අද නම් සරා කියන්නේ ඕපදූපයක්. ඔව් එහෙම පිටින්ම ඕපදූපයක්. හැබැයි ආයිබොවන් අනුන්ගේ එකක් නෙමේ. මම ඉතින් අනුන්ගේ දේවල් හොයන එකෙක් නෙමේ කියලා තමුන්නැහේලා දන්නවනේ.:P ඒනිසා මගේම ඕපදූපයක් ලියනවා. මේක මගේ පලවෙනි ආදර හසුන නොහොත් සෙනෙහෙ කොලේ ගැන කතාව.
හුඟාක් කොල්ලෝ ඉතින් ලියුමක් ලියන්නේ කෙල්ලගේ කැමැත්ත අහන්න, ආදරෙයි කියන්න වගේ දේකට නෙව. හැබැයි මට ඕක කොරන්න ලියුම් ලියන්න ඕන උනේ නෑ. මොකද මම කෙලින්ම ඕක ඒ ලමයගෙන් ඇහුවනේ. හැබෑවටම බැලුවොත් ඇහුවම නෙමේ මම කෙලින්ම කිවුවා "නාන් උන්නෙයි කාදලික්කරේන්" කියලා . කවුද දන්නේ කැමති වෙයිද නැද්ද කියලා මට එයාගේ හිත කියවන්න බෑනේ. මම කිවුවේ මට හිතුන දේ. කවදටත් මම අනිත් අය හිතන විදිහ උපකල්පනය කරන්න වද උන කෙනෙක් නෙමේ මගේ අදහස මම කෙලින් කියනවා. අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම අදාල පාර්ශවයට අදාල වැඩක්. හිතේ තියාගෙන හොරගල් අහුලන එක මගේ පුරුද්ද නෙමේ. බොරුනම් ඔය නංගි බබාගෙන් අහලා බලන්න පුළුවන්. ඉතින් මේක උනේ එපෙයාර් එක පටන් අරගෙනත් ටික දොහක් ගෙවුනට පස්සේ. හ්ම්හ්... වැඩිය ආලවට්ටන් දාන්න ගියොත් මට බොලාගෙන් කුනුහබ්බ අහන්න සිද්දවෙන නිසා මම කතාව කියන්නම්කෝ.
මට ඉස්සරවෙලාම සෙනෙහෙ කොලේ දුන්නේ ගුණවතී නැන්දා. නෑ නෑ කතෘ එයා නෙමෙයි. අර මම කලින් දොහක කියපු ගෑනු ළමයා නිලූකා තුෂාරි. එයා තමයි ලියුම ලියලා ගුණවතී නැන්දා අතට දීලා තියෙන්නේ මට දෙන්න කියලා. නිකම්ම නෙමේ රුපියල් දහයකුත් එක්ක. (අප්පේ බොලාගේ කැත හිත.) ගුණවතී නැන්දා මගේ හොඳ යාළුවෙක් කියලා එයා දන්නවා. එහෙම කෙනෙකුට දුන්නම කවුරුවත් දැන ගන්නේ නෑ කියලා එයා දන්නවා. ලියුම මගේ අතට දුන්න ගුණවතී නැන්දා උපදෙස් ගෝනියකුත් දුන්නා නොමිලේම. මොකද ඉතින් මම "යක් පැටියෙක්" කියලා එයා දන්නවා. තාත්තගේ හැටිත් එයාලා දන්නවානේ.
කොහොම උනත් මට ලියුම ලැබුනම රටක් රාජ්ජයක් ලැබුනා වගේ. ඇයි බං පුංචි කාලේ කවුරු හරි වෙසක් කාඩ් එකක් එව්වා නම් හැර මට මොකාද ලියුමක් එවලා/දීලා තියෙන්නේ. හැබැයි අර රුපියල් දහය මොකට දුන්නද කියලා අදටත් මම දන්නේ නෑ. අජානේය චැලි කට්ටෙන් ගමන් යන, පොල්කටු ඉස්තිරික්කෙන් මැදපු සීයේ කොලයක් නිතරම ඉස්සරහ සාක්කුවේ තියෙන මට රුපියල් දහය "නතින්" කියලා මාව දන්න හැමෝම දන්නවා. මම ඒකෙන් "චොකෝමෝල්ට්" අරගෙන පොඩි එවුන්ට දුන්නා. එතකොට චොකෝමෝල්ට් එකක් ශත පණහයි. ඔන්න ඉතින් මගුලක් කතා කරනවා, කියාගෙන ආපු කතාව නෙමෙයිනේ මේ............
