මතකයට අනුව නම් එවකට මට අවුරුදු විසි එකක් විතර ඇති. මගේ ඉලෙක්ට්‍රොනික්ස් වැඩ ගජරාමෙට කෙරුන කාලයක් නොවැ ඔය. ගෙට පහලින් තියෙන ඇලේ මම හදපු විදුලි බලාගාරය නිසා මට මහ පොරසිද්දෙකුත් ලැබෙමින් තිබුනා මේ වෙද්දි. අවට පිටේ ඉස්කෝල වලිනුත් ආවා නොවැ ඕක බලන්න. හික්... සමහරු මට ඒ දවස්වල කතාකරේ LTT මල්ලි කියල. ඔය දම්මුල්ල, මඩල, එපිටවල දිහා ඉන්න කෙනෙක් එහෙම මේක කියවනවා නම් හොයලා බැලියහැකි මේ LTT මල්ලි ගැන. ඒ පැත්තේ හරි පුරසිද්ද චරිතයක් ආයිබොවං. (ඇඩ් එකක් එහෙම නෙමෙයි ඈ..) ඔය බලාගාරේ කතාව මම පස්සේ කියන්නම්කෝ අද මේ කතාව හොඳේ.
මගේ ඉලෙක්ට්‍රොනික්ස් වැඩ වලට කැමති ගමේ හාදයෝ දෙන්නෙකුත් මේ වෙනකොට මට සැට් වෙලා හිටියා. එකෙක් කරුනේ, අනිත් හාදයා සුගතදාස. මේ දෙන්නම හරි දක්ෂයෝ කිතුල් මල් හදන්න. ඒ කියන්නේ ඔය කිතුල් මල් තලලා තෙලිජ්ජ අරන් පැණි හකුරු, රා එහෙම හදන්නේ ආන්න ඒ වැඩේට. ඔය ඕනම කරුමාන්තයක් ඉගෙන ගන්න මම මාත් මනාපයි නොවැ. උන්ට මම කිව්වා මටත් ඔය වැඩේ උගන්නන්න කියලා. අපරාදේ කියන්න බෑ සෑස්තරේ නම් කියලා දුන්නා A to Z. හැබැයි ඉතින් ඕකට පට්ට කට්ටක් කන්න ඕන. හරි හරි ඕවා කියන්න ගියොත් මේ කතාව කියන්න වෙන්නේ නෑ. ඒක නිසා මම ආපු වැඩේ කොරන්නම්. කිතුල් කරුමාන්තේ ගැන දැන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාන්න මම විස්තර කොරඤ්ඤං.
පෙබරවාරි මාසේ කියන්නේ අපේ අහට තදින් පායන මාසයක්. රබර් ගස්වල කොල හැලිලා ඉපල් විතරයි පේන්න තියෙන්නේ. ඊට අමතරව ඔය කටු ඉඹුල් ගස්වලයි,කෑල ගස්වලයි කොල හැලෙන්නෙත් මේ කාලෙටමයි. මහ කැලෑවට අමතරව රබර් යායවල් විතරක්ම තියන සාවියේ පොලවට හඳ එලියක් වැටෙන්නේ මේ කාලෙටයි. දවල්ටත් තොරතෝංචියක් නැතිව රැහැයියෝ කෑ ගහන අපේ පලාත මෙහෙම කාලෙට රෑට හරිම නිහඬයි. ඉඳහිට මේ නිහැඬියාව බිඳින්නේ හොල්මන් බස්සෙක් බකමූණෙක් නෙමෙයි නම් කලාතුරකින් උලමෙක් තමයි. අනෙක් හැම නිශාචරයෙක්ම තමන්ගේ වැඩ කරගන්නේ නිහඬවමයි. බාහිර අනතුරක සේයාවක් නොවෙන්න ඔවුන් කිසි විටෙක පරිසරයේ නිහඬ බව නොබිඳින්න වග බලා ගන්නවා. හැබැයි ඉතින් කිසිම හැදියාවක් නැති නරින්ට නම් මේවයේ ගානක් නැති උනාට උන් සන්ක්රමනිකයෝ නිසා හැමදාම ඒ කරදරේ නෑ කියලා කිවුවොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි.
හුටා... මොනවා ලියනවද මංදා මමත්.
