මේ අපේ කාලේ බොහොම ජනප්‍රිය සිදුවීමක එක් පැතිකඩක්. කලින්ම කියඤ්ඤංකෝ මේ මට පේන හැටිම විතරයි. කොහොමත් අමුතු අදහස් දරන මට එච්චරම හරි නෑ වගේ දැනුනට ඒවාහරි ඇති සමහරුන්ට කොහොම උනත් මම මගේ අදහස කියනවා. මෙන්න කතන්දරේ. මෙහෙ මාත් එක්ක වැඩ කරමින් හිටි කීපදෙනෙක්ම පහු ගිය කාලේ වැකේෂන් ගෙහුං ආවේ සරණ බන්ධනේටත් ඇතුල්වෙලා. සමහරු පෙර සූදානමකින් යුතුව මේ කටයුතු කරලා තිබුනා වගේම ඇතමෙක් හදිසි තීරණ වලට අනුවත් විවාහ වෙලා තිබුනා. පුරස්නයක් නෑනේ ආයිබෝවන් කොහොම උනත් වැඩේ හොඳ වැඩක් වගේම වියයුතු දෙයක්. ගෑණුළමයි, පිරිමි ළමයි කියලා භේදයක් නැතුව නිසි කලට ආවාහ විවාහ කෙරෙනවානම් තමයි හොඳ. නැතිනම් ඉතින් දත්නැතිදා උක් දඬු ගිනි තපින්ටද......?
හෙහ් හෙහ්....
ඔය කිවුවට ඕකත් නෙමේ පුරස්නේ මේ වගේ ජීවිතේ අතිශය වැදගත් අවස්ථාවලදී මේකලා කොරන මරි වැඩ ගැන, තව විදිහකින් කියනවානම් රටට ලෝකෙට සපයන විහිළු ගැන. මම ඕක විස්තර කොරලම කියඤ්ඤංකෝ තේරුම් ගන්න පහසු වෙන්න.

ඔය ඉහතින් කියන්නට යෙදුන මංගල්ල කීපයකම වීඩියෝ හා පොටෝස් බැලීමේ වරම භාග්‍යය මටත් උදා වුනා කියමුකෝ. හත්තිලවුවයි ඒවයේ තියෙන විකාර දැක්කම අවීචියට හරි කමක් නෑ මෙහෙම නරි නාටක නැති තැනකට ගෙහුං ජීවත් වෙන්න ඇත්නම් කියලා මට හිතුනා. මෙහෙමයි.....
ජීවිතේ එකම එක වරක් පමණක් (අපි වගේ එවුන්ට) උදාවෙන මේ ප්‍රීතිමත් අවස්ථාව තමන්ට හැකි උපරිමයෙන් කරන එක ගැන නම් මගේ අකමැත්තක් නෑ ආයිබොවන්. ඒක එහෙම විය යුතුයි. ඒත් හත්තිලව්වේ මේ විසූක දස්සන......? එවුවා දැක්කම මට හිතෙන්නෙම මේ දෑස මක්කටද කියාය. තේරෙන හිංගලෙන් කියනවා නම් අනාදිමත් කාලයක සිට අපේ රටේ ආවාහ විවාහ කෙරුනේ දේශීය සම්ප්‍රදායන් වලට. කාලයාගේ ඇවෑමෙන් ඕකට බටහිර හා ඉන්දීය සම්ප්‍රදායන්ද එකතු උනා. කාටවත් වරදක් නොපෙනුන එකේ අපි ඕක හරියි කියමුකෝ.. අනේ අපොයි දැන් දැන් ඕවා අස්සට කොහොඹා කංකාරිය, වඩිග පටුන, දහ අට සන්නිය වගේ දේවලුත් එකතු වෙලා වගේය. මම ඇහුවා ඇයි කියලා..
මේ දේශීය කෙරේමෙලු.
දැන් හැමෝම කොරනවත් එක්කලුනේ.
හැබෑද....?
එහෙනම් දැන් මොකෑ ආයිබෝවන් කොරන්නේ......?
ඔන්න ඔහේ මේකටත් හා කියලා මේ අලුත් දේවළුත් කොරලා බලමුද.....?