ඉතින් මම අර ලියුම දෙතුන් පාරක් අපොයි නෑ ඊට වඩා ගොඩාක් වැඩි ඇති. මොකද මට කට පාඩම් හිටියනේ ඒක.හැබෑවටම කියනවා නම් කීපාරක්ද කියලා නම් මතක නෑ හැබැයි කියෙව්වා. කවිද සිංදුද ඇතුලත්ව මහ ගොඩක් විස්තර තිබුනා ඒකේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා මේ ළමයා. මටම පුදුමයි. පන්තියේ දක්ෂම ශිෂ්‍යයා උනාට රචනාවලට ලකුණු 80-90 ගත්තට ඕං මටනම් මේ හපන්කම කොරන්න බෑ කියලා මට කීප වතාවක්ම හිතුනා.
හැබැයි ඕං මතක තිබුනට ඒකේ තිබුන ඒවා නම් මම කියන්නේ නෑ. මොකෝ අපේ මායියත් (නංගි බබා) බලනවනේ මේක. ඇත්තම කියන්න දැන් අපේ බබාටත් අවුරුදු පහකට කිට්ටු වෙනවා, තාමත් මට බැරිවුනා උන්දැට සෙනෙහේ කොලයක් දෙන්න. උන්දෑ මට දීලත් නෑ තමයි ඒ වුනාට හරි නෑනේ මේගමන ගෙදර ගියාම එකක් දෙන්න ඕන.
ඕක කියෙව්වට මොකද මට ගෙදර ගෙනියන්න බය හිතුනා. අපේ නංගි මම නැතිවෙලාවට මගේ කාමරේ පෙරලනවානේ , බැරි වෙලාවකවත් එයාට මේක හම්බවෙලා තාත්තා අතට එහෙම දුන්නොත් ආයේ දෙකහමාරක් නෑ තාත්තා මගේ ප්‍රේම පුරාණේ හුලං අරිනවා. මොකටද ඉතින් දැන දැනම අමාරුවේ වැටෙන්නේ කියලා හිතලා මම ඒක හැංගුවා. කොහේද දන්නවද ගෙදරට යන පාරේ තියෙන මිල්ල ගහක බෙනයක් ඇතුලේ. ඒ වුනාට හිතට හරි නෑ. ඇයි හත්තිලවුවේ නමෝ විත්තියෙන් මට ලැබුන සෙනෙහෙ කොලේ, මොන හිතකින් කැලේ ගස් බෙනේක හංගලා යන්නද. හරියට ගෑණු ළමයව මඟ දාලා යනවා වගේ. කොරන්න දෙයක් නෑ කෝකටත් සූජානන් සැරීරේ කියලා කවුද ගොඩ ඉඳන් පීනපු කතාවකුත් තියෙනවනේ. ගෙදර ගෙහුං පරණ යකඩ පෙට්ටි සේරම අවුස්සලා ලොක් එකක් හොයාගෙන ලාච්චුවකට හයි කලා. ඔන්න ඊට පස්සේ දවසේ තමයි ලියුම ගෙදර ගෙනිච්චේ මම. දැන් ඉතින් දීපු එක අරං කියෙව්වා වගේ නෙමේනේ, මේකට උත්තරත් දෙන්න එපායෑ. දැන් කොහොමද ඒක කොරන්නේ. ඉස්කොලේ හොඳම රචනා ලිව්වේ ඉතින් ටීචර්ලා ඒවා කියලා දීලා තිබුන නිසානේ. කවදාවත් මේවා ලියන්න උගන්නලා නෑනේ. පුරුදු වෙන්න හරි කලින් ලියලා තිබුනා නම් ඒකත් එකක් මේ පළවෙනි වතාව නිසා මට මාර