුනා අපිට. කොච්චර සල්ලි අමාරු වුනත් උඹලත් එක්ක එකතු වෙන්නවත් පරණ දඩබ්බර වැඩ කරන්නවත් මගේ හිත මට ඉඩ දුන්නේ නැත්තේ ඒවයෙන් එයාගේ හිත රිදේවි කියන බයට.
අත මිට හිඟ වෙද්දි මම නොයෙක් රස්සාවල් කලා. බැරිම තැන මහරගම පැත්තේ බ්ලොග් ගල් වැඩ පොලකත් වැඩ කරන්න පටන්ගත්තා.
ඒක ලේසි වැඩක් උනේ නෑ මම වගේ එකෙකුට. ඒත් මම එයාටවත් පවුලේ අයටවත් ඒබව හඟවන්නේ නැතිව බ්ලොග්ගල් ගැහුවා මොන දුක් විඳලා සල්ලි ගත්තත් ඒවා එයාගේ අතට ගෙනත් දුන්නම ඒ මූනේ ඇඳෙන අහිංසක හිනාව මගේ ඇඟපතේ වේදනාවල් සේරම මකලා දාන්නේ පුදුම විදිහට.
ඒනිසා මාත් හරි කැමැත්තෙන් ඒ රස්සාව කලා. ඔහොම ඉද්දි මට "මාලේ" යන්න සෙට් වුනා. ටික දවසකට. ඒක ලේසි වැඩක් නොවුනත් මෙයාලව සතුටින් තියන්න නම් අතට වැඩිපුර සල්ලි ටිකක් හොයා ගන්න ඕන නිස මම දෙවරක් නොහිතම එහේ ගියා.
මම නොහිතුවට එතන තමයි මට කෙලවුනේ....!
කතාව ටිකක් දිග වැඩී වගේ ඒක නිසා ඉතුරු ටික මම පස්සේ කියන්නම්...
මොන දිගක්ද පටන් ගත්ත ගමන් නේ කෙලල් ඇරියේ.. අර ඒ බී වගේ ඒවා නොදා නං දෙකක් දාපංකෝ වර්ග දෙකක ඈයො නේ
ReplyDeleteඑතකොට ඒක කාට හරි ඇමිනෙයි කියලා මම හිතුවා. මොකද කියනවා නම් අමරෙලා සුමනලා විතරක් නෙමේ මෙහෙම දේවල් සුපුන්ලට සෙව්වන්දිලටත් වෙලා තියෙනෝ දේශ්.
Deleteමොන රෙද්දක්ද ඕයි. බාගෙට කියන්නෙ. අර මොකද්ද එක නැති වුනා. එක දිගට කියවගන්න පුළුවන් තරම් ලස්සනට ලියල තියෙනවා. ලියමු ලියමු ඉතිරි ටිකත් ඉක්මනට
ReplyDeleteතරහා ගන්නේ මක්කටෙයි මම ඉතුරු ටිකත් කියනවනේ..
DeleteB මායාවක් කියන්නෙ හරියට නිකන් C මායාවක් නෙමේ වගේ..
ReplyDeleteඋඹව ආඅයෙ දකින්න ලැබීම සතුටක් සරෝ...
සෙන්නෝ........ C කියන්නේ කාටද බොල... බ්ලොග් ගැන කියද්දී උඹත් මට විශේෂ කෙනෙක්.
Deleteහුටා...කතාව පටන් ගන්නත් කලින් ඉවරයිනෙ...හරියට නිකන්
ReplyDelete"සබාවෙන් අවසරයි..අසා සිටි ඔබ සැමට ස්තූතියි" වගේ වැඩක් නෙ..
හික් හික් මට ඉක්කෝලේ මතක් වුනා මේ කොමෙන්ටුව නිසා.
Deleteහයියෝ. උඹ ආපු ගමන් මතු සම්බන්ධයිද ඈ? උඹ ඒක රස කරපු විදියට කුණු ඕපාදූපයක් වුනත් දැනගන්න ආසාවෙන් හිටියේ.:D
ReplyDeleteඒක හොඳානේ සේර් අය්යේ කොටු දානවට වඩා..
Deleteකවුද මචං යාලුවගේ පවුලට කෙලියේ
ReplyDeleteඅහු උනොත් හතර හංදි කඩනවද..
Deleteමං හිතන්නෙ අර පවුල කොට්ටක් පැනල වෙන්න ඇති.
ReplyDeleteහා හා බලාගෙනයි...
Deleteකාලෙකට පස්සේ යාළුවා.
මේ වගේ කතානම් කොච්චර දිග වුනත් කියවන්න පුළුවන්. ඉක්මනින් ඊළඟ කොටස නොදැම්මොත් ඔය තරහා ගිහින් ඉන්න පාඨකයෝ ගහයි බැට් එකෙන් :D
ReplyDeleteමට ෂුවර් නැත්තේ ඔබ තුමාව.හෙහ් හෙහ්
Delete(පැන්ෂන් ගිය ආමි කාරයනේ)
මේකේ චරිත වලට අනුවර්ථ නාමයන් දැම්මනම් හොද නැද්ද අයියේ.. දැන් ඊලග කොටසත් ආවම පැටලෙන්න තියෙන ඉඩ කඩ වැඩියි..
ReplyDeleteමටත් හිතුනෙ එහෙම. අකුරු දැම්මම පැටලෙනව වගෙ.
Delete@ දිනේෂ්
Deleteමම දේශ්ට හේතුව කිවුවා දිනේෂ් මලේ
අම්මපා උඹව උස්සලා පොලේ ගහන්න හිතුනා මේ කතාව කඩපු කැඩිල්ලට
ReplyDeleteචිහ් විතරක් සරාය්යේ
එහෙම කිවුවට සමහර වෙලාවට කියවන එවුන්ම බනිනවා බං මහා පතරංග ජාතකේ වගේ ලියලා කියලා.
Deleteසංතෝෂයි අඳුනගන්න ලැබීම.
නොදෝමකින් හොඳම ටික වෙනකොටසක
ReplyDeleteඅවුලක් හිතන්ට කාරි නෑ ආයිබොවං ඉක්මනට ලියනවා.
Deleteකතාව යන පැත්ත ගන ඉවක් වගෙ එකක් නම් දැනෙනවා.. කියවලම බලමුකො.
ReplyDeleteඅන්න කෙරේමේ...
Deleteමොකුත් නොකියා ඉම්මු ඉතුරු ටිකත් කියවනකම්
ReplyDeleteඋඹ ඉතින් ඇල් වතුරත් නිමලනේ බොන්නේ.
Delete