ලියන්න ආපු එකත් අමතක වෙලා බ්‍රහ්ම ටෝක් ටිකක් නොවැ කොටලා තියෙන්නේ. ඒ සංදියේ ගෙදරට හොරා රා කට්ටක් ගහලා මත් ගතිය අඩු වෙනකම් කැලේ ගලක් උඩ ඉඳගෙන හඳ දිහා බලා ඉන්නකොටත් මට මෙහෙම දේවල් හිතිලා තියෙනවා. ඇයි ඉතින් හඳුංපොත කීං ගාන සැයිස් එකේ බූට් පාරකුත් කාලා නොවැ උන්නේ. එවුවා වැඩක් නෑ මම කතාවට එන්ටර් වෙන්නම්.
මම මේ කියපු පෑවිල්ල කිතුල් මල් වලට අපලයි. මල් ඇරෙන්න බලනවා. ඒක වලක්වගන්න නම් ඉතින් තුන්කැති කපන්න ඕන. ඒකියන්නේ මහ රෑත් ගොහින් කිතුල් මල කපන්න ඕන. ඕක ඉතින් හුඟාක් අයට ඔය කාලෙට කරන්න වෙන සාමාන්‍ය දෙයක්. ඒ උනාට අවදානමකුත් නැත්තෙම නෑ. වතුර නැතිව ඉන්න සතා සරුපයා එලිමහනේ ගැවසෙනවා වගේම ඇහැ කන පේන්නේ නැතුව හරියකට කිතුල් ගස් නගින එකත් ලේසි වැඩක් නෙමේ නේ. අර ඩබලත් එක්ක එකතුවෙලා මාත් ඔය සංදියේ ගියා ඔහොම රෑටත් මල් කපන්න.
මම ඉන්නෙත් ගෙදර ඉස්සරහම කාමරේනේ.ඕන නසරානි වැඩක් කොරලා මීයා වගේ කාමරේට රිංගලා නිදන්න පුළුවන් ගෙදර අයට හොරා. එක දවසක් ඔහොම ගෙහුං මලුත් කපලා කරුනෙලගේ ගෙදරටත් ගොඩවෙලා හීනි කයියක් එහෙම ගහලා මම එන්න පිටත් උනා රෑ එකොලහමාරට දොලහට විතර. අපේ ගෙදරට එන්නනම් කරුනෙලගේ ගේ තියෙන කන්දෙන් පහලට බැහැලා ඇලවල් දෙකක් පහු කරලා ආයේ ටිකක් අනික් කන්දට නගින්න ඕන.
අපේ ගේ තියන කන්ද ඇල ගාව ඉඳන් උඩටම යනකම් අපේ ඉඩම. ඉතින් මේ ඇල වල් දෙක තියෙන හරියෙ ඝන කැලෑව,දවල්ටත් කට්ට කරුවලයි. පලවෙනියට හම්බ වෙන ඇල ගල් තලාවකින් වැහිලා තියෙන්නේ.වතුර ගලන සද්දේ ඇහුනට වතුර පේන්නේ නෑ. ගල් වලට යටින් තමයි වතුර ගලන්නේ. මතක විදිහට එදා මාසේ පෝය දවසක් වෙන්න ඕන. හඳ එලියක් දකින්න වත් තිබුනේ නෑ. මමත් කැලෑව මැදින් තිබුන අඩි පාරේ ඇවිදන් ආවා ඒ අඳුරු මන්ඩියට. අතේ තිබුනේ කෑලි තුනේ ටෝච් එකයි මල් පිහියයි විතරයි.
ඇලේ ගල් තලාව හරියට එනකොට මට ඇහුනා කං හිරි වැටෙන කෙඳිරිලි හඬක්.
ගැහැණු කටහඬක් උනු ඒ විලාපයකට සමාන හඬ යටිගිරියෙන් නැගෙන්නක් බවයි මට හැඟුනේ.
පියවි සිහියෙන් සිටින්නෙකුට ඒ හඬ අසා සිටීමේ හැකියාවක් නැතැයි මට සිතුනා. ඉදිරියට තියපු කකුලට බර නොදීම මම ඒ හඬට හොදින් සවන් දුන්නා.
බෝදිලිමා........!!
ඇසිල්ලකින් මට ඒ හඬ අනුමාන කල හැකි උනේ මින් පෙරද අසා ඇති නිසාමයි. ඒත් එක්කම අවස්ථාවේ ඇති බැරෑරුම් කම හැඟී ගියෙන් මගේ උගුර කටද වියලී ගියා. මම වහා ඉදිරියෙන් උනු ගල් තලාවට ගොඩවී හඬ එන අත සොයා ගැනීමට උත්සහ කලේ ඊලඟට කලයුත්ත තීරණය කිරීමට. ඒත් මම ඉන්න ලොකේෂන් එක අනුව මට එය කල නොහැකි උනා. දෙපසින්ම උස කඳු නිසා හඬ එන දිශාව නිශ්චය කිරීම උගහට උනා. කන් හිරිවට්ටන විලාපය මසිතට මහත් බලපෑමක් කරමින් තිබුනා.