තොප්පිය. අනික ලියනවා නම් මෙයා ලියලා තියෙනවා වගේ ආදරේ පෙරෙන්න ලියන්නත් ඕන. නැත්නම් වැඩක් නෑ. හත්තිලව්වේ එහෙම එකක් මා ලඟ තියෙනවාද කියලා මම දන්නෙත් නෑ. ඒ වුනාට සරා ඉතින් මොල කාරයානේ. ලියුමයි කුමරි පත්තර මිටියකුයි ඇඳට අරං දොරත් ලොක් කරලා ඇඳෙන් වාඩි වුනා. ලියුමයි කුමරි පත්තර ටිකයි මාරුවෙන් මාරුවට කියව කියව ලිවවා පැණි බේරෙන ලියුමක්, අර ඉස්සර කුමරි පත්තරේට හම්බවෙන ලියුම් ලියන කොල තියෙන්නේ අන්න ඒකක. ලිව්වේ මොනවද කියලානම් කියන්නේ නෑ මම. ඒත් මේ සිංදුවනම් මම ඒකේ ලිව්වා.
මීමැසි හඬ නැති නිසංසලේ
ඝනඳුරු තැනක් බලා......
තනිවෙමු අපි ඝන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා......
සෞම්‍ය කුමාර යාපා බන්ඩාර මහත්මයා ගයන ඔය ගීයට සරා හරි කැමතියි ඒ සංදියේ. එදා විතරක් නෙමේ අදටත් මම හරි කැමතියි. විශේෂම දේ තමයි අද මේ සිංදුව හොයාගන්නත් නැති එක. මම හිතන්නේ ඔයාලා හුඟ දෙනෙක් මේක අහලා නැතුව ඇති. බාහිරින් බැලුවම බොළඳයි කියලා හිතුනට ඇතැම් වර්තමාන සිංදු වගේ "සංසර්ගාරාධනාත්මක" ගීතයක් නෙමේ මේ. ( ඒ වචනේ මම ගත්තේ විචාරක මහත්මයාගේ ලියවිල්ලකින්.) මම ලිව්වනම් ලියන්න වෙන්නේ කුනුහබ්බයක් නෙව.
කාට හරි මේ සිංදුව බාගන්න එහෙම ඕන නම් YouTube එකෙන් බාගන්නත් දැන් පුළුවන්. මොකද මම මේ ගීතය ජාලෙට අතෑරිය. බලලා ගුණ අගුණ කියන්නත් ඕන ඕං.
එහෙනම් ගෙහුං එඤ්ඤං...!
යකෝ මේකා හැංගෙන්න බලාගෙන ලියුම ලියල තියෙන්නේ..
ReplyDeleteමරු අහ්..
හැංගෙන්නේ මොකටද බොල මම..........
Deleteහි හි.. මමත් ලියුම් නම් සෑහෙන්න ලියලා තියෙනවා. මගේ පළවෙනි සෙනෙහෙ කොලේ ලියන කොට ඊට කලින් යාලුවන්ට ලියලා දුන්න අත්දැකීම් තිබුනා..
ReplyDeleteසිදුව අහලා නෑ නේන්නං.. දැම්ම අහන්න ඕනේ.
ජය!!
හපොයි උඹ වගේ යාලුවෙක්වත් හිටියේ නෑනේ ඒ දවස්වල මට.
Deleteඋඹේ පහුනු කොමෙන්ටුව මට කතාවක් කියන්න කිවුවා. ඒකත් ලඟදිම කියන්නම් හොඳේ.
අහපු නැති සිංදු තව තියෙනවා මලේ හෙමිහිට දෙන්නම්.ජය....!