සීයට සීයක්ම දේශීයයිලු. හරි එහෙනං... ඔහේලගේ කැමැත්තක්...!

මේ ටිකත් අහන්ටකෝ අපේ හාදයෝ ගැන.ගොඩ දෙනෙක් විදේශ රැකියාවලට එන්නේ නහය ගාවටම ගැළුවට පස්සේ. විශේෂයෙන්ම මෙහෙට. මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් කියන්නේ තමන් එද්දී ඉඩමේ ඔප්පුව උගස් කරලා ආවය, හතර අතට ණය වුනාය ඕං ඔහොම කතා. හැබැයි ඇවිත් ටික දෝහක් යද්දී ඔය සේරම අමතකයි. එහෙනම් ඉතින් ආපු ගමන් තමන්ගේ තිබුන පුරස්න සේරම ඒ අය විසඳගෙන ඇති...!!
එහෙමද...?
අපොයි නෑ. රියාල් ටිකක් යහමින් අතගෑවෙද්දී අර සේරම අමතක වෙලා. ගමේදි ගෝල්ඩ්ලීෆ් බීපු එකාට දැන් ගොල්ඩ්ලීෆ් වහ කදුරු ගානයි. එයාට ඕන බෙන්සන්, මෙල්බරෝ, එල් එම්. ලංකාවෙදි දවසට සිගරට් දෙකයි. දැන් මෙහෙදි දවසට පැකට් දෙකයි. අවුලක් නෑ පැකට් එකක් රියාල් අටයි නමයයි. කන්ඩ අතේ සල්ලිනෑ ඒත් හවසට කෑල්ල ගහන්න. කොහොම හරි රියාල් පණහක් එකතුකර ගන්නවා. කොහොම හරි ගෙදරටත් කීය කීය හරි යවලා, දෑවුරුද්දෙන් වැකේෂන් යද්දි ඉතින් වටේම ණයවෙලා තමයි ගානක් එකතු කර ගන්නේ. ඔහොම ගෙහුං තමයි ගොඩ දෙනෙක් ඔය සරණ බන්ධනේටත් ඇතුලු වෙන්නේ. අවුලක් නෑ ඊට පස්සේ හරි ජීවිතේ ගැන බරපතල විදිහට හිතයි කියලා අපි හිතමුකෝ නේද..?
ඒත් ආයිබොවන් අච්චර පුරස්න තියාගෙන මෙහෙන් යන එකා කොරන්නේ මොනාද කියලත් ටිකක් කියන්නද...?

හොයාගත්ත මනමාලී පොලොන්නරුවේ. එයාට අන්දන එක්කෙනා එයා තෝරන් තියෙන්නේ ගලපිටමඩින්. බකලවතී ළු. එයාලු දැන් ඉන්න හොඳම කෙනා. පොටෝවලට මට්ටක්කුළියේ කුට්ටමනී. සුපුරිම වැඩ්ඩලු ගාන ටිකක් සැරයි. හනිමූන් තලවා කැලේ. හෝම්කමින්ග් එක ආගරපතනේ. ඇයි බං ඔය හැමදාටම බෑන් චූන් ගහන්නත් එපායෑ. එහෙම නැත්නම් හරි නෑ නේ. කොල්ලන්ට පොඩි මzසා එකක් තියෙන්න ඕන නෙව. හත්තිලවුවේ ඔය ඔක්කොම කොරන්න මේ ගෙනාපු සල්ලිටික හොඳටම මදි. ඉතින් මොකද ගන්නවා ණය හතර අතින්ම නෑදෑයන්ගෙනුයි, හිතවතුන්ගෙනුයි පොළී මුදලාලිගෙනුයි. උනුත් දෙනවා ලෝස් නැතුවම. ඇයිබං රට රස්සාවල් නොවැ මේකලා කොරන්නෙත්. කොහොම කොහොම හරි මගුල කාලා මුං හූනෝ වගේ මෙහෙ ආවට පස්සේ තමයි ඉහ මොල රත්වෙන්නේ.