හිත සන්සුන් කර ගැනීමට ගත් දැඩි වෙහෙස නිසාදෝ ඉහින් කනින් දහඩිය ගලමින් තිබුනා. මින් පෙරද මා මේ හඬ අසා තිබුනද ඒ හැම අවස්ථාවකම මා සිටියේ නිවසේය. එබැවින් කිසි විටෙක මසිතට මෙවන් පීඩනයක් ඇතිවී නැත.
( බම්බුව...පීඩනේ නෙමෙයි ඕයි තමුසේ බය වෙලා...! ඔයාලට එහෙම හිතෙනවද...? අනේ මංදා බය කියන්නේ මේකටද කියලා, හැබැයි මගේ හනිමූන් දවසෙත් මට ලාවට වගේ ඔහොම හැඟීමක් දැනුනා වගේ මතකයි.හිකිස්..!)
කොහොමටත් මට ආපහු යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. මහ ලොකු ඉලන්දාරියා බෝදිලිමා කෑගහනවට බයේ දුවලා කියලා අරුන් හෙට ගම පුරා කිවුවොත් එහෙම හෙට ඉඳන් මම කලිසමක් අඳින එකේ තේරුමක් නැතිව යනවා. ඒ නිසා හිත දැඩි කරගෙන ගෙදර පැත්තටම යන්න පය ඉස්සුවා. ඇල පහු කලාම ආයෙමත් රබර් ඉඩමක් උනාට ඒක කැලෑවෙන් වැහිලා.
මනුසයෙකුට වඩා උසයි "නෙලු" ගාල. ඕක අස්සෙන් තමයි යන්න තියෙන්නේ. ටෝච් එක වමතට ගත්ත මම කොපුව ඉනේ ගහගෙන මල් පිහිය අතට ගත්තා. රබර් කෑල්ල මැදට එනකොට බෝදිලිමගේ සද්දේ එන්න එන්නම වැඩි වෙනවා වගේ මට දැනුනා. කරන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරි මම ඇවිදිමින් හිටියේ විකාරෙන් වගේ. ගමේ වැඩිහිටියෝ බෝදිලිමා ගැන කියලා තියෙන කතා මට ආයේ ඇහෙනවා ඇහෙනවා වගේ.
"බෝදිලිමා කියන්නේ බඩදරු අම්මෙකුගේ අවතාරයක්..!!
විලිරුදාව හැදිලා ඉන්දෙද්දී මැරිලා තියෙන්නේ..!!
මැරෙන මොහොතේ පිරිමිත් එක්ක වෛරෙකින් ඉඳලා තියෙන්නේ...!!
පිරිමිත් එක්ක තරහින් මැරුන නිසා අවතාරයක් වෙලා ඇවිත් පිරිමින්ගෙන් පලිගන්නවා.!!
විශේෂයෙන්ම බිලි ගන්නේ තරුණ පිරිමි..!!
එයා එන්නේ මාස පෝය දාට හරි හඳ නැති කෙම්මුර දවස්වලට හරි..!!
බෝදිලිමා කෑගහනවා ඇහුනම මැදි වයසේ ගෑණු කෙනෙක් පහනක් පත්තු කරලා එලියෙන් තියන්න ඕන..!
එතකොට අර අවතාරේ ඇවිත් අර පහනෙන් තෙල් අරන් බඩේ ගාගන්නවා. එතකොට එයාගේ විලිරුදාව නැතුව යනවා, හැබැයි වැරදිලාවත් මේ වෙලාවට පිරිමි එලියට බහින්න හොඳ නෑ. එහෙම උනොත් අර අවතාරේ කෙලින්ම පනින්නේ බෙල්ලටමයි. ඊට පස්සේ එයා ආයේ මේ ලෝකේ බත් කන්නේ නෑ..!
ඕං ඔය වගේ දාහක් දේවල් හිත ඇතුලේ හක්කලං කරන්න ගත්තා. අපොයි අම්මේ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ස්මයිල් වෙනවා....
ඒත් එක්කම සමහර අවස්ථාවලදි ශාන්ති කර්ම වලට අපේ ගෙදර එන ජූලිස් ආතා කියපු කතාවකුත් මට මතක් උනා.