සින්දුව තමා අහන්නම ඕන.. මේකා ඒකේ කුනුහබ්බ නැතෙයි කිව්වට තියෙනවද කොහේද?/ හෙහ්.. මට මතක් උනේ පහේදි ප්ලේබොයි පින්තූර කෑලි ගෙදර තියාගන්න බැරුව ගඩොල් ගොඩක් අස්සේ හංගල මාසෙකින් විතර මිත්තරයන්ට පෙන්නන්න හදන කොට රොඩු වෙලා තිබ්බ හැටි. වාසනාවට උඹට මොලේ තියෙනවා හරකෙකුට වගේ.. හි හේ හූ
ReplyDeleteඇඩෝව්........... උඹ මට හරකා කියලා නේද ඩෝ................ කමක් නෑ දැන් එතකොට බානක් හරිනේ නේද...? හැක්
Deleteලියුමක් හිංද අධි ආරක්ෂිත කලාපෙකුත් හදාගෙන.
ReplyDeleteමටනං ලියුං හම්බවෙලත් නෑ, ලියලත් නෑ.
හලි ජොලි මතන් ඒ වැඩෙත්.
Deleteලස්සන සින්දුවක්..
ReplyDeleteස්තුතියි සරා මේ සින්දුව බෙදාගත්තට..
@නංගිබබා,
දැන් සරා බ්ලොග් ලෝකෙටම ප්‍රසිද්ද කරලා තියෙන්නෙ ඔයාට ලව් ලෙටර් එකක් දෙනවා කියලා..අමතක නොකර ඒකේ තිබ්බ එව්වා අපිටත් කියන්න..:P
Onna roo mama kiwa enakotama liyagena enna kiyala. Nathnam awama kiyai oya laga inna kota mona love letterda kiyala.
DeleteAdare karana kale nam kamak na marry kalata passe monawa liyala thiyeida danne nane. Kiyanna puluwan deyak thibboth kiyannam hode. :D
@ රූ
Deleteඔයාලා කැමති ජාතියේ තවත් සිංදු තියෙනවා රූ. හිමිහිට දෙන්නම් එක දෙක.
@නංගි බබා..
Deleteඅනිවා..කියන්න පුළුවන් දේවල් තියෙයිද කියලා මටත් සැකයි...:P
"චොකෝමෝල්ට්" කිව්වම මට මතක් උනේ ඉස්සර තිබ්බ ඇඩ් එක. " මැද චොකලට්...වටේට මෝල්ට් "...හි හි හී
ReplyDeleteහැබෑට..... වෙන මොනවද මතක් උනේ.....හැක්
Deleteමොකක්ද බං "නාන් උන්නෙයි කාදලික්කරේන්" කියන හරුපෙ?
ReplyDeleteදැන් මේක කියවලා නංගි බබා දාන කමෙන්ට් එක කියවන්න ගියාම අපිට පිස්සු කොර වෙනවා. ඒක හන්දා වහාම සිංහල ෆොන්ට් එකක් දාලා දීපං ඒ දැරිවිට.
நான் உன்னை காதலிக்கிறேன்
DeleteI Love you.
දෙමළ I Love you එකේ දිග !!
Delete@ Dude
Deleteඔය දෙන්නෙක්ම උත්තර දීලා තියෙන්නේ. මම කිවුවත් ඔච්චරම තමයි අයියන්ඩි. උන්දැට ඕවා තේරෙන්නේ නෑ අයියන්ඩි.නැත්නම් මම ඒගැන කියලා තියෙන්නේ එයාට.
@ සෙන්නා
Deleteසිංහල ඒවා ඔයිට වඩා දිගයි බං.හැක්
Ane ane hari shok karala thiyena wada. Me eka newe ara e akka liyala thibba tikai oya liwa tikai danma nam thamai me post eka sampoorna wenne. Mama mokuth kiyanne nane meya. mama danne nadda oya gana. Oita wada dewal kiyala thiyenne e kale karapu.