ඊලඟ මාසේ ඉඳන් පඩි අරගෙන ගෙදර යවන්න විදිහක් නෑ මෙහෙ ණය කාරයෝ ඉල්ලනවා උන්ට දෙන්න ඕන. ගෙදර උන්දැත් නිතරම පොලී සල්ලියි ණය අහන අයයි මතක් කරනවා. ඇයි ඒ මදිවට බැංකුවට තියපු ඉඩම. හැක් පොලී ගෙවගෙව උන්නා මිස ඒක බේරුවෙත් නෑනේ. මුළු කොන්ත්‍රාත් කාලෙන් ඉතිරි අවුරුදු අටම මෙහෙ ඉන්න ඕන මේ සේරම ගෙවලා ඉවර කරලා නිදහස් වෙන්න නම්. තමන්ගේ ජීවිතේ හොඳටම විඳින්න තියන කාලේ දෙන්නා දෙමහල්ලෝ දෙපැත්තක විඳෝනවා. මගේ ලඟ ඥාතියෙක් ඔය වගේ විදේශයක ඉඳන් ඇවිත් ඉහතින් සඳහන් කොරපු විදිහේ විසූක දස්සන සහිත මගුලක් කොරලා අවුරුදු එකහමාරක් විතර ලංකාවේ ඉඳලා ණය ගෙවා ගන්න බැරිම තැන ආයෙත් රට ගියා.
ආයිබොවන් තමන්ගේ තරමට හැකි උපරිමෙන් කොරනවා හැර තමන්ට වඩා ලොකු වැඩ කරන එක මෝඩ කමක් කියලා මට හිතෙන්නේ මගේ මෝඩ කමටද නැත්නම් පොඩි කාලේ මගේ ඔලුව මොකක හරි වැදිලා වෙච්ච අවුලක් නිසාද මන්දා නේද...? අනික තමයි දැන් මෙහෙම උත්සව වලදි හැමදේම ඕවර් යන එක. කෙලවර වෙද්දී මගුල් ගෙවල් මලගෙවල් වෙලයි නවතින්නේ. මේ ඊයේ පෙරේදත් මම පිළියන්දල පැත්තේ එහෙම සිද්දියක් දැක්කා නිවුස් වල.ඕකට කියන්නේ ජයපැන් බොනවා කියලා කියලයි මගේ සමීපතම ඥාතියෙක් කියන්නේ. ඒකනිසා අරක්කු එහෙම ඔය තැන් වලට එපා කියලා මම කියන්නේ නෑ. අනික අරක්කු වැරදි නෑ නේ. ඒවා පමණට අරන් හරියකාරව නොහැසිරෙන එවුවන්ගෙයි වරද.. බලන්න එද්දී ටයිකෝට් දාලා සිංහ සෙයියාවෙන් එන මහත්තැන්ලා ඩ්‍රින්ක් එකට සෙට්වෙලා ටික වෙලාවක් යද්දී බයිට් කාලා අත පිහදාන්නේ ටයි එකෙන්. තවත් ටික වෙලාවක් යද්දී. කානුවක් පල්ලේ. මම ගෙවල් වලට ගෙහුන් දාලා තියෙනවා අනන්ත ස්වීට් මූණු බල්ලෝ ලෙවකනවා බලන් ඉන්න බැරි කමට.
අනේ මේවා නිසා අපේ කමට වෙන හානිය.......??????
ප/ලි
රටට ලෝකෙට අඬ බෙර ගහලා මගුල් කාලා පහුදා ඉඳන් ණය කාරයන්ගෙන් වහන් වෙවී ජීවත් වෙන එකේ තේරුමක් නෑ වගේ නේද ආයිබොවං. ඊට වඩා නරකද තමන්ගේ තරමට ගැලපෙන අපේකමත් රැකෙන විදිහට වැඩේ කරලා පහුවදා ඉඳන් ඔළුව කෙලින් තියාගෙන පාරේ බැහැලා යන එක. මම හිතන්නේ මේ ගැටළුත් ගොඩාක් අඩුවේවි එහෙම උනොත්.
එහෙනම් සරාට ගෙහුං එන්ට අවසර..........!!!