අවතාරකට බයවෙලා දිවුවොත් අවතාරය පහර දීමට තියෙන ඉඩකඩ වැඩී. ඒ වගේම තමුන් පිටුපසින් එනවා වගේ දැනෙනවානම් හැරිලා බලන්නත් හොඳ නෑ. එහෙම අවස්ථාවකදී කරන්න ඕන අතට යටින් බලන එක. අවතාරය තමන්ට ඉදිරියෙන් නම් ආරක්ෂාව සලස ගන්නකම් පසු පසට ගමන් කරන එක.
ඕනම යකෙක් මෙල්ල කොරන්න බුද්ධ මන්තරේ තරම් දෙයක් නෑ..!
රතන සූත්තරෙත් දිවිය ඖෂදේ වගේ ඕං..!
එදා උනන්දුවෙන් අහන් උන්නට මොකෝ දැන්නම් කුනුහරුපත් මතක් වෙනවා.
යකෝ හොල්මනක් ඉස්සරහා හිටන් ඉන්න පුළුවන්ද පණ තියෙන එකෙකුට...?
ඕං හීං නාරන් කටු............ නෑ නෑ එහෙම නෙමෙයි.
ෂිට්.... උන්දෑ කියලා දීපු මන්තරේ මතක නෑනේ..!
ඩිංගකට කලින් රාකට්ටකුත් ගහලා ආවට මන්තර තියා මට දැන් ඉතිපිසෝ ගාථාවවත් මතක නෑ බයටම..!
කොහොම උනත් මේ වෙනකොට මාව මෙහෙයවුවේ මගේ උඩු හිත නෙමේ කියලා මට දැනෙමින් තිබුනා. මොකද අර භයානක කෙඳිරිලි හඬ මා ලඟින්ම ඇසෙමින් තිබුන නිසා. ඒ හඬ ගමන් කරන බවක් නොදැනුනාට මගේ අවිඥානික මනස විසින් මාව එදෙසට ගමන් කරවමින් තිබුනා. සුළු වේලාවකින් මම හිටියේ අපේ ඇල ලඟ. නාන තොටුපල අසලින්ම මනාව සකස් කරන ලද පාරක් අපේ නිවස දක්වාම තිබුනද,මේ අදෘශමාන ශක්තිය විසින් මාව ඇලදිගේ ගමන් කෙරෙවුවා. මන්ද බෝදිලිමාගේ හඬ මතුවෙමින් තිබුනේද ඒ ඉසවුවෙන්. මේ ක්‍රියා කරන්නේ පියවි සරා නොවෙන බව මම මගේ සිතට දැන්වූවද,මට මාව පාලනය කල නොහැකි බවක් දැනුනා. විදුලි බලාගාරය අසලටම ගල් උඩින් පනිමින් අසිහියෙන් මෙන් ගිය මම තල බමරයට ජලය මුදා හැරෙන ජල මාර්ගය විවෘතකලා.
ඒ සමගම අසල වූ විදුලි පහන් ක්‍රියාත්මක වීමට සැලස්වූවා. සැනින් විදුලිය ජනනය වීම නිසා පලාතම එලිය වැටුනා. ඒත් සමගම අර මූසල හඬද නැතුව ගියා. මාද පියවි තත්වයට පැමිනියේ එවිටයි. විනාඩි දෙකක් පමණ හිස් හැගීමෙන් බලා සිටි මම නවත නිවස දෙසට පිය නැගුවා. බලාපොරොත්තු නැති මොහොතක නිවස පුරා විදුලි පහන් දැල්වීමනිසා ගෙදර අය කලබල වී සිටියා. තාත්තා, අම්මා, නංගී තුන්දෙනාම මිදුලට පැමින තිබුනා. තාත්තාගේ අතේ තුවක්කුවත් තිබුනා.
මම ඉදිරියට යනකොට තාත්තා කෝපයෙන් පසුවෙන බව හැඟී ගියා. ඒ නිසා මම හොර පූසා වගේ එතනින් මාරුවෙන්න සූදානම් උනා.
චූටි කොල්ලෝ......?
තුවක්කුව අම්මා අතට දුන් තාත්තා මා අසලට ආවා.
කොහෙද උඹ ගියේ.......?
මම...මේ....මේ...!!
චටාස්....!!!
බෝදිලිමා මට පහර දෙනු ලැබුවේ එවිටයි. කනෙන් දේවතා එලි කීපයක්ම නික්මුනද කන අතගාන්නවත් නොඉඳ නාන කාමරයට වැදුනා.