ReplyDeleteAththatama oya ara denawa kiwa letter eka denawada mata. Enakotama liyagena enna nathnam gedara awith owa liyanna welawak ena ekak na hode. Koheda marry karanna kalin meyawa dakketh 5 parai. Lettr wageda oya gewapu phone bill. Ayyooooooo salli.
Wadiya danme na onna kiyawanna bahalune.
අනිවා...................................................................................
Deleteහප්පා... මාර තැනකනේ මෙය හසුන හංගලා තියෙන්නේ....හික්.....
ReplyDeleteබොලා තවම පොඩි එවුන් ඒකයි ඕවා නොතේරෙන්නේ. මේවගේ උපදෙස් කියෙවුවට විතරක්ම මදි. ඕන තැනකදි පොරෝජනේට ගන්නත් අමතක කරනවා නෙමෙයි.
Deleteමචන් ඕපයක් කියනවනම් ඒක අඩු නැතුව කියන්න ඕනා.. මට බොට තදින්ම විරෝධය පානවා ලියුම් දෙකම මේකෙ නොදැම්මට... :-)
ReplyDeleteසොරි වෙන්ඩ ඕන රසවින්දනයේදී සිදුවූ බධාවට.
Deleteතවම හුඟක් වෙලා පරිගණක තිරය දිහා බලාගෙන ඉන්න අමාරුයි. පරිගණකයෙන් ඉවත්වෙන්න හදන මොහොතේදී දැක්ක මේ ලිපියට වචන දෙක තුනක්වත් නොලියා යන්නේ කොහොමද. එයට ප්‍රබලම හේතුවක් තමා ඔබේ ලිපියේ තිබෙන අතිශයෙන් සංවේදී ගීතය. මාව මොහොතකට හිරි වැටුනා වගේ වුනා ගීතය වසර ගණනාවකට පසුව නැවත අහද්දී. ඒ නිසා මුලින්ම පින්දෙනවා ඒ රසවත්, දුක්බර, විරහවෙන් පිරුණු අතීතයට මා නැවත රැගෙනයාම පිළිබඳව.
ReplyDeleteමේ ගීත අද ප්‍රචාරය නොකරන්නේ කිසියම් කුමන්ත්‍රණයක් නිසාදැයි කියා වෙලාවකට හිතෙනවා. මේ මෑතකදී මට අසන්නට ලැබුනා ගම්පහ ප්‍රදේශයේ දුරකථන අංකයකින් ගීත ඉල්ලිය හැකි VIP Radio නමැති පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව. එහි යම් දුරකර හරවත් ගීත ප්‍රචාරය වෙනවා.
සරා, මම මුලින්ම ලිව්ව පෙම්පතෙන් 70% ක් පමණ අදත් මතකයෙන් කියන්න පුළුවන්. මම හිතන්නේ මගේ මුල්ම පෙම්පත මා ලිව්වේ 1973 දී පමණ. මගේ මල්ලිලා දෙන්නගෙන් ලොකු මල්ලිත් මමත් අතර 'ආධාරක භට සේනා' ක්‍රමයක් තිබුනා. මට හදිසියෙන් හෝ ඉස්කෝලේ යන්නට බැරිවුණොත්, මම ලිපියක් ලියලා මල්ලි අතට දෙනවා. ඔහු ඔහුගේ පෙම්වතිය මගින් එය මගේ පෙම්වතියට දෙනවා. එහි විරුද්ධ පැත්ත වෙනවා ඔහුට පාසල් යන්න නොහැකි වුනොත්. ඔහුනම් ඔහුගේ පාසල් ප්‍රේමය ජයගත්තා. මට බැරිවුනා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක මහතා මෙන්න ලින්ක් එක.. ඕක ගැන මම කලින්ම දැන ගත්තෙ අපේ වෙනි අයියාගෙන්.. මරු රේඩියෝ එක.
