වෙලාව සවස හය පසුවී විනාඩි හතලිස්පහක් පමණ වන්නට ඇත. ස්ථානය කොටියන්ගොඩ කන්දේ සිට එපිටවල දක්වා දිවෙන මාර්ගයේ අඳුරු වන ලැහැබක් මැද හතරමං හන්දියකි. ඉර අවරට හැරී බොහෝ වේලාවක් නොගියද මාවත අඳුර ගිලගෙන තිබුනේ ඉතා උස්වූ ගස් සහිත වනය නිසාවෙනි. පැරණි සොහොන්කොත් වලට ඔබ්බෙන් වූ ගොරකා ගස පරිසරයේ අඳුර වැඩි කිරීමට අත්වැල් සැපයූවාසේය. මේ අඳුර මැදින් ඉදිරියට ඇදෙන ජවසම්පන්න තරුණයෙකි. ඩෙනිම් කලිසමකින් හා ඩෙනිම් රෙද්දෙන්ම මැසූ කමිසයකින් සැරසී සිටි ඔහුට වැඩෙමින් තිබුන ඝන අඳුර ගනිච්චියක් නැතිසේය. රාත්‍රියේ තනි ගමන්වල නුහුරුවක් ඔහුගේ මුහුණේ නොවුනු අතර සිහින් හඬින් ගීයක් මුමුණමින් ගමනෙහි යෙදුනි.
නිවසින් කිලෝ මීටර එකහමාරක පමණ දුර පාගමනෙහි යෙදී තිබුනද කිසිඳු විඩාවක් ඔහු කෙරෙන් දිස් නොවූයේ ක්‍රියාශීලී තරුණයෙකු නිසාම විය යුතුය. හතරමං හන්දියට මීටර් කිහිපයක් තිබියදී කළු බල්ලෙකු පහළ සිට උඩහට පාර මාරු වෙනවා තරුණයා දුටුවේය. "සිරිල් මාමලගේ බල්ලා" ඔහුගේ සිත අනුමානයක් ගොඩ නැගුවේ වැඩෙමින් තිබුන අඳුර ඔහුට පැහැදිලි දර්ශනයක් නොදුන් නිසාවෙනි. එහෙත් පුදුමයකට කාරණයක්ද එහි විය. බල්ලා ඇදුනු මාවත කෙලවර වන්නේ වත්තබඩ හේනේ සිරිල් මාමලාගේ ගෙදරිනි. ඒ ගෙදර නාඹර තරුණියන් දෙදෙනෙකුද වේ. මේ තරුණයා ඒ කෙල්ලන් දෙදෙනාවද එහි සිටින බල්ලාවද හොඳින් හඳුනයි. තමා දුටු කිසිවිටෙක නිකමට හෝ "බුහ්" ගාන්නේ නැතිව බල්ලා ඉවතට යන්නේ නැතිබව මොහු ඉන්තේරුවෙන්ම දනී. "සමහරවිට ඌ මාව දකින්න නැතුව ඇති" සැකයේ වාසිය විත්තියට දෙමින් ඔහු සිතින් තවත් අනුමානයක් ගොඩනැගීය.
මේවන විට ඔහු හතරමං හන්දිය පසුකරමින් සිටියේය. ඉදිරියෙන් ඇත්තේ කුඩා දොලපාරක් හරහා ඉදිවුනු බෝක්කුවකි. දෙපසින් ඝනව වැඩුනු බට පඳුරු රාශියකින් ගැවසීගත් දියදහරෙහි හඬ පරිසරයට එක්කලේ ගුප්ත බවකි. හදිස්සියේම බටකැලය මැදින් මතුවූ බල්ලා නැවත පාරෙන් අනෙක් පසට (පහලට) ගමන් කලේය. මේ දොල පාරත් තරුණයාත් අතර මැදිනි. මෙවර බල්ලා තරමක් විශාලවද පැහැදිලිවද පෙනුනේ තරුණයා හා බල්ලා අතර වැඩි දුරක පරතරයක් නොවුනු නිසාය. බල්ලා බට පඳුරු අතරින් මතුවන විට හෝ අනෙක් පස බට පඳුරු අතර නොපෙනී යනවිට කිසිඳු හඬක් නොනැගින.
"මේකා නම් සිරිල් මාමලගේ බල්ලා නෙමෙයි. ඌ මෙච්චර ලොකු නෑ..!" තරුණයා තමාටම මුමුණා ගත්තේය. (මම නොදන්නවයෑ ඒ ගෙදර ඒවයේ සයිස් එක. ඒ වචන සැට් එක කතාවට අදාල එකක් නොවේය. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවාට විය යුතුය.)
ඔහු බෝක්කුවද පසු කරමින් ගමනේ යෙදෙන්නේය. ඊලඟ නිමේෂයේ සිදුවූදෙය ඔහුගේ ඇඟ ලොමුදැහැ ගැන්වීමට සමත්විය. අර බල්ලා නැවතත් වරක් බට කැලය තුලින් මතුවී තමාට ඉදිරියෙන් පාර හරහා ගමන් කරන්නට වීය. තරුණයා සමීපයෙන්ම වීද බල්ලාට එය ගානක් නැති සේය. මෙවරනම් සම්පූර්ණයෙන්ම කළු ලෝමයෙන් ගැවසීගත් උගේ ශරීරය පෙර දෙවතාවටම වඩා විශාලයැයි ඔහුට සිතින. තද කළු පැහැවූ උගේ ලෝම ඉතා දිගු විය.හයාගත් මුවක් නොවුවද, උගේ පෙනුමෙහි ගුප්ත මෙන්ම රෞද්‍ර බවක් විය. විදුලියක් කෙටුවා වැනි හැඟීමක් සිරුර පුරා විහිද ගියද ඒත් සමඟම තමා මෙතරම් සමීපයේ සිටයදී පවා ඒගැන තැකීමක් නොකර ගමන් කිරීම පිළිබඳ ක්ෂනික කෝපයක් තරුණයා තුල ඇතිවිය.
ඉද්ද ගැසුවාක් මෙන් වම් පාදයේ නැවතුනු ඔහු සිරුරේම ශක්තිය සිය දකුනු පාදයට යොමුකර මදක් නැවී මරු පහරක් බල්ලා වෙතට එල්ල කලේය. එක්තරා ආත්මාරක්ෂක සටන් කලාවක නිපුනයෙකු වූ ඔහුගේ මේ ප්‍රභල ප්‍රහාරයෙන් ගැලවීමට සමර්තයෙක් වේනම් ඒ ඉතා අල්ප වශයෙනි. එහෙත් සිදු වූයේ අනිකකි. පා පහර බල්ලාට වදිනු වෙනුවට බල්ලා විනිවිද ගියාමෙනි. අදහාගත නොහැකිවූ සිදුවීම නිසා ඔහුගේ මුවින් අව්‍යක්ත හඬක් නැගින. සැනින් ඔහුගේ සුරත නිතරම තමා සන්තකයේ වන කුඩා පිහිය වෙත ගියේය. (ඔහු තමන් විසින්ම පුරුදු පුහුණු වන එක්තරා ක්‍රීඩාවක නිරත වන්නෙකි. ඒ නම් දුරක සිට ඉලක්කයට පිහි විදීමයි. ඕනෑම ඉරියවුවක සිටිමින් අඩි තිහ හතලිහකට වඩා දුරක සිට ඔහුට වේගයෙන් ඉලක්කයට පිහි විදීමේ හැකියාවක් ඇත. තමාගේම හැකියාවෙන් ඉතා හොඳ වානේ වලින් සාදාගෙන ඇති මෙම පිහියේ මිට නිමවා ඇත්තේ ඊයම් වලිනි. ඒ අවශ්‍ය තරමට බර සිටීමටය. අඟල් හයකට වඩා දිග නැති මෙම පිහියේ මිටේ තරුණයාගේ නමද කොටා ඇත. ) තමා නිවසින් පිටවන මොහොතේ කුඩා ටෝච් එක (විදුලි පන්දම) හා පිහිය සාක්කුවට දමාගත් බව මතක ඇතත් දැන් එය එහි නොවීම ඔහු තුල කුකුසක් ඇති කරලීය. කුඩා විදුලි පන්දම පමණක් සාක්කුව තුල විය. මොහොතක් නැවතුනු ඔහු බල්ලා බට පඳුරු අතර නොපෙනී යන අයුරු බලා සිට නැවත ගමන් ඇරඹූයේ තමා එනතෙක් හන්දියේ මඟ බලා සිටින තම නැගණිය සිහිවීමෙනි.
ප/ලි:
දින කිහිපයකට පසුව ගම්වැසියෙකු කුඩා පිහිය තරුණයාට ගෙනවිත් දුන්නේ එහි ඔහුගේ නම සඳහන්ව තිබුනු නිසාය. විස්තර විමසූවිට ගම් වැසියා කියා සිටියේ අසවල් තැන (ඉහතකී සිද්දියවූ තැන) තිබී තමා ඇහිලූ බවයි. එහෙත් එතනදී පිහිය වැටුන ආකාරය තරුණයාට අදටත් ගැටළුවකි.
ප/ප/ලි:
අපට නොතේරෙන විශ්වාස කල නොහැකි සිදුවීම් හිනාවෙන් හෝ අවඥාවෙන් බැහැර කිරීමට අප පුරුදු වී සිටිමු. එහෙත් අප ජීවත් වන පරිසරය තුල ඇසට නොපෙනෙන හෝ සවනට නෑසෙන ශක්ති ප්‍රභවයන් රාශියක් තිබෙන්නට පුළුවන. හඳුනා ගත නොහැකි නිසාවෙන්ම එවන් දේ නැතැයි කීමට අපට හැකියාවක් නැත්තේය. විශේෂයෙන්ම කැලෑ ආශ්රිත ගම්මාන වල මේ තත්වය බහුලව දැකිය හැකිය. ඒ ගම්මුන්ගේ නොදියුනු බවයැයි මමනම් කිසිවිටෙකත් නොකියමි.
භූතාත්ම වල ශක්තියෙන් ඔවුන්ගේ අණකිරීම් මත අරුම පුදුම දේවල් කල ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන තොරතුරු ඊලඟ ලිපියෙන් ඔබ වෙත. ගෙහුං එඤ්ඤං..!!