පසු වදන:
කනේ පහරත් සමගම මම මුහුණ දුන් අවස්ථාව පිළිබඳ හැඟීම මගේ හිතෙන් පහව ගොස් තිබුනා. මම නැවත කාමරයට එනවිට නංගී මගේ කාමරයේ සිටියාය.
කොහෙද අයියේ ඔයා ගියේ...?
කෑ ගහන්නෙපා ඕයි.. දැන් ඇහුනොත් ඇවිත් ආයේ මට නෙලයි මෙතන...!
මම එහෙම කිවුවේ සරමක් ඇතුලට රිංගන ගමන්.
බෝදිලිමා කෑගහනකොට අම්මයි තාත්තයි දෙන්නම ඇහැරිලා..!
එයාලා එලියට යනකොට තමයි ඔයාගේ කාමරේ දොර ඇරලා තියනවා දැකලා තියෙන්නේ. ඊට පස්සේ මට කතා කරලා ඇහුවා හවස ඔයා කොහේ හාරි යනවා කියලා කිවුවද කියලා..!
ඉතින්..!
මම කිවුවා මම දන්නේ නෑ මට මොකුත් කිවුවේ නෑ කියලා...!
එතකොට අහවල් දේකටද තුවක්කුවත් අරං මිදුලේ හිටියේ...?
බෝදිලිමත් කෑ ගහන නිසා තාත්තා බයවෙලා ඔයාව හොයන්න යන්න හැදුවේ...!
හැබෑට...? තුවක්කුව ගත්තේ බෝදිලිමට වෙඩි තියන්න වෙන්නැති...!
ඒක මං දන්නේ නෑ ඉතින්..!
අනේ මම නොදන්න වෙඩි තැබිල්ල උන්දැගේ... මේහ් මට නිදිමතයි..! පලයන් යන්න මෙතනින්..!
මම ඇයව එලවා ගතිමි. ඇය මගේ පිටටද පහරක් ගසා ගෙතුලට දිවුවාය.
තාත්තා දඩයමේයන හැටි හා ඉලක්කයට වෙඩි තැබීම ගැන පස්සේ දවසක කියන්නම් හොඳේ....!
ඈ සරත් අයියේ.. මොකද ඔය බෝදිලිමා..? සතෙක් ද...? නම අහලා තිබුනට මේ කිසි කතාවක් මම නම් දැනං හිටියේ නෑ මං හිතන්නේ.... උලමා ගැන නම් අහලා තියෙනවා...
ReplyDeleteමතකනේ අර උලමගේ රාත්‍රිය කියන පොත.. ඒකෙන්..
මං හිතන් හිටියේ බෝදිලිමා කියන්නෙ වඳුරෙක් වගේ එකෙක්ට කියලා.....
////හැබැයි මගේ හනිමූන් දවසෙත් මට ලාවට වගේ ඔහොම හැඟීමක්///
ලාවට... හි හි.... පවු අප්පා.......
මේකනේ දරුවෝ.. ඔය හඬ අහලා තිබුනට මම කවදාවත් ඔය හඬ නැගෙන්නේ කොහොමද ඇත්තටම ඒ සතෙක්මද ඌ අර කියන කටුස්සද කියලා නම් තවම දැකලා නෑ. මම ඔය කටුස්සවත් අනන්ත වාරයක් දැකලා තියෙනවා. ඒ වගේම අර හඬත් සෑහෙන වතාවක් අහලා තියෙනවා. මගේ තර්කය නම් ඒ හඬයි ඔය කටුස්සයි අතර නම් සම්බන්ධයක් තියෙන්න බෑ ඒක වෙන මොකක් හරි හේතුවක් නිසා වෙන දෙයක්. හැබැයි ඉතින් ඒක ඉතා දරුනු මරනාසන්න වේදනාවකින් පෙලෙන ගැහැනියකගේ විලාපයකට සමානයි කියලා නම් සැක නැතුවම කියන්න පුළුවන්. ජනප්රවාදයේ කොහොම කතා තිබුනත් ඒ හඬයි පරිසරයේ ගුප්ත බවයි එකතු වෙනකොට මිනිස් හිත් දැඩි පීඩනයකට ලක් වෙන එකනම් වලක්වන්නම බෑ. විසි අවුරුද්දකට ආසන්න කාලයක් කැලෑ බද ප්‍රදේශයක ජීවත් උනු කෙනෙක් හැටියට බෝදිලි කටුස්සයි, බෝදිලිමා කියන විලාපයයි දෙකක් කියලා නම් මම තදින් විස්වාශ කරනවා.
Deleteකොමෙන්ටුවේ පහලින්ම ඇති සඳහනත් පිළිතුරු ඇත. ඒත් කියන්නේ නැත..! (මොකටෑ පොඩි එවුවෝ නරක් කොරන්නේ..!)
මේකේ ඉන්න එක පොඩි එකෙක් ගේ නමක් කියන්නකෝ බලන්න අයියේ.. හි හි.77
Deleteමේකනේ හිරුවෝ.. අවුරුදු විසි පහක් උනාම සමහරු හිතා හිටියට අපි හරි ලොකු එවුන් දැන් කියලා සරාලට එහෙම පේන්නේ නෑනේ.D:
Deleteඅගිස්සට එල්ලපු 77 නම් මට තේරෙන්නේ නෑ ඕං..
කවුරු දන්නවද අදකාලේ ගැටිස්සියන්ගේ වැඩ.
ආ නෑ .. ඒක වැරදිලා.... මේ කී බෝඩ් එකේ තිත තියන්නේ Shift+7 ගහලා.. හි හි... හිටපු ගමන් Shift එක හැලෙනවා..... හි හි
Deleteදැං බලං ගියාම මේකේ ඉන්න ඔක්කොම හැට පැනපු අයනේ අප්පා.. අර වෙනි අයියට 70 ක් විතර වෙනවා ඇති, මාරයියට 60ක් විතර ඇති, සාරා අයියට 50ක් වත් දාමු නේද.... හි හි...
(තනිවම තමාටම මුමුනමින්):
Deleteඇයි යකෝ මම හිතාහිටියේ තව අවුරුදු පහක් හයක් යනකොට මටත් හතලිස් ඇඳිරිය ඒවි කියලා. බැලින්නම් දැන් හැදෙන උන්ට අවුරුදු විසිපහ යන්නත් කලින් හතලිස් ඇදිරිය නොවැ. අනිච්චේ දුක්ඛේ සංසාරේ............!!
බෝදිලිමා කියල එකෙක් ඉන්නවලු. දැකල නැහැ බං.
ReplyDeleteඋලමා/බෝදිලිමා/හෝතම්බුවා/ මුන් සැට් එකම මූසලයි නේද බං? හැම එකාවම මම හිතන් ඉන්නේ හෝතම්බුවාගේ මූන තියෙන එවුන් කියලා. මොකද මම දැකල තියෙන්නෙ ඌ විතරයි !
හෝතබුවා කියන්නේ කලවැද්දට නේ බං ?
Delete@අඩවි රජ
Deleteමචන් හෝතඹුවා කියල මෙහෙ නම් කියන්නේ මුගටියා වගේ සතෙකුට. කලවැද්දා වෙන සතෙක්..
@ සෑම්
Deleteඋලමා කියන්නේ කුරුල්ලෙක් මචං. ඌ ගොඩාක් වෙලාවට කෑ ගහන්නේ පායන කාලවලදි. හූ හඬට සමාන හඬක් ඌට නම් තියෙන්නේ ප්‍රමාණයෙන් කෑඳැත්තෙක් විතර සතෙක්. දුඹුරු පාටයි, ඌ ගැනත් විවිධ ජනප්‍රවාද තිබුනත් හොල්මනක් නෙමේ.මම වතාවක් වෙඩි කොරා එකෙකුට සාමාන්‍ය කුරුල්ලෙක්..!
චන්දන හරි රජතුමනි....
Deleteහෝතඹුවවයි කලවැද්දයි කියන්නේ දෙන්නෙක්. මුගටියාට හා හෝතඹුවට තියෙන්නේ සමාන පෙනුමක්...
අපේ පැත්තෙනම් බෝදිලිමා කියන්නේ කටුස්සට වටා ටිකක් ලොකු උරගයෙකුට .. බෙල්ල හරියේ දැති දැති තියෙන තැල්ලක් තියෙනවා .කටුස්සා වගේම පාට මාරු කරන්න පුලුවන ... මන් දැකලා තියෙන්නේ හැම වෙලාවෙම උන් තද දිලිසෙන වලට තමා පාට මාරු කරන්නේ .. තද රතු ,ලුමිනස් කොල,තැබිලි , කහ පාට වගේ ..
ReplyDeleteඅනතුරක් දනුනම කට පුලුවන් තරම් ඇරලා පිබීමක් කරනවා .. හරියට මනුස්සයෙක් කටින් හුස්ම ගන්නවා වගේ .. ඒ වගේම කට රතු පාටට පේනවා .. තව බොහොම ලතාවකට ඔලුව ඉහල පහල හෙලවීමකුත් කරනවා..
ඔබ කියන සතාව මමත් දැකලා තියෙනවා. අපේ ගම් පලාතේ ඉන්නවා. ඒත් මේ හඬ නගන්නේ ඌ කියලා නම් මම විස්වාශ කරන්නේ නෑ. පහු කාලෙදි අපි ඔය දේ ගැන හොයන්න උත්සාහ කරා උනත් සාර්ථක උනේ නෑ. ඒනිසා මට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් කමක් නෑ. ජය..!
Deleteමට හිතෙන්නේ තව ටිකකින් ලොකු දෙයක් වෙන්න තිබ්බා.බලන් ගියාම ඔය කතා බොරු කියන්නමත් බැහැ.
ReplyDeleteහැබැයි යාළු මම කවදාවත් අහලා නෑ බෝදිලිමගේ පහර කෑමකට ලක් උන කෙනෙක් ගැන. මේවා කැලෑවල තියෙන ගුප්ත බවෙන් සැඟවුන රහස්.
Deleteමේ වගේ බෝදිලිමා කේස් එකක් හිස් අහසේ සඳරුත් ලියලා තිබුනා මතකයි..
ReplyDeleteම්..කොහොම වුනත් රෑ දෙගොඩ හරි ජාමෙට ගෙදර එනවට හොඳ වැඩේ..
සරා කියන්නේ ඔය වගේ දේවලින් නවත්තන්න පුළුවන් කෙනෙක් උනා නම් "රූ" මම තවමත් අපේ අම්මගෙයි තාත්තගෙයි.!
Deleteහැමදේම නොවුනත් මම ගැන අපේ තාත්තා ගැන තව පුංචි පුංචි රස කතා ටිකක් මම ඉස්සරහට කියන්නම්කෝ.
බෝදිලිමා කියන්නේ කටුසු අවතාරයක් කියලා තමයි අහලා තියෙන්නේ...
ReplyDeleteජනප්රවාදයට අනුවනම් එහෙම තමයි කියවෙන්නේ. ඒත් ඇත්ත එතනින් එහාට ගිය දෙයක් කියලා මගේ හිත කියනවා. ඒත් දැන් ගම්වලත් මේ දේවල් නැතුව යමින් පවතිනවා.
Deleteතව පොඩ්ඩෙන් සරා කෙනෙක් හොයන්න වෙනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අර මොකෝ බං..! සරාව බහිරවයා ගෙනියනවැයි..! සුභවේවා..! බොටත් ඒකම ලැබේවා..!!
Deleteපාලු කැලයකදී බෝදිලිමගේ සද්දේ ඇහෙන කොට ඇතිවෙන හැගීම දන්නේ එක අහපු කෙනෙක්ම තමා ,හීනියට පටන් ගෙන මහා කන්දොස් කිරියාවක් වෙන ඒ සද්දේ හරියට බෙල්ල මිරිකන කොට කෑගහන ගෑනියෙක්ගේ සද්දයක් කියලයි මටනම් හිතෙන්නේ කොච්චර හිත හයිය කෙනෙක් උනත් හිත සැලෙන එක නවත්වන්න බැහැ ...
ReplyDeleteඕහෝ..මේං මෙයාට නම් අත්දැකීම් තියනවා වගේ..! ෂර්වුඩ් වල හිටියැයි බෝදිලිමෝ..?
Deleteබෝදිලිමා ගැන අහල තිබ්බට උගේ සද්දේ අහල නෑ. රෑට ඇවිදින කොට අමුතු සද්ද නම් ඇහෙනවා.
ReplyDeleteදවල්ට දකින සතෙක් නම් ඉන්නවා බෝදිලිමා/බෝදිලියා කියල. ඌ නම් ලොකු කටුස්සෙක්. ලස්සනයි..නාසය අග පොඩි ගැටයක් වගේ තියනවා. ඌම ද රෑටත් කෑගහන්නේ..??
ඔයා කෑගහන හඬ අහලා තිබුනනම් කවුරු හරි කිවුවත් පිලිගන්නේ නෑ යාලු මේ කටුස්සෙක් කියලා. මම හිතන්නේ නෑ ඒ කටුස්සයි එහෙම කෑ ගහන්නේ කියලා.
DeleteAmmo mamath eka dawasak ahala thiyenawa. Baye ba. E welawata nam hirigaduth pipenawa.
ReplyDeleteමෙයාට කිවුවේ මම ඔය සද්දේ බෝදිලිමගේ කියලා. පේනවද දැන් පන්ඩිතයා වගේ කියවන හැටි. කවුරු හරි අහලා බලන්නකෝ ඒ වෙලාවේ මෙයා මොකද කලේ කියලා..! හිකිස්....!
Deleteඇත්තටම මොකද කලේ... ? කියමුකෝ බලන්න....
DeleteAne ane mahaththayo oya mawa danme mara amaruwakane. 'onna ithin e saddeta mama hodatama baya unane. Mage laga e madyama raththiriye hitiye me porisadaya newa. Ithin mama baya nisa thawa tikak eya lagata una. Oya kiwata wena lan wenna idak thibbe na ithin. Ethakota meya mokada dannawada kale e labuna iden madiyam ra kiyala baluwe na mage baya nathi kala bodilimata pin didi.' Eya ehema karala dan kiyanawa magen ahannalu mama karapu de. Mama newe ane ape ekkenage wada thamai oya.
Deleteවෙඩිකන සීන් එකක්නේ. ගුටි කාල බේරුනා මදැයි.
ReplyDeleteඅපේ තාත්තා වෙඩි තියන එක ගැන නම් මට බයක් නෑ.මොකද එයාගේ ඉලක්කේ ගැන මට හොඳ අවබෝධයක් තියනවා. පස්සේ වෙලාවක මම කතාවක් දෙකක් කියන්නම් කෝ.
Deleteබනින්න එපා ඔන්න සරා අයියේ ...ගෙදර ආව වෙලාවේ ඉඳන් මැච් එක බැලුවා. සතුටේ බෑ දින්නට පස්සේ. ඔන්න ඊට පස්සෙ තමා මේ පැත්තට පැන්නේ..සොරි හොඳේ... ඔන්න ඔන්න බනින්න ඔට්ටු නෑ...පැරදුන මැච් එකක් බැලුවේ නෑනේ...
ReplyDeleteබෝදිලමා කියලා අහලා තිබ්බට දැකලා නම් නෑ. කෑ ගහන සද්දෙ නම් හරිම භානකයි කියලාත් අහලා තියෙනවා. ඒත් ඉතින් හරියටම දන්නෙ නෑනෙ...
//බෝදිලිමා මට පහර දෙනු ලැබුවේ එවිටයි. කනෙන් දේවතා එලි කීපයක්ම නික්මුනද කන අතගාන්නවත් නොඉඳ නාන කාමරයට වැදුනා //
එක්කෙනෙකුට පව්ලු ඈ :P
මෙහෙත් එහෙමයි ලිහිණියෝ..!
Deleteකොල්ලෝ කෑම්ප් එක දෙවනත් කරනවා. බ්ලොක් 5 ඉන්නේ පකිස්තාන් කට්ටිය නොවැ. කන්ඩ තරහා ඇති උන්ට.
ආදරෙයි පණ ඇරලා. ඒවගේම තමයි මල පැන්නොත් "නල්ල අඩි". මගේ හිතේ මදාවි කතා කියවන කොට එවුවා ගැනත් කියවෙයි. හිකිස්..! අවුලක් නෑ හැමෝටම වනන්න යන එකා කොහෙන් හරි කන්නත් එපායෑ. නැද්ද මං අහන්නේ...?
ආ මම මේ අහන්නමයි උන්නේ මොකද අර බනියව කනින් එල්ලලා ?? මොකද්ද ඌ බොට කරපු වැරැද්ද අච්චර හරියක් කරන්න ??
ReplyDeleteඌව මට හොයලා දුන්නේ ඔයානේ. සොරි වෙන්ඩ ඕන මට ඒකට ස්තුති කරන්නත් බැරි උනා.
Deleteකතාව කියෙව්වෙ හීතල වෙලා.....
ReplyDeleteපොඩ්ඩක් සැනසීමකට තිබ්බෙ සරා අයියම මේ කතාව කියපු එක. සරා අයිය ඉන්න නිසා කතාවට තියෙන්නෙ දුක හිතෙන අවසානයක් නෙවෙයි බව දන්නවනෙ. තරහ වෙන්නෙපා එහෙම කිව්වට. ඇත්තටම හිතුන දේ තමා කිව්වෙ
නියම කතාවක්..මටත් ඔය අත්දැකීම තියනව..මම සද්දෙ විතරයි අහල තියෙන්නෙ..
ReplyDeleteනියම කතාවක්..මටත් ඔය අත්දැකීම තියනව..මම සද්දෙ විතරයි අහල තියෙන්නෙ..
ReplyDelete