Deletehttp://www.vipradiosl.com/
@ විචාරක
Deleteඇත්තටම ඔබට රසබර මෙන්ම අමතක කල නොහැකි අතීතයක් තිබෙනා බවක් මට හැඟෙනවා මහත්මයා. ඒත් මට පුළුවන් කමක් නෑ ඒක බ්ලොග් ලෝකෙට කියන්න කියලා ඉල්ලීමක් කරන්න. මොකද ඔබේ මතකයන් ඔබට කරන බලපෑම කෙබඳුදැයි උපකල්පනය කිරීමේ හැකියාවක් මට නැති නිසා. කෙසේ වෙතත් මේ පැරනි ගී ගැන මගේ කැමත්ත ඇති වෙන්න හේතු උනේ නම් අපේ පවුල් පසුබිම.අම්මයි තාත්තයි දෙන්නම කලාවට බරයි නේ. කොහොම උනත් හොඳ සනීපයක් දැනෙන කම් කම්පීතරගෙන් අයින් වෙලා ඉන්න එක තමයි හොඳ.
මැණිකක් රකිනා නා රජිඳකු සේ.... :)
ReplyDeleteපැරණි සින්දු වලට ප්‍රිය උනාට මේ සින්දුව නම් ඇහුවමයි..
ඉහත ගී ඛන්ඩයෙන් අදහස් කරපු දේ තේරුනේ නැත.
Deleteමෙවන් තවත් බොහෝ ගීත මා සතුය. ඕන නම් ඉල්ලපං. හැක්
ප්‍රේම සැමරුම් ආරක්ෂා කරන්නේ එහෙමනේ.
Deleteගීත මේ විදිහටම දාමු. සමහර ඒවා මතක් වෙන්නේ සරාගේ පෝස්ට් වලින්මයි. පැරණි හින්දි ගී නැද්ද.. මොහොමඩ් රාෆි ගෙ කාලේ ඒවා එහෙම.
මං ගාව නං හෙන ලියුම් මිටියක් තියෙනවා...අපේ මහත්තයා රට ඉන්න කාලේ ලියපුවා... හි හි..
ReplyDeleteඒ මදිවට මේ ළඟදි කුණු ගොඩක් ඇඳලා හොයාගෙන ඇවිත් ෆොන් කාඩ් මිටියකුත්.. ( ඒ ටික බෑග් එකක එහෙම දාලා පරිස්සම් කරලා තියාගෙන... ) රු 50000ක විතර මටම කෝල් ගත්ත ඒවා.... හි හි.....
ඔන්න අපේ මහත්තයා මට ලියපුවාගෙන් නම් 95% විතරම තියෙන්නේ මට බැනපුවා තමයි.. ලෝබ නැතුව බැනලා නං තියෙනවා.. හි හි
//රු 50000ක විතර මටම කෝල් ගත්ත //
Deleteසල්ලිනම් මොනවද කෙල්ලේ. නංගි බබාගෙන් අහලා බැලුවනම් කියයි.හෙහ්.......
පලවෙනි ලියුම ගැන නම් කිවුවට කමක් නෑ මගේ හිතේ. අඩු ගානේ උඹ ලියපු එක ගැනවත්...........හිහි
සින්දුවනම් මම ඔය ඇහුවමයි.. ගායකයගෙ කට හඬට මම කැමතියි.. විශුවල් එක නියමයි.. "සරා කරපු වැඩක්" කිව්වෙ විශුවල් එක හදපු එකද, නැත්නම් ඒක දාද්දි බැක් ග්‍රවුන්ඩ් එකද ? හැහ් හැහ්.. :-)
ReplyDeleteසෞම්‍ය කුමාර යාපා බන්ඩාර කියන්නේ ගම්පහ අවට කෙනෙක් තමයි කියලයි මට නම් ආරංචි. මම හරියටම දන්නේ නෑ. කොහොම උනත් මචං මම හුඟක් කැමති සිංදු දෙකක් තමයි එයාගේ ඔය සිංදුවයි, මිදි ඇඹුලයි කියලා කියන එකයි.
Deleteඔව් බං ඔය පින්තූර ටික ඕකට ඇමිනුවේ මම ඒකයි එහෙම දැම්මේ.හෙහ්... උඹටත් හිතෙන ඒවා..